මමයි බිරිඳයි දෙන්නම උගන්වන මේ පාසැලේ උදෑසන රැස්වීමෙදි මම මේ සතියෙ පවත්වපු කතාවයි මේ. මේ කතාව මම සිංහලට පරිවර්තනය කලා. ඔරිජිනල් එකත් මේ එක්කම තියෙනවා. මේ කතාව කවියක් වගේ ලියලා තියෙන්නෙ කතාවක් හැටියට කියවන විට පහසු වෙන්න.
මේක බ්ලොග් පෝස්ට් එකක් විදියට දාන්න හේතුව, ලාංකික ගුරුවරු විදේශ රටවල ඉගැන්වීමේ යෙදෙනවිට ලබන අත්දැකීම් වල ඡායාමත්‍රයක්වත් ඔබට ලබාදීම. එවැනි අත්දැකීම් ඇති ලිපි මම නම් දැකලම නෑ.
ඉතින් මේක කියවනකොට ඔබට අහලා පුරුදු ගතියක් දැනුනොත්.. ඒ කොහොමද? මම මේ කතා කරන්නෙ ලංකාවේ පාසැලක් හෝ ලාංකික සමාජය ගැන නෙවෙයි. නමුත් පොඩ්ඩක් බලන්න මේ කතාවෙ යම් අදාලත්වයක් තියෙනවද කියලා ඔබ ඉන්න පරිසරයත් එක්ක.
අනම් මනම් ඇති. මෙන්න කතාව.
SHIFTING THE RESPONSIBILITY
වගකීම තවෙකෙකු මත පැටවීම
Whether you go to a government office
or a private company
there is one doubt in your mind.
that is,
whether you’d be able to
get what you want done.
රජයේ කාර්යාලයකට යන්න, පෞද්ගලික ආයතනයක යන්න, ඔබේ හිතේ යම් සැකයක් තියෙනවා. මම යන මේ කාර්යය කරගන්න හැකිවේවිද?
And as you feared
the most common answer that you get is,
“I don’t know”, “It’s not my duty.”
with a shrug of shoulders,
which is perfectly normal.
හිතුවා වගේම, උරහිස් හකුළුවා දෙන සුලභම පිළිතුර, “මම දන්නෙ නෑ”, “ඕක මගේ රාජකාරිය නෙවෙයි”, සාමාන්‍ය දෙයක් වෙලා.
And most probably
the officer you wanted to meet
is not at his desk.
He’s either absent or on annual leave.
බොහෝ විට ඔබට හමුවීමට අවශ්‍ය නිළධාරියා, ආසනයෙ නෑ, එක්කො එදා නිවාඩු, නැතිනම් වාර්ශික දීර්ඝ නිවාඩුවක් අරගෙන.
Well, everybody has a right to take leave.
The big question is who’s there
to cover up for them.
And take over their responsibilities.
Actually, no one seems to have thought about that.
හරි, හැමෝටම අයිතියක් තියෙනවා නිවාඩු ගන්න, ප්‍රශ්නෙකට තියෙන්නෙ, කවුද ඔහුගෙ රාජකාරිය කරන්නෙ ඔහු නැති අතරෙ? කවුද ඔහුගෙ වගකීම් දරන්නෙ ඔහු නැති අතරෙ?
ඇත්තෙන්ම කිසිකෙනෙක් මේ ගැන හිතලා නැති හැඩයි.
If one officer is absent,
You have to go back another day,
When he’s back at work,
hopefully.
එක නිළධාරියෙක් නිවාඩු නම් ඔබ යන දවසට,
ඔබට නැවත වෙන දවසක යන්න වෙනවා,
ඔහු නැවත සේවයට වාර්තාකර ඇතියි යන බලාපොරොත්තුවෙන්.
You must be wondering
Why I’m talking about
government offices and private firms
at the school assembly.
දැන් ඔබ කල්පනා කරනවා ඇති ඇයි මම පාසැල් රැස්වීමෙදි රජයේ හා පෞද්ගලික ආයතනවල වැඩ ගැන කතා කරන්නෙ ඇයි කියලා.
Well, one reason is
School is probably the only place
when one teacher is absent
another teacher is sent on relief duty.
එක හේතුවක් තමයි
එක ගුරුවරයෙක් නිවාඩු නම් අනිවාර්යයෙන්ම වෙනත් ගුරුවරයෙක් සහන පරිච්ඡේදයකට පන්තියට යවන ක්‍රමවේදයක් තියෙන එකම ආයතනය සමහරවිට පාසැල පමණක් වීම.
And another is,
the school is the place
where all those government and private company employees
originated from
with their nature of being irresponsible.
තව හේතුවක් තමයි
ඔය මම කලින් කිව්ව වගකීමෙන් තොර පෞද්ගලික හා රජයේ ආයතනවල නිළධාරීන් ඔය තැන් වලට ගියේ මේ පාසැල්වලින් ඉගෙනගෙන වීම.
It’s at the school we learnt to say,
“I forgot to bring my book.
So’ I’m not working today.
I’m free.”
as if it is the teacher’s fault.
And unfortunately,
“I forgot” is widely accepted and excused.
අපි ඉගෙනගන්නෙ පාසැලේදි මෙහෙම කියන්න.
“මට පොත ගේන්න අමතක වුනා, ඉතින් මම අද වැඩ කරන්නෙ නෑ. මම නිදහස්.!”
මේක කියන්නෙත් හරියට මේක ගුරුවරයගෙ වරදක් වගෙ.
අවාසනාවකට වගෙ, (මේ රටේ), ‘මට අමතක වුනා’ කියන උත්තරය ඉහලින් පිළිඅරන් සමාවත් දෙනවා.
It’s at the school we learnt to say,
“I was absent for the test because I overslept.”
Again, accepted and sympathized too.
So, you expect the school to give you a retest.
අපි ඉගෙනගන්නෙ පාසැලේදි මෙහෙම කියන්න.
“මට විභාගෙට එන්න බැරි වුනා, මට නින්ද ගිය නිසා”
මේ උත්තරෙත් ඉහලින්ම භාර ගන්නවා (මේ රටේ) අනුකම්පා පෙරදැරිව.
ඉතින් ඔබ ඉල්ලනවා පාසැලෙන් ඔබ වෙනුවෙන් නැවත විභාගයක්.
(මේක ඇත්තටම මෙහෙ වෙනවා. එදාට ගුරුවරයා පාසැල් වෙලාවෙන් පස්සෙ ඉඳලා ආ ලමයට ටෙස්ට් එක කරවන්න ඕනෙ)
It’s at the school we learnt to say,
“You are asking me not to talk.
You always pick on me.
Look, he’s also talking, not only me”
අපි ඉගෙනගන්නෙ පාසැලේදි මෙහෙම කියන්න.
“ඔයා මට කියනවා කතා කරන්න එපා කියලා.
ඔයාට හැම තිස්සෙම පේන්නෙ මාව විතරයි.
අර පේන්නෙ නැත්ද අරයත් කතා කරනවා, මම විතරක් නෙවෙයි.”
Finally, It needs a lot of courage
to accept that we are wrong.
And not to point our fingers at the others,
shifting our responsibility to someone else.
අවසන් වශයෙන්,
තව කෙනෙකුට ඇඟිල්ල දික් නොකර
තමන්ගෙ වරද පිළිගන්න,
පුදුමාකාර ධෛර්‍යයක් අවශ්‍යි
Thank you.
ස්තුතියි




Kokila
16/02/2012 at පෙ.ව. 7:45
Marvelous….
වෙද ගෙදර මහ වෙදනා
16/02/2012 at පෙ.ව. 9:00
ඔබගේ අදහසට මම ගරු කරනවා. පේනවා නේද අපිට ආකල්පමය වෙනසක් අවශ්‍යයි. අපි ජාතියක් ලෙස නැවත හිතන්න ඕනෙ. කවදාවත් මේවා වෙනස් නොකර අපි ඉදිරියට යන්නෙ නැහැ. ඔබට ස්තුතියි මෙවැනි දේ ලිව්වාට. මම මේ ලිපිය මගේ දෝණියට කියවන්න දෙනවා.
mahesh
16/02/2012 at පෙ.ව. 10:03
උපරිමයි….. පොඩි කාලෙම ආකල්ප සංවර්ධනය හරියට වෙන්න ඔ්නේ… නැත්තං තමයි සමාජයට පිළිල බිහි වෙන්නෙ… මෙවට අම්මා තාත්තා ගුරුවරු වග කියන්න ඔනේ… ළමයි හැදෙන්නේ එයාළට අනුවනෙ
පන්සල් හංදිය
16/02/2012 at පෙ.ව. 10:35
ඕක තමා ලංකාවේ ඔෆීස්වල තියන ආශ්චර්යය, හැබැයි එහේ ඉස්කෝලෙක ඉගෙන ගන්න තියනවා කියන්නෙ මාර වාසනාවක්නෙ ……
henryblogwalker
22/02/2012 at පෙ.ව. 9:25
@Kokola: Thanks Dude.
@වෙද ගෙදර මහ වෙදනා: ස්තුතියි ඇගයීමය වෙද මහත්තයා. ගමේ ගිහින් ආපහු ඇවිත් වගේ පේන්නෙ.
@Mahesh: ආකල්ප ගැන කවුරුවත් වද වෙන බවක් පෙනෙන්න නෑ. හැමෝම බලන්නෙ විෂය දැනුම ඔලු ගෙඩි වලට පුරවන්න විතරයි.
@පන්සල් හන්දිය: මෙහෙත් එහෙම තමයි. මෙහෙ ඉගෙනගන්න එක කෙසේ වෙතත් උගන්නන එක නම් ප්‍රාතිහාර්යයක්. ඇත්තටම ඉගෙනගන්නවා නම් ඕනෙ තරම් පහසුකම් තියෙනවා. කිසිම උත්සාහයක් නැති එකයි වැරැද්ද.
Observer
16/02/2012 at ප.ව. 1:16
‘Our dog ate my home work’ කිව්වොත් සමාව දෙනවද ?
පූසා
16/02/2012 at ප.ව. 3:14
සැහ් අපේ ඉස්කෝල වලත් ඔහොම තිබ්බා නම්!
රජයේ ආයතන නම් කොහෙත් එකද මන්දා
ඉඳුනිල්
16/02/2012 at ප.ව. 5:55
“තව කෙනෙකුට ඇඟිල්ල දික් නොකර
තමන්ගෙ වරද පිළිගන්න,
පුදුමාකාර ධෛර්‍යයක් අවශ්‍යි”
අපි ගොඩක් වෙලාවට දකින්නේ මේකෙ අනිත් පැත්ත.
ගෝල්ඩ් fish
16/02/2012 at ප.ව. 8:17
නියමයි… සික් ලංකාවේ ස්කෝල වලට මේක බෙදලා දෙන්න විදියක් නැහැනේ…
henryblogwalker
22/02/2012 at පෙ.ව. 9:37
@Observer: Not at all, dude. That would be a very lame answer because import of dogs is banned here.
@පූස්: ඉස්කෝලෙක ඉගැන්නුවා නම් පූස් ඔහොම කියන්නෙ නෑ. පළවෙනි දවස සර්වයිව් වෙන එකත් අලුතෙන් එන ගුරුවරුන්ට මාර ප්‍රශ්ණයක්.
ලංකාවෙ සමහර ඔෆීස් හොඳයි කියලා හිතෙනවා.
@ඉඳුනිල්:ඇත්තටම අනිකාට ඇඟිල්ල දික්කරන එක තමයි ඉතාමත්ම ස්වභාවික දේ. එහෙම නොකර ඉන්න හදන එක සම්ප්‍රදායට පටහැනියි.
@ගෝල්ඩ්fish: ලංකාවෙ ඉස්කෝල දැන් සෑහෙන්න දියුණු ඇති නේ? අවුරුදු දහයකින් ලංකාවෙ ඉස්කෝලෙක වැඩකරලා නෑ.මම ලංකාවෙ උගන්නන කාලෙ ඕවා සෑහෙන කියලා තියෙනවා. හැදෙන එකා හැදුනා. නැති එකා… අනේ මන්දා..
dulipss
16/02/2012 at ප.ව. 11:52
ආන්න ඉස්කෝල . . .
Kasun Chanaka
17/02/2012 at ප.ව. 12:51
සික් මෙහෙ ඉස්කෝල වල තමයි අමතක වුනා කිව්වොත් ගුටි කන්න වෙන්නේ.
hiruni
17/02/2012 at ප.ව. 5:57
ඇත්තටම හරිම වැදගත් ලිපියක්. මේක දැකලවත් වැරදි හදාගත්තොත් හොදයි
ලොකු පුතා
17/02/2012 at ප.ව. 6:33
එහෙත් එහෙමද, අහන්නත් සතුටුයි….
henryblogwalker
22/02/2012 at පෙ.ව. 9:43
@dulipss: ආසයිනේ?
@Kasun Chanaka: ඉතින් සතුටු වෙයල්ලා.
@Hiruni: මේක අහලත් පහුවදා ඉඳලා ඒ වැරදිම කලා කරන අය.
@ලොකු පුතා: මටත් ඔහොම කුරිරු සතුටක් දැනුනා මුලින්ම ලොකුපුතා. දැන් නම් අන්තිමට කළකිරිලා තියෙන්නෙ වැඩක් කරගන්න ගියාම කන කට්ට නිසා.
Bindi
19/02/2012 at පෙ.ව. 7:56
මට පොත අමතක වුනා කිව්වම පලවෙනි පාර නම් කමක් නැහැ . ඒත් දිගටම ඔහොම කලොත් මොකද වෙන්නේ . ආණ්ඩුවේ විතරක් නෙමෙයි පුද්ගලික අංශයත් දැන් දැන් එකගානට ඔය වගේ වේගෙන එන්නේ . ගෝලීයකරණය වෙන්ට ඇති . අපිට මාර සතුටුයි ඔහෙත් එහෙමයි ඇහුවම .
henryblogwalker
22/02/2012 at පෙ.ව. 9:50
@Bindi: ලොකු පුතාට දුන්න පිළිතුර බලන්න Bindi.
මේ සතියෙ එක පන්තියක ඉන්න මැරයො වයිට් බෝඩ් එකේ තෙල් ගාලා උගන්නන බැරිවෙන්න. පස්සෙ මම ඔෆීස් එකට දැනුම් දුන්නා සෙවකයෙක් එවන්න කියලා ග්ලාස් ක්ලීනර් එකක් එක්ක මේක සුද්ද කරන්න. පස්සෙ ඉස්කෝලෙන් මේකට තිබ්බ ඉන්ක්වයරි එකෙන් උත්සාහ කලේ කවුද මේක කලේ කියන එක හොයන්න නෙවෙයි. කොයි ගුරුවරයා ඉන්න පීරියඩ් එකේදිද මේක උනේ කියන එක විතරයි. පහුවෙනිදා මම පන්තියෙන් අහලා බැලුවාම දැන ගත්තා ලමයි එහෙම ඉන්ක්වයරි එකක් ගැන දන්නෙත් නැති බව. කොහොමද වැඩේ?
Gaminie Vijith
19/02/2012 at පෙ.ව. 9:52
ඇත්තමයි මචං, ආණ්ඩුවෙ කන්තොරුවකට එන මිනිහෙක් හිනා වෙලා පිළිඅරගෙන ‘වාඩිවෙන්න මහත්තයා’ කිව්වනම් ඒ මනුස්සයගෙ ගැටලුවෙන් 90% ක් විසඳෙනවා. ඉතුරුවෙන්නෙ 10% ක් විතරයි.
haree
19/02/2012 at පෙ.ව. 10:42
එහෙත් කාර්යාල වැඩ එහෙමද?
නවම්
21/02/2012 at පෙ.ව. 10:20
තමන්ගෙ වරද පිළිගන්න,
පුදුමාකාර ධෛර්‍යයක් අවශ්‍යි //
සහතික ඇත්ත. මම ඕක ප්‍රායෝගිකව අත්විඳිනව මේ කාලෙ.
henryblogwalker
22/02/2012 at පෙ.ව. 9:54
@Gaminie Vijith: සහතික ඇත්ත. ඒ වුනාට නොවෙන්නෙත් ඒකනෙ. කී දෙනෙක්ගෙ ගෙම්බර් බලන්න ඕනැද ගියාම!!
@haree නැතුව නැතුව!
@නවම්: ඕක හැමෝටම බෑ නවම්.
ඒක නෙවෙයි මොකද මේ දවස් වල බොසා එක්ක කොකුද? බලාගෙන!