RSS

Category Archives: පවුලේ අයගේ කතා

154. බදුලු කෝච්චිය. 3 කොටස. හැටන් දක්වා.

154.  බදුලු කෝච්චිය. 3 කොටස. හැටන් දක්වා.

 එක්කුස උපන් S12 පරම්පරාවේ සොහොයුරියන් වන  කොළඹ බලා යන උඩරට මැණිකේත්,  බදුල්ල බලා යන පොඩි මැණිකේත් වටවලදී මුණ ගැසී…

 

එක්කුස උපන් S12 පරම්පරාවේ සොහොයුරියන් වන කොළඹ බලා යන උඩරට මැණිකේත්, බදුල්ල බලා යන පොඩි මැණිකේත් වටවලදී මුණ ගැසී…

ඔන්න ඉතින් අපි පේරාදෙණියෙන් පිටත් වුනා මතකනේ? අමතක නම් මෙන්න පළවෙනි සහ දෙවෙනි කොටස්.

 

107. බදුලු කෝච්චිය. 1 වන කොටස

108. බදුලු කෝච්චිය. 2 කොටස. මහනුවර දක්වා.

 

 

 

පෙරවරු 9.15:ගෙලිඔය පසු කරමින්… පේරාදෙණිහ හන්දියට පස්සෙ මුලින්ම තියෙන නැවතුම ගෙලිඔය. ක්සැන්ඩර් ගෙලිඔය නේද? බෙල්ල කපලා ඇලට දාන සීන් එකක් තියෙනවද ගෙලි ඔය? :D
පෙරවරු 9.20: සැහැල්ලුවෙන් ගමන් කිරීම. සබ්බ සකලමනාවම දාපු මේ බෑග් එක මගදි ඔලුවට ඇදගෙන වැටෙන බයක් නැතුව ගානට උඩ රාක්කෙට ‍ෆිට් වුනා. 
පෙරවරු 9.24: ගම්පොල. සුපුරුදු විදියට සිග්නල් නෑ. අර ඈත කන්ද උඩ පේන අමුතුම හැඩේ දාගැබ කාගෙත් සිත් පැහැරගත්තා, ඒ හැඩය නිසාම.
පෙරවරු 9.24: තවම ගම්පොල… වෙන කෝච්චියකට ඉඩදෙන්න අපි ආපහු ගිහින් වෙන පාරකට දාලා මග ඇරලා හිටියා.
අපි එහෙමයි.
අපේ කෝච්චිත් එහෙමයි.
පෙරවරු 9.25: මේ වල් වැවුනු රේල් පාරවල්, පාරේ තියෙන උපකරණ ඔක්කොම දේ කෝච්චි වලට පෙම් බඳින්නන්ට අතීත කාමය ගෙනදෙන, හිතට ලෙංගතු බවක් ඇති කරන දේවල්. (සාමාන්‍ය පුද්ගලයෙකුට යකෝ මුන්ට මඤ්ඤංද කියලා හිතුනත්…)
පෙරවරු 9.29: මේ කැමරාව අල්ලන විදිය ගැන, ඔය වෘතීය ඡායාරූපශිල්පියෝ, විශේෂඥයෝ මොනවා කිව්වත්,  කෝච්චියක එල්ලිලා පින්තූර ගන්න පුලුවන් මේ විදියට තමයි. මේ වෙලාවට අපිට ඕනෙ පින්තූරේ විතරයි.
(සාහිත්‍ය/ඉතිහාසය කන්ඩද බං කිව්වලු?) c-)
පෙරවරු 9.32: අප පසු කරගෙන යන Class M5 එන්ජිමක්…
10.00 AM: නාවලපිටිය.
අර පේන්නේ කැනේඩියන් M4 එන්ජිමක්ද? දන්න කෙනෙක් කියාපල්ලා. කෝච්චියා මොකද කියන්නේ? ට්වින් හෙඩ්ලයිට්. තනි වින්ඩ්ස්ක්‍රීන් එක.
පෙරවරු 10.04: Computer control connector,
broadcasting connector and multiple connector.
මේවා කවද්ද සම්බන්ධ කරන්නේ කියලා ඇහුවනේ. සමාවෙන්න ඕනේ, මම අනිත් පැත්ත විතරයි බැලුවේ. ඒ පැත්ත නිකං තිබුනට දකුණු පැත්තෙන් ඔක්කොම සම්බන්ධ කරලා තියෙන්නේ.

පෙරවරු 10.12: නාවලපිටිය වැදගත් ස්ථානයක්. මම හිතන්නේ මේ දුම්රිය පාලන ජාලයේ (Railway Network) උඩරට මාර්ගය සම්පූර්ණයෙන්ම පාලනය වෙන්නේ නාවලපිටියෙන් කියලා.
පෙරවරු 10.15:

 

පෙරවරු 10.20: තද කොල පයින් ගසුයි පාර අද්දර ලා කොල වල් පඳුරුයි  මවන චිත්‍රය දැක්කද?

 

පෙරවරු 10.21:  කඳුකරයේ පයිනස් වගා කිරීම ගැන නොයෙකුත් මත බේද තිබුනත්, මට නම් පයිනස් ගස් අපි කඳුකරයට ඇතුලු වූ බව සිහිගන්වන මං සලකුණක්.

 

පෙරවරු 10.22:
පෙරවරු 10.22: අඳුරේ සහ එලියේ සංකලනයක්!

 

පෙරවරු 10.22: හැම කවුලුවකම සජීවී ස්වභාව සෞන්දර්යය වැඩ සටහනක් පෙන්වමින් තියෙන ගමනක්.

 

පෙරවරු 10.23: රේල් පාලමක් උඩින් යද්දී දැනෙන වින්දනය විස්තර කරන්න අමාරු එකක්. ඒක විඳලම බලන්න ඕනේ.

 

පෙරවරු 10.23: කඳුකරය පුරාම මේ වගේ එක එක ප්‍රමාණයේ දිය පාරවල් දකින්න පුලුවන්.

 

පෙරවරු 10.23: මට නිතර හිතෙන දෙයක් තමයි, රේල් පාරක් කොයි තරම් හොඳට අවට ස්වභාවික පරිසරයත් එක්ක මුසු වෙලා එහිම කොටසක් වෙනවද කියන එක.

 

 

 

පෙරවරු 10.25: ඉඟුරු ඔය කියන්නේ නාවලපිටියත් වටවලත් අතර තියෙන ගම්බද දුම්රිය නැවතුමක්. අපි මෙතන තරමක් වෙලා ‍රැඳිලා හිටියා සිග්නල් එක ලැබෙන තෙක්.

 

පෙරවරු 10.26 :
සිග්නල් නැතුව බලා ඉන්න එක ඔය හුඟ දෙනෙකුට අප්‍රසන්න දෙයක්.
නමුත් අපිටනම් මේකත් නොස්ටැල්ජියාවෙම කොටසක්.
ඔය දන්න එවුන් මට කියාපල්ලා,
ඔය ප්‍රංසයේ TVG එකේ, එතකොට ජපානේ Bullet Train එකේ එහෙමත්මේ ආතල් එක තියෙනවද කියලා.
පෙරවරු 10.31 : ඇස් ඇරලා අවට බලනවා නම්, (හරි මූඩ් එකේ ඉන්නවා නම්) අප අවටත් මේ වගේ අයස්කාන්ත දර්ශණ තියෙනවා.
Just because you watch you don’t see (ඔබ බලන් හිටියයි කියලා ඔබ දකින්නේ නෑ) කියලා අද උදේ මම බලපු ටෙලි සීරීස් එකක කිව්වා.
 
පෙරවරු 10.31: නැවතත් ගමනේ…

 

පෙරවරු 10.32:

 

 

පෙරවරු 10.33: බොන එවුන්ට මේකත් ඇති. නමුත් ඇල්වතුරත් නිවලා බොන මට හිතුනේ අර ගල උඩ ඉඳං ඇලට කකුල් දෙක දාගෙන ඉන්න තිබ්බා නම් පට්ට ආතල් නේද කියලා…ඇත්තමයි.

 

පෙරවරු 10.33: මේ පාර දිගටම මේ වගේ අතෑරලා දාපු කෝච්චි පෙට්ටි ගණනාවක් තියෙනවා අපි දැක්කා

 

පෙරවරු 10.33:
පෙරවරු 10.35: කලුගල් කඳු ඕනේ තරම්. ඇයි මේ බිම් ගෙවල් විදලා තියෙන්නේ ඒවා අස්සෙන් නේන්නං…

 

පෙරවරු 10.35: මේ කඳුකර මාර්ගයේ, බිම් ගෙවල් තුලින් යාම පුදුමාකාර වින්දනයක් ගෙන ගෙන දෙයක්.  ගිහින් නැත්නම් ගිහිල්ලම බලන්න කියලා මම කියවා. අපි මේ වගේ පින්තූරයක් ගන්න පුදුම කට්ටක් කෑවා. කැමරාව Auto mode තියෙනකොට අඳුරෙයි එළියෙයි වෙනසට සෙන්සර් එක ‍රැවටිලා shutter speed/exposure අවුල්  වෙනවා. ඒ මදිවට කෝච්චියත් පැද්දෙන නිසා ගන්න පින්තූරේ බොඳවෙලා නොපැහැදිළි වෙනවා. නමුත් මේක අමාරුවෙන් හරියට ගත්ත ඒවායින් එකක්.
පෙරවරු 10.35: උඹලා කී දෙනෙකුට හිතුනද මේකට පැනලා නාලා බොන්න තිබ්බා එල නේද කියලා? පරචිත්ත විචාරන ඥානය කියන්නේ ඕකට තමයි.

 

පෙරවරු 10.34:
වතුරෙන් තමයි මේ වෙනස. බලන්න ඊ ලඟ පින්තූරේ පාට.
පෙරවරු 10.36: Wild west මතක් වෙනවා නේද. මට නම් එහෙමයි

 

පෙරවරු 10.36: මම මේ කට්ටියගේ අතින් අල්ලගෙන එක්කගෙන යන්න ඕනේ නෑනේ නේද? යකෝ හැම පින්තූරෙකටම මොකක් හරි කියන්න දෙයක් හිතන්න ඕනෙද?

 

පෙරවරු 10.36: මම දැන් වතාවකුත් උඹලට කිව්වා, යකුනේ මේ රෝස පාට බෝතලෙයි ටෙඩි බෙයා බ්ලැන්කට් එකයි මේවා ඔක්කොම අර අපිත් එක්ක එස්සරහ සීට් එකේ ගිය පොඩි බබාගේ… මුන්ට යකෝ කොච්චර කිව්වත්…

 

පෙරවරු 10.38: සිග්නල් කේස්.  මම හිතන්නේ මේ ගල්බොඩ. ෂුවර් නෑ.

 

 

පෙරවරු 10.39: හෙහ් හෙහ් හේ. උඹලගෙන් කී දෙනෙක් පොඩි කාලේ මේ ප්ලේට් දෙක උඩ ගිහින් තියෙනවද? මේ පෙට්ටි දෙකක් අමුණපු තැනක ජොයින්ට් එකේ තියෙන තහඩු දෙක. මේ දෙක පිස්සු හැදිලා වගේ එකට ඇතිල්ලෙනවා, හැප්පෙනවා, සද්ද කරනවා.  මම පොඩි  කාලේ මාර බයයි මේ දෙක උඩින් යනකොට කකුල ඔය දෙක අතරට අහුවෙලා ඇඹරිලා, චුරු වෙලා යයි කියලා. පස්සේ මම ඕක උඩ ආතල් එකට නැගලා ප්ලේට් දෙකට කකුල් දෙක තියාගෙන බය වෙලා කට ඇරගෙන බලාගෙන පොඩි උන්ට පේන්න පැදගෙන යනවා. අන්තිමේදි කවුරු හරි ඔතනින් යන්න ඕනෙ වෙලා බනිනකල්ම  මම නෙවෙයි ඕකෙන් බහින්නේ.

 

 

පෙරවරු 10.40: කොහොමද අර පේන ඉස්කෝලෙට යන්න ලැබුනා නම්? පේනවද පිට්ටනිය තියෙන තැන ගතිය?

 

පෙරවරු 10.40: හා, දැන් උඹලාම කියාපල්ලා.

 

පෙරවරු 10.41:

 

පෙරවරු 10.43:

 

පෙරවරු 10.43:

 

පෙරවරු 10.47: මේ පයිනස් යායවල් මැද්දෙන් යනකොට මට නම් ඒවයේ සුවඳ දැනෙනවා. ඒ මට හිතෙන හැටිද?

 

පෙරවරු 10.54: මේ desktop background එක මෙතන තියෙන හුඟක්ම ලස්සන පින්තූර වැඩි හරියක්ම වගේ හිරූෂ ගත්ත එකක්.

 

පෙරවරු 10.56: මට හමුවෙලා තියෙන සමහර විදේශිකයෝ හිතාගෙන ඉන්නේ මුලු ලංකාවම තේ වත්තක් කියලා tourist brochures වලට පිං සිද්ද වෙන්න :D

 

පෙරවරු 10.56: සොබා දහමේ වර්ණ සංකලනය!

 

පෙරවරු 10.56: කඳු අතරින් වංගු ඔස්සේ යන මේ ගමනෙදි නැට්ටේ ෆෝටෝ ගන්න හුඟක් අවස්තා ලැබෙනවා. මගේම වචනයෙන් කිව්වොත් tail chasing shots.

 

පෙරවරු 10.57:

 

පෙරවරු 10.59:

 

පෙරවරු 11.00: Watawala. කොළඹින් කිලෝ මීටර් 162ක දුරකිනුත්, මුහුදු මට්ටමේ සිට මීටර් 993.5ක උසකිනුත් පිහිටි වටවල නැවතුමේ අපි තව කෝච්චියකට ඉඩ දෙන්න සෑහෙන වෙලාවක් හිටියා. මේක සාමාන්‍ය දෙයක් නිසාම වෙළෙන්දොත් කෑම වර්ග අරගෙන එතනට එන්න පුරුදු වෙලා මගින්ට විකුණන්න. අර රේල් පාරේ යනවා පේන මිනිස්සු, අපේම කෝච්චියේ ඇවිත් රේල් පාරට බැහැලා කන්දෙන් බැහැලා නොපෙනී ගියා.

 

පෙරවරු 11.01: දුම්රිය සංචාරයක අත්විඳිය හැකි සංවේදනා පැකේජයේ කොටසක්ම වන මේ තීන්ත ආලේපනයක් ඉල්ලා හඬාවැටෙන මඩු, වල් වැවුනු රේල් පාරවල් වගේම  හුඟක් තැන්වල දකින්න පුලුවන්,

 

පෙරවරු 11.02: මේ ශ්‍රී ලංකා දුම්රිය ඉතිහාසයේ කෞතුක භාණ්ඩයක්. මට එතන හිටපු කෙනෙක් කිව්ව විදියට, ගල් අඟුරු කෝච්චි දුවපු කාලේ ඒවයේ බොයිලර් වලට දාන්න තිබුන වතුර ගබඩා කරලා තිබිලා තියෙන්නේ ඔය උඩ තියෙන ලෝහ ටැංකියේ. ඔය ලොකු පයිප්පේ අගට රබර් හෝ හම් වලින් හදපු අලි හොඬයක් වගේ කෑල්ලක් සයි කරලා තිබිලා තියෙනවා ඔතන නවත්තපු එන්ජිමේ බොයිලේරුවට වතුර පුරවන්න.

 

පෙරවරු 11.05: Hello and Goodbye!  Blue meets blue.  මැණිකෙලාගේ හමුවක්. උඩහට යන පොඩි මැණිකේ සහ පහලට යන උඩරට මැණිකේ වටවලදී හමුවූ වගයි.

 

පෙරවරු 11.05: මමත් ආසාවෙන් හිටපු රස්සාවල් වලින් එකක්. දැන් පවා.
පෙරවරු 11.05: මේ ඩිජිටල් තිරයන් සහිත නවීන පාලක පුවරුවලින් සන්නද්ද Class S 12 එන්ජින් ඇත්තෙන්ම ශ්‍රී ලංකා දුම්රිය වංශකතාවේ සංදිස්ථානයක්.

 

 

 

පෙරවරු 11.06: බලන්න දේ ඕනෙ තරම්.

 

පෙරවරු 11.07: මේ උඩරට මාර්ගයේ ගම්බද දුම්රිය ස්ථානවල ගෘහ නිර්මාණශිල්පයට මම හරි ආසයි.

 

පෙරවරු 11.09: නැවතත් ගමනේ.

 

පෙරවරු 11.09:

 

පෙරවරු 11.10:

 

පෙරවරු 11.12: ඔන්න සම්පූර්ණ චිත්‍රය. තේ වත්ත. වංගු සහිත පාරවල්, තේ කර්මාන්තශාලාව. ජල මාර්ගය.

 

පෙරවරු 11.14: සමාන්තර අඩි පාර. ඇත්තටම රේල් පාරේ පයින් යන්න තහනම්ලු නේ?

 

පෙරවරු 11.15: අවිස්සාවේල්ලේ සිට නුවර එලිය ආසන්නයට දිවෙන A7 මහා මාර්ගය.

 

පෙරවරු 11.17:

 

පෙරවරු 11.17:

 

පෙරවරු 11.17:

 

පෙරවරු 11.18:

 

පෙරවරු 11.18: මොකක්ද අර කන්දට කරලා තියෙන්නේ ඈ?  උඩ ඉඳලා පතුලට ඉරක් ඇඳලා එක පැත්තක් තට්ටේ ගාලා?

 

පෙරවරු 11.19: නිවාස යෝජනා ක්‍රමයක් වගේ මට නම් පේන්නේ.

 

පෙරවරු 11.20:

 

පෙරවරු 11.21: කෝච්චිය යනකොට කුස්සියේ පිඟන් රාක්කේ පිඟන්, හැඳි සට සට ගාලා වෙව්ලන එක මේ ගෙවල් වල ඉන්න අයගේ ජීවිතේ කොටසක් වෙන්න ඕනේ.  කෝච්චිය වෙලාවට නොගියොත් කට්ටියට නින්ද යන්නෙත් නෑ කියලා කියන්නේ.

 

පෙරවරු 11.22: ඒ මේ අතට ඇඳුනු රේල් පීලි චිත්‍රය…

 

පෙරවරු 11.22:රොසැල්ල

 

පෙරවරු 11.24: සරල ජීවිත. සරල දුම්රිය නැවතුම. රොසැල්ල. මුහුදුමට්ටමේ සිට මීටර් 1140.35යි

 

ගමන් මග

 

පෙරවරු 11.25:

 

පෙරවරු 11.25:

 

පෙරවරු 11.26:

 

පෙරවරු 11.26:

 

පෙරවරු 11.27:පොතු ගැලවෙන සුදු පැහැති කඳන් සහිත ටර්පන්ටයින් ගස් වලින් හමන්නේ ප්‍රසන්න සුවඳක් මට නම්…

 

පෙරවරු 11.28:
වරින් වර කෙල ගිල්ලේ නැතිනම් කෝච්චි එන්ජිමේ ඝෝෂාවත් නෑසී යනවා අඩු වායු ගෝලීය පීඩනයට  කන් අගුල් වැටීම නිසා…

 

පෙරවරු 11.30:: මීටර් 1200ක් උසින්.

 

 

 

පෙරවරු 11.31:

 

පෙරවරු 11.32:

 

පෙරවරු 11.33: කෝච්චිය ඉහල නගින්න නගින්න අපේ බඩ ගින්නත් ඉහල නැග්ගා. අපි හිතපු විදියට කෝච්චියේ භෝජනාගාරයෙන් පිහිටක් ලැබුනේ නැත්තේ අවුරුද්දට ටෙන්ඩර් ඉවර වෙලා ඒක වහලා දාලා තිබුන නිසා. කෝච්චියට ආපු වෙළෙන්දොත් කෑම පාර්සල් ගෙනාවේ නෑ, ඉස්සො වඩේ, අඹ වගේ දේවල් ඇර. 

 

පෙරවරු 11.34:  හැටන් වලට ලඟාවෙමින්…

 

පෙරවරු 11.35:
හැටන් දුම්රිය ස්ථානයට ඇතුල් වෙද්දී කොළඹ සිට කිමී 175.6ක් දුර ගෙවා තිබූ දුම්රිය මුහුදු මට්ටමේ සිට මීටර් 1260 උසට නැග තිබුනා.

 

පෙරවරු 11.37පෙරවරු
හැටන් දුම්රිය නැවතුම් පොල අප මගදී පසු කල හුඟක් නැවතුම් වලට වඩා විශාල එකක්.

 

අර උඩ තියෙන හැටන් දුම්රියපොල දැකලා හිතේ කහටක් ඇතිවුනා නම්, කොහොමද ඊට විනාඩි කීපයකට කලින් දකින්න ලැබුන මේ දර්ශනය? අර සඟරා වල, පික්ච පෝස්ට් කාඩ් වල දකින පින්තූර වගේ නේ?    

 

 

දුර පමණක් නොව උසද ගමනේ තීරණාත්මක සාධකයන් වීම බදුලු දුම්රිය ගමන ලංකාවේ වෙනත් දුම්රිය ගමන් වලට වඩා වෙනස් වන එකක් හේතුවක්. මුහුදු මට්ටමේ සිට උස සෑම දුම්රිය ස්ථානයකම නාම පුවරුවේ පතුලේ සටහන්කර තියෙනවා. අප පේරාදෙණියට ලඟාවන විට ගමනාරම්භ කල මීටර් 10.97 ක උසින් පිහිටි ගම්පහ දුම්රිය ස්ථානයේ සිට මීටර් 473.47ක් ඉහලට නැග තිබුනා.

කෙසේ හෝ පේරාදෙණිය දුම්රිය ස්ථානයේ නාම පුවරුවේ පෙන්වන්නේ එය මීටර් 476.38 ඉහලින් පිහිටි බවයි.

අප පේරාදෙණියේ සිට ක්‍රමයෙන් ඉහල නගිමින් ගෙලිඔය, ගම්පොල, තැඹිලිගල, උලපනේ, නාවලපිටිය, ඉඟුරු ඔය, ගල්බොඩ, වටවල, ඉහල වටවල, රොසැල්ල පසුකර හැටන් කරා ලඟා වනවිට අප නැග තිබූ උස  මුහුදු මට්ටමේ සිට මීටර් 1262ක් වුනා.

ශ්‍රී ලංකා දුම්රිය මාර්ග ජාලයේ  ඉහලම ස්ථානය උඩරට මාර්ගයේ අඹේවෙල සහ පට්ටිපොල අතර පිහිටි මුහුදු මට්ටමේ සිට මීටර් 1898ක් වූ ස්ථානයක්. ඒ නිසාම ගමනේ වඩාත් දැකුම් කලු ස්ථාන ඇත්තේ තවත් ඉදිරියේ.

ගමනාන්තයට වඩා ගමන රසවත් බව මම කිව්වේ ඒ නිසයි.


Originally published @ HeyDude in English Language.

Simulblogged @ මගේ ඩෙනිම for Blogger Lovers.

 

ටැග: , , , , ,

153. බදුලු කෝච්චිය. 2 කොටස. මහනුවර දක්වා.

153. බදුලු කෝච්චිය. 2 කොටස. මහනුවර දක්වා.

ගම්පහ සිට මහනුවර දක්වා දුම්රිය මග.
පෙ.ව. 7.02: පොඩිමැණිකේගේ යන මග. ගම්මාන හරහා……

 

පෙ.ව.7.27:  පොල්ගහවෙල නැවතී…(මහේෂ් කියන විදියට මේ මීරිගමලු. හරි එහෙනම් “මීරිගම නැවතී.”)

 

පෙ.ව.7.27: කොළ කොඩිය වනන  තෙක්…

 

පෙ.ව.7.28: මගියෝ…

 

පෙ.ව.7.49: අතරමග පුංචි ස්ටේසමක්.

 

පෙ.ව.7.49: Happiness is a way station like this between too much and too little. සතුට වනාහී වැඩිගම සහ මදිගම අතර වූ කුඩා දුම්රිය ස්ථානයකි.
පෙ.ව.7.50: සිග්නල් නැතිව……

 

මං වගේ කෝච්චි පිස්සන්ට මේකත් නොස්ටැල්ජියාව ගේන දසුනක්…
පෙ.ව.7.50: ගල් කුළු අතරින්…
පෙ.ව.7.50: උදා හිරු එලියෙන් නැහැවුනු හරිත කඳු අතරින්…

 

පෙ.ව.7.51:  යුග දෙකක සිල්පර…(Grandad and grandson Rail-ties side by side…)
පෙ.ව.7.59:  මුහුවීම…

 

පෙ.ව.8.07: කඳු නැගලා හති අරින පොඩිමැණිකේ කඩුගන්නාවේදී…

 

 

පෙ.ව.8.15:   (පෝයට පංසල්  ගෙනියන්න පොල් තෙල් බෝතලයක් හංගලා තියෙන තැන බලන්න පිංවත්නි…)

 

පෙ.ව.8.15: තව ටිකක් වෙලා යයි වගේ…

 

පෙ.ව.8.16: කෝච්චි පිස්සෙකුට මේක යකඩ, කොන්ක්‍රීට්, වානේ තියෙන පින්තූරයක් නෙවෙයි…
පෙ.ව.8.16: ඔන්න අපි යනවා…

 

පෙ.ව.8.18: අඳුරු බිම් ගෙවල් තුලට…

 

පෙ.ව.8.19:  අඳුරෙන් එළියට…The light at the end of the tunnel…

 

පෙ.ව.8.19: මේ මහ ඔයද?

 

 

තවත් පොඩී ගම්බද ස්ටේසමක්…

 

පෙ.ව.8.22:  පේරාදෙණිය අතීතකාම හන්දිය.Pulled up at Peradeniya Nostalgia Junction.

 

පෙ.ව.8.22: අර පේන අනිත් කෝච්චිය තියෙනේ බදුලු ලයින් එකේ..

 

පෙ.ව.8.22: අපේ කෝච්චිය තියෙන්නේ කොළඹ මහනුවර ලයින් එකේ නවත්තගෙන….

 

පෙ.ව.8.22:  මතක මාවත දිගේ…

 

පෙ.ව. 8.23: ඔන්න අපි පිටත් වුනා. අපි දැන් යන්නේ නුවරට. නමුත් ටිකකින් ආපහු ඇවිත් ඔය පේන බදුලු පාරේ යනවා…

 

පෙ.ව. 8.24: අනේ මේ පාලම උඩින් අපි කී පාරක් ගිහින් ඇත්ද…

 

පෙ.ව.8.25: සරසවි උයන. ඇඬෙනවා නේද?

 

පෙ.ව.8.25: ගත්ත ෆෝටෝස් ඇත්තටම කොහොමද බලමු.

 

දැන් අපි ඉන්නේ පේරාදෙණියත් මහනුවරත් අතර.
පෙ.ව.8.28: දංගල්ල පාලම. රජ්ජුරුවෝ උඩයි උඩයි.

 

පෙ.ව.8.29:  මෙන්න මේක තමයි ගතිම වැඩේ. මේවා විතරක් නෙවෙයි. ෆෙරාරි, ලැම්බෝගිනි, මර්සීඩස්, බී එම් ඩබ්ල්‍යු, අවුඩි, ප්‍රාඩෝ, මොන්ටෙරෝ ඔක්කොම නවත්තනවා. 

:D

Nobody wants to mess with the King of the Road.

 

පෙ.ව.8.33: මහනුවර දුම්රිය ස්ථානය.  කරුණාකර සවන්දෙන්න. දෙවන වේදිකාවට දැන් පැමිණි පොඩිමැණිකේ සීඝ්‍රගාමී දුම්රිය, පෙරවරු 8.55 ට බදුල්ල බලා පිටත්වේ.

 

පෙ.ව.8.40: මගේ ඇහැ ගියේ ස්ටේෂන් එකේ අලුතින් ගල් අල්ලලා තියෙන රටාවට.

 

පෙ.ව.8.40: ම්ම්ම්…තව විනාඩි පහළොවක් තියෙනවා.

 

පෙ.ව.8.40: ගාඩ්ගේ කුටිය.

 

පෙ.ව.8.40: නිකං ගෙදර වගේ හැඟීමක් එනවා මට නම්…

 

පෙ.ව.8.55:  ඔන්න අපි මහනුවරින් පිටත් වුනා. නමුත් මේ පාර පස්සෙන් පස්සට .

 

පෙ.ව.8.56: මේ තියෙන්නේ අර සුප්‍රසිද්ධ Hunslet එන්ජිමක්. ආසාවේ බෑ. යකඩ යකාම තමයිනේ?

 

පෙ.ව.9.00: ආපහු පේරාදෙණියට පස්සෙන් පස්සට.

 

පෙ.ව.9.02:  ඔන්න අපි පිටත් වෙනවා. පේරාදෙණිය හන්දියෙන් වමට දාන්න ඩ්‍රයිවර්.

 

මේ හිනා මූණු ගැන මොකද කියන්න තියෙන්නේඋඹලට ?

 

Originally published @ HeyDude in English Language

Simulblogged @ මගේ ඩෙනිම for Blogger Lovers

 

ටැග: , , , , ,

152. බදුලු කෝච්චිය. 1 වන කොටස

152. බදුලු කෝච්චිය. 1 වන කොටස

වුරුදු ගානක් තිස්සේ පෙරුම් පුරලා, පෙරුම් පුරලා, ඒත් නිවාඩුවේ අන්තිම මොහොතේ පුරුදු විදියට කල් දදා හිටපු වැඩක් යන්තම් කලා ඔන්න ගිය නිවාඩුවෙදි. රේල් ගේට්‍ටු ගාවා වාහනේ නවත්තගෙන බලා ඉන්න ගානේ, තාර පාරට සමාන්තර රේල් පාරක කෝච්චියක් දුවන ගානේ උත්සන්න වෙවී තිබුණු ආසාවක් මේක. දැන් අපි බදුලු ගියේ එහෙදි කරන්න තිබිච්ච මහලොකු වැඩකට නෙවෙයි, මේ කෝච්චියේ බදුලු යන්න ආසාවට කියලා කිව්වාම, උඹලා ඇස් ලොකු කරල කට ඇරගෙන බලා ඉන්නේ  ඇයි, හරියට  මුන්ට නම්  පිස්සු කියලා වගේ? ඇයි උඹලා කවදාවත් කොහේවත් ගිහින් නැද්ද ගමනාන්තයට වඩා ගමන රසවිඳින්න?

ඔය ගමන ගියේම, අර වානේ රෝද වානේ පීලි වල දුවන කොට ඇහෙන “ටක ටකස්, ඩග ඩගස්” සද්දේ අහන්න. අර කෝච්චිය පහු  කරගෙන යන භූ විෂමතාව අනුව වෙනස් වෙන කෝච්චි එන්ජිමේ  ඝෝෂාව අහන්න.  කෝච්චිය බිම්ගෙයක් තුලින් දුවද්දී දැනෙන ඩීසල් දුම්  සුවඳ (හෙහ් හෙහ් සුවඳ, ඈ?) වගේම බිම් ගේ පහුවෙනකල් ලොකු පොඩි ගෑණු පිරිමි බේදයක් ඇතුව ජනේලයෙන් ඔලුව එලියට දාලා  නරි වගේ  හූ කියන්න. ඇත්තෙන්ම පොඩ්ඩක්වත් ලැජ්ජා හිතෙන්නි නෑනේ ඒ වැඩේට!  ගැඹුරු පාතාල උඩින් හදපු සුද්දන්ගේ කාලේ  පරණ රේල් පාලම් උඩින් යනකොට,  දැනෙන නිකං හරියට අහසේ පියාඹනවා වගේ රෝලර් කෝස්ටර් හැඟීම විඳින්න.  අර පොඩි කාලේ සිංහල පොත් වල විස්තර කරපු වලාසේලයෙන් සැරසුනු නිල් කඳු පන්ති. (නිල්? මටනම් කොළමයි පේන්නේ) පයිනස් වනාන්තර සහ ගලා එන සීතල මිහිදුම් වලා.  කොළ පැහැති තේවතු, එළවලු පාත්ති, කඩා හැලෙන දිය ඇලි, නිරතුරුව  වෙනස්වෙන මනස්කාන්ත භූමි දර්ශන. කඳුකරය පිස එන සීත නැවුම් වාතය අත්දකින්න විඳගන්න…

හරියටම ගමනට සතියකට කලින්, ගම්පහට ගිය වෙලාවක, අපි ගම්පහ දුම්රිය ස්ථානයට ගොඩවැදුනා. අපිට ඕනැ වුනේ බදුලු කෝච්චියේ නැරඹුම් මැදිරියේ ආසන තුනක් වෙන් කරගන්න. නැරඹුම් මැදිරිය තියා, සාමන්‍ය දෙවෙනි පන්තිය පවා මාසයකට කලින් වෙන් කරන්න ඕනේ.  ඔන්න මූණවල් ඇද කරගෙන අපි ආපහු හැරිලා එන්න හදනකොටයි කවුන්ටරේ හිටපු මිස්ට මැදගොඩ  කිව්වේ “ඔන්නම් තර්ඩ් ක්ලාස් රිසර්ව්ඩ් සීට්ස් තියෙනවා,” කියලා.  සාමාන්‍යයෙන් තමන්ගේ සීට් එක ‍රැක ගන්න පවා සටන් වදින්න සිද්ද වෙන  තුන් වන පන්තියේ මැදිරියක තියෙන ආතල් එක මතක් වූ නිසා මේ ආරංචිය මගේ හිතට ඒ තරම්ම සතුටත් නොගෙනාවත්, වෙන කරන්න දෙයක් නැති නිසා, උන්න හැටියට මලා මදැයි කියලා,  අපි බදුල්ලට යාමට සහ ඒමට තුන් දෙනාට රු 2400ක් ගෙවලා ටිකට් ගත්තා. එක්කෙනෙකුට එක පැත්තකට හාරසීයයි, ඈ?

ගල් පාන්දරම පිටත් වෙන්න තියෙන නිසායි, ආපසු ගෙදර එනකොට කොයි තරම් රෑ වෙලා  බස් එක මිස් වෙලා කෝච්චි ගමනේ ආතල් කඩා ගැනීමේ අවදානමක් නැති නිසායි, වෑන් එකේ ගම්පහට ඇවිත් යාලුවෙක්ගේ ගෙදර දාලා යන්න මුලින් හිතුවත්, පස්සේ අපි ඒ අදහස වෙනස් කර.  මුළු ගමනටම පොදු ප්‍රවාහන මාධ්‍ය විතරක් යොදාගන්න අපි තීරණේ කලා. අනික අපි එන වෙලාවට, ඔය යාලුවන්ට ඇහැරවලා, බල්ලෝ බැඳලා, පොඩි උන් ඇහැරිලා හෙන ජරමර කරනවට වඩා ගම්පහ බස්ටෑන්ඩ් එකේ හිටගෙන නිදාගත්තත් සැපයි කියලා හිතෙන වෙලාවලුත් තියෙනවා.

මේ ගමන අපි කිසිදා නොගිය තරම් සැහැල්ලුවෙන් යන්න අපි හිතුවා. සියලුම ඇඳුම් ඒ කියන්නේ ආපහු ඇඳගෙන එන්න එක ඇඳුම් සෙට් එකකුයි, පිජාමා සෙට් එකකුයි, ටූත් පේස්ට්, බ්‍රෂ්  දාගත්තා ඇදගෙන යන්න පුලුවන්  රෝද ලොකු  බෑග් එකකට.  බැක්පැක් එකක් ගත්තා මගට ඕනේ වෙන වතුර, බිස්කට් වගේ දේ දාගෙන යන්න. කොටින්ම බදුල්ලට ගියාම ගිහින් නවතින්න තැනක් ගැන වද වුනේ නෑ. අවශ්‍ය වුනොත් ස්ටේෂන් එකේ බංකුවක් උඩ වුනත් නිදාගන්න ලැහැස්තියෙන් ගියේ.  ඉතින් ලැප්ටොප් නෑ. පින්තූර ගන්න එක  කැමරාවකුත්, ෆෝන් කැමරා දෙකකුත් විතරක් ගත්තා.  කොටින්ම ස්ටේෂන් එකේ ඕවා චාජ් කරන්නත් විදියක් නැති නිසා චාජර් ගත්තෙත් නෑ. මේ ගැන නම් අපිට පසුතැවිලි වෙන්න සිද්ද වුනා. ඇත්තෙන්ම අපි මෙතරම් සැහැල්ලුවෙන් කිසිම ගමනක් ගිහින් නෑ.


පාන්දරම අලාම් එකට අවදි වුන අපි ගමනට ලැහැස්ති වුනා.  ඔය උදේට අලාම් එකට ඇහැරලා වැඩට යන එක මරන්නා වගේ වැඩක් වුනත්, ඒ අලාම් එකටම ඇහැරිලා වෙනත් ගමනක් යන එක මාරම ආසා වැඩක් මම. අපි අවුරුදු දොළහකින් මෙහා නොලබපු අත් දැකීමක් වන,  එළිය වැටෙන්නත්  කලින්, ගෙදර දොරවල් වහල, බෑග් එකත් ඇදගෙන, බස් එකට නගින්න පාරට යෑම අපිට ඇති කලේ අමුතුම හැඟීමක්.  

 

අපි ගම්පහ දුම්රිය පොළට ලඟාවෙන කොටත් ඔන්න යාන්තම් අහස රතුපාට වෙලා, වටින් පිටින් එළිය වැටීගෙන එනවා.  කෑම ගැනවත් කිසිම විශේෂ වැඩ පිළිවෙලක් නොතිබුන අපි, එතනම තිබුන චූන් පාන්  එකකින් මාලු පාන්,  කිඹුලා බනිස් වගේ රංචුවක් ගත්තා. ස්ටේෂන් එකේ නිදියන එක වගේම, කෝච්චියේ විකුණන, ඒ තරම්ම පිරිසිදු නොවන කියලා හිතෙන, නමුත් උණු උණු කෑම කාලා ජීවත් වෙන එකත් මේ ගමනේ එක අංගයක්, ඕං.

ඉතින් ඔන්න මේ පෝස්ට් එකෙන් පටන් අරන්, ඉස්සරහට තව පෝස්ට් කීපයකින්, අපි ලබපු ආතල් එක උඹලත් එක්ක බෙදාගන්න තමයි මම මේ ලැහැස්ති වෙන්නේ. හැබැයි හැමදාම හිටගෙන කෝච්චියේ වැඩට යන උඹලගෙන් සමහරුන්ට නම් මේක වහක් වෙන්න පුලුවන්. ඒ වුනාට තවමත් අපි වගේ කෝච්චි පිස්සෝ කීප දෙනෙක් හරි ඇතිනේ මේක කියවලා අපි එහෙම වැඩක් කලේ ඇයි කියලා තේරුම් ගන්න පුලුවන්.

 ස්ටේෂන් එකේ මිනිස්සු පිරිලා හිටියා.  අපිට පොඩිමැණිකේ දුම්රියට කො‍ටුවෙන් හෝ ගම්පහින් යන කැමති තැනකින් ගොඩ වීමට පුලුවන් කම තිබුනත් අපි ගම්පහ ‍තෝරාගත්තේ පැය බාගයක් පසුවෙලත් කෝච්චිය අල්ලා ගැනීමට හැකි නිසා. ඇත්තෙන්ම ඒ ඉතාම හොඳ තීරණයක්.

කෝච්චිය ආ ගමන් අපි දඩි බිඩි ගාලා නැග්ගා මිසක්, අපි වෙන් කරපු පෙට්ටිය මොකක්ද කියලා හොයලා බලන්න බැරිවුනා.  ඇත්තෙන්ම අපි නොදැන හිටියට, කෝච්චිය ගම්පහ නැවැත්තුවේ අපි තුන්දෙනාව ගන්න. ගාඩ් ලඟ තියෙනවා ඒ ගමනට  සීට් බුක් කරපු උන්ගේ නම් ලැයිස්තුව. ඒ අනුව තමයි ඒ මිනිස්සුන්ව ගන්න සාමාන්‍යයෙන් නවත්තන්නේ නැති ස්ටේෂන් වලත්  නවත්තන්නේ අපි වෙන් කරපු ආසන, එන්ජිමට පිටිපස්සෙ හිස්ව යද්දී, අපි බෑග් එල්ලගෙන මිනිස්සු පිරුණු වෙනත් මැදිරියක හිටගෙන ගියා ඊ ලඟ නැවතුමේ නවත්තනකල්.

නිල් පාට ගාපු මේ කෝච්චිය චීනේ හදපු පවර් සෙට් එකක්.  ඇත්තෙන්ම මේ කෝච්චිය අපි හිතුවට වඩා හුඟාක් හොඳ තත්වේ තිබුනා. විශේෂයෙන්ම ටොයිලට්.  මැදිරි ඇතුලේ පිරිසිදුකමත් සතු‍ටු දායකයි, තවම නම්.

 

ඔන්න එහෙනම් අපි පිටත් වෙනවා. ෆුට් බෝඩ් ගියාට කමක් නෑ හයියෙන් අල්ලගෙන. බෙල්ල ඈතට දික්කරන්න එපා ඈ. මම පුලුවන් තරම් පින්තූර වලින්ම කතාව කියන්න ට්‍රයි කරන්නම්.

 

 

 

 

 

 

 

 

 

Originally published @ HeyDude in English Language.  

Simulblogged @ මගේ ඩෙනිම for Blogger Lovers.

 

ටැග: , , , , , , , ,

143. Panic Attack! සිංහලෙන්.

143. Panic Attack! සිංහලෙන්.

PANIC ATTACK!

Capture
2013 අගෝස්තු 30: පැය2200


EY0279 (සංඥා නාමETD279) ගුවන් යානය ෆ්ලයිට් රේඩාර් තිරයෙන් අතුරුදහන් වී ඇත. මෙම Airbus A320 යානය පැය 2025ට මාලේ ජාත්‍යන්තර ගුවන් තො‍ටුපලෙන් ගුවන් ගත වී විනාඩියට අඩි 2000ක නැග්මකින් ඉහල නගිනු ලැප්ටොප් පරිගණක තිරයේ ලයිව් ෆ්ලයිට් රේඩාර් වෙබ් අඩවියෙන් අප බලා සිටියෙමු. යානය අඩි 40000ට ලඟා වූ පසු, අන්තර්ජාල සම්බන්ධය විසන්ධි කර, රාත්‍රී ආහාරය ගැනීමට ගියේ, කිලෝමීටර් 3025ක් දුරින් පිහිටි අබුඩාබි ගුවන් තො‍ටුපළ දක්වා වූ පියසැරියට පැය හතරකුත් විනාඩි පහළොවක් ගතවන නිසාය.ETD279අප මේ දිනවල කරන අයුරින්, ‘Burn Notice’ ක්‍රියාදාම කථා මාලාවේ තවත් කොටසක් නරඹමින් රාත්‍රී ආහාරය ගත් අප, ඒ නිමවා ගුවන් යානයේ ගමන නැරඹීමට පරිගණකය වෙත නැවත පැමිණියෙමු. නින්දෙන් අවදිකරවාගත් පරිගණකයට අන්තර්ජාලය නැවත සම්බන්ධ කර පි‍ටුව යාවත් කාල කලෙමි.


පුදුමයකි! ගුවන් යානය අගිය අතක් නැත!


අනතුරුව මා http://www.flightradar24.com වෙබ් අඩවියේ සෙවුම් තීරුවට ETD279 ඇතුලත් කර Enter යතුර එබුවද ප්‍රතිඵලය පෙර සේම විය. ඉන් පසු මා කලේ, මාලේ සිට අබුඩාබි දක්වා ගුවන් මාර්ගය විශාලනය කොට (zoom in) එම ම‍ඟෙහි වූ යන එන සියළුම යානා එකින් එක පරීක්ෂා කිරීමයි. එවිටද ප්‍රතිඵලය පෙර සේම විය. මේ රාත්‍රියේ, මේ මොහොතේ ගුවන් ගතවී තිබූ අට දහස් ගණනක් වූ ගුවන් යානා ප්‍රමාණය නිසාම, මම ඊ ලඟ පියවර ලෙස සෙවුම් පෙරණය යොදාගෙන Etihad යානා පමණක් දර්ශණය වන ආකාරයට තිරය සකසා, එක් එක් ගුවන් යානය නැවතත් පරීක්ෂා කලෙමි.


ගුවන් යානය අතුරුදහන් වී ඇත.


කලබළ වූ බවක් ඉරියව් වලින් නොපෙන්වීමට මා සියලු ප්‍රයත්නයන් යෙදුවද, පවුලේ අනිත් සාමාජිකයන් දෙදෙනා නොඉවසිලිමත් වී ඇති බව මට අවබෝධවෙමින් පැවතුනි. Etihad ගුවන් සේවා අඩවියට ගිය මා ගුවන් යානය සෙවීමට උත්සාහ කලෙමි.


මෙම ගුවන් යානයේ යාවත් කාල කිරීම් නොමැත.


ඉන්පසු මා ගූගල් ආධාරයෙන් flightradar24.com ට සමාන වෙනත් සජීව ගුවන් ගමන් රේඩාර් වැඩසටහන් සොයා ඒවායින් පරීක්ෂා කර බැලුවද, මීට පැය එකහමාරකට පෙර අපගේ දියණිය ‍රැගෙන ගුවන් ගතවූ EY0279 යානයේ සළකුණක් හෝ සොයාගත නොහැකි විය..


සජීවී ප්‍රවෘත්ති චැනලයක Breaking News නැරඹීමට උපන් හදිසි ආශාව මා යටපත් කරගත්තේ බිරිඳත්, පුතාත් කලබළ විය හැකි නිසාය. වරක් ඉශාර ගුණවර්ධන මග පෙන්වූ, ගුවන් අනතුරු ගැන වහාම දැනගත හැකි වෙබ් අඩවියද මම බලෙන්ම අමතක කර දැමීමට උත්සාහ කලෙමි.


නිවසේ සියළු දෙනාම තම තමාගේ හැඟීම් යටපත් කරගෙන සිටින සෙයක් පෙනුනි. මේ ආකාරයේ ලයිව් ෆ්ලයිට් රේඩාර් වැඩ සටහන් වල ඇති විශ්වාසනීය භාවය ගැන සැක පළකල අප, නින්දට යාමට සූදානම් වීමු.


ඇඳේ ඒ අතටත් මේ අතටත් පෙරළෙමින් කල් ගත කල මා අසලකට වත් නිදි දෙව් දුව නොපැමිණියාය. මෙම ගුවන් ම‍ඟේ වැඩිම කොටස වැටී ඇත්තේ මුහුද මතිනි. ඒ මදිවාට, මේ රාත්‍රී ගුවන් ගමනකි. මා මෙසේ සුව පහසුව ඇඳක වැතිර සිටියදී, මගේ දියණිය මේ මොහොතේද අප ගැන සිතමින්, ඝණ අඳුරේ, කුණා‍ටු මුහුදක, රළ හා පොර බදමින්, ගුවන් යානයේ සුන් බුන් අතර පිහිණමින් නොගිලී සිටීමට සටන් කරමින් සිටින්නේ දැයි දන්නේ දෙවියන් පමණි. ඒ ඇයි දිවි ‍රැකගෙන සිටියොත්ය. මිනී කන මෝරු! ඇය අවට මුහුදේ පාවෙන වහා ගිණිගන්නා සුළු ජෙට් ඉන්ධන ටොන් ගණනක්!


ජීවිතාරක්ෂක කබා ඇඳ ගැනීමටවත් ඔවුන්ට කල් තියෙන්නට ඇත්ද? නැතිනම් මෙය ඒ තරම් ක්ෂණිකව සිදුවුනා වත්ද? ගුවන් අනතුරුවලින් සැලකියයුතු ප්‍රමාණයකට හේතු වන්නේ අයහපත් කාළගුණයයි. අනික, මිනිස් අතපසු වීම්. මා නරඹා ඇති Air Crash Investigations වැඩ සටහන් වල සියලුම කොටස් මාගේ ඇස් ඉදිරිපිට නැවතත් දර්ශනය වන්නට විය. වරක් එක් ගුවන් යානයක් බිම වැදී අණතුරට පත්වූයේ නඩත්තු කටයුතු වලදී ඇල්ටිටියුඩ් සෙන්සරය මත ඇලවූ මාස්කිං ටේප් කැබැල්ලක් ඉවත් කිරීමට අමතක වීම නිසාය. තවත් වරෙක, නියමුවා ලීටර් සහ ගැලුම් පටලවා ගැනීම නිසා ගුවනේදී ඉන්ධන අවසන් වූ යානයක් අනතුරට ලක්විය. නියමාකාරයෙන් නොවැසුනු දොරවල්, නැවත අලුත්වැඩියා කල පැරණි අමතර කොටස්, ලෝහවල සියුම් ඉරි තැලීම්, සිරවී අක්‍රීය වුනු යානාවේ පාලක මතුපිටවල්, වායු සමීකරණ කුටීරවල ඇතිවූ හදිසි ගිණි ජාලාවල්! දෙවියනි… වැරදී යා හැකි දේ කොපමණ නම් ඇත්ද!!


ඇය පිටත් වී යාමට මඳකට කලින්, ඇයගේ ගුවන් ගමන් බලපත්‍රයේ අන්තිම පි‍ටුවේ ඇතුල් පැත්තේ, ‘මරණය හෝ හදිසි අනතුරක් සිදුවුවහොත් දැනුම් දෙන්න’ යන කොටස මගේ අත් අකුරෙන් මගේ විස්තර පිරවීමට හිත දුන්නේදෛවයේ සරදමක් නිසාද?


මගේම දියණිය දිවි ‍රැක ගැනීමට සටන් කරද්දී ගෙදරට වී සුරක්ෂිතව, සුව පහසුව නිදා ගැනීමට උත්සාහ දැරීමද බලවත් වරද කාරී හැඟීමක් මතුල ඇති කලේය.


නැති නම්, යම් දෝශයක් සොයා ගත් නිසා. ඔවුන් ආපසු හරවාගෙන පැමිණ මාලේ හදිසි ගොඩ බැසීමක්වත් කලාද?


මේ සියල්ලේම ආරම්භය වූයේ ඇය ගිම්හාන නිවාඩුවට රුසියාවේ සිට මාල දිවයින කරා පැමිණීමත් සමඟය.


2013 ජූලි 05, සිකුරාදා: පැය1450:


මාලේ ජාත්‍යන්තර ගුවන් තො‍ටුපලේ පැමිණීමේ පර්යන්තයේ LCD තිරයන් දෙස මා නෙත් යොමාගෙන සිටියෙමි. ඇය ‍රැගත් අබුඩාබි සිට පැමිණෙන Etihad ගුවන් සේවයට අයත් EY278 යානය ගොඩබැසීමට නියමිතව ඇත්තේ පැය 1455ටය. ඒ සඳහා තව ඇත්තේ විනාඩි පහක කාලයකි. අහස කලු වලාවන්ගෙන් බරව පැවති අතර කාළගුණය ඉතා අයහපත් විය. එක් වරම ධාරානිපාත වර්ශාවක් ඇද හැලුනි.


LCD තිරයේ වේලාව 1455 ලෙස සටහන්විය. ගුවන් යානය ප්‍රමාදය. මම නොඉවසිලිමත් වීමි.


නිකරුනේ කලබලවීම මගේ සහජ දුබලතාවයකි.

??????????


මට ඉමහත් සහනයක් ගෙන දෙමින් 1459ට ගුවන් යානය ගොඩ බෑ බව (LANDED) තිරයේ සටහන් විය.


රේගු කටයුතු සඳහා සෑහෙන වේලාවක් ගත කල ඇය අවසානයේදී ස්වංක්‍රීය දොර තුලින් ගමන් මලු ට්‍රොලියක්ද සමඟ මතුවූවාය.


මොස්කව් සිට අබුඩාබි දක්වා පියාසර කර තිබූ ඇය, අබුඩාබි සිට මෙහි පැමිණීමට පෙර එම ගුවන් තො‍ටුපළේ පැය ගණනාවක් ගතකර තිබුණි.


අප ට්‍රොලියත් තල්ලු කරගෙන ගුවන් තො‍ටුපළෙන් පිටතට ගමන් කරමින් සිටියදී හදිසියේ ලැබුණු SMS පණිවිඩය කියවීමට ඇය මඳකට නතර වූවාය. එය ඇගේ මිතුරන්ගෙනි. “We saw you landing.” පණිවිඩයෙන් කියැවිනි. ඇගේ මිතුරන් ෆ්ලයිට් රේඩාර් ආධාරයෙන් ඇයගේ යානය ගොඩ බසිනු නරඹා තිබුනි.


ඉන් දින කිහිපයකට පසු ඇයත් සමඟ අප සේවය කරන දූපතට පැමිණියේ පැය 13ක මුහුදු ගමණකින් අනතුරුවය.


නිවාඩුවේ ගතවූයේ සිතාගත් නොහැකි වේගයෙනි.


දින සති අප අතැඟිලි තුලින් රිංගා ගියේ සියළුම යහපත්දේද අවසන් වේ යන කියමන සැබෑ කරවමිනි. අවසනදී ඇය ආපසු යා යුතු දිනයද ලංවිය.


2013 අගෝස්තු 30:


ඇගේ ආපසු ගමන සඳහා මෙවර ආසන්න දූපතක පිහිටි අභ්‍යන්තර ගුවන් තො‍ටුපළට ඇය හැරලීම සඳනා අප අධිවේගී බෝට්‍ටුවක් කුළියට ගතිමු. එවිට ඇයට පැය දහතුනක මුහුදු ගමන වෙනුවට පැයක කාලයකින් මාලේ ජාත්‍යන්තර ගුවන් තො‍ටුපළට ලඟාවිය හැකිය. අභ්‍යන්තර ගුවන් සේවාවක් මගින් ක්‍රියාත්මක වන මෙම de Havilland Dash 8 වර්ගයේ කුඩා මගී යානාව නිල් අහසේ නොපෙනී යන තෙක් බලා සිටි අප තිදෙනා ආපසු බෝට්‍ටුව වෙත පැමිණියේ බරවූ හදවත් වලිනි.


රළු මුහුද කලඹාගෙන රල මතින් පනිමින් ගමන් කල අධිවේගී බෝට්‍ටුව අපගේ දූපතට ලඟාවීමෙන් අනතුරුව, කුළී රියකින් නිවහන බලා යද්දී, දුරකථනයෙන් කතාකල දියණිය ඇය මාලේ ජාත්‍යන්තර ගුවන් තො‍ටුපොළට ලඟා වූ බව කීවාය. නිවී සැනසිල්ලේ, අබුඩාබි බලා යන යානයට යා හැකි ලෙසත්, අන්තිම මොහොතේ අභ්‍යන්තර ගුවන් ගමන් ප්‍රමාද වීමෙන් හෝ අවලංගු කිරීමෙන් ඇතිවිය හැකි ගැටළු මඟ හැරීම පිණිසත්, ඇය අවශ්‍ය වේලාවට වඩා පැය කිහිපයක් කලින් එහි ලඟාවීමට කැමති වූවාය.


රාත්‍රියේ ගමන් කරන EY 0279 දරණ යානයෙන් අබුඩාබි බලා ගමන් කරන ඇය, අබුඩාබි සිට මොස්කව් ‘දොමොදෙදෝවෝ’ ගුවන් තො‍ටුපළ කරා ගමන් කරන EY0069 යානය පැමිණෙන තෙක් පැය ගණනාවක් එම ගුවන් තො‍ටුපළේ ‍රැඳී සිටීමට නියමිතව තිබුණි.


මෙම එයාබස් A320 යානය පැය 2025ට මාලේ ජාත්‍යන්තර ගුවන් තො‍ටුපලෙන් ගුවන් ගත වී විනාඩියටඅඩි 2000ක නැග්මකින් ඉහල නගිනු ලැප්ටොප් පරිගණක තිරයේ ෆ්ලයිට් රේඩාර් වෙබ් අඩවියෙන් අප බලා සිටියෙමු.


අතුරුදහන් වී ඇත්තේ මාලේ සිට අබුඩාබි දක්වා ගමන් කල මෙම ගුවන් යානයෛ මෙම ගුවන් යානයයි.


2013 අගෝස්තු 30: හිමිදිරි උදෑසන:


නින්දත් නොනින්දත් අතර පාවෙමින් සිටි මා හදිසියේම පාන්දර හතරට අවදිවී ඉද්ද ගැසුවාක්මෙන් ඇඳේ ඉඳගතිමි. වහාම ඇඳ අද්දර මිටි ස්ටූලය මතවූ ලැප්ටොප් පරිගණකය පණගැන්වූ මා සියල්ලටම පෙර Yahoo Mail විවෘත කලෙමි. ඊට කලින් මතුවූ යාහූ මෙසෙන්ජර් දැනුම් දීමෙන් කියැවුනේ නව ලිපියක් ලැබී ඇති වගයි. ලිපිය තිරයේ මතුවන තෙක් නොඉවසිල්ලකින් පසු වූ මම “අනේ ඒ මේල් එක එයාගෙන් වෙයං!” යි මැතුරුවෙමි.


ඔව්. ඒ ලිපිය ඇයගෙනි.


“Arrived safely in Abu Dhabi:


(අබුඩාබි වලට නිරුපද්‍රිතව ලඟා වුනා.)


got the food coupon too. got a sheet too.now found a nice place to stay.took everything from the flight. didn’t leave anything behind angels. going to set many alarms don’t worry. i will send a message when i go to Moscow. dont worry ok. will send another mail if net works before i go. gave rice in the flight. ate and very full now. brought the biscuits and things in the bag.


dont worry and jump up. im fine ok


මට දැනුන සහනය කොතරම්ද යත් මම ප්‍රීතියෙන් උඩ පැන්නෙමි. වහාම බිරිඳවත් පුතාවත් නින්දෙන් අවදි කල මා සුභාරංචිය ඔවුන්ට පැවසුවෙමි. ඇත්තෙන්ම නිදා සිටින කෙනෙකු අවදි කර යහපත් ආරංචියක් පවසන්නට හැකි වීම ඉතාම සුන්දර අත්දැකීමකි. රාත්‍රියේ (හෝ උදෑසන) ඉතිරිය අප සිතේ සැනසුමෙන්, ප්‍රීතියෙන් ඉපිළෙමින් නිදා ගතිමු.


2013 අගෝස්තු 30: පැය0700:


උදෑසන, ඇය මොස්කව් ගුවන් යානය පැමිණෙන තෙක් අබුඩාබි ගුවන් තො‍ටුපළේ ‍රැඳී සිටිනා අතරතුර මම නැවතත් ෆ්ලයිට් රේඩාර් වැඩසටහන වඩා හොඳින් ගවේශනය කලෙමි. පෙරදා රාත්‍රියේ මා නොදු‍ටුවත්, ගුවන් ගතවී ඇති යානා ලැයිස්තුව කියවද්දී ඒවායින් සැලකියයුතු ප්‍රමාණයක් ඉදිරියෙන් missing (අතුරුදහන් වී ඇත) යනුවෙන් සඳහන් වී ඇති බව දක්නට ලැබිණි. මෙම වැඩ සටහනේ ගුවන් යානාවක් ඉදිරියෙන් missing යනුවෙන් සඳහන් වීම කලබල නොවිය යුතු සාමාන්‍ය දෙයකි


පැය 0845ට, ඈ පැය පහකුත් විනාඩි 25ක් ගතවන, කිලෝමීටර් 3707 ක දුරකින් පිහිටි මොස්කව් දක්වා ගමනාරම්භ කලාය. තිරය විශාලනය කල අප (zoom in)ඇය ‍රැගත් යානය ධාවන පථ අංක2121න් ගුවනට නැගෙනු බලා සිටියෙමු. යානය රේඩාර් තිරයෙන් අතුරුදහන් වූවද පෙර මෙන් බියවිය යුතු නැති බව අවබෝධ කරගත් අප, යානය සාමාන්‍ය පියාසර උසට නැග පොළොවට සමාන්තරව ගමන් අරඹන තෙක් බලා සිට, එදිනෙදා සාමාන්‍ය වැඩ පළවල නිරත වූයෙමු. .

Flightradar24-com-Live-flight-tracker- 2013-08-31 10-30-20-3 Flightradar24-com-Live-flight-tracker- 2013-08-31 10-30-20-3 Flightradar24-com-Live-flight-tracker- 2013-08-31 10-37-30-10 Flightradar24-com-Live-flight-tracker- 2013-08-31 10-48-58-19 Flightradar24-com-Live-flight-tracker- 2013-08-31 12-09-02-22 Flightradar24-com-Live-flight-tracker- 2013-08-31 15-10-06-24 Flightradar24-com-Live-flight-tracker- 2013-08-31 15-20-58-32


පැය 1400ට අප නැවතත් EY0069 යානයේ ගමන් මග පරීක්ෂා කල විට එය මොස්කව්හි දොමොදෙදෝවෝ ගුවන් තො‍ටුපළ වෙත ළඟාවෙමින් පැවතුනි.ධාවන පථය මතට යානය පතිතවූ යානය වේගය අඩු කරත්ම මගේ දුරකථනයට ලැබුනු SMS පණිවිඩයකි.


“Angels, landed in Moscow just now. Still in the aircraft. Taking all the hand luggage. Don’t worry.”


We stopped worrying.


The eagle has landed.


වරක් මගේ පුතාගේ ෆේස්බුක් පි‍ටුවේ වූ මේ සටහන මගේ සිතට නැගුනේ නිරායාසයෙනි.

sinhala


PS: This is not a story about aviation, but parenting.


ප ලි: බැලූ බැල්මට මේ ගුවන් ගමන් ගැන කතාවක් සේ පෙනුනද, මේ සැබැවින්ම දෙමාපිය සෙනෙහස පිළිබඳව වූ කතාවකි.


Originally published @ HeyDude in English Language.


Simulblogged @ මගේ ඩෙනිම for Blogger Lovers.

 

ටැග: , , , , , , , , , ,

105. ඉතින් ආයුබෝවන් දුම් වැටිය මරු!

105. ඉතින් ආයුබෝවන් දුම් වැටිය මරු!

Simulblogged at මගේ ඩෙනිම.Originally published at HeyDude.

හැම දෙසැම්බර් 31 වෙනිදාටම මම සිගරට් බීගෙන බීගෙන යන්නෙ පිස්සු හැදිලා වගේ. ඒකට හේතුව, හැම ජනවාරි පළවෙනිදටම, අලුත් අවුරුදු අධිෂ්ඨානයක් හැටියට, මම සිගරට් බීම නවත්තන නිසයි. කිව්වත් වගේ වැඩේ නැගලා යනවා. 

 මම ජනවාරි පළවෙනිදට සිගරට් දිහා බලන්නෙ වත් නෑ. බොහෝවිට දෙවෙනිදත් එහෙමයි. ඔය තුන්වන දිනයත් හැටවන දිනයත් අතරෙදි තමයි වැඩේ චොර වෙන්නෙ. මට ඕනෙ වෙනවා, මම ඇත්තටම සිගරට් බීම අතෑරලා, නිකොටීන් ලෝලිත්වයෙන් මිදිලද කියලා දැනගන්න. ඉතින් මම සිගරට් එකක් බීලා බලනවා. පස්සෙ තව එකක්… ඊටත් පස්සෙ තව එකක්… මම තත්වය සම්පූර්ණයෙන්ම පාලනය කරගෙන ඇති බව මටම ඔප්පු කරන්න. ටික දවසකින් බැලින්නම් ආයෙම මම හිටපු තැනමයි.

මට මතකයි මම දවසක් ජගත්ට කියනවා, (ජගත් දැන් ඉන්නෙ පැරීසියේ), මම සිගරට් එකක් පත්තු කරන ගානෙ, මම මේ වැඩේ  ඉක්මනින්ම නවත්තන්න ඕනෙ කියලා හිතන බව.

ජගත්ටත් තිබුනෙ ටිකක් වෙනස් විදියකට, සම්මතයෙන් ඔබ්බට , හිතන ගතියක්.

“උඹට ඇත්තෙන්ම සිගරට් බීමෙන් කික් එකක් තියෙනවද?” ජග්ගා ඇහුවා.

“නැත්නං යකෝ, සිගරට් බොයිද?”

“එහෙනං මචෝ, සිගරට් බීම නවත්තන එකේ තේරුමක් නෑ. මේ ජීවිතේ, නීති විරෝධී නොවන,  යම් දේකින් තමන්ට කික් එකක් ලැබෙනවා නම් ඒක නවත්තන එක මෝඩ කමක්.”

මම ජගත් එක්ක කිසිසේත්ම එකඟ නොවුනත්, මම සිගරට් බීම නවත්තපු හැම විටම මට ඔය කතාව මතක් වුනා. (ජගත්, උඹ මේක කියවනබව මම දන්නවා. කියාපං බලන්න දැනුත් මොනවා හරි.)

ඔය දුම් විරෝධී සංවිධාන මොනවා කිව්වත්, ඇත්තෙන්ම මම සිගරට් බීමෙන්, ලොකු තෘප්තියක්, රසයක්, සහනයක්, සරලව කිව්වොත් ආතල් එකක් ලැබුවා. ඇතැම් විට කාලය ගෙවා ගන්න, තවත් විටෙක, ගෙදරින් පිට සිටින සාංකාව නැති කර ගන්න සිග‍රැට්‍ටුව හිතේෂී මිත්‍රයෙක් වුනා මට. එතකොට ඔය ආතතිය, ජීවිතය ගැන බලාපොරොත්තු රහිතව හිටි යුගවල දැනුන ඉච්ඡා භංගත්වය, සමනය කරගන්නත් සිගරට් උරන්න මම පුරුදු වෙලා හිටියා. කොටින්ම දුකට, සතුටට දෙකටම සිගරට් උදව්වක් වුනා. මම ඉන්න ඕනෙම මානසික තත්වයකට, සිග‍රැට්‍ටුව නියමෙට ගැලපුනා.

මිත්‍ර  සමාගම තවත් රසවත් කරපු සිගරට්,  නැතුව ‘සෙට් වෙන්නෙ’ කොහොමද කියන එක හිතාගන්නවත් බැරි වුනා. ආහාර වේලක් සම්පූර්ණ වුනේ සිගරට් එකක් බිව්වට පස්සෙයි. තේ, කෝපිත් එහෙමයි. සමහර වෙලාවට, සිගරට් එකක් බොන්න  නිදහසට කාරණයක් හැටියට, අමතර තේ කෝප්පයක් බීපු වෙලාවල් ඕනෙ තරම්. සිගරට් එකක් නැතිව වැසිකිළියට යාම හිතාගන්නත් බැරි භයංකාර දෙයක්.  තවත් දෙයක්. සිගරට් එකක් ඉතුරුවෙලා තිබුනොත්, මහ රෑ නැගිටලා හරි ඒක ඉවර කරලා තමයි ආපහු නින්දට යන්න පුලුවන් වුනේ.

සිගරට් බීම නවත්තන්ම අවංක චේතනාවක් මට තිබුනා. සිග‍රැට්‍ටුවක් දල්වාගන්න හැම විටකම මම සිගරට් බීම නවත්තන්නට සුදුසු, ජනවාරි පළවෙනිදා, මගේ උපන් දිනය, දරුවන්ගෙ, බිරිඳගෙ  උපන් දින, විවාහ සංවත්සරය වගෙ,  ඊ ලඟ නැකැත් දිනය, ගැන හිතුවා.

වතාවක් මම සිගරට් බීම නවත්තලා අවුරුද්දකට වඩා හිටියා  අන්තිමේදි කාලෙකට පස්සෙ මුණ ගැහුන මගේ මචං කාරයා එක්ක ‘සෙට්’ වෙනකල්ම.

සිගරට් බීම මගෙ සෞඛ්‍යයට වගේම, ආර්ථිකයටත් මරු පහරක් වුනා. මට නිතරම තිබුන අර “smokers’ cough” නැතිනම් ‘සිගරට් කැස්සෙන්’ මම පීඩා වින්දා. එක් වතාවක් මගේ පෙනහල්ලකින් ආ වේදනාවකට කරන්නට සිදුවූ  වෛද්‍ය පරීක්ෂනයේ  වාර්තාව එනකල්, මම හිටියේ නොමැරී මැරෙමින්. මට නොහිතුන දෙයක් නෑ. අන්තිමේදි ඒ සෙම අවහිරවීමක් බවත්, එක්ස්පෙක්ටරන්ට් සිරප් එකකින් විසඳිය හැකි තත්වයක් බවත් දැනගත්තාම මට දැනුන සහනය, ඇති වූ ප්‍රීතිය වචනයට නගන්නට බෑ.

දුම්බීමෙන් ඇතිවූ ළය පිළිකාවක් ගැන පොතක් කියවූ හෝ, චිත්‍රපටියක් හෝ වාර්තා වැඩසටහනක් නැරඹූ හෝ හැම විටෙකම, මගේ දුම්බීමට ආයුබෝවන් කීමේ ඕනෑකම දැඩිවුනා.

ඒ වගේම නිකොටීන් වලින් කහ පැහැ ගැහුණු මගේ දකුණතේ නිය සහ දත්වල පසු පස දකින හැම විටෙකම මම සිතෙන් දුම්බීම හා යුද වැදුනා. එමෙන්ම දුම්බොන්නාට ගානක් නැති වුනත්, ඔහුගේ ඇඳුම් වලින් සහ, කටින් හමන සිගරට් ගඳ නිසා, අවට සිටින්නන්ට අලු බඳුනක් (ash tray) ලඟට පැමිණියාක් මෙන් දැනෙන බවත් මම නොදැන හිටියා නොවේ.

සිගරට් බොන කාලයේ මගෙ අතේ මාරු කාසි කියන දේ නම් ‍රැඳුනේම නෑ.

ලංකාවේ සිගරට් නිෂ්පාදනයේ ඒකාධිකාරය දරන සිලෝන් ‍ටුබැකෝ සමාගමේ නිතර ඇතිවුනු වැඩවර්ජන නිසා, දිවයින පුරා උග්‍ර සිගරට් හිඟ විටින් විට ඇතිවීම සාමාන්‍ය දෙයක් වුනා. එවැනි තත්වයන් වලදී කඩ හිමියන් කලේ තමන්ගේ නිත්‍ය ගණුදෙනුකරුවන්හට පමණක්, හිඟයේ බරපතල කමට සමානුපාතිකව, කළුකඩ මිලට, සීමිත සිගරට් ප්‍රමාණයක් අලෙවි කිරීමයි.

මේ කලුකඩ මිලත් තීරණය කලේ කඩ හිමියායි. “මමත් මේ අපෙන් හැමදාම සිගරට් ගන්න මහත්තයලට ඕනෙ නිසා හෙන ඈත ගිහින් බ්ලැක් මාකට් ගානට තමයි ඕක හොයාගෙන ආවේ,” යයි ඔහු  එය සාධාරණීකරනය කරන්නට තැත් කලත්, එහි ඇත්ත නැත්ත ගැන අපි නිතර සැක කලා. සිගරට් හිඟය අති උග්‍ර වෙද්දී, අන්න අර පලාතේ අහවල් කඩේ සිගරට් තියෙනවා, මෙන්න මේ ගානට යන දූෂමාණ ආරංචිය ඔස්සේ, කිලෝමීටර් විස්ස, තිහ රෝද දෙකේ හෝ හතරේ වාහන වලින් කෙනෙක් ගමන් කිරීම එතරම් අරුමයක් නෙවෙයි. මේ පුදුමාකාර කැපවීමත්, උනන්දුවත්, ජීවිතේ අනිත් රාජකාරි වලටත් දැක්වුවානම්!

වැඩිහිටියකු වුවත්, මා කිසිදා මගේ දෙමාපියන් ඉදිරියේ සිගරට් බිව්වේ නැහැ. මා සිගරට් බොන බව ඔවුන් දැන සිටියා වෙන්න හොඳටම ඉඩ තියෙනවා. ඔබ ලාංකිකයෙක් නිසා (ඔබ මෙය සිංහලෙන් කියවන බැවින් මා එසේ උපකල්පනය කලා) අපේ දෙමාපියන්ට ගෞරව කිරීමේ වෙනස්ම ක්‍රම ඇති බව වටහාගන්නට අපහසුතාවයක් නෑනේ. අම්මලා, තාත්තලා, පුතාලා එකට වටවෙලා මත්පැන් තොල ගාන, තාත්තා පුතාගේ සිගරට් එකෙන් ගින්දර ඉල්ලාගෙන තමන්ගෙ සිගරට් එක දල්වන පවුල් ලංකාවේ හිටියත්, මම එන්නේ එහෙම පවුලකින් නොවේ.

මම මෙයින් අදහස් කලේ අපි හරි බවවත්, එහෙම කරන අය වැරදි බව දක්වන්නවත් නෙවෙයි. ඊ ලඟට මට කිවයුතු දේ වඩා පැහැදිළි වෙන්නයි.

ඒ වගේම. මම කිසිදා අපේ දරුවන් ඉදිරියේ සිගරට් බිව්වේ නෑ. එකක්, අක්‍රීය දුම් පානය, සක්‍රීය දුම් පානයටත් වඩා බයානක බව කියැවෙන නිසා එහි ඇති සෞඛ්‍යමය තර්ජණය. අනික නරක ආදර්ශය.

සමහර විට සිගරට් එකක් නිසා මම බස් රිය වරද්දාගත් අවස්ථාත් එමට තිබුනා. ඔය බස් වලටත් තිබූනනෙ අර මර්ෆිගේ නීතියෙන් (Murphy’s Law) අපිට හැකි හැම විටම නෙලන පුරුද්දක්. ඒ කියන්නෙ , වරු ගානක් බලා ඉන්නවා බස් එක එනකල් සිගරට් එකක් වත් නොබී. අන්තිමේදී, බැරිම තැන, එකක් පත්තුකරලා උගුරු දෙක අදිනකොට ඔන්න බස් එක වංගුවෙන් මතුවෙනවා.

ඒ කොයි හැටි වෙතත් බස් එකේදී සිගරට් බීම තහනම් කරපු එකට, මම ඒ කාලෙත්, ඒ කියන්නෙ සිගරට් බොන කාලෙත්, කැමතියි.

මම කිසිදාක මගේ දරුවන්ට බොරු කියලා නැහැ.  නමුත් දවසක් අපේ චූටි පුතා මම සිගරට් බොනවද කියලා අහපු දවසේ ඉතාම අකමැත්තෙන් මට පළවෙනි බොරුව කියන්න සිදුවුනා. නමුත්, මට, මම හිතූ තරම් වරදකාරී හැඟීමක් ඇති නොවුනේ, වෙනදා වගේම, මම නුදුරු අනාගතයේදීම,  සිගරට් බීම නවත්තන්න හිටි නිසා වෙන්න ඕනෙ. පුතා ඊ ලඟට ඇහුවෙ ඇයි මම සිගරට් නොබොන්නෙ කියලා. ඒක පිළිතුරක් හැටියට මම සිගරට් බීමේ ආදීනව ගැන දිග කතාවක් පැවැත්තුවා. චූටි පුතත් හැම වචනයක්ම හරිම උනන්දුවෙන් අහගෙන හිටියා මට මතකයි.

ඔන්න මගේ ජීවිතේ ඉරණම වෙනස් කල ඒ තීරණාත්මක දවසටත් එලිවුනා.

එදත් බාස් උන්නැහේලා අපේ ගේ හදමින් සිටි දවසක්.  මමත් උකුස්සා වගේ ඒ අය කරන දේ බලාගෙන හිටියේ. (ඒ ඇයි කියලා කියන්න ඕනෙ නෑනෙ.) ඉතින් ගෙදර දූවිල්ල වැඩි නිසාත්, නිතර හැමතැන දුව පැන දඟලන දරුවන්ට අනතුරුදායක නිසාත්, දරුවො දෙන්නාම මගේ නංගිලාගෙ ගෙදරට යවලා තිබුනේ සෙල්ලම් කරන්න.

මම ගේ අසලම කඩයට ගියේ සිගරට් කීපයක් මිලට ගන්නයි. සිගරට් සාක්කුවේ දමාගෙන, එකක් කඩයේ එල්ලා තිබූ ලයිටරයෙන් දල්වද්දීයි මට ඇහුනේ වාහනයක බ්‍රේක් හඬකුත්, ඒ එක්කම වෑන් රියක ලිස්සන දොරක් ඇරෙන හඬත්, මගේ පසු පසින්.


දැල්වෙන සිග‍රැට්‍ටුව දෙතොල් අතර රුවාගෙනම මම ආපසු හැරුනා. මගෙ මචං කාරයා එයාගෙ වෑන් එකෙන් අපේ දරුවො දෙන්නා ආපහු ඇරලවන්න ඇවිත්. චූටි පුතා දැල්වෙන සිග‍රැට්‍ටුවක් කට කොණකින් එල්ලාගෙන සිටි මා දිහා බලා සිටියේ විශ්මයෙන්. කට උත්තර නෑ.

ම්ම්ම්… නැත්තෙම නෑ.

“You smoke!” (ඔයා සිගරට් බොනවා!),මේ ඊයෙ පෙරේදා සිගරට් බීමේ ආදීනව ගැන දේශනයක් පවත්තපු තාත්තා, සිගරට් එකක් බොනවා දැකපු  පොඩි එකා මොර දුන්නා විශ්මයෙන්. මම වැ‍ටුනේ පුදුම අපහසුතාවයකට.

මට ගණදෙවි නුවණ පහලවුනා.

“No, This is for one of the builders. He can’t come because he’s too busy and I lit it for him to save the trouble of looking for a lighter.” (නෑ. මේක අර බාස් කෙනෙකුට. එයාට එන්න බෑ වැඩ නිසා. මම ඉතින් ඒක පත්තු කරලම ගෙනියනවා, එතකොට ලයිටරයක් හොය හොයා දඟලන්න දෙයක් නෑනෙ   එයාට.”

එයාගෙ මූණෙ ඉරියව් වෙනස් වෙනවා මම බලා හිටියා.

“Oh, I thought for a moment you smoked” (ආ, මම ඒත් හිතුවා ඔයා සිගරට් බොනවාවත්ද කියලා.)

“Naah!” (නෑ…හ්. පිස්සුද?)

මම වේගයෙන් ගේ දිහාට ඇවිදගෙන යන ගමන් කිව්වා. ඔහු ඉඳික‍ටුවට ඇමිණූ නූල වගේ, මා පස්සෙන් ඇදිලා ආවා. ඇඟිලි අතර රඳවාගත් දැල්වෙන සිග‍රැට්‍ටුවත් අරගෙන බාස් ගෝලයෙක් ලඟට ගිය මම,

“ආ, මෙන්න ඔයාගෙ සිගරට් එක.” කියමින් සිග‍රැට්‍ටුව ඔහුට දික් කලා.

ගෝලයා ලොකූ ප්‍රශ්ණාර්ථ ළකුණක් මූණේ ඇඳගෙන මා දිහා බලා හිටිය නිසා, මම බුවාට ඇහැක් ගැසුවා.

මම සාක්කුවේ තිබුන අනිත් සිගරට් සියල්ලත් බුවාටම දීලා දැම්මා.

හදිසියේ කඩා වැ‍ටුන මේ වාසනාව ගැන උද්දාමයෙන් බාස් ගෝලයා මට ස්තුති කලා.

මේ ගණුදෙනුව ඇස් අයාගෙන බලා සිටි පොඩි එකා.”I thought for a moment you smoked” (මම ඒත් හිතුවා ඔයා සිගරට් බොනවාවත්ද කියලා.) කියා නැවතත් කිව්වා.

“Well, I don’t smoke.” (මම කිව්වනෙ, මම සිගරට් බොන්නෙ නෑ කියලා.) මම ඒ පාර කිව්වෙ බොරුවක් නෙවෙයි. සහතික ඇත්ත. මොකද මම ඊට මොහොතකට පෙර සදහටම සිගරට් බීම නවත්තපු නිසා.

ඉතින් විශ්වාස කරන්න, මම එදා සිට මේ දක්වා සිගරට්‍ටුවක් කටේවත් තියලා නෑ. අනික මම සිගරට් බීම අතහැරියේ ජනවාරි පළවෙනිදා වගේ විශේෂ දවසකත් නෙවෙයි. මට මගේම පුතාට බොරු කියලා කුහකයෙක් වෙන්න ඇති  අකමැත්ත විතරයි නිමිත්ත වුනේ.

මගේ දරුවාට ස්තුතිවන්ත වෙන්න අද මම සිගරට් වලින් නිදහස්.  දරු සෙනෙහසට කල නොහැකි දෙකක් නැහැ.

Dපසුවදන:

ඒ අවුරුදු හයකට (මේ වනවිට හතකට) පෙර.  මම ඒ පොරොන්දුව කිසිදා බිඳින අදහසක් තුන් හිතකවත් නෑ. මට ලැබුන ඒ අවස්ථාව නොලැබී, තවදුරටත් සිගරට බොන බුවාලා ගැන මගෙ හිතේ අද තියෙන්නෙ අනුකම්පාවක්.  අද මට සිගරට් දුම ඉවසාගෙන ඉන්නත් අමාරුයි. දුම් බොන්නෙක් එක්ක කතා කරද්දී කටින් හමන දුම් ගඳ මට අප්‍රසන්නයි. දුම් බොන්නෙක් ලඟ ඉඳිද්දී මගේ හුස්ම හිරවෙන ගතියක් දැනෙන්නෙ.

ප. ලි. : දුම්බීම ගැන කවුරුහරි බ්ලොගර් කෙනෙක් සඳහන් කරන ගානෙ මම මේ ලිපියට ලින්ක් එකක් දුන්නෙ, මේ  මා විසින්ම ලියැවුනු ලිපියක් වුනත්,  දුම්බීම අතහැරීම ගැන ලියැවුනු අව්‍යාජ අත්දැකීමක් බව මම විශ්වාස කරපු නිසා.
ප්‍රශ්ණෙකට තිබුනෙ මම මේ ලිපිය මුලින්ම ලිව්වෙ ඉංග්‍රීසියෙන් වීමයි. HeyDude බ්ලොග් අඩවියට ‘How I quit smoking’ යන මාතෘකාවෙන්, 2012 මාර්තු 10 වන දින පල කල මේ ලිපියෙන්, සිංහල පමණක් කියවන සහෘදයන්ට ප්‍රයෝජනයක් ගත හැකි වෙන අයුරුන් සිංහලට පරිවර්තනය කිරීමේ අවශ්‍යතාවය මට දැනුනේ කලක සිට.

ඉතින් මේ එයට විසඳුමක්.

නමුත් මෛ ලිපිය කියවා හමාරකර, ඉංග්‍රීසි ලිපියත් කියවන්න කියා මම ඔබට ආරාධනා කරන්නේ, ඇතැම් දේ පරිවර්තනයේදී විනාශ වෙන බව අත්දැකීමෙන් දන්නා නිසයි

 

ටැග: , , , , , , , ,

95. අලි මංකඩක අතරමංව! / Yala Adventure.

95. අලි මංකඩක අතරමංව! / Yala Adventure.

සපත්තු පාලම මැදදි මම සුක්කානම වමට කැපුවෙ, පාලම මැද්දෙ කොන්ක්‍රීට් එක පාත් වෙලා වතුර පිරිලා තිබ්බ නිසා වම් පැත්තට බරව යන්න . එක පාරටම මහා හඬක් නඟමින් වෑන් එක වමට ඇල වුනා . වෑන් එක ඇතුලෙ ඉන්න සමහරු කෑගැහුවා යටි ගිරියෙන්. මම දොර ඇරගෙන බහින කොටම මට තේරුනා, මම ඉන්න පැත්ත අනිත් පැත්තට වඩා සෑහෙන්න උස බව. ඉස්සරහ දකුණු පස රෝදෙත් අසාමාන්‍ය විදියට පිටතට නෙරලා තිබ්බ බව මම දැක්කා.

මම වාහනේ ඉස්සරහින් ගිහින් බැලුවා වෙලා තියෙන හානිය. බම්පර් එකේ වම් පැත්ත කොන්ක්‍රීට් එකට හේත්තු වෙලා. වම් පැත්තෙ ඉස්සරහා රෝද කොන්ක්‍රීට් එකෙන් කුට්ටියක් කඩාගෙන පහලට වැටිලා. ලෝවර් සස්පෙන්ෂන් ආර්ම් එක උඩ තමයි වාහනේ සමබරව තියෙන්නෙ. කඩාගෙන වැටෙනකොට අර මම ඉස්සරහට දාලා තිබුන, අමාරුවෙන් ලබා ගත්ත අලුත් බ්‍රිජ්ස්ටන් ටයර් එක පුපුරලා. ටයර් එකේ හැදිලා තියෙන හිල ඇතුලට මගෙ අත රිංගවන්න පුලුවන්. ටයර් එක පුපුරන සද්දෙයි, කොන්ක්‍රීට් එක කඩාගෙන ගිහින් වෑන් එකේ සස්පෙන්ෂන් ආර්ම් එක කොන්ක්‍රීට් එකේ වදින සද්දෙයි එකතුවෙලා තමයි, අර බෝම්බයක් ගහනවා වගේ සද්දෙ ඇවිත් තියෙන්නෙ.

වාහනේ ගානට කොන්ක්‍රීට් එකේ හිරවෙලා. ඊ ලඟට දැක්ක දෙයින් මගෙ කටේ කෙළ හිඳුනා. මම හිටගෙන හිටියෙ දුම් දාන අලි බෙට්ටක් උඩ. අපි මේ හිරවෙලා ඉන්නෙ යාල කැලේ අලි පාර හරහා යන අලි මංකඩක මැද්දෙ. මේ වන අලි සහ වල් අලි පාර පනින වෙලාව.

තව දුරටත් කියවන්න >>>

 

ටැග: , , , , , , , , ,

94. බල්ලා කාපු මගෙ කාරෙක.

94. බල්ලා කාපු මගෙ කාරෙක.

සෙනසුරාදා කියන්නෙ සතියක් ආසාවෙන් බලා ඉඳලා එලඹෙන දවසක්නෙ. හැබැයි නිවාඩු කිව්වට, සති අන්තයට තමයි වැඩ වැඩි. ඉදල අරන් සතියක් තිස්සෙ මිදුලෙ එකතුවෙච්ච කොල අතුගාන එක මගෙ හිතට ඇතිකලේ සැහැල්ලුවක්. හරියට භාවනාවක් වගෙ.

මේ කතාව ඉංග්‍රීසියෙන් කියවන්න මෙතනින්.
DOG ATE IT @ HeyDude

ඒ දවස් වල තිබ්බ අපේ පුංචි රතු කාර් එකට හරි හැටි ගරාජයක් තිබ්බෙ නැත්තෙ, ඒක කුලී ගෙදරක් වෙච්ච නිසා. නමුත් අව්වෙන් වැස්සෙන් වාහනේ බේර ගන්න, නවපු ගැල්වනයිස් බට වලිනුයි, අර ඉරි ඉරි ටෙන්ට් රෙද්දකිනුයි මමම හදාගත්ත ගරාජ් එකේ වහල උඩ, අඹ කොළ වගේම වැහි වතුරත් තරමක් ‍රැඳුනා, බොක්ක ගැහිලා. මිදුල අතුගාන්න කලින් වහලෙට අතින් උඩු අතට තට්‍ටු කරලා, අඹකොළ ටික බිම දාන එක මම නොවරදවාම කලා.

කාරෙක වටේට තිබ්බ අඹකොල අතුගාන කොටයි මම දැක්කෙ ඉස්සරහ බම්පර් එක යටින් එල්ලෙන වයර් කෑලි දෙක. ඉදල බිම දාලා ලංවෙලා බැලුවම මට තේරුනා මේක සිග්නල් ලයිට් එකත් එක්කම එකට බම්පර් එකේ හයි කරලා තිබ්බ පාක් ලයිට් එකට එන වයර් එකක් බව. කාරෙක අන්තිමට ගුරු පාරේ වැස්සෙ පදවගෙන ආපු නිසා වයර් එකේ ප්ලාස්ටික් ආවරණය මඩ පාටට තිබ්බත්, එලියට මතුවෙලා තිබ්බ තඹපාටින් දිලිසුන කම්බි පොටවල් මට කිව්වෙ මේක කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවයි. ඒ කියන්නෙ මේක වෙලා තියෙන්නෙ මෙතන වාහනේ නැවැත්තුවට පස්සෙයි.

කලබල වෙන්න දෙයක් නෑ. මම  කඩාකප්පල්කාරියා කවුද කියලා එවෙලෙම සැක කරපු නිසා, කාරෙක යටට එබිලා බැලුවා. ඔය ඉන්නෙ කඩාකප්පල්කාරියා, සුපුරුදු බලු සිහිනයක් දැක දැක, කම්මැලි කමට තවමත් නිදාගෙන!

අපේ බලු පැටියගෙ තිබ්බ, මේ හැමදේම හපලා ‍රැල් කරන පුරුද්ද නිසා, අපි සෙරෙප්පු සපත්තු පවා දොරෙන් ඇතුලෙයි තිබ්බෙ. මේකා කොහෝම හරි මේ පාක්ලයිට් එකෙන් තරමක් පාතට එල්ලෙන වයර් එක දැකලා, ඒක කාලා වෙන් වෙන්නම. මම කාරෙකේ  ලාච්චුව ඇරලා, හදිසියකට ගන්න ඒකෙ කවදත් තියාගෙන හිටපු කලු පීවීසී ටේප් රෝල අරන් ආවා. වයර් කෑලි දෙක එකට අඹරලා ගැටගහලා,  ටේප් එක ඔතලා වැඩේ සම්පූර්ණ කලා. ඔය තියෙන්නෙ අලුතෙන් ගත්තා වගේ . ටේප් එක ආපහු ලාච්චුවට දාපු මම, ඒක අමතක කරලා ඉදල අතට ගත්තා.

ඒ දවස් වල තමයි, ලිබර්ටි එකේ මුල් වරට ජුරාසික් පාක් පෙන්නුවෙ. අපේ ගෙදර තුන්දෙනාම හරිම කැමැත්තෙන් බලන්න හිතාහිටිය මේ චිත්‍රපටිය බලන්න අපි, මගෙ අම්මවත් එකතු කරගත්තෙ, ඇයත් ඔය වගෙ අමුතු කතාවලින් සෑහෙන වින්දනයක් ලබපු නිසා. අර සිද්දියෙන් සති ගනනාවකට පස්සෙ,  අපි හතරදෙනාම හවස 3.15වේ දර්ශණය නරඹන්න කොළඹ ගියා.

“කොහොමද ආච්චියෙ ‍ෆිල්ම් එක? ඔයා ආසද?”
චිත්‍රපටිය අවසන් වෙලා සිනමා රථගාලෙ නවත්වලා තිබ්බ කාරෙකට නගින ගමන්, අපේ දුව ආච්චිගෙන් ඇහුවා.

“නියමයි පුතු. හරි ෂෝක්!” අම්මා කියනවා මම අහගෙන.

ඉතින් අපි ආපහු ගෙදර එන්න පිටත් වුනේ ඩයිනසෝරයන් ගැන කතා කර කර. විහාරමහාදේවි උද්‍යානය පහු කරනකොටයි අපි දැක්කෙ, එදා එහි තිබුන විසිතුරු මල් පැල ප්‍රදර්ශණය සහ අලෙවි සැල්. සාමාන්‍යයෙන්, අපි විසිතුරු පැල සේල් වලට ඇදිලා ගියේ නිකම්මයි. වහාම වාහනේ රථගාලට රිංගවපු අපි ගියා ප්‍රදර්ශනේ බලන්න. පැයකට හමාරකට පස්සෙ, අපි ආපහු ප්‍රදර්ශන භූමියෙන් එලියට ආවෙ, රුපියල් දෙතුන් දාහක් සැහැල්ලු කරගෙන, නමුත් තවත් කැලෑවක් වන් විසිතුරු පැල රාශියක් වාහනේ පටවාගෙන.

ගෙදර යන්න බියගම පාර මම ‍තෝරාගත්තෙ, ඒ වෙලාවෙ හැටියට ඒ පාර  බත්තරමුල්ල පාරට හෝ නුවර පාරට වැඩිය තදබදයෙන් අඩු නිසා. අපි කැළණිය පහු කරනකොටත්, විදුලි පහන් නොදල්වා යන්න තරම් එලියක් ඉතිරි වෙලා තිබුනා. නමුත් මානෙල්වත්ත රජමහා විහාරෙ පහුවෙනකොට මම විදුලි පහන් දැල්වුවා. ඒ වෙනකොට අපි අර වංගුවත් එක්කම තිබුන, දැඩි බෑවුමක් ඇති පල්ලම බහිමිනුයි හිටියේ.  එක් වරම කාරය කලු දුමින් පිරුනා.

“හයියෝ අර යකාගෙ  ට්‍රක් එක! මාර දුමක්නෙ!” මම කිව්වෙ එවෙලෙ අධික බරක් පටවාගෙන, කලු දුම් වලාවක් පිටකරමින් කන්ද නගිමින් හිටි ට්‍රක් රථය ගැන.

තවත් මීටර් සීයක් හමාරක් ගියත් දුමේ වැඩිවීමක් මිස අඩුවක් නොපෙනුන නිසා, මට දැනුනා අනතුරක සේයාවක්. මම වහාම කාරය අයින් කරලා නැවැත්තුවා.

කාරය නැවතුන ගමන්ම මම දැක්කෙ බොනට්‍ටුව අස්සෙන් එලියට ගලාගෙන ආපු කලු දුම වලාව. මම වාහනෙන් එලියට පැන්නෙ බොනට්‍ටුවෙ අගුල ඇරෙන ලීවරයත්  ඇදගෙන. වහාම බොනට්‍ටුව එසවූ මතුවූ ප්ලාස්ටික් පිලිස්සෙන ගඳටයි දුම් වලාවටයි මාව පස්සට විසිවුනා. ගිණි ජාලාවක් බැටරිය අවටින් මතුවෙමින් තිබුනා.

“බහින්න, බහින්න කාරෙකෙන් ඔක්කොමලා!” මම කෑ ගැහුවා.

දෙපාරක් කියන්න අවශ්‍ය වුනේ නෑ.

මම ආපහු දුවලා කාරයෙ තිබ්බ රෙදි කඩමල්ලක් ගෙනත් ගිණි දලුවලට පහර දුන්නා. මුලින්ම මම පහරදී නිවා දැමූ ගිණිදලු නැවත නැවතත් ඇවිලෙන්නට වුනත්, දීපාත් මාත් එක්ව දීපු  එකව කල ඒකාබද්ධ ප්‍රහාරය හමුවේ ගින්න පරාජය  වුනා. බොනට්‍ටුවේ සමහර තැන්වලා පින්තාරුව පිලිස්සී බුබුලු නැගී ඇති බව මම දැක්කෙ පසුවයි.

ගින්න සමග කල සටනින් ජයගත් අපට දැන් අවශ්‍ය  වුනේ හැකි ඉක්මනින් ගෙදර යන්නයි. මම ඉග්නිෂන් ස්විචය කරකවා බැලුවා. අච්චර දෙයක් වෙලාත් දෙවියන්ගෙ පිහිටෙන් එන්ජිම වහාම පණගැන්වුනේ අපේ හිත් වලට පුදුමාකාර සහනයක් ගෙන දෙමින්. නමුත් ඒ සහනය වැඩි වෙලා නොතිබුනේ, විදුලි පහන් දැල්වූ වහාම, නැවතත් වයර් හානසයේ තැන් තැන් වලින් දුම් මතුවෙන්න ගත්ත නිසා. මම වහාම ස්විචය නිවා එන්ජිම ක්‍රියා විරහිත කර, මතුවෙමින් තිබූ ගිණිදලු වලට පහර දී නිවා දැම්මා.

“කළබල වෙන්න හොඳ නෑ. ඔලුව අවුල් කරගන්න එපා. කරදරයක් වුනාම ක්‍රියාකරන හැටියට තමයි ඒ මනුස්සයගෙ ගති ස්වභාවය තේරුම්ගන්න පුලුවන්. සංසුන් වෙයං හෙන්රි,” මම මටම කියාගත්තා.

මම හිතන්න ගත්තා. සරළව මුළසිට  හරියටම  ඉංග්‍රීසි පන්තියක දැන්වීමක් වගෙ.

මෙතන මෙකැනිකල් ෆෝල්ට් එකක් නෑ. තියෙනවා නම්, එන්ජිම ස්ටාට් වෙන්නෙ නෑ. මේක ඉලෙක්ට්‍රිකල් ෆෝල්ට් එකක්. ඇත්තටම ෂෝට් සර්කිට් එකක්.

මම ගින්න ඇතිවුන තැන් පරීක්ෂා කරලා බැලුවා. සමහර වයර් වල ප්ලාස්ටික් ආවරණය උණුවෙලා තඹ කම්බි පොටවල් මතුවෙලා එකට ඇලිලා තිබුනේ, කොයි කොයි වයර, මොන පාටට තිබුන, කොහේ ඉඳලා ආපු ඒවාද කියලාවත් හොයාගන්න බැරි විදියට. ඒ මදිවට කලුවර!

වැල නොකැඩී ඇදී යන වාහන වල එලියෙන් යමක් හරියට බලාගන්න අමාරුයි. හොඳ වෙලාවට, කවුරු මොනවා කිව්වත් අම්මා ගමනක් යනකොට අරන් යන විට එයාගෙ එයාගෙ අත් බෑග් එකේ දාගෙන යන විදුලි පන්දම, මේ වෙලාවෙ පිහිටට ආවා.

විදුලි පන්දම් එළියෙන් මට පුලුවන් වුනා වෙලා තිබ්බ හානිය වඩා හොඳට බලාගන්න. ඊට පස්සෙ මම පටන් ගත්තා ක්‍රමානුකූල  පරීක්ෂාවක්. Systematic search with checklist.

මුලින්ම මම සියලුම ස්විච නිවා දැම්මා. සහායක නියමු දීපා උකුසු ඇස් එන්ජිම මත රඳවා ඉඳිද්දී චෙක් ලිස්ට් එක ආරම්භ වුනා.

පළමුව මම එන්ජිම පණ ගැන්නුවා.  එන්ජිම හොඳින් දුවනවා, දුමක් නෑ.

දෙවනුව වයිපර් – දුමක් නෑ.

මම බ්‍රේක් පෙඩලය පෑගුවා  – දුමක් නෑ සහායක නියමු දීපා නිවේදනය කලා.

ඊ ලඟට ප්‍රධාන විදුලි පහන් දැල්වුවා.  හෝව්, හෝව්!! මෙන්න දුම් දානවෝ!!

මම වහාම විදුලි පහන් සහ එන්ජිම නිවා දැමුවා.

හොඳ වෙලවට, ඒ වෙලේත් ඇරලා තිබුන හාඩ්වෙයාර් බඩු කඩයෙන්, මම වැඩි පුර පීවීසී ටේප් දෙක තුනක් ගත්තා. දීපා විදුලි පන්දම දල්වාගෙන ඉඳිද්දී මම අර උණු වෙලා එකට ඇලිලා තිබ්බ ‍රැහැන් ගලවලා පුලුවන් හැටියට  ටේප් කලා. වැඩි හොඳට විදුලි පහන් වලට යන සම්බන්ධ ‍ෆියුස් එකත් ගැලෙව්වා. ඇත්තෙන්ම ඒකත් උණු වෙලා නමුත් කවදා හරි දාපු වැරදි අගයක් තියෙන ෆියුස් එකක් නිසා වෙන්න ඕනෙ මෙහෙම වුනේ, මට නිකමට හිතුනා. ටික වෙලාවකින්, මේ වගේ අවස්ථාවක කල හැකි හැම දේම කර ඇති  බව සහතික වුනාට පස්සෙ, අපි ඊලඟ දුශ්කර කාර්යයට සූදානම් වුනා. මේ වනකොට ගිනි ගැනීමේ අවදානමක් නැතුව වාහනේ ආපදා පහන් (hazard lights) පාවිච්චි කරන්න හැකි බව මම හොයාගෙන තිබුනේ.

ඊන් පස්සෙ හැමදෙනාම වාහනයට ගොඩවුනාම, මම එන්ජිම පණගන්වලා ආපදා පහන් දල්වාගෙන ගෙදරට යන්න තියෙන අති දුෂ්කර ගමන ආරම්භ කලා. දීපා මුලින්ම විදුලිපන්දම වාහනයේ ඉදිරිපස වීදුරුව තුලින්ම පාරට ඇල්ලුවත්, අත එලියට දමා විදුලි පන්දම පිටතින් අල්ලන එක වඩා සාර්ථක බව ටික, වේලාවකින් අපි තේරුම් ගත්තා.

රෑක, බැටරි දෙකේ විදුලි පන්දම් එලියකින් කාර් එකක් පදවන එක හිතපු තරම් ලේසි වුනේ නෑ. විශේෂයෙන්ම අපි ඉදිරියටත්, පසුපසිනුත් ආ අනිත් ආත්මාර්ථකාමී රියැදුරන් කිසිම අනුකම්පාවක් නොදක්වන විට. පසු පසින් ආ උන් කන් බිහිරිවන්නට නලා හැඬවූවා මදිවාට, හෙඩ් බීම් දල්වමින් මාව අන්ධ කලා. ඉදිරියෙන් ආ උන් හෙඩ් බීම් පාවිච්චි කලේ මාව හොඳින් දැකගැනීමටත්, මේ කලුවරේ විදුලි පන්දමකින් රිය පදවන මා කරන්නේ කුමක්දැයි තේරුම් ගැනීමට බැරිව බවත් මට තේරුනා.

මට වැඩියෙන්ම වද දුන්නේ බස් රියැදුරෝ. මේ හැම දෙයින්ම වුනේ මගේ අර්බුදය උග්‍ර වීම පමණයි.  නමුත් අර කාලකන්නි ‍රැලට වඩා වෙනස්, එක් මහත්මා රියැදුරෙක් මට ඉස්සර කර, මට ඔහු පසු පසින් ධාවනය කල හැකි සේ හිමින් රිය පදවමින් මට මග පෙන්වීම, මට ඉමහත් අස්වැසිල්ලක් වුනා.

බියගම ෆොන්ටෙරා සමගම අසලදී මම විදුලි කාර්මිකයෙකු සොයා ගැනීමට රිය නතර කලා. ඇත්තෙන්ම ඒ වෙලාවෙ වාහන විදුලි කාර්මිකයන් කිසිවෙක් හිටියේ නෑ. නමුත් එක් නිර්මාණශීලී රේඩියෝ, රූපවාහිණී ඉලෙක්ට්‍රොනික් අලුත්වැඩියා ශිල්පියෙක්, මට පිහිට වෙන්න කැමති වුනා.

ඔහු අර මා කල ආකාරයටම, කොනක සිට විදුලි පරිපථ පරීක්ෂා කලා. ඔහුට අවශය උපකරණ සහ ආලෝකයත් තිබූ නිසා වඩාත් කාර්යක්ෂමව කාර්‍යය කරන්නට හැකි වුනා.  අන්තිමේදී ඔහු වරද සොයා ගත්තා. ඒ තමයි මම එදා උදේ පුරුද්දා ගැට ගැසූ පාක් ලයිට් වයරය.

“ඇයි අයියෙ මේක ගැට ගැහුවෙ?”  ඔහු ඇහුවේ කුතුහලයෙන්.

“ඕක බල්ල කෑවනෙ මල්ලි. මම ඉතින් ගැට ගහලා ටේප් කලා.”

“පිස්සු හැදෙන සඳ අයියෙ. මේ ප්ලස් මයිනස් වයර් දෙකනෙ අයියා එකට ගැට ගහලා තියෙන්නෙ.”

“හප්පට සිරි යකෝ, මම හිතුවෙ ඕක එකම වයර් එක කියලනෙ. ඇත්තෙනම මම වයර් එකේ පාටෙ වෙනසක් දැක්කෙ නෑ මොකද මඩ ගෑවිලා තිබ්බ නිසා!”

ඔහු බම්පරය අස්සට අත දමා තවත් වයර් කොට දෙකක් එලියට ඇද පෙන්නුවා.

“මේ බලන්න අයියෙ. ඇති ඔයින් ගියා!”

“හරි මල්ලි. මම ඔය වයර් දෙක එකට ඇමුණුවට පස්සෙත් කී පාරක් මේ කාර් එකේ ගියාද? ඇයි මේක මේ අදම වුනේ?”

ප්‍රශ්ණෙ අහනවත් එක්කම මටම හේතුව පැහැදිළි වුනා.

“ඒ ගියේ ලයිට් දාන්න ඕනෙ වුනේ නැති ගිණි දවාලෙ නේද අයියෙ? “

බලං යනකොට මේක කාල බෝම්බයක්. මම කවදා හෝ කොහේදී හෝ ලයිට් දානකල් කල්යල් බලමින් සිටි අනතුරක්!

මේක අද නොවුනා නම්මීට වඩා නරක වෙලාවක වෙන්නත් ඉඩ තිබුනා. ඇත්තෙන්ම, මෙතන ඉඳලා ගෙදරට කිලෝමීටර් 10ක් නැතිනම් 15ක් ඇති. හිතලා බලමු, මේක දුර ගමනක් ගිය වෙලාවක, පාලු පලාතක,  රෑක වුනානම් ඇතිවෙන්න තිබුන තත්වය!

වයර් හානස් එක නොපෙනෙන තැන් වලින් හානි වෙලා විදුලි කාන්දුවක් වෙන්න තියෙන ඉඩ නිසා, ඔහු සැක කටයුතු පරිපථ විසන්ධි කලා. ඉන්පස්සෙ ඔහු බැටරියෙන් ප්‍රධාන ලාම්පුවලට වෙනම ‍රැහැනක් ඇද්දා. ඒ එක්කම ඔහු මට පෙන්නුවා, කාරෙකේ එන්ජිම දුවද්දි බැටරි වයරය ගැලෙව්වාමත්, එන්ජිම ඕල්ටනේටරයේ විදුලියෙන් හොඳින් දුවන බව. මම එතෙක් කල් හිතා හිටියෙ ඒ හැකියාව තියෙන්නෙ මැග්නෙටෝ වලින් දුවන මෝටර් සයිකල් එන්ජින් වලට විතරයි කියලා. පසුව ඔහු බැටරි වයරය සම්බන්ධ කලා. ඔහු මට කිව්වා ගෙදර ගිය ගමන් බැටරි වයරය ගලවලා දාන්න, ඒ වගේම උදේම වාහන විදුලි කාර්මිකයෙක් අල්ලාගෙන වැඩේ හරියට කරගන්න කියලා.

අන්තිමේදි, අපි නැවත ගමනාරම්භ කරන්න සුදුසු තත්වයක හිටියා.  අපි හැමෝම, අපිව ගලවාගත් මේ කාරුණික මිනිසාට මුව නොසෑහෙන සේ ස්තුති කරලා ඔහුගේ ගාස්තුවත් ගෙව්වා. නමුත් කිව යුතුම දේ තමයි, ඔහු අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන අපිව මංකොල්ල කන්න උත්සාහ නොකල එක.  මා ඔහුට අත මොලවන්න හැදූ වැඩිපුර ගානවත් ඔහු පිළිගත්තෙ නෑ. අපි එන විට ඔහු ලෑස්ති වෙමින් හිටියෙ, ඔහුගෙ රේඩියෝ අලුත්වැඩියාපල වහලා ගෙදර යන්නයි. නමුත්, තමන්ගෙ ගමනත් නවත්තලා, තමන්ට අදාල නොවන මේ උදව්වත් කරපු, ඒ වගේම, තමන්ගෙ විෂය පථයෙන් බැහැර ක්ෂේත්‍ර ගැන පවා මනා අවබෝධයක් තියෙන මේ වගෙ මිනිස්සු රටකට වාසනාවක්!

ඉන් පසු කිවයුතු විශේෂයක් නැතුව අපි ගෙදර ආවා. මේ සියල්ලටම වග කිවයුතු අපේ හුරතල් බලු පෝතකයා, තමන් කල හානිය ගැන කිසිම අවබෝධයකින් තොරව, වෙනදා වගේම වලිගය වනමින් අප පිළිගන්නට පෙරමග බලා සිටිනු කාරයේ විදුලි පහන් එලියෙන් අප දු‍ටුවා.

පසු වදන:

මේ කතාවෙන් ඔබට ගත හැකි යමක් තියෙනවද? මම පසුව කල්පනා කලා.

  • කිසිවිට නොසැලකිල්ලෙන් වයර් පුරුද්දන්න එපා. මම තව ටික ඔලුව ඇතුලට දාලා බැලුවා නම් මට අර ඉ‍තුරු වයර් කොට දෙකත් අහුවෙනවා.
  • විදුලි පන්දමක් වාහනයක තිබිය යුතුම අංගයක්,
  • පීවීසී ටේප් අර ආවුද පෙට්ටියෙ තිබිය යුතුම තවත් දේවල් වලින් එකක්.
  • කුඩා ගිණි නිවනයක වටිනාකම කියලා නිම කරන්න බෑ.
  • වැඩිපුර ‍ෆියුස් වාහනේ තියාගන්න.
  • බැටරි වයර් හදිසියකදී ලේසියෙන් ගලවන්න හැකි බටර්ෆ්ලයි නට් එකකින් සවි කරන්න
  •  මම නම් දුර ගමන් යනකොට ස්පෙයා වීල් දෙකක් අරන් යනවා. හිතලා බලන්න රෑ දොළහට ගෙදරින් කිලෝමීටර් තුන්සීයක් ඈතදි තියෙන එකම ස්පෙයා වීල් එක දාගත්තට පස්සෙ තව ටයර් එකක් ගියොත් ඇතිවෙන තත්වෙ.
  • මේ ඔක්කොටම වඩා, අර්බුදයකදී කලබල නොවී කටයුතු කිරීම වැදගත්.
  • අමාරුවේ වැටිලා ඉන්න කෙනෙකුව තවත් අමාරුවේ නොදා ඔහුට කරන්න පුලුවන් සුලු හෝ උදව්වක් කරන එක හරිම උතුම් වැඩක්. මට අවුරුදු ගණනාවක් ගිහිල්ලත් ඒ සිද්ධි අද වගේ මතක හැටි බලන්න
  •  ඒ වගෙම පාඨක ඔබ යෝජනා කරපු මේ දේවල්:
    ජම්පර් කේබල් එකක්. (ඉන්දික)
    ටෝ රෝප්/කේබල් එකක්. (ඉන්දික)
මේ කතාවේ ඉංග්‍රීසි මුල් ලිපිය මෙතනින්
DOG ATE IT @ HeyDude
වර්ඩ්ප්‍රෙස් එක්ක තරහ අය ප්‍රතිචාරයක් දාන්න මෙතනට කොටන්න.
 

ටැග: , , , , , , , ,

83. Happy Anniversary!

83.  Happy Anniversary!


We aren’t doing so bad
For two young people
Who started their life
With almost nothing
But the determination
To start from scratch.


We have come a long way
For two young people
In the prime of their youth
Who waited for an auspicious day
After the salary day
To get married
Whose only new jewelry was
The wedding rings
Whose worldly possessions was
A traveling bag full of clothes.


We have come a long way
For a couple of young people
Who didn’t want to burden their parents
With flashy wedding
And wanted to handle
Everything on their own
Including their lives
Without interference
With no strings


That may explain why
I didn’t even look at our first born child
As any other father might
Until I made sure you are alright.

Click here to read Hiruni’s Poem on Happy Anniversary!

 

ටැග: , , ,

81. චික් මැග්නට් ඩූඩ් / henryblogwalker the chick magnet dude!!

81. චික් මැග්නට් ඩූඩ් / henryblogwalker the chick magnet dude!!

“අම්මේ! කෝ මගේ මේස්?”

“ඔයා දැක්කද කාර් එකේ යතුර?”

“අම්මේ! කෝ මගෙ යුනිෆෝම් එක?”

“කොහෙද අනේ මේ වාහනේ ඩොක්‍යුමන්ට්ස්?”

“දෙයියනේ අදත් පරක්කුනෙ!”

“මගෙ එක මේස් එකයි තියෙන්නෙ!!”

සුපුරුදු දෙබස් ඛණ්ඩ.

අද කතාකරන්න යන්නෙ කාන්තාවො මට ආකර්ෂනය වන, එයාලගෙ ස්වාමි පුරුෂයො මාව එයාලගෙ හිට් ලිස්ට් එකට දාන මාතෘකාවක්. හෙහ් හෙහ්!

henryblogwalker the CHICK MAGNET Dude!!!

මම ගෙදර තියෙන විදුලි වැඩ, ජලනල වැඩ, ගෘහ අලංකරනය, විදුලි උපකරන අලුත්වැඩියාව, වඩු වැඩ, මේසන් වැඩ, උද්‍යාන අලංකරණයට අමතරව වාහන වල සුලු සුලු අලුත්වැඩියාවලුත් කරනවා දකින කාන්තාවො, දුම්මල වරම අතට ගත්තා වගෙ තමන්ගෙ පෙම්වතාට, සැමියාට දොස් කියන්න පටන් ගන්න එක මම ඉස්සර ඉඳන්ම අත්දැකපු දෙයක්. “ඒකට මේං..!” කියලා සැමියා හෝ පෙම්වතා ලඟ ඉන්නවා නම් පාරක් ගහන කාන්තාවො එයාලා ලඟ නැත්නම් “ඕං එකට අපේ ….” කියලා කියන්නෙ කට ඇද කරලා.

“අඩෝ හෙන්රියෝ, ‍තෝ කරන වැඩ වලින් අපිට ඉන්නත් නෑ බං කනක් ඇහිලා.!” කියන චෝදනාව මට එල්ල වෙන්නෙ ගෑණු මාව දැකලා නිබ්බුත පද කියන්න පටන් ගත්තම. ඇවිලෙන ගින්නට පිදුරු දානවා වගේ දීපත්, “එතකොට අර කබඩ් එක හැදුවෙත් එයා අනේ!” නැතිනම්, “එයා තමයි එයාගෙයි, යාලුවන්ගෙයි, ලමයින්ගෙයි හැමෝගෙම කොන්ඩෙ කපන්නෙත්!”  කිව්වාම ඇත්තෙන්ම මටත් දුකයි අරුන් ගැන. :(

“ඒකට අපේ එක්කෙනා. නිවාඩුවක් අහුවුනොත් එක්කො යාලුවොත් එක්ක බෝතලේකට සෙට් වෙනවා. නැත්නම් සෙටියෙ ලැගගෙන ටීවී බලනවා. නැතිනම් මොනිටරේට මූණ ඔබාගත්ත ගමන් මයි!”  වගෙ කතාවකින් අර කාන්තාවො මගෙ පුරුෂ භාවයට සංසන්දනාත්මකව හානි වෙන්න පුලුවන් කතාවක් කිව්වොත්, “ඉතින් හෙන්රිත් ඔය ඔක්කොමත් කරලා තමයි අනේ මේ වැඩත් කරන්නෙ. රෙදි හෝදන, අයන් කරන නවන වැඩ ඔක්කොම කරන්නෙත් එයා!” කිව්වම අර පුරුෂයන්ට එඩ්‍රස් නැතුව යනවා මම බලා ඉන්නෙ අවංකවම බුර බුරා නැගෙන ශෝකයෙන්. “හම් යං යං පරක්කු වුනා හොඳටම” කියලා අර අසරණ බුවාලා ගෙදර දුවන්න හදන්නෙ ඇයි කියන එක කියන්න ඕනෙ නෑනෙ. ඇත්තටම මචංලා මම උඹලව හිතලා අමාරුවෙ දාන්න හැදුවා නෙවෙයි!

හ්ම්හ්. පැන්නනෙ පීල්ල!

අපේ තාත්තා කරපු සමහර දේවල්වල වටිනා කමක් මගෙ ඒ දවස්වල දැනුනෙ නෑ. ඇයි තාත්තට මෙච්චර ලේසියෙන් අලුත් කුඩයක් ගන්න පුලුවන් කම තියෙද්දි අර කැඩිච්ච කුඩේ අලුත්වැඩියා කරන්න හදන්නෙ කියන එක මට නිතර හිතුන දෙයක්. නමුත් ඒකෙන් තාත්තා කොච්චර ආශ්වාදයක් ලබන්න ඇතිද කියලා තේරෙන්න මට කාලයක් ගියා. ඇත්තෙන්ම, මම ඒ දිහා බැලුවෙ තරමක අවඥාවෙන් කියලත් මට පසුතැවිල්ලක් ඉතිරිවෙලා තියෙනවා. අර දියරහ ප‍තෝලයි, සෙවල බණ්ඩක්කායි අච්චර ලාබෙට කඩේ  තියෙද්දි තාත්තා  ගෙවත්තෙ වවන්න  කරපු උත්සාහයවත්, ඒ  පළදාව ආදරෙන් ‍රැකබලා ගත්ත එකවත්, කෑම කනකොට ‘මේ අපේ වත්තෙන්ම කඩපුවා’ කියලා ලස්සන හිනාවක් එක්ක කියනකොට ඒ ගැන කිසිම දිරිගැන්වීමක් හෝ අගය කිරීමක් නොකර, හිතෙන්, “බොරු වැඩ” කියලා හිතපු එකටවත් සමාව ගන්න දැන් පරක්කුවැඩියි.

අද සෙවල බණ්ඩක්කයි, දියරහ ප‍තෝලයි, තිත්ත කරවිලයි මගෙ ප්‍රියතම කෑම.

හොඳයි ආපහු නියම මාතෘකාවට යමුකො.

ඕන්න ගිය මාසෙ මම දැක්කා කඩයකින් වීසි කරලා දාපු පෙට්ටියක මෙන්න මේවගෙ කාඩ්බෝඩ් කෑලි වගයක්. ඉතින් ඊට පස්සෙ…

ඕං ඔහොමයි වුනේ.

මේ  ව්‍යාපෘතියට කලින් මේ යට ඇඳුම් ලාච්චුව කොහොමද තිබ්බෙ කියන එක පෙන්නන්න මට මේ ඔක්කොම අයින් කරලා ඇදලා දැම්මොත් මටම ආපහු අස් කරන්න වෙන නිසාත් , ඒ වෙනුවට අපේ පුත්‍ර රත්නය පාවිච්චි කරන මෙවැනිම ලාච්චුවක ඡායාරූපයක් පළකිරීමට කොලුවා තරයේ විරුදධ වූ නිසාත්, එම දර්ශනය හිතේ මවාගන්න ලෙස රසික ඔබෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා.

 

ටැග: , , , , , ,

සුභ උපන් දිනක් වේවා!

සුභ උපන් දිනක් වේවා!

BIRTHDAY WISH OF A SISTER.

 

The day we brought you home

When  you were newly born

You were so little

I thought you were brittle

 

You were the cutest thing

The laughter you’d bring

And you were a smart one

We just knew that you were the one

 

I remember playing all alone

With no sibling to play along

And then my only wish was someone

I wouldn’t have to share with anyone

 

Then my prayer was answered

A little brother was granted

And the day you came home

Our hearts just felt so warm

 

The Chupa-Chups you always bribed us into

The ‘penthinis’ you always just clung to

The times you at once disappeared

And from under the chairs you reappeared

 

 

Even in those few bad times

You would always bring about smiles

With your jokes and clowning

We felt our problems trifling

 

I am not saying you are an angel all the while

And not that we agreed all the time

There were times you’d drive me nuts

And make me feel that I am a mutt

 

Remember the fights we always had

And all the times we made each other so mad

I am sure Thaththa and Amma thought

We just always yelled, screamed and fought

 

But we’d always stand up for each other

You are always my little brother

And whenever you need me

Just know that here I will be

 

When I remember now you’ve grown up

Seems like yesterday you were trying to stand up

But even though we are miles apart

Remember you will always be in my heart

 

This is to the best Malliya anyone can ever ask for, 

WISH YOU A BLESSED B’ DAY MALLIYA!

Love you a lot

Yours Akki

Birthday “WISH” of a Mom & Dad

 

Though you would be

15

today

We wish you would still

hug us as tight and say good night.

And when in doubt,  ask for our advice.

And you would wrap your arms around our necks,

even in a swarming crowd,

without the slightest discomfort.

And you would still share 

your never ending views and opinions about

movies, books, music,

trains, planes,automobiles,

 guns,  games, computers

and anything that matters with us.

And you would still tell a joke,

pull a prank and make us mad,

throw us a playful punch,

tickle and tease  us  a little.

And most important of all

Not be ashamed to show emotions

no matter who is around

like you always used to.

And remember we’d dread the day,

you would outgrow them,

because

you’d never be too big in our eyes.

just because 

you’ll always be our little son.

 

ටැග: ,

 
Follow

Get every new post delivered to your Inbox.

Join 274 other followers