RSS

Category Archives: Aviation

143. Panic Attack! සිංහලෙන්.

143. Panic Attack! සිංහලෙන්.

PANIC ATTACK!

Capture
2013 අගෝස්තු 30: පැය2200


EY0279 (සංඥා නාමETD279) ගුවන් යානය ෆ්ලයිට් රේඩාර් තිරයෙන් අතුරුදහන් වී ඇත. මෙම Airbus A320 යානය පැය 2025ට මාලේ ජාත්‍යන්තර ගුවන් තො‍ටුපලෙන් ගුවන් ගත වී විනාඩියට අඩි 2000ක නැග්මකින් ඉහල නගිනු ලැප්ටොප් පරිගණක තිරයේ ලයිව් ෆ්ලයිට් රේඩාර් වෙබ් අඩවියෙන් අප බලා සිටියෙමු. යානය අඩි 40000ට ලඟා වූ පසු, අන්තර්ජාල සම්බන්ධය විසන්ධි කර, රාත්‍රී ආහාරය ගැනීමට ගියේ, කිලෝමීටර් 3025ක් දුරින් පිහිටි අබුඩාබි ගුවන් තො‍ටුපළ දක්වා වූ පියසැරියට පැය හතරකුත් විනාඩි පහළොවක් ගතවන නිසාය.ETD279අප මේ දිනවල කරන අයුරින්, ‘Burn Notice’ ක්‍රියාදාම කථා මාලාවේ තවත් කොටසක් නරඹමින් රාත්‍රී ආහාරය ගත් අප, ඒ නිමවා ගුවන් යානයේ ගමන නැරඹීමට පරිගණකය වෙත නැවත පැමිණියෙමු. නින්දෙන් අවදිකරවාගත් පරිගණකයට අන්තර්ජාලය නැවත සම්බන්ධ කර පි‍ටුව යාවත් කාල කලෙමි.


පුදුමයකි! ගුවන් යානය අගිය අතක් නැත!


අනතුරුව මා http://www.flightradar24.com වෙබ් අඩවියේ සෙවුම් තීරුවට ETD279 ඇතුලත් කර Enter යතුර එබුවද ප්‍රතිඵලය පෙර සේම විය. ඉන් පසු මා කලේ, මාලේ සිට අබුඩාබි දක්වා ගුවන් මාර්ගය විශාලනය කොට (zoom in) එම ම‍ඟෙහි වූ යන එන සියළුම යානා එකින් එක පරීක්ෂා කිරීමයි. එවිටද ප්‍රතිඵලය පෙර සේම විය. මේ රාත්‍රියේ, මේ මොහොතේ ගුවන් ගතවී තිබූ අට දහස් ගණනක් වූ ගුවන් යානා ප්‍රමාණය නිසාම, මම ඊ ලඟ පියවර ලෙස සෙවුම් පෙරණය යොදාගෙන Etihad යානා පමණක් දර්ශණය වන ආකාරයට තිරය සකසා, එක් එක් ගුවන් යානය නැවතත් පරීක්ෂා කලෙමි.


ගුවන් යානය අතුරුදහන් වී ඇත.


කලබළ වූ බවක් ඉරියව් වලින් නොපෙන්වීමට මා සියලු ප්‍රයත්නයන් යෙදුවද, පවුලේ අනිත් සාමාජිකයන් දෙදෙනා නොඉවසිලිමත් වී ඇති බව මට අවබෝධවෙමින් පැවතුනි. Etihad ගුවන් සේවා අඩවියට ගිය මා ගුවන් යානය සෙවීමට උත්සාහ කලෙමි.


මෙම ගුවන් යානයේ යාවත් කාල කිරීම් නොමැත.


ඉන්පසු මා ගූගල් ආධාරයෙන් flightradar24.com ට සමාන වෙනත් සජීව ගුවන් ගමන් රේඩාර් වැඩසටහන් සොයා ඒවායින් පරීක්ෂා කර බැලුවද, මීට පැය එකහමාරකට පෙර අපගේ දියණිය ‍රැගෙන ගුවන් ගතවූ EY0279 යානයේ සළකුණක් හෝ සොයාගත නොහැකි විය..


සජීවී ප්‍රවෘත්ති චැනලයක Breaking News නැරඹීමට උපන් හදිසි ආශාව මා යටපත් කරගත්තේ බිරිඳත්, පුතාත් කලබළ විය හැකි නිසාය. වරක් ඉශාර ගුණවර්ධන මග පෙන්වූ, ගුවන් අනතුරු ගැන වහාම දැනගත හැකි වෙබ් අඩවියද මම බලෙන්ම අමතක කර දැමීමට උත්සාහ කලෙමි.


නිවසේ සියළු දෙනාම තම තමාගේ හැඟීම් යටපත් කරගෙන සිටින සෙයක් පෙනුනි. මේ ආකාරයේ ලයිව් ෆ්ලයිට් රේඩාර් වැඩ සටහන් වල ඇති විශ්වාසනීය භාවය ගැන සැක පළකල අප, නින්දට යාමට සූදානම් වීමු.


ඇඳේ ඒ අතටත් මේ අතටත් පෙරළෙමින් කල් ගත කල මා අසලකට වත් නිදි දෙව් දුව නොපැමිණියාය. මෙම ගුවන් ම‍ඟේ වැඩිම කොටස වැටී ඇත්තේ මුහුද මතිනි. ඒ මදිවාට, මේ රාත්‍රී ගුවන් ගමනකි. මා මෙසේ සුව පහසුව ඇඳක වැතිර සිටියදී, මගේ දියණිය මේ මොහොතේද අප ගැන සිතමින්, ඝණ අඳුරේ, කුණා‍ටු මුහුදක, රළ හා පොර බදමින්, ගුවන් යානයේ සුන් බුන් අතර පිහිණමින් නොගිලී සිටීමට සටන් කරමින් සිටින්නේ දැයි දන්නේ දෙවියන් පමණි. ඒ ඇයි දිවි ‍රැකගෙන සිටියොත්ය. මිනී කන මෝරු! ඇය අවට මුහුදේ පාවෙන වහා ගිණිගන්නා සුළු ජෙට් ඉන්ධන ටොන් ගණනක්!


ජීවිතාරක්ෂක කබා ඇඳ ගැනීමටවත් ඔවුන්ට කල් තියෙන්නට ඇත්ද? නැතිනම් මෙය ඒ තරම් ක්ෂණිකව සිදුවුනා වත්ද? ගුවන් අනතුරුවලින් සැලකියයුතු ප්‍රමාණයකට හේතු වන්නේ අයහපත් කාළගුණයයි. අනික, මිනිස් අතපසු වීම්. මා නරඹා ඇති Air Crash Investigations වැඩ සටහන් වල සියලුම කොටස් මාගේ ඇස් ඉදිරිපිට නැවතත් දර්ශනය වන්නට විය. වරක් එක් ගුවන් යානයක් බිම වැදී අණතුරට පත්වූයේ නඩත්තු කටයුතු වලදී ඇල්ටිටියුඩ් සෙන්සරය මත ඇලවූ මාස්කිං ටේප් කැබැල්ලක් ඉවත් කිරීමට අමතක වීම නිසාය. තවත් වරෙක, නියමුවා ලීටර් සහ ගැලුම් පටලවා ගැනීම නිසා ගුවනේදී ඉන්ධන අවසන් වූ යානයක් අනතුරට ලක්විය. නියමාකාරයෙන් නොවැසුනු දොරවල්, නැවත අලුත්වැඩියා කල පැරණි අමතර කොටස්, ලෝහවල සියුම් ඉරි තැලීම්, සිරවී අක්‍රීය වුනු යානාවේ පාලක මතුපිටවල්, වායු සමීකරණ කුටීරවල ඇතිවූ හදිසි ගිණි ජාලාවල්! දෙවියනි… වැරදී යා හැකි දේ කොපමණ නම් ඇත්ද!!


ඇය පිටත් වී යාමට මඳකට කලින්, ඇයගේ ගුවන් ගමන් බලපත්‍රයේ අන්තිම පි‍ටුවේ ඇතුල් පැත්තේ, ‘මරණය හෝ හදිසි අනතුරක් සිදුවුවහොත් දැනුම් දෙන්න’ යන කොටස මගේ අත් අකුරෙන් මගේ විස්තර පිරවීමට හිත දුන්නේදෛවයේ සරදමක් නිසාද?


මගේම දියණිය දිවි ‍රැක ගැනීමට සටන් කරද්දී ගෙදරට වී සුරක්ෂිතව, සුව පහසුව නිදා ගැනීමට උත්සාහ දැරීමද බලවත් වරද කාරී හැඟීමක් මතුල ඇති කලේය.


නැති නම්, යම් දෝශයක් සොයා ගත් නිසා. ඔවුන් ආපසු හරවාගෙන පැමිණ මාලේ හදිසි ගොඩ බැසීමක්වත් කලාද?


මේ සියල්ලේම ආරම්භය වූයේ ඇය ගිම්හාන නිවාඩුවට රුසියාවේ සිට මාල දිවයින කරා පැමිණීමත් සමඟය.


2013 ජූලි 05, සිකුරාදා: පැය1450:


මාලේ ජාත්‍යන්තර ගුවන් තො‍ටුපලේ පැමිණීමේ පර්යන්තයේ LCD තිරයන් දෙස මා නෙත් යොමාගෙන සිටියෙමි. ඇය ‍රැගත් අබුඩාබි සිට පැමිණෙන Etihad ගුවන් සේවයට අයත් EY278 යානය ගොඩබැසීමට නියමිතව ඇත්තේ පැය 1455ටය. ඒ සඳහා තව ඇත්තේ විනාඩි පහක කාලයකි. අහස කලු වලාවන්ගෙන් බරව පැවති අතර කාළගුණය ඉතා අයහපත් විය. එක් වරම ධාරානිපාත වර්ශාවක් ඇද හැලුනි.


LCD තිරයේ වේලාව 1455 ලෙස සටහන්විය. ගුවන් යානය ප්‍රමාදය. මම නොඉවසිලිමත් වීමි.


නිකරුනේ කලබලවීම මගේ සහජ දුබලතාවයකි.

??????????


මට ඉමහත් සහනයක් ගෙන දෙමින් 1459ට ගුවන් යානය ගොඩ බෑ බව (LANDED) තිරයේ සටහන් විය.


රේගු කටයුතු සඳහා සෑහෙන වේලාවක් ගත කල ඇය අවසානයේදී ස්වංක්‍රීය දොර තුලින් ගමන් මලු ට්‍රොලියක්ද සමඟ මතුවූවාය.


මොස්කව් සිට අබුඩාබි දක්වා පියාසර කර තිබූ ඇය, අබුඩාබි සිට මෙහි පැමිණීමට පෙර එම ගුවන් තො‍ටුපළේ පැය ගණනාවක් ගතකර තිබුණි.


අප ට්‍රොලියත් තල්ලු කරගෙන ගුවන් තො‍ටුපළෙන් පිටතට ගමන් කරමින් සිටියදී හදිසියේ ලැබුණු SMS පණිවිඩය කියවීමට ඇය මඳකට නතර වූවාය. එය ඇගේ මිතුරන්ගෙනි. “We saw you landing.” පණිවිඩයෙන් කියැවිනි. ඇගේ මිතුරන් ෆ්ලයිට් රේඩාර් ආධාරයෙන් ඇයගේ යානය ගොඩ බසිනු නරඹා තිබුනි.


ඉන් දින කිහිපයකට පසු ඇයත් සමඟ අප සේවය කරන දූපතට පැමිණියේ පැය 13ක මුහුදු ගමණකින් අනතුරුවය.


නිවාඩුවේ ගතවූයේ සිතාගත් නොහැකි වේගයෙනි.


දින සති අප අතැඟිලි තුලින් රිංගා ගියේ සියළුම යහපත්දේද අවසන් වේ යන කියමන සැබෑ කරවමිනි. අවසනදී ඇය ආපසු යා යුතු දිනයද ලංවිය.


2013 අගෝස්තු 30:


ඇගේ ආපසු ගමන සඳහා මෙවර ආසන්න දූපතක පිහිටි අභ්‍යන්තර ගුවන් තො‍ටුපළට ඇය හැරලීම සඳනා අප අධිවේගී බෝට්‍ටුවක් කුළියට ගතිමු. එවිට ඇයට පැය දහතුනක මුහුදු ගමන වෙනුවට පැයක කාලයකින් මාලේ ජාත්‍යන්තර ගුවන් තො‍ටුපළට ලඟාවිය හැකිය. අභ්‍යන්තර ගුවන් සේවාවක් මගින් ක්‍රියාත්මක වන මෙම de Havilland Dash 8 වර්ගයේ කුඩා මගී යානාව නිල් අහසේ නොපෙනී යන තෙක් බලා සිටි අප තිදෙනා ආපසු බෝට්‍ටුව වෙත පැමිණියේ බරවූ හදවත් වලිනි.


රළු මුහුද කලඹාගෙන රල මතින් පනිමින් ගමන් කල අධිවේගී බෝට්‍ටුව අපගේ දූපතට ලඟාවීමෙන් අනතුරුව, කුළී රියකින් නිවහන බලා යද්දී, දුරකථනයෙන් කතාකල දියණිය ඇය මාලේ ජාත්‍යන්තර ගුවන් තො‍ටුපොළට ලඟා වූ බව කීවාය. නිවී සැනසිල්ලේ, අබුඩාබි බලා යන යානයට යා හැකි ලෙසත්, අන්තිම මොහොතේ අභ්‍යන්තර ගුවන් ගමන් ප්‍රමාද වීමෙන් හෝ අවලංගු කිරීමෙන් ඇතිවිය හැකි ගැටළු මඟ හැරීම පිණිසත්, ඇය අවශ්‍ය වේලාවට වඩා පැය කිහිපයක් කලින් එහි ලඟාවීමට කැමති වූවාය.


රාත්‍රියේ ගමන් කරන EY 0279 දරණ යානයෙන් අබුඩාබි බලා ගමන් කරන ඇය, අබුඩාබි සිට මොස්කව් ‘දොමොදෙදෝවෝ’ ගුවන් තො‍ටුපළ කරා ගමන් කරන EY0069 යානය පැමිණෙන තෙක් පැය ගණනාවක් එම ගුවන් තො‍ටුපළේ ‍රැඳී සිටීමට නියමිතව තිබුණි.


මෙම එයාබස් A320 යානය පැය 2025ට මාලේ ජාත්‍යන්තර ගුවන් තො‍ටුපලෙන් ගුවන් ගත වී විනාඩියටඅඩි 2000ක නැග්මකින් ඉහල නගිනු ලැප්ටොප් පරිගණක තිරයේ ෆ්ලයිට් රේඩාර් වෙබ් අඩවියෙන් අප බලා සිටියෙමු.


අතුරුදහන් වී ඇත්තේ මාලේ සිට අබුඩාබි දක්වා ගමන් කල මෙම ගුවන් යානයෛ මෙම ගුවන් යානයයි.


2013 අගෝස්තු 30: හිමිදිරි උදෑසන:


නින්දත් නොනින්දත් අතර පාවෙමින් සිටි මා හදිසියේම පාන්දර හතරට අවදිවී ඉද්ද ගැසුවාක්මෙන් ඇඳේ ඉඳගතිමි. වහාම ඇඳ අද්දර මිටි ස්ටූලය මතවූ ලැප්ටොප් පරිගණකය පණගැන්වූ මා සියල්ලටම පෙර Yahoo Mail විවෘත කලෙමි. ඊට කලින් මතුවූ යාහූ මෙසෙන්ජර් දැනුම් දීමෙන් කියැවුනේ නව ලිපියක් ලැබී ඇති වගයි. ලිපිය තිරයේ මතුවන තෙක් නොඉවසිල්ලකින් පසු වූ මම “අනේ ඒ මේල් එක එයාගෙන් වෙයං!” යි මැතුරුවෙමි.


ඔව්. ඒ ලිපිය ඇයගෙනි.


“Arrived safely in Abu Dhabi:


(අබුඩාබි වලට නිරුපද්‍රිතව ලඟා වුනා.)


got the food coupon too. got a sheet too.now found a nice place to stay.took everything from the flight. didn’t leave anything behind angels. going to set many alarms don’t worry. i will send a message when i go to Moscow. dont worry ok. will send another mail if net works before i go. gave rice in the flight. ate and very full now. brought the biscuits and things in the bag.


dont worry and jump up. im fine ok


මට දැනුන සහනය කොතරම්ද යත් මම ප්‍රීතියෙන් උඩ පැන්නෙමි. වහාම බිරිඳවත් පුතාවත් නින්දෙන් අවදි කල මා සුභාරංචිය ඔවුන්ට පැවසුවෙමි. ඇත්තෙන්ම නිදා සිටින කෙනෙකු අවදි කර යහපත් ආරංචියක් පවසන්නට හැකි වීම ඉතාම සුන්දර අත්දැකීමකි. රාත්‍රියේ (හෝ උදෑසන) ඉතිරිය අප සිතේ සැනසුමෙන්, ප්‍රීතියෙන් ඉපිළෙමින් නිදා ගතිමු.


2013 අගෝස්තු 30: පැය0700:


උදෑසන, ඇය මොස්කව් ගුවන් යානය පැමිණෙන තෙක් අබුඩාබි ගුවන් තො‍ටුපළේ ‍රැඳී සිටිනා අතරතුර මම නැවතත් ෆ්ලයිට් රේඩාර් වැඩසටහන වඩා හොඳින් ගවේශනය කලෙමි. පෙරදා රාත්‍රියේ මා නොදු‍ටුවත්, ගුවන් ගතවී ඇති යානා ලැයිස්තුව කියවද්දී ඒවායින් සැලකියයුතු ප්‍රමාණයක් ඉදිරියෙන් missing (අතුරුදහන් වී ඇත) යනුවෙන් සඳහන් වී ඇති බව දක්නට ලැබිණි. මෙම වැඩ සටහනේ ගුවන් යානාවක් ඉදිරියෙන් missing යනුවෙන් සඳහන් වීම කලබල නොවිය යුතු සාමාන්‍ය දෙයකි


පැය 0845ට, ඈ පැය පහකුත් විනාඩි 25ක් ගතවන, කිලෝමීටර් 3707 ක දුරකින් පිහිටි මොස්කව් දක්වා ගමනාරම්භ කලාය. තිරය විශාලනය කල අප (zoom in)ඇය ‍රැගත් යානය ධාවන පථ අංක2121න් ගුවනට නැගෙනු බලා සිටියෙමු. යානය රේඩාර් තිරයෙන් අතුරුදහන් වූවද පෙර මෙන් බියවිය යුතු නැති බව අවබෝධ කරගත් අප, යානය සාමාන්‍ය පියාසර උසට නැග පොළොවට සමාන්තරව ගමන් අරඹන තෙක් බලා සිට, එදිනෙදා සාමාන්‍ය වැඩ පළවල නිරත වූයෙමු. .

Flightradar24-com-Live-flight-tracker- 2013-08-31 10-30-20-3 Flightradar24-com-Live-flight-tracker- 2013-08-31 10-30-20-3 Flightradar24-com-Live-flight-tracker- 2013-08-31 10-37-30-10 Flightradar24-com-Live-flight-tracker- 2013-08-31 10-48-58-19 Flightradar24-com-Live-flight-tracker- 2013-08-31 12-09-02-22 Flightradar24-com-Live-flight-tracker- 2013-08-31 15-10-06-24 Flightradar24-com-Live-flight-tracker- 2013-08-31 15-20-58-32


පැය 1400ට අප නැවතත් EY0069 යානයේ ගමන් මග පරීක්ෂා කල විට එය මොස්කව්හි දොමොදෙදෝවෝ ගුවන් තො‍ටුපළ වෙත ළඟාවෙමින් පැවතුනි.ධාවන පථය මතට යානය පතිතවූ යානය වේගය අඩු කරත්ම මගේ දුරකථනයට ලැබුනු SMS පණිවිඩයකි.


“Angels, landed in Moscow just now. Still in the aircraft. Taking all the hand luggage. Don’t worry.”


We stopped worrying.


The eagle has landed.


වරක් මගේ පුතාගේ ෆේස්බුක් පි‍ටුවේ වූ මේ සටහන මගේ සිතට නැගුනේ නිරායාසයෙනි.

sinhala


PS: This is not a story about aviation, but parenting.


ප ලි: බැලූ බැල්මට මේ ගුවන් ගමන් ගැන කතාවක් සේ පෙනුනද, මේ සැබැවින්ම දෙමාපිය සෙනෙහස පිළිබඳව වූ කතාවකි.


Originally published @ HeyDude in English Language.


Simulblogged @ මගේ ඩෙනිම for Blogger Lovers.

 

ටැග: , , , , , , , , , ,

137. මාරක පියසැරිය අවසන් කොටස. Flight Beyond All Hope. Part 3. Dude’s Originals.

137. මාරක පියසැරිය අවසන් කොටස. Flight Beyond All Hope. Part 3. Dude’s Originals.

So the captain grits his teeth ඉතිං කැප්ටන් දත්මිටි කාගෙන, හෙන ගේමක් දීලා, ෆ්ලැප්ස් ෆුල් දාලා, බ්‍රේක් කෑගස්සගෙන ටයර් පාර බිම ඇ‍ඳෙන්න ප්ලේන් එක යන්තම් නවත්ත ගන්නවා. නවත්තගෙන කියනවා කෝ-පයිලට්ට, “යකෝ මම ප්ලේන් එකක් බාපු කොටම රන්වේ එක වෙන්නෝනෙ මේක !” කියලා. කෝපයිලට් ඔලුව හරවලා උරෙස්සට උඩින් සයිඩ් එකේ ජනේලෙන් බලලා කියනවා, “ඒ වගේම පළලම එක.”“And the ****ing widest!”

ඔබ මාරක පියසැරියේ පළමුවන සහ දෙවන කොටස් කියවා නැතිනම් මෙතනින් යන්න.

මාරක පියසැරිය FLIGHT BEYOND ALL HOPE PART 1
මාරක පියසැරිය FLIGHT BEYOND ALL HOPE PART 2

Captain Kevin Landers let out a loud guffaw and in fact, a too loud one,  that made the firstOfficer  කපිතාන් කෙවින් ලෑන්ඩර්ස් මහ හඬින්, කොක් හඬලා සිනාසුනේය. විසිපස් හැවිරිදි සහායක නියමු, ඇල්වින් රොජර්ස් ඔහු දෙස බැලුවේ සැකයෙනි.

“මම කල්පනා කලා කැප්ටන් ඒක කලින් අහලා තියෙන්න ඇතිද කියලා.”

“අහලා තියෙනවා තමයි බං. නමුත් උඹ ඒක ඔච්චර මහන්සි වෙලා කිව්ව හන්දා මට පව් කියලා හිතුනා.”

“නෙද්දකිං!”

හතලිස් තුන් හැවිරිදි කපිතාන් කෙවින් ලෑන්ඩර්ස්, හිස උදුම්මවා නොගත්, විනෝදකාමී, ප්‍රිය මනාප චරිතයක් ලෙස පතලව සිටියේය.

“උඹ මේක අහලා තියෙනවද?” හිස් ප්ලාස්ටික් බන්දේසිය නියමු කුටියේ බිම තබමින් ලෑන්ඩර්ස් මුල පිරීය. “ඔන්න ප්ලේන් එකක් JFK එයාපෝර්ට් එකෙන් ටේක් ඕෆ් කරලා ඉහල නගිනවා. දැන් ඔන්න කැප්ටන්ගේ කටහඬ ඇහෙනවා ඉන්ටකොම් එකෙන්. “නෝනා වරුනි මහත්වරුනි, මේ ඔබේ කපිතාන් වරයායි කතාකරන්නේ. JFK ගුවන් තො‍ටුපළේ සිට, ලොස් ඇන්ජලස් ගුවන් තො‍ටුපළ දක්වා යන සීඝ්‍රගාමි ගුවන් ගමනට ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා. කාළගුණ වාර්තාවලට අනුව ඉදිරියේ ඇත්තේ ඉතාමත්ම යහපත් කාළගුණයක් නිසා අපිට ඉතාම හොඳ ගමනක් බලාපොරොත්තු වෙන්න හැකියි. ඉතින් සුව පහසුව ඉඳගෙන ගමන රසවිඳින්න. OH, MY GOD!”

ඊට පස්සෙ කිසිම සද්දයක් නෑ. ෆුල් හොල්මං. විනාඩි කීපෙකට පස්සෙ ඔන්න කැප්ටන් ආයෙම කතා කරනවා ඇහෙනවා.

නෝනාවරුනි මහත්වරුනි. ඔබව භීතියට පත් කිරීම ගැන, මම මුලින්ම ඔබෙන් සමාව අයදිනවා. මම ඒ නිවේදනය කරමින් සිටිනාවිට ගුවන් සේවිකාව අත් වැරදීමකින් උණු කෝපි කෝප්පයක් මගේ උකුලට හැලුවා. හඃ හඃ !ඔබලා දැන් මගේ කලිසමේ ඉස්සරහ පැත්ත දැක්ක නම්! හඃ හඃ!

එතකොටම බිස්නස් ක්ලාස් එකේ ඉඳගෙන හිටපු පොරක් කියනවා, “ඕක මොකක්ද. දැන් මගේ කලිසමේ පස්ස පැත්ත දැක්කා නම්!””

මහ හඬින් සිනාසුනු ඇල්වින්, බොමින් සිටි කෝපි කෝප්පයෙන් කොටසක් කලිසමේ ඉහිරවා ගත්තේය. on the front of his pants.

෴ * * ෴ ~ ෴ * * ෴ ~ ෴ * * ෴

The Boeing 777 cruised on auto pilot බෝයිං 777 යානය කිසිදු විශේෂ සිදුවීමකින් තොරව, අඩි 37,000කට ඉහලින් නිසල රාත්‍රී අහස තුලින්, ස්වංක්‍රීය නියමුවෙන් යාත්‍රා කලාය. with fine weather for flying.

෴ * * ෴ ~ ෴ * * ෴ ~ ෴ * * ෴

The Boeing 777 was homing in on Miami International Airport, Florida.බෝයිං 777 යානය සිය ගමනාන්තය වූ, ෆ්ලොරිඩාහි, මයෑමි ජාත්‍යන්තර ගුවන් තො‍ටුපොල වෙත ලඟාවෙමින් පැවතිනි.

ගුවන් සේවිකා ඇනී ඩේවිස්, නවක සේවිකාවක් වූ මිෂෙල් කූපර්, කඩවසම් සහායක නියමු ඇල්වින් රොජර්ස් පිළිබඳව දැක්වූ උනන්දුව සම්බන්ධයෙන්, ඇයට කවටකම් කරමින් සිටියාය. යානයේ ආහාර පිළියෙල කල ගැලියේ, බේසම අසල සිටගෙන ආහාර ගනිමින් සිටි, රන්වන් කෙස් වැටියක් හා මන බඳිනා රූ සපුවකින් හෙබි විසි තුන් හැවිරිදි මිෂෙල්, මුහුණ රතු කර ගත්තාය. eating a burger standing by the galley sink, blushed.

෴ * * ෴ ~ ෴ * * ෴ ~ ෴ * * ෴

Two hours later,  the PA system crackled හෝරා දෙකකට පසු, යානය නොබෝ වේලාවකින් මයෑමි ජාත්‍යන්තර ගුවන් තො‍ටුපොළට ගොඩ බැසීමට නියමිත බව, යානයේ මහජන ඇමතුම් පද්ධතිය තුලින් නිවේදනය විය. බෝයිං 777 යානය ක්‍රමයෙන් පහතට ගමන් කිරීම ඇරඹුවාය. ඇතැම් මඟීහු, ගුවන් සේවිකාවක විසින් බෙදා දුන් ගොඩබැසීමේ පත්‍රිකා පුරවන්නට වූහ. බෝල් පොයින්ට් පෑනක් ගෙන ඒමට අමතක වූවෝ, එසේ කිරීමට තරම් කල්පනාවක් තිබූ අයගෙන් පෑන ඉල්ලා ගැනීමේ බලාපොරොත්තුවෙන් කල් මැරූහ.

තරුණ මවක් උකුලේ හොවා ගත් බිළිඳාගේ ඩයපරය මාරු කරනු, යාබද අසුනේ සිටි ඇගේ සැමියා බලා සිටියේ ගෞරවය මුසු විශ්මයකිනි.

ගොඩබැසීමේ පියසර රටාවට අනුගත වීම පිණිස, යානය වම් පසට ඇලවී වාමාවර්තව පියාසර කලාය. aircraft banked left in a wide curve, to enter the landing pattern.

෴ * * ෴ ~ ෴ * * ෴ ~ ෴ * * ෴

Photo from Wikimedia

The Boeing 777 was on the final approach on the glide slope with the onboard computers tuned and locked on the ILS frequency of the runway 12/30. ගොඩබෑමේ අවසන් අදියරට එළඹි බෝයිං 777 යානය ආනතියකින් යුතුව පහළට ගමන් කලාය. මේ වන විට ධාවන පථයට සැතපුම් පහක් ඔබ්බෙන් , අඩි 2000ක උසකින් පියාසර කරමින් තිබූ යානයේ පරිගණක පද්ධතිය අංක 12/30 ධාවන පථයේ ILS සංඛාතයට සුසර කර තිබිණ.. කපිතාන් ලෑන්ඩර්ස් ත‍ටුවල සවිකර තිබූ ෆ්ලැප් පළමු අදියරට පහත් කිරීමට අණ දුන්නේය. දැන් එලැඹ ඇත්තේ යානාවේ රෝද පහත් කිරීමේ වේලාවයි. මනා ලෙස පුහුණු වූ නියමුවන්ගේ දෑත් කඩිසර ලෙස උපකරණ පැනල මත ක්‍රියාත්මක විය. went through the motions.

First officer Alvin යානාවේ රෝද කුටීර දොර විවෘත වී රෝද කට්ටල පහතට ගමන් කරමින් පවතින බව හඟවමින්, සුදු කො‍ටු රටාවකින් උපකරණ පැනලයේ දැල්වෙමින් තිබූ දර්ශකය වෙත සහය නියමු ඇල්වින් රොජර්ස් නෙත් යොමුකරගෙන සිටියේය. මෝටරයකින් නැගෙන ගුම් නාදයක්ද, ඉන් අනතුරුව යානය තුලටම දැනුනු ගැස්සීමක්ද සමඟ, රෝද කට්ටල පහත් වී අගුලු වැටෙත්ම, පැනලයේ දර්ශකය කොළ පැහැති විය. wheels were down and locked and the indicators turned into green.

With the airspeed now reduced to just above the stall speed. පියාසර වේගය, එන්ජින් අක්‍රීය වන වේගයට මඳක් ඉහලින් සිටිනසේ අඩු කර තිබු අතර, ත‍ටු මත ක්‍රියාත්මක වූ ෆ්ලැප් සහ වායු තිරිංග නිසා එන්ජින් වල හඬේ පැහැදිළි වෙනසක් දැනුණි. due to the deployed flaps and the armed speed brakes.

The big jet came in screaming out of the skies, toward the lit up runway 12/30. The engines slightly accelerating to මහ හඬ නඟමින් ගුවන් ගැබින් මතුවූ දැවැන්ත ජෙට් යානය, විදුලි එළියෙන් ඒකාලෝක වූ ධාවන පථය දෙසට පහත් විය. පහත් කල රෝද කට්ටලය සහ ෆ්ලැප් වලින් ඇතිකල අධික වායු ප්‍රතිරෝධය නිසා, යානයේ ඉදිරිපස ඉහලට එසවීම වැලැක්වීමට ප්‍රමාණවත් තරමින්, එන්ජින් යන්ත්‍ර යන්තමින් ත්වරණය වෙමින් පැවතුනි. ධාවනපථයේ ආරම්භය හඟවන සළකුණු යානයට යටින් විදුලි වේගයෙන් පසුපසට ඇදී යත්ම, කපිතාන් කෙවින් ලෑන්ඩර්ස්, පතන කෝණය වැඩි වන සේ, සුක්කානම ආපසු ඇද යානයේ ඉදිරිපස මඳක් ඉහලට එසවීය. අත්ත‍ටු විහිදා, නිය පහුරු ඉදිරියට දිගු කරගෙන, ගොදුරක් මතට පහත් වන දැවැන්ත රාජාලියකු සේ, බෝයිං 777 යානය පොළොවට ලඟාවිය. claws outstretched to grab the prey.

Photo from Wikimedia

The landing gear just skimmed the runway and then sparks flew as the rubber the met the tarmac at thetouchdown, ධාවන පථයේ ගෑවෙමින් නොගෑවෙමින් මඳ දුරක් ඇදී ගිය පසු පස රෝද කට්ටල, ගිණි පුපුරු නිකුත් කරමින් ධාවන පථය සිප ගත්හ. රබර්, තාර මත ගැටීමෙන් ඇතිවූ දුම් වලාව අතරින්, යානාවේ රෝද පැයට කිලෝමීටර 0 සිට 250 දක්වා මොහොතකින් ත්වරණය වී කැරකෙන්නට විය. යානාව සිසාරා නැගුණු කම්පණයත් සමඟ රෝද හා අවලම්බන පද්ධතිය යානයේ බර කරට ගත්තේ ‘ස්ස්ස්’ හඬක් නගමිණි. gear suspension hissed and took over the total weight of the aircraft.

In a few seconds, the nose wheels touched downadding more rubberතප්පර කිහිපයකින්, ධාවන පථයට තවත් රබර් පැල්ලමක් එක් කරමින් ඉදිරිපස රෝද කට්ටලයද පතිත විය. යානයේ ආරෝහක පාලකය උදාසීන කල කපිතාන් ලෑන්ඩර්ස් සුක්කානම් පැඩලයන් ආධාරයෙන් යානය ධාවන පථයේ හරි මැදින් ධාවනය කලේය. උපරිම මට්ටමෙන් ක්‍රියාකල ෆ්ලැප්, ස්පොයිලර, එන්ජිමේ පසු තෙ‍රැපුම් බලය හා තිරිංග නිසා, එක වර නැඟුණු හඬ අති උච්ච ස්වරයකට පත්විය. a howl and roar and scream at the same time which reached a crescendo.

As the ground handling crew watched the Boeing 777 thundered down the runway making the windows rattle බෝයිං 777 යානය, අවට ගොඩනැඟිලි වල කවුලු පියන්පත් දෙදරවන ගිගුරුම් හඬක් නංවමින් ධාවන පථය දිගේ අධිවේගයෙන් දිව යනු, යානය එනතෙක් ‍රැඳී සිටි ගුවන් තො‍ටුපොළ කාර්‍ය මණ්ඩලය බලා සිටියහ. ධාවන පථය කෙළවරේදී වේගය අඩුවූ යානය, අංශක අනූවක කෝණයකින් හැරී, ටැක්සි මඟ දිගේ, ලැසි ගමණින්, පර්යන්තය වෙතට ගමන් කලාය. මඟීහු සුපුරුදු පරිදි යානාවෙන් පිටවීමට සූදානම් වූහ. getting ready to deplane with usual chatter.

෴ * * ෴ ~ ෴ * * ෴ ~ ෴ * * ෴

Several hours later, Nick Ortega stood in the floodlights on the concrete ramp and ticked off the check list  පැය කිහිපයකට පසු, ගුවන් යානයේ බාහිර තත්වය, ලිපි ගොණු කවරයක ‍රැඳවූ ලැයිස්තුවක සළකුණු කරමින් නික් ඕර්ටේගා විදුලි එලියෙන් නැහැවුනු කොන්ක්‍රීට් පොළොව මත ඒ මේ අත ඇවිද්දේය. මඳකින්, යානයේ වම්පස ත‍ටුව යටට ඇවිද ගිය ඔහු, යානාවේ රෝද එකලස පරීක්ෂා කර ලැයිස්තුවේ හරි සළකුණු කිහිපයක් දැම්මේය. එකක් පසු පස එකක්, මහ හඬ නංවමින් දිවයන ජෙට් යානාවල ඝෝෂාවට ඔර්ටේගා මුහුණ ඇඹුල් කර ගත්තේය.

පැන්සලයේ තුඩ දිවගින් පෙඟවූ ඔහු, ලෝහයක් මත ලෝහයක් මෘදුව ගැටෙන හඬක් ඇසුන නිසා රෝද කට්ටලය සවිකර තිබූ යෝද සිරස් ලෝහ පාදයේ උඩ කොටස දෙස නෙත් හෙලීය. මඳ සුලඟට වැනෙමින්, ලෝහ ගාංචුව ලෝහ පාදයේ වැදෙමින්, එයින් එල්ලෙමින් තුබූ මෝටර් රථයක ආසන පටිය දු‍ටු ඔර්ටේගාගේ ඇස් සිහින් වී, මුහුණට ප්‍රශ්ණාර්ථයක් පැන නැඟුනේ නිතැතිනි.

“මේ මොන …?”

ඔහු, අතැතිව තිබූ විදුලි පන්දමේ දීප්තිමත් ආලෝකය රෝද කුටීරයට එල්ල කලේය. අමුත්තක් නැත. ඔහු, වැඩි හොඳට, රෝද එකලසට ගොඩවී රෝද කුටීරය තුලට ආලෝකය එල්ල කර බැලීය. එහි කිසිවක් නොමැත. පැන්සලේ තුඩ නැවතත් දිවගා පෙඟවූ ඔහු, විශේෂ නිරීක්ෂන කොටසේ ලිවිය යුතු වාක්‍යය සිතින් ගොඩ නඟා ගැනීමට තැත් කලේය. “වම්පස රෝද සවිකල ලෝහ පාදයෙන්, මෝටර් රථ ආසන පටියක් එල්ලෙමින් තිබුණි,” යන වාක්‍යය අභව්‍ය බව ඔහුට හැඟුනි.

වහා වෝකි ටෝකි යන්ත්‍රය මුවට ලංකල ඔහු එහි TALK බොත්තම ඔබා වේගයෙන් කතා කිරීමට පටන් ගත්තේය. pushed the talk button and started talking into it rapidly.

෴ * * ෴ ~ ෴ * * ෴ ~ ෴ * * ෴

Two weeks later, henryblogwalker සති දෙකකට පසු, හෙන්රි බ්ලොග්වෝකර් කෝපි කෝප්පයක් තොල ගාමින් Yahoo Mail සේවයේ, ‘Inbox’ ගොනුව විවෘත කලේය.

23 unread messages! ඔව් , බ්ලොගර් කෙනෙක් වුනාම ලැබෙන ලිපි වලින් නම් අඩුවක් නෑ, ඔහු සිතීය.

නමුත් තුන්වන ලිපිය ඔහු වෙත කඩා පනින්නාක් මෙන් විය.

 

Carlos                              HeyDude                     8.55 AM

“මේකා අර උගේ පිස්සු වැඩේ ගැන මොනවා කලාද දන්නේ නෑ,” ඔහු තමන්ටම මුමුණා ගත්තේය.

කාලෝස්ගේ නම මත ක්ලික් කල ඔහු, ඇඟිලි තුඩින් ලැප්ටොප් පරිගණකයේ යතුරු පුවරුව අසල දාරයට නොඉවසිල්ලෙන් තට්‍ටු කරමින්, ලිපිය තිරයේ දර්ශණය වන තෙක් බලා සිටියේය. drumming an impatient tune on the edge of the laptop keyboard.

THE END

නිමි.

WARNING: THIS IS FICTION. PLEASE DON’T TRY THIS. THIS IS DEADLY. THE STATISTICS ARE TRUE.
අවවාදයයි. මෙය ප්‍රබන්ධයක් පමණි. මෙය කිසිවිට අත්හදා බැලීමට උත්සාහ නොකරන්න. ප්‍රතිඵල මාරාන්තික විය හැකි අතර මෙහි සඳහන් කල සංඛ්‍යාලේඛණ සත්‍ය වේ.

References:

http://www.dailymail.co.uk/news/article-32111/Cuban-stowaways-died-jet-soared.html#ixzz2J5vFW3af

http://en.wikipedia.org

http://www.boeing.com/boeing/commercial/777family/pf/pf_200product.page

http://www.bbc.co.uk/news/magazine-19562101

http://www.slate.com/articles/news_and_politics/explainer/2003/12/do_jet_stowaways_ever_survive.html

http://www.slate.com/articles/news_and_politics/explainer/2003/12/do_jet_stowaways_ever_survive.html

Originally published @ HeyDude in English Language.
Simulblogged @ මගේ ඩෙනිම Blogger Lovers.

 

ටැග: , , , ,

136. මාරක පියසැරිය. Flight Beyond All Hope. Part 2. Dude’s Originals.

136. මාරක පියසැරිය. Flight Beyond All Hope. Part 2. Dude’s Originals.

Carlos arrived at the rear port side landing gear precisely at the same moment  the crew got the control tower clearance for takeoff. කාලෝස් ගුවන් යානයේ වමේ පසුපස රෝද කට්ටලය වෙත ලඟා වූයේ, යානයේ නියමුවන්ට  ගුවන් ගතවීමේ අවසරය පාලක කුලුණෙන් ලැබෙනවාත් සමඟමය. විශාල රෝද ඉදිරිය බලා ගමන් ඇරඹීය. ඔහුට වම් පසින්, අඩි කීපයක් ඔබ්බෙන්, සුවිසල්  වම් ත‍ටුවෙහි එල්ලා තිබූ  යෝධ ජෙට් එන්ජිමේ පසු පසින් පිටවූ ගිණියම් වායු ප්‍රවාහයේ බලය සුළි කුණා‍ටුවක් මෙන් කාලෝස්ට දැණින. පසු පස රෝද යුගලය අතරින් ලඟාවූ කාලෝස්, රෝද සවිකර තිබූ සිරස් පාදයෙන් පිටතට නෙරා තිබූ කොටසක  එල්ලී උඩට ඇදුනේය. scrambled up. 


කාලෝස් මේ කුමක් කරන්නේ දැයි ඔබට සිතාගත නොහැකි නම්, පසුගිය කොටසට මෙතැනින් යන්න.

 
The wheels started to roll faster, gathering speed,දෑතින්ම වානේ කඳේ එල්ලී සිටි කාලෝස්ගේ එල්ලෙන දෙපාවලට සෙන්ටිමීටර කීපයක් ඔබ්බෙන්, යානාවේ රෝද වඩ වඩා වේගයෙන් කරකැවුනි. වියරුවෙන් මෙන් පය ‍රැඳවුමක්  සොයමින් සිටි දෙපයට  මඳ වෙලාවකින් ලද ඉස්පාසුවෙන්, කාලෝස් වානේ කඳ දිගේ සවිකර තිබූ සිහින් හයිඩ්‍රෝලික් බට වල එල්ලී ඉහලට ඇදුනි. ඔහුගේ බරට බට ඇදවනු අතට දැනුනෙන්, ඔහු වහා විකර්ණව ස්ථානගත කර තිබූ වානේ බටය බදා ගත්තේය. ඉන් පසුව, තවත් උඩට ඇදුනු ඔහු,  විවෘතව  පහලට එල්ලෙමින් තිබූ තහඩු පියනේ උඩ දාරයේ එල්ලී, රෝද කුටීරය තුලට රිංගා ගත්තේය. and climbed into the wheel bay.



First of all Carlos, there is no guarantee that you won’t be  crushed to death ක්කොටම ඉස්සෙල්ලා කාලෝස්, රෝද සෙට් එක විතරක් ‍ෆිට් වෙන ගානට හදපු ඔය රෝද කුටීරෙට රිංගාගන්න එකාව , හයිඩ්‍රොලික් බලයෙන්  ආපහු ඇකිලිලා උඩට එන රෝද සෙට් එකට අහුවෙලා, චප්ප වෙලා, මැරෙන එකක් නැහැයි කියලා, කිසිම විශ්වාසයක් තියාගන්න බෑ. only the landing gear.



Carlos watched the tarmac rushing under him at alarming speed. මාට පහතින්, ධාවන පථය අධි වේගයෙන් පසු පසට දිව යන අයුරු, පහල බැලූ කාලෝස් දු‍ටුවේය . ගුවන්ගත වීමේදී හා ගොඩ බෑමේදී, ගුවන් යානා යානා ටයර වලින් ධාවන පථයේ ඇඳුනු තද කලු  රබර් පිළිස්සුම් රේඛාවනුත්, ධාවන පථයේ ගිල්වා සවිකර තිබූ විදුලි පහනුත්, ධාවන පථයේ ඇඳ තිබූ සලකුණුත් සියල්ල අධි වේගය නිසා එකට මුසුවී මැවූයේ බොඳවුනු චිත්‍රයකි.  කිරි කිරි හඬ නඟමින්,  කෙඳිරි ගාමින් වෙව්ලූ රෝද එකලස, වරින් වර  මහ හඬින් ගැස්සිනි. කුඩා ඉඩකඩකින් හෙබි රෝද කුටීර තුලට ජෙට් යන්ත්‍රවල ඝෝෂාව ඇසුනේ කන් බිහිරි කරවන ස්වරයකිනි. හදිසියේම කිරි කිරි හඬත්, කෙඳිරියත්, වෙවුලුමත්, ගැස්සීමත් එක්වරම නැවතුනේ, යානය ගුවන්ගත වෙත්ම, දැවැන්ත රෝද ධාවන පථයෙන් ඉහලට එසවී, හයිඩ්‍රොලික් පද්ධතියෙන් නැඟුනු ‘ස්ස්ස්’ හඬත් සමඟ,  එතෙක් යානයේ බර දැරූ  අවලම්බන පද්ධතියේ බර සැහැල්ලු වූ නිසාය.  මහ මගේ පදික මාරුවක් සිහි ගැන්වූ ධාවන පථයේ කෙළවර බව හඟවන සලකුණ වේගයෙන් පහලට කිමිදී යනු කාලෝස් බලා සිටියේය. ඉන් පසුව රෝද කුටීරයේ විවෘත කවුලුව පිරී ගියේ  වේගයෙන් ඈත්වන භූමි දර්ශණයෙනි. ධාවන පථය, ගුවන් තො‍ටුපොල ගොඩනැගිලි, ගුවන් තො‍ටුපලේ මායිම් වැට, තුරු මුදුන්, මහා මාර්ගය, කෙත්වතු,… එය සැබවින්ම මනරම් දර්ශනයක් විය. the fields, …. What a view!



Dude, they say, depending on the type of aircraft and the landing gear කාලෝස්, ඔය රෝද කුටීරෙ අස්සෙ යන්තමට රිංගලා ඉන්න ඉඩ ලැබෙන්නේ, ප්ලේන් එකේ වර්ගයයි, ‍තෝරා ගන්න ලෑන්ඩිං ගියර් සෙට් එකයි අනුවලු. උදාහරණයක් විදියට, පරණ DC 8 එකක දකුණු පැත්තේ රෝද කුටීරේ පොරකට රිංගලා ඉන්න ඉඩ තියෙනවලු. නමුත් මොන කරුමෙකට හරි, වම් පැත්තෙ එකට රිංගලා හැංගුනොත්, රෝද ඇකිලිලා ඇතුලට එනකොටලු තේරෙන්නෙ ඒ පැත්තේ හයි කරලා තියෙන  හයිඩ්‍රොලික් ෆ්ලුයිඩ් ටැංකියි, තව තව ගැජ‍ටුයි නිසා, ඒක ඇතුලෙ ඉඩ නැති බව. එතකොට ප්‍රමාද වැඩියි . මොකද  එතකොට රෝදෙට හිර වෙන නිසා වැඩේ අතෑරලා දාන්න ඕනෙ වුනත්, විදියක් නෑ.  කෙලින්ම මැස්සෙක් වගේ චප්පම වෙලාම යනවලු, ඒ ඇරත්, යටින් දොරත් ඒ එක්කම වැහිලා, ලොක් වෙලා, ප්ලේන් එක තවත් ඉහල නගින්න ගන්නවානේ.  doors would close beneath with finality and the aircraft would be climbing higher.

 


And then, he heard the hiss of the hydraulics and the hum of a giant motor විටම ඇදහිය නොහැකි ලෙස,  ජෙට් එන්ජින්වල ගිගුරුමද යටපත් කරමින් ඇසුන යෝධ මෝටරයක් කරකැවෙන හඬත්,

Undercarriage_anim

ගුවන්යානාවේ රෝද, යානාව ගුවන් ගත වූ වහාම,හැකිලී රෝද කුටීරයට යන්නේ, ආසන්න වශයෙන්මේ ආකාරයටය. මෙහිදී, පහසුවට එක රෝදයක් පමණක් පෙන්වා ඇත.

හයිඩ්‍රොලික් පද්ධතියක් ක්‍රියාත්මකවන ‘ස්ස්ස්’ හඬත් සනි‍ටුහන් කලේ, ඇතුලට හැකිලීමට පටන් ගත් රෝද කට්ටලයට ඉඩ දීම සඳහා, රෝද කුටීරයේ රෝද ආවරණය වන දොර‍ටුව පහලට විවෘත වීමේ ඇරඹුමය. රෝද කට්ටලය සවිවූ දැවැන්ත වානේ පාදය ඇතුල් පැත්තට නැවෙද්දී  විකර්ණව සවිකර තිබූ ආධාරකය  හැකිලිනි. කාලෝස් නරඹමින් සිටි මනරම් දර්ශණය වසා ගනිමින්,  දැවැන්ත රෝද කට්ටලය කාලෝස් දෙසට ඇදී ආවේ, එහි මඟ  ඇති ඕනෑම දෙයක් පොඩිපට්ටම් කරගෙන යන තරම් වූ අධික ජවයකිනි.


තවමත් කැරකෙන රෝදයට හසු නොවී කාලෝස්ගේ හිස අනූ නවයෙන් බේරුනේ, ඒ සමගම ඇදී ආ රෝද සවිකල පාදයට අත තබා මඳක්  පසෙකට තල්ලුවූ නිසාය. රෝද කුටීය එක් වරම තවත් ඉඩ ඇහිරී, අඳුරු වූයේ කාලෝස්ව තැති ගන්වමිනි. රෝද කට්ටලය කුටීරය තුල තැන්පත්වූ වහාම, කුටීර දොරවල් වැසී ගියේ, තවමත් මන්දාලෝකයක ගිලී පැවති බාහිර ලෝකයෙන් කාලෝස්ව වෙන් කර, ගනඳුරේ ගිල්වමිනි.  fading lights from the outside world and completing the nightmare.



If you managed to survive that, dude, ඹ ඒ මාරකෙන් බේරුනත් කාලෝස්, ඉහල නගින හැම අඩියක් පාසාම පහත බහින උෂ්ණත්වය උඹට සතුරු වෙනවා.

තත්වය තවත් භයානක වෙන්නේ, ගුවන් යානාව සුපුරුදු ගමන් වේගයෙන් යන්න නියමිත ඉහලට නගින අතරමගදිම, මුහුදු මට්ටමෙන් අඩි 18,000 විතර උසකදි , වායුගෝලයේ ඔක්සිජන් මට්ටම හොඳටම තුනී නිසා ‘හයිපොක්සියා’ කියන තත්වය ඇති වෙන්න පටන් ගන්න නිසයි. එතකොට කෙඩෙත්තු ගතිය, ඔක්කාරය, අධික හිසරදය වගේ ලක්ෂණ පහල වෙලා හුස්ම ගන්නත් පුදුම සටනක් කරන්න වෙනවා. වැඩේ තවත් දුර දිග ගියොත් කෝමා එකකට ගිහින්, මැරෙන්න වුනත් පුලුවන්.  ඒක හැබැයි බොහෝම වර්ණවත් මරණයක් වේවි, මොකද, හයිපොක්සියා වලට ඇඟ නිල් පාට වෙන නිසා. උඹට හිනා ගියාද මන්දා. මම ඒ විහිළුවක් කලේ. හරි හරි, ඒක ඇඬෙන විහිලුවක් තමයි.  නිකම්ම මෝඩ ජෝක් එකක්!

උඹ ඉස්කෝලෙදි විද්‍යා විෂයයන්නේ කලේ නේද? උඹට මම කියන දේ තේරුම් ගන්න අපහසුවෙන්න බෑ. So, you know what I mean.

 

Suddenly Carlos felt බර් ටයරයට තමන්ගේ මුහුණ ගෑවී පිළිස්සෙමින් තිබෙන බව කාලෝස්ට හදිසියේ දැනිනි. ගුවන් ගතවීමට ධාවන පථයේ අධිවේගයෙන් දුවන ගුවන් යානාවක ටයර අධික ලෙස රත්වන බව, ඔහුට අවබෝධයක් නොතිබිනි. තිබූ ඉඩකඩේ හැටියට  කාලෝස් හැකි තරම් මුහුණ ටයරයෙන් ඉවතට ගත්තේය. cramped enclosure allowed him.



Above 20,000ft, you will also be at the risk of ඩි 20,000 පහු කරනකොට, ලේ නහර වල නයිට්‍රජන් බුබුලු ඇතිවීමේ අවදානමත් (nitrogen gas embolism), ඒ නිසාම අර කිමිදුම්කාරයන්ට හැදෙන decompression sickness කියන තත්වයත් හැදෙන්න පුලුවන්. අන්න ඒ නිසයි, යානාව ඇතුලත  pressurize කරලා, පොලොව මට්ටමේ පීඩනයම කෘතිමව පවත්වාගෙන යන්නේ.

අඩි 33,000දි (මීටර් 10, 065) පෙනහලු සාමාන්‍ය විදියට ක්‍රියා කරන්න කෘතිම පීඩනයක් අවශ්‍යයි. උඹට දැන් මේක කියවලා ඇතිවෙලා වගේද, මේ විස්තර අහලා? Do I sound like a goddamn manual or a textbook?

Those stowaways whose bodies are not mangled by the retracting landing gear or killed by these extreme conditions ඩාගෙන බිඳගෙන ඇතුලට ඇකිලෙන රෝද වලට අහු වෙලා චප්ප නොවෙන, ඒ වගේම මේ තරම් දරුණු තත්වයන්ට මූණ දීලත් ජීවිතේ බේරාගන්න වාසනාව තියෙන එකා,  යානාව බාන්න පොළොවේ ඉඳලා අඩි දාහක්, දෙදාහක් උඩදි රෝද කුටීරේ දොර ඇරුන ගමන්ම බිමට ඇදගෙන වැටෙන්නේ ඒ වෙනකොට අනිවාර්යයෙන්ම සිහි මුර්ඡා වෙලා ඉන්න  නිසයි. causing them to plunge to their deaths.



Carlos wriggled his feet ගුලකට හසුවුනාක් මෙන් සිරවී ඇතැයි දැනුනු දෙපා, ඒ මේ අතට අඹරා, ඉවතට ඇද නිදහස් කර ගැනීමට කාලෝස් වෙර දැරීය. වාසනාවකට මෙන්, එක් වරකට එක් පය බැගින් ඉවතට ඇදගැනීමට කල උත්සාහය සාර්ථක විය. ඉන් අනතුරුව, තරමක වේලාවක්  ඒ මේ අත හැරෙමින් කල් ගත කල කාලෝස්, මඳක් පසෙකට හැරී, වැතිරී සිටීමට පහසුම ස්වභාවික ඉරියව්ව සොයාගැනීමට සමත් විය.

අඳුරේම ආසන පටිය  අතපත ගෑ කාලෝස්, එහි ගාංචුව සොයා ගත්තේය. ඔහුගේ වමත ගාංචුව අල්වා ගෙන සිටියදී,  දකුණත පටිය පටලැවීමට සුදුසු ආධාරකයක් සෙවීය. එක ලඟ තිබූ ප්‍රමාණ දෙකක ලෝහ බට දෙකක් සොයාගත් ඔහු, කුඩා බටය වටා පටිය යැවීමට තරම් ප්‍රමාණවත් දිගක්,  ගාංචුවෙන් පටිය සීරු මාරු කර ලබාගත්තේය. අවසන, ගාංචුව අගුල් දමාගත් ඔහු සැනසුම් සුසුමක් හෙලීය. “දැන් අඩුම ගානේ, මම රෝද කුටීරෙන් වතුරකට, නැත්නම් කැලෑවකට නම් වැටෙන්නේ නෑ අර හෙන්රිබ්ලොග්වෝකර් කිව්ව විදියට.” as henryblogwalker had said,” he thought.



I don’t mean to sound very pessimistic දැන්, මම සර්වාශුභවාදියෙක් කියලා හිතන්න එපා උඹ. ඒත්, මෙන්න මම හොයාගත්ත, නොකියම බැරි,  කරුණු සමහරක්. මේවා හොයා ගත්තේ, උඹ කරන්න යන අමන වැඩේ කරන්න එපා ඇයි කියන්න, ජාලේ පීරනකොට.

අවට පරිසරයේ උෂ්ණත්වය පහල බහිනවත් එක්කම, ඔක්සිජන් මට්ටමේ පීඩනයත් PP O2 (Partial Pressure of Oxygen) පහල බහින නිසා සිහි නැති වෙනවා.  ශරීර තරල වල ආම්ලික ගුණය අධික වෙලා (buildup of acid in body fluids) කෝමා එකකට වැටීමක් හරි, මරණය හරි පවා සිද්ධ වෙන්න පුලුවන් කියලා තමයි කියන්නේ.


ඉතිං බං කාලෝස්, මේ අති දරුණු තත්වයන් යටතේ, අඩි 37,000ක උසක ජීවිතය ‍රැකෙනවා කියන එක, වෙන මොකුත් නෙවෙයි, ප්‍රාතිහාර්යයක්!

ඉතින්, අන්න ඒක නිසා, ඔය ගොං වැඩේ අල්ලලා දාපං, කාලෝස්.  So don’t be a moron, Just give up.



The noise from the giant jet engines sounded incredibly louder in the confines of ඩකඩ ඇහිරුණු රෝද කුටීරය තුලට, යෝධ ජෙට් එන්ජින් වල හඬ, ඉමහත් ඝෝෂාවක් සේ ඇසුනි. තම කන් ඇබ තවමත් කන්වල ‍රැඳී ඇතිදැයි කාලෝස් පරීක්ෂා කලේය. ඒවා මනාව කන් සිදුරු තුල සවිවී තිබුනි. එක මත එක ඇඳුම් ගණනාවක් හැඳ සිටි කාලෝස්ව දහඩියෙන් නැහැවීමට ප්‍රමාණවත් තාපයක්,  රබර් ටයරවලින් තවමත් නිකුත් විය. හයිඩ්‍රොලික් ලීවර පද්ධති තුල කැකෑරෙමින් පැවති උණුසුම් දියර නිසා, ඒවා තවමත් රත්ව පැවතුනි. තමා පෝරණුවක් තුල දැමූ පාන් ගෙඩියක්  මෙන් නොවේදැයි කාලෝස්ට සිතුනි.

කන් පසාරු කරගෙන ගිය වේදනාව සමනය කර ගැනීමට ඔහු කිහිප වරක් කෙළ ගිල්ලේය. යානාව පියාසර කරන නියමිත උසට ලඟාවීම සඳහා, සැලකිය යුතු ආනතියකින් සීඝ්‍රයෙන් ඉහල නගිමින් පවතින බව දැනුනි. ජෙට් එන්ජින් වල ඝෝෂාව නිසා ඔහුගේ හිස රිදුම් දෙන්නට විය. ඒ සමඟම, අවට පරිසරය වේගයෙන් සිසිල් වීම ඇරඹී තිබුනි. It was beginning to get colder.



At the same time, hypothermia is එක්කම සමහරවිට -63˚Cට පවා පහල බහින උෂ්ණත්වය නිසා, ශරීර උෂ්ණත්වයත් අස්වාභාවික විදියට පහල යනවා. හයිපොතර්මියා කියන මේ තත්වයට ආවාම, සාමාන්‍ය පරිවෘතීය ක්‍රියාකාරිත්වයට බාදා වෙන නිසා, සිහිය තිබුනත් සිහිවිකල් ගතියක් දැනෙනවා. ඒ වගෙම  පාලනය කරගන්න බැරි විදියට වෙව්ලන්න ගන්නවා. සුදුසු ඇඳුම් ඇඳගෙන නොහිටියොත් වැඩේ අන්තිම දරුණු වෙනවා. made worse if you are not wearing proper warm clothing.



It was growing colder and colder. ශීතල අධික වෙමින් පැවතින. කාලෝස් සිය පතුල් ඒ මේ අතට ඇඹරීය. අත්වැසුම් පැලඳි දෑතින්, කම්මුල්වලට අතුල් පහර කීපයක් එල්ල කරගත්තේය. ඒ සමඟම ඔහුට ක්ලාන්ත ගතියක් දැනිනි. හෙන්රිබ්ලොග්වෝකර් පැවසූ දේ සැබෑ වෙමින් පවතී. හුස්ම වඩ වඩා කෙටි විය. ඇදුම රෝගයෙන් පීඩා විඳින සිය මිතුරු හුවාන්, කාලෝස්ට සිහිවිය. ඇදුම උත්සන්න වූ විට, ඉන්හේලරය උරණ තෙක් ඔහුත් හුස්ම ගත්තේ මෙසේ නොවේද?

වේගයෙන් පහල බසිමින් පැවති මුත්, ටයරවල තවමත් යන්තමින් ‍රැඳී උණුසුම, දැන් දැන්  ගෙන දුන්නේ ඉමහත් සුවයකි. තමා අසලම තිබූ, තවමත් උණුසුම් හයිඩ්‍රොලික් ද්‍රවය පිරි ලෝහ බටයකින්, නව තාප ප්‍රභවයක් සොයාගැනීමට කාලෝස් සමත් විය. still warm from the hot hydraulic fluid inside them.



Frostbite will be one of your worst enemies at these high altitudes.හල ආකාසෙදි අන්තිම දරුණු සතුරෙක් තමයි frostbite. අධික සීතලට මිදිලා, පටක මැරිලා, හම කලුවෙලා, තුවාල වෙලා, ඇත්තටම නහය, ඇඟිලි වගේ දේවල් මැරිලා, කපලා දාන්න වෙනවා. 

ඇත්තටම, සමහරු ඔය විදියට මිදිලා, ගල්වෙලා ඉඳලා තමයි හම්බ වෙලා තියෙන්නේ.

කාලෝස්, මම ජාලේ කරක් ගහන කොට දැක්කා,  වික්ටර් අල්වාරෙස් මොලීනා කියලා කියුබානු සරණාගතයෙක් ගැන, DC 10 එකක හැංගිලා කැනඩාවේ මොන්ට්‍රියල් වලට ආපු.  පොර මාර වාසනාවන්තයෙක් කියන්නේ, පැය හතරක ගමන,  -40˚C උෂ්ණත්වයේ ඇවිල්ලත් පොර බේරිලා තියෙන්නේ, රෝද කුටීරේ අස්සේ තිබ්බ කැඩිච්ච පයිප්පෙකින් නොකඩවා කාන්දු වෙච්ච උණුසුම් වාත ධාරාවක් නිසා. මේකාගේ වෙලාව කියන්නේ,  ගොඩබාන්න ලෑස්තිවෙලා රෝද පාත් කරන්න රෝද කුටීරේ දොර ඇරුනාම පොර බිමට නොවැටි බේරිලා තියෙනෙත්, අර පයිප්ප කෑල්ලේ එල්ලිලා.


ඒක නම් බුවාගේ වාසනාව. ආයෙ, වෙන මොකක්වත් නෙවෙයි. ඉතින් ඒවගේ ප්‍රාතිහාර්ය දෙපාරක් වෙයි කියලා හිතන්න බෑ කාලෝස්.  ඒක නිසා බං, ඔය වැඩේ  අතෑරලා දාපං. ඕක කරන්න එපා.

මම මේ කියන දේවල් ගනන් නොගෙන, උඹ ඔය වැඩේ කරනවා නම්, මට මෙතන ඉඳන් උඹව නවත්තන්න බෑ. එහෙම වුනොත් මොට්ටපාල, උඹේ අමන වැඩේට දෙවියන්වහන්සේගේ අනුකම්පා කරත්වා කියලා මම පතනවා.

උඹට දෙවි පිහිටයි, God bless you, you stupid idiot!


Take care,


henryblogwalker.



Carlos was floating between wakefulness and unconsciousness. කාලෝස් සිටියේ සිහියත්, අසිහියත් අතර පාවෙමිනි. පපුව මත ගඩොල් පැටවූවාසේ දැනුන නිසා, සෑම හුස්මක්ම පපුවට වේදනා දුන්නේය.  අදිසි දෑතකින් සිය ගෙල සිර කරන්නාක්සේ ඔහුට දැනින. හුස්ම ගැනීමට බලවත් ප්‍රයත්නයක් යෙදීමට සිදුවිය. ජෙට් යන්ත්‍රවල කන් බිහිරි කරවන ඝෝෂාව වරින් වර මුලුමනින්ම නෑසී ගියේ, විශ්මිත අයුරිනි.  තමා මේ වැතිරී සිටින්නේ, බුර බුරා නැගෙන ගිණිජාලා නිකුත් කරමින් කැරකෙන, දැවැන්ත ජෙට් යන්ත්‍ර එල්ලා ඇති, සුවිසල් ගුවන් යානා ත‍ටුව තුල,  නිරන්තරයෙන් කැලතෙමින් පවතින ජෙට් ඉන්ධන ගැලුම් දහස් ගනනකට, කොතරම් කිට්‍ටුවෙන්දැයි, හදිසියේම කාලෝස්ගේ සිතට නැගුනි. වැඩිම වුනොත්…ඔන්නම් අඩි පහක්.. හත…ර…ක්… තු…න…ක්… … …


කාලෝස් ගුවන් යානයේ රෝද කුටීරය තුල සිහි සුන්ව වැතිර සිටියේය. ඔහු අවට උෂ්ණත්වය සහ ඔක්සිජන් මට්ටම තව දුරටත් පහත වැටෙමින් පැවතුනි. The air temperature and oxygen levels  around dropped  further.


The Boeing 777 leveled out at 37,000 feet and settled to cruise at a steady speed of 0.84 Mach. මුහුදු මට්ටමින් අඩි 37,000ක උසකදී ඉහල නැගීම නතරකල බෝයිං 777 යානය, Mach 0.84ක ඒකාකාර වේගයකින් පොළොවට සමාන්තරව පියාසර කිරීම ඇරඹීය.

ගුවන් යානා කාර්ය මණ්ඩලය මගීන්ට සහ නියමුවන්ට රාත්‍රී භෝජනය පිළිගැන්වූහ. වායුගෝලයේ සුළු කැලඹීමක් තුලින් ගමන් ගත් යානය තරමක් දෙදරීමකට භාජනය වූවද, ගුවන් කාර්යමණ්ඩලය සිය සුපුරුදු වෘතීයමය සිනහව මුව රඳවාගෙන සිටියේ, මඟීන්ගේ චකිතය දුරු කරමිනි.

කිවයුතු විශේෂයක් නොමැතිව,  නිහඬ රාත්‍රී අහස තුලින් ඇදී ගිය බෝයිං 777 යානයේ බඳ, සඳ එලියට රිදීවන්ව බැබලුනි. its body glowing silver in the moonlight.


කාලෝස්ට කුමක් වේද?
අවසන් කොටසින් බලාපොරොත්තුවන්න.

To read the original English version CLICK here.
(කරුණාකර ගමනාන්තය දක්වා බඳපටි පැලඳ සිටින්න.)

References:


http://www.dailymail.co.uk/news/article-32111/Cuban-stowaways-died-jet-soared.html#ixzz2J5vFW3af


http://en.wikipedia.org


http://www.boeing.com/boeing/commercial/777family/pf/pf_200product.page


http://www.bbc.co.uk/news/magazine-19562101


http://www.slate.com/articles/news_and_politics/explainer/2003/12/do_jet_stowaways_ever_survive.html


http://www.slate.com/articles/news_and_politics/explainer/2003/12/do_jet_stowaways_ever_survive.html

 

Originally published @ HeyDude in English Language. Simulblogged @ මගේ ඩෙනිම for Blogger Lovers.

 

ටැග: , , , ,

135. මාරක පියසැරිය. Flight Beyond All Hope. Part 1. Dude’s Originals.

135. මාරක පියසැරිය. Flight Beyond All Hope. Part 1. Dude’s Originals.

Dude, Please Don’t Try It.

From: henryblogwalker
 
Dear Carlos,
 

Dude, I’m writing this to ask you not to do what you are about to do. Maybe... හිතවත්  කාලෝස්, මම මේ ලියන්නේ උඹ ඔය කරන්න හදන වැඩේ කරන්න එපා කියන්නයි. හරි, හරි, අපි කවදාවත් මුණ ගැහිලා නැති එක ඇත්තයි.  ඔව්, අපි මේ මූණු පොතේ යාලුවෝ විතරක් බවත් ඇත්තයි. මම ඇත්තෙන්ම උඹව අඳුනාගත්තෙ උඹ මගේ HeyDude බ්ලොග් එකේ  “Forgive Me Dude, If You Can”. පෝස්ට් එකට දාපු කමෙන්ට් එකෙන්නේ. මම සාමාන්‍යයෙන් නොකරන වැඩක් වුනත්, මට ඒ කමෙන්ට් එක මකන්න වුනා. නමුත් ඒ සිද්ධියන්ම තමයි මම උඹව අඳුනා ගත්තේ.

ඒ යාලුකම අදටත් එහෙමමයි. පිස්සු කෙලින්නේ නැතිව මම කියන එක අහපං.  ඔය වැඩේ කරන්න එපා බං.  ඕක මහාම මෝඩ වැඩක්.trying to do is stupid.

Carlos checked his gear for the last time with his checklist. කාලෝස් අවසන් වතාවටත් සිය ආම්පන්න කිහිපය, ලැයිස්තුවත් සමඟ සසඳා බැලීය. උණුසුම් බෝතලය, පැරණි වාහන ආසන පටියකින් ඔහුම සකසාගත් ආරක්ෂක බඳ පටිය, කන් ඇබ, උණුසුම් අත් වැසුම්…ear plugs, winter gloves,…

I once read in an old Reader’s Digest, under ‘Drama In real Life,’ යාලුවෙකුත් එක්ක, ජෙට් එකක රෝද කුටීරෙ අස්සේ හැංගිලා, වෙන රටකට යන්න හදපු කොල්ලෙක් ගැන, වතාවක් මම රීඩර්ස් ඩයිජස්ට් සඟරාවක, සත්‍ය කතාවක කියෙව්වා.  ඒකාගේ නම මිගෙල්ද මන්දා! කොහොම හරි උඹේ නම වගේම ස්පාඤ්ඤ නමක් තමයි  ඒකත්. ඔය ගුවන් යානයක් ගුවන් ගත වුනාට පස්සෙ, රෝද ඇකිලිලා ගිහින් හැංගෙන්න හදලා තියෙන රෝද කුටීරේ (ඕකට වීල් බේ, වීල් වෙල් නැතිනම් ලෑන්ඩිං ගියර් කම්පාට්මන්ට් කියලත් කියනවා) උෂ්ණත්වය, පීඩනය  පාලනය කරලා තියෙන තැනක්වත් වත් ඔක්සිජන් සැපයුමක් තියෙන තැනක්වත් නෙවෙයි. උන් නොමැරි බේරුනේ කොහොමද කියන එක මට නම් හිතාගන්නවත් බෑ. Howthey survived, beats me!

Another jet roared overhead climbing steeply into the gathering dusk and banking left. දැනටමත්  අඳුරු වෙමින් පවතින සැඳෑ අහස් කුස  වෙත දැඩි බෑවුමකින් ඉහල නගිමින්ම වමට හැරවූ ජෙට් යානයක එන්ජින් යන්ත්‍රවල ගෙරවුම පරිසරය සසල කලේය. ඒ මියුනික් කරායන ලුෆ්ට්හන්සා යානාව බව මේ වනවිට ගුවන් යානා කාලසටහන කට පාඩමින් දත්  කාලෝස් හඳුනාගත්තේය. ඊට අමතරව ඔහු පසුගිය සය මස තුලදී ගුවන් තො‍ටුපලේ ධාවන පථය අවට ප්‍රදේශයද හොඳින් අධ්‍යයනය කර තිබුනි.

එවිටම, මිලිටරි සපත්තුවකට බොරළු මැඩෙන හඬ ලඟින්ම ඇසුනේ, ඔහු අපේක්ෂාකල පරිදිමය. AK47 ස්වයංක්‍රීය අවි දරා, ගුවන් තො‍ටුපොල සීමාවේ ජංගම මුර සේවයේ යෙදෙන ආරක්ෂක භටයෝ දෙදෙන ඔහු සැඟවී සිටි ස්ථානය අසලින්ම පියමං කරද්දී, පඳුර පි‍ටුපස මුනින් වැතිර ගත් කාලෝස් නිසොල්මන්ව සිටියේය. He lay flat on his belly, behind the bush.
 
I checked this on the internet because you said your mind was set on thisweirdඹේ, මේ රෝද කුටීරෙක හැංගිලා අමෙරිකාවට පැනගන්න පිස්සු අදහස නිසාම, මම මේක ගැන සෑහෙන්න හොයලා බැලුවා, විශේෂයෙන්ම ජාලේ. මම හොයාගත්ත ලැබුන දේවල් දැක්කම පිස්සු හැදෙනවා. අර මම කිව්ව කොල්ලො දෙන්නා විතරක් නෙවෙයි බං, මේ වැඩේ කරලා තියෙන්නේ. වරින් වර, දේශපාලන ‍රැකවරණ පතන්න, බටහිර යස ඉසුරු හොයන්න, සරණාගතයො හැටියට  ඔය වගේ එක එක ජනප්‍රිය ලේබල් ගහගෙන සෑහෙන පිරිසක් රෝද කුටීරේ ගිහින් තියෙනවා. අමෙරිකන් ගුවන්  සේවා අධිකාරිය කියනවා, වසර 2000දි විතරක් 13 දෙනෙක් ඕවයේ හැංගිලා අමෙරිකාවට ඇවිල්ලලු. එයින් නොමැරි බේරිලා තියෙන්නේ තුන් දෙනයිලු. දෙදාස් එකේදි හය දෙනයි, එකෙක්වත් පණපිටින් ඇවිත් නෑ. The next year none of the six attempted the feat survived it.

wheelbaystowawaystarts

 Another departing Boeing 777 thundered down the runway with the powerful Rolls Royce engines roaring and whistling at the same time.  ම්පන්න රෝල්ස් රොයිස් ජෙට් එන්ජින් වලින් එක විට නැගුනු සිවුරුහම් හඬින් සහ ගිගුරුම් හඬින් වා තලය කම්පිත කරවමින්, තවත් නික්ම යන බෝයිං 777 ගුවන් යානයක් ධාවන පථය ඔස්සේ අධි වේගයෙන්   දිව ගියාය.  යෝධ එන්ජින් පසුපසින්  නිල් දැල්ලක් නිකුත් කරමින් ධාවන පථය කෙලවරින් ගුවනට නැගි අහස් යානයේ රෝද කට්ටල හැකිලී, යානයේ බඳ තුල සැඟවී යනු ඔහු බලා සිටියේ මිශ්‍ර හැඟීමකිනි. ඒ සමගම රෝද කුටීරයේ පියන්පත් වැසී යනු දු‍ටු කාලෝස්ගේ උදරය හිරි වැටීගෙන යනු ඔහුට දැනින.  felt butterflies in his stomach. Dude, like I said, when

I checked on the net, කාලෝස්, මම කිව්ව වගේ, ජාලේ හොයන කොට මේ වාර්තා 1947 වගේ ඈත කාලයක්  ඉඳන් පටන් ගන්න බව දැකලා මම හොල්මං වුනා. එදා ඉඳලා. 96 දෙනෙක්, ප්ලේන් 85ක රෝද කුටීරේ හැංගිලා ගිහින් තිබුනත්, එයින් 73ක් මැරිලා, 23යි පණ පිටින් ඇවිත් තියෙන්නේ. බාලම එකාට අවුරුදු නවයයි. අඩි 39,000ක් ඉහලින් ගිය ඒවයින් පණ ‍රැකගෙන තියෙන්නේ එකම එක මිනිහයි.  උඹ දන්නවද ඔය සෙල්ලම දාලා පණ ‍රැකගත්ත වුන්ගේ අනුපාතය 20.3%ක් විතරයි කියලා. ඔය ගාන ඔයිටත් අඩුවෙනවා කාලෝස්, මොකද ප්ලේන් එක බාන්න ආපහු රෝද එලියට එන්න අර දොර ඇරුනාම, වතුරට, ඔය කැලෑවල් වලට හෙම වැටිලා මිනියවත් හොයාගත්තේ නැතිවුන්ගේ ගාන කීයක්ද කියලා කවුරුවත් නොදන්න නිසා. not even recovered, could be not included in the survey.

Carlos peeped for any sign of the මු භටයන් පේනතෙක් මානයක සිටීදැයි හාත්පස විමසිලිමත්ව පරීක්ෂාකල කාලෝස්, මිටි බඩ වැටිය ඔස්සේ , පඳුරින් පඳුරට මුවා වෙමින් ධාවන පථයේ කෙලවර වෙත හැල්මේ දුවන්නට විය.  උණුසුම ‍රැකෙන පරිදි ඝනව නිමවා තිබූ ශීත සෘතුවට පළඳින පාවහන්වල  රබර් අඩි, තණ බිම මත කිසිදු හඬක් නොනැගීය. heavily padded winter boots with thick rubber soles made no noise on the grass.

The higher the altitude and longer the flight time, fewer the odds of survival යානය ගමන් කරන උසත්, ගමනට ගතවෙන කාලයත් වැඩිවෙන තරමට පීඩනය, උෂ්ණත්වය පාලනය කිරීමක් නැති ගුවන් යානා රෝද කුටීරෙක පණ ‍රැක ගැනීමට ඇති ඉඩකඩ  අඩුවෙනවා.

අනික,  සෙල්සියස් අංශක සෘණ 45කට විතර පහල යන උෂ්ණත්වයට මූණ දෙන්න සූදානමක් නැති එකා, සීතලට ගල්වෙලා මැරෙනවා.

ඒ ඔක්කොමටත් වඩා, ඉහල අහසේ ඔක්සිජන් ඝනත්වය අඩු කම නිසා පණ‍රැක ගන්න තරම් ඔක්සිජන් ප්‍රමාණයක් නැතිවා මදිවට, අඩු පීඩනය නිසා සාමාන්‍ය විදියට හුස්ම ගන්න පෙනහලු වැඩ කරන්නෙත් නෑ.

ඉතින් ඔක්සිජන් හිඟ කමයි, දරදඬු වෙලා ගල් ගැහෙන සීතලයි නිසා, ඕකෙ යන මිනිස්සු සිහි මුර්ඡා වෙනවා, ඒ නිසාම, ප්ලේන් එක බාන්න, අඩි 1500ක් විතර ඉහලකදි, අර පියන් ඇරිලා, රෝද පාත් කරන කොටම සිහිමුර්ඡා වෙලා ඉන්න මිනිහා, රෝද කුටීරෙන් බිමට ඇදගෙන  වැටිලා මැරෙන්න තියෙන අවස්ථාව හරිම ඉහලයි. ඒ වෙලාවට සිහිය ඇවිත් තියෙන වාසනාවන්තයෙකුට  විතරයි අර මිදිලා, ගල් ගැහිලා, හිරිවැටිලා තියෙන අත් වලින් ඔය මොකක හරි එල්ලිලා බිමට නොවැටි ඉන්න චාන්ස් එක තියෙන්නේ.

මම දේසනාවක් පවත්තනවා කියලා උඹට හිතෙනවද මන්දා? Do I sound like a teacher?

Carlos was out of breath when he finally arrived at the vantage කාලෝස් සැලසුම් කල ස්ථානයට ලඟා වන විට සිටියේ හති ලමිනි. සරුවට වැඩුනු මිටි පඳුරකට මුවාව බිම ඇණ තියාගත් කාලෝස්, සිය පිටෙහි එල්ලා ගෙන ආ  මල්ල උරහිසින් පැන්නීය. එකක් මත එකක් හැඳගත් ඩෙනිම් ජීන්ස් දෙක හා අත්දිග කමිස දෙක නිසා ඔහු දැනටමත් දහඩියෙන් තෙත් වී සිටියේය. මේ සියල්ලටම උඩින්, කෘතිම සමින් නිමකල ඝන කබාය හා කලිසම ලොම් ආවරණයකින් සමන්විත සම් අත්වැසුම් සමඟ  හැකි තරම් පමාවී  හැඳ ගැනීමට ඔහු තීරණය කලේය. ඔහුට මේ අදහස ලැබුනේ හෙන්රිබ්ලොග්වෝකර්ගේ ඊමේලයෙනි.පැරණි වාහන ආසන පටියකින් සෑදූ ආරක්ෂක බඳ පටිය පැලඳිය යුත්තේ කබායට පිටිනි. salvaged from the scrap yard should be worn over the jacket.

It’s not easy for a prospective wheel bay stowaway ය රෝද කුටීරෙ හැංගිලා යන කෙනෙකුටත් සාමාන්‍යයෙන් ගුවන් තො‍ටුපලක තියෙන දැඩි ආරක්ෂාව අස්සෙන් වැටෙන් රිංගලා, හොරෙන්ම ඇතුලට පැනගන්න එක ලේසි වැඩක් නෙවෙයි. නමුත් ගුවන් තො‍ටුපොල ආරක්ෂාව ලෝකෙ හැම තැනකම එකම ආකාරය නෙවෙයි. ඉතින් හුඟ දෙනෙක් කරන්නේ, කලින්ම ඇතුලට පැනලා, හැංගිලා ඉඳලා, ප්ලේන් එක ගුවන් ගතවෙන්න මොහොතකට කලින්, දුවලා එල්ලෙන එක. උඹලෑ රටේ නම් ආරක්ෂාව කොහොමද මම දන්නේ නෑ, ඒ කොහොම වුනත් ඕක නම් මහම පිස්සු වැඩක් කියලා කිව්වෑකි.  Still, it is a mad scheme to try.

Carlos glanced at his cheap digital  කාලෝස් සිය බාල වර්ගයේ ඩිජිටල් අත් ඔරලෝසුව දෙස නෙත් හෙලීය. ගුවන් යානය මේ වෙන විට මෙතැනට පැමිණිය යුතුය. ගුවන් තො‍ටුපල පර්යන්ත ගොඩනැගිලි  සහ වාහන වලින් නැගෙන දැඩි ආලෝකය නිසා ඇස් කුඩා කල කාලෝස් ඈත ගුවන් තො‍ටුපලේ සිදුවන දෑ  නිරීක්ෂණය කලේය. අර පෙනෙන්නේ ගුවන් යානා අදින  ටෝ ට්‍රැක්ටරය ගුවන් යානය පසු පසට තල්ලු කරනවා නේද? 

ඉන් අනතුරුව ගුවන් යානාව ස්වාධීනව සිය එන්ජින් බලයෙන් උපයෝගී කරගෙන ධාවන පථය දෙසට ලැසි ගමනින් එන බව සහතික කර ගැනීමට ඔහු තවත් දෑස් කුඩා  කලේය. the plane actually started to taxi towards the runway under its own power.

It’s no wonder so many තින් කාලෝස් උෂ්ණත්වයවත්, පීඩනයවත් පාලනය නොකල, ඔක්සිජන් සැපයුමක් නැති  ගුවන් යානා රෝද කුටීරයක හැංගිලා යන හුඟ දෙනක් ගුවන් ගාස්තුව ගෙවන්නෙ ජීවිතයෙන් කියන එක පුදුමයක් නෙවෙයි නේද? landing gear compartment with no oxygen supply,  with their lives.

The Boeing 777 taxied slowly towards the end of the runway බෝයිං 777 යානය ටැක්සි මග ඔස්සේ, ධාවන පථයේ කෙළවර කාලෝස් සැඟවී සිටි ස්ථානය අසලට ලැසි ගමනින් පැමිණියාය. කාලෝස් මල්ල විවෘත කර සිය ආම්පන්න පිටතට ගත්තේය. කෘතිම සමින් නිමකල ඝන කබාය ඇඟලා ගැනීමට පෙර, ඔහු  සමින් නිමැවූ කලිසම, එකක් මත එකක් හැඳ සිටි රළු ඩෙනිම් ජීන්ස් දෙකට උඩින් ඇඳගත්තේය. තරමක් අසීරුවෙන් සිzපරය වසාගැනීමෙන් අනතුරුව, උණුසුම් අත්වැසුම්ද ලා ගත් ඔහු, අවසන් වශයෙන්, ආසන පටියෙන් සාදාගත් ආරක්ෂිත පටිය ඉණ වටා පළඳා ගාංචුව සවිකර ගත්තේය. තැඹිලි පැහැ මෘදු රබර් කන් ඇබ කන් සිදුරු වලට ඇතුරු කිරීමට පෙර, පහන් තිර සේ ඇඟිලි වලින් අඹරා ගැනීමට ඔහු කල්පනාකාරී  විය. ear plugs and rolled them  into thin wicks before inserting them deep into his ears.

DSCN8302 - CopyThe rumble of the Boeing 777’s powerful engines changed the note as it slowed up.  බෝයිං 777 යානයේ වේගය අඩුවෙත්ම,  බල සම්න්න ජෙට් එන්ජින් වල ගෙරවුම් හඬ බාල විය.  කාලෝස් සැඟවී සිටි ස්ථානයට මඳක් ඔබ්බෙන් වූ ‍රැඳවුම් ස්ථානයේ නැවැත්වූ යානය, ගුවන් යානා  පාලක කුළුනෙන් ගුවන් ගත වීමට අවසර ලැබෙන තෙක් බලා සිටියාය. කාලෝස් පුල පුලා බලා සිටි අවස්ථාව එලඹ ඇත.  for the clearance from the control tower. It was now or never.
 

The stowaways usually hide nearby the end of the runway where the aircraft would taxi to, සාමාන්‍යයෙන් හුඟ දෙනෙක් කරන්නේ, අහස්යාත්‍රාව හෙමිහිට ධාවන පථයේ කෙලවරට ඇවිත් ආපහු හැරිලා පාලක කුළුනෙන් අවසරය දෙනකල් නවත්තාගෙන බලා ඉන්නතැන කිට්‍ටුව හැංගිලා ඉන්න එකයි. නැතිනම් ගුවන් තො‍ටුපලේ සැලැස්ම අනුව, යානය ටැක්සිවේ එකේ ඇවිත් ධාවන පථයට ඇතුල්වෙන්න කලින් නවත්තාගෙන ඉන්න නියමිත තැනක් කිට්‍ටුව වැහි වතුර බැහැලා යන්න හදලා තියෙන කාණුවක වැතිරිලා ඉන්න එකයි. මෙහෙම ඉඳලා දුවලා ගිහින් රෝදෙට නැගලා, රෝද කුටීරය ඇතුලට රිංගනවා. stowaway would run and mount the landing gear and haul himself into the wheel compartment.

DSCN8273
Carlos looked around. The coast was clear. කාලෝස් අවට බැලීය. කිසිවෙකු පෙනෙන්නට නැත. ඔහු සිටියේ යානයේ පසුපස නිසා නියමු කුටියේ කවුලුවලින් නියමුවන්ගේ හිස් හෝ යානයේ බඳේ කවුලු වලින්  ඔහු දෙස එබී බලන මගියෙකුගේ හෝ මුහුණු කිසිත් නොදිටීය. “මට ඔහුව නොපෙනේනම්, ඔහුටද මා දැකිය නොහැක” යන ඔහුගේ පියාගේ කියමනක් කාලෝස්ට සිහිපත් විය. වහා නැගීසිටි කාලෝස් ගුවන් යානයේ යෝධ රෝද කට්ටලය වෙත වේගයෙන් දුව ගියේය. He sprang to his feet and raced towards the giant undercarriage.
DSCN0415 - Copy
කාලොස්ගේ ඉරණම කුමක්වේද.?
දෙවන කොටසින්.

ඔබට එතෙක් බලාසිටිය නොහැකි යයි හැ‍ඟේ නම්, දෙවැනි කොටසේ ඉංග්‍රීසි මුල් පිටපත කියවීමට HeyDude බ්ලොග් අඩවියට මෙතනින්.

මෙම ලිපියේම ඉංග්‍රීසි මුල් පිටපත රස විඳීමට HeyDude බ්ලොග් අඩවියට මෙතනින්.ඉංග්‍රීසියට හොර, මගේ කම්මැලි සහෘදයන්ගේ ඉල්ලීම නිසාම 😀 අමාරුවෙන් සිංහලට නැගුවත්, මුල් පිටපතින් ලැබෙන වින්දනය මෙයින් ලැබේදැයි මට නම් සැක සහිතය. අවම වශයෙන් මෙය  කියවා, ඉන් පසුව මුල් ලිපිය කියවා,  ඔබම වෙනස වටහා ගන්න.
P.S:

This is the blog post I took the longest to compose. If you just check the last countdown post I published as a prologue to this, you would understand what I mean. It was published on February 28th.  I started writing this even before that. Obviously, it took so much research as I wanted to be as accurate with facts as possible.I also would like to thank my children  Hirusha and Hiruni, my wife Deepa and the fellow bloggers Senna and Chams who kept reminding me of this post ever since the countdown post was published.

References:






Originally published @ HeyDude in English Language.
Simulblogged @ මට හිතෙන හැටි WordPress Lovers.

 

ටැග: , , , , ,

134.මා මෙතෙක් ලියූ අසීරුම බ්ලොග් ලිපිය. The Flight Beyond All Hope!

134.මා මෙතෙක් ලියූ අසීරුම බ්ලොග් ලිපිය. The Flight Beyond All Hope!

The jet is soaring high…ඉහල අහසේ පියඹන ජෙට් යානාවෙ මම ඉඳගෙන ඉන්නේ, ඕනෙම වාහනයක මගේ ප්‍රියතම අසුන වන කවුළුවක් අසලයි. ඉදිරි අසුනේ ඇන්දේ සවිකර ඇති LCD තිරය වෙත මගේ දෑස් යොමු වෙනවා. මුහුදු මට්ටමේ සිට උස අඩි 37000 යි. යානයෙන් පිටත අහසේ උෂ්ණත්වය සෙල්සියස් අංශක සෘන 37යි. (-37˚C). ජනෙල් කවුලුවෙන් පිටත බලන මගේ ඇස ගැටෙන්නේ, වායුගෝලයේ ඇති කැළඹුමට හසුව ගැහෙන ගුවන් යානාවේ ත‍ටුව. මේ මොහොතේ ගුවන් යානාවෙන් පිටත සිටින ඕනැම කෙනෙක්, ඔව්, සුපර්මෑන් වුනත් සීතලෙන් මිදිලා මියයනවා සිකුරුයි…even the super man would have frozen to
death.

Suddenly, I think of the ‘Drama In real Life’ story… මම වසර ගණනාවකට පෙර, රීඩර්ස් ඩයිජස්ට් සඟරාවක කියැවූ, ගුවන් යානාවක රෝද කුටීරය තුල සැඟව වෙනත් රටකට පළායන ළමුන් දෙදෙනෙකුගේ සත්‍ය කතාවක් මගේ හිතට එන්නේ නිතැතින්ම.

The landing gear bay or the undercarriage compartment or wheel well, whatever you call it is neither heated nor pressurized.. ගුවන් යානාව ගුවන් ගතවූ පසු හැකිලී ඇතුලට එන රෝද තැන්පත්වීමට ඇති කුටීරය වායුගෝලීය පීඩනය රඳවාගැනීමක් හෝ ඔක්සිජන් සැපයුමක් හෝ නොමැති තැනක්. එවැනි තැනක ඔවුන් දිවි‍ රැකගත්තේ කොහොමද? ගෙදර ගිය විට මගේ පැරණි රීඩර්ස් ඩයිජස්ට් සඟරා එකතුව අවුස්සා ඒ ලිපිය නැවත කියවා බැලීමට මම හිතාගන්නවා. මට ඒ කතාව ඇසුරෙන් මගේ ඉංග්‍රීසි සිංහල බ්ලොග් දෙකටම කතාවක් ලියන්නත් පුලුවන්!… Well I can blog it in HeyDude and My Blue Jeans.

What I discovered later, when I Googled ‘wheel well stowaway’… මා පසුව ගූගල් ආධාරයෙන් අන්තර්ජාලයේ සැරි සරා සොයා ගත් තොරතුරු වලින් මම ඉමහත් විශ්මයට පත් වුනා.

ඇත්තෙන්ම එවැනි දෙයක් කර තිබුනේ ඒ ළමුන් දෙදෙනා පමණක් නෙවෙයි!

ගුවන් යානා රෝද කුටීරයේ සැඟවී ගමන් කිරීමේ වාර්තාගත ඉතිහාසය 1947 වැනි ඈත කාලයක් දක්වා ඈතට දිව යනවා. එවක් පටන්, වරින් වර, පුද්ගලයින් 96 දෙනෙක් ගුවන් යානා 85 ක රෝද කුටීර තුල සැඟවී ගමන් කර ඇතත් ඉන් 73 දෙනෙක්ම ජීවිතක්ෂයට පත් වෙලා! දිවි ගලවා ගත්තේ 23 දෙනයි. මොවුන්ගෙන් ලාබාලතමයාගේ වයස අවුරුදු නවයයි. වරක් අයෙක් අඩි 39,000ක් ඉහලින් ගමන් කල ගුවන් යානාවක සැඟවීත් දිවි ගලවාගෙන තිබුනා…survived the cruising altitude of 39,000ft.

Please standby for henryblogwalker original.

Flight Beyond All Hope!

Coming up next…

DSCN7929

ඔබ ඔය කියෙව්වේ මම පෙබරවාරි 28දා HeyDude බ්ලොග් අඩවියට ලියූ පෙරවදනයි. ඒ වන විටත් සෑහෙන දුරට වැඩ අවසන් වී ඇතැයි මා හිතාහිටි ලිපිය මා සිතූ තරම් ඉක්මනින් පළ කිරීමට නොහැකි වුනේ එය ඒ තරම්ම සංකීර්ණ, දුෂ්කර ලිපියක් බැවිනුයි.

මෙය සිදුවීම ප්‍රබන්ධයක් වුවත්, මෙහි දක්වා ඇති දත්ත සත්‍ය ඒවා වියයුතු අතර, කතාව හැකි තරම් සත්‍යයට සමීපවන අයුරින් නිමැවිය යුතු බව මම සිතුවා. ප්‍රමාදයට හේතුව එයමයි.

මේ ලිපියට කුමක් වීදැයි විපරම් කල මගේ දරු දෙදෙනාටත්, බිරිඳටත්, බ්ලොග් සහෘදයින් වන සෙන්නාටත් චාම්ස්ටත් මගේ ස්තුතිය.

ඔබ ඉංග්‍රීසි බසින් එය කියවීමට අකමැත්තක් නැත්නම්, දැන් මේ ලිපිය කියවීමට ඔබ තව දුරටත් බලා සිටිය යුතු නෑ.

ඒ ලිපිය පළවුනා.

ඔබ කලයුත්තේ පහත සබැඳිය මත ‘ක්ලික්’ කිරීම පමණයි. සැබැවින්ම මෙවැනි තාක්ෂණික කරුණු ලිපියකට වඩාත් ගැලපෙන බසද ඉංග්‍රීසිය බවද කිව යුතුමයි. මේ දැන් ඔබ කියැවූ ලිපිය සිංහලට නැගීමේදීත් මම නව අත්හදාබැලීමක් කලේ ඒ බව ඔබටම වටහා දෙන්නටයි.

සමහරවිට මෙය ශ්‍රී ලාංකික රචකයකු මේ තේමාවෙන් (aviation topic) නිමැවුමක් කල පළමු අවස්ථාව වීමට ඇති ඉඩ කඩද බොහෝමයි.

එහෙනම් මෙන්න සබැඳිය.

Flight Beyond All Hope. Part 1. Dude’s Originals.

??????????

 

ටැග: , , , ,