RSS

3. පැඩිඩිලියන්ලා

16 Jul
3. පැඩිඩිලියන්ලා

අපි අධිරාජ්‍යවාදීන්ගෙන් නොයෙකුත් දේවල් අරන් තියනවනෙ. කමිස, සපත්තු, එතකොට සිල්වා, පෙරේරා වගෙ දේවල් සිංහල නොවන බව නොදන්න කට්ටියත් අප අතර ඉන්නවා. ඒත් අහල තියෙනවද පැඩිඩිලියන්ල ගැන?

මට හිටියනෙ සෙට් එකක්ම පැඩිඩිලියන්ලා. සෙට් එක කියන්නෙ පවුලක්ම. උමේෂ් පැඩිඩිලියන් මට හම්බ උනෙ පේරාදෙනියෙ අපේ පූර්ව සේවා පුහුණුවෙදි, (සිංහලෙන් නම් Pre-service Training) මූ තරමක හැන්ඩියා – ටිකක් මඩුගල්ල වගෙ.

අම්මෝ එහෙම කාලයක්… වැඩි විස්තර කියන්නම්කො පස්සෙ බ්ලොග් වල.

ප්‍රී සර්විස් එකෙන් පස්සෙ උමේෂුයි මායි දෙන්නම දාපි අනිවාර්ය දුෂ්කර සේවයට අම්පාරට. හොඳ වෙලාවට අපි දෙන්නම වැ‍ටුනෙ නගරයෙම තියන ලඟ ලඟ ඉස්කෝල දෙකකට. සාමාන්‍යයෙන් දුෂ්කර සේවයට යන හැමෝම වගෙ දුෂ්කර සේවය දකින්නෙ පන පිටින් අපායකට යෑමක් වගෙනෙ. ගිය දා ඉඳල බලන්නෙ ආපහු මාරුවක් හදාගෙන එන්නයි. අපිත් ඉතිං එහෙමම තමා. හැබැයි  කාලයක් ගියාම ජීවිතේ දිහා ආපහු හැරිල බලනකොට දැන් ඒ පලාත් ගැන තියෙන්නෙ ඇත්තටම  nostalgia  එකක්. (ඒකෙ ඉංග්‍රීසි වචනෙ නම් දන්නෙ නැ පු‍තෝ. ඔරොප්පු අවසර! )

මේ පැඩිඩිලියන් සෙට් එකේ තියෙන කැපී පෙනෙන අංගය තමයි කට. ‘කට නැත්නම් යකෝ මෙලහට බල්ලොත් ඇදගෙන ගිහිල්ලා අපිව’ කියල තමයි  ස්වයං අර්ථකතනය කට ගැන. අනික රස හෝ නීරස ඕනැම කතන්දරයක් ලුණු ඇඹුල් දාලා, ඇදල පැදල, කටෙන් වෙට්‍ටු දාලා, තමයි කියන්නෙ ව්‍යක්ත සිංහලෙන් හෝ ඉංග්‍රීසියෙන්.

අම්පාරට අපි යන්නෙ නුවර පාරෙ – වංගු 18, මහියංගනය, පදියතලාව හරහා. ඕකෙ යන්නෙත් අර එල්ෆ් රූට් වෑන්, හයි ඒස්, වගෙ බට්ටො. ඒ දවස් වල දන්නවනෙ මග දිගට චෙක් පොයින්ට්. දවසක් පදියතලවෙ හරි මහඔය හරි කට්ටිය බස්සල චෙක් කරනවලු. දන්නවා ඇතිනෙ ක්‍රමය? මුලින්ම වාහනේ නවත්තල කට්ටිය බහිනව. “හා අයිඩෙන්ටිටි කාඩ්, බෑග් අරන් පෝලිමේ එන්න!” කියල අණ ලැබෙනව. වාහනේ චෙක් පොයින්ට් එක පහු කරල ගිහින් නවත්තගෙනෙ බලා ඉන්නව. චෙක් කරල  ඉවර අය එක එක්කෙනා ගිහින් වාහනේට නගිනවා.

එදා උමේෂය තියාගෙන ප්‍රශ්න කරනවලු. බස් එකේ ඉන්න උන් බලා ඉඳල ඉඳල මල  පැනලලු. ඒත් මූ නෑලු. අන්තිමට සැහෙන වෙලාවක පස්සෙ මූව එවල. මූ මූන රතු කරගෙන ඇවිත් බස් එකට නැග්ගම මිනිස්සු පටන්ගත්තලු මුගෙන් මුල ඉඳල ප්‍රශ්ණ කරන්න.

“මොකද මහත්තයො මෙච්චර වෙලා?”

“ආ.. ඒ මගෙ නම ටිකක් හොල්මන්නෙ. අරගොල්ලාන්ට පොඩ්ඩක් සැකයි”

“ඇයි මහත්තය සිංහල නෙවේද? ” මිනිස්සු ඇහුවලු ටිකක් සැකෙන්.

“සිංහල තමයි ඕයි” දැන් මුගෙත් රතු කට්ට පැනගෙන එන්නෙ.

“හැබෑටම මොකකද මහත්තයගෙ නම?” පොරක් දැන් සාම ටෝක්.

“උමේශ් පැඩිඩිලියන්”

කට්ටියම හොල්මන්ලු දැන්.

“පැඩි.. මොකක්?”

“පැඩිඩිලියන්”

“ඒ මොන නමක්ද මහත්තයො?”

“මේකනෙ, අපේ මී මුත්තා ඉස්පාඤ්ඤ කාරයෙක්නෙ.” මූ කියපි.

“මොන මගුලක්ද මහත්තයො. මනුස්සයෙකුට කියවගන්න පුලුවන් නමක් දාගන්නවකො නිකන් මේ මිනිස්සු රස්තියාදු නොකර!!

මූ පස්සෙ අපිට කතාව කියනකොට පොර හොඳටම කූල් වෙලා හිටියෙ.

 

ඉතුරු කතා පස්සෙ අහමුකො.

 

ටැග: , , ,

10 responses to “3. පැඩිඩිලියන්ලා

  1. hirunijayawardenehirunijayawardene

    ජූලි 17, 2011 at 1:17 පෙ.ව.

    ha ha ha, hoda welawata pita ohoma nam nathe!!!!!!!!!!!!!

     
  2. hirunijayawardenehirunijayawardene

    ජූලි 17, 2011 at 1:18 පෙ.ව.

    ha ha ha hoda welawta apita ehema nam naha…..

     
  3. kokila

    ජූලි 22, 2011 at 1:23 ප.ව.

    great…would like to hear more….

     
  4. deepa

    අගෝස්තු 9, 2011 at 12:12 ප.ව.

    blogwalker,

    Matanam hitheney mey boowa aaye nam oya nam kala kiyanaeka athaarina athi bus ekey yana ayata parakuwimata nidahasata karunu kiyanakota. Ewagema tikak wellasana yaana bus ekakata naginna aththi mokada check point wela tikak wela gathakarnawenawane mey diwapattalena namath ekka. Ane pauw !

    DJ

     
  5. Observer

    අගෝස්තු 19, 2011 at 5:05 පෙ.ව.

    මං මේ බ්ලොග් එක කියවන්නෙ අග ඉඳල මුලට හින්ද අදනෙ දැක්කෙ මේ “පැඩිඩිලියන්” කෑල්ලෙ තේරුම. හෙහ්……හෙහ්…..හෙහ්….නම් ගැන කියන්න ගියාම නං ලෝකෙ නැති කතා තියෙනව.

    හෙන්රි අහලත් ඇති, වර්ණපාල තියරිය පිළිබඳව ප්‍රසිද්ධ, කලක් මහ බැංකුවෙ අධිපති හැටියට, ලංකාවේ වලංගු මුදල් නෝට්ටු වල පවා අත්සන් කල මහාචාර්ය වර්ණපාල රාසපුත්රම් සිංහල මනුස්සයෙක් කියල

     
    • henryblogwalker

      අගෝස්තු 19, 2011 at 4:47 ප.ව.

      වර්ණපාල තියරිය මම නම් ෆලෝ කලේ නැහැ. නමුත් නියම තියරිය නේද?
      ඔබී බැංකු අධිපති ආචාර්ය වර්ණසේන රාසපුත්‍රම් මට මතක හැටියට. එයාගේ ලඟම නෑයෙක් මගෙත් එක්ක වැඩ කරලා තියෙනවා.ඒකයි මට ඔච්චර මතක. වැලිගමද කොහෙද ගම.

       
  6. Hasitha

    දෙසැම්බර් 20, 2011 at 10:52 පෙ.ව.

    nostalgia කියන එකට ඉංග්‍රීසියෙන් නම් කියන්නේ සාංකාව, කාන්සාව කියලා🙂

    @Observer

    වර්ණපාල තියරිය ඇප්ලයි කළා කියන්නේ මහාචාර්ය විශ්වා වර්ණපාල නේද ???

     
  7. Sarath Lankapriya

    අගෝස්තු 2, 2012 at 1:20 ප.ව.

    ආවා.. පමාවී හෝ ආවා.

     
  8. DDT

    අගෝස්තු 12, 2012 at 9:07 ප.ව.

    හෙන්රි අයියගෙ පරණ ලිපි කියවන්න හිටියට දවසෙන් දවස පස්සට යනව. අළුත් කතාව කියවල දැන් ඔන්න ‘පැඩිඩිලියන්‘ සීරීස් එක කියවන්න යන්නෙ.

     

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

 
%d bloggers like this: