RSS

Monthly Archives: අගෝස්තු 2011

15. පිස්සු බම්ප් වෙනවා මෙයා!!


මම සාමන්‍යයෙන් ඊ වල තියෙන දේවල් බ්ලොග් කරන්නෙ නැහැ. නමුත් මේකටනම් පිස්සු බම්ප් වෙනවා. මේක සිංහලට පරිවර්තනය කරන්න ඕනෙ නැහැනෙ රසය මරන්න. ඔන්න එහෙනම්. හැබැයි කමෙන්ට් එකක් නොදැම්මොත් නම් වැඩක් නැහැ. මේක එව්වෙ පුංචිම මහාද්වීපයෙ නැගෙනහිර පැත්තෙ ඉන්න නැන්දා කෙනෙක්.

At the end of this message, you are asked a question.
Answer it immediately.

Don’t stop and think about it.

Just say the first thing that pops into your mind.
This is a fun ‘test’…

AND kind of spooky at the same time!
Give it a try,
then e-mail it around (including back to me)
and you’ll see how many people you know
fall into the same percentage as you..
Be sure to put in the subject line if you
are among the 98% or the 2%.
You’ll understand what that means
after you finish taking the ‘test..’
Now – just follow the instructions
as quickly as possible.
Do not go to the next calculation before
you have finished the previous one..
You do not ever need to write
or remember the answers,
just do it using your mind.. You’ll be surprised..

Start: How much is: 15 + 6


 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

21

3 + 56

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

59

89 + 2

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

91

12 + 53

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

65

75 + 26


 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

101

25 + 52


 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

77

63 + 32

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

95

I know! Calculations are hard work,
but it’s nearly over..

Come on, one more! ….

123 + 5

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

128

QUICK! THINK ABOUT
A COLOR AND A TOOL!

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Scroll further to the bottom….

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

A bit more…

 

 

 

 

 

 

 

 

 

You just thought about a red hammer, didn’t you?

If this is not your answer,
you are among 2% of people who have
a different, if not abnormal, mind.

98% of the folks would answer a  
red hammer while doing this exercise.

If you do not believe this,
pass it around and you’ll see.

Be sure to put in the subject line if you
are among the 98% or the 2%
and send to everyone,
including the person that sent it to you.

 

— “When you are dissatisfied
And would like to go back to youth,
Think of Algebra.”

 
ප්‍රතිචාර 19

Posted by මත අගෝස්තු 31, 2011 in Uncategorized

 

14. උගෙ වර්ෂන් එක, මගෙ වර්ෂන් එක සහ හරි වර්ෂන් එක


කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුය කියලා කිව්වට සමහර වෙලාවට මට ඇහිලා තියෙන්නෙ කියන වර්ෂන් නෙවෙයි මට ඕනැ වර්ෂන් එක. හරියි කියලා හිතාගෙන හිටපු සමහර දේ කොච්චර වැරදිද කියලා තේරෙන්නෙ කාලයක් ගියාට පස්සෙ.
පොතක් කියවන කොට මැවෙන්නෙ නැද්ද හිතේ මනෝ රූපයක්? හැබැයි චිත්‍රපටයක් බලන කොට එහෙම වෙන්නෙ නෑ. හිතමුකො මම කියවනවයි කියලා නිව් යෝර්ක් නගරයේ වීදියක සිද්ද වෙන සිද්ධියක් ගැන. මගෙ හිතේ මැවෙන්නෙ මම දන්නා කියන තැනක්, සමහරවිට මහා නගරයක් වෙන්න අවශ්‍යත් නෑ. ඒ කතාවම කාලයක් ගිහින් නැවත කියවන කොටත් අර මනෝ රූපයෙත් කිසිම වෙනසක් නෑ. ඒකමයි. ඒ මගෙම වර්ෂන් එක.

මම මේ කියන්න යන්නෙ මේකටම අදාල තව දෙයක්. අහල තියෙනවද අපේ අම්මලාගෙ කාලයට අයත් මෙන්න මේ සින්දුව කවදහරි? මමත් අහල නෑ, ඇහිල තියෙනවා. හැබැයි මට ඇහිල තියෙන්නෙම,
“ජීවන විල මැද.. වැජඹෙන කැකුලකි.. රූ බර හූනුවතී…” කියලා මගෙම වර්ෂන් එක . සින්දුව දන්න අයට කේන්ති යන්න ඇති. ඕකෙ නියම වචනෙ රූබර හූනුවතී නෙවෙයි රූබර වූ යුවතී. මට මැවිලා පේනව උලුවස්සෙ ඉඳන් බලාගෙන ඉන්න හූනු නෑම්බියක්ව.

එතකොට අර මලක පැතුම කියන නන්දා මාලිනීයගෙ සින්දුවෙ අන්තිම පේලිය,
“මගේ පරම පැතුම එයයි..// එතකොට මා ගුටි කරන්න” (හරි එක ‘එමගට මා විසි කරන්න’)

මේ තව එකක්
“සොඳුර සොඳුර මගේ – අඳුර අඳුර මගේ
නොයනු මැනවි දා ආආආ – තනිකර එලියේ..”
ඒ පාර නම් අප්සෙට් එකක් නැහැ නේද? වචන ටිකනම් හරියට ආවා තමයි. නමුත් අප්සෙට් එක තියෙන්නෙ චිත්ත රූපෙ. තනිකර එලියෙ දාගෙන යන්නෙ නැතුව බාගෙට එලියේ දාගෙන යන්න කියලද කියන්නෙ කියල හිතට නැගෙන්නෙ නිතැතින්මයි.

එතකොට…
“පා වේ වලා… ඈත කඳු බලා…” චිත්ත රූපෙ මැවෙන්නෙ වලාකුල් නෙවෙයි. එහෙනං? හොඳටම බීලා සරම උස්සගත්ත (වල් පොරක්) කන්දක් නැගගෙන යනවා. හැබැයි ඕක නම් උනේ අර “ස” ප්‍රසංගයට ගැහුව කුණුහබ්බ කැසට් එක ඇහුවට පස්සෙ.

හරි බඩු ඉවර නෑ නමුත් දැන් සිංහල සින්දු නවත්තමු මොකද බුවාලට හිතෙන්න පුලුවනි මම සිංහල හෝ ප්‍රබුද්ධ ශිල්පීන් එක්ක යම්කිසි වෛරයකින් පසු වෙනවා කියලා. අනේ එහෙම නම් එකක් නෑ. මම ඔය මෙගා ස්ටාර් තරඟ වලට ගිහිල්ලම නෑ.
හොඳයි, මේක මේ මට විතරක් තියෙන සින්ඩ්රෝම් එකක් කියල හිතන්න එපා. මෙන්න එක ඉංග්‍රීසි සින්දුවක් ඉස්සර මගෙ හොඳම යාලුවෙකුට ඇහුනු හැටි.
“ලක්ස් ගාලා හෝදනවා, මම හෝදනවා…ආආආ. (මොනව බං? එහෙම කියනවද ඒකෙ?)
එතකොට මොකක්ද ඔය කියන සින්දුව? කෝ බලන්න අහල.
“Love’s gotta hold on my mind…” (ඇත්ත නේන්නං.)

එතකොට Madonna ගෙ “Laisla Bonita” සින්දුව නම් කවුරුත් අහලා ඇතිනේ.
මෙන්න තව බුවෙකුට ඒකෙ එක පේලියක් ඇහෙන හැටි!
Last night I had some potatoes… ඌ….ප්ස්!!
ඒක ඇත්තටම “Last night I dreamt of San Pedro…” කියන නියම වචන පේලියට වැඩිය ගැලපෙනවා. අහලම බලන්නකො බොරු කියලා හිතනවා නම් . දැං මටත් ඇහෙන්නෙ එහෙම.

හරි සංගීතෙ ඇති.

මං පොඩි කාලේ රේඩියෝ එකේ නිතර ඇහෙන දෙයක් තමයි ” අහවල් රටේ සංචාරයේ යෙදුනු, අහවල් ඇමතිවරයා, අද රාත්‍රී පෙරලා සැපත් වෙයි.” කියන එක. මට මතක් වෙන්නෙම පු‍ටු, මේස, බැරල්, කුණු බාල්දි, පලංචි සේරම අනිත් පැත්ත පෙරලලා, යකා නටලා, සරම උස්සගෙන එන බෙල්ල, බඩ මහත බුවෙක්. මගෙ යාලු බුවෙකුට මතක් වෙන්නෙ පිටරටක ගිහිනුත් කසිප්පු පෙරපු සීන් එකක්ලු. පුදුමයක් නෑ. කැලේ මාරු වුනාට පුල්ලි මාරු වෙන්නෙ නෑයි කියනවනෙ. ඒ වුනාට රටේ නම්බුව ගැන හිතන්න තිබ්බ. නැත්තං අහු නොවෙන්න පෙරන්න ඕනෙ.

එතකොට Dag Hammerskjöld (ඕක සිංහලෙන් ඩැග් හැමර්ශල්ඩ් කියල කිව්වට ඒක නියම උච්චාරනය නෙවෙයි) කියලා හුඟාක් ඉස්සර ඉඳලා තියෙන එ.ජා. මහ ලේකම් කෙනෙක් සමාජ අධ්‍යයනයටද කොහෙද කියා දෙන කොට මට මතක් වෙන්නෙ ඔලුවට ඩග් ගාලා මිටි පාරක් වැදිලා තරු වීසිවෙන කන්නාඩි දාපු සුද්දෙක්ව. පාරෙ සැරට කට විරිත්තිලා, කන්නාඩි කුට්ටමත් ඇදවෙලා, පාත්වෙලා. ඕං බලන්නකො ඒකෙත් හැටි.

ඊලඟ එක නං ඔය බුවාලටත් ලේසි වෙයි. අප්‍රිකානු රටක ජනාධිපති වෙලා හිටිය (Julius Nyerere) ජුලියස් නියරේරේ මහ ජරා වැඩක්නෙ කරන්නෙ තටමා තටමා නියරෙ ඉඳගෙන. අර # 2 වැඩේ. චික් කාටහරි පෑගෙනවනෙ..!

අහලා තියෙනවද පෑම් වෑන් ඩොං (Pham Van Dong) කියන නම? වියට්නාමයෙ හිටපු අගමැති කෙනෙක්. තදයෙක් වෙන්න ඇති නමුත් හරිම සරල නම; සංකීර්ණ චිත්ත රූපය. ඔන්න සුදු පාට වෑන් එකක් තියනවා. (අහන්න එපා ඇයි සුදු පාට කියලා – චිත්ත රූපෙ නෙ!) ස්ටාට් කරලා ෆස්ට් එකට දාලා ‘පෑං” ගාලා යනවා. ඇක්සලරේටරේ අතාරිනවා. 2 න්ඩ් එකට දාලා “වෑං” ගාල වැඩි දුරක් යන්නෙ නැහැ. “ඩෝං” ගාලා සද්දයක් එනවා. කෙලියා නේද තාප්පෙටම?

බෲස් ලී කියන්නෙ මගෙ ප්‍රියතම බුවෙක්. නමුත් නම ඇහන කොට බෲඌඌඌස් ගාලා ලිස්සගෙන යන ලෑලි ගොඩක් හිතට එන එක නං නවත්තන්නම බැහැ.

එතකොට කොෆී අනන් සහ බැංකි මූන් මම ඔය බුවාලට දෙන්නම් ගෙදර වැඩ පැවරුමක් හැටියට. හැම එකම මමම කියන්න ඕනයැ?

එතකොට බණ්ඩාරනායක කිව්වම ළපටි බණ්ඩක්කා කරලුත්, වීරවිල කිව්වම කරවිලත් හිතට නැ‍ඟෙන්නෙ ඇයි කියලා මම තවම කල්පනා කරනවා. සේනානායක පුද්ගලයෙක් නෙවෙයි, කොල පාට මුද්දරයක්. අත්තනායක නම් අත්තක් උඩ ලෝඩ් වගේ ඉඳගෙන ඉන්නවා. හැබැයි වල්ගෙ අත්තෙන් පහලට එල්ලෙනවා. මේක කියවන අත්තනායකලා කලබල වෙන්න එපා – චිත්ත රූපයක් විතරයි – මම කාටවත් කියන්නෙ නෑ.
එතකොට පොළොන්නරුව කිව්වම ඔය බුවාලට මතක් වෙන්නෙ පොළොංගුද? මට නං මතක් වෙන්නෙ පොළොස් ඇඹුලක්. කිරිබත්ගොඩ, දෙල්ගොඩ වාගෙ දේවල් කතා නොකර ඉම්මු මොකද පෝස්ට් එක දිග වැඩි වෙන නිසා.
එතකොට කෝච්චියෙ යන අයට මතකද ධූමරථ මාර්ගයේ වැඩ කරන්නන්ට තුවාල වියහැකි කිසිවක් ‘ජතේල’ වලින් පිටතට වීසි කිරීම ගැන දැන්වීම? එතකොට ‘ගර්භිත’ බස් වලට බබා හම්බවෙන්නෙ කවද්ද? (ගර්හිත යි වචනේ කියලා දැනගත්තම පුදුම හිතුනා)

එතකොට දැං වගෙ නෙවෙයි ඉස්සර. හරියටම ලඩකා’ බැඩකුව ලඟම තමයි ලඩකා බනිජ තෙල් නීතිගත සංස්ථාව තිබ්බෙ. දවසක් ගින්නක් ඇතිවෙලා තව පොඩ්ඩෙන් හරිම ‘බේදවාවකයක්’ තමයි වෙන්නෙ. අම්මෝ එහෙම කාලයක්! කියලා වැඩක් නෑ!

දවසක් රවි කියලා මගෙ යාලුවෙක් කියනවා (රවි සීමන් කෙනෙක්) ‘මචං ඔය ඕස්ට්‍රේලියාවෙ හැදෙන එක ඇපල් ජාතියක් කොච්චර ලොකුද කියනවා නම් දුසිමට හයයි අල්ලන්නෙ’ කියලා. අනිකා ‘ආ ඇත්තද?’ කියලා පුදුම වුනා. කොහොම තියෙන්න ඇත්ද උගෙ චිත්ත රූපෙ!

මම ගෙදර වැඩ දුන්නනෙ.
ආ මෙන්න දැන් කරන්න අභ්‍යාසයක්.

පහත සඳහන් දේ වලින් මොනවද මැවෙන චිත්ත රූප?

  • එයන්න ජින්ජිමයන්න මයන්න – එංජිම (දකුණෙ බුවාලා එයනු ජින්ජිමයනු කියලා පරිවර්තනය කරගන්න. අවුලක් නෑනෙ? මම බස්නාහිරයා)
  • පයන්න අතලෝයන්න ලයන්න – ප‍තෝල (මේක පොඩි නැන්දාගෙන් – එයා ඒක රඟපාලම පෙන්නනව)
  • දුයන්න අංකලනැයන්න අල් ටයන්න ටයන්න -දුංකල නැට්ට (මේකත් පොඩි නැන්දාගෙන් – පිස්සුව පරම්පරාගතයි කියල දැන් තේරෙනවා නේද?)
  • බයන්න යයන්න සිකල් කයන්න, සීට් එක උඩ කබල් ලයන්න – මොකක්ද? කියමු බලන්න පොර නං..? හික් හික්. බයිසිකල් කබල්. (ඒත් එයාමයි)
  • පී- යූ- ඩිං- ඩිං- අයි- එන්- ජිං – පුඩිං (සීවලී වීරතුංග- එංගලන්තය = You won’t read this)
  • ධර්මාරාම ‘ධ’යන්න (අහංගම ධර්මාරාම හිමි – නාලන්දා විද්‍යාලය, කොළඹ – ඔය ‘ද’යන්න නෙවෙයි පුතා..ධර්මාරාම ‘ධ’යන්න!)

දැන් මම වැඩ පාලු කරගෙන මේක කියවපු කෂ්ටියගෙන් එක ඉල්ලීමක් කරනවා. මම හොඳටම දන්නවා මේ චිත්ත රූප දකින්නෙ මම විතරක් නොවන බව. ලැජ්ජාවට කියන්නෙ නැති එකයි වෙලා තියෙන්නෙ. ඔන්න ලැජ්ජාවක් නැති මම පටං ගත්තා. ඉතිං ඔ‍ෆිස් එකේ නං ඉන්නෙ, බොසා දකින්න කලිං ඇරගන්න Excel Spreadsheet එකක්. ආ… දැනටම ඇරගෙනද ඉන්නෙ? එහෙනං අනින්න comment වලට. දැන් Spreadsheet දිහා බල බල හොඳට කල්පනා කරලා, comment box එකේ ලියන්න තමන් දැකලා තියෙන චිත්ත රූප ගැන. ලියාගෙන යනකොට බුවාලටම තේරෙයි මට විතරක් නෙවෙයි පිස්සු කියලා.

 

ටැග:

13. මගේ පළමු 1000 දෙකම එකම දවසෙ එකම වෙලාවට!! ඔබට ස්තුතියි!


ලොවේ සිවු කොනින්ම මගේ බ්ලොග් දෙකට ගොඩවැදුනු, ප්‍රතිචාර දාපු, සාමාජිකයන් වුනු ඔබ සැමට මගේ උපහාරය.

2011, ජූලි 13 දින  හා හා පුරා කියා පටන් ගත් “Hey Dude” ඉංග්‍රීසි බ්ලොග් එකටත්,

ඊට දවසකට පසුව, ජූලි 14 දා පටන්ගත් “මට හිතෙන හැටි”  සිංහල බ්ලොග් එකටත්

හරියටම සති හයකින්,

එකම දින,

එකම වෙලාවට,

එකම රසිකාවිය,

1000 වෙනි රසිකාවිය හැටියට අහම්බෙන් ගොඩවැදී

ප්‍රතිචාරයකින් සුභ පැතීම අපූරු සිදුවීමක් නොවේද?

මෙන්න ඒ ප්‍රතිචාර දෙකම.


 
ප්‍රතිචාර 9

Posted by මත අගෝස්තු 26, 2011 in සැමරුම්

 

ටැග:

12. “හහ්… හහ්… හා…! උඹ හිතන්නෙ මං තිලකයයි කියලමද?”


තිලකයා අපිට වඩා තරමක් සීනියර් බුවෙක්.  මුලදි අනුරයි (ACR) මායි තිලකයට කිව්වෙ Santana කියල. මොකද මේකාත් Carlos Santana වගේ කොන්ඩෙ දිගට වවලා හිටියේ. පස්සෙ අපි මූට කොන්ඩ තිලකයා කියලා කියන්න ගත්තා. ඒ කොන්ඩෙත් කැරළි ගැහුනු, පිට මැද්දට වැටෙන, නමුත් ඇද්දාම ඒ වගේ දෙගුණයක් දිග තිබ්බ කොන්ඩයක්. වැඩ කරන වෙලාවට පෝනි ටේල් දානවා, වැදගත් ගමනක් යනකොට පෝනි ටේල් එකම කමිසය අස්සට ඔබනව. එතකොට පිටේ ලොකු මොල්ලියක්. Soft Hump එකක්.

තිලකය ඉලෙක්ට්‍රොනික් වැඩට ඔස්තාද් වුනාට රස්සාව Cartographer (සිතියම් නිර්මාණ ශිල්පී, මම හිතන්නෙ – වැරදි නම් කියන්නකො) මේ ලඟදි එකෙක් ඇහුවලු “උඹ මොකද බං තිලකෙ කරන්නෙ කැම්පස් එකේ?” කියල. මූ කිව්වලු Cartographer කියල. එතකොට අරූ අහනවලු “ඈ බං.. ඒ කියන්නෙ උඹ කරත්ත දක්කනවද?” කියල. මූ කිව්වලු, “නෑ බං මම කරත්තෙ බඳින ගොන්නුන්ට ලාඩං ගහනව කියලා.

රටේම තියෙන පරණ  Volkswagen Beetle ලඩි ඔක්කොම තිලකයාගෙ ගේ වටේට ගෙනත් දාගෙන තියෙන්නෙ.  ඇහුවම කියන්නෙ උගෙ මල්ලිගෙ කියලා. කොහොම හරි පරණ යකඩ වලට පුදුම ආදරයක් තිලකයගෙ තියෙන්නෙ.

 තිලකය ඉන්නෙත් වලි පුරයක් කිට්‍ටුව.දවසක් මම  මොකක්ද වැඩකට ඔය පැත්තට ගිහින් එනකොට තිලකයා ඇහුවා කොහෙද බං උඹ ගියේ කියලා. මම ඉතිං කිව්ව උවමනාව. “මචං මම නං…”තිලකයා කියනවා, “…මෛත්‍රී බුදු හාමුදුරුවො ඔය පැත්තෙ නා ගහක් යට බුදු වෙලා ඉන්නව කියල ආරංචි වුනත් මේ වෙලාවට ඔය පැත්තෙ යන්නෙ නෑ. පහුවදා උදේට තමයි යන්නෙ”.

ඉස්සර අපේ ගැන්සිය සෙට් වෙන (ස්)පොට් එකක් තමයි තිලකයගෙ කාමරේ. උගෙ පරණ රස කතා අහන්න. අපි කොච්චර සිගරට්, සැර ජාති බිව්වත් ඌ දුම් වලාව මැද්දෙ ඉඳගෙන අපේ බයිට් එක විතරක් කකා කතන්දර කිය කිය ඉන්නවා. ඉතිං අපි අර සුප්‍රසිද්ධ “ඒයි, උඹ අපේ බයිට් එක ඩයට් එක කරගන්න එපා හරිද” කියන ස්ලෝගන්  එක නැවත නැවතත් වාදනය කරනව.

ඉස්සර අපේ තිබ්බ චාරිත්‍රයක් තමයි මුගේ ගේ ගාවින් යන ඕනැම ‍රැයක, ඕනැම වෙලාවක යටිගිරියෙන් “අඩෝ තිලකයෝ!!” කියල යටි ගිරියෙන් කැ ගහගෙන ඉගිල්ලිලා යන එක. මූත් ඒ වාගෙම අපේ ගේ ගාවින් යන ඕනැම ‍රැයක, ඕනැම වෙලාවක යටිගිරියෙන් “අඩෝ හෙන්රියෝ!!” කියල යටි ගිරියෙන් කැ ගහගෙන ඉගිල්ලිලා යනව. අපි ඕකට කිව්වෙ කාඩ් එක පන්ච් කරනව කියල. මම සමහර වෙලාවට උඩ විසිවෙලා ඇහැරෙන්නෙ ගල් පාන්දර මුගෙ කාඩ් පන්ච් කිරිල්ලට. අපේ තාත්ත සමහර දවස් වලට අහනවා ඊයෙ රෑ තිලකෙ ගියා නේද පාරෙ කියලා.

මුගෙ තියෙන තවත් යල් පැනපු විහිලුවක් තමයි මම බස් එකේ යනකොට මුගෙ ගේ ලඟ හෝල්ට් එකේ නැවත්තුවහම “ඒයි හෙන්රියො පොඩ්ඩක් හිනාවෙයං උඹ ඉන්නවද කියල බලන්න. මොකද මුගෙ දත් ටික විතරයි සුදු. හිනාවෙනකොට විතරයි පේන්නෙ මූ ඉන්නවද කියල.” කියල කෑ ගහල කියන එක. බස් එකේ මිනිස්සු හිනා වෙනවා මුගෙ විහිලුවට මොකද උන්ට ඒක අලුත්නෙ. ලස්සන වැඩේ කියන්නෙ මම මූට වැඩිය චූට්ටයි කලු!!! හැක්.. හැක්!!

 

ඔන්න දවසක් තිලකයා තවත් බුවෙක් එක්ක රෑ හෙල්ම‍ටුත් නැතුව, බයික් එකේ ලියකිවිලිත් නැතුව හදිස්සියෙ සරම පිටින්ම ගිහින්. ආපහු එනකොට පේනවලු කාකි සූට් ඉන්නව ටෝච් එහෙම අරගෙන ගහක් යට. දැනටමත් එකෙක්ව අල්ලගෙනලු. හැබැයි මේ තුවක්කු තියාගෙන ට්‍රැ‍ෆික් බයික් එකේ යන අය නෙවෙයි. දැන් මොකද කරන්නෙ? නැවැත්තුවොත් පෝරියල්. තිලකයා තමයි පිටිපස්සෙ ගිහින් තියෙන්නෙ.

හරි මල්ලි උඹ නවත්තන්න එපා. ඔහොමම යනවිදියටම පලයං නොදැක්කා වගෙ. ඉතුරු ටික මංබලාගන්නම්. තිලකයා කියලා .  බුවාත් ඒ විදියටම වැඩේ කරලා. ලං වෙනකොටම එක කාකි සූට් එකක් අත් ඇල්ලුවලු. බුවා වගේ වගක් නැතුව යනවලු. කාකි සූට් එක “ඒයි, ඒයි!” කියලා කෑ ගහලා ටෝච් එක ඇල්ලුවලු මුන්ගෙ පස්ස පැත්තට. දෙන්නා ඇරලා ගිහින්. පස්සෙ අනිත් බුවා ජර බරේලු.

යකෝ දැං අනාතයිනෙ. මගෙ බයික් එකේ නොම්බරේ ලියාගන්න ඇතිනෙ කියලා. බලපං දැන් උසාවි යන්නනෙ වෙන්නෙ කියලා.

තිලකයා කියනවලු. “හැක් , හැක්, කොහොමද යකෝ නොම්බරේ බලා ගන්නෙ? නොම්බරේ තිබ්බෙ මගෙ සරම අස්සෙ. මම සරම උස්සලා නම්බර් ප්ලේට් එකයි ටේල් ලයිට් එකයි දෙකම වහගෙන හිටියෙ. හැබැයි ‍තෝ බයවෙලා නැවත්තුව නං, සරමත් නැතුව තමයි එන්න වෙන්නෙ.

කශ්ටිය මේක අත්හදා බලන්න ගිහින් පස්සෙ මට නම් බර බර ගාන්න එපා ඔන්න. “DON’T TRY THIS AT HOME. THESE STUNTS ARE PERFORMED BY THE TRAINED PROFESSIONALS.” ඔන්න DISCLAIMER එක දාලා තියෙන්නෙ.

 

දැන් ඇති තිලකයා ගැන හඳුන්වාදීම. එහෙනම් කතාවට බහිමු. දවසක් රෑක තිලකය බයික් එකේ ගමනක් යනකොට තවත් දන්න බුවෙක් පාරෙ ඉඳල අත ඇල්ලුවලු. මූත් නොදන්න එකෙක් නෑ. පස්සෙ තිලකයා කිව්වලු, මචං මම අර ඉස්සරහ තියෙන  මළගෙදරට පොඩ්ඩක් ගිහිල්ලයි යන්නෙ”, කියල. කමක් නැ මචං කියලා බුවා නැග්ගෙ හරිම සන්තෝසෙංලු. බුවා නොකිව්වට තිලකයට තේරුනාලු රහස. මොකද මළගෙදරට පොඩ්ඩක් එහායින් තියෙන්නෙ කනත්තලු. කනත්ත ලඟින් පයින් යන්න බයට බුවා ඉඳල තියෙන්නෙ කවුරු හරි එනකල්.

මළගෙදර ලඟදි තිලකයා බයික් එක පාර අයිනෙ නවත්තල බුවාට බයික් එක තියාගෙන ඉන්න කියලා මළගෙදරට ගියාලු. බුවාත් යනවලු මළගෙදර උගෙ සුරේ නොතිබෙන්න.

විනාඩි පහලොවකිං විතර තිලකයා ආපහු ඇවිත්. දැන් දෙන්නම බයික් එකේ නැගල යනවලු. දැන් කනත්තට ඔන්න මෙන්නලු. හැබැයි බුවාට තේරුනාලු තිලකයා වැඩි කතාවක් නැති බව. කනත්ත ලඟදි බුවා ඇහුවලු, “තිලක අයියෙ, මොකද උඹ වැඩි කතාවක් නැත්තෙ?” කියලා.

තිලකය “හහ්.. හහ්  හහ්  හහ්”  ගාලා හොල්මනක් වගෙ හිනා වෙලා කිව්වලු

“උඹ හිතන්නෙ මං තිලකයයි කියලමද?” කියල.

බුවාට කලිසමේ බඩු ගියෙ නැති ටික විතරලු. මොකද නියම තිලකයා තවම මළගෙදර වෙන්නත් හොඳටම ඉඩ තියෙනවනෙ. අනිත් එක මේ යකා ආවෙත් මේ මහ රෑ මළගෙදර පැත්තෙ ඉඳලා.

අනේ බුදු තිලක අයියේ ..!! ඕන්නැති විහිලු නොකර හිටපං බං!! කියලා බුවා කියලා තියෙන්නෙ අඬල වගේ, පුදුමාකාර අසරණ කමකින්, හොඳටම බයවෙලා.

පස්සෙ තිලකයටම දුක හිතිලා වැඩේ අතහැරල දැම්මලු.

තිලකයාගෙ තව කතා පස්සෙ අහමු. ඉතිං ඔය යන්නද හදන්නෙ.  හෝව් පොඩ්ඩක්, කමෙන්ට් එකක් දාලම යං නේද?

 

ටැග: ,

11. “බලලා තියෙනවද 7D MOVIE එකක් ” පෝස්ට් එක අප්ඩේට් කලා. ඇවිල්ලම බලන්නකො.


ඔන්න මම “බලලා තියෙනවද 7D MOVIE එකක් “ පෝස්ට් එක මෙන්න මේ පින්තූර දාලා අප්ඩේට් කලා. ඇවිල්ලම බලන්නකො.

මේ තියෙන්නෙ අපි බලපු 7D Movie එකේ ටිකට් එක

මේ තියෙන්නෙ එකේ පෝස්ටරය.නම "затерянный остров" සිංහලෙන් නම් "නැතිවුනු දූපත"

මේ ලොබි එකේ දර්ශනයක්. සිනමා ශාලා සේවකයෙක් ඇතුලෙ ඉන්න නරඹන්නන්ව පෙනෙන රූපවාහිණී තිරය දිහායි බලා ගෙන ඉන්නෙ

ලොබි එකේ දොරට ඉහලින් මේ ප්‍රදර්ශනය කරලා තියෙන්නෙ අනිත් 7D Movie එකතුව. ඒවත් බලන්නයි හිතාගෙන ඉන්නෙ.

 

 
ප්‍රතිචාර 8

Posted by මත අගෝස්තු 21, 2011 in පවුලේ අයගේ කතා

 

ටැග:

10. තාත්තගෙ ඉස්කෝලෙ කාලේ


පාර මැනපු හැටි

තාත්තගෙ ගමට යන පාරෙ වෙල අයිනෙ තියෙන දැවැන්ත මාර ගස් පේලිය පහු කරගෙන යන හැම විටම මට මතක් වෙන්නෙ එයින් ලොකුම මාර ගහ පෙන්නලා තාත්තා අපිට කියපු කතාවක්. ඒ කාලෙ ඉස්කෝලෙ දැනට වඩා ප්‍රායෝගික අධ්‍යාපනයට තැනක් තිබ්බලු. දවසක් ගුරුතුමා පන්තිය කණ්ඩායම් දෙකකට බෙදලා කිව්වලු පාර කොච්චර දිගද කියලා මැනගෙන එන්න කියලා. හැබැයි කණ්ඩායම් දෙක මැනීම පටන් ගන්න ඕනෙ පාරෙ කොන් දෙකේ ඉඳලා. (මම දන්න විදියට කිලෝමීටර් දහයකට වැඩියි.) කට්ටිය ටේප්, අඩිකෝදු අරගෙන වැඩේට බැස්සලු. ඉස්සෙල්ලම කණ්ඩායම් දෙක කඩේට ගිහින් කඩචෝරු කාලා තේ බීල, ඊට පස්සෙ ඇලට බැහැල නාලා ජල ක්‍රීඩා හෙම කරල, ගඩා ගෙඩි පළවැල කාලා, නැග්ගලු අර මුලින්ම කිව්ව මාර ගහට නැගල ගණන් හදනවලු.

” “දැං ඉස්කෝලෙ ඉඳල මෙතෙන්ට හැතැම්මක් ඇති, එතකොට මෙතන ඉඳලා අහවල් තැනට අච්චර ඇති…”

“එතකොට එතන ඉඳලා ..”

“පොඩ්ඩක් හිටපංකො. මම ඉන්නෙ පාරේ එහා කොනේනෙ. අපේ තාත්තා ඩ්‍රයිවර් කෙනෙක්නෙ බං. තාත්තා කියන්නෙ මේ පාර හැතැප්ම මෙච්චරයි කියලා..”

“ඒයි බලපං ඔය පොත පිටිපස්සෙ හැතැප්මට අඩි කීයද කියලා..”

“5280 යි? හරි වැඩි කරපං හැතැප්ම ගානෙං, ආ ඔය තියෙන්නෙ. දැන් ඕකට තව අඩි එකසිය පහහක් විතර අතිං දාමු. හා ඔය තියෙන්නෙ. හරි,…”

කණ්ඩායම් දෙකම අවසාන අගය අඩි හය හතකට වඩා වෙනෙසක් නොවෙන්න දත්ත පොතට ඇතුල් කරගෙන. ඊට පස්සෙ ගහට වෙලා කයිය ගගහ ඉඳලා, ඉස්කෝලෙ ඇරෙන වෙලාවට කිට්ටු කරලා කණ්ඩායම් දෙකම වෙන වෙනම ඉස්කෝලෙට ගිහින් වාර්තා කලාලු.

ගුරුතුමා අවසාන වාර්තා දෙක අතට අරගෙනෙ සංසන්දනය කරල බලල පන්තියට නිවේදනය කලේ හරියට චන්ද ප්‍රතිඵලයක් දෙන තරං බැරෑරුම් විදිහටලු.

ඊට පස්සෙ ප්‍රායෝගික අධ්‍යාපනයේ වටිනාකම ගැන දේශනයකුත් කරලා.

තාත්තා පස්සෙ ජන ලේඛණ හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුවෙ, සංඛ්‍යා ලේඛණ නිලධාරියෙක් හැටියට වැඩ කලා විශ්‍රාම යනකල්. හැබැයි මම දැකලා තියෙනා අවංකම රජයේ නිලධාරියෙක්.

ඉංග්‍රීසි ගුරුතුමාගේ ජ්‍යාමිතිය පාඩම

තව දවසක ගණිත ගුරුවරයා නැති නිසා ඉංග්‍රීසි ගුරුවරයා රිලීෆ් ඇවිත්. ලමයි නැගිටලා ආචාර කලාට පස්සෙ ඇහුවලු,

“දැන් මොනවද තියෙන්නෙ?” (What do you have now?) කියලා.

ලමයි කිව්වලු ජ්‍යාමිතිය සර් (Geometry, sir) කියලා.

මොකක්ද? (What?)

ජියොමිට්‍රි සර් (Geometry, sir)

මොකක්ද? (What?)

මේක මං ඇන්දෙ මවුස් එකෙන්

ඔය දෙබස ඔය විදියට කැඩිච්ච රෙකෝඩ් එකක් වගෙ ටිකක් දිගට ඇදීගෙන ගියාම අන්තිමට ගුරුතුමාම කිව්වලු geometry උච්ඡාරණය කරනවා වැරදියි කියලා.

එතකොට එක බුවෙක් අහලා එහෙනම් මොකක්ද හරි කියලා මොකද දැං මේක මහ වාතයක් වේගන එන නිසා.

ගුරුතුමා කිව්වලු “Geometry නෙවෙයි Geometry” කියලා .

දැං එකෙකුටවත් තේරෙන්නෙ නැහැලු මේ අන්ඩර දෙමලෙ මොකක්ද කියලා.

පස්සෙ පැහැදිළි කලාලු ඕක හරියට උච්ඡාරණය කරන කොට ස්ට්‍රෙස් (Stress) කරන්න – ඒ කියන්නෙ බර කරලා කියන්න ඕනේ /ඉ/ නෙවෙයි /ඔ/ ස්වරය කියලා. ඉතින් එවෙලෙ ඉඳලා පීරියඩ් එක ඉවර වෙනකල්ම මෙහෙමලු.

ගුරුතුමා: geOMetry

ලමයි: GEometry

අන්තිමේදී ගුරුතුමා: geOMetry

ලමයි: geOMetry

ගුරුතුමා: geometry හරියට හරි. අද ඉගෙන ගත්තෙ geometry නෙවෙයි නමුත් geometry කියන වචනෙ හරියට කියන හැටි. ඉගෙන ගන්නවල වචනයක් හරියට කියන හැටි.

එහෙම කියපු ගුරුතුමා බෙල් එක ගැහුවම පිටවෙලා ගියාලු.

මේක ගැන අද ඉන්න අධ්‍යාපන  විශාරදයො මොනව කියයිද මම දන්නෙ නැහැ. නමුත් පාඩම නම් තාත්තගෙ ජීවිත කාලයෙන් පස්සෙත් මතක තියෙන බව පේනව නේද? ඔනෑ නම් dictionary එකක් ඇරල බලාගන්නකො ඕකෙ ඇත්ත නැත්ත.

ගුරු ගෞරවය

ඊලඟ කතාව තමයි මගෙ ප්‍රියතම කතාව.ඒ කාලේ ගුරු ගෞරවය කියන එක උපරිමයටම පෙන්වපු කාලයක්නෙ. එක වැහි දවසක එක බුවෙක් මොකක්ද මදාවි වැඩක් කරලා ගුරුතුමා වේවැල් කසාය දෙන්නලු ලෑස්තිය තඩි වේවැලකින්. පාර දෙක වදින කොට මේකා “අම්මෝ” කියාගෙන පන්තියෙනුත් එලියට පැනල දුවලා. ගුරුතුමා කෑ ගැහුවත්

“ඔහොම නවතිනවා!” කියලා. මොන නැවතිල්ලක්ද. නැවතුනොත් ඩබල් ද පෝරියල් කියලා දන්න බුවා දැන් ඉගිල්ලෙනවලු පිට්ටනිය හරහා. ගුරු තුමාත් වේවැල අමෝරගෙන මූ පස්සෙ පන්නන්න ගත්තලු වැස්සෙම.

ඔන්න බලන්න ගුරු ගෞරවය, ගුරුතුමා වැස්සෙ තෙමෙන නිසා පන්තියෙ මොනිටර් බුවා ගුරුතුමාගෙ කුඩෙත් දිගෑරගෙන ගුරුතුමාගෙ ඔලුවට උඩින් අල්ලන්න පස්සෙන් දුවනවලු.

මේක ඇන්දෙ අතින්

තාත්තා ඇතුලු අනිත් කොල්ලො සෙට් එක විතරක් නෙවෙයි මුලු ඉස්කෝලෙම  ලමයිනුයි ගුරුවරුයි පන්තිවල තාප්ප ගාවට වෙලා හිනා කකා නරඹනවලු මේ ‍ෆ්‍රී කොමඩිය.

තාත්තා මේ කතාව කියන ගානෙ තාත්තාගෙ ඇස් වලින් කඳුලු වැක්කෙරෙනව හිනා වෙලාම. කතාවත් කියන්නෙ කැඩි කැඩි මොකද හිනා කන නිසා. එදා කොයි තරම් ජොලියක් ලබන්න ඇතිද කශ්ටියම කියල මට හිතෙනවා.

ඔය චිත්‍රයෙ තියෙන්නෙ ඔය සිද්දිය මගෙ හිතේ ඇඳුනු හැටි

 

ටැග: ,

9.ලොකු අයියයි ටිකිරි මොලෙයි


ලොකු අයියා කිව්වෙ මගෙ නැන්දගෙ පුතා. අපේ ගෙදර නං ලොකු අයියා මමනෙ.ලොකු අයියා නාහෙට නාහන එකෙක් කියලා තමයි වැඩිහිටියො නං කිව්වෙ. නමුත් ලොකු අයියගෙ තවත් පැති තිබුනා කියලයි මට නං හිතෙන්නෙ. ඇත්තටම දවසක් මට බඩේ අමාරුවක් හැදිලා මාව කරේ තියාගෙන ගෙදර ගෙනාවා මට මතකයි.

ලොකු අයියත් මාත් අතර සෑහෙන වයස් පරතරයක් තිබ්බා. ඒ කාලෙ එයා හිටියෙ අර ‍රැඩිකල් අදහස් එන ඒ වගෙම ඕනැම ප්‍රශ්නෙකට උත්තරයක් තියෙන වයසෙ. මම හිටියෙ අර හැම දෙයක් ගැනම පුදුමාකාර කුතුහලයක් තියෙන ඉවරයක් නැතුව ප්‍රශ්න අහන කාලෙ. ඉතිං දෙන්නා හොඳට ගැලපුනා.

ඉස්සර තිබුනා ගුවන් විදුලි සඟරාව කියල මාසෙකම ගුවන් විදුලි වැඩ සටහන් (Radio Program Schedule ) තියෙන සඟරාවක්.   දවසක් මම ඉස්සරහ පඩිපෙල උඩ ඉඳගෙන ඕක කියවනව. මේකෙ තියෙනවා මෙන්න මෙහෙම:

පෙ.ව. 9.00              ප්‍රවෘර්ති ලුහුඬින් (නැ. ප්‍ර)

ප. ව  8.30                ගුවන් විදුලි රඟමඬල (නැ. ප්‍ර)

ප. ව. යි පෙ. ව. යි නම් අවුලක් නෑ. ඒත් මොකද්ද යකෝ මේ නැ. ප්‍ර. කියල දහ අතේ කල්පනා කර කර ඉන්නකොට ඔන්න ආවා අපේ පඬියා – ලොකු අයියා, කොහෙද රස්තියාදුවක ගිහිල්ලා.

“ලොක්කයියෙ, මොකද්ද මේ නැ. ප්‍ර. කියන්නෙ?”

“එහෙම තනි වචනෙං කියන්න බෑ. මුලු වාක්‍යයම කියනවා.” ඔන්න ඉතිං එයාට (context) එක ඕනෙ වෙලා ප්‍රශ්නෙ මග අරින්න. දැන් මේකාට යන්න හදිස්සිය. අර අපේ බාප්ප කියනව වගේ මේකා බයිසිකලේ පස්ස පැත්තෙ ගහගත්ත ගමන් තමයි දවසම. (හැබැයි බාප්ප නම් පාවිච්චි කලෙ පස්ස පැත්ත කියන වචනෙ නෙමේ අර ‘පු’ යන්නෙන් පටන්ගන්න අකුරු දෙකේ වචනෙ. ඒක දාල බලන්නකො රයිම් වෙන ලස්සන)

 

 

ඉතින් මමත් කියෙව්ව මුලු වාක්‍යයම.

“පෙ.ව. 9.00             ප්‍රවෘර්ති ලුහුඬින් (නැ. ප්‍ර)

ප. ව  8.30                ගුවන් විදුලි රඟමඬල (නැ. ප්‍ර)”

“ඉතිං මොකද්ද නැ. ප්‍ර. කියන්නෙ? ඔයත් දන්නෑ නේද?”

ආ ඕකද? හුහ්! ඕකවත් දන්නෙ නැද්ද තමුසෙ? නැ. ප්‍ර. කියන්නෙ ඕයි නැගෙනහිර ප්‍රංශයෙන්” කියපු මේකා. බයිසිකලෙත් පස්ස පැත්තෙ ගහගෙන ඉගිල්ලිලා ගියා.

මූ කෙලියෙ බොරුවක් කියලා මගෙ ටිකිරි මොලේටත්  මූ වංගුවෙන් නොපෙනි යද්දිම වැටහුනා.

පස්සෙ හවස තාත්තා ගෙදර ආවම මං දැනගත්තා නැ. ප්‍ර. කියන්නෙ ‘නැවත ප්‍රචාරය’ කියලා.

තවත් දවසක පොර ඉනිමගේ නැගල මොකක්ද වැඩක්. මම තමයි ඉතිං ගෝලයා. ” හා ඔය අඬුව දෙනවා”, “දැන් මිටිය දෙනවා”,  “ආ දැන් ඇණයක් අරං දෙනවා”, “ආ දැන් මේ අඬුව ගන්නවා”, “ආවුදයක් දෙනකොට හැම තිස්සෙම මිට පැත්ත හරවල දෙනවා. ඉගෙනන්නවා හරියට වැඩක් කරනහැටි. හැමෝම ඕව කියල දෙන්නෙ නෑ. හැම දාම නෑ: හැම තැනම නෑ”

ඉතිං මම ඉනිමගත් අල්ලගෙන ශිල්ප ඥානයත් ඒ එක්කම ගෙඩි පිටිං ගිලදමන අතරේ අනිත් එවුං අඹ ගහට පොලු ගහලා, අඹ ගෙඩි පෙති ගහලා, ලුණුයි මිරිස් කුඩුයි ඉහලා, මගේ කොටසත් අතටම දුන්නා. (කෙළ ගිල්ල නේද? නෑයි කියන්න එපා. මමත් ටයිප් කරන ගමං කෙල ගිල්ලා.)

මමත් ගෝල වැඩේ කරගෙන යන අතරේ කෑමත් කරගෙන යනවා. නමුත් දැන් දැන් බඩු සප්ලයි කිරිල්ල එච්චර කාර්යක්ෂමව කෙරීගෙන යන්නෙ නැතිබව ලොක්කයියට තේරුණා. මොකද ඒ එක්කම  ඉනිමගත් පොඩ්ඩක් පැත්තට ගියා මොකද මම හරියට අල්ලං හිටපු නැති නිසා.

“මේ.. එක පාර වැඩ දෙකක් කරන්න බෑ.” ලොක්ක කිව්වා.

දැන් මගෙ ටිකිරි මොලේ ඒ ප්‍රකාශය අධි වේගයෙන් ප්‍රෝසෙස් කරල බැලුවා.

“ඇයි බැරි? මම ඇහුවා.

“එතකොට මනුස්සයෝ එක වැඩක් වත් හරියට කරන්න බැහැ.”

මමත් ඇරියෙ නෑ.

“අනේ නිකං ඉන්නව ලොක්කයියෙ. එහෙම පුලුවන් වැඩත් තියෙනවා.”

ලොක්කයිය වැඩේ නැවැත්තුවා. මිටිය එල්ලුවා ඉනිමගේ හරස් පොල්ලක.එක අතකින් ඉනිමග අල්ලගෙන අනිත් අත ඉනට තියාගෙන මිනිහෙකුට ඉනිමගක හිටගෙන අභියෝගාත්මකව ප්‍රතිවාදියෙකුට මුහුණ දෙන්න පුලුවන් හොඳම ඉරියවෙන් හිටගෙන ඇහුවා,

“ආ කියනව බලන්න එකට කරන්න පුලුවං වැඩ දෙක මටත් දැනගන්න.”

“ඇයි ලොක්කයියෙ, ටොයිලට් ගියහම කක්ක කරන ගමන් චූත් කරන්න පුලුවන්නෙ කිසි අප්සෙට් එකක් නැතුව.”

ලොක්කට තේරුනා වැඩේ ගස් කියලා. ඒත් මේකා අත ඇරියෙ නෑ.

“ඒ දෙකම අයිසෙ එක කොම්පැනියෙ වැඩනෙ! ඒ දෙක එකට පුලුවන් තමයි. මම කියන්නෙ අනිත් වැඩ.” කියපු ලොක්ක මිටිය අරන් බිත්තිය පැත්තට හැරිලා ඇනේට ගහගෙන ගහගෙන ගියා.

ලොක්කයියාගෙ මුහුණ  බිත්තිය පැත්තට හැරිලා තිබුනත් කම්මුල් පිම්බිලා වාගෙ පෙනුනෙ මිනිහා හොරෙන් හිනාව ගිලින නිසයි කියලා මට හිතුනා.

තව කතා පස්සෙ අහමු. ඉතිං ඔය යන්නද හදන්නෙ. පොඩ්ඩක් හෝව්. කමෙන්ට් එකක් දාලම යං නේද

 

ටැග: , ,