RSS

6.පැඩිඩිලියන් 4 – හෙයා ජෙල්

05 Aug
6.පැඩිඩිලියන් 4 – හෙයා ජෙල්

මේකත් උමේෂ් මට කියපු කතාවක්.

මං පොඩි කාලෙ මචං බාත් රූම් එකට ගියාම අක්කලගෙ බියුටි කල්චර් බඩු තියෙනව දකිනවා. එක එක ටියුබ් බෝතල් වගෙ නා නා ප්‍රකාර දේවල්.  මාත් හොරෙං ඕව ගාලා අත් හදා බැලීම් කරනව.

දවසක් තියෙනව ලේබල් එකේ ලස්සන කොන්ඩයක් තියෙන මරු බෝතලයක්. අමාරුවෙන් HAIR කියන එක කියවා ගත්ත. නාල හෙම ඉවර වෙලා කොන්ඩෙ පිහදාල චූට්ටක් අල්ලට හලාගෙන කොන්ඩෙ ගාල බැලුවා. අවුලක් නෑ. මරු සුවඳත්. පීරල බැලුව. කොන්ඩෙත් හොඳට කොන්ට්‍රෝල්. මම හොය හොය හිටිය බඩුවක්නෙ.

එදා ඉඳලා මම හැමදාම උදේට ඉස්කෝලෙ යන්නෙ මේකෙනුත් සාත්තුවක් කරගෙන තමයි.

වැඩේ නියමෙට ගියා දවසක් ක්‍රිකට් බෝලයක් වැදිල ඔලුව පැලෙනකල්. සෞඛ්‍යදාන පොරවල් මාව උස්සගෙන ගියා first aid room එකට. ගිහිං වතුර බේසමකට උඩින් මගෙ ඔලුව අල්ලගෙන හෝදන්න ගත්තා මොකද තුවාලෙන් ලේ ගලන නිසා.

යකෝ හෝදන්න හෝදන්න පෙණ දානවා. පෙණ දාන්න දාන්න මුං හෝදනවා. බැරිම තැන එක අයියා කෙනෙක් ඇහුවා, “මොනවද මල්ලි ඔලුවෙ ගෑවේ? ෂැම්පුද?” කියලා. මගෙ ටිකිරි මොල ගෙඩියට තේරුනා දැන් කියන දේ අනුව මගෙ අනාගතය තීරණය වෙන බව. ඉතිං ප්‍රශ්නය නොතේරුන බවත්, මගේ තුවාලය හිතනවට වඩා අමාරු බවත් පේන්න ටිකක් කෙඳිරි ගාලා ප්‍රශ්නය මග ඇරියා.

ගෙදර ආ ගමන්ම කෙලින්ම බාත් රූම් එකට ගිහින් ලේබලේ බැලුව. ෂැම්පු නේන්නං!! කවුද බං දන්නෙ!

පසු වදන:

“මේක කවුරුවත් දන්නෙ නෑ. උඹ කාටවත් කියන්න එපා.”

“චික් බං මං එහෙම වැඩ කරනවද?”

 

ටැග: , , , ,

24 responses to “6.පැඩිඩිලියන් 4 – හෙයා ජෙල්

  1. නදී...

    අගෝස්තු 5, 2011 at 1:13 ප.ව.

    හික් හික්

     
  2. විසිතුරු 

    අගෝස්තු 6, 2011 at 1:50 පෙ.ව.

    ෆට්ට සීන් එකනෙ!

     
    • henryblogwalker

      අගෝස්තු 6, 2011 at 9:30 පෙ.ව.

      විසිතුරු,
      ස්තුතියි ප්‍රතිචාරයට. මගෙ බ්ලොග් දෙකටම ඇවිත් තියනව නේද? මම ඊයෙ ගියා ඔයාගෙ බ්ලොග් එකට. කොමෙන්ට් දෙකකුත් දැම්මා. නියම සීන් ටිකක් කියෙව්ව.
      මම මේ අහන්නමයි හිටියෙ. විසිතුරු කියවන බ්ලොග් ලිස්ට් එක දැක්කම මට හිතුනා මේකාට වෙන වැඩක් කරන්න වෙලාව තියෙනවද කියලා. මගෙ වයිෆුත් කිව්ව මේකා මුලු දවසම කොම්පියුටර් එක ඉස්සරහ ඇත්තෙ කියලා.
      ආයෙත් එන්න

       
  3. hirunijayawardenehiruni

    අගෝස්තු 6, 2011 at 2:55 පෙ.ව.

    පැඩිඩිලියන්ලා දැන් මේව කියවල සතු‍ටු වෙනව ඇති.තව සතියක් අපි මග බලාගෙන ඉන්නව අලුත්ම කතවක් කියවන්න. කියවපු හැම කතාවකින්ම මම ආසම කතවක්

     
  4. වැප්

    අගෝස්තු 6, 2011 at 6:27 පෙ.ව.

    හික් හික්

    ඇත්ත කියපන් බුවා උබ නේද? :DDD

     
  5. deepa

    අගෝස්තු 8, 2011 at 12:21 ප.ව.

    මට හිතෙන්නෙ ඔයාත් මේකෙන් පාඩමක් ඉගෙනගෙන පුරුද්ද අතාරින්න ඇති නේද? DJ

     
  6. henryblogwalker

    අගෝස්තු 15, 2011 at 9:37 පෙ.ව.

    අඩෝ, මාර ආතල් එක නේද? උඹ දන්නවද තව තියෙනව ඇඟේ උලන කැටයක් “සබන්” කියලා. ඒකත් භාගෙට හේදුවහම පෙන දානව…
    Andiris Jonathan @http://www.fmderana.lk/blog/?p=16872#comments

    දෙරණ අවකාශයේ ආතල් කතා යටතේ මෙයට Andiris Jonathan ගෙන් ලැබුනු ප්‍රතිචාරය

     
  7. Observer

    අගෝස්තු 18, 2011 at 2:42 ප.ව.

    මල්ලිටය්, මටය් එක අක්කය් හිටියෙ. හප්පා එයාගෙ ඒ කාලෙ තිබ්බ විච්චූරන. එයා ගාන සබන් කෑල්ලත් වෙනම තියාගෙන හිටියෙ.

    දැන් ඉතින් “පැඩිඩිලියන්” කියන එකේ තේරුම හොයන්න පරණ පෝස්ට් බලන්න වෙනව.

     
  8. වසුන්දරා

    අගෝස්තු 19, 2011 at 4:02 ප.ව.

    කාටවත්ම කියල නෑ නේද..

     
  9. Hasitha

    දෙසැම්බර් 22, 2011 at 9:24 ප.ව.

    අපෙත් පැත්තේ එකෙක් ඉන්නවා. කවුරු හරි රහසක් කිව්වොත් අපි කියන්නේ “බයවෙන්න එපා බන් මම කාටවත් කියන්නේ නැහැ, කියන්නේ චතුරට විතරයි” කියලා. චතුරයට කිව්වොත් ගමටම කිව්වා වගේ තමා🙂

     
  10. sAm sRi

    අප්‍රේල් 3, 2012 at 8:53 ප.ව.

    හුටස්… අපේ දස්සා කරල තියෙන වැඩේම නොවැ..

    ස්තුති ලින්කුවට..

    ඔලුව නෙවේ පු** පලන්න තිබ්බේ..

     
  11. kavikaari

    මැයි 21, 2012 at 1:21 ප.ව.

    http://emailkavikaari.blogspot.com/2011/11/blog-post_17.html
    I am revisiting to read Oba’s comments…………

     
  12. අටම්පහුර

    ජූලි 29, 2012 at 10:14 ප.ව.

    අප්පට සිරි

     
  13. Sarath Lankapriya

    අගෝස්තු 2, 2012 at 1:29 ප.ව.

    මන් හිතුවේ හෙයා ඩයි කියල..

     
  14. DDT

    අගෝස්තු 12, 2012 at 9:31 ප.ව.

    හෆ්ෆා …. ඒ කාලෙ ඉඳන්ම කොල්ලොන්ට තිබිච්චි ප්‍රශ්නයක් නේ මේක, කොණ්ඩෙ ගාන්නෙ මොනවද කියල. මටත් හෙයා ජෙල් නම් දිරවන්නෙ නෑ. හෙයා ඔයිල් වර්ග තුනී වැඩියි, ගෑවට ගානක් නෑ නෑ වගේ. දැන් නම් හම්බවෙල තියෙනව මටත් බඩ්ඩක්, කැස්ටො(ර්) ඔයිල්. උකුයි කියන්නෙ රසදිය වගේ. (දැන් නම් එන්න එන්න තුනී වෙනව ද මන්ද) නැත්නම් මටත් ෂැම්පු තමා ගාන්ඩ වෙන්නෙ.😀

     
  15. Red

    අගෝස්තු 14, 2012 at 12:50 ප.ව.

    අපොයි වෙච්ච වැඩක්..හික්ස්.. අසරණයාගේ පෝස්ට් එකේ ලින්ක් එකෙන් ආවේ..
    අයේ එන්නම්කෝ..ජය වේවා🙂

     
  16. සාබිත්

    අගෝස්තු 14, 2012 at 1:17 ප.ව.

    පරන පෝස්ට් එකක් නේද?මට මිස් වෙලා!

     

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

 
%d bloggers like this: