RSS

7.පිංසිබොල්ගෙ ගොං කේස් එක.

09 Aug

මම ඉස්සෙල්ලම ඉස්කෝලෙක උගන්නන්න ගියේ අම්පාරට කියලා දැන් ඔය බුවාලත් දන්නවා ඇතිනේ. ගුරුවරයෙක් උනාට, කොලු ගති ඒ වෙන කොටත් ඇරිලා ගිහින් තිබ්බෙ නෑ. ජාතික ඇඳුම අඳින, නීතියට තමයි වැඩ කරන විදුහල්පති තුමා මුලදිම දවසක, මාත් එක්ක ඉස්කෝලෙ මිදුලෙ හිටගෙන කතාව. මට තාත්තා කියලා දීල තියෙන දෙයක් තමයි, කෙනෙකුට කතාකරන කොට මූණ දිහා, විශේෂයෙන්ම ඇස් දිහා බලාගෙන කතාකරන්න කියන එක. මම එහෙම තමයි කර කර හිටියෙ. මට තේරෙනව ලොක්කගෙ ඇස් දෙක, වරින් වර, මගෙ මූණත්, පපු ප්‍රදේශයත් අතර ශටල් වෙන බව. ඊටත් පහලට ගියා නම් අඩු ගානෙ සිzප් එක ඇරිලා කියලා වත් හිතන්න තිබ්බනෙ. මම දැන් කල්පනා කරනවා, ‘යකෝ ඊයෙ රෑ මට ලිංග විපර්යාසයක් වත් වුනාද?’ කියල ලොක්ක මෙච්චර පපුව දිහා බලන්නෙ කියලා. අන්තිමට ලොක්ක කිව්ව, “මිස්ට බ්ලොග්වෝකර් තවම අලුත්නෙ. අපි ඔය ෂර්ට් එකේ උඩ බොත්තම දාගෙන ඉමු, ඉස්කෝලෙදි. එතකොටනෙ අපිට ළමයින්ට උනත් කියන්න පුලුවං, ඒ ගොල්ලන්ගෙත් බොත්තම් දාගන්න කියලා. “ඒකෙත් වැ‍රැද්දක් නෑනෙ. ඉතිං මාත් බොත්තම දාගෙන තමයි ඉන්නෙ ඊට පස්සෙ.

අනික, ඔය ඉස්කෝලෙ එක හෝල් එකක කොරිඩෝ එක ඉවර වෙන තැන ඉඳල, ඊලඟ හෝල් එකේ කොරිඩෝ එකට, අඩි හතරක, පහක, විතර පරතරයක් තමයි තියෙන්නෙ. ඕනැ නම් දුර හෝ හිටි පිම්මක් පනින්න පුලුවනි. ඉතිං මම ගෙදර ඉන්නකොටත් දොරෙන් නොගිහිං ජනේලෙන් පැනල යන එකා, ඕක ගැන දෙපාරක් හිතුව නෑ. ඔතනින් පැනලම තමයි යන්නෙ, අනිත් ගුරුවරු ඔක්කොම සීරුවට පඩිපෙලෙන් මිදුලට බැහැලා, මිදුල දිගේ ගිහින්, අනිත් පඩියෙන් ඊලඟ හෝල් එකට ඇතුල් වෙද්දි.

තවත් දවසක මම ඉස්කෝලෙ ආවෙ ටිකක් පරක්කු වෙලා. චමරියෙ ඉඳලා පිට්ටනිය හරහා තමයි, ඉස්කෝලෙට යන්න තියෙන්නෙ. උදේ ‍රැස්වීම තියන්නෙ පිට්ටනිය අයිනෙ. කළින් දවසෙ වැහැපු නිසා පිට්ටනියෙ වතුර වලවල් පිරිලා තිබුනෙ පොකුණු වගේ.මමත් සුපුරුදු විදියට පැන්නා වතුර වලකට උඩින්. අම්පාරෙ පස බස්නාහිරට වැඩිය වෙනස් බව මට තේරුනේ, ‘ලෑන්ඩ්‘ කරන කොටයි. මොකුත් නෑ බෲ …..ස්ස්ස් ගාලා ලිස්සලා ගිහිල්ල, වැ‍ටුනෙ නැද්ද පිට්ටනිය මැද්දෙ වතුර වලේ, මුනිං අතට හරියට පෙරේතයා පොලොව ගැහුවා වගෙ! මාත් එක්කම පරක්කු වෙලා, නමුත් වතුර වලවල් මග හැර හැර සීරුවට ගමන් කරමින් හිටිය අනිත් බුවා , හිනාවෙනව බඩ අල්ලගෙන, “හොඳ වැඩේ තොට,” කිය කියා. මම ඔලුව උස්සලා බැලුවා. හොඳ වෙලාවට එක ළමයෙක් වත් දැක්කෙ නෑ, මොකද කට්ටියම මට පි‍ටුපාලා හිට ගෙන පන්සිල් ගනිමින් හිටිය නිසා. නමුත් පන්සිල් ගන්න වැඳගෙන මේ පැත්ත බලාගෙන හිටපු ගුරු මණ්ඩලේට නම්, මොකුත්ම මිස් වුනේ නෑ. මමත් වතුර බේරි බේරි ආපසු ගිහින් අලුත් ඇඳුමක් ඇඳගෙන එනකොට තවත් ටිකක් පරක්කු වෙලා.

පස්සෙ ලොක්කා හිනාවෙවී මට කියනවා “මිස්ට බ්ලොග්වෝකර්ගෙ කොලු වැඩ තාම ගිහින් නෑ නේද? කමක් නෑ පහු වෙන කොට හරියයිනෙ. තවම පොඩි එකානෙ” කියලා. උප විදුහල්පතිත් දැනමුත්තා වගේ හිනා වෙලා අනුමත කරා.

ආ දැන් අතුරු කතා ඇති. මෙන්න මේකයි ගොං එකේ කතාව. ඔය බුවාලා දන්නවනෙ ගොං (Gong) එක කියන්නෙ මොකක්ද කියලා. අර ඇඟිල්ලෙන් අනින්න මුදුනෙ බොත්තමක් තියෙන, මේසෙ උඩ තියෙන පොඩි සීනුව. අර ලොක්කා පියන්ට කතා කරන්න ගහන්නෙ ටිං ගාලා. අන්න ඒක. හිහ්, හිහ්, හිහ්, බුවාලට දුකයි නේද? කට ඇරගෙන බලං හිටියෙ මං අර විදුහල්පතිතුමාගෙ විෂය බාහිර ක්‍රියාකාරකම් ගැන කතා කරන්න යනවා කියලා නේද? පව්!

ඔය ඉස්කෝලෙත් ශිෂ්‍ය නායකයින්ට වැඩ ගොඩක් පැවරිලා තිබුනා. ඒ, ඒ වෙලාවට ඩියුටි දාල තිබුනෙ, කාර්යාලය ගාවම තියෙන උසස් පෙල පන්තියෙ ශිෂ්‍ය නායකයො සෙට් එක තමයි. ඉතිං නිතරම විදුහල්පති හරි, උප විදුහල්පති හරි එලියට ඇවිත් කොල්ලන්ට කතා කරන්න ඕනැ. ලොක්කා යෙදුවා මේකට උපායක්. ඒක තමයි, අර මං කලින් කිව්ව වර්ගයේ ගොං එකක් පාවිච්චි කරන එක. ඉතිං අපිටත් ඔතනිං යනකොට ඇහෙනවා ‘ටිං’ ගාන සද්දෙත්, ඒ එක්කම දකිනවා ශිෂ්‍ය නායකයො නැගිටල යනවත්.

හැබැයි මේ ක්‍රමය වැඩි දවසක් පැවතුනේ නෑ. ඉතිං, මං දවසක් ගුරු කාමරයේ ඉන්න ගමන් ඇහුවා උප විදුහල්පති කෙනෙක් වුන, අකුරු තුනේ නමක් තියෙන අයියගෙන්, මේ ගැන.

“අකුරු තුනේ අයියෙ, මොකද අර බෙල් එකට වුනේ?”

“ඒක හරිගියෙ නැ මචං.” අකුරු තුනේ අයිය කිව්වෙ මදහසකුත් එක්ක.

“ඒ මොකද?” මම ඇහුවා. දැන් කාගෙත් අවධානය අපි දිහාට. අකුරු තුනේ අයියා කට හඬ පහත් කලා.

“අපිට ආරංචි වුනා මල්ලි, ප්‍රින්සිපල් බෙල් එක ගහන ගානෙ කොල්ලො කියනවලු, ‘ඒයි! ආං ප්‍රින්සිපල් නැගිටල. පලයං, පලයං, ගිහිං ඉන්දවල වරෙං’, කියලා.”

“ඉතිං??” මම ඇහුවා. අහලා කට ගන්න කොටම මට තේරුනා සීන් එක. මම කිව්ව, “හරි හරි අයියෙ, මට තේරුනා හැක් හැක්!!”

නමුත් අපි ලඟම වාඩිවෙලා හිටපු අහවල් ගුරුතුමීගෙ ස්ටාටරේ ටික් ටික් ගානවා මිසක් ටියුබ් ලයිට් එක පත්තු වෙන්නෙම නෑ. එයා කට ඇරගෙන, අපි දිහා බලාගෙන ඉන්නව මොකද අපි බඩවල් අල්ලගෙන, මේ හැටි හිනා වෙන්නෙ කියලා.

“ඉතිං අකුරු තුනේ මල්ලි, එහෙම කිව්වම මොකද වෙන්නෙ?” අහවල් ගුරුතුමී බැරිම තැන ඇහුවා.

“අහවල් ටීචර්”, දැන් අකුරු තුනේ අයියා කියන්නෙ තවත් හෙමින්.

“ලොක්ක නැෂනල් එකනෙ අඳින්නෙ. ඉතිං යටට මොනවත් අඳිනවද නැත්නං ‍‍’ෆ්‍රී ලාන්ස්‘ ඉන්නවද දන්නෙත් නෑනෙ. ඉතිං කොල්ලො කියන්නෙ ඔය ‘ටිං’ ගාන සද්දෙ එන්නෙ බෙල් එකෙන්ම නෙවෙයි කියලා.”

අහවල් ටීචර් ටිකක් වෙලා අකුරු තුනේ අයියාගෙ මූණ දිහා ඇසි පිය නොහෙලා බලා ඉන්න කොටම’චකාස්’ ගාලා ටියුබ් ලයිට් එක පත්තු වුනා.”නොද්දකිං වල් හැත්ත!” කියලා මූණ රතු කරගත්තා.

එහෙමලු, ගොං එක හමස් පෙට්ටියට ගියේ.

පසුවදන: ඉතිං මං මේ කතාව අමාරුවෙන් කොටාගෙන, පොස්ට් කරන්න කලිං දුන්න මගෙ බ්ලොග් කෙරුවාවට ෆුල් සපෝට් එක දෙන ආදරණීය ප්‍රියම්බිකාව වන, දීපාට. මමත් බලං ඉන්නව ‘බකස්’ ගාල හිනා වෙන කන්. ම්හු! මෙයා අන්තිම පේලි දිහා ඔරවගෙන, නලල ‍රැලි කරගෙන, ඉන්න නිසා මං ඇහුවා,

“තේරුනේ නැද්ද ලොක්ක නැගිටින කොට බෙල් එක වදින්නෙ කොහොමද කියලා?’

මේක අහවල් ටීචට එහා ටියුබ් ලයිට් එකක්නෙ.

“ඒක තමා මාත් මේ බැලුවේ…”

ඒ ගමන මං සුද්ද සිංහලෙන්ම කිව්ව කොහෙන්ද සද්දෙ එන්නෙ කියලා. ඔන්න එතකොටම ඒ ටියුබ් ලයිට් එකත් චක ‘චකස් චකස්’ ගාල පත්තු වුනා. එයාත් ටීචර් කෙනෙක්නේ.

 

ටැග: ,

23 responses to “7.පිංසිබොල්ගෙ ගොං කේස් එක.

  1. hirunijayawardenehiruni

    අගෝස්තු 10, 2011 at 12:10 පෙ.ව.

    හහ් හහ් හා. බ්ලොග් වෝකර්ට තව තවත් ලියන්න සුබ පැතුම්!

     
  2. chathuri

    අගෝස්තු 10, 2011 at 2:39 පෙ.ව.

    he he..nice one henryblogwalker…really fun….is tht true?????😀

     
  3. ගෝල්ඩ් fish

    අගෝස්තු 10, 2011 at 7:47 පෙ.ව.

    මරු කතාව අයියේ…. උදේ පාන්දරම හිනා වුනා ඇති වෙන්න….. නියමයි….

     
  4. නදී...

    අගෝස්තු 10, 2011 at 9:15 පෙ.ව.

    හෙහෙ මරු කතා සෙට් එකක් නේ.මටත් ටිකක් වෙලා ගිහින් තමයි තේරුම් ගියේ.

    ඔයාල දෙන්නත් ගුරුවරුද? නියමයි.අපේ අම්මයි අප්පච්චිත් ගුරුවරු.

    ළමයි ගැනත් රස කතා ඇති.ලියන්න.

     
    • henryblogwalker

      අගෝස්තු 10, 2011 at 9:37 ප.ව.

      ස්තුතියි නදී, බලන් යනකොට තවත් ටියුබ් ලයිට් තියෙනව නේද? ඔයාගෙ ස්ටාටරේ මාරු කරල බලන්න. ලමයි ගැන කතා නැවකට. පස්සෙ ලියන්නම්.

       
  5. deepa

    අගෝස්තු 10, 2011 at 11:05 පෙ.ව.

    henry blogwalker,

    Wow !!!dude, thanks for sharing such awesome incidents. Waiting eagerly to read the next as ur writing keeps us happy. Dude u seems to have a variety of experience cause i visit ur Hey- dude blog, too , as i do enjoy both ur blogs, equally.

    DJ

     
  6. Ranjith senadhira

    අගෝස්තු 12, 2011 at 4:11 පෙ.ව.

    muchan Henry,
    I realy enjoyed the storyes even some of them are not strange to me
    Say hello to Deepa.
    Podda

     
  7. Observer

    අගෝස්තු 18, 2011 at 2:32 ප.ව.

    මේකත් කියෙව්ව, මරු. දැන්නෙ දැනගත්තෙ හෙන්රි ගුරුවරයෙක් කියල. ඔබීත් හිටපු ගුරුවරියක්, මේ පෝස්ට් එක පෙන්නල බලන්න ඕනෙ ලයිට් එක පත්තු වෙය්ද කියල. හැබය් මගෙ කතා හුඟක් අහල තියෙන නිසා පත්තු වෙන්නත් සෑහෙන්න ඉඩ තියෙනව.

    අවුරුදු තිහකටත් විතර ඉස්සර (මට මතක විදියට) ඔබී ගුරු අභ්‍යාස විද්‍යාලෙන් පිට වෙලා පළමු දුෂ්කර පත්වීමට ගියා ගලේවෙල පැත්තෙ ඉස්කෝලෙකට. මමත් ගියා ඔබීව ඇරලවන්න, නවතින්න තැනක් හොයාගන්න, එහෙම උදව්වෙන්න. විදුහල්පති තුමා එක්ක කතා කල පලවෙනි වතාවෙම මට හිතුන සිවුරු ඇරපු කෙනෙක් වෙන්නැති කියල (පස්සෙ දැනගත්ත ඒ සිතුවිල්ල නිවැරදිය් කියල) වැඩ බාර ගන්න ආව කියල ලියුමක් ලියල දෙන්න කිව්ව විදුහල්පති තුමා. ඔබී වෙන මොනවද කටයුතු වල යෙදෙන අතරෙ ලියුම ලිව්වෙ මං තුමා. විදුහල්පති තුමා ලියුම බලල කිව්ව, ආමන්ත්‍රණය ලියල තියෙන විදිය වැරදිය්, “විදුහල්පති තුමා” කියල ඒක හරි ගස්සන්න කියල, මං ලියල තිබුනෙ “විදුහල්පති” කියල.

    දැන් ඉතින් අනිත් රාජකාරි කටයුතු කෙරෙන අතරෙ, මං විදුහල්පති තුමාගෙ මේසෙ උඩ තිබුන ලොග් පොත පෙරල පෙරල ඉන්න කොට දැක්ක එන්ට්‍රියක් “ආරක්ෂාව පිණිස පාසලට අයත් ආර්.වී. එක විදුහල්පති තුමාගේ නිල නිවාසයේ තබා ඇත”. මං දහ අතේ කල්පනා කලත්, ආර්.වී. එක කියන්නේ මොකද්ද කියල නං හිතා ගන්න බැරි වුනා. පස්සෙ ඔබී කිව්ව ආණ්ඩුවෙන් ඉස්කෝලෙට දීල තිබුන රුපවාහිනිය කවදාවත් ළමයින්ට දකින්න ලැබුනෙ නැතිලු, ඒක විදුහල්පති තුමාගෙ නිල නිවසෙ තමාලු හැමදාම.

     
    • henryblogwalker

      අගෝස්තු 18, 2011 at 5:54 ප.ව.

      හහ් හහ් හා, මට ලැබිල තියෙන දිගම කමෙන්ට් එක. නියම කතාව. අපේ ඉස්කෝල වලට ලැබන හුඟක් බඩු ලමයින්ට පාවිච්චි කරන්න ලැබෙන්නෙ නෑ. ඔය කම්පියුටර් උනත් වහලා අරන් තියලා තියෙන්නෙ.
      ඔබීව මතක් කලැයි කියන්න.

       
  8. Observer

    අගෝස්තු 18, 2011 at 2:32 ප.ව.

    මං හෙන්රිගේ පෝස්ට් කියෝගෙන යන්නේ අග ඉඳල මුලට, කියෝපුවම මොනවා හරි ලියල යන්නං.

     
  9. skip

    සැප්තැම්බර් 2, 2011 at 12:18 පෙ.ව.

    ela ela🙂

     
  10. ලොකු පුතා

    නොවැම්බර් 9, 2011 at 2:42 පෙ.ව.

    මමත් මේ පුළු පුළුවන් වෙලාවට ඔබ “තුමා”ගේ බ්ලොග් එක කියවගෙන යනවා
    වෙලාවට මේ කේස් එකේදිනම් ටියුබ් ලයිට් උනේ නැතුව ගොඩ ගියා
    අපි නොදන්නා මොණරතැන්න කිව්වලු… හික්

     
  11. Hasitha

    දෙසැම්බර් 22, 2011 at 9:29 ප.ව.

    ලංකාවේ ඉස්සර කාලේ ගුරුවරියෝ හුඟාක් ටියුබ් ලයිලුනේ🙂 දැන් කොහොමද දන්නේ නැහැ

     
  12. ගැමියාගේ පත් ඉරුව

    මාර්තු 4, 2012 at 8:53 ප.ව.

    මගේ වැටිල්ල ගැන ඔයා දාපු කොමෙන්ට් එකට රිප්ලයි කරන්න මේ බ්ලොග් එක පීරුවා දැනුයි අහුවුනේ ඒක නියම වැටිල්ලක්නේ……ඔය ටිං ටිං ගාන කේස් එක ගැන මුලින්ම කොල්ලෝ කිව්වයි කියද්දි මට මතක් වුනේ love guru ෆිල්ම් එක එකේ තියෙන අර චැසිටි බෙල්ට්ද මොකක්ද එක තමයි මීටර් වුනේ ටිං ගාද්දි….

    සෑහෙන්න ලස්සන සිදුවීම් තියෙන බ්ලොග් එකක් ඔබතුමා ගුරුවරයෙක් කියලා දන්නේ අදනේ…

     
    • henryblogwalker

      මාර්තු 4, 2012 at 10:30 ප.ව.

      මම හිතුවේ නෑ ගැමියා සිරාවටම වැටිච්ච පෝස්ට් එක හොයාගෙන එයි කියලා.
      සාදරයෙන් පිළිගනිමු.

      අනේ මට ඔබතුමා කියන්න එපෝ.

       
  13. Sarath Lankapriya

    අගෝස්තු 2, 2012 at 1:37 ප.ව.

    ගුරුවරු ඔක්කොම එකවගේ ටියුබ් ලයිට්ද ?

     

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

 
%d bloggers like this: