RSS

8.බලලා තියෙනවද 7D MOVIE එකක්? 3D නෙවෙයි. 7D! කියලා වැඩක් නෑ!

12 Aug

“අපේ තාත්තයි මායි  නොදන්න දෙයක් මේ ලෝකෙ නෑ.”

“හුහ්, එහෙමද? එහෙනං කියනවා බලන්න ග්‍රීන්ලන්තෙ අගනුවර මොකක්ද කියලා.”

“ම්ම්ම්ම්ම්… ඒක මම නම් දන්නෙ නෑ. ඒ වුනාට අපේ තාත්තා දන්නවා.”

ඔන්න ඔය වගෙ සිද්ධියක් තමයි දැන් වෙන්න යන්නෙ. මම 7 D MOVIE එකක් බැලුවා වගේ කෑ ගැහුවට මම නෙවෙයි බැලුවෙ. ඈත රටක ඉගෙනගන්න අපේ පුතූ හිරුණි (පුතු කිව්වට කෙල්ලක්)

මමත් අහිංසක කමට මගෙ පාඩුවෙ බ්ලොග් එකක් කොටකොට ඉන්න කොට ඕන් එයා ආව ඕන්න ඔන් ලයින් චැට් කරන්න. ඉතිං බ්ලොග් එක වහලා මම ගියා චැට් කරන්න. මෙන්නෙ ඒකෙ මුල් වැකි කීපය…

Hiruni: hellooooooooooooooooooooooooooooooooooooo Thaththaa, Amma, Malleeee,

Hiruni  is online.

Henry: hello

Hiruni: here TODAY WE WATCHED THE 7 D MOVIEEEEEEEEEEEEEEEEEEEEEEEEEEE

WOOOOOOOOOOOOOOOOOOOOOOOOOOW

thats the best movie experience ever

Henry: that’s what we told you not to miss it…….

මේ ගිම්හාන නිවාඩුවනෙ. ඉතිං පොඩ්ඩක් නිදහසක් ලැබිලා ඔය ඉන්නෙ. ඔය 7D MOVIE එක  ගැන මට කිව්වට එච්චර උනන්දුවක් පෙනුනෙ නෑ. මම ඉතිං කොහොමත් උනන්දුවා නෙ. ඉතිං අපි තමයි බල කලේ ළමයො ගිහිං බලන්නකො මොනවගෙ දෙයක්ද කියලා. ඕන් දැන් මේ ඒක බලල ඇවිල්ලා. හරියට පෙරහැරේ අලියෙක් කුලප්පු වෙලා වගෙ තමයි කළබලේ විස්තර කියන්න. කියනවා කියනවා ඉවරයක් නෑ. මම කිව්වා දරුවෝ, දැන් චැට් එක වහලා Word Document එකක් ඇරලා ලියන්න ඔය අත් දැකීම ගැන ඔය දැන් තියෙන උණුසුම පිටම කියලා.

කිව්වා වගේම වැඩේ කලා. කරලා එව්ව අපිට ඊ තලේ ගැට ගහලා.හැබැයි ඉංග්‍රීසියෙන්. ඒක කියෙව්වම මට හිතුනා ඒක දාන්න මගෙ බ්ලොග් වල. ඉස්සෙලම, ගෙඩි පිටින්ම දැම්ම Hey Dude කියන මගෙ ඉංගිරිස් බ්ලොග් එකේ  එවෙලෙම. ඊට පස්සෙ  ඉතින් මට හැකි විදියට පරිවර්තනය කලා සිංහලට මට හිතෙන හැටි වෙනුවෙන්ම.

එහෙනම් මෙන්න දුව ලියපු ලිපියෙ තාත්තාගෙ පරිවර්තනය.

කඩුවට බයනැති, ඒ වගෙම කඩුවට කැමති අයට පුලුවන් කෙලින්ම පහලට රූට්ටාගෙන ගිහින් ඔරිමජිනල් ඉංගිරිස් වර්ෂන් එක කියවන්නත්. කැමති නම් කඩු හරඹ වලට කැමති අයට මෙතනට කොටලා Hey Dude ගෙ පෝස්ට් එක බලන්නත් පුලුවන්.

ඒ ඒ බනිස් වලට ඒ ඒ කෙසෙල්ගෙඩි කිව්වලු .

ඔන්න එහෙනම්.

අසමසම 7D සිනමා  වින්දනය

7D! මොකක්ද දෙවියනේ 7D කියන්නේ? මම ඊයෙ රෑ  සෑහෙන වෙලා කල්පනා කලත් නිවැරදි සංකල්පයක් ඔලුවට ආවෙම නැහැ. මම 3D චිත්‍රපටය “ඇවටාර්” බලල තියෙනවා. ත්‍රිමාණ කියනදේ මට තේරෙනවා. නමුත් 7 මාණය මොකක්ද? ශරීරයෙ අභ්‍යන්තර ඉන්ද්‍රියයන් වත් පෙන්නනවද දන්නෙ නැහැ කියන එක තමයි නින්දට වැටෙන්න කලින් අන්තිමට ඇතිවූ සිතිවිල්ල.

අපි සිනමා ශාලාවට යනකොට උදේ දහයට ඇති. නිල් හා රතු උපැස් යුවලක් එක්ක 7D කියලා නියොන් බල්බ වලින් කරපු සිත් ඇදගන්නාසුලු විශාල දැන්වීම  මට සිහිපත් කලේ මට  ලාස් වේගාස් පුරවරය. නමුත් පුදුමය කියන්නෙ අපි ඇරුනම චිත්‍රපටිය නරඹන්න ඇවිල්ල හිටියෙපොඩි පිරිමි ළමයෙකුයි එයාගෙ අම්මයි විතරයි. පොඩි එකා විශාල පෙප්සි බෝතලයකුයි පොප් කෝන් ටින් එකකුයි අත තුරුළු කරගෙනයි හිටියෙ. “කොහෙන්ද ටිකට් ගන්නෙ?” මම ඒ අම්මගෙන් ඇහුවා. ටිකට් කවුන්ටරයෙ වැඩ කරන යුවතිය තව ටිකකින් එයි කියලා ඇය රුසියානු භාෂාවෙන් පිළිතුරු දුන්නා.

මම නිකං ඉන්න ගමන් සිනමා ශාලාව ඇතුලට එබිලා බැලුවා. මට මතක් වුනේ  කොළඹ ග්‍රහලෝකාගාරය. ආසන  කීපයකුත් කවාකාර තිරයකිනුත් යුක්ත සිනමා ශාලාව අපේ සාලෙට වඩා පොඩ්ඩක් විතර ලොකු ඇති කියලා මට හිතුනා.

එතකොටම සේවකයෙක් ඇවිත් ශාලාවේ පිටත තිබ්බ රූපවාහිණී යන්ත්‍රය දැම්මා විතරයි ඒකෙ පෙනුනේ මොනවද කියලා දන්නවද? ප්‍රේක්ශකයන්ගෙ ආසන!! තව විදියකට කිව්වොත් අපි ඇතුලෙ ඉඳන් චිත්‍රපටය නරඹනකොට පාරෙ යන මිනිස්සු රූපවාහිණී තිරයෙන් අපිව දකිනවා!

චිත්‍රපට 12ක පමණ නම් ටිකට් කවුන්ටරය වටේට ප්‍රදර්ශනය කරල තිබ්බා. අපි කොයි එක බලන්න යනවද කියලා අපි දැනගෙන හිටියෙ නැහැ. ඔන්න අන්තිමේදි ටිකට් නිකුත් කරන යුවතිය ඇවිත් ටිකට් දෙන්න පටන් ගත්තා. ඉස්සෙලාම අම්මයි පුතයි. ටිකට් එක්කම දෙන්නටම අර විශේෂඋපැස් යුවලක් ලැබුණා.

කවුන්ටරයේ යුවතිය අපෙන් ඇහුවා අපිට බලන්න ඕනෙ මොන චිත්‍රපටියද කියලා. අපි ගත් කටටම කිව්වෙ පෙන්නන ඕනැම එකක් කියලා. ඇය අපේ ටිකට් දෙක දීලා අපට 2 වන පේලියට යන්න කිව්වා. අපි ගිහින් ඉඳගත්තාම අර අම්මයි පුතයිත් හිටියෙ අපි ළඟමයි. අපට ඉදිරියෙන් තිබ්බ පු‍ටුමත වතුර මල් වගෙ nozzles වගයක් තිබුනට ඒවයෙන් ඇති වැඩේ අපට තේරුණේ පස්සෙ. ඉතින් ඔන්න එතකොටම ශාලාව අඳුරු වුනා.අනුග්‍රාහක දැන්වීම් වගයක් පෙන්නුවා. මොකක්දෝ අභ්‍යවකාශය ගැන යමක්. අකුරු වැ‍ටුනේ මං ඉදිරියෙන්ම මට ඕනෙ නම් අතින් අල්ලන්නත් තිබ්බා.

ඔන්න චිත්‍ර පටය පටන් ගත්තා.

සජීවිකරනය කරපු චරිතයක් ( animated characters)  යනවා ගුවන් යානාවක නිල්ලෙන් වැසුනු බිමට ඉහලින්. එක පාරටම මොකක් හරි කරදරයක් වෙලා යානාව පැද්දෙන්න කැරකෙන්න පටන් ගත්තා. මට ක්ලාන්ත ගතියකුත් ඔක්කාරයට එන ගතියකුත් ඇතිවුනේ ඇත්තටම අපිත් ආසනත් එක්කම ශාලාවෙ පොලොව කඩාගෙන වැටෙනවා අපට දැනුන නිසයි. වැටෙන ගමන් කරකැවි කැවි අපි පහළට, පහළට, පහළට ඇදීගෙන ගියා. අන්තිමට දඩාං ගාලා පොලොවට ඇදගෙන වැ‍ටුනා. පු‍ටුව බිම වැදුනු පාරට මම වීසි වෙලා ගියෙ නැත්තෙ පුදුමෙකට. අර අපිත් එක්ක හිටපු කොලු පැටියා කෑ ගහන හඬ මට ඒ එක්කම ඇහුනා.

ඔන්න දැන් අපි නැගිටලා කැළෑව තුළින් යනවා. හැම තැනම ගහ කොළ අතු. මම ඒව අල්ලන්න හදපු හැමවිටම මගෙ අත ඒව තුලින් ගියා. අතු රිකිළි වලින් ඔලුව බේරාගන්න මට නිතරම ඔලුව නවාගෙන පාත් වෙන්න සිදු වුනා.

ඔන්න දැන් ඉන්නවා අලි රංචුවක්. උන් හොඬවැල මගෙ මුහුණ ගාවට ලං කලා. මට හොඬවැල් අල්ලන්නත් තිබ්බා උං ලඟ තිබ්බ පොකුණෙන් වතුර අරගෙන මගෙ මුහුණට විද්දෙ නැත්නම්. දැන් ඇත්තටම අපේ  මුහුණු වලින් සීතල වතුර බේරෙනව.

එතකොටම ආව ලස්සන පාට  පාට සමණල්ලු ‍රැනක්.. මගෙ පසු පසින් මතුවෙලා මගෙ ඇස් අසලටම. මට දැනුනෙ මම දිව්‍ය ලෝකයෙ ඉන්නවා වගෙ. මම හැකිතරම් සමණලයො අතින් ඇල්ලුවා. මම කවදාවත් සමණලයින් එච්චර ළඟට දැකලා නැහැ.

හපොයි! ඔන්න දිවියෙක්!! අපි පණ බේරගෙන දුවන්න පටන් ගත්තා. පැන පැන මුහුණෙ වදින අතු වලින් බේරෙන්න නැවි නැවී දිව්වා. අන්තිමට ඒ මේ අත ඇඹරුන ගස් වල පළල් අතු දිගෙත් දුවන කොට මට මතක් වුනේ ගෙදරදී මල්ලියි මායි සෙල්ලම් කරන TARZAN  වීඩියෝ ක්‍රීඩාව. මේ හැම දෙයක්ම වෙන අතරෙ දිවියා උඩ පනිමින් මහා හඬක් නගාගෙන පොලොව දෙදරවාගෙන බිම පතිත වෙමින් මහා කලබැගෑනියක් කලා. අන්තිමේදි අපි දුවලා දුවලා උගෙන් බේරෙන කොට රෑත් බෝ වෙලා.

ඔන්න එනවා කළාමැදිරියොත්. මම කීප දෙනෙක්ව අතින් ඇල්ලුවා. ඊට පස්සෙ තමයි හොඳම හරිය වුනේ. තව පොඩ්ඩෙං මගෙ පණ යනවා. හැම තැනම ගෙම්බො! ගස් වල කොළ මත ඉඳගෙන දිව එලියට දාගෙන!! මුං එක පාරටම බිමට පැනලා අපේ කකුල් දිගේ නගින්න ගත්තා!  මම යටි ගිරියෙන් කෑ ගහලා නැග්ගා පු‍ටුව උඩට. මම ලඟම හිටපු අර කොලු පැටියත් බය වෙලා බෙරිහන් දුන්නා.ගෙම්බො තවමත් මගෙ ඇඟ දිගේ නගිනවා.

අන්තිමේදි ගෙඹි කරදරය ඉවරවුනාම මම සැනසුම් සුසුමක් හෙලුවා. දැන් ආයෙම එලි වෙලා.  දැන් ඔන්න තියෙනවා යෝද පිඹුරෙක් විසින් ආරක්ෂා කරන මිනිස් හිස් කබල් වලින් පිරුනු තැනක්. ඒ අපි හිටපු තැනට තරමක් දුරින් නිසා මට සතු‍ටු හිතුනා. නමුත් ඒ සතුට වැඩි වෙලා ‍රැඳුනෙ නැහැ. අපි මිනිස් වාසයක් සොයාගෙන ඉදිරියටම ඇදුනා. එතකොටම කුරුලු රංචුවක් අපිව පහු කරන් පියෑඹුවා. උන්ගෙ ත‍ටු වලින් නැගුනු සුළං පහර අපේ මුහුණු වල වැදුනා. උන්ගෙ හොටවල් වලින්  අපේ ඇස්  බේරාගන්න අපි පස්සට නැමුනා.

ඒ කරදරෙන් බේරිලා වටපිට බලන කොටයි දැක්කෙ අපි අර හිස් කබල් තියනෙ ප්‍රදේශයටයි ඇවිත් තියෙන්නෙ කියලා. දෙවියනේ!! මෙන්න කඩු වර්ෂාවක්. ඒවා කෙලින්ම අපේ ඇස්වලටමයි එල්ල කරලා එවන්නෙ. කඩු මුහුණ ලඟින් යනකොට හුලං පාරකුත් මුහුණට වදිනවා. අපි එහාට මෙහාට පැනලා පන බේරා ගත්තට මම ඒ වෙලාවෙ නම් මම හිතුවෙ ඇත්තටම එක කඩුවක් හෝ මගෙ ඔලුව පසාරු කරගෙන යයි කියලා.

මම දැක්කා එක පාරටම එක හිස් කබලක් ඇලවෙලා ඒකෙන් මීයෙක් එලියට එනවා.ටිකකින් තව එකෙක්..! ඔන්න තව එකෙක්!!! මුන් උන්ගෙ තියුණු උල් දත් විලිස්සාගෙන පැන්නෙ අපි දිහාට. තව මීයො අපේ කකුල් දිගේ නගිනවා.උඩට උඩට.මම නැවතත් මගෙ කකුල් පු‍ටුව උඩ. තව පොඩ්ඩෙන් මම දුවනවා ශාලාවෙන් එලියට.

භයානකම අත්දැකීම් ඉවරයි කියලා හිත හදාගන්න හදන කොටම ඔන්න අර යෝද පිඹුරා දරනය ලිහාගෙන ඇදීගෙන එන ගමන්  කෙලින්ම බැලුවා  මා දිහා. ඉන් පස්සෙ නැවත ඇකිලිලා මුලු වෙර යොදලා පැන්නා කෙලින්ම මගෙ මුහුණට!!!  ආයෙත් ඇකිලිලා ආයෙත් පනින්නයි සූදානම. මට හිතුනෙ මම හදවත් රෝගියෙක් නම් එතනම මැරිලා වටෙනව නේද කියලා. එහෙනම් ඒක තමයි මගෙ අවසානය.

අම්මෝ ඇති යාන්තන් කියලා සැනසුම් සුසුමක් හෙලුවා විතරයි.මොන!! ඔන්න අපි හිටගෙන හිටපු පොලොව ගිලා බහින්න පටන් ගත්තා!!අපි දැන් ආයෙම වැටීගෙන වැටීගෙන යනවා. ඔන්න නැවතත් අර ඔක්කාර ගතිය. ඒ මේ අත පැද්දෙමින් අඳුරු අගාධය තුලින් වැටිලා වැටිලා අන්තිමේදි මහා හඬකින් පතිත වුන පාරට මම හිතුවේ මගෙ හර්දය වස්තුව කටින් එලියට වීසිවුනා කියලයි.

අම්මෝ දැන්වත් ඉවරද?

නැහැ. ඔන්න මුලු භූමියම ඇලවුනා. ඇලවෙලා අවට තිබ්බ කඳු, ගල්, ගස් හැමදේම කඩාවැටෙන්න ගත්තා මහ හඬින්. අපේ දෙපා වලට යටින් පොලොව දෙදරනවා, වෙවුලනවා, කම්පා වෙනවා. අපි නැවතතත් වැටෙනව පහළට පහළට අන්තිමට උණු ලෝදිය මතට.

මේ පාර නම් ඉවරයි!  ඉවරෙටම ඉවරයි!! පොලොව කුහරය පතුලෙන් මතු වූ ගිනි ජාලාව මතට වැටෙන්න ඔන්න මෙන්න කියලා තියෙද්දි හදිසියෙම කඳු බෑවුමෙන් මතුවුනු ගල්තලාව අපව බේරා ගත්තා.

ඊට පස්සෙ අපිට ඇහුනෙ මුලු ලෝකෙම තියෙන ලස්සනම හඬ. ඔව්. හෙලිකොප්ටරයක හඬ. අන්තිමේදි අපිව බේරා ගන්න ඇවිත්. නමුත් එච්චර ලේසියෙන් මෙතනින් බේරිලා යන්න? ඒ වැරදිලා. අපි ‍රැඳිලා හිටපු ගල් තලාව පුපුරලා ඉරිතලන්න ගත්තා. කුට්ටි කුට්ටි කඩාගෙන වැටෙනවා.අපි දුවනවා ගල් කුලේ මුල දිහාට! ඔන්න එතකොටම හෙලිකොප්ටරයෙන් විසිකලා ලණු ඉනිමඟක් අපි දිහාට. මගෙ මුහුණ ඉස්සරහම පාවුන ඉනිම‍ඟේ හරස් පොලු නෙතට රසඳුනක් වුනා.මම අත දික් කලා ඉනිමඟ අල්ල ගන්න… මා එක්කම අත දික්කලා ජෝ ජෝ!!  අර මුලදිම ගුවන් යානා අනතුරකට මුහුන පෑව සජීවීකරනය කරනලද චරිතය!!! මෙච්චර වෙලා  ජීවිතය පරදුවට තියලා ඔහුගෙ චරිතය රඟමින් ඉඳලා  තියෙන්නෙ මම.

ඉතින් අන්තිමේදි අද්භූත භූමියෙන් අපිව ආරක්ෂිතව බේරා ගත්තා. ඊට පස්සෙ නාමාවලිය දර්ශනය වුනා. අන්තිමේදි විදුලු බුබුලු වලින් ශාලාව ආලෝක වුනා. පොඩි එකාගෙ අතේ තවම පෙප්සි බෝතලෙයි පොප් කෝන් භාජනෙයි. අල්ලලා වත් නැහැ. පොඩ්ඩ අම්ම දිහා ඇස් ලොකු කරගෙන බලාගෙන ඉන්නවා.

ඔව්,  7D Movie එක ඉවරයි. මම ජීවිත කාලයෙම ලබපු  විනාඩි විස්සක් පමණක් වූ හොඳම සිනමා අත්දැකීම!  ජීවිත කාලයෙම බැලූ පැයයි විනාඩි හතලිස් පහේ කිසිම සිනමා පටයකට හුවමාරු නොකරන අසමසම වින්දනය.

කුඩා මුහුණ වසාගත් කුඩා අතැඟිලි අතරින් අර කොලු පැටියා මේ සිනමා දර්ශනයේ කොපමන කොටසක් දකින්නට ඇත්දැයි මට මොහොතකට සිතට නැඟුනා. ඉන් කොටසක් හෝ රස විඳින්නට ඔහුට ඉඩ දීමට ඔහුගේ මව කුඩා ඇඟිලි ඉවත් කරන්නට අපමණ වෙහෙසක් ගනු දු‍ටුවා මට මතකයි.

අප ශාලාවෙන් එලියට පැමිනි විට අපෙන් උපැස් යුගල් ආපසු ලබාගත් කවුන්ටරයේ යුවතිය අප සිනමා පටය රස වින්දා දැයි ඇසුවත් එයට පිළිතුර පිටත සවිකර ඇති රූපවාහිනී තිරයෙන් දැක ඇති බවට අපට සැකයක් තිබ්බෙ නැහැ.

එය නම් කිසිදා අමතක නොවන අත් දැකීමක්. ඉතිරි 7D සිනමා පට 11ද නැරඹීමට අප එවෙලේම අදිටන් කර ගත්තා.

 

මේ තියෙන්නෙ අපි බලපු 7D Movie එකේ ටිකට් එක

මේ තියෙන්නෙ එකේ පෝස්ටරය.නම "затерянный остров" සිංහලෙන් නම් "නැතිවුනු දූපත"

මේ ලොබි එකේ දර්ශනයක්. සිනමා ශාලා සේවකයෙක් ඇතුලෙ ඉන්න නරඹන්නන්ව පෙනෙන රූපවාහිණී තිරය දිහායි බලා ගෙන ඉන්නෙ

ලොබි එකේ දොරට ඉහලින් මේ ප්‍රදර්ශනය කරලා තියෙන්නෙ අනිත් 7D Movie එකතුව. ඒවත් බලන්නයි හිතාගෙන ඉන්නෙ.

This is Hiruni’s Original version blogged simultaneously on Hey Dude at: http://dude-heydude.blogspot.com/

The Day We Watched A 7D Movie. Wow!!

A  7D  MOVIE! What on earth was 7D. I spent around 2 hours last night trying to figure it out and still couldn’t come up with any reasonable concept. I have watched the3D Movie “Avatar”. Three Dimensions I understand. What are 7 dimensions? Could it be that we can see the internal organs, this is the last idea that crossed my mind before I drifted to sleep. And this morning I woke up and couldn’t get back to sleep due to the fear of oversleeping and missing the movie.

We reached the cinema around 10. 00 am. The neon lights sported the word 7D and a pair of specs in blue and red. It reminded me of Las Vegas. Anyway to my amazement there was just another small boy and his mom. The little guy had a huge Pepsi bottle and a can of popcorn tucked under his arm.  I asked the lady where to buy the tickets and she answered me in Russian that the lady at the ticketing counter will arrive soon.

I took a sneak peek into the hall. The first thought that crossed my mind was that this was the planetarium that we were taken to so often on field trips as kids. There were so few seats and the screen was curved and it was a bit bigger than our living room.

Then this boy came and switched on a TV that was outside the hall and guess what we can see all the chairs from outside. In other words we [the spectators] were on screen for the people who pass by the film hall.

There were around 12 movies shown on the ticketing booth and we didn’t know which we were gonna watch. Then finally this girl came and sold us our tickets. The mom and the son were first to go.  They were each handed in a pair of specs. And then we approached her and she asked us what we wanted to watch and we promptly answered that whatever was shown was what we wanted to watch. Then she handed us two tickets and told us to go to seat row no. 2. We found ourselves seated right next to the mom and the son. On the row of seats in front of us we saw nozzles which we later understood the purpose of. Then all of a sudden the lights dimmed. And the sponsors were advertised, just some astronaut thing. And the letters were right in front of me I could reach out and touch them. And then it all began…………………..

There was this animated guy in a plane. Soaring over all these lush green lands and suddenly something goes wrong with his plane and it begins to swing and go all over like crazy. I felt dizzy and nauseous as I realized that we too were falling. Falling and swaying down down, down. And then bang. We crashed to the ground. I was nearly thrown out of my chair as we landed. I heard the little boy scream.

And then we stood up and started walking through the jungle. The leaves were everywhere and so were the branches. I could touch them and every time I did my hand passed right through them. And I had to duck and bend just to save my head from hitting the branches and twigs.

Then we came across some elephants. They put their trunks just near my face and I could touch them. And I would have if they hadn’t taken some water from the pond they were in and sprayed it right over me. I am not lying by the time we passed the elephants our faces were dripping water! It was so cool.

Then we came to this spot with the butterflies and they were so colorful and flying just in front of my eyes and were coming up from behind me. It felt as if though I was somewhere else, somewhere like heaven. I touched so many of them. It was the closest I’ve ever gotten to live butterflies.

Then came the leopard. Just like that. Out of nowhere. We ran and ran for our lives. Trudging and ducking to avoid being slapped in the face by branches and we ran up the wide branches of the trees, up and up tilting this way and that way.  It reminded me of the Tarzan video game I used to play with my little bro. And all the while the leopard was thumping and jumping and landing with such terrific shudders that the earth vibrated and rumbled beneath our feet. Then finally we were safe and it was night.

It was then the fireflies came out. I touched about two or three of them. And then came the part when I nearly passed out. Well almost. There were the frogs. They were on the leaves and sticking their tongues out. And alas then they just jumped out and began crawling up our legs. Believe me they really really did crawl up our legs. I screamed and took my legs up onto the chair. And I heard a commotion to my right and saw that the little boy too has freaked out. They were just squirming up my legs.

Then to my utmost relief that part ended and it was day time. They showed an area full of skulls guarded by this huge gigantic python. I was so glad we were not in that territory. But how was I to know that my relief was short lived? And we started our walk to find some help, any help. A flock of birds just passed us and the wind that followed their wake blew at our faces. We had to tilt away to miss their beaks piercing our eyes.

It was then we came to the land of the skulls. And oh my God! There were these daggers coming right at our eyes. Swishing past us with the wind following their wake blowing right at us. They were coming straight at us. This way and that way and we were ducking all along to avoid them. I was so scared believe me I really expected one to hit me in the head!

Then one of the skulls tilted forward and out of it came one rat. Then two and three. And they jumped straight at us, baring their sharp, pointy teeth all the while. And then it was happening again. They started climbing up our trouser legs. Climbing and climbing. Once again my feet were on the chair and I was almost running out of the hall.

Then when I thought I had seen it all, the giant python started sliding. It was so huge. It unwrapped itself and then looked directly at me. Just at me. It recoiled and then with great vengeance it lunged forward at me!!!!!!!! Right in my face. Right there. Then it recoiled once again and lunged back at me. If in any case I had some heart problem it would have been it for me. I would have rested in peace then and there. Then it was the end.

Oh no, not yet. Not at all. The ground beneath us started to cave in and we were falling and falling and falling. I just wanted to throw up. We were tilted this way and that way and then once again we landed with such jarring impact I nearly spat out my heart. It was such a harsh landing.

Then was it over? No. The land once again tilted and everything around us came crashing down. The mountains, the rocks the trees. Absolutely everything.  And the Earth beneath our feet was rumbling and quivering. And we were tilted and were falling, down down down into the lava. Yes. This was it. It was how it was all going to end. And when we were just about to touch the flames that were coming up from the great depths of the Earth, we landed on a wedge of rock that was protruding from a mountain.

And then we heard the nicest sound in the world. A chopper. Right there to save us. But were we to be saved that easily?  No way. The wedge of rock started crumbling, giving away chunk by chunk. We were running back. Then at the same moment a ladder was thrown out of the chopper. It was there right in front of my face. The rungs so inviting and I stretched my hands to catch it. And so did Jo Jo. The guy who was me all this time. The guy who crash landed. The animated guy who took me through all the terror.

And we were safely rescued from all the horrors of the unknown land. And then the names were cast. And the lights came back on. And the little boy still had his Pepsi and pop corn in his hands, untouched. He looked at his mom with bewilderment!

Yes it was over. The best 20 minutes any movie watcher can ever have. A 20 minutes I will not  trade for 1 hour 45 minutes of any movie I’ve ever watched. It was all over. I wonder how much the little boy managed to see through his fingers which were covering his face all the while. The fingers his mom was trying to pry away and show him what was happening.

And as we were coming out the lady at the counter took back our specs and asked us if we had enjoyed the movie. Had we enjoyed it? She already knew the answer as she could see us on the TV outside! It was an experience of a life time. We determined to see the rest of the 12  7D MOVIES, too.

කට්ටිය මොකද හිතන්නෙ මගෙ කුළුඳුල් පරිවර්තනය ගැන?

පස්සෙ මමත් කල්පනා කලා මේ දේවල් කොහොමද කරනව ඇත්තෙ කියලා. පුතු මාත් එක්ක කරපු චැට් එක පස්සෙ කියෙව්වම ඒකෙ සමහර දේවල් විස්තර කරල තිබ්බා.වතුර නොසල්, රබර් පටි (rubber strips) , එතකොට vibrators හයි කරපු ආසන ආදී එකී නොකී දේ.

ඉතිං නිකම්ම යන්නේ නැතුව ලියන්නකෝ ප්‍රතිචාරයක්. මේ වගෙ අත් දැකීමක් තියෙනවානම් කියන්නකො ඒකත්. ආසයි දැනගන්න.

 
 

ටැග:

17 responses to “8.බලලා තියෙනවද 7D MOVIE එකක්? 3D නෙවෙයි. 7D! කියලා වැඩක් නෑ!

  1. deepa [DJ]

    අගෝස්තු 12, 2011 at 10:02 ප.ව.

    ෂාආආආආආආආආආආආආආ !
    මෙක කියවන කොට මට හිතුනෙ හරියට මම ඒ movie එක බලනවා වගෙ. ඔයාගෙ දු පෑටියට අපි හුගක් ස්තුතිවන්ත වෙනවා ඔයාට මෙ කතාව ලියුවට, එක නිසානෙ අපිටත් මෙ රසවත් අත්දැකිම ගෑන දෑන ගන්න පුලුවන් වුනෙ. එවගෙම ඔයත් එක ෂෝක් එකට සිංහලට පරිවර්තනය කරලා.

    දැන් මමත් හරි ආසාවෙන් ඉන්නෙ 7 D movie එකක් බලන්න. ඔය දෙන්නාටම ජය වෙවා !!!!!!!!!!!!!!!!!!!!!!!!

    DJ

     
  2. Chanaka Aruna Munasinghe

    අගෝස්තු 12, 2011 at 10:25 ප.ව.

    Hikz . මමත් බලල තියෙනවා. හැබැයි අපිටනම් කිවුවෙ 4D කියල

    “4D Cinema එකේදි, මේ වගේ මකුළුවො ඇඟ දිගේ නගින එකනම් හරිම හයානකයි” කියල මම ලියල තියෙනවා මෙන්න මේකෙ

    http://status-chanaka.blogspot.com/2009/09/sentosa.html

     
    • henryblogwalker

      අගෝස්තු 12, 2011 at 10:53 ප.ව.

      ස්තුතියි චානක, මම ගිහින් බැලුව මකර රජදහනට මේ දැං. අර ගිනි පිඹින එකත් මරු. මොකද කකුල් දෙකේ මකරෙක් නේ ඒකා?

       
  3. hirunijayawardenehiruni

    අගෝස්තු 13, 2011 at 12:47 පෙ.ව.

    මේ කතාවට කරලා තියෙන සාදාරනයට [ මට අනිත් ‘ ද ‘ හොයාගන්න බැ] ගොඩක් ස්තුතියි. ඉදිරියට තවත් තව තවත් ලියන්න සුබ පැතුම්!

     
  4. වෙද ගෙදර මහ වෙදනා

    අගෝස්තු 13, 2011 at 2:46 ප.ව.

    ඔව් මේකට කියන්නේ 7D කියලා නෙමේ. 4D කියලා. 4 වැනි එක තමයි සෙන්සේෂන් දැණීම කියන සංවේදනය. ඇත්තටම හරිම සුන්දර අත්දැකීමක්. මේක තියනවා සිංගප්පූරුවේ සෙන්තෝෂා එකේ. ගියොත් විදින්න. හරිම අපූරුයි. ඔබගේ දියණියටත් ඔබටත් ස්තුතියි අත්දැකීම බෙදා ගන්නට සිතුවාට.

     
    • henryblogwalker

      අගෝස්තු 13, 2011 at 6:13 ප.ව.

      ඔබටත් ඉතාම ස්තුතියි වෙද ගෙදර මහ වෙදනා, ඉහල ප්‍රතිචාරයෙත් සෙන්තෝසා ගැන කියලා තියෙනවා. මමත් මේ වෙදගෙදර එන්නයි හැදුවෙ. නැවත හමුවෙමු.

       
  5. Chathurika Uluwitiya

    අගෝස්තු 13, 2011 at 7:18 ප.ව.

    nice wrk hiru..me 2 wanna go..better 2 go within summer vacation..and uncle its really nice translation…🙂

     
  6. RANUL

    අගෝස්තු 18, 2011 at 9:07 පෙ.ව.

    මං මේ වගේ දෙයක් අදමයි ඇහුවේ.මේ වගේ තැන් ලංකාවෙ නැද්ද?තව දෙයක් අහන්න ඕනා. wordpress බ්ලොග් වල ෆලෝ කරන්න බැයිද?
    අයියා මගෙ බ්ලොග් එකේ කමෙන්ට් දාලා තියෙනවා මං දැක්කා.කැමතිනම් මාව ෆලෝ කරන්න.

     
    • henryblogwalker

      අගෝස්තු 18, 2011 at 5:56 ප.ව.

      මේකට පිළිතුරක් මම ඔයාගෙ ඊ මේල් එකට එව්ව රනුල්. මම දැනටමත් ඔයාගෙ බ්ලොග් එකේ ෆලෝවර් කෙනෙක් තමයි. ඔන්නම් බලන්න.

       
  7. Observer

    අගෝස්තු 18, 2011 at 1:28 ප.ව.

    කියවා රස වින්දා

     
  8. වසුන්දරා

    අගෝස්තු 19, 2011 at 4:00 ප.ව.

    මම 3D මුවී එකක් බැලුවෙත් මේ ලඟදි.. එකත් අපුරු අත්දැකීමක් උනා.. හිරුනි ලබපු අත්දැකීමත් කවදාහරි ලබන්න වාසනාවක් තියෙයි කියල හිතෙනවා..බොහොම ස්තුති.. අපිත් එක්ක බෙදාහදාගත්තට මේ දේවල්..

     
  9. Chejana

    අගෝස්තු 24, 2011 at 10:08 පෙ.ව.

    කන්නාඩිය දාලා බලන්න වගෙම කන්නාඩියක් නොදා බලන්නත් පුලුවන් 3D and 4D මම දැකල තියෙනව, ඒත් මේ කියන මාන 7 මොනවද කියල හිතාගන්න අමාරුයි, ත්‍රිමාණයේ පෙනීම සහ ඉෆෙcට්ස් අපිට දැනෙද්දි නෙ 4D වෙන්නෙ, මේකෙත් ඒ ටික වෙලා කියන එක මට තේරෙනව, ඒත් පුළුවන් නම් මේකෙ මාන 7 මොනවද කියල ටිකක් පැහැදිලි කරන්නකො.

     
  10. Nish

    නොවැම්බර් 30, 2011 at 3:36 ප.ව.

    exel world එකේ දි මම මේ දේ අත්වින්දා තාම තියෙනවද දන්නෙ නම් නෑ….

     
  11. Nelum

    අගෝස්තු 2, 2016 at 3:10 ප.ව.

    දැන් ලන්කාවේ අපිට 9D ෆිල්ම් බලන්ඩ පුලුහන් බන්. Saniro park එකට පින්සිද්ද වෙන්ඩ

     

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

 
%d bloggers like this: