RSS

9.ලොකු අයියයි ටිකිරි මොලෙයි

15 Aug

ලොකු අයියා කිව්වෙ මගෙ නැන්දගෙ පුතා. අපේ ගෙදර නං ලොකු අයියා මමනෙ.ලොකු අයියා නාහෙට නාහන එකෙක් කියලා තමයි වැඩිහිටියො නං කිව්වෙ. නමුත් ලොකු අයියගෙ තවත් පැති තිබුනා කියලයි මට නං හිතෙන්නෙ. ඇත්තටම දවසක් මට බඩේ අමාරුවක් හැදිලා මාව කරේ තියාගෙන ගෙදර ගෙනාවා මට මතකයි.

ලොකු අයියත් මාත් අතර සෑහෙන වයස් පරතරයක් තිබ්බා. ඒ කාලෙ එයා හිටියෙ අර ‍රැඩිකල් අදහස් එන ඒ වගෙම ඕනැම ප්‍රශ්නෙකට උත්තරයක් තියෙන වයසෙ. මම හිටියෙ අර හැම දෙයක් ගැනම පුදුමාකාර කුතුහලයක් තියෙන ඉවරයක් නැතුව ප්‍රශ්න අහන කාලෙ. ඉතිං දෙන්නා හොඳට ගැලපුනා.

ඉස්සර තිබුනා ගුවන් විදුලි සඟරාව කියල මාසෙකම ගුවන් විදුලි වැඩ සටහන් (Radio Program Schedule ) තියෙන සඟරාවක්.   දවසක් මම ඉස්සරහ පඩිපෙල උඩ ඉඳගෙන ඕක කියවනව. මේකෙ තියෙනවා මෙන්න මෙහෙම:

පෙ.ව. 9.00              ප්‍රවෘර්ති ලුහුඬින් (නැ. ප්‍ර)

ප. ව  8.30                ගුවන් විදුලි රඟමඬල (නැ. ප්‍ර)

ප. ව. යි පෙ. ව. යි නම් අවුලක් නෑ. ඒත් මොකද්ද යකෝ මේ නැ. ප්‍ර. කියල දහ අතේ කල්පනා කර කර ඉන්නකොට ඔන්න ආවා අපේ පඬියා – ලොකු අයියා, කොහෙද රස්තියාදුවක ගිහිල්ලා.

“ලොක්කයියෙ, මොකද්ද මේ නැ. ප්‍ර. කියන්නෙ?”

“එහෙම තනි වචනෙං කියන්න බෑ. මුලු වාක්‍යයම කියනවා.” ඔන්න ඉතිං එයාට (context) එක ඕනෙ වෙලා ප්‍රශ්නෙ මග අරින්න. දැන් මේකාට යන්න හදිස්සිය. අර අපේ බාප්ප කියනව වගේ මේකා බයිසිකලේ පස්ස පැත්තෙ ගහගත්ත ගමන් තමයි දවසම. (හැබැයි බාප්ප නම් පාවිච්චි කලෙ පස්ස පැත්ත කියන වචනෙ නෙමේ අර ‘පු’ යන්නෙන් පටන්ගන්න අකුරු දෙකේ වචනෙ. ඒක දාල බලන්නකො රයිම් වෙන ලස්සන)

 

 

ඉතින් මමත් කියෙව්ව මුලු වාක්‍යයම.

“පෙ.ව. 9.00             ප්‍රවෘර්ති ලුහුඬින් (නැ. ප්‍ර)

ප. ව  8.30                ගුවන් විදුලි රඟමඬල (නැ. ප්‍ර)”

“ඉතිං මොකද්ද නැ. ප්‍ර. කියන්නෙ? ඔයත් දන්නෑ නේද?”

ආ ඕකද? හුහ්! ඕකවත් දන්නෙ නැද්ද තමුසෙ? නැ. ප්‍ර. කියන්නෙ ඕයි නැගෙනහිර ප්‍රංශයෙන්” කියපු මේකා. බයිසිකලෙත් පස්ස පැත්තෙ ගහගෙන ඉගිල්ලිලා ගියා.

මූ කෙලියෙ බොරුවක් කියලා මගෙ ටිකිරි මොලේටත්  මූ වංගුවෙන් නොපෙනි යද්දිම වැටහුනා.

පස්සෙ හවස තාත්තා ගෙදර ආවම මං දැනගත්තා නැ. ප්‍ර. කියන්නෙ ‘නැවත ප්‍රචාරය’ කියලා.

තවත් දවසක පොර ඉනිමගේ නැගල මොකක්ද වැඩක්. මම තමයි ඉතිං ගෝලයා. ” හා ඔය අඬුව දෙනවා”, “දැන් මිටිය දෙනවා”,  “ආ දැන් ඇණයක් අරං දෙනවා”, “ආ දැන් මේ අඬුව ගන්නවා”, “ආවුදයක් දෙනකොට හැම තිස්සෙම මිට පැත්ත හරවල දෙනවා. ඉගෙනන්නවා හරියට වැඩක් කරනහැටි. හැමෝම ඕව කියල දෙන්නෙ නෑ. හැම දාම නෑ: හැම තැනම නෑ”

ඉතිං මම ඉනිමගත් අල්ලගෙන ශිල්ප ඥානයත් ඒ එක්කම ගෙඩි පිටිං ගිලදමන අතරේ අනිත් එවුං අඹ ගහට පොලු ගහලා, අඹ ගෙඩි පෙති ගහලා, ලුණුයි මිරිස් කුඩුයි ඉහලා, මගේ කොටසත් අතටම දුන්නා. (කෙළ ගිල්ල නේද? නෑයි කියන්න එපා. මමත් ටයිප් කරන ගමං කෙල ගිල්ලා.)

මමත් ගෝල වැඩේ කරගෙන යන අතරේ කෑමත් කරගෙන යනවා. නමුත් දැන් දැන් බඩු සප්ලයි කිරිල්ල එච්චර කාර්යක්ෂමව කෙරීගෙන යන්නෙ නැතිබව ලොක්කයියට තේරුණා. මොකද ඒ එක්කම  ඉනිමගත් පොඩ්ඩක් පැත්තට ගියා මොකද මම හරියට අල්ලං හිටපු නැති නිසා.

“මේ.. එක පාර වැඩ දෙකක් කරන්න බෑ.” ලොක්ක කිව්වා.

දැන් මගෙ ටිකිරි මොලේ ඒ ප්‍රකාශය අධි වේගයෙන් ප්‍රෝසෙස් කරල බැලුවා.

“ඇයි බැරි? මම ඇහුවා.

“එතකොට මනුස්සයෝ එක වැඩක් වත් හරියට කරන්න බැහැ.”

මමත් ඇරියෙ නෑ.

“අනේ නිකං ඉන්නව ලොක්කයියෙ. එහෙම පුලුවන් වැඩත් තියෙනවා.”

ලොක්කයිය වැඩේ නැවැත්තුවා. මිටිය එල්ලුවා ඉනිමගේ හරස් පොල්ලක.එක අතකින් ඉනිමග අල්ලගෙන අනිත් අත ඉනට තියාගෙන මිනිහෙකුට ඉනිමගක හිටගෙන අභියෝගාත්මකව ප්‍රතිවාදියෙකුට මුහුණ දෙන්න පුලුවන් හොඳම ඉරියවෙන් හිටගෙන ඇහුවා,

“ආ කියනව බලන්න එකට කරන්න පුලුවං වැඩ දෙක මටත් දැනගන්න.”

“ඇයි ලොක්කයියෙ, ටොයිලට් ගියහම කක්ක කරන ගමන් චූත් කරන්න පුලුවන්නෙ කිසි අප්සෙට් එකක් නැතුව.”

ලොක්කට තේරුනා වැඩේ ගස් කියලා. ඒත් මේකා අත ඇරියෙ නෑ.

“ඒ දෙකම අයිසෙ එක කොම්පැනියෙ වැඩනෙ! ඒ දෙක එකට පුලුවන් තමයි. මම කියන්නෙ අනිත් වැඩ.” කියපු ලොක්ක මිටිය අරන් බිත්තිය පැත්තට හැරිලා ඇනේට ගහගෙන ගහගෙන ගියා.

ලොක්කයියාගෙ මුහුණ  බිත්තිය පැත්තට හැරිලා තිබුනත් කම්මුල් පිම්බිලා වාගෙ පෙනුනෙ මිනිහා හොරෙන් හිනාව ගිලින නිසයි කියලා මට හිතුනා.

තව කතා පස්සෙ අහමු. ඉතිං ඔය යන්නද හදන්නෙ. පොඩ්ඩක් හෝව්. කමෙන්ට් එකක් දාලම යං නේද

 

ටැග: , ,

9 responses to “9.ලොකු අයියයි ටිකිරි මොලෙයි

  1. hirunijayawardenehiruni

    අගෝස්තු 15, 2011 at 8:25 ප.ව.

    බ්ලොග් වෝකර්, මෙක නම් හරිම ඉහලයි! මේ කතා කියවලා අපි කොච්චර සතු‍ටු වෙනවද. තව තවත් ලියන්න තව තවත් සුබ පැතුම්! වැඩේ නියමයි!

     
  2. gayan

    අගෝස්තු 15, 2011 at 8:49 ප.ව.

    නියම කතාව

     
  3. deepa [DJ]

    අගෝස්තු 15, 2011 at 9:01 ප.ව.

    බ්ලොග්වොකර්

    ෂා ! හරි ෂෝක් කතන්දරේ . ඒවගෙම ඔයා , ඔයාගෙ ආටිකල්ස් වලට මැච් වෙන පික්චර්ස්ඇඩ් කරන හැටි නම් එක්සලන්ට්. මම ඔයාගෙ බ්ලොග් එකේ කතාවලට වගෙම එවාට ඇඩ් කරන පික්චර්ස්වලටත් හරිම ආසයි.

    DJ

     
  4. Observer

    අගෝස්තු 17, 2011 at 8:32 ප.ව.

    තවම මේක විතරය්නෙ කියෙව්වෙ, මං අදමය් මෙහෙ ආවෙ, “පුංචි එකා ඉස්පෙලින් අහනවා” එකේ කොමෙන්ට් එකේ URL එක හරහා තමා නිකමට ගොඩ වැදුනෙ. අල්ලල ගියා.
    ඔය ගුවන් විදුලි සඟරාව තිබුනෙ අපි පොඩි කාලෙනෙ, ඒක තාම තියෙනවද, නැත්නම් හෙන්රිත් මගෙ වයසෙ වගේද?
    දැන් ඉතින් පරණ පෝස්ට් ටිකත් කියවන්නම වෙනව.
    අලුත් පෝස්ට් ඊමේල් මගින් ගෙන්න ගන්නත් මේ ගමන්ම දායක වෙන්නම්.

     
  5. Hasitha

    දෙසැම්බර් 22, 2011 at 9:33 ප.ව.

    ෂාහ් නියම සොයාගැනීමක්නේ🙂

     
  6. හංසකිංකිණි

    අගෝස්තු 13, 2012 at 1:35 ප.ව.

    හානේ!! මට නිකං සාංකාව වගේ!! ඔය කියන ගුවන් විදුලි සගරාව මං දන්නව, නවයුගය සගරාව, ඒ විතරක් නෙවෙයි ශ්‍රී සගරාවත් මං කියෙව්ව… බොහොම පුංචි කාලෙදිම… අපි ඉපදෙනකෙටෙත් ඒව නතර වෙලා.. ඒත් පොත් පත් ආදරෙන් එක්කාසු කරපු තාත්තට පින් සිද්ද වෙන්ඩ මං ඒව කියෙව්ව!!!

    ඩූඩ් අයියගෙ තර්කෙ තමයි මං මේ කල්පනා කළේ!!! ලොකු අයිය ඇඹරිලා යන්ඩ ඇති නේද ටිකිරි මොලේට??

     
  7. Sarath Lankapriya

    අගෝස්තු 23, 2012 at 1:51 ප.ව.

    ඇයි බොගක් දාන ගමන් දත් මැදිල්ල ?

     

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

 
%d bloggers like this: