RSS

10. තාත්තගෙ ඉස්කෝලෙ කාලේ

19 Aug

පාර මැනපු හැටි

තාත්තගෙ ගමට යන පාරෙ වෙල අයිනෙ තියෙන දැවැන්ත මාර ගස් පේලිය පහු කරගෙන යන හැම විටම මට මතක් වෙන්නෙ එයින් ලොකුම මාර ගහ පෙන්නලා තාත්තා අපිට කියපු කතාවක්. ඒ කාලෙ ඉස්කෝලෙ දැනට වඩා ප්‍රායෝගික අධ්‍යාපනයට තැනක් තිබ්බලු. දවසක් ගුරුතුමා පන්තිය කණ්ඩායම් දෙකකට බෙදලා කිව්වලු පාර කොච්චර දිගද කියලා මැනගෙන එන්න කියලා. හැබැයි කණ්ඩායම් දෙක මැනීම පටන් ගන්න ඕනෙ පාරෙ කොන් දෙකේ ඉඳලා. (මම දන්න විදියට කිලෝමීටර් දහයකට වැඩියි.) කට්ටිය ටේප්, අඩිකෝදු අරගෙන වැඩේට බැස්සලු. ඉස්සෙල්ලම කණ්ඩායම් දෙක කඩේට ගිහින් කඩචෝරු කාලා තේ බීල, ඊට පස්සෙ ඇලට බැහැල නාලා ජල ක්‍රීඩා හෙම කරල, ගඩා ගෙඩි පළවැල කාලා, නැග්ගලු අර මුලින්ම කිව්ව මාර ගහට නැගල ගණන් හදනවලු.

” “දැං ඉස්කෝලෙ ඉඳල මෙතෙන්ට හැතැම්මක් ඇති, එතකොට මෙතන ඉඳලා අහවල් තැනට අච්චර ඇති…”

“එතකොට එතන ඉඳලා ..”

“පොඩ්ඩක් හිටපංකො. මම ඉන්නෙ පාරේ එහා කොනේනෙ. අපේ තාත්තා ඩ්‍රයිවර් කෙනෙක්නෙ බං. තාත්තා කියන්නෙ මේ පාර හැතැප්ම මෙච්චරයි කියලා..”

“ඒයි බලපං ඔය පොත පිටිපස්සෙ හැතැප්මට අඩි කීයද කියලා..”

“5280 යි? හරි වැඩි කරපං හැතැප්ම ගානෙං, ආ ඔය තියෙන්නෙ. දැන් ඕකට තව අඩි එකසිය පහහක් විතර අතිං දාමු. හා ඔය තියෙන්නෙ. හරි,…”

කණ්ඩායම් දෙකම අවසාන අගය අඩි හය හතකට වඩා වෙනෙසක් නොවෙන්න දත්ත පොතට ඇතුල් කරගෙන. ඊට පස්සෙ ගහට වෙලා කයිය ගගහ ඉඳලා, ඉස්කෝලෙ ඇරෙන වෙලාවට කිට්ටු කරලා කණ්ඩායම් දෙකම වෙන වෙනම ඉස්කෝලෙට ගිහින් වාර්තා කලාලු.

ගුරුතුමා අවසාන වාර්තා දෙක අතට අරගෙනෙ සංසන්දනය කරල බලල පන්තියට නිවේදනය කලේ හරියට චන්ද ප්‍රතිඵලයක් දෙන තරං බැරෑරුම් විදිහටලු.

ඊට පස්සෙ ප්‍රායෝගික අධ්‍යාපනයේ වටිනාකම ගැන දේශනයකුත් කරලා.

තාත්තා පස්සෙ ජන ලේඛණ හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුවෙ, සංඛ්‍යා ලේඛණ නිලධාරියෙක් හැටියට වැඩ කලා විශ්‍රාම යනකල්. හැබැයි මම දැකලා තියෙනා අවංකම රජයේ නිලධාරියෙක්.

ඉංග්‍රීසි ගුරුතුමාගේ ජ්‍යාමිතිය පාඩම

තව දවසක ගණිත ගුරුවරයා නැති නිසා ඉංග්‍රීසි ගුරුවරයා රිලීෆ් ඇවිත්. ලමයි නැගිටලා ආචාර කලාට පස්සෙ ඇහුවලු,

“දැන් මොනවද තියෙන්නෙ?” (What do you have now?) කියලා.

ලමයි කිව්වලු ජ්‍යාමිතිය සර් (Geometry, sir) කියලා.

මොකක්ද? (What?)

ජියොමිට්‍රි සර් (Geometry, sir)

මොකක්ද? (What?)

මේක මං ඇන්දෙ මවුස් එකෙන්

ඔය දෙබස ඔය විදියට කැඩිච්ච රෙකෝඩ් එකක් වගෙ ටිකක් දිගට ඇදීගෙන ගියාම අන්තිමට ගුරුතුමාම කිව්වලු geometry උච්ඡාරණය කරනවා වැරදියි කියලා.

එතකොට එක බුවෙක් අහලා එහෙනම් මොකක්ද හරි කියලා මොකද දැං මේක මහ වාතයක් වේගන එන නිසා.

ගුරුතුමා කිව්වලු “Geometry නෙවෙයි Geometry” කියලා .

දැං එකෙකුටවත් තේරෙන්නෙ නැහැලු මේ අන්ඩර දෙමලෙ මොකක්ද කියලා.

පස්සෙ පැහැදිළි කලාලු ඕක හරියට උච්ඡාරණය කරන කොට ස්ට්‍රෙස් (Stress) කරන්න – ඒ කියන්නෙ බර කරලා කියන්න ඕනේ /ඉ/ නෙවෙයි /ඔ/ ස්වරය කියලා. ඉතින් එවෙලෙ ඉඳලා පීරියඩ් එක ඉවර වෙනකල්ම මෙහෙමලු.

ගුරුතුමා: geOMetry

ලමයි: GEometry

අන්තිමේදී ගුරුතුමා: geOMetry

ලමයි: geOMetry

ගුරුතුමා: geometry හරියට හරි. අද ඉගෙන ගත්තෙ geometry නෙවෙයි නමුත් geometry කියන වචනෙ හරියට කියන හැටි. ඉගෙන ගන්නවල වචනයක් හරියට කියන හැටි.

එහෙම කියපු ගුරුතුමා බෙල් එක ගැහුවම පිටවෙලා ගියාලු.

මේක ගැන අද ඉන්න අධ්‍යාපන  විශාරදයො මොනව කියයිද මම දන්නෙ නැහැ. නමුත් පාඩම නම් තාත්තගෙ ජීවිත කාලයෙන් පස්සෙත් මතක තියෙන බව පේනව නේද? ඔනෑ නම් dictionary එකක් ඇරල බලාගන්නකො ඕකෙ ඇත්ත නැත්ත.

ගුරු ගෞරවය

ඊලඟ කතාව තමයි මගෙ ප්‍රියතම කතාව.ඒ කාලේ ගුරු ගෞරවය කියන එක උපරිමයටම පෙන්වපු කාලයක්නෙ. එක වැහි දවසක එක බුවෙක් මොකක්ද මදාවි වැඩක් කරලා ගුරුතුමා වේවැල් කසාය දෙන්නලු ලෑස්තිය තඩි වේවැලකින්. පාර දෙක වදින කොට මේකා “අම්මෝ” කියාගෙන පන්තියෙනුත් එලියට පැනල දුවලා. ගුරුතුමා කෑ ගැහුවත්

“ඔහොම නවතිනවා!” කියලා. මොන නැවතිල්ලක්ද. නැවතුනොත් ඩබල් ද පෝරියල් කියලා දන්න බුවා දැන් ඉගිල්ලෙනවලු පිට්ටනිය හරහා. ගුරු තුමාත් වේවැල අමෝරගෙන මූ පස්සෙ පන්නන්න ගත්තලු වැස්සෙම.

ඔන්න බලන්න ගුරු ගෞරවය, ගුරුතුමා වැස්සෙ තෙමෙන නිසා පන්තියෙ මොනිටර් බුවා ගුරුතුමාගෙ කුඩෙත් දිගෑරගෙන ගුරුතුමාගෙ ඔලුවට උඩින් අල්ලන්න පස්සෙන් දුවනවලු.

මේක ඇන්දෙ අතින්

තාත්තා ඇතුලු අනිත් කොල්ලො සෙට් එක විතරක් නෙවෙයි මුලු ඉස්කෝලෙම  ලමයිනුයි ගුරුවරුයි පන්තිවල තාප්ප ගාවට වෙලා හිනා කකා නරඹනවලු මේ ‍ෆ්‍රී කොමඩිය.

තාත්තා මේ කතාව කියන ගානෙ තාත්තාගෙ ඇස් වලින් කඳුලු වැක්කෙරෙනව හිනා වෙලාම. කතාවත් කියන්නෙ කැඩි කැඩි මොකද හිනා කන නිසා. එදා කොයි තරම් ජොලියක් ලබන්න ඇතිද කශ්ටියම කියල මට හිතෙනවා.

ඔය චිත්‍රයෙ තියෙන්නෙ ඔය සිද්දිය මගෙ හිතේ ඇඳුනු හැටි

 

ටැග: ,

14 responses to “10. තාත්තගෙ ඉස්කෝලෙ කාලේ

  1. Observer

    අගෝස්තු 19, 2011 at 4:20 පෙ.ව.

    Henry the blogwalker,

     
  2. Observer

    අගෝස්තු 19, 2011 at 4:21 පෙ.ව.

    Henry the blogwalker,
    උදේ පාන්දර සෑහෙන්න තනියම හිනා වුනා, වෙලාවට ප්රියාම්බිකාව තාම නිදි.

     
  3. Chanaka Aruna Munasinghe

    අගෝස්තු 19, 2011 at 6:53 පෙ.ව.

    හෙ හී. ආ පන්ති නායකය අද සුවර් එකටම ඇමති කෙනෙක් වෙන්න ඇති

     
  4. hirunijayawardenehiruni

    අගෝස්තු 19, 2011 at 3:04 ප.ව.

    කතාවල් වගේම පින්තුරත් ටොප්….හරිම අනර්ගයි

     
  5. ගෝල්ඩ් fish

    අගෝස්තු 21, 2011 at 9:13 පෙ.ව.

    නියම කතා ටිකක්…! දැන් කවුද අර අන්තිම කතාවේ මගෝඩි වැඩේ කරේ කියන එක තමා ප්‍රශ්නේ….???

     
    • henryblogwalker

      අගෝස්තු 21, 2011 at 1:13 ප.ව.

      ඒකත් හොඳ ප්‍රශ්නයක් තමයි. නමුත් තාත්තා නම් කතාව කියන හැම තිස්සෙම කිව්වෙ එයා පන්තියෙ ඉඳන් හිනා කකා බලාගෙන හිටියා කියලයි.

       
  6. weniwel

    අගෝස්තු 26, 2011 at 9:26 ප.ව.

    කතාවත් නියමයි.. චිත්‍රයත් ඊට වඩා නියමයි..

     
  7. NP

    අගෝස්තු 29, 2011 at 9:50 ප.ව.

    ela kathawa.
    adai me blog eka dakke🙂

     
  8. Hasitha

    දෙසැම්බර් 22, 2011 at 9:37 ප.ව.

    අන්තිම කතාව නම් උපරිමයි.

    සබඳ පබිලිස් නාට්‍යයේ නොඉඳුල් භාජනේක ආරච්චිට වතුර දෙන්න කියලා පාවිච්චි කරපු නැති පඩික්කමකට වතුර ගෙනාපු කතාව මතක් වුණා. ගරු කරන්නේ එහෙමයි ඒ කාලේ🙂

     
  9. Hasitha Chamikara Gunasinghe

    ජූනි 12, 2012 at 12:41 ප.ව.

    මේ කාලේ මේ වගේ ගුරුවරු නැහැ ඉන්නේ ගුරු හොරු ඒ වගේමයි ළමයි නැහැ ඉන්නේ කොලු තාත්තලා🙂

     
  10. Sarath Lankapriya

    අගෝස්තු 23, 2012 at 1:54 ප.ව.

    ඔන්න ඔහොමයි ඒ කාලේ ගුරු ගවුරවේ !!

     

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

 
%d bloggers like this: