RSS

12. “හහ්… හහ්… හා…! උඹ හිතන්නෙ මං තිලකයයි කියලමද?”

23 අගෝ.

තිලකයා අපිට වඩා තරමක් සීනියර් බුවෙක්.  මුලදි අනුරයි (ACR) මායි තිලකයට කිව්වෙ Santana කියල. මොකද මේකාත් Carlos Santana වගේ කොන්ඩෙ දිගට වවලා හිටියේ. පස්සෙ අපි මූට කොන්ඩ තිලකයා කියලා කියන්න ගත්තා. ඒ කොන්ඩෙත් කැරළි ගැහුනු, පිට මැද්දට වැටෙන, නමුත් ඇද්දාම ඒ වගේ දෙගුණයක් දිග තිබ්බ කොන්ඩයක්. වැඩ කරන වෙලාවට පෝනි ටේල් දානවා, වැදගත් ගමනක් යනකොට පෝනි ටේල් එකම කමිසය අස්සට ඔබනව. එතකොට පිටේ ලොකු මොල්ලියක්. Soft Hump එකක්.

තිලකය ඉලෙක්ට්‍රොනික් වැඩට ඔස්තාද් වුනාට රස්සාව Cartographer (සිතියම් නිර්මාණ ශිල්පී, මම හිතන්නෙ – වැරදි නම් කියන්නකො) මේ ලඟදි එකෙක් ඇහුවලු “උඹ මොකද බං තිලකෙ කරන්නෙ කැම්පස් එකේ?” කියල. මූ කිව්වලු Cartographer කියල. එතකොට අරූ අහනවලු “ඈ බං.. ඒ කියන්නෙ උඹ කරත්ත දක්කනවද?” කියල. මූ කිව්වලු, “නෑ බං මම කරත්තෙ බඳින ගොන්නුන්ට ලාඩං ගහනව කියලා.

රටේම තියෙන පරණ  Volkswagen Beetle ලඩි ඔක්කොම තිලකයාගෙ ගේ වටේට ගෙනත් දාගෙන තියෙන්නෙ.  ඇහුවම කියන්නෙ උගෙ මල්ලිගෙ කියලා. කොහොම හරි පරණ යකඩ වලට පුදුම ආදරයක් තිලකයගෙ තියෙන්නෙ.

 තිලකය ඉන්නෙත් වලි පුරයක් කිට්‍ටුව.දවසක් මම  මොකක්ද වැඩකට ඔය පැත්තට ගිහින් එනකොට තිලකයා ඇහුවා කොහෙද බං උඹ ගියේ කියලා. මම ඉතිං කිව්ව උවමනාව. “මචං මම නං…”තිලකයා කියනවා, “…මෛත්‍රී බුදු හාමුදුරුවො ඔය පැත්තෙ නා ගහක් යට බුදු වෙලා ඉන්නව කියල ආරංචි වුනත් මේ වෙලාවට ඔය පැත්තෙ යන්නෙ නෑ. පහුවදා උදේට තමයි යන්නෙ”.

ඉස්සර අපේ ගැන්සිය සෙට් වෙන (ස්)පොට් එකක් තමයි තිලකයගෙ කාමරේ. උගෙ පරණ රස කතා අහන්න. අපි කොච්චර සිගරට්, සැර ජාති බිව්වත් ඌ දුම් වලාව මැද්දෙ ඉඳගෙන අපේ බයිට් එක විතරක් කකා කතන්දර කිය කිය ඉන්නවා. ඉතිං අපි අර සුප්‍රසිද්ධ “ඒයි, උඹ අපේ බයිට් එක ඩයට් එක කරගන්න එපා හරිද” කියන ස්ලෝගන්  එක නැවත නැවතත් වාදනය කරනව.

ඉස්සර අපේ තිබ්බ චාරිත්‍රයක් තමයි මුගේ ගේ ගාවින් යන ඕනැම ‍රැයක, ඕනැම වෙලාවක යටිගිරියෙන් “අඩෝ තිලකයෝ!!” කියල යටි ගිරියෙන් කැ ගහගෙන ඉගිල්ලිලා යන එක. මූත් ඒ වාගෙම අපේ ගේ ගාවින් යන ඕනැම ‍රැයක, ඕනැම වෙලාවක යටිගිරියෙන් “අඩෝ හෙන්රියෝ!!” කියල යටි ගිරියෙන් කැ ගහගෙන ඉගිල්ලිලා යනව. අපි ඕකට කිව්වෙ කාඩ් එක පන්ච් කරනව කියල. මම සමහර වෙලාවට උඩ විසිවෙලා ඇහැරෙන්නෙ ගල් පාන්දර මුගෙ කාඩ් පන්ච් කිරිල්ලට. අපේ තාත්ත සමහර දවස් වලට අහනවා ඊයෙ රෑ තිලකෙ ගියා නේද පාරෙ කියලා.

මුගෙ තියෙන තවත් යල් පැනපු විහිලුවක් තමයි මම බස් එකේ යනකොට මුගෙ ගේ ලඟ හෝල්ට් එකේ නැවත්තුවහම “ඒයි හෙන්රියො පොඩ්ඩක් හිනාවෙයං උඹ ඉන්නවද කියල බලන්න. මොකද මුගෙ දත් ටික විතරයි සුදු. හිනාවෙනකොට විතරයි පේන්නෙ මූ ඉන්නවද කියල.” කියල කෑ ගහල කියන එක. බස් එකේ මිනිස්සු හිනා වෙනවා මුගෙ විහිලුවට මොකද උන්ට ඒක අලුත්නෙ. ලස්සන වැඩේ කියන්නෙ මම මූට වැඩිය චූට්ටයි කලු!!! හැක්.. හැක්!!

 

ඔන්න දවසක් තිලකයා තවත් බුවෙක් එක්ක රෑ හෙල්ම‍ටුත් නැතුව, බයික් එකේ ලියකිවිලිත් නැතුව හදිස්සියෙ සරම පිටින්ම ගිහින්. ආපහු එනකොට පේනවලු කාකි සූට් ඉන්නව ටෝච් එහෙම අරගෙන ගහක් යට. දැනටමත් එකෙක්ව අල්ලගෙනලු. හැබැයි මේ තුවක්කු තියාගෙන ට්‍රැ‍ෆික් බයික් එකේ යන අය නෙවෙයි. දැන් මොකද කරන්නෙ? නැවැත්තුවොත් පෝරියල්. තිලකයා තමයි පිටිපස්සෙ ගිහින් තියෙන්නෙ.

හරි මල්ලි උඹ නවත්තන්න එපා. ඔහොමම යනවිදියටම පලයං නොදැක්කා වගෙ. ඉතුරු ටික මංබලාගන්නම්. තිලකයා කියලා .  බුවාත් ඒ විදියටම වැඩේ කරලා. ලං වෙනකොටම එක කාකි සූට් එකක් අත් ඇල්ලුවලු. බුවා වගේ වගක් නැතුව යනවලු. කාකි සූට් එක “ඒයි, ඒයි!” කියලා කෑ ගහලා ටෝච් එක ඇල්ලුවලු මුන්ගෙ පස්ස පැත්තට. දෙන්නා ඇරලා ගිහින්. පස්සෙ අනිත් බුවා ජර බරේලු.

යකෝ දැං අනාතයිනෙ. මගෙ බයික් එකේ නොම්බරේ ලියාගන්න ඇතිනෙ කියලා. බලපං දැන් උසාවි යන්නනෙ වෙන්නෙ කියලා.

තිලකයා කියනවලු. “හැක් , හැක්, කොහොමද යකෝ නොම්බරේ බලා ගන්නෙ? නොම්බරේ තිබ්බෙ මගෙ සරම අස්සෙ. මම සරම උස්සලා නම්බර් ප්ලේට් එකයි ටේල් ලයිට් එකයි දෙකම වහගෙන හිටියෙ. හැබැයි ‍තෝ බයවෙලා නැවත්තුව නං, සරමත් නැතුව තමයි එන්න වෙන්නෙ.

කශ්ටිය මේක අත්හදා බලන්න ගිහින් පස්සෙ මට නම් බර බර ගාන්න එපා ඔන්න. “DON’T TRY THIS AT HOME. THESE STUNTS ARE PERFORMED BY THE TRAINED PROFESSIONALS.” ඔන්න DISCLAIMER එක දාලා තියෙන්නෙ.

 

දැන් ඇති තිලකයා ගැන හඳුන්වාදීම. එහෙනම් කතාවට බහිමු. දවසක් රෑක තිලකය බයික් එකේ ගමනක් යනකොට තවත් දන්න බුවෙක් පාරෙ ඉඳල අත ඇල්ලුවලු. මූත් නොදන්න එකෙක් නෑ. පස්සෙ තිලකයා කිව්වලු, මචං මම අර ඉස්සරහ තියෙන  මළගෙදරට පොඩ්ඩක් ගිහිල්ලයි යන්නෙ”, කියල. කමක් නැ මචං කියලා බුවා නැග්ගෙ හරිම සන්තෝසෙංලු. බුවා නොකිව්වට තිලකයට තේරුනාලු රහස. මොකද මළගෙදරට පොඩ්ඩක් එහායින් තියෙන්නෙ කනත්තලු. කනත්ත ලඟින් පයින් යන්න බයට බුවා ඉඳල තියෙන්නෙ කවුරු හරි එනකල්.

මළගෙදර ලඟදි තිලකයා බයික් එක පාර අයිනෙ නවත්තල බුවාට බයික් එක තියාගෙන ඉන්න කියලා මළගෙදරට ගියාලු. බුවාත් යනවලු මළගෙදර උගෙ සුරේ නොතිබෙන්න.

විනාඩි පහලොවකිං විතර තිලකයා ආපහු ඇවිත්. දැන් දෙන්නම බයික් එකේ නැගල යනවලු. දැන් කනත්තට ඔන්න මෙන්නලු. හැබැයි බුවාට තේරුනාලු තිලකයා වැඩි කතාවක් නැති බව. කනත්ත ලඟදි බුවා ඇහුවලු, “තිලක අයියෙ, මොකද උඹ වැඩි කතාවක් නැත්තෙ?” කියලා.

තිලකය “හහ්.. හහ්  හහ්  හහ්”  ගාලා හොල්මනක් වගෙ හිනා වෙලා කිව්වලු

“උඹ හිතන්නෙ මං තිලකයයි කියලමද?” කියල.

බුවාට කලිසමේ බඩු ගියෙ නැති ටික විතරලු. මොකද නියම තිලකයා තවම මළගෙදර වෙන්නත් හොඳටම ඉඩ තියෙනවනෙ. අනිත් එක මේ යකා ආවෙත් මේ මහ රෑ මළගෙදර පැත්තෙ ඉඳලා.

අනේ බුදු තිලක අයියේ ..!! ඕන්නැති විහිලු නොකර හිටපං බං!! කියලා බුවා කියලා තියෙන්නෙ අඬල වගේ, පුදුමාකාර අසරණ කමකින්, හොඳටම බයවෙලා.

පස්සෙ තිලකයටම දුක හිතිලා වැඩේ අතහැරල දැම්මලු.

තිලකයාගෙ තව කතා පස්සෙ අහමු. ඉතිං ඔය යන්නද හදන්නෙ.  හෝව් පොඩ්ඩක්, කමෙන්ට් එකක් දාලම යං නේද?

 

ටැග: ,

42 responses to “12. “හහ්… හහ්… හා…! උඹ හිතන්නෙ මං තිලකයයි කියලමද?”

  1. Observer

    අගෝස්තු 23, 2011 at 8:33 ප.ව.

    හරි හරි ඔන්න කොමෙන්ට් එකක් දැම්ම, මේකේ පෝස්ට් දෙකකට වැඩිය ලියන්න හිනා තිබුන, වෙලාවට ඔබී නිදි, නැස්තන් අහය් මහා රෑ තනියෙන් හිනා වෙන්නෙ මොකද කියල

     
  2. hirunijayawardenehiruni

    අගෝස්තු 23, 2011 at 11:56 ප.ව.

    හහ් හහ් හහ්. මගේ එහෙමනම් එතනම පන ගිහිල්ලා….

     
  3. මහිම

    අගෝස්තු 23, 2011 at 11:59 ප.ව.

    සිරා කතා ටික අයියේ අම්බානට හිනා වුනා
    තිලකෙත් මරු පොරක් නේ

     
  4. මකුළු පැංචි

    අගෝස්තු 24, 2011 at 5:53 පෙ.ව.

    Oops….අදනෙ දන්නෙ හිරූගෙයි dude ගෙයි නෑකම.. 😀
    හහ් හහ්..හයියෝ…තව ටිකක් බය කරන්න තිබ්බේ…..ඒක නෙවෙයි තවමත් හම්බුණාම කාර්ඩ් පන්ච් කරනව ඇති නේද??/

     
  5. විලම්බීත

    අගෝස්තු 24, 2011 at 10:19 පෙ.ව.

    එළ කතා සෙට්ට එක ඈ

     
  6. සසීන්ද්‍ර

    අගෝස්තු 24, 2011 at 9:43 ප.ව.

    හඃ හඃ උබත් හිතන්නෙ මම තිලකෙ කියලද 😀
    අයියෝ හැබැයි තව බය කරන්න තිබුනෙ ඈ… 😀

     
  7. පූසා

    අගෝස්තු 25, 2011 at 12:36 පෙ.ව.

    ඕං අරක කියවලා මේක කියෙව්වා. අරක කියන්නේ ඉංගිරිස් එක. ඇත්තමයි එකම කතාව උනත් ඉංගිරිස් එක මට මීට වඩා සෑහෙන්න අල්ලලා ගියා….
    ඔයා ලියන හැම කතාවම මට දැනිලා තියෙන්නේ එහෙමයි. මම හිතන්නේ ඒකට හේතුව ඔයා ඉංග්‍රීසියෙන් මුලින් ලියලා පස්සේ ඒක ඒ විදිඅහටම සිංහලට හරවන එක වෙන්න ඇති.
    දැන් බලන්නකෝ “PLEASE DON’T TRY THIS AT HOME. THESE STUNTS ARE PERFORMED BY TRAINED PROFESSIONALS, BLAH BLAH BLAH.” වගේ එකක් ඉංග්‍රීසියෙන් ලස්සන උනාට ඕක එහෙම්මම සිංහල කළොත් ගතියක් නෑ. ඒක නිසා වෙන්න ඕනේ සිංහල කතාවෙන් ඒක එහෙම්මම දාලා තියෙන්නේ. හැබැයි ඕව සිංහලට හරවන්න පුළුවන් හැබැයි ඉංග්‍රීසි එක එහෙම් පිටිං සිංහලට හරවන්න බෑ. වෙනස් කරන්න වෙනවා. (වෙලාක් ලැබුණොත් මේ ගැන මගේ අදහස ලියලා මේල් එකක් දාන්නම්)

     
    • henryblogwalker

      අගෝස්තු 25, 2011 at 1:34 පෙ.ව.

      පූස්, ඇත්තටම ඔයාගෙ ප්‍රතිචාරය මම හුඟාක් අගය කරනවා. මම ඉස්සෙල්ලා කොයි භාෂාවෙන්ද ලියන්නෙ කියන එක හරියටම කියන්න බැහැ. උදාහරණයක් විදියට ඇත්තෙන්ම මේක මම ඉස්සෙලම ලිව්වෙ සිංහලෙන්. එතකොට මේක ඉංග්‍රීසියෙන් ලියන්න අදහසක් වත් තිබ්බෙ නැහැ. එතකොට .Hey Dude වල DEEPA,,PLEASE DON’T ASK WHAT HAPPENED TO THE TOMATOES පෝස්ට් එක මම තවම සිංහලෙන් ලිව්වෙ නැහැ. නමුත් ලියන්න පුලුවන්. අර COOL SECURITY DUDES මම දැනටම සිංහලෙන් ලියලා තියෙන්නෙ. ඔයා දන්නවනෙ පූස්, අර ඔයා කිව්ව වගෙ සමහර දේවල් රසය නොමරා පරිවර්තනය කරන්න බැහැ. අනික ඔය ඉංග්‍රීසි බ්ලොග් එක කියවන්නෙ සිංහල අය විතරක් නොවන නිසා මට ‘සරම’ කියන්නෙ මොකක්ද කියලත් කියන්න වෙනවා. එතකොට කලු සුදු දෙගොල්ලම ඉන්න රටක වැසියෙක් අර හමේ පාටට හිනාවෙන කෑල්ල වරදවා තේරුම් ගන්න හොඳටම ඉඩ තියෙනවා. ඉතිං ඔය කොයි පැත්තත් හිතන්න ඕනෙ.ඉතින් පූස්, නැවතත් ස්තුතියි. අර ඊ මේල් එක එවන්න.

       
    • thilakasiri abhayawardhane

      අගෝස්තු 28, 2011 at 5:12 ප.ව.

      “” Gedarady karanda yanda epooooo,Mun Hata pirichcha, hota bima anichcha, naaki wndurangen igena gaththa ewun. hack hack hee “” Mata sinhala typing bari nisa mehema liwwe.U R Welcome!

       
  8. Jaya Sri Jayakody

    අගෝස්තු 25, 2011 at 7:10 ප.ව.

    we must meet again and remnicise

     
  9. deepa [DJ]

    අගෝස්තු 25, 2011 at 7:55 ප.ව.

    හෙන්රි බ්ලෝග්වොක්ර්,

    මම හිතන්නේ බූවෝ ඔයා මෙ පාර නිවාඩුවට ලංකාවට ගියාම තිලකයා හමුවුනානම් හොදයි, එතකොට ඔයාට මල්ලක් පිරේන්න ආගිය කතා එකතු කර ගන්න පුළුවන් වෙවි.

    ආ! අන්න ජයකොඩි බූවාත් ඔයාට ආරාධනා කරලා තියෙනවා එහෙම කරන්න. එක ෂොක් අදහසක් මොකද එතකොට අපිටත් රසවත් කතා ටිකක් කියවන්න ලැබෙනවානේ.

    DJ

     
  10. hirunijayawardenehiruni

    අගෝස්තු 25, 2011 at 9:16 ප.ව.

    බ්ලොග් වෝකර්ට අපේ උනුසුම් සුබ පැතුම්! මම තේ එකක් එහෙම හදාගෙන බ්ලොග් එක ඇරියා විතරයි…මෙන්න බ්ලොග් ස්ටැට්ස් 1000 යි ලු! අපිට ගොඩාක් සතු‍ටුයි! අපි මෙ බ්ලොග්ස් කියවලා ගොඩක් විනෝද වෙනවා. තව තවත් මෙ වගේ අපුරු බ්ලොග් ලියන්න ඩුඩ්ට අපේ සුබ පැතුම්!

     
  11. weniwel

    අගෝස්තු 26, 2011 at 9:40 පෙ.ව.

    හිනා කාල මැරෙන්න ගියා නියම කතාව.. සේරම කතා ටික කියවල බලන්නම් පස්සෙ…

     
  12. Piyasiri

    අගෝස්තු 26, 2011 at 5:12 ප.ව.

    Katha tika nam kiyala wedak ne. niyamai.

     
  13. thilakasiri abhayawardhane

    අගෝස්තු 28, 2011 at 4:09 ප.ව.

    Umbala Hithanne Thaamath Mae Aththama Thilakayamai Kitalada? heeeeeeeeeeeeeeeeeeeeeeeh hih hih hee ! Onna mama aayeth umbalata set una, Mae paarawal walin warellaaaa. http://www.thilakasiri.tk/, http://freedom-greenfreedom.blogspot.com/ . Ok,…… Meke, Arake…..
    .Aaana Roona Roona Katussa,Aekeli Maekeli Padda Puken chooooooooooooooooooooose

    Meeta,
    Dayabara Konda thilakaya.

     
  14. jagath

    අගෝස්තු 29, 2011 at 1:22 පෙ.ව.

    OHOMAYAN !parana unath thama hinaaaa

     
  15. jagath paris

    අගෝස්තු 29, 2011 at 1:28 පෙ.ව.

    merenda kalin monawahari koranda epaye!!!!!! meka hoda wedak jayaweewa

     
  16. thilakasiri abhayawardhane

    අගෝස්තු 29, 2011 at 12:20 ප.ව.

    This is a Romantic msg
    So read it slowly

    That night was dark & moon was high.

    He stopped his car.

    She asked him Y ??

    He went close 2 her.

    He touched her shoulders.

    His lips goes nearest 2 her ears.

    She knew he has something 2 tell.

    She felt shy

    He wanted 2 tell her a few words but won’t believe it

    And finally he told her those 3 words

    ” පැට්රෝල් ඉවරයි බහින්න ”

     
  17. thilakasiri abhayawardhane

    අගෝස්තු 30, 2011 at 3:44 ප.ව.

    That’s what I really asked him “හහ්… හහ්… හා…! උඹ හිතන්නෙ මං තිලකයමයි කියලද?”

     
  18. පින්ග්කිරීම: About « cartothilakasiri
  19. Hasitha

    දෙසැම්බර් 22, 2011 at 9:48 ප.ව.

    තිලකයා භයානක වැඩනේ කරන්නේ

     
  20. Sarath Lankapriya

    අගෝස්තු 2, 2012 at 2:15 ප.ව.

    තව පොඩ්ඩෙන් මට එල කතා ටිකක් මිස් වෙනවානේ..

     
  21. සමාධි

    සැප්තැම්බර් 18, 2012 at 8:30 පෙ.ව.

    උඹ හිතන්නෙ මං තිලකයයි කියලමද?….

     

විලම්බීත වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න