RSS

14. උගෙ වර්ෂන් එක, මගෙ වර්ෂන් එක සහ හරි වර්ෂන් එක

29 Aug

කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුය කියලා කිව්වට සමහර වෙලාවට මට ඇහිලා තියෙන්නෙ කියන වර්ෂන් නෙවෙයි මට ඕනැ වර්ෂන් එක. හරියි කියලා හිතාගෙන හිටපු සමහර දේ කොච්චර වැරදිද කියලා තේරෙන්නෙ කාලයක් ගියාට පස්සෙ.
පොතක් කියවන කොට මැවෙන්නෙ නැද්ද හිතේ මනෝ රූපයක්? හැබැයි චිත්‍රපටයක් බලන කොට එහෙම වෙන්නෙ නෑ. හිතමුකො මම කියවනවයි කියලා නිව් යෝර්ක් නගරයේ වීදියක සිද්ද වෙන සිද්ධියක් ගැන. මගෙ හිතේ මැවෙන්නෙ මම දන්නා කියන තැනක්, සමහරවිට මහා නගරයක් වෙන්න අවශ්‍යත් නෑ. ඒ කතාවම කාලයක් ගිහින් නැවත කියවන කොටත් අර මනෝ රූපයෙත් කිසිම වෙනසක් නෑ. ඒකමයි. ඒ මගෙම වර්ෂන් එක.

මම මේ කියන්න යන්නෙ මේකටම අදාල තව දෙයක්. අහල තියෙනවද අපේ අම්මලාගෙ කාලයට අයත් මෙන්න මේ සින්දුව කවදහරි? මමත් අහල නෑ, ඇහිල තියෙනවා. හැබැයි මට ඇහිල තියෙන්නෙම,
“ජීවන විල මැද.. වැජඹෙන කැකුලකි.. රූ බර හූනුවතී…” කියලා මගෙම වර්ෂන් එක . සින්දුව දන්න අයට කේන්ති යන්න ඇති. ඕකෙ නියම වචනෙ රූබර හූනුවතී නෙවෙයි රූබර වූ යුවතී. මට මැවිලා පේනව උලුවස්සෙ ඉඳන් බලාගෙන ඉන්න හූනු නෑම්බියක්ව.

එතකොට අර මලක පැතුම කියන නන්දා මාලිනීයගෙ සින්දුවෙ අන්තිම පේලිය,
“මගේ පරම පැතුම එයයි..// එතකොට මා ගුටි කරන්න” (හරි එක ‘එමගට මා විසි කරන්න’)

මේ තව එකක්
“සොඳුර සොඳුර මගේ – අඳුර අඳුර මගේ
නොයනු මැනවි දා ආආආ – තනිකර එලියේ..”
ඒ පාර නම් අප්සෙට් එකක් නැහැ නේද? වචන ටිකනම් හරියට ආවා තමයි. නමුත් අප්සෙට් එක තියෙන්නෙ චිත්ත රූපෙ. තනිකර එලියෙ දාගෙන යන්නෙ නැතුව බාගෙට එලියේ දාගෙන යන්න කියලද කියන්නෙ කියල හිතට නැගෙන්නෙ නිතැතින්මයි.

එතකොට…
“පා වේ වලා… ඈත කඳු බලා…” චිත්ත රූපෙ මැවෙන්නෙ වලාකුල් නෙවෙයි. එහෙනං? හොඳටම බීලා සරම උස්සගත්ත (වල් පොරක්) කන්දක් නැගගෙන යනවා. හැබැයි ඕක නම් උනේ අර “ස” ප්‍රසංගයට ගැහුව කුණුහබ්බ කැසට් එක ඇහුවට පස්සෙ.

හරි බඩු ඉවර නෑ නමුත් දැන් සිංහල සින්දු නවත්තමු මොකද බුවාලට හිතෙන්න පුලුවනි මම සිංහල හෝ ප්‍රබුද්ධ ශිල්පීන් එක්ක යම්කිසි වෛරයකින් පසු වෙනවා කියලා. අනේ එහෙම නම් එකක් නෑ. මම ඔය මෙගා ස්ටාර් තරඟ වලට ගිහිල්ලම නෑ.
හොඳයි, මේක මේ මට විතරක් තියෙන සින්ඩ්රෝම් එකක් කියල හිතන්න එපා. මෙන්න එක ඉංග්‍රීසි සින්දුවක් ඉස්සර මගෙ හොඳම යාලුවෙකුට ඇහුනු හැටි.
“ලක්ස් ගාලා හෝදනවා, මම හෝදනවා…ආආආ. (මොනව බං? එහෙම කියනවද ඒකෙ?)
එතකොට මොකක්ද ඔය කියන සින්දුව? කෝ බලන්න අහල.
“Love’s gotta hold on my mind…” (ඇත්ත නේන්නං.)

එතකොට Madonna ගෙ “Laisla Bonita” සින්දුව නම් කවුරුත් අහලා ඇතිනේ.
මෙන්න තව බුවෙකුට ඒකෙ එක පේලියක් ඇහෙන හැටි!
Last night I had some potatoes… ඌ….ප්ස්!!
ඒක ඇත්තටම “Last night I dreamt of San Pedro…” කියන නියම වචන පේලියට වැඩිය ගැලපෙනවා. අහලම බලන්නකො බොරු කියලා හිතනවා නම් . දැං මටත් ඇහෙන්නෙ එහෙම.

හරි සංගීතෙ ඇති.

මං පොඩි කාලේ රේඩියෝ එකේ නිතර ඇහෙන දෙයක් තමයි ” අහවල් රටේ සංචාරයේ යෙදුනු, අහවල් ඇමතිවරයා, අද රාත්‍රී පෙරලා සැපත් වෙයි.” කියන එක. මට මතක් වෙන්නෙම පු‍ටු, මේස, බැරල්, කුණු බාල්දි, පලංචි සේරම අනිත් පැත්ත පෙරලලා, යකා නටලා, සරම උස්සගෙන එන බෙල්ල, බඩ මහත බුවෙක්. මගෙ යාලු බුවෙකුට මතක් වෙන්නෙ පිටරටක ගිහිනුත් කසිප්පු පෙරපු සීන් එකක්ලු. පුදුමයක් නෑ. කැලේ මාරු වුනාට පුල්ලි මාරු වෙන්නෙ නෑයි කියනවනෙ. ඒ වුනාට රටේ නම්බුව ගැන හිතන්න තිබ්බ. නැත්තං අහු නොවෙන්න පෙරන්න ඕනෙ.

එතකොට Dag Hammerskjöld (ඕක සිංහලෙන් ඩැග් හැමර්ශල්ඩ් කියල කිව්වට ඒක නියම උච්චාරනය නෙවෙයි) කියලා හුඟාක් ඉස්සර ඉඳලා තියෙන එ.ජා. මහ ලේකම් කෙනෙක් සමාජ අධ්‍යයනයටද කොහෙද කියා දෙන කොට මට මතක් වෙන්නෙ ඔලුවට ඩග් ගාලා මිටි පාරක් වැදිලා තරු වීසිවෙන කන්නාඩි දාපු සුද්දෙක්ව. පාරෙ සැරට කට විරිත්තිලා, කන්නාඩි කුට්ටමත් ඇදවෙලා, පාත්වෙලා. ඕං බලන්නකො ඒකෙත් හැටි.

ඊලඟ එක නං ඔය බුවාලටත් ලේසි වෙයි. අප්‍රිකානු රටක ජනාධිපති වෙලා හිටිය (Julius Nyerere) ජුලියස් නියරේරේ මහ ජරා වැඩක්නෙ කරන්නෙ තටමා තටමා නියරෙ ඉඳගෙන. අර # 2 වැඩේ. චික් කාටහරි පෑගෙනවනෙ..!

අහලා තියෙනවද පෑම් වෑන් ඩොං (Pham Van Dong) කියන නම? වියට්නාමයෙ හිටපු අගමැති කෙනෙක්. තදයෙක් වෙන්න ඇති නමුත් හරිම සරල නම; සංකීර්ණ චිත්ත රූපය. ඔන්න සුදු පාට වෑන් එකක් තියනවා. (අහන්න එපා ඇයි සුදු පාට කියලා – චිත්ත රූපෙ නෙ!) ස්ටාට් කරලා ෆස්ට් එකට දාලා ‘පෑං” ගාලා යනවා. ඇක්සලරේටරේ අතාරිනවා. 2 න්ඩ් එකට දාලා “වෑං” ගාල වැඩි දුරක් යන්නෙ නැහැ. “ඩෝං” ගාලා සද්දයක් එනවා. කෙලියා නේද තාප්පෙටම?

බෲස් ලී කියන්නෙ මගෙ ප්‍රියතම බුවෙක්. නමුත් නම ඇහන කොට බෲඌඌඌස් ගාලා ලිස්සගෙන යන ලෑලි ගොඩක් හිතට එන එක නං නවත්තන්නම බැහැ.

එතකොට කොෆී අනන් සහ බැංකි මූන් මම ඔය බුවාලට දෙන්නම් ගෙදර වැඩ පැවරුමක් හැටියට. හැම එකම මමම කියන්න ඕනයැ?

එතකොට බණ්ඩාරනායක කිව්වම ළපටි බණ්ඩක්කා කරලුත්, වීරවිල කිව්වම කරවිලත් හිතට නැ‍ඟෙන්නෙ ඇයි කියලා මම තවම කල්පනා කරනවා. සේනානායක පුද්ගලයෙක් නෙවෙයි, කොල පාට මුද්දරයක්. අත්තනායක නම් අත්තක් උඩ ලෝඩ් වගේ ඉඳගෙන ඉන්නවා. හැබැයි වල්ගෙ අත්තෙන් පහලට එල්ලෙනවා. මේක කියවන අත්තනායකලා කලබල වෙන්න එපා – චිත්ත රූපයක් විතරයි – මම කාටවත් කියන්නෙ නෑ.
එතකොට පොළොන්නරුව කිව්වම ඔය බුවාලට මතක් වෙන්නෙ පොළොංගුද? මට නං මතක් වෙන්නෙ පොළොස් ඇඹුලක්. කිරිබත්ගොඩ, දෙල්ගොඩ වාගෙ දේවල් කතා නොකර ඉම්මු මොකද පෝස්ට් එක දිග වැඩි වෙන නිසා.
එතකොට කෝච්චියෙ යන අයට මතකද ධූමරථ මාර්ගයේ වැඩ කරන්නන්ට තුවාල වියහැකි කිසිවක් ‘ජතේල’ වලින් පිටතට වීසි කිරීම ගැන දැන්වීම? එතකොට ‘ගර්භිත’ බස් වලට බබා හම්බවෙන්නෙ කවද්ද? (ගර්හිත යි වචනේ කියලා දැනගත්තම පුදුම හිතුනා)

එතකොට දැං වගෙ නෙවෙයි ඉස්සර. හරියටම ලඩකා’ බැඩකුව ලඟම තමයි ලඩකා බනිජ තෙල් නීතිගත සංස්ථාව තිබ්බෙ. දවසක් ගින්නක් ඇතිවෙලා තව පොඩ්ඩෙන් හරිම ‘බේදවාවකයක්’ තමයි වෙන්නෙ. අම්මෝ එහෙම කාලයක්! කියලා වැඩක් නෑ!

දවසක් රවි කියලා මගෙ යාලුවෙක් කියනවා (රවි සීමන් කෙනෙක්) ‘මචං ඔය ඕස්ට්‍රේලියාවෙ හැදෙන එක ඇපල් ජාතියක් කොච්චර ලොකුද කියනවා නම් දුසිමට හයයි අල්ලන්නෙ’ කියලා. අනිකා ‘ආ ඇත්තද?’ කියලා පුදුම වුනා. කොහොම තියෙන්න ඇත්ද උගෙ චිත්ත රූපෙ!

මම ගෙදර වැඩ දුන්නනෙ.
ආ මෙන්න දැන් කරන්න අභ්‍යාසයක්.

පහත සඳහන් දේ වලින් මොනවද මැවෙන චිත්ත රූප?

  • එයන්න ජින්ජිමයන්න මයන්න – එංජිම (දකුණෙ බුවාලා එයනු ජින්ජිමයනු කියලා පරිවර්තනය කරගන්න. අවුලක් නෑනෙ? මම බස්නාහිරයා)
  • පයන්න අතලෝයන්න ලයන්න – ප‍තෝල (මේක පොඩි නැන්දාගෙන් – එයා ඒක රඟපාලම පෙන්නනව)
  • දුයන්න අංකලනැයන්න අල් ටයන්න ටයන්න -දුංකල නැට්ට (මේකත් පොඩි නැන්දාගෙන් – පිස්සුව පරම්පරාගතයි කියල දැන් තේරෙනවා නේද?)
  • බයන්න යයන්න සිකල් කයන්න, සීට් එක උඩ කබල් ලයන්න – මොකක්ද? කියමු බලන්න පොර නං..? හික් හික්. බයිසිකල් කබල්. (ඒත් එයාමයි)
  • පී- යූ- ඩිං- ඩිං- අයි- එන්- ජිං – පුඩිං (සීවලී වීරතුංග- එංගලන්තය = You won’t read this)
  • ධර්මාරාම ‘ධ’යන්න (අහංගම ධර්මාරාම හිමි – නාලන්දා විද්‍යාලය, කොළඹ – ඔය ‘ද’යන්න නෙවෙයි පුතා..ධර්මාරාම ‘ධ’යන්න!)

දැන් මම වැඩ පාලු කරගෙන මේක කියවපු කෂ්ටියගෙන් එක ඉල්ලීමක් කරනවා. මම හොඳටම දන්නවා මේ චිත්ත රූප දකින්නෙ මම විතරක් නොවන බව. ලැජ්ජාවට කියන්නෙ නැති එකයි වෙලා තියෙන්නෙ. ඔන්න ලැජ්ජාවක් නැති මම පටං ගත්තා. ඉතිං ඔ‍ෆිස් එකේ නං ඉන්නෙ, බොසා දකින්න කලිං ඇරගන්න Excel Spreadsheet එකක්. ආ… දැනටම ඇරගෙනද ඉන්නෙ? එහෙනං අනින්න comment වලට. දැන් Spreadsheet දිහා බල බල හොඳට කල්පනා කරලා, comment box එකේ ලියන්න තමන් දැකලා තියෙන චිත්ත රූප ගැන. ලියාගෙන යනකොට බුවාලටම තේරෙයි මට විතරක් නෙවෙයි පිස්සු කියලා.

 

ටැග:

18 responses to “14. උගෙ වර්ෂන් එක, මගෙ වර්ෂන් එක සහ හරි වර්ෂන් එක

  1. Observer

    අගෝස්තු 29, 2011 at 3:09 ප.ව.

    “ධුමරථ මාර්ගයේ ගමන් කොරන අයවලුන්ට අච්චු කොරනු ලැබේ”
    දැක්කම මතක් වෙන්නෙ උණු කරල අච්චුවක වක්කරන දඬුවමක්.

    ලංකා බනිජ තෙල් සංස්ථාවෙ, පන්දම අරන් හෙලිවැල්ලෙන් දුවන පොර දැක්කම හිතෙන්නෙ, අපායෙන් යමපල්ලෙක් ඇවිල්ල කියල, මනුස්ස ලෝකෙට ගිනි තියන්න.

    තව මතක් වුනොත් පස්සෙ ඇවිල්ල කොටල යඥ්ඥා.

     
  2. hirunijayawardenehiruni

    අගෝස්තු 29, 2011 at 4:57 ප.ව.

    හිහ් හිහ් හිහ්.. ඔන්න අපිනම් මුලින්ම හෝම් වර්ක් කරලා තමා වැඩ පටන් ගන්නෙ, කො‍ෆි අනන් කිව්වම මට මතක් වෙන්නෙ අපේ ගෙදර පිටිපස්සෙ ඇල ගාව තියෙන කෝපි ගස් යට හිටගෙන කොපි කෝප්පයක් හැදි ග ගා බොන, තට්ට, කෙට්‍ටු, උස කලු මනුස්සයෙක්. බැන්කි මුන් කිව්වම මතක් වෙන්නෙ, හඳ වගෙ මුන රවුම් කොට චීන වගෙ මනුස්සයෙක් බැන්කුවක් ගාව හිටන් ඉන්නව.

    තව මට පොඩි කාලෙ ඉදන් Friday කියනකොට මතක් වෙන්නෙ පපඩම් බැදලා කන දවස කියලා [අම්පාරෙගෙදර ඉස්තෝප්පුවෙ ඉඳන් අම්මා අපිට යමු පපඩ්ම් කන්න කියලා එක්ක යනව, මම පොඩි කාලෙ මගෙ චිත්ත රුපෙ].

    තව අපේ ඉස්කෝලෙ සින්හල [මට මෙකෙ බින්දුව හොයා ගන්න බැහැ, සමාවෙන්න ], උගන්නපු ටීචර්ගෙ නම ‘ රනවක’, මට මතක් වෙන්නෙම පරිප්පු දල උයපු පලා වර්ගයක්. හිහ් හිහ් හිහ්. තව ලියන්න ගියොත් හෙට වෙනකල් ලියාවි. තව එකම එකක්, මට ඉන්ග්‍රිසි හොඩියේ හැම අකුරටම හිතෙන් මැවෙන් පාටක් තියෙනව…හිහ් හිහ් හිහ්

     
  3. deepa [DJ]

    අගෝස්තු 29, 2011 at 5:05 ප.ව.

    බ්ලෝග්වෝකර්,

    ඔයා හරි ෂෝක් එකට පොස්ට් එකට ලියලා තියෙනවා. මෙ මොහොතේ මට මුකුත්ම මතක් වුනේ නෑ මොකද දඩිබිඩියෙ මේකත් ලිව්වේ.

    DJ

     
  4. මකුළු පැංචි

    අගෝස්තු 29, 2011 at 11:34 ප.ව.

    මටනං කොෆී අනන් කීවාම මතක් වෙන්නෙ..වැඩිපුර කෝපි දාලා අනන කෝපි කෝප්පයක්..හරියට අර කේක් හැන්දකින් වගේ හැදිගානවා..😀

    ටීවි එක හදාපු John Logie Baird ගැන කීවම මතක් වෙන්නෙ…ලොකු වලහෙක්..
    නීල් ආර්ම් ස්ට්‍රෝන්ග් කිව්වාම…බොඩි බිල්ඩර් කෙනෙක්ගෙ අතක් මැවිලා පේනවා..හැබැයි නිල් පාටට..😀

     
  5. jayasri jayakody

    අගෝස්තු 29, 2011 at 11:39 ප.ව.

    fantastic! keep it up! when you say ‘Henry’ do you know my ‘cheetha roopaya’?

     
    • henryblogwalker

      අගෝස්තු 29, 2011 at 11:55 ප.ව.

      @ ඔබා: ඒකනෙ මම කිව්වෙ මට විතරක් නෙවෙයි පිස්සු කියලා
      @හිරුණි: ෂා නියමයි. හෝම් වර්ක් කලාට ෆුල් මාක්ස්
      @දීපා: දඩිබිඩියෙ හරි කමෙන්ට් එකක් ලිව්වනෙ. බොහෝම ස්තූතියි.
      @මකුළු පැංචි: නියමයි. නීල් ආම්ස්ට්‍රෝං නිල් පාටයි කියලා මට නම් කවදාවත් හිතුනෙ නෑ ඔන්න. ස්තුතියි. ආයෙත් එන්න.
      @Jayakody. Thanks Dude, Of course I’d love to hear that, but wait till I sit down. Okay dude, Say it slowly

       
  6. ගෝල්ඩ් fish

    අගෝස්තු 30, 2011 at 2:42 ප.ව.

    මූට මැන්ටල් හොඳ එක…

    මේ මට කොයිලෝකෙන් හරි හොයලා ස ප්‍රසංගයේ කැම්පස් වර්ෂන් එකේ ලින්ක් එකක් දියන්. ස්කෝලේ යද්දි ඈහුවට පස්සේ තාම අහන්න බැරිවුනා…

    අර තනිතරුවයි හඳපලුවයි සීන් එක….

     
  7. weniwel

    සැප්තැම්බර් 11, 2011 at 3:47 ප.ව.

    ඩූඩ් මම මේක අදනෙ දැක්කෙ.. මන් ලියන්නම් මට මැවෙන ච්ත්ත රූප ටිකක කම්පා කරලම..

     
  8. වසුන්දරා

    සැප්තැම්බර් 20, 2011 at 5:04 ප.ව.

    කොෆී අනන් කිව්වාම මටත් නම් මැවෙන්නේ කෝපි අනන කෝපි පාට මනුස්සයෙක්… බැරැක් ඔබාමා කිව්වාම බැරැක් එකක් තමයි මතක් වෙන්නේ.. ස්වීට් ලයික් සුගර් කෝලා කියන සින්දුව මට ඇහෙන්නෙම කොකා කොලා ගැන කියනව වගේ.. තව.. සතියේ දවස් වලට පාටවල් තියෙනවා මට. .උදාහරණයක් විදිහට.. ඉරිදා කහපාටයි කියල මට හිතෙන්නේ.. සෙනසුරාදා තැඹිලි පාටයි.. සදුදා රතු පාටයි.. ඔය වගේ.. අපේ අම්ම කියනවා.. එයාට ඉස්සර ” ඔබේ රාගී මන කැළබෙදෝ” කියන සින්දුව එයාට ඇහෙන්නෙම.. “ඔබ රා බි මන කැළබෙදෝ” කියලලු.. තව මතක් උනොත් පස්සේ කියන්නම්කො

     
  9. අවංක පැට්ටා

    ඔක්තෝබර් 6, 2011 at 11:29 පෙ.ව.

    අයියා මට සෙනසුරාදා ලා කොලපාටයි වගේ. ඉරිදා හරිම පායන දවසක් වගෙ, අපේ පන්තියේ හිටිය කලුගම්පිටිය කියල කොල්ලෙක්, ඔඅකව කතාකරන කතාකරන පාරට මට මතක් වෙන්නෙ අර පෝස්ට් ඔෆිස් වල මුද්දර අලවන්න කියල පෑන් බටයක් දාල තියෙන ගම් කුප්පිය. මරදාන කියල කිව්ව ගමන් අර පාලමෙන් පල්ලෙහා පේන කෝච්චි පාරයි පාවිච්චි කරන්න බැරුව අයින් කරපු කලුපාට කෝච්චි පෙට්ටි ටිකකුයි මැවෙනවා…. තව දෙවල් ගොඩක් තියෙනව අන්තිමට මේක රචනාවක් වෙයි අයියා…🙂

     
  10. පිණිබිඳු

    දෙසැම්බර් 5, 2011 at 8:47 පෙ.ව.

    මම ලඟක් වෙනකල්ම හිතාගෙන හිටියෙ “කෙසේ කියන්නද ඔබ මා අත හැර ඉවත ගියා කියලා මගේ මුවින් මම ලොවට කියා ඇත ඔබ බොනවත් කියලා” කියලයි.

     
  11. abeetha

    දෙසැම්බර් 8, 2011 at 5:30 ප.ව.

    මේකනම් පට්ට පට පට

    මට පන්නිපිටිය කියපු ගමන් මතක් වෙන්නේ උස පනින්න භාවිතා කරන පොලු ටිකයි දුර පනින වැල්ලයි… දුලිප් සිකුරාජපති කිව්වම ඝන ගොඩාක් සිහියට එනවා.. අවන්ක පැට්ට කියපුවාම මතක් වෙන්නේ තනිකර කෙලවරින්ම කපලා දාපු කොසු මිටක්….

     
  12. kavikaari

    මැයි 21, 2012 at 2:14 ප.ව.

    මං පොඩිකාලෙ අවුරුදු 2, 1/2 වෙනකොට කොන්වන්ට් මොන්ටිසෝරියට දැම්මනෙ. එතැන සතියකට එක දවසක් ආගම උගන්වනවා. නිතරම ඉංගිරිසි කතා කරන සිස්ටර් “ගැලවුම් කාරයා” එනතුරු කියන වචනෙ කියනකොට් අවුරුදු 2 හමාරෙ මට මතක් වෙන්නෙ බූමිතෙල් කරත්තෙ වෙළෙන්දව. එයාගෙන් තමා අපෙ අම්මල “ගැලුම්” වලට බූමිතෙල් ගත්තෙ අපේ ගෙවල් වලට 1977 වෙනතුරුත් විදුලි බලය තිබුනෙ නැහැ.

     
  13. henryblogwalker

    මැයි 21, 2012 at 9:59 ප.ව.

    එහෙනම් කවි කාරිටත් එකක් කියන්නද? අපේ සුලෝහිත ඉස්කෝලෙ ඉඳලා ඔය කවිකාරිලා ඉගෙනගත්ත කැම්බල් පාක් එක ලඟ කොන්වන්ට් එක (ඒක නේද?) පැත්තට යනකොට තිබ්බනෙ ගැලවීමේ හමුදාව කියලා එකක්. ඉස්සර ලොකු අයියලා කියන්නෙ “අඩෝ බලාගෙන ඕක ගාවින් යන්නෙ. උඹලගෙ ගලවගනී!” කියලා. ඉතින් අද වුනත් ගැලවීමේ හමුදාවක් දැක්කම ඕක මතක්වෙනවා!😀

     
  14. Hasitha Chamikara Gunasinghe

    ජූනි 12, 2012 at 12:35 ප.ව.

    ෆ්ලෑෂ්බැක් කණ්ඩායම කියන “ඒ යාලුවේ අපි ආවා කියන සිංදුව” අපේ එකෙක් “වේ යාළුවේ” කියලා කියපු නිසා ඌ එදා ඉදන් “වේ මල්ලි” වුණා🙂

     
  15. Sarath Lankapriya

    අගෝස්තු 23, 2012 at 2:10 ප.ව.

    ඉස්සර අපේ අයිය කාරයා කියන සින්දුව මට මතක් උන ” ඔබේ රාබී මට වෙරි වේදෝ .. පාරේ යන්නට බැරි වේදෝ ..එමවිට පවසන මුවින් ඔබේ .. හොල්මන් සරණං ගච්චාමි ..

     

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

 
%d bloggers like this: