RSS

Monthly Archives: සැප්තැම්බර් 2011

21. පලුප්පු මාතියා.


බලංගොඩ කුලී නිවසේ ඉස්තෝප්පුවෙ බිම පෙරලිලා ටෝච් එක කෑලි කෑලි වලට ගලවමින්  හිටිය කුඩා හෙන්රිබ්ලොග්වෝකර් ටෝච් බල්බ් එක කටේ දාගත්තෙ මොන එකකටද කියන දෙයියෝ තමයි දන්නෙ. කොහොම හරි බල්බ් එක දිවෙන් පෙරලමින් ටෝච් එකේ පිටිපස්සෙ මූඩියේ ස්ප්‍රිං එක එලියට අදින කොටම අත වැදිලා එක බැටරි කෑල්ලක් රෝල් වේගන රෝල් වේගන ඈතට ගියා. බ්ලොග්වෝකරුත් බැටරිය පස්සෙන් රෝල් වේගන රෝල් වේගන ගිහින් බැටරිය අල්ල ගත්තත්, බල්බ් එක තව දුරටත් කටේ නැති බව එක පාරටම තේරුනා.
එත්කොටම ඔතනින් යන්න ආපු අම්මා,
“අයියෝ මේ ලමයා ටෝච් එක කෑලි කෑලි කරලනෙ” කියලා ගේ ඇතුලට  යනකොටම බ්ලොග්වෝකර් කට හඬ අවදි කලා.
“අම්මේ!”
අම්මා නැවතිලා ප්‍රශ්නාර්ථයක් මූණේ තියාගෙන බැලුවා.
“අම්මේ, බල්බ් එක…”
“බල්බ් එක බින්දා?”
“නෑ අම්මෙ, බල්බ් එක ගිලුනා.”
“මොකක්?”
මෙන්න මෙතනෙ ඉඳන් කතාව බ්ලොග්වෝකර්ගෙ වචන වලින්ම.

එතනින් පස්සෙ සිදුවෙච්ච හැම දේම හීනයක් වගෙ. මාව ඇඳේ නිදි කරවලා. ගෙයි මිනිස්සු පිරිලා. තාත්තත් කොහොම හරි ගෙදර ඇවිත්. ඉස්පිරිතාලෙ ගෙනියන්න කලින් නොයෙකුත් ගොඩවදකම්.

“ඔය ලමයට කොහොමහරි කවන්න බාගෙට ඉදිච්ච කෝලිකුට්‍ටු ගෙඩි.  එතකොට ඒකෙ කහට බල්බ් එක වටේ බැ‍ඳෙනවා. එතකොට ලේසියකට බල්බ් එක බි‍ඳෙන්නෙ නෑ.

මම බාගෙට අමු කෙසෙල් ගෙඩි කනවා මතකයි.

“පොඩි එකාට කිරි තේ එකක් හදලා දෙන්න. බඩගිනි ඇති. හැබැයි හොඳට නිවලා. මොකද රස්නෙට බල්බ් එක බි‍ඳෙන්න පුලුවන්.”

ඇල් වතුර වගේ නිවපු කිරි එකකුත් බොනවා මතකයි.

ඊ ලඟ දර්ශනය: මම ඉන්නෙ ඕලුගන්තොට රෝහල් වාට්‍ටුවක. මගෙ ලඟ තනියට නවත්තලා තියෙන්නෙ බොල්තුඹේ මාමා කියන තාත්තගෙ හිතවත් පුද්ගලයෙක්. ඒ මනුස්සය උදේම අතුරුදහන් වෙලා. හැමෝම මිනිහව හොයනවා. තාත්තටයි අම්මටයිත් හොඳටම කේන්ති ගිහින් බැන බැන ඉන්න කොට ඔන්න බොල්තුඹේ මාමා දුවගෙන ආව හති දාගෙන.
“අනේ සර්,” බොල්තුඹේ මාමා කියනවා.  “මම වැසිකිලි යන්න ගෙදර ගියා. මට ඔය වෙන කොහෙවත් එකකට යන්න බැහැනෙ ගෙදර එකට හැර.” ඒ වැඩෙත් මුව හස‍රැලි සාගරෙත් එක්ක සෙට්ල් වුනා.

මට ටොයිලට් යන්න තහනම්. යන එකක් බෙඩ් පෑන් එකට විතරයි. මේක මහ වාතයක් සහ ආත්ම ගෞරවය පිළිබඳ ප්‍රශ්ණයක් නිසා මම ඒකට කැමති වුනේ නෑ. නමුත් එතන හිටපු කාරුණික නයිටිංගේල් සොහොයුරිය, “එහෙම නොකලොත් ගොයියො බඩ පලල තමයි බල්බ් එක ගන්න වෙන්නෙ” , කියලා කතුරක් පෙන්නලා තර්ජනය කලා. මම බඩ පලාගන්නවට වඩා බෙඩ් පෑන් එකට යන එක හොඳයි කියලා වහාම තීරණය කලා.

පස්සෙ “ඉවසීමෙන් සැනසීම ලැබේ”, “උත්සාහවන්තයා ජයගනී” සහ “සොයන්නාට සම්භ වේ” කියන ප්‍රසථා පිරුළු තුන පිලිවෙලින් සැබෑ කරමින් එක් රෝහල් සුළු සේවකයෙක් මනාව පිරිසිදු කර ජීවාණුහරණය කරන ලද දිලිසෙන කිරි කිරි ටොයියෙක් බඳු ටෝච් බල්බයක් ගෝස් කැබැල්ලක් මත තබා, “මෙන්න පුංචි මහත්තයො, බඩුව” යයි කියමින් මට  පිලිගැන්නුවා.

මගේ ආහාර ජීර්ණ පද්ධතිය හරහා නිරුපද්‍රිතව ගමන් කර තිබූ එම බල්බයේ ලෝහ බඳේ සටහන් කර තිබූ වෝල්ට් ගාන නම් මැකිලා තිබ්බා. මේ ඓතිහාසික බල්බය අදත් අපේ අම්ම රෙදි කෑල්ලක ඔතල ඇගේ අල්මාරි ලාච්චුවේ තැන්පත් කරලා තියෙනවා. මේ පාර ගෙදර ගිය ගමන් ඒ බල්බ් එක ඉල්ලගෙන ඡායාරූගත කරලා දැනට දාලා තියෙන පින්තූරය යාවත්කාලීන කරන්න බලාපොරොත්තු වෙනවා.

මේ සිද්ධියෙන් පස්සෙ මගෙ ජනප්‍රියතාව්ය ඉහල ගියා හි‍ටු කියලා. අර බල්බ් එක ගිලපු ලමයා හැටියට විතරක් නෙවෙයි, බල්බ් එක ගිලපු ලමයගෙ පවුලේ අය, බල්බ් එක ගිලපු ලමයා යන්න ඉන්න ඉස්කෝලෙ (එතකොට මම ඉස්කෝලෙට දාල නෑ.), බල්බ් එක ගිලපු ලමයගෙ ගේ ඉස්සරහ තියෙන පල්ලිය, යනාදී වශයෙන් මම සම්බන්ධ හැම දේම නැවත නිර්වචනය වෙන්න ගත්තා. මට සම්මාන දෙන්නත් මගෙ පිලිමයක් බලංගොඩ නගරය මැද්දේ අඹන්නත් කට්ටිය කතා වෙනකොට…

මම හිතන්නෙ හෙන්රිබ්ලොග්වෝකර් මාතෘකාවෙන් පිට යනවා වගේ…. මයික් එක ඉල්ලගත්තා නම් හොඳයි වගේ.

මේ ඔක්කොටම වැඩිය ලොකු අප්සෙට් එක තමයි හෙන්රි බ්ලොග්වෝකර්ගෙ ගේ ලඟ කඩේ අයිති දෙමල මුදලාලි බ්ලොග්වෝකර් දකින ගානේ, “ආ පලුප්පු මාතියා, කෝමද ඉතිං?” කියලා අහන්න ගත්ත එක. බ්ලොග්වෝකර් ඔය කඩේ පැත්ත පලාතෙ ගියේ නොගිහින්ම බැරි වුනොත් විතරයි. පස්සෙ පවුලම ඒ පලාත අතෑරලා බලන්ගොඩම වැලිහරනාව පාරේ පද්ංචියට ගියා.

අර යකා කියලා තියෙන්නෙ පරිප්පු මහත්තයා නෙවෙයි බල්බ් මහත්තයා කියන එක බ්ලොග්වෝකර්ට තේරුනේ අවුරුදු බර ගානකට පස්සෙ.

 

ටැග:

20. මෙම්බර්ස්ලට විතරද අයියා රෙ#@ බර හැදෙන්නෙ?


මේක ජෙනියා කිව්ව කතාවක් කිව්වට වැඩක් නෑ මොකද කොමෙන්ට් දාන බුවාලා අනිවා කියන්නෙ ඕක මට වෙච්ච වැඩක් කියලනෙ. අනික උඹ කොහොමද ඔච්චර විස්තර දන්නෙ ඕක උනේ උඹට නෙවෙයිනම් කියලා කියන්න කී දෙනෙක් කටවල් මැදගෙන බලාගෙන ඇත්ද?

කමක් නෑ ඕනෙ එකක්.

මෙන්න කතාව.

කෂ්ටිය ෂොපිං පාරක් දාලා, ‍තෝසෙ කඩයකුත් වන්දනාමාන කරගෙන, කො‍ටුව හරහා ඇවිදගෙන යනවා. මේ ‍තෝසෙ වලත් තියෙනවනෙ ආවේනික ගති ලක්ෂණ. තිබහ වෙන එකේ ඉවරයක් නෑ. වතුර බොන්න බොන්න පිපිලා එනවා. ඉතින් අන්තිම කෝක් බෝතලේ අන්තිම උගුරත් කටට හලාගෙන, වටේ යන කැහි කූරකින් දුම් උගුරකුත් ඇදපු ටින්ටිනාට තේරුනා බඩ දැන් ටික වෙලාවක ඉඳලා අමුතු විදියට ගුරු ගුරු ගාන බව. තවත් සෑහෙන වෙලා ඇවිදිනකොට තත්වෙ එන්න එන්නම භයානක වෙන බව තේරුන ටින්ටිනා බැරිම තැන මේක අනිත් උන්ටත් කිව්වා.

දැන් කවුරුත් බැලුවේ ටොයිලට් එකක් හොයාගන්නෙ කොහොමද කියලා. මිලර්ස් එක ඉස්සරහ පොලොව යට තියෙන එකට නම් කලිසමේ බඩු ගියත් යන්න බැහැ කියලා ටින්ටින් අවධාරණය කලා. දැන් කෂ්ටියම ටින්ටිනාට බොගක් දාන්න තැනක් හොය හොය ඇවිදිනවා. ටින්ටින් දැන් ඇවිදින්නෙ ඇදේට ඇදේට. කකුල් දෙක බයිසිල්කල් ස්ටැන්ඩ් එකක් වගෙ උඩින් ලං වලා යටට යන්න ඈත්වෙලා

ජෙනියා කියනවා,  “මචං, මම නං ඔයවගෙ වෙලාවට කරන්නෙ අත මිට මොලවලා පු*# හොඳවයින් පාරක් දෙන එක. කොරලා බලපං බෙ$# බය වෙනව ටික වෙලාවකට.”

ජෙනියා කිව්වෙ ෆුල් සිරාවට. මාත් පස්සෙ ඕක අත් හදා බලල තියෙනව. (Copyright © Jeniya’s Theory Of Stunning Intimidating And Temporary Forced Retreating of Shit). අනේ, විශ්වාස කරපල්ල ටින්ටිනා අත මිට මොලවලා තමන්ගෙ පශ්චාත් භාගයට දුන්න පාරක් කොරවෙන්න.

“මචෝ ඕනෙවට වඩා හයියෙන් ගහන්න එපා. බෙ*ටෙ ඔලුව තැලෙයි.”

“ඔලුව තැලෙන්න තමයි ඩෝ ඕනෙ. එතකොට ප්ලග් එක ගැහුව වගෙ ටිකක් වෙලා අල්ලන් ඉඳී”

“ඒ වැඩේ හරියන්නෙ නෑ දැනටම දිව දාල නම් තියෙන්නෙ. ටින්ටිනෝ දිවදාල වගෙද දැනෙන්නෙ?”

ප්‍රබුද්ධ අදහස් ගොන්නයි.

“මෙහාට දිය ඔය සිගරට් එක.” එකෙක් ටින්ටිනාගෙ සිගරට් එක උදුරගන්න ගමන් කියනවා.” යකෝ සිගරට් බොන්න එපා බොගක් ටයිට් වෙලා තියෙන වෙලාවට, පු# ‍රැවටෙනවා.”

දැන් ටින්ටිනාගෙ තත්වය එන්න  එන්නම භයංකාර වේගනයි එන්නෙ. මූට දාඩිය දාලා. කොන්ඩෙ එකට ඇලිලා, තොල කට වේලිලා, මූණ  සුදුමැලි වෙලා.

“Desperate measures for desperate times” කිව්වලු.

ඔන්න එතකොටම ජෙනියට මතක් වුනා මූ කාලයක් ජුඩෝ ක්ලාස් ගිය අකුරු හතරෙ බිල්ඩිම!!

“හුරේ , ආබාදයක් නෑ. උඹ බයවෙන්න එපා ටින්ටින්. වරෙල්ල යන්න අකුරු හතරෙ බිල්ඩිමට. ඒකෙ තියෙනව නියම ටොයිලට්. මං දන්න සෙක්කොත් ඉන්නවා.”

කෂ්ටියම ඕවර් ඩ්‍රයිව් එකට දාල විද්දා අකුරු හතරෙ බිල්ඩිමට. ඔන්න ඉන්නවා ඉස්සරහම මේසයක් තියාගෙන සිකියුරිටි අයියලා දෙන්නෙක්ම. කෂ්ටිය බෑගුත් එල්ලගෙන දඩි බිඩි ගාලා ඇතුලට යන්න යනවා දැක්ක ගමන් එක සිකියුරිටි පොරක් ආචාර කලා.

“ඒයි මල්ලිලා, කොහෙද යන්නෙ ගෙදර  යනවා වගේ?”

ජෙනියා දන්න සෙක්කා නම් නෑ වගේ. කොහොමත් මූ දක්ෂයි සම්බන්ධීකරණ කටයුතු වලට.

“අයියෙ මේකයි. ටොයිලට් එකට යන්නයි බැලුවෙ.”

එතකොට එතන හිටපු වයසින් වැඩි සීනියර් සිකියුරිටි බුවා  කියවන්න ගත්තා. “මේක පබ්ලික් ටොයිලට් එකක් නෙවෙයි. පාරෙ යන හැමෝටම මේකට යන්න බෑ. මහත්තුරු අපිටයි බනින්නෙ”

දැන් ටින් ටිනා අධි වේගයෙන් ලොබියේ එහෙට ඇවිදිනවා මෙහෙට ඇවිදිනවා වයින් කරපු සෙල්ලම් බඩුවක් වාගෙ.

“හරි අයියෙ අපි ඔක්කොටම යන්න ඕනෙ නෑ. අපේ අර යාලුවට විතරක් පොඩ්ඩක් ගිහිල්ල එන්න දෙන්නකො, පව්නේ!”

දැන් තරුණ සෙක්කා කිව්ව,” මල්ලි මට තේරෙනවා, නමුත් මේ ටොයිලට්ස් මෙම්බර්ස්ලට විතරයි. ඒකයි ප්‍රශ්නෙ.”

එතකොටම ටින්ටිනා බ්‍රාස් ගාල ගැහුවා බ්‍රේක්.

“මොනාද අයියා”, ටින්ටිනාගෙ උච්ච, ඇඬි බර, කටහඬ වෙවුලුවා. “මෙම්බර්ස්ලට විතරද අයියා රෙ*% බර හැදෙන්නෙ?”

කාටවත් හිනා ගියෙ නෑ.සෙක්කගෙ ගල් හිත උණු වුනා.

“ම්හ්, මල්ලි එහෙනම් ටක් ගාල ගිහිල්ල එන්න. අනිත් අය මෙතන ඉන්න..”

ටින්ටිනා එකතැන පික් අප් කරලා ටොයිලට් දිහාට අතුරුදහන් වුනේ පත්තු කරපු අහස් කූරක් වගෙ. විශ්වාස කරනවා නම් විශ්වාස කරන්න ඔය ඔක්කොම කලබලේ අස්සෙ  මූ ලයිටර් එකකුයි සිගරට් එකකුයිත් ලෑස්ති කරගෙන ඉඳලුනෙ ඔය වැඩේ නියමෙට කරන්න.

DISCLAIMER: මේ කතාවට හෙන්රිබ්ලොග්වෝකර්ගේ කිසිම සම්බන්දයක් නොමැති බව ලෝකවාසී ජහමනයාට ගෞරව බහුමානයෙන් යුක්තව ප්‍රකාශ කර සිටිමි.

 

ටැග:

19. ඩයස් 2 – “මෙන්නෙ මෙව්ව තමයි දෙන්නෙ.”


මේ තව ඩයස් කතාවක්.

එක ගුරුවරයෙක් පන්තියෙං ගිහිං අනිත් ගුරුවරයා එනකල් පොඩි නිදහස් වෙලාවක් තියෙනවනෙ. ඔය වෙලාවට තමයි ළමයි කලු ලෑල්ල මකන්නෙ. ඔය  කලු ලෑල්ල මැකිල්ලත් අනිත් උන්ව හිනස්සන ආකාරයට කරන්න පුලුවන් විකට ශිල්පියො ඉන්නවනෙ පන්ති වල. ඩයසා ලමයින්ට දඬුවම් දෙන ගුරුවරයෙක්. ඉතින් ඩයස් නෝට් කරල තියෙනවා නිතරම වගෙ එයා පන්තියට යනකොට එක පන්තියක බෝඩ් එකේ ‘ගු’ යන්නකුයි ‘ටි’ යන්නකුයි ඉතුරු කරලා ඉතුරු ටික මකලා තියනවා. ඩයසා ඕක නොදැක්ක ගානට කීප දවසක් ඉඳලා. මූ බෝඩ් එක දිහාට හැරෙන කොට පොඩි හිකි හිකියකුත් එනවා.

එදා පන්තියට එනකොට මූ ඇත තියාම නෝට් කරල එදත් බඩු තියෙන බව.  ඩයසා ගිහිං බෝඩ් එක ඉස්සරහ පන්තියට මුහුණ දාලා හිටගෙන දුන්න පොඩි දේශනයක්.

“… මේකෙ ඉන්නව ටිකක් ගානට වැඩි එවුං කීප දෙනෙක්. අහු වෙන්ඩෙපා මට…”දැන් කමිස අතත් පොඩ්ඩක් උඩට ඇදලා. අත මිට මොලවලා මාපට ඇඟිල්ල උරහිසට උඩින් කලුලෑල්ලදිහාට දික්කරලා කිව්වා, “මෙන්නෙ මෙව්ව තමයි දෙන්නෙ.” කියල.

මුගෙ ටැක්ටික් එක වුනේ කලුලෑල්ලෙ තියෙන ගුටි කියන වචනය පාවිච්චි කරලා කොල්ලන්ටම සත්තම දාන්න. නැත්නම් ඌරගෙ මාළු ඌරගෙ පිටේම තියලා කපන්න.

නමුත් මුලු පන්තියම එක හඬින් බක බක ගාල හිනා වුනා. දැන් හොල්මන් ඩයසමයි. ඩයස හෙමීහිට ඔලුව කරකවලා කලුලෑල්ල දිහා බැලුවා මොකද අප්සෙට් එක කියලා. මල කෙලියයි. එදා ඉතුරු කරලා තියෙන්නෙ ‘ගුටි’ නෙවෙයි. ‘ගූ’ කියල විතරයි. ඩයසත් ඇරියෙ නෑ. ආපහු පන්තිය දිහාට හැරිලා,“හරි! ඕව යන්ඩ තමයි දෙන්නෙ!” කියලා යන්තම් වැඩේ ගොඩ දා ගත්තා.

 

ටැග: ,

18. ඩයස් 1 – “ඒයි මෝඩයො! තමුසෙ කොයි ඉස්කෝලෙටද යන්නෙ?”


ඩයස් වැඩ කලේ උමේෂ්ගෙ ස්ටාෆ් එකේ. ඉගැන්නුවෙ ගණිතය. ඒ අවුරුද්දෙ අම්පාරට වැස්ස මාර වැස්සක්. කොච්චර වැස්සද කිව්වොත් ඉඟිනියාගල ජලාශය වාන් දමන්න (Spill) පටං ගත්තා. ඕක හරිම ලස්සන බලන්න වටින දර්ශනයක්. ඉතිං මිනිස්සු යනව ඕක බලන්න වැල නොකැඩී. අපිත් ඉතිං අම්පාරට අලුත්නෙ.

දැං අපි කෂ්ටියත් ජීප් එකක නැගල අම්පාරෙ ඉඳල ඉඟිනියාගලට යනව. ඩයසා හිටියෙ පිටිපස්සෙ දොර ඇරලා අතින් අල්ලගෙන. ජීප් එකේ ඇතුලෙ හිටියා, උමේෂ්, උමේෂ්ගෙ ප්‍රින්සිපල් සුපිරිපාලතුමා, නාරද (හෙවත් බෝල මියුසික් ඇන්ඩ් පෙට්ටි මියුසික්) සහ මංතුමා.

ඉඟිනියාගල කිට්ටු වදි හම්බ වුනා හරක් රංචුවක්. හරක් පාර පුරාම! දැන් ජීප් එකත් පස්සෙන් ගාටනව. හරක් බලන ළමයත් කොච්චර උත්සාහ ගත්තත් පාරෙ ඉඩ අරන් දෙන්න හරක් ළමයට කීකරු නැහැ. පාරෙ එහාට මෙහාට පනිනව විතරයි.

දැන් ඩයසට මල. මූ කියවන්න ගත්ත,  “අර හරක් බලන එකා ඔක්කොටම වැඩිය ලොකු හරකෙක්නේ. කරන වැඩේ හරියට කරන්න උගන්නලා නැති කමනෙ. ක්‍රමයේ වැ‍රැද්ද බං. මුන්ට උගන්නන එවුන්ටයි ගහන්ඩෝනැ!”

ඩයස හිටගත්ත පිටිපස්සෙ බම්පර් එක උඩ තියෙන ෆුට් බෝඩ් කෑල්ලෙ.  දැන් ජීප් එකේ වහලෙට උඩිං එබිලා කැ ගැහුව,

“ඒයි මෝඩයො! තමුසෙ කොයි ඉස්කෝලෙටද යන්නෙ?”

එච්චරයි. මෙන්න මූ ඔලුව නවාගෙන රිංගුව ඇතුලට දඩි බිඩි ගාල.

“මල කෙළියයි!”, ඩයස කියනවා.  “ඌ මගෙ පන්තියෙම ඉන්න ගෝලයෙක්. මං ඇඳිරුවෙ පස්සෙ.චැහ්, ඌ මාව අඳුරගත්තද දන්නෙ නෑ”

 

ටැග: ,

17. පිංසිබොල්ගෙ කොමෝඩ් බැක් අප් එක.


ගුරු පුහුණුවෙන් පස්සෙ අනිවාර්ය දුශ්කර සේවයෙ ඉතිරි ටික සම්පූර්ණ කරන්න මටත් යන්න වුනා මහවැලි “සී” කළාපයට. මේ ප්‍රදේශය ඒ කාලෙ කොච්චර සනීපද කියල බලාගන්න පුලුවන් මේ ගැන හොඳම අත්දැකීම විස්තර කරල තියෙන මගෙ හොඳම නිර්මාණය හැටියට මම සලකන “Deepa, Please Don’t Ask What Happened To The Tomatoes”  කියන මෙන්නෙ මේ ලින්ක් එකෙන්. කඩුවට කැමති අය ගිහින් එන්නකො.

ඔන්න ඉතින් ගැබිණි බිරිඳත් ගෙදර තියලා ගමන් මල්ලත් උස්සගෙන වංගු දහ අට, හසලක, මහියංගනය, ගිරාඳුරුකෝට්ටේ පහුරකගෙන  මං ගියා දුෂ්කර සේවයට දෙහිඅත්තකණ්ඩිය පැත්තට. කැලෑ මැද්දෙන් මෝටර් ග්‍රේඩර් වලින්හදපු දූවිලි පාරවල්. මයිලපිටිය, දිවුලපිටිය පැත්තෙන් ගෙනත් පදිංචි කරවපු ජනපදිකයො. අලුත්ම පාසැල් ගොඩනැගිලි නමුත් ජල විදුලි සැපයුම් මොකුත් නෑ. කිවුල් වතුරෙන් හදපු තේ  බොන්නෙ යුතුකමක් හැටියට.

ඉතින් මේ මොන අපායක්ද යකෝ කිය කියා, ඉසුරුපායෙ ගුණවත් පුත්තරයන්ගෙ මව්වරුන්ගෙ ගුණ ගයමින්, බට්ට වෑන් එකෙන් බැහැලා, බෑග් එකත් උස්සගෙන, පාර අහ අහ, ගෑ‍ටුව ඉස්කෝලෙ හොයාගෙන. ඉස්කෝලෙ වත්තෙමයි ගුරු නිවාසත් තියෙන්නෙ. විදුහල්පති බ‍ටුවන්ගල ඉතාම ආදරයෙන් පිලි අරගෙන දීපු කොච්චර බිව්වත් තිබහ නොයන කිවුල් වතුර එක මම හුස්මට බීල දැම්ම.

කොච්චරවත් හපේ ගහගෙන ඉන්න බ‍ටුවන්ගල කඳුකරෙන් ආපු ඩයල් එකක්. හවසට තමන්ගෙම ගෝලයන්ගෙ ගෙවල්වල පිල් කන්ඩි උඩ ඉඳගෙන ගෝලයන්ගෙ තාත්තල ගරු සරු ඇතුව පෙරලා දෙන නැ‍ටුම් තෙල් ගහනවා. මම පස්සෙ දැනගත්ත දෙයක් තමයි මේ ජනපදිකයො තමන්ගෙ ගම් බිම් අත හැරලා මෙහෙට සංක්‍රමනය වෙනකොට සමහරු මොනවා නැතත් පෙරන්න අවශ්‍ය බඩු ටික නම් ලොරියෙ දාගෙන ඇවිත් තියෙන බව.

“මිස්ට බ්ලොග්වෝකර්, මූණ කට හෙම හෝද ගන්නකෝ අර පිටිපස්සෙ තියෙන ටැංකියෙන්. ගමන් මහන්සියත් ඇතිනේ. පොඩි දුරක්යැ කොළඹ ඉඳන් එන්න ගියාම” ලොක්කා කිව්වා.

  මමත් ඒ කියන විදියටම  කරලා වෙන ටී ෂර්ට් එකකුයි ලීවයි’ස්® එකකුයි (ඇඩ් එකක් තමයි) ඇඳගෙන ගියා විදුහල්පති බ‍ටුවන්ගල එක්ක රටතොට බලන්න. ඔන්න ඇවිදල කරලා ගිහින් ඉඳගත්තා එක ගෙදරක පිල් කණ්ඩියක. කිව්වත් වගෙ මේ බුවා ගමේ සෑහෙන ජනප්‍රිය බව පෙනුනා.

  ගෙදර මනුස්සයා ගෙනත් තියපු ක‍ටුකම්බි බෝතලෙන් ෂොට් එකක් වක්කරගන්න ගමන් ලොක්කා මගෙනුත් ඇහුවා,

“මිස්ට බ්ලොග්වෝකර් නම් ඉතින් ‘සුදුවා’ ගන්නෙ නැතුව ඇතිනෙ” කියලා. මම නෑ කියලා චප්ප වෙලා තිබ්බ පැකට් එකෙන් ක්‍රෑන්ක් ශාෆ්ට් එකක් වගෙ ඇදවෙච්ච සිගරට් එකක් අරන් පත්තු කරගත්තා.

රෑ වැනි වැනි ගෙදර එන ගමන් තවත් ළඟ ඉස්කෝලෙක ගුරු නිවාසෙකට රිංගුවාම බලාපොරොත්තු වුන ආකාරයටම කෑමටත් ආරාධනා ලැබුනා. ඒකත් කාල තව ටිකක් සතු‍ටු සාමීචියෙ යෙදිලා (බට්ටත් තෙල බෙදන්න දෙයියා) ආපහු ඉස්කෝලෙට එනගමන් පොර කියනවා,

“මිස්ට බ්ලොග්වෝකර්, මෙහෙ කලුවරේනම් යන්න එපා පු‍තෝ, මොකද මෙහෙ ඉන්නවා විෂකුරු සර්පයෙක් ‘හබරා’ කියලා.”

මම කොහොමත් සර්පයොත් එක්කවත් උන්ට කැමති එවුන් එක්කවත්  ආශ්‍රයක් නෑ. කොටින්ම ආචාර්ය ඇන්ස්ලම් ද සිල්වා එක්කත් මම තරහයි සර්පයො නිසාම. අර වයිල්ඩ් ලයිෆ් ගාමිණි සමරකෝන් ආශ්‍රය කරන්නෙ එදා ඉඳල බොක්ක නිසා.

දැන් ඔන්න ආපහු ගුරු නිවාසෙටත් ආවා. ලයි‍ටුත් නැතුව පට්ට ආතල්. ලාම්පුතෙල් එලියට පුරුදු වෙන්නත් ටිකක්  අමාරුයි. ජල විදුලිය සැපයුමක්  නැති වුනාට වයරින් කරලා ටැප් හයි කරලා තියෙන්නෙ බඩු ආපු ගමන් දෙන්න. අනික තව අලුත් ගුරුනිවාස දෙකක් හදාගෙන යනවා. මේක ඇත්තටම විදුහල්පති නිළ නිවාසය. බට්ටා තනියෙම ඉන්නෙ වයිෆ් බබත් එක්ක ගමේ ගිහින් නිසාලු. ඒක හන්දම පොර දුක තුනී වෙන්න කන් පාත්වෙන්න ගහනවා.

දැන් ඔන්න මමත් ශෝටක් හෙම ගහගෙන මට දීපු කාමරේ ඇඳට වැටිලා නිදා ගන්න සෙට් වුනා. පෝය ලඟ නිසාද කොහෙද කාමරේටත් හඳ එලිය වැටිලා තිබ්බා. මාත් බට්ට දීපු මදුරු කොයිල් එකකුත් පත්තු කරගෙන ඇඳට වැ‍ටුනා.

ගමන් මහන්සියටම මටත් පෙරේතයා පොලොවෙ ගැහුවා වගේ නින්දත් ගියා.

මහ රෑ ඔන්න ඇහැරුනා හොඳම චූ බරක් හැදිලා.  ඇ‍ඳෙන් බහින කොටම වැදුන නහය බිත්තියෙ තරු වීසි වෙලා මුලු කාමරයම ඒකාලෝක වෙන්න. තරු එලිය ටිකෙන් ටික අඩු වුනාට පස්සෙ බිත්තිය අතගාල බැලුව ස්ව්ච් එක හොයන්න.  ඒක හම්බවුනෙත් නෑ. එතකොටම මතක් වුනා මේ ගෙදර නෙවෙයි ඉන්නෙ කියලා.

ඇඳේ ඉඳගෙනම කල්පනා කලා කාමරේ පිහිටීම ගැන. හඳ එලියට යන්තම් පේනවා දොරවල් දෙකක තියෙන බව. එකක් සාලෙට. ඒකෙන්නෙ ඇතුලට ආවෙ. ඒක ඇරගෙන ගියා සාලෙට. බට්ට ලී ඉරනව ඇහෙනව. ගැටයක් අහුවෙලාද කොහෙද.

සාලෙන් එලියට තියෙන දොරවල් දෙකම ලොක් කරලා. ඒ මදිවට වහාම ඔලුවට ආවෙ බට්ටගෙ අවවාදෙ සර්පයො ගැන. යකෝ අර මදුරු කොයිල් එක ගාව තිබ්බ නේද ගිණි පෙට්ටියක්? ආයිම බිත්ති අතගාගෙන ගියා කාමරේට. ගිණිපෙට්ටිය හොයාගන්න කලින් දැක්ක අනිත් දොර.

දැන් නම් චූ බර ඩබල් ට්‍රිපල් වෙලා. ඒ දොර බලනවද ජනේලෙන් එලියට චූ කරනවද කියලා සලකා බලන කොට දැක්කා දැන් කලුවරට ඇස් පුරුදු වෙලා නිසාද කොහෙද දොර යාන්තම් අඩවල් කරලයි තියෙන්නෙ කියලා. ඕනැ මගුලක් කියලා ඒ දොර ඇරලා බැලුවම පොඩි හත‍රැස් පැසේජ් එකක්. ලඟම තියෙන දොර බෝලෙ කරකවලා බැලුවා.හහ් මෙන්න යකෝඇරුනා. ඇරුනා විතරක් නෙවෙයි චූ බරෙන් බොක්ක පුපුරන්න යන පොරකට දකින්න පුලුවන් ලස්සනම දර්ශනය දැක්කා. බාත් රූම් එකක්. ටොයිලට් එකක චායාවත් පේනව හඳ එලියට. පැන්න ගමන් ඉස්සුව ටොයිලට්  සීට් එක. පල් ගඳක් වගෙ නම් ආවා. කොහොමත් දැන් නම් නැවතිලි බොරු. ඔය #1 සහ #2 වැඩ වලට තියෙනවනෙ පැය ගානක් හිරකරන් ඉන්න පුලුවන් නමුත් ටොයිලට් එකේ අගුල දානකන් ඉන්න බැරි හිතුවක්කාර ගතියක්. හිර කරගෙන ඉඳල චූ කරනකොට තියෙන ආතල් එක ඉතිං මම විස්තර කරන්න ඕනෙ නැහැනෙ. දන්නෝ දනිති.

චූ දාන ගමන් මට තේරෙනවා ටිකක් අමුතු සද්දෙකටයි චූ පාර වැටෙන්නෙ කියලා.  ඇස් ටිකක් ලොකු කරලා බැලුවම යාන්තම් පේනවා සුදු පාට කොමෝඩ් එකේ කලු පාට මොනවා හරි තියෙන බව. ඒ වගේමයි සුවඳත්. යකෝ මේ බට්ටා හෙන බොගක් දාල ෆ්ලෂ් කරල නැතුව වත්ද? එතකොටම මතක් වුනා ඇත්තටම මේක ෆ්ලෂ් කරන්න වතුර තියෙනවද කියලා.

වැඩේ ඉවර කරලා, ෆ්ලෂ් හැඬල් එක පාත් කරලා බැලුවා.. ම්හු. හිතුව වගේම සද්දයක් වත් නෑ.  මේක ෆ්ලෂ් කරන්න ආයෙ ඉතින් චන්දයක් එනකල් ඉන්න වෙනවා. ඕනෙ මගුලක්. බට්ටට බොග දාල නිකන් ඉන්න පුලුවන් නම් මම චූ කලාම මොනව වෙන්නද කියලා සීට් එක පාත් කරලා පියන වහලා දොරවල් දෙකම වහලා මාත් ගිහින් නිදාගත්ත.

පහුවදා උදේ මම ඇහැරුනේ බට්ට තේ හදන සද්දෙට. මූණ කට නොසෝදම බෙඩ් ටී එක බීල ආයෙත් පත්තු කරගත්ත චප්ප වෙච්ච තවත් සිගරට් එකක්. දැන් ආයෙම කතාව.

“සර් බොන්නෙ නැත්ද තේ?” දුම් වලල්ලක් යවන්න උත්සාහ කරන ගමන් මම ඇහුවා.

“බොනවා. දැන්ම නෙවෙයි” කියලා පොර බුලත් කොලයක් අතට ගත්තා.

“මට ඉතිං ඔය උදේ පාන්දරම හපයක් ගැහුවෙ නැත්නම් වැඩක් නෑ, කටත් අමි රහයි”

අමි රහ මොන රහ ඇත්ද කියලා මම කල්පනා කරකර ඉන්නකොට ලොක්ක,

“චෙහ්, පුවක් ඉවරයි”, කියලා නැගිට්ට.

“අහ්, ඉතින් මොකද කරන්නෙ?” මම ඇහුවෙ නිකමට.

“ඉන්නකෝ,” කියල පොර රිංගුවා මම නිදාගත්ත කාමරේට.

මමත් තව තේ උගුරක් බීලා දුම් උගුරකින් ඒක සීසන් කලා.

මට පේනවා බට්ට අරිනවා අර බාත් රූම් එකේ දොර. මට මතක් උනේ අර ෆ්ලෂ් නොකරපු, මම චූ කරපු බොග.

පොර දොර ගාව නැවතිලා මං දිහා බලල ජයග්‍රාහී හිනාවක් දාල, “බඩු හෑව්. එන්නකෝ පෙන්නන්න.” කිව්වා.

මාත් නැගිටලා ඒ පැත්තට ඇදිලා ගියා කාන්දම වගේ.

පොර ඉස්සුව ටොයිලට් සීට් එක දැම්ම අත ටොයිලට් බෝල් එක ඇතුලට. හොඳට අතගාල ගත්තා කලු පාට කෑල්ලක් අතට.

මට ඇස් අදහගන්න බෑ. කට වහගන්නත් මතක නෑ.

“මො… මො… මොකක්ද සර් ඒ?”

” හැහ් හැහ් හැහ්,” පොර හොඳට එන්ජෝයි කරනවා මේ කොඩැක් මෝමන්ට් එක.

“දේසෙ හැටියට බාසෙ කියනව නොවැ මිස්ටර් බ්ලොග්වෝකර්.”

“ඒ කිවෙ සර්?”

“මේ කොමෝඩ් තිබ්බට ඕවයෙ වැඩක් නෑනෙ වතුර නැතුව. අපි පාවිච්චි කරන්නෙ එලියෙ සර්වන්ට් ටොයිලට් එක. මේ කොමෝඩ් එකේ අඩිය මම රෙදි ගුලියක ගලක් ඔතලා බ්ලොක් කරලා තියෙන්නෙ. දැන් මම මේකෙ මඩ පුවක් දානවා, මේ සිස්ටන් එකෙත් කට  ලඟටම මඩ පුවක් දාල තියෙන්නෙ. හෙහ්, හෙහ්, හෙහ්”

මම ඇස් දෙක පීරිසි දෙක වගෙ හදාගෙන කට ඇරගෙන එතනම ගල් වුනා.

මම ගුරු සෙවයේ රස කතාත් කියවලා තියෙනවා. නමුත් මෙහෙම එකක් නම් මගෙ ජීවිතේට අහලවත් දැකල වත් නෑ. මම ඊයෙ රෑ චූ කරල තියෙන්නෙ ලොක්කගෙ මඩ පුවක් බැක් අප් එකටනෙ. හොඳ වෙලාවට මට ඊයෙ රෑ බොගක් සෙට් වුනේ නැත්තෙ. එහෙම වුනත්,  දැනුත් මේ බට්ට සුද්ද කරන පුවක් ගෙඩියෙන් එන ගඳේ හැටියට පොර ඕක කොහොමවත් නෝට් කරන එකක් නෑ කියල මට හිතුනා.

පසු වදන:

 

එදා අහිංසක පරි පාලන බුවාලට HP (Hewlett Packard) ,WP (Western Province), BP (British Petroleum), වගෙ අන්තිම නරක වචන කියමින් පළමු වතාවට එහෙ ගිය බ්ලොග්වෝකර්  මේ ලඟදි ලංකාවට ගිය වෙලාවක මුළු පවුලම එක්ක එහෙ ගියානෙ නොස්ටැල්ජියාව උත්සන්න වෙලා. දැන් ගස් වැල් පිරිලා පුදුම වෙනසක්  ‘කලකදි වස කලකදි රස’ කියන්නෙ ඔන්න ඕකයි. කාලය කල වෙනසක අරුමේ.

චූටි එකා නම් ඔය ගියාමයි. වෑන් එකේ පිටිපස්සෙ දාගෙන යන එයාගෙ බයික් එක පදිමින් පුදුම සතුටක් ලැබුවෙ.

ඔය තියෙන්නෙ ඉස්කෝලෙ අද.

 

මේ තියෙන්නෙ ඔය කියන ගුරු නිවාසෙ අද.

 

මේ මම ඉසුරුපායෙ අහිංසක තොත්ත බබාලට කුණුහරපෙන් බැන බැන එදා ගිය කාන්තාරෙ ගුරු පාර අද. ඔය තියෙන්නෙ සපත්තු පාලමක්.

 

ඔය යන්නෙ එදා බැන බැන හිටපු හෙන්රිබ්ලොග්වෝකර් ඩූඩ් අතීත සැමරුම් අතරින් අද. අනේද කියන්නෙ. කාලය කල වෙනසක අරුමේ.

 

ටැග: ,

16. වයිෆ්ට, අක්කට, නංගිට, අම්මට කියලා ටයි ගැටේ ගහගන්න බබාලන්ත බුවාලා මෙහෙ වරෙල්ලා.


දැන්වීමයි:

මේ පෝස්ට් එක අධිරාජ්‍ය විරෝධීන්ට, ටයි විරෝධීන්ට හෝ දැනට කිසිම ආබාදයක් නැතුව ටයි එක ගැටගසාගැනීමට දන්න බුවාලාට නොවේ. මේ හුදෙක් වයිෆ්ට, අක්කට, නංගිට, අම්මට කියලා ටයි ගැටේ ගහගන්නාවූද, ගහපු ටයි ගැටය ටයි පොල්ල දිරාපත් වී කන්ඩෙම් වනතෙක් දිවිහිමියෙන් ආරක්ෂාකර ගන්නා වූද, මට නිදා ගන්නට නොදී රෑ දෙගොඩහරියට පැමින දොරට තඩිබා මගේ බියුටි ස්ලීප් එකට ඩිස්ටර්බ් කර, “අනේ හෙන්රි (අයියේ/ මල්ලියේ/බාප්පේ/මාමේ/මහප්පේ/පුතේ/ළමයෝ/පැටියෝ)” යනාදී වශයෙන් ආදර ඇමතුමින් සංග්‍රහ කර, “මට මේ ටයි පොල්ල ගැට ගහල දියං හෙට මට වෙඩිමක්/ඉන්ටර්විව් එකක්/එන්ගේජ්මෙන්ට් එකක්  තියෙනවා බං”, කියමින් මටද වාතයක් වී,  උන්ටද වාතයක් වන හුදී ජනයාගේ ලාම්පු කණගා‍ටුව උදෙසාමයැ. සොරියැ. පහන් සංවේගය උදෙසාමයැ.

අපේ තාත්තා කියලා දීපු සමහර  දේවල් මගේ  ජීවිතයටම පාඩම් වුනා. මේකත් ඉන් එකක්. Paying It Forward කියන එක දන්නවද? ඒ නමින් හොලිවුඩ් සිනමා පටයකුත් තියනවා. ඒකෙන් කියන්නෙ. කෙනෙක් තමන්ට කල උපකාරයකට කරන ප්‍රතිඋපකාරය (සමහරවිට උපකාරය කරපු කෙනාගේ ඉල්ලීම මත) ඔහුට/ඇයට නොකර වෙනත් උපකාර ඉතාම අවශ්‍ය කෙනෙකුට කිරීමයි.

මම ලංකාවෙ ඉස්කෝල වල උගන්නන කාලෙ O/L, A/L  පන්තිවල අන්තිම වාරෙදි අනිවාර්යයෙන්ම කියාදෙන පාඩම් කීපයක් තිබුනා සිලබස් එකේ ඇති සහ නැති. එකක් තමයි ඉංග්‍රීසියෙන් නිවැරදිව   job application එකක් ලියන හැටි.(දැනුත් ටයි ගැටේ වගේම ඇප්ලිකේෂන් එක ඉංග්‍රීසියෙන් ලියාගන්න මාගෙ දොරට ගහන එවුන් ඉන්නව අවුරුදු 10ක් ඉස්කෝලෙන් ඉංග්‍රීසි ඉගෙනගෙනත්) , තව ඉංග්‍රීසි සම්මුඛ පරීක්ෂනයකට පෙනී සිටින හැටි, ඇඳගෙන යන හැටි, සහ ටයි ගැටය ගහන හැටි.

මම එදාට මගෙ ලඟ තියෙන ටයි කලෙක්ෂන් එකම අරං  ගිහින් කොල්ලන්ට දීලා ටයි ගැටේ ගහන එක ගැන ප්‍රායෝගික පාඩමක් කරනවා.  මේ දිහා අනිත් ගුරුවරු වපර ඇහින් බලපු අවස්ථාත් අනන්තව තිබ්බා. මගේ ජීවන දර්ශනය ‘හැම එකාම කියන දේට සාවධානව ඇහුම්කන් දීල මට ඕනැ දේ කරන එක’ නිසා මගේ ව්‍යාපාරය එහෙමම ගියා.

නමුත් සමහර ගෝලයො අදත් හමුවුනාම ,”සර් කියලා දීපු පාඩම් වලින් අර ටයි පාඩමයි ඇප්ලිකේෂන් පාඩමයි අදත් මතකයි.” කියලා කියන කොට හිතට හීන් ආඩම්බරයක් මුසු සතුටක් දැනෙනවා.

දැන් උගන්නන රටේ නම් පන්තියට යන්න ටයි එක ඇඳීම අනිවාර්යයි. අපිත් එක්ක වැඩ කරන අපේ අසල්වැසි රටවල බුවාල සෙට් එකකට අදත් ටයි ගැටේ ගහල දෙන්නෙ මම. (ඇඩ් එකක් නෙවෙයි.) එක පොරක් ටයි ටික ප්ලාස්ටික් බෑග් එකකට දාගෙන ඇවිත් ඔක්කොම ගැට ගස්සගෙන යනවා මාසෙකට ඇතිවෙන්න.

ටයි එක ගැට ගහන්න නොදන්න එක ලැජ්ජාවකට කරුණක් හෝ ගැට ගහන්න ඉගෙන ගන්න එක හෙන ගේමක් හෝ නොවෙයි. පුදුමෙ කියන්නෙ ගැට හැට හුටහමාරක් ගහන්න ඉගෙන ගෙන තියෙන හුඟක් බාල යක්ෂයොන්ටත් ටයි ගැටේ ගහ ගන්න බැරි එකයි.

මෙන්න එහෙනම් ටයි ගැටේ ගුරු මුෂ්ටි නැතුවම.

1.ටයි එක කර වටේ එලනවා. හීනි පැත්ත වම් අත පැත්තට. කනපිට යටට හරිද? දැන් දෙපැත්තම අත් දෙකෙන් අල්ලගන්නවා. (පින්තූරෙ අත් නැත්තෙ ඇයි? ඒ කොයි එකාද? ඇයි මිනිහො එතකොට කැමරාව අල්ලන්නෙ මොකෙන්ද?)

2. දැන් හීනි පැත්ත වම් අතෙන් අල්ලගෙන මහත පැත්ත මේ විදියට උඩින් පාස් කරනව වම් පැත්තට. (Overpass) මතක තියා ගනිල්ලා කොල්ලනේ හීනි වම් පැත්ත සහ අත එහෙමමයි. නෝ හෙල්ලුං පොල් මැල්ලුං! දාන සෙල්ලං ඔක්කොම දාන්නෙ දකුණු අතින්, මහත පැත්තෙන්.

3. U-turn එකක් ගහලා යටින් එනවා ආපහු දකුණු පැත්තට. (Underpass) වම අතාරින්නෙ නෑ. (මගුල් දේශපාලනයක් නෙවෙයි මනුස්සයො. ටයි ගැටේ)

4. ආයෙම ගහනවා U-turn එකක්. ආයෙත් යනවා දකුණට. මේ පාර උඩින්. (overpass එකක්.) වම අතාරින්නෙ නෑ.

5. ආයෙ U-turn එකක් ගහලා එනව ආපහු. නමුත් කලින් පාරෙ නෙවෙයි.බෙල්ල දිහාවට යටින්. දැන් මතුවෙනවා උඩින් මෙන්න මෙහෙම.

6. වම එහෙමමයි. හරි? දැන් අර මතුකරගත්ත මහත කොන U-turn එකක් ගහලා එනවා පහලට හැබැයි එන්නෙ උඩින්ම තියෙන ලූප් එක ඇතුලෙන් මෙන්න මෙහෙම.

7. දැන් ගැටේ ගහල තියෙන්නෙ. කැතයි නේද? ඔවු. කැතයි තමයි. ඉතිං ඕක හෙමිහිට සීරු මාරු කරලා ලස්සනට හදා ගන්න ඕනෙ. ඒක මහ ගේමක් නෙවෙයි. දැන් අමාරු හරිය ඉවරයි.

8.මෙහෙම ඇදලා කරලා...

9. ඔය තියෙන්නෙ ගතියට. ඔය ගැටෙන් ටයි එක මතුවෙන තැනට ඔන්නම් ‍රැල්ලක් දාන්නත් පුලුවන්.

හුටා! යට පොට එල්ලෙනවා නේද යටින් දිගට?  ඒ දිග හරියට ගන්න ගලවලා ගැට ගහලා ප්‍රැක්ටිස් වෙන්නම ඕනෙ. හරියට දැම්මම මහත කොන බෙල්ට් බකල් එක ලඟට තියෙන්න ඕනෙ. හීනි කොන ඊට කොට නිසා හැංගිලා තියෙන්න ඕනෙ.   ටයි එකේ දිග බකල් එක දක්වාද, බකල් එක වැහෙන්නද කියන එකෙත් තියෙනවලු විවාහක අවිවාහක වෙනසක්. ඒක වැඩක් නෑ. මුද්ද හංග ගනිල්ලකො. එතකොට හරි.

තාත්ත නම් කියන්නෙ වම් අතින් අල්ලගත්ත ග්‍රිප් එක ගැටේ ගහල ඉවර වෙනකල් ඒ විදියටම තියෙන්න ඕනැයි කියලයි. ඒකනම් තරමක් අමාරු වැඩක්. මම නම් අත  හරිනව.

තව සීන් එකක් තමයි ටයි ගැටේ හරියට ගහලා නම් හීනි වම් පැත්ත ගැටෙන් එලියට ඇදලා දැම්මට පස්සෙ.....

ටයි එක කොන් දෙකෙන් ඇද්දාම ඔක්කොම ගැට ගැලවිලා යන්න ඕනෙ. ඕකත් තාත්තගෙ පාඩමේ කොටසක්.

හරි දැන් ඉතින් මේක ප්‍රැක්ටිස් කරන්න ඕනෙ දහ වතාවක් වත්. අනික කම්මැලිකමට එකම ගැටේ දාගෙන යන්න පටන් ගත්තොත් ප්‍රැක්ටිස් එක නැතිව යනවා. බය නැතුව ගැටේ ගලවලා හැම දාම පොර වගේ  අලුතින් ගහන්න ඕනෙ. හැබැයි පු‍තෝ, “අරූ කිව්ව විදියට කරන්න ගිහින් තමයි රතු ඉර වැදුනෙ” කියලා මට බර බර ගානවනම් රෑට ටයි ගැටේ ගහගන්න එකයි ඇත්තෙ අලාම් එක සෙට් කරලා.

මාසයක් විතර යනකොට ආයෙ ජීවිතේට කාටවත් වඳින්න ඕනැත් නෑ. සෙකන්ඩ් වෙන්න ඕනැත් නෑ.   ටයි ගැටේ ගහලා චොකලට් පගාව ගත්ත නංගිලා ඔන්නම් මාව දායි හිට් ලිස්ට් එකට. ඒ ඉතිං උඹලා කට වරද්දා ගත්තොත්.

මොකක්ද අර අරකා කියන්නෙ? අපි ටයි දානෙ නෑ හැම දාම? වෙඩිං එකකට යන්න විතරයි? ඉතිං? මේක ප්‍රින්ට් කරලා අලවගන්න එකයි අල්මාරියේ දොර පිටිපස්සෙ.

ඉතිං වෙන මොනවද? ආ මට මතක් වුනේ සමහර පොරවල් ටයි අඳිනව හරකෙකුට කඹේ දාල වගේ. සමහරුන්ගෙ වර්ණ සංයෝජනය නං කියලා වැඩක් නෑ. කලුවරේද මන්දා අඳින්නෙ? එල හරකයි මී හරකයි වගෙ. නිල් පාට ශර්ට් එකට ලා කෙසෙල් දළුකොල පාට ටයි එක ඇඳගෙන බලන්න ලස්සනයි. ඇයි යකුනේ කොල්ලො නේද? කලර් සෙන්ස් එකක් ඇත්තෙම නෑ. නංගි හරි අක්ක හරි වයිෆ් හරි දැක්කෙ නැත්නම් අහුවෙච්ච එක එල්ලගෙන එනවා.

මම නම් ඔය ගැන සෑහෙන  උනන්දුයි හැමදාටම. ආයෙම කිව්වා. ඇඩ් එකක් නෙවෙයි. මම නං ටයි එකට කලිසමයි ශර්ට් එකයි විතරක් නෙවෙයි මේස් දෙකත් මැච් කරනවා. මොකක්ද අර අරූ අහන්නෙ? ඔව් බං ජොකත් මැච් කරනව තමයි මේස් දෙකට. උඹ කොහොමද ගෙස් කලේ? හික් හික්!

මගෙ වයිෆ් මං ගැන අනිත් උන්ට කියනකොට කියන්නෙ ඌ ඉතිං කොහොමත් ස්ටයිල් කුක්කනෙ කියලා.ආ උඹලට ඉරිසියා හිතුනා නේද?

හරි.ආයෙම යමු මාතෘකාවට. ටයි ගැට ගනනාවක් තියෙනවා. ඔය අද ගැහුවෙ සිංගල් නොට් කියන සරලම සහ ලේසිම එක.

තව එකක් තමයි ඩබල් නොට් එක. ඒකට වින්ඩ්සර් නොට් එක කියලත් කියනවා. මන් දන්නෙ නෑ ඇයි කියලා. විකිපීඩියා එකේ බලාපල්ලකො මගෙන්ම අහන්නෙ. මේ පෝස්ට් එකට ලැබෙන ප්‍රතිචාර අනුව ඒක ඉගෙන ගනිමු පස්සෙ පෝස්ට් එකකින්.

එතකොට පට්ට කම්මැලි හොරුන්ට මෙන්න බඩුව. මොකුත් නෑ. බෙල්ලට තොන්ඩුව දැම්මා. ඇද්දා.

තව දෙයක්. මම හරි ආසයි ටයි සම්බන්ධ රසවත් සිද්දි, අකරතැබ්බ හෙම ගැන කමෙන්ට් කියවන්න. කල්පනා කරලා ලියමුකො එහෙනම් කමෙන්ට් එකක්.

 

ටැග: , , ,