RSS

16. වයිෆ්ට, අක්කට, නංගිට, අම්මට කියලා ටයි ගැටේ ගහගන්න බබාලන්ත බුවාලා මෙහෙ වරෙල්ලා.

02 Sep

දැන්වීමයි:

මේ පෝස්ට් එක අධිරාජ්‍ය විරෝධීන්ට, ටයි විරෝධීන්ට හෝ දැනට කිසිම ආබාදයක් නැතුව ටයි එක ගැටගසාගැනීමට දන්න බුවාලාට නොවේ. මේ හුදෙක් වයිෆ්ට, අක්කට, නංගිට, අම්මට කියලා ටයි ගැටේ ගහගන්නාවූද, ගහපු ටයි ගැටය ටයි පොල්ල දිරාපත් වී කන්ඩෙම් වනතෙක් දිවිහිමියෙන් ආරක්ෂාකර ගන්නා වූද, මට නිදා ගන්නට නොදී රෑ දෙගොඩහරියට පැමින දොරට තඩිබා මගේ බියුටි ස්ලීප් එකට ඩිස්ටර්බ් කර, “අනේ හෙන්රි (අයියේ/ මල්ලියේ/බාප්පේ/මාමේ/මහප්පේ/පුතේ/ළමයෝ/පැටියෝ)” යනාදී වශයෙන් ආදර ඇමතුමින් සංග්‍රහ කර, “මට මේ ටයි පොල්ල ගැට ගහල දියං හෙට මට වෙඩිමක්/ඉන්ටර්විව් එකක්/එන්ගේජ්මෙන්ට් එකක්  තියෙනවා බං”, කියමින් මටද වාතයක් වී,  උන්ටද වාතයක් වන හුදී ජනයාගේ ලාම්පු කණගා‍ටුව උදෙසාමයැ. සොරියැ. පහන් සංවේගය උදෙසාමයැ.

අපේ තාත්තා කියලා දීපු සමහර  දේවල් මගේ  ජීවිතයටම පාඩම් වුනා. මේකත් ඉන් එකක්. Paying It Forward කියන එක දන්නවද? ඒ නමින් හොලිවුඩ් සිනමා පටයකුත් තියනවා. ඒකෙන් කියන්නෙ. කෙනෙක් තමන්ට කල උපකාරයකට කරන ප්‍රතිඋපකාරය (සමහරවිට උපකාරය කරපු කෙනාගේ ඉල්ලීම මත) ඔහුට/ඇයට නොකර වෙනත් උපකාර ඉතාම අවශ්‍ය කෙනෙකුට කිරීමයි.

මම ලංකාවෙ ඉස්කෝල වල උගන්නන කාලෙ O/L, A/L  පන්තිවල අන්තිම වාරෙදි අනිවාර්යයෙන්ම කියාදෙන පාඩම් කීපයක් තිබුනා සිලබස් එකේ ඇති සහ නැති. එකක් තමයි ඉංග්‍රීසියෙන් නිවැරදිව   job application එකක් ලියන හැටි.(දැනුත් ටයි ගැටේ වගේම ඇප්ලිකේෂන් එක ඉංග්‍රීසියෙන් ලියාගන්න මාගෙ දොරට ගහන එවුන් ඉන්නව අවුරුදු 10ක් ඉස්කෝලෙන් ඉංග්‍රීසි ඉගෙනගෙනත්) , තව ඉංග්‍රීසි සම්මුඛ පරීක්ෂනයකට පෙනී සිටින හැටි, ඇඳගෙන යන හැටි, සහ ටයි ගැටය ගහන හැටි.

මම එදාට මගෙ ලඟ තියෙන ටයි කලෙක්ෂන් එකම අරං  ගිහින් කොල්ලන්ට දීලා ටයි ගැටේ ගහන එක ගැන ප්‍රායෝගික පාඩමක් කරනවා.  මේ දිහා අනිත් ගුරුවරු වපර ඇහින් බලපු අවස්ථාත් අනන්තව තිබ්බා. මගේ ජීවන දර්ශනය ‘හැම එකාම කියන දේට සාවධානව ඇහුම්කන් දීල මට ඕනැ දේ කරන එක’ නිසා මගේ ව්‍යාපාරය එහෙමම ගියා.

නමුත් සමහර ගෝලයො අදත් හමුවුනාම ,”සර් කියලා දීපු පාඩම් වලින් අර ටයි පාඩමයි ඇප්ලිකේෂන් පාඩමයි අදත් මතකයි.” කියලා කියන කොට හිතට හීන් ආඩම්බරයක් මුසු සතුටක් දැනෙනවා.

දැන් උගන්නන රටේ නම් පන්තියට යන්න ටයි එක ඇඳීම අනිවාර්යයි. අපිත් එක්ක වැඩ කරන අපේ අසල්වැසි රටවල බුවාල සෙට් එකකට අදත් ටයි ගැටේ ගහල දෙන්නෙ මම. (ඇඩ් එකක් නෙවෙයි.) එක පොරක් ටයි ටික ප්ලාස්ටික් බෑග් එකකට දාගෙන ඇවිත් ඔක්කොම ගැට ගස්සගෙන යනවා මාසෙකට ඇතිවෙන්න.

ටයි එක ගැට ගහන්න නොදන්න එක ලැජ්ජාවකට කරුණක් හෝ ගැට ගහන්න ඉගෙන ගන්න එක හෙන ගේමක් හෝ නොවෙයි. පුදුමෙ කියන්නෙ ගැට හැට හුටහමාරක් ගහන්න ඉගෙන ගෙන තියෙන හුඟක් බාල යක්ෂයොන්ටත් ටයි ගැටේ ගහ ගන්න බැරි එකයි.

මෙන්න එහෙනම් ටයි ගැටේ ගුරු මුෂ්ටි නැතුවම.

1.ටයි එක කර වටේ එලනවා. හීනි පැත්ත වම් අත පැත්තට. කනපිට යටට හරිද? දැන් දෙපැත්තම අත් දෙකෙන් අල්ලගන්නවා. (පින්තූරෙ අත් නැත්තෙ ඇයි? ඒ කොයි එකාද? ඇයි මිනිහො එතකොට කැමරාව අල්ලන්නෙ මොකෙන්ද?)

2. දැන් හීනි පැත්ත වම් අතෙන් අල්ලගෙන මහත පැත්ත මේ විදියට උඩින් පාස් කරනව වම් පැත්තට. (Overpass) මතක තියා ගනිල්ලා කොල්ලනේ හීනි වම් පැත්ත සහ අත එහෙමමයි. නෝ හෙල්ලුං පොල් මැල්ලුං! දාන සෙල්ලං ඔක්කොම දාන්නෙ දකුණු අතින්, මහත පැත්තෙන්.

3. U-turn එකක් ගහලා යටින් එනවා ආපහු දකුණු පැත්තට. (Underpass) වම අතාරින්නෙ නෑ. (මගුල් දේශපාලනයක් නෙවෙයි මනුස්සයො. ටයි ගැටේ)

4. ආයෙම ගහනවා U-turn එකක්. ආයෙත් යනවා දකුණට. මේ පාර උඩින්. (overpass එකක්.) වම අතාරින්නෙ නෑ.

5. ආයෙ U-turn එකක් ගහලා එනව ආපහු. නමුත් කලින් පාරෙ නෙවෙයි.බෙල්ල දිහාවට යටින්. දැන් මතුවෙනවා උඩින් මෙන්න මෙහෙම.

6. වම එහෙමමයි. හරි? දැන් අර මතුකරගත්ත මහත කොන U-turn එකක් ගහලා එනවා පහලට හැබැයි එන්නෙ උඩින්ම තියෙන ලූප් එක ඇතුලෙන් මෙන්න මෙහෙම.

7. දැන් ගැටේ ගහල තියෙන්නෙ. කැතයි නේද? ඔවු. කැතයි තමයි. ඉතිං ඕක හෙමිහිට සීරු මාරු කරලා ලස්සනට හදා ගන්න ඕනෙ. ඒක මහ ගේමක් නෙවෙයි. දැන් අමාරු හරිය ඉවරයි.

8.මෙහෙම ඇදලා කරලා...

9. ඔය තියෙන්නෙ ගතියට. ඔය ගැටෙන් ටයි එක මතුවෙන තැනට ඔන්නම් ‍රැල්ලක් දාන්නත් පුලුවන්.

හුටා! යට පොට එල්ලෙනවා නේද යටින් දිගට?  ඒ දිග හරියට ගන්න ගලවලා ගැට ගහලා ප්‍රැක්ටිස් වෙන්නම ඕනෙ. හරියට දැම්මම මහත කොන බෙල්ට් බකල් එක ලඟට තියෙන්න ඕනෙ. හීනි කොන ඊට කොට නිසා හැංගිලා තියෙන්න ඕනෙ.   ටයි එකේ දිග බකල් එක දක්වාද, බකල් එක වැහෙන්නද කියන එකෙත් තියෙනවලු විවාහක අවිවාහක වෙනසක්. ඒක වැඩක් නෑ. මුද්ද හංග ගනිල්ලකො. එතකොට හරි.

තාත්ත නම් කියන්නෙ වම් අතින් අල්ලගත්ත ග්‍රිප් එක ගැටේ ගහල ඉවර වෙනකල් ඒ විදියටම තියෙන්න ඕනැයි කියලයි. ඒකනම් තරමක් අමාරු වැඩක්. මම නම් අත  හරිනව.

තව සීන් එකක් තමයි ටයි ගැටේ හරියට ගහලා නම් හීනි වම් පැත්ත ගැටෙන් එලියට ඇදලා දැම්මට පස්සෙ.....

ටයි එක කොන් දෙකෙන් ඇද්දාම ඔක්කොම ගැට ගැලවිලා යන්න ඕනෙ. ඕකත් තාත්තගෙ පාඩමේ කොටසක්.

හරි දැන් ඉතින් මේක ප්‍රැක්ටිස් කරන්න ඕනෙ දහ වතාවක් වත්. අනික කම්මැලිකමට එකම ගැටේ දාගෙන යන්න පටන් ගත්තොත් ප්‍රැක්ටිස් එක නැතිව යනවා. බය නැතුව ගැටේ ගලවලා හැම දාම පොර වගේ  අලුතින් ගහන්න ඕනෙ. හැබැයි පු‍තෝ, “අරූ කිව්ව විදියට කරන්න ගිහින් තමයි රතු ඉර වැදුනෙ” කියලා මට බර බර ගානවනම් රෑට ටයි ගැටේ ගහගන්න එකයි ඇත්තෙ අලාම් එක සෙට් කරලා.

මාසයක් විතර යනකොට ආයෙ ජීවිතේට කාටවත් වඳින්න ඕනැත් නෑ. සෙකන්ඩ් වෙන්න ඕනැත් නෑ.   ටයි ගැටේ ගහලා චොකලට් පගාව ගත්ත නංගිලා ඔන්නම් මාව දායි හිට් ලිස්ට් එකට. ඒ ඉතිං උඹලා කට වරද්දා ගත්තොත්.

මොකක්ද අර අරකා කියන්නෙ? අපි ටයි දානෙ නෑ හැම දාම? වෙඩිං එකකට යන්න විතරයි? ඉතිං? මේක ප්‍රින්ට් කරලා අලවගන්න එකයි අල්මාරියේ දොර පිටිපස්සෙ.

ඉතිං වෙන මොනවද? ආ මට මතක් වුනේ සමහර පොරවල් ටයි අඳිනව හරකෙකුට කඹේ දාල වගේ. සමහරුන්ගෙ වර්ණ සංයෝජනය නං කියලා වැඩක් නෑ. කලුවරේද මන්දා අඳින්නෙ? එල හරකයි මී හරකයි වගෙ. නිල් පාට ශර්ට් එකට ලා කෙසෙල් දළුකොල පාට ටයි එක ඇඳගෙන බලන්න ලස්සනයි. ඇයි යකුනේ කොල්ලො නේද? කලර් සෙන්ස් එකක් ඇත්තෙම නෑ. නංගි හරි අක්ක හරි වයිෆ් හරි දැක්කෙ නැත්නම් අහුවෙච්ච එක එල්ලගෙන එනවා.

මම නම් ඔය ගැන සෑහෙන  උනන්දුයි හැමදාටම. ආයෙම කිව්වා. ඇඩ් එකක් නෙවෙයි. මම නං ටයි එකට කලිසමයි ශර්ට් එකයි විතරක් නෙවෙයි මේස් දෙකත් මැච් කරනවා. මොකක්ද අර අරූ අහන්නෙ? ඔව් බං ජොකත් මැච් කරනව තමයි මේස් දෙකට. උඹ කොහොමද ගෙස් කලේ? හික් හික්!

මගෙ වයිෆ් මං ගැන අනිත් උන්ට කියනකොට කියන්නෙ ඌ ඉතිං කොහොමත් ස්ටයිල් කුක්කනෙ කියලා.ආ උඹලට ඉරිසියා හිතුනා නේද?

හරි.ආයෙම යමු මාතෘකාවට. ටයි ගැට ගනනාවක් තියෙනවා. ඔය අද ගැහුවෙ සිංගල් නොට් කියන සරලම සහ ලේසිම එක.

තව එකක් තමයි ඩබල් නොට් එක. ඒකට වින්ඩ්සර් නොට් එක කියලත් කියනවා. මන් දන්නෙ නෑ ඇයි කියලා. විකිපීඩියා එකේ බලාපල්ලකො මගෙන්ම අහන්නෙ. මේ පෝස්ට් එකට ලැබෙන ප්‍රතිචාර අනුව ඒක ඉගෙන ගනිමු පස්සෙ පෝස්ට් එකකින්.

එතකොට පට්ට කම්මැලි හොරුන්ට මෙන්න බඩුව. මොකුත් නෑ. බෙල්ලට තොන්ඩුව දැම්මා. ඇද්දා.

තව දෙයක්. මම හරි ආසයි ටයි සම්බන්ධ රසවත් සිද්දි, අකරතැබ්බ හෙම ගැන කමෙන්ට් කියවන්න. කල්පනා කරලා ලියමුකො එහෙනම් කමෙන්ට් එකක්.

 

ටැග: , , ,

29 responses to “16. වයිෆ්ට, අක්කට, නංගිට, අම්මට කියලා ටයි ගැටේ ගහගන්න බබාලන්ත බුවාලා මෙහෙ වරෙල්ලා.

  1. Observer

    සැප්තැම්බර් 2, 2011 at 8:04 පෙ.ව.

    හුහ්….දැන් ඉතිං හරි, ඉස්සර අම්මගෙ අක්කගෙ, ගණන් බැලුව. පස්සෙ දුවලගෙ, ගෑනිගෙ ගණන් බැලුව. අදම මේකෙ ප්‍රින්ට් අවුට් එකක් ගන්නව. නාකි වෙලා හරි ටය ගැටේ ගහ ගන්න ඉගෙන ගන්න ලැබිච්ච චෑන්ස් එක අත ඇරල කොහොමද. හෙන්රිට සතර අපා අනන් මනං ප්ලේස් වල තියා, දිව්‍ය ලෝකෙ වත් නවතින් නැතුව නිවං යන්න මේ පිනම ඇති (හැබය් නිවං යන්න ඉස්සෙල්ල මතක ඇතුව පත්තු කොරගෙන යන්නත්, අමතක කොරන්නෙපා)

    මේ පෝස්ට් එකේ වටිනා කම කියල නිම කරන්න බැහැ.
    (බ්ලොග් කියෝන ගොබිලො/ගොබිලියො හැමෝම දැනගත්ත අද නං, ඔබා ටය් ගැටේ ගහන්න දැනගෙන හිටියෙ නැහැ කියල)

     
  2. ඕනයා (දුලිප් සිකුරාජපති)

    සැප්තැම්බර් 2, 2011 at 8:20 පෙ.ව.

    මටත් ඔය එක එකාට ටයි ගැටගහල දෙන සොමිය සෙට්වෙනව තරං ආතල් එකක් තවත් නෑ . . . . මම කොහොමත් ඔය ටයි දාල යන වැඩකට ලෑස්ති වෙන්නෙ ටිකක් පරක්කු වෙලා (කමිසෙ පොඩිවෙන නිසා). ඔය අතරෙ හතර පස් දෙනෙක් ටයි උස්සං එද්දි කොහොමද ආතල් එක . . . .
    වික්ඩ්සර් නොට් එකට ඒ නම ලබාදීල තියෙන්නෙ වින්ඩ්සර් හි ආදිපාදවරයා විසින් (8වෙනි එඩ්වඩ් රජු). මෙයාට ඕනෙවෙලා තියනවලු ඝනකමින් වැඩි ටයි පටි සහ ඒවාට යොදන්න පලලින් වැඩි ගැට ක්‍රමයක්. ඒකෙ අවසාන ප්‍රතිඵලය තමයි වින්ඩ්සර් ගැටය.

     
  3. RANUL

    සැප්තැම්බර් 2, 2011 at 9:08 පෙ.ව.

    මටත් ඉස්කෝලේ උත්සව වලට යද්දි ඕනා වෙනව.කියල දුන්නට බොහොම ස්තූතියි.

     
  4. buwa

    සැප්තැම්බර් 2, 2011 at 9:23 පෙ.ව.

    තැන්කු ඇ ….. මටත් ටයි ගැටේ බැරුවා ….

     
  5. Praසන්ன

    සැප්තැම්බර් 2, 2011 at 10:47 පෙ.ව.

    මාත් ඕක කාට හරි කියල ගැට ගහගත්ත එක තමයි කරේ. නියමයි.

     
  6. ඉන්දික

    සැප්තැම්බර් 2, 2011 at 11:22 පෙ.ව.

    මේ වටිනා ගැටේ උගැන්නූ ඔබතුමාට සහ පියාණන්ට බොහෝම ස්තුතියි!😉

     
  7. සසීන්ද්‍ර

    සැප්තැම්බර් 2, 2011 at 1:13 ප.ව.

    මටත් ඉස්කෝලෙ තිබුන ප්‍රයිස් ගිවිං එකකට යන්න ටයි ගැටේ ගහගන්න බැරුව මාරම කස්ටක් කෑව. අන්තිමට යූ ටියුබ් එකෙන් අහල තමයි ඉගෙන ගත්තෙ😀 හපොයි! ඒත් මම ගහන විදිහට හීනි පැත්ත ගත්තෙ දකුණු අතට😛 ඒත් ගැටේනම් ලස්සනට ඔය උඩ විදිහටම තියනව. ඒත් “තාත්තගෙ පාඩමට” අනුව නම් ගැලවෙන්නෑ. හීනි පැත්ත ලස්සනට ගැල වුනත් ගැටෙත් ලස්සනටම ඉතුරු වෙනව😀

     
  8. රන්දිල්

    සැප්තැම්බර් 2, 2011 at 3:05 ප.ව.

    මට පෝස්ට් එක කියවන්න බැරි වුනා. පිංතූර අනුව මට පෙනී යන්නේ නිල් පාට ටයි එකෙන් තියෙන නොට් එකයි අනිත් එකයි වෙනස් බවයි. අපි ඉස්කෝලේ යන කාලේ අපි දැම්ම නොට් එක තමයි උඩ එක. යට එක පිරිමි අය ටයි දාද්දි දාන නොට් එක. එහෙම තමයි මට පේන්නේ. මට වැරදිලාද?

     
  9. අම්බලම

    සැප්තැම්බර් 2, 2011 at 3:05 ප.ව.

    දවසින් වැඩි වෙලාවක් ඔය ටයි එක දාගන ඉන්න සේල්ස් කරන අපේ උන්ගෙනුත් වැඩි හරියකට ටයි ගැටේ දාගන්න බෑ. මිට පස්සේ මගෙන් ටයි ගැටේ ගහගන්න එන උන්ටත් මේකේ ප්‍රින්ට් අවුට් එකක් අරන් දීල බේරිලා ඉන්න පුළුවන්.

     
  10. Dharana

    සැප්තැම්බර් 2, 2011 at 4:19 ප.ව.

    නියමයි අප්පා… මට එප්පා……. වෙලා හිටියෙ ටයි ගැටේ දාගන්න බැරුව… අම්මට පින්සිද්ධ වෙන්න තමා දාගත්තෙ මෙච්චර දවස්.. දැන් ඉතින් දෙයියනේ කියල ටයි එකක් බෙල්ලෙන් ගැලෙවුවම ලස්සනට නවල සාක්කුවෙ දාගන්න පුලුවන්..ඉස්සරනම් ඉතින් කෝච්චියට බෙල්ල තියන්න හිතුනත් ටයි ගැටේ අහු නොවෙන්නයි තිබ්බෙ… එලකිරි…

     
  11. Dharana

    සැප්තැම්බර් 2, 2011 at 4:31 ප.ව.

    අඩේ විලි ලැජ්ජාවයි ඒ පාර… මම මේක ප්‍රැක්ටිස් කලේ ෂර්ට් එකක් අදින්නෙ නැතුව.. නිකන් ලැප දිහා බලාගෙන බෙල්ලට ටයි එක දාල… පලමු වතාවට ටයි එකක් දාපු සන්තෝසෙට බ්ලොග් එකේ ඉතුරු පෝස්ට් ටිකත් චැක් කොරා… මේන් අපේ නැන්ද කෙනෙක් ඒ අස්සෙ ගෙදරට ඇවිත් කාමරේට එබුන කියපි… ෂර්ට් එකක් නැතුව ටයි එකක් දාගෙන ලැප දිහා professional look එකකින් බලාගෙන හිටිය මාව දැක්ක ගමන් හිතන්න ඇති අංගොඩ ගෙනියන්න දැන් කල් හරි කියල… ෂිහ්….

     
  12. Chathurika Uluwitiya

    සැප්තැම්බර් 2, 2011 at 5:09 ප.ව.

    maru padama…..🙂

     
  13. henryblogwalker

    සැප්තැම්බර් 2, 2011 at 7:55 ප.ව.

    @ හැමෝටම: මේ පෝස්ට් එක මෙච්චර නැගල යයි කියලා නම් හිතුවෙ නැහැ. අද තමයි මගෙ Stats වල Busiest Day. මේක මටත් හොරෙන් සියලු පෙට්ටි කන්තෝරු වාර්තා(BOX OFFICE) බිඳහෙලූ කුට්ටිපලනයක් (BLOCKBUSTER) වුනානෙ.හික්ස් හික්ස්! (:-)) ඔබ හැමගේ උනන්දුවෙන් සහ උදව්වෙන්. හැමෝටම ස්තුතියි.

    @ ඔබා: ඔබා තුමා විහිලු කරනවද? බොරු නේ? ඇත්ත නම් හෙම මට …ඕන්නෑ ඕන්නෑ, ඔබා ඇත්ත නෙ හැමදාම කිව්වෙ. ඔබතුමා කොහොමත් පළවෙනි ප්‍රතිචාරය දාන්න දක්ෂ බව මම අදත් දැක්කා.

    @ඕනයා: ටයි ගැටේ දන්න ඕනයාත් ඇවිත් එන්ජෝයි කරලා. ඕනයා දන්නවනෙ ඕකෙ සොමිය. ස්තුතියි වින්ඩ්සර් නොට් එක ගැන දැනුම බෙදාගත්තට.

    @රනුල්: අහන්නත් සන්තෝසයි රනුල්. ඔයා බැලුවෙ නැත්ද කලින් ආටිකල් එක “පිස්සු බම්ප්…” වෙන එක? මොකද ඔයා උනන්දුයිනෙ ඒවගෙ දේවල් වලට. ඔයාගෙ සයිට් එකෙත් ඔය තියෙන්නෙ ගණිත ගැටලුද අරකද, මේකද, සෑම, දෙයක්ම..ස්තුතියි රනුල්

    @බුවා: ස්තුතියි බුවා ප්‍රතිචාරයට.

    @ප්‍රසන්න: (ඔබා කියන විදියට ඉංග්‍රීසි සිංහල දෙමල ප්‍රසන්න) ප්‍රයෝජනයක් වුනා නම් මගේ සතුට එයයි. ස්තුතියි ප්‍රසන්න.

    @ ඉන්දික: හරිම සතු‍ටුයි ඉන්දික. ඔයා මගෙ තාත්තටත් ස්තුති කරලා තියෙනවා. අවාසනාවට තාත්තා අපිට නැතිවෙලා සෑහෙන කාලයක්.
    මම ලින්ක් එක දිගේ එකේ වාට්‍ටුව පැත්තෙත් ගියා.
    ස්තුතියි ඉන්දික

    @සසින්ද්‍ර: යූ බටෙන්? හහ් හහ් හා.. සසින්ද්‍ර වමත් කාරයෙක්ද? මට හිතුනෙ අර හීනි පැත්ත දකුණට දාපු නිසා. මේ ගැටේ ඇද්දහම ගැලවුනා නේද? ස්තුතියි ප්‍රතිචාරයට.

    @රන්දිල්: පෝස්ට් එකත් කියවන්නකෝ .ඔයාට පොඩී වැරදි අවබෝධයක් ඇතිවෙලා බව පේනවා. යටම තියෙන එක රෙඩි මේඩ් නොට් එකක්.

    @ අම්බලම: දෙන්න දෙන්න කිසි අවුලක් නෑ. මට හරිම සන්තෝසයි වැඩි වැඩියෙන් ජනතාව මේකෙන් ප්‍රයෝජන ගන්නව කියලා අහන්න. ස්තුතියි ප්‍රතිචාරයට.

    @Dharana නියම ප්‍රතිචාරය! හිනා කාල මලා කියවලා. අර “කෝච්චියට බෙල්ල තියන්න හිතුනත් ටයි ගැටේ අහු නොවෙන්නයි තිබ්බෙ…” හික්ස්. ඊට පස්සෙ කී පාරක් ප්‍රැක්ටිස් කලාද ලැප ඇරගෙන? ස්තුතියි ප්‍රතිචාරයට.

    @ චතුරිකා: ස්තුතියි කොමෙන්ට් එකට. චතුරිකා චොකලට් පගාවල් හෙම අරගෙන නැතුව ඇති නේද ටයි ගැට ගහලා දීලා.

     
  14. hirunijayawardenehiruni

    සැප්තැම්බර් 2, 2011 at 8:15 ප.ව.

    හරිම වටින පාඩමක්. අපිට නම් ඉස්කෝලේ යන කොට තිබුනෙ ක‍ටුවක් ගහලා එල්ලන් යන ටයි එකක්. අද ඉදන් මාත් චොක්ලට් ගොඩක හිමිකරියෙක් වෙනවා….:-)

    තැන්කූ……………..

     
  15. Dilanka Madhawa (@dilankamadhawa)

    සැප්තැම්බර් 2, 2011 at 8:24 ප.ව.

    එල ලිපිය අයියේ.ඔය ගැටේ ගැහුවහම ගැණු ගැටේ කියනව නේද?පිරිමි අය අනිත් වින්ඩ්සර් ගැටේ නේද ගගන්න ඕන?

     
  16. henryblogwalker

    සැප්තැම්බර් 2, 2011 at 8:54 ප.ව.

    එහෙම කියනවද ඩිලංක? හැබැයි අපි නම් හැමදාම ගහගෙන යන්නෙ ඕක. මොකද ඕක තම්යි සරළම, ජනප්‍රියම, ඒවගෙම වේගයෙන් ගහන්න පුළුවන් ගැටේ. අනික සමහර ටයි වලට ලස්සනත් ඕක. වින්ඩ්සර් නොට් එක හුඟක් අය ගහන්නෙ ඔය විශේෂ අවස්ථාවලට ඒ වගෙම සමහර දිගින් වැඩි මැදින් හීනි ටයි වලට හෙම තමයි. සමහර මැදින් මහත ටයි වලට ඕක දම්මම හෙන කැතයි. අනික ඩිලංක බලන්න ඔය BBC නැතිනම් CNNවගෙ NEWS CHANNEL එකක් දාල. NEWS READERSලා හුඟක් දාගෙන ඉන්නෙ SINGLE KNOTඑක.බොහෝම ස්තුතියි ප්‍රතිචාරයට.

     
  17. Nihal Gurusinghe

    සැප්තැම්බර් 3, 2011 at 10:05 පෙ.ව.

    මොන බම්බුවටද මෙච්චර නැහෙන්නෙ. දැන් තියෙනව ගැටෙත් එක්කම හුක් අප් කරන ටයි. ලංකාවෙත් ඇති.

     
  18. jayasri jayakody

    සැප්තැම්බර් 3, 2011 at 11:32 පෙ.ව.

    Tying the tie knot was the first lesson i got when I joined the field as a Medical Rep…but I enjoyed this. Perhaps this will take the pressure off me on the morning of a wedding or any other celebration requiring formal attire…

     
  19. thilakasiri abhayawardhane

    සැප්තැම්බර් 3, 2011 at 8:15 ප.ව.

    ඹටත් ටයිය ගැට ගහන හැටි කියල දුන්නෙ මැරිච්ච තාත්තා.ඒ එක්කම උඹට වගේම මටත් මේ බුවාල ඕක ගැටගහගහගන්න බැරුව වද දෙනව අම්බානකට. ඒ හින්ද තාත්තල දෙන්නට වගේම උඹටත් ඔය පිනම ඇති නිවන් යන්න. ” නිවන් සැප ලැබේවා ” පැතුම් ලකුණ මේෆොන්ට් එකේ නැති එක හොදට ගියා

     
  20. Kasun Chanaka

    සැප්තැම්බර් 4, 2011 at 12:11 ප.ව.

    ඇත්තටම පට්ටම වටින පෝස්ට් එකක් සහෝ. මටත් ඉතින් ටයි එකක් දාන වෙලාවට කාගේ හරි පස්සෙන් වැටීගෙන යන්න වෙනවා. මම මේක සේව් කරල තියා ගත්තා.🙂

     
  21. thilakasiri abhayawardhane

    සැප්තැම්බර් 5, 2011 at 9:40 පෙ.ව.

    සුදු හෙන්රියෝ‚ කුමන කැලේ මැදින් වල් අලියෙක් එක්ක පයින් යනකොට‚ වයිල්ඩ් ලයිෆ් ගාමිනී හොඩෙත් උස්සගෙන ඉස්සරහට ආපුවහම වෙච්ච සන්ගදියත් ලියපන් මේකේ .

     
  22. Observer

    සැප්තැම්බර් 5, 2011 at 12:34 ප.ව.

    බොලේ දැන්නෙ දන්නෙ හුඟක් එවුන්ට ටය් ගැටේ දා ගන්න දන්නැහැ කියල. නිහාල් කිව්ව වගේ දැන් තියෙනව ටය්, ගැටේ දාලම තියෙන, බෙල්ලට දා ගන්නත් ලේසිය්. සමහර රට වල ආරක්ෂක අංශ වල යට අනිවාර්යය් ඒ ජාතියේ ටය් පළඳින එක, කව්රුත් චය් එකෙන් ඇද්දොත් බෙල්ල හිර වෙන්නෙ නැහැ, බෙල්ල වටේ යන්නේ ඉලාස්ටික් වගේ ඇදෙන පටියක්.

     
  23. විසිතුරු | visituru

    සැප්තැම්බර් 7, 2011 at 3:59 පෙ.ව.

    අෆොයි.. මම පරක්කු වෙලානෙ මේ පෝස්ට් එක දැක්කේ! ඇත්තම කිව්වොත් මමත් ටයි ගැටේ දාන හැටි දන්නෑ.
    කාලයක් මම තාත්තාට කියලා ටයි එකට ගැටේ දාගෙන ගැටේ ලිහා ගන්නෙ නැතුව ගෙදර ඇවිත් කබඩ් එකේ දාලා තියාගෙන ඉන්නවා… අනාගත සුබසිද්ධිය සඳහා

     
  24. weniwel

    සැප්තැම්බර් 11, 2011 at 3:34 ප.ව.

    කමක් නැහැ පහු වෙලා ආවත් මේ පාඩම නම් මාර වටිනව.. මම ටයි ගැටේ බැහැ.. යාලුවන්ට කියල තමයි දමා ගන්නෙ.. සේරම ටයි ගැට එක්කම තියෙනව.. මම ටයි දමන්නෙ හරිම අඩු අවස්ථාවන් ගනනක් තමයි එන්නෙ..ඒත් ඉන්නකෝ මේ පාඩම් මාලාව ෆලෝ කරනව අද රෑටම..

     
  25. මකුළු පැංචි

    සැප්තැම්බර් 12, 2011 at 3:51 පෙ.ව.

    සිරාවට අපේ වවුල්ස් ටත් ඔය ගැටේ ගහගන්ට බෑ නොවැ.මැයාගෙ ග්‍රැජුවේශන් උත්සවේ දවසෙ මං හිටපු හන්දා හොඳා..හිකිස්…හැබැයි වවුල්ස්ගෙ තාත්තනං පුතංඩියගෙ තරම දන්න නිසා ග්‍රැජුවේශන් එකට දාන්ඩය කියල අර පහලින් තියෙන ටක් ටුක් ටයි පොල්ලක් අරං දීලයි එවල තිබ්බෙ..ඒත් උත්සවේට ඇන්දෙ මංචිගෙන් තෑගි ලැබුණු ටයි එක නිසා ගැටේ දාන්න වුනෙත් මංචිටම තමා..😀 හැබැයි මංචි ආසා ඩබල් වින්ඩ්සර් නොට් එක..😀

    මංචිට නං ලස්සනට මැද පුංචි ඩිම්පල් එකකුත් එන විදිහට නීට් එකට ටයි ගැටේ දාන්න පුලුවනි…මංචිගෙ තාත්ති තමා මංචිට ටයි ගැට දාන්න කියා දුන්නෙ.. ඒ ඉතින් බැන්ද දවසක ඕනැ වෙයි කියලම තමා (කිව්වත් වගේ ඕන වුනානෙ..හිකිස්…..හැබැයි කවදාවත් මංචිට ඉස්කෝලෙ යුනිෆෝම් එකට ටයි එකක් දාන්ට ලැබිලා නැහැනෙ… ඒ ගැනනම් මාර දුකයි:((( )

     
  26. Hasitha

    දෙසැම්බර් 22, 2011 at 10:08 ප.ව.

    අපි 8 වසරේ ඉද්දී අපේ ඉස්කෝලේ ආදි ශිෂ්‍යයෙක් වුණු ඒ වෙනකොට අගමැති රනිල් වික්‍රමසිංහ ආවා. එදා අපි හැමෝටම ටයි දැමීම අනිවා කරලා තිබ්බා. උත්සවෙන් පස්සේ වැඩක් කෙරුණෙත් නැහැ. එදා තමා මම ටයි ගැටේ දාන්න පුරුදු වුනේ. ඒ 2002 දී

     
  27. හංසකිංකිණි

    අගෝස්තු 13, 2012 at 3:54 ප.ව.

    මට ටයි එක දාන්ඩ කියල දුන්නෙ, ඒ කාලෙ පේරාදෙණි විද්‍යාර්ථියෙක් වෙලා ඉන්න කාලෙ සිරිත අනුව ඩයිනිං හෝල් එකටත් ෆුල් සූට් දාල ගිය අපේ තාත්ත….
    සිංගල් නොට් එක වගෙම ඩබල් නොට් එකත් නියමෙටම දාන්ඩ පුලුවං මට… ඉතිං පෙම්බරය ගොඩ යනව….
    උන්දැට කියන්ඩ ඕනෙ මේ පැත්තෙ ඇවිල්ල යන්ඩ කියල වෙලාවක…

     

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

 
%d bloggers like this: