RSS

18. ඩයස් 1 – “ඒයි මෝඩයො! තමුසෙ කොයි ඉස්කෝලෙටද යන්නෙ?”

12 සැප්.

ඩයස් වැඩ කලේ උමේෂ්ගෙ ස්ටාෆ් එකේ. ඉගැන්නුවෙ ගණිතය. ඒ අවුරුද්දෙ අම්පාරට වැස්ස මාර වැස්සක්. කොච්චර වැස්සද කිව්වොත් ඉඟිනියාගල ජලාශය වාන් දමන්න (Spill) පටං ගත්තා. ඕක හරිම ලස්සන බලන්න වටින දර්ශනයක්. ඉතිං මිනිස්සු යනව ඕක බලන්න වැල නොකැඩී. අපිත් ඉතිං අම්පාරට අලුත්නෙ.

දැං අපි කෂ්ටියත් ජීප් එකක නැගල අම්පාරෙ ඉඳල ඉඟිනියාගලට යනව. ඩයසා හිටියෙ පිටිපස්සෙ දොර ඇරලා අතින් අල්ලගෙන. ජීප් එකේ ඇතුලෙ හිටියා, උමේෂ්, උමේෂ්ගෙ ප්‍රින්සිපල් සුපිරිපාලතුමා, නාරද (හෙවත් බෝල මියුසික් ඇන්ඩ් පෙට්ටි මියුසික්) සහ මංතුමා.

ඉඟිනියාගල කිට්ටු වදි හම්බ වුනා හරක් රංචුවක්. හරක් පාර පුරාම! දැන් ජීප් එකත් පස්සෙන් ගාටනව. හරක් බලන ළමයත් කොච්චර උත්සාහ ගත්තත් පාරෙ ඉඩ අරන් දෙන්න හරක් ළමයට කීකරු නැහැ. පාරෙ එහාට මෙහාට පනිනව විතරයි.

දැන් ඩයසට මල. මූ කියවන්න ගත්ත,  “අර හරක් බලන එකා ඔක්කොටම වැඩිය ලොකු හරකෙක්නේ. කරන වැඩේ හරියට කරන්න උගන්නලා නැති කමනෙ. ක්‍රමයේ වැ‍රැද්ද බං. මුන්ට උගන්නන එවුන්ටයි ගහන්ඩෝනැ!”

ඩයස හිටගත්ත පිටිපස්සෙ බම්පර් එක උඩ තියෙන ෆුට් බෝඩ් කෑල්ලෙ.  දැන් ජීප් එකේ වහලෙට උඩිං එබිලා කැ ගැහුව,

“ඒයි මෝඩයො! තමුසෙ කොයි ඉස්කෝලෙටද යන්නෙ?”

එච්චරයි. මෙන්න මූ ඔලුව නවාගෙන රිංගුව ඇතුලට දඩි බිඩි ගාල.

“මල කෙළියයි!”, ඩයස කියනවා.  “ඌ මගෙ පන්තියෙම ඉන්න ගෝලයෙක්. මං ඇඳිරුවෙ පස්සෙ.චැහ්, ඌ මාව අඳුරගත්තද දන්නෙ නෑ”

 

ටැග: ,

19 responses to “18. ඩයස් 1 – “ඒයි මෝඩයො! තමුසෙ කොයි ඉස්කෝලෙටද යන්නෙ?”

  1. nadun uyana

    සැප්තැම්බර් 12, 2011 at 12:32 පෙ.ව.

    hikis….

     
  2. cartothilakasiri

    සැප්තැම්බර් 12, 2011 at 12:40 පෙ.ව.

    Koi iskolayatath owage keli wela athi ne, neda macho ?????????????????????

     
  3. Chathurika Uluwitiya

    සැප්තැම්බර් 12, 2011 at 1:01 පෙ.ව.

    HE HE HE………………

     
  4. hirunijayawardenehiruni

    සැප්තැම්බර් 12, 2011 at 1:02 පෙ.ව.

    හිහ් හිහ් හිහ්….හොද වැඩේ…හරක් ටික මොනවා හිතුවද දන්නෙ නෑ….ඇයි දෙයියනේ, හරක් පාර පුරා ගියාට ලමයා මොනවා කරන්නද…

     
  5. weniwel

    සැප්තැම්බර් 12, 2011 at 6:20 පෙ.ව.

    හරක් ටික නම් අඳුනා ගන්න ඇති සර්වයි ගෝලයවයි දෙන්නවම හොඳට !

     
  6. සසීන්ද්‍ර

    සැප්තැම්බර් 12, 2011 at 9:46 පෙ.ව.

    හඃ හඃ මරු ගුරෙක්නෙ 😀

     
  7. Observer

    සැප්තැම්බර් 12, 2011 at 1:56 ප.ව.

    හෙන්රි, කතාව වගේම චිත්‍රයත් මරේ මරු

     
  8. henryblogwalker

    සැප්තැම්බර් 13, 2011 at 7:49 පෙ.ව.

    @ Everybody: Thanks for the comments. I’m sorry i can’t answer each one of you as I’m in big trouble as my laptop has crashed with blue screen, BSOD. So, I’ve lost all my data and can’t even type in Sinhala as this is a public computer. Thanks again.

     
  9. Ranul Gomas

    සැප්තැම්බර් 13, 2011 at 12:35 ප.ව.

    අර කොල්ලත් හිතුවද දන්නෑ මූ මගේ හරක් ටිකටත් වඩා හරකෙක් කියලා

     
  10. විසිතුරු | visituru

    සැප්තැම්බර් 17, 2011 at 11:45 පෙ.ව.

    චිත්‍රයත් කතාවත් සුපිරි! ඩයස් මහත්තයාගේ තව තව කතන්දර ඒවි වගේ. හැබෑටම ඔය හරක් ‍රැළ අඳුරගන්න ඇති තමන් දක්කන එකාගේ ගුරුතුමා තමයි කියලා!

    – විසිතුරු | visituru –

     
  11. මකුළු පැංචි

    සැප්තැම්බර් 18, 2011 at 5:04 ප.ව.

    හනේ ඇත්තට මෙහෙමත් ගුරෙක්… 😛

     
  12. ඕනයා (දුලිප් සිකුරාජපති)

    සැප්තැම්බර් 19, 2011 at 12:43 පෙ.ව.

    ඇත්තටම හෙන්රි . . . . හරක් ටික ඔයාව අඳුනගත්තද ????

    ප.ලි.
    චිත්‍රෙ නං ෆංකාදු පහයි ඈ . . .

     
  13. indika

    සැප්තැම්බර් 19, 2011 at 2:54 ප.ව.

    HIk Hik, නියම කතාව!!

     
  14. henryblogwalker

    සැප්තැම්බර් 20, 2011 at 7:55 පෙ.ව.

    @ නඳුන් උයන: ස්තුතියි මේ පැත්තෙ ආවටයි ප්‍රතිචාරයටයි දෙකටම.
    @cartothilakasiri: නැතුව නැතුව. ඔබ වහන්සෙත් එහෙමනෙ.
    @චතුරිකා: ස්තුතියි චතුරිකා.
    @වෙනි: මාත් හිතනවා.
    @සසීන්ද්‍ර: අනේද කියන්නෙ: ස්තුතියි සසී.
    @ඔබා:ස්තුතියි ඔබා. මට දැන් චිත්‍ර රසිකයෙකුත් ඉන්නවා.
    @රනුල්: හායි රනුල්. වෙන්න ඇති, වෙන්න ඇති
    @ මන්චි: හායි මන්චි. ස්තුතියි.
    @ ඕනයා: මම හිටියෙ ඇතුල ඕනයො හොඳ වෙලාවට.
    @ ඉන්දික: ස්තුතියි ඉන්දික.

     
  15. Chamikara Liyanage

    සැප්තැම්බර් 29, 2011 at 5:19 ප.ව.

    hihihii

     
  16. පූසා

    ඔක්තෝබර් 21, 2011 at 12:16 පෙ.ව.

    ඉතිං අල්ලං ගැහුවේ නැද්ද ඩයස්ට? 😀
    අඩේ ඒක නෙමෙයි හෙන්රි අයියණ්ඩි චිත්‍ර ගුරෙක්දැ? මරුවට චිත්‍ර අඳීනවනේ!

     
  17. ලොකු පුතා

    නොවැම්බර් 9, 2011 at 2:22 ප.ව.

    මේකනම් පට්ටය….
    ඩයස්ගේ ඉගැන්නිල්ලයි(කොල්ලන්ට) කොල්ලගේ ඉගැන්නිල්ලයි(හරක්ට) එකකට එකක් දෙවැනි නැහැ වහේ…
    මේවා දැකල බඩ අල්ලගෙන හිනා.

     
  18. Hasitha Chamikara Gunasinghe

    ජූනි 12, 2012 at 12:52 ප.ව.

    මේවා නම් අමූලික පට්ටපල් මඩ කතා වගේ 🙂

     
  19. iamdeejay

    ජනවාරි 16, 2013 at 9:15 පෙ.ව.

    ඩුඩ්,

    මේ පොස්ට් එකටත් මම කමෙන්ට් කරලා නැති බව දැන ගත්තේ ඩෙනිම හරහා මෙකට ආපුවාම.

    ඔයාට මතකයිනේ අපේ චුටී පුතාත් මාස තුනක වැනි කෙටි කාලයකට ලංකාවේ කොළබ තියෙන ජාතික පාසැලක ඉන්ගිලිෂ් මිඩියම් එකෙන් ඉගෙන ගන්න ගියාම ඒ ඉස්කෝලෙ ගුරුවරුන් ළමයිට කතා කරන විදියයි තර්ජනය කරන හැටියි දැකලා එයා කිව්වා අනේ මට නම් බෑ මෙහේ ඉන්න අපි ආපහු යමු කියලා. අදටත් අපේ චුටී පුතාට ඒ ගුරුවරුන් ගෙ කතාව හා දඩුවම් දිම නයිට් මෙයාර් එකක්. මොකද මෙහෙදි කිසිම ශිෂයකුට දඩුවම් කිරිම තියා වචනයකින් සැර කිරිමත් සම්පුර්ණයෙන්ම තහනම්නේ.

     

විසිතුරු | visituru වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න