RSS

19. ඩයස් 2 – “මෙන්නෙ මෙව්ව තමයි දෙන්නෙ.”

19 Sep

මේ තව ඩයස් කතාවක්.

එක ගුරුවරයෙක් පන්තියෙං ගිහිං අනිත් ගුරුවරයා එනකල් පොඩි නිදහස් වෙලාවක් තියෙනවනෙ. ඔය වෙලාවට තමයි ළමයි කලු ලෑල්ල මකන්නෙ. ඔය  කලු ලෑල්ල මැකිල්ලත් අනිත් උන්ව හිනස්සන ආකාරයට කරන්න පුලුවන් විකට ශිල්පියො ඉන්නවනෙ පන්ති වල. ඩයසා ලමයින්ට දඬුවම් දෙන ගුරුවරයෙක්. ඉතින් ඩයස් නෝට් කරල තියෙනවා නිතරම වගෙ එයා පන්තියට යනකොට එක පන්තියක බෝඩ් එකේ ‘ගු’ යන්නකුයි ‘ටි’ යන්නකුයි ඉතුරු කරලා ඉතුරු ටික මකලා තියනවා. ඩයසා ඕක නොදැක්ක ගානට කීප දවසක් ඉඳලා. මූ බෝඩ් එක දිහාට හැරෙන කොට පොඩි හිකි හිකියකුත් එනවා.

එදා පන්තියට එනකොට මූ ඇත තියාම නෝට් කරල එදත් බඩු තියෙන බව.  ඩයසා ගිහිං බෝඩ් එක ඉස්සරහ පන්තියට මුහුණ දාලා හිටගෙන දුන්න පොඩි දේශනයක්.

“… මේකෙ ඉන්නව ටිකක් ගානට වැඩි එවුං කීප දෙනෙක්. අහු වෙන්ඩෙපා මට…”දැන් කමිස අතත් පොඩ්ඩක් උඩට ඇදලා. අත මිට මොලවලා මාපට ඇඟිල්ල උරහිසට උඩින් කලුලෑල්ලදිහාට දික්කරලා කිව්වා, “මෙන්නෙ මෙව්ව තමයි දෙන්නෙ.” කියල.

මුගෙ ටැක්ටික් එක වුනේ කලුලෑල්ලෙ තියෙන ගුටි කියන වචනය පාවිච්චි කරලා කොල්ලන්ටම සත්තම දාන්න. නැත්නම් ඌරගෙ මාළු ඌරගෙ පිටේම තියලා කපන්න.

නමුත් මුලු පන්තියම එක හඬින් බක බක ගාල හිනා වුනා. දැන් හොල්මන් ඩයසමයි. ඩයස හෙමීහිට ඔලුව කරකවලා කලුලෑල්ල දිහා බැලුවා මොකද අප්සෙට් එක කියලා. මල කෙලියයි. එදා ඉතුරු කරලා තියෙන්නෙ ‘ගුටි’ නෙවෙයි. ‘ගූ’ කියල විතරයි. ඩයසත් ඇරියෙ නෑ. ආපහු පන්තිය දිහාට හැරිලා,“හරි! ඕව යන්ඩ තමයි දෙන්නෙ!” කියලා යන්තම් වැඩේ ගොඩ දා ගත්තා.

 

ටැග: ,

14 responses to “19. ඩයස් 2 – “මෙන්නෙ මෙව්ව තමයි දෙන්නෙ.”

  1. henryblogwalker

    සැප්තැම්බර් 19, 2011 at 12:07 ප.ව.

    First comment is from me. Luckily, I had saved this post as a draft the night before my laptop crashed with the famous Windows BSOD (Blue Screen OF Death) which left me stranded as a blogger. If anyone knows a way around this BSOD syndrome, please make a comment on that, too. I’ve already tried everything I found on the internet. The processor is heating up unusually which could cause this problem, perhaps the dust build up. Can’t open up the bottom lid because one screw is under the warranty sticker.

     
  2. Observer

    සැප්තැම්බර් 19, 2011 at 2:21 ප.ව.

    හෙන්රි, පොඩි විසඳුමක් ඊමේල් කළා, ඉන්බොක්ස් එක චෙක් කොරල බලන්න. උත්තරයක් ඊමේල් මගින්ම එව්වොත් වඩා හොඳය්

     
  3. Observer

    සැප්තැම්බර් 19, 2011 at 2:22 ප.ව.

    ෂුවර් එකටම අන්තිම පේලියෙ එව්වො තමා බෝර්ඩ් එක මකනව ඇත්තෙ

     
  4. weniwel

    සැප්තැම්බර් 19, 2011 at 2:27 ප.ව.

    ඩූඩ් කතාව නම් එල ! හපොයි මමනම් ඔය චූටි චූටි පීසී වැඩ කර ගත්තට BSOD වලට විසඳුම් දන්නෙ නැහැ..

     
  5. indika

    සැප්තැම්බර් 19, 2011 at 2:52 ප.ව.

    hammoooo..ela ela!

     
  6. ඕනයා (දුලිප් සිකුරාජපති)

    සැප්තැම්බර් 19, 2011 at 4:45 ප.ව.

    මට මතක් වෙන්නෙ ටීචර් කෙනෙක් “ඇටසැකිල්ල” ගැන උගන්නපු හැටි.

     
  7. විසිතුරු | visituru

    සැප්තැම්බර් 19, 2011 at 5:00 ප.ව.

    මට නිකම් මැවී පෙනෙනවා වගේ ඔය දෙනවයි කියපු ජාතිය ඩයස් මහත්තයා දෙනවා !

     
  8. hirunijayawardenehiruni

    සැප්තැම්බර් 19, 2011 at 6:28 ප.ව.

    චිකේයියා….මම ඔය පන්තියේ හිටියා නම් හිනා වෙලාම පන යනවා.බ්ලොග් වෝකර් ඔයාගේ laptop එක ඉක්මනටම හදා ගන්න ලැබෙන්න කියලා අපි ඔක්කොමලා පරාර්තනා කරනව! [ අකුර හොයා ගන්න බැරි වුනා, හිහ් හිහ් හිහ්]

     
  9. henryblogwalker

    සැප්තැම්බර් 20, 2011 at 7:40 පෙ.ව.

    @හැමෝටම: ස්තුතියි ප්‍රතිචාර වලට.
    @ඔබා: ස්තුතියි ඔබා. ඔව් ඔව් අනිවා.. අන්තිම පේලියෙ එවුන් වෙන්න ඕනෙ.
    @වෙනි: ඒක හරි වෙනී. අපි මොනව හරි කරගන්න බලමුකෝ. එතකල් නංගිලාගෙ අත් අල්ලන්න ගිහින් කුට්ටම නැති කරගන්නැතුව ඉන්නකෝ.
    @ ඉන්දික: ස්තුතියි ඉන්දික.
    @ ඕනයා: ෂහ්. ඇටසැකිල්ල මගෙත් ප්‍රියතම කතාවක් තමයි.
    @ හැක් හැක්. I don’t give any shit. I don’t take any shit. Simply I’m not in shit business!!
    @ හිරුණි: ස්තුතියි. ප්‍රාර්ථනා, කැපිටල් ටී ගහන්න “praarThanaa”

     
  10. ගෝල්ඩ් fish

    සැප්තැම්බර් 20, 2011 at 9:03 ප.ව.

    අයියා කියන විදියට නම් ඩයස්ගේ තව කතා රැසක් තියෙන්න ඕනේ…

    මාර පොරක්නේ මෑන්…

     
  11. jayasri jayakody

    සැප්තැම්බර් 22, 2011 at 3:33 ප.ව.

    dude, oya Nalande teacher kenek da?

     
  12. henryblogwalker

    සැප්තැම්බර් 24, 2011 at 5:55 ප.ව.

    Dude, this was when i was teaching in Ampara. I never was a teacher at Nalanda, only a student. Thanks for the comment.

     
  13. ලොකු පුතා

    නොවැම්බර් 9, 2011 at 2:13 ප.ව.

    ගුරු රස කතා… අපුරුයි.

     
  14. Hasitha Chamikara Gunasinghe

    ජූනි 12, 2012 at 12:51 ප.ව.

    ඩයසා තැනේ හැටියට ඇණ දෙකක්ම ගහලා වගේ🙂

     

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

 
%d bloggers like this: