RSS

20. මෙම්බර්ස්ලට විතරද අයියා රෙ#@ බර හැදෙන්නෙ?

24 Sep

මේක ජෙනියා කිව්ව කතාවක් කිව්වට වැඩක් නෑ මොකද කොමෙන්ට් දාන බුවාලා අනිවා කියන්නෙ ඕක මට වෙච්ච වැඩක් කියලනෙ. අනික උඹ කොහොමද ඔච්චර විස්තර දන්නෙ ඕක උනේ උඹට නෙවෙයිනම් කියලා කියන්න කී දෙනෙක් කටවල් මැදගෙන බලාගෙන ඇත්ද?

කමක් නෑ ඕනෙ එකක්.

මෙන්න කතාව.

කෂ්ටිය ෂොපිං පාරක් දාලා, ‍තෝසෙ කඩයකුත් වන්දනාමාන කරගෙන, කො‍ටුව හරහා ඇවිදගෙන යනවා. මේ ‍තෝසෙ වලත් තියෙනවනෙ ආවේනික ගති ලක්ෂණ. තිබහ වෙන එකේ ඉවරයක් නෑ. වතුර බොන්න බොන්න පිපිලා එනවා. ඉතින් අන්තිම කෝක් බෝතලේ අන්තිම උගුරත් කටට හලාගෙන, වටේ යන කැහි කූරකින් දුම් උගුරකුත් ඇදපු ටින්ටිනාට තේරුනා බඩ දැන් ටික වෙලාවක ඉඳලා අමුතු විදියට ගුරු ගුරු ගාන බව. තවත් සෑහෙන වෙලා ඇවිදිනකොට තත්වෙ එන්න එන්නම භයානක වෙන බව තේරුන ටින්ටිනා බැරිම තැන මේක අනිත් උන්ටත් කිව්වා.

දැන් කවුරුත් බැලුවේ ටොයිලට් එකක් හොයාගන්නෙ කොහොමද කියලා. මිලර්ස් එක ඉස්සරහ පොලොව යට තියෙන එකට නම් කලිසමේ බඩු ගියත් යන්න බැහැ කියලා ටින්ටින් අවධාරණය කලා. දැන් කෂ්ටියම ටින්ටිනාට බොගක් දාන්න තැනක් හොය හොය ඇවිදිනවා. ටින්ටින් දැන් ඇවිදින්නෙ ඇදේට ඇදේට. කකුල් දෙක බයිසිල්කල් ස්ටැන්ඩ් එකක් වගෙ උඩින් ලං වලා යටට යන්න ඈත්වෙලා

ජෙනියා කියනවා,  “මචං, මම නං ඔයවගෙ වෙලාවට කරන්නෙ අත මිට මොලවලා පු*# හොඳවයින් පාරක් දෙන එක. කොරලා බලපං බෙ$# බය වෙනව ටික වෙලාවකට.”

ජෙනියා කිව්වෙ ෆුල් සිරාවට. මාත් පස්සෙ ඕක අත් හදා බලල තියෙනව. (Copyright © Jeniya’s Theory Of Stunning Intimidating And Temporary Forced Retreating of Shit). අනේ, විශ්වාස කරපල්ල ටින්ටිනා අත මිට මොලවලා තමන්ගෙ පශ්චාත් භාගයට දුන්න පාරක් කොරවෙන්න.

“මචෝ ඕනෙවට වඩා හයියෙන් ගහන්න එපා. බෙ*ටෙ ඔලුව තැලෙයි.”

“ඔලුව තැලෙන්න තමයි ඩෝ ඕනෙ. එතකොට ප්ලග් එක ගැහුව වගෙ ටිකක් වෙලා අල්ලන් ඉඳී”

“ඒ වැඩේ හරියන්නෙ නෑ දැනටම දිව දාල නම් තියෙන්නෙ. ටින්ටිනෝ දිවදාල වගෙද දැනෙන්නෙ?”

ප්‍රබුද්ධ අදහස් ගොන්නයි.

“මෙහාට දිය ඔය සිගරට් එක.” එකෙක් ටින්ටිනාගෙ සිගරට් එක උදුරගන්න ගමන් කියනවා.” යකෝ සිගරට් බොන්න එපා බොගක් ටයිට් වෙලා තියෙන වෙලාවට, පු# ‍රැවටෙනවා.”

දැන් ටින්ටිනාගෙ තත්වය එන්න  එන්නම භයංකාර වේගනයි එන්නෙ. මූට දාඩිය දාලා. කොන්ඩෙ එකට ඇලිලා, තොල කට වේලිලා, මූණ  සුදුමැලි වෙලා.

“Desperate measures for desperate times” කිව්වලු.

ඔන්න එතකොටම ජෙනියට මතක් වුනා මූ කාලයක් ජුඩෝ ක්ලාස් ගිය අකුරු හතරෙ බිල්ඩිම!!

“හුරේ , ආබාදයක් නෑ. උඹ බයවෙන්න එපා ටින්ටින්. වරෙල්ල යන්න අකුරු හතරෙ බිල්ඩිමට. ඒකෙ තියෙනව නියම ටොයිලට්. මං දන්න සෙක්කොත් ඉන්නවා.”

කෂ්ටියම ඕවර් ඩ්‍රයිව් එකට දාල විද්දා අකුරු හතරෙ බිල්ඩිමට. ඔන්න ඉන්නවා ඉස්සරහම මේසයක් තියාගෙන සිකියුරිටි අයියලා දෙන්නෙක්ම. කෂ්ටිය බෑගුත් එල්ලගෙන දඩි බිඩි ගාලා ඇතුලට යන්න යනවා දැක්ක ගමන් එක සිකියුරිටි පොරක් ආචාර කලා.

“ඒයි මල්ලිලා, කොහෙද යන්නෙ ගෙදර  යනවා වගේ?”

ජෙනියා දන්න සෙක්කා නම් නෑ වගේ. කොහොමත් මූ දක්ෂයි සම්බන්ධීකරණ කටයුතු වලට.

“අයියෙ මේකයි. ටොයිලට් එකට යන්නයි බැලුවෙ.”

එතකොට එතන හිටපු වයසින් වැඩි සීනියර් සිකියුරිටි බුවා  කියවන්න ගත්තා. “මේක පබ්ලික් ටොයිලට් එකක් නෙවෙයි. පාරෙ යන හැමෝටම මේකට යන්න බෑ. මහත්තුරු අපිටයි බනින්නෙ”

දැන් ටින් ටිනා අධි වේගයෙන් ලොබියේ එහෙට ඇවිදිනවා මෙහෙට ඇවිදිනවා වයින් කරපු සෙල්ලම් බඩුවක් වාගෙ.

“හරි අයියෙ අපි ඔක්කොටම යන්න ඕනෙ නෑ. අපේ අර යාලුවට විතරක් පොඩ්ඩක් ගිහිල්ල එන්න දෙන්නකො, පව්නේ!”

දැන් තරුණ සෙක්කා කිව්ව,” මල්ලි මට තේරෙනවා, නමුත් මේ ටොයිලට්ස් මෙම්බර්ස්ලට විතරයි. ඒකයි ප්‍රශ්නෙ.”

එතකොටම ටින්ටිනා බ්‍රාස් ගාල ගැහුවා බ්‍රේක්.

“මොනාද අයියා”, ටින්ටිනාගෙ උච්ච, ඇඬි බර, කටහඬ වෙවුලුවා. “මෙම්බර්ස්ලට විතරද අයියා රෙ*% බර හැදෙන්නෙ?”

කාටවත් හිනා ගියෙ නෑ.සෙක්කගෙ ගල් හිත උණු වුනා.

“ම්හ්, මල්ලි එහෙනම් ටක් ගාල ගිහිල්ල එන්න. අනිත් අය මෙතන ඉන්න..”

ටින්ටිනා එකතැන පික් අප් කරලා ටොයිලට් දිහාට අතුරුදහන් වුනේ පත්තු කරපු අහස් කූරක් වගෙ. විශ්වාස කරනවා නම් විශ්වාස කරන්න ඔය ඔක්කොම කලබලේ අස්සෙ  මූ ලයිටර් එකකුයි සිගරට් එකකුයිත් ලෑස්ති කරගෙන ඉඳලුනෙ ඔය වැඩේ නියමෙට කරන්න.

DISCLAIMER: මේ කතාවට හෙන්රිබ්ලොග්වෝකර්ගේ කිසිම සම්බන්දයක් නොමැති බව ලෝකවාසී ජහමනයාට ගෞරව බහුමානයෙන් යුක්තව ප්‍රකාශ කර සිටිමි.

 

ටැග:

25 responses to “20. මෙම්බර්ස්ලට විතරද අයියා රෙ#@ බර හැදෙන්නෙ?

  1. විසිතුරු | visituru

    සැප්තැම්බර් 24, 2011 at 7:49 ප.ව.

    අනේ මන්දා! ඔහොම කිවුවට මට නම් හිතෙන්නෙම හෙන්රි මහත්තයාටම වෙච්ච වැඩක් කියලයි. ඔහොම දරුණු විදියෙ අවශ්‍යතා මටත් ඇති වෙලා තියෙනවා. ඒ හින්දා ටින් ටින් ගෙ හැඟීම තේරෙනවා හොඳට!

     
  2. uwiniran

    සැප්තැම්බර් 24, 2011 at 8:07 ප.ව.

    රෙන්න බර තිබුනට ……..
    දුවගෙන ආපු පලියට…….
    හැමතැන කැත නොකර…….
    රීලා පලයන් හිතේ හැටියට…………..

    ඔන්න ඔහොම කවියක් ඉස්සර අපි ගිය පන්සලක වැසිකිලියෙ දොරක ඇතුල් පැත්තෙ ගහල තිබ්බා

     
  3. hirunijayawardenehiruni

    සැප්තැම්බර් 24, 2011 at 9:26 ප.ව.

    cheeeeeya!!!!!!!!!!!!!!

     
  4. Weni

    සැප්තැම්බර් 24, 2011 at 10:55 ප.ව.

    ඕන්න ඔය වෙලාවට තමයි ඉතින් පුකේ තියෙන ආඩම්බර බලන්න වෙන්නෙ !

     
  5. ravi

    සැප්තැම්බර් 25, 2011 at 1:06 පෙ.ව.

    මොනවා උනත් මේක ලියපු බුවාට තමන්ට වුනු සිද්දියක් වෙන කෙනෙකුට උනා වගේ ලියන්න මාර හැකියාවක් තියනවා. එල ඈ.

     
  6. Observer

    සැප්තැම්බර් 25, 2011 at 5:04 පෙ.ව.

    අත් දැකීමෙන් කියන්නෙ, ටෝය්ලට් එක ලං වෙන්න, ලං වෙන්න, අර දිව එලියට දාන්න එන එක වෙන්න චෑන්ස් එක වැඩිය්

     
  7. පන්සල් හංදිය

    සැප්තැම්බර් 25, 2011 at 12:03 ප.ව.

    හිහ් …. හිහ් ……

     
  8. ඕනයා (දුලිප් සිකුරාජපති)

    සැප්තැම්බර් 25, 2011 at 7:55 ප.ව.

    හික් හික් . . . .ගොඩාක් කතා මතක් උනා .. . . මේ එකක් විතරයි . . . .

     
  9. Gaminie

    සැප්තැම්බර් 27, 2011 at 10:43 පෙ.ව.

    This has happened to me hundred times …

     
  10. නවම්

    සැප්තැම්බර් 27, 2011 at 1:26 ප.ව.

    එහෙම කියල මාරුවෙලා යන්නෙ කොහොමයි මේකනම් බොට වෙච්ච සංගෙදියක්ම තමයි. අර බොග බයකරන තියරිය මගෙ කල්පනාවෙ හැටියට අපි ඉස්කෝලෙ යන කාලෙත් තිබුනද කොහෙද.

     
  11. thilakasiri abhayawardhane

    සැප්තැම්බර් 27, 2011 at 11:20 ප.ව.

    නම පරසිඳු මෙවිදුහලේ
    හුxx පොලක් නාද්ද බොලේ
    බැදන් වහින මෙවන් කලේ
    හුxx බරේ බිxx පැලේ

    “කොළඹ සරසවියේ බිත්තියක ලියැවී තිබුනකි “

     
  12. henryblogwalker

    සැප්තැම්බර් 29, 2011 at 6:22 ප.ව.

    @විසිතුරු: කොහෙද කිව්වට අහන්නෑනෙ.
    @යුනිරුවන්: මාත් දැකල තියනවා. හැබැයි මම නෙවෙයි ඕක නම් ලිව්වෙ.
    @හිරුනි: මේක කාටත් වෙන්න පුලුවන් දෙයක්.
    @වෙනි: මොනවද වෙනී, අපි කොච්චර ආඩම්බර බලනවද ඔය කට්ටියගෙ.
    @රවි: කොහෙද කිව්වට අහන්නෑනෙ. ස්තුතියි රවි.
    @ඔබා අයියා; ඔන්න අත්දැකීමෙන් කියෙන්නෙ. අත් දැකීම් කියන වචනෙ හරිද මන්දා
    @පන්සල් හන්දිය: ස්තුතියි.
    @ඕනයා: හික්ස් එල. ස්තුතියි ඕනය. ඒක නෙවෙයි මොකද ලියන්නෙ නැත්තෙ?
    @ගාමිණී: ඇයි බං මටත් එහෙමයි.
    @නවම්: අනේ මුන්ට කොච්චර කිව්වත් පිලිගන්නෙ නැති හැටි. අර තියරියට කොපිරයිට් ගත්තද? මම ඊගාවට දාන්නම්කො මට වෙච්ච දෙයක්
    @තිලකයා: එල මචං එල.

     
  13. අවංක පැට්ටා

    ඔක්තෝබර් 6, 2011 at 10:38 පෙ.ව.

    කියවද්දි මටත් හිතෙන්නෙම මේක ටින්ටිනාට උනදෙයක් හැටියට නෙවෙයි..

    @ Weni පුකේ ආඩම්බර බලන්න පුලුවන් කෝපි බිව්වනම්.

     
  14. වසුන්දරා

    ඔක්තෝබර් 13, 2011 at 10:10 පෙ.ව.

    මං අදුරන අයියා කෙනෙකුට පොඩි ලෙඩක් තියෙනවා..හොදට ඇද පැළදගෙන ගෙදරින් එලියට බැහැල ලොකු ගමනක් යන්න මගක් දුර යනකොටම ඔය අවශ්‍යතාවය ඇතිවෙනවා.. ඉතින් දවසක් මෙහෙම බස් හෝල්ට් එකට අවාම ඔන්න අර ලෙඩේ මතු උනා.. ලගම තියෙන කඩේකට ගිහිල්ල.. ටොයිලට් එකක් තියෙනවද කියල අහල .. ඉතින් මුදලාලිත් ටොයිලට් එක පෙන්නලා ..වැඩෙත් කරගෙන ඇවිල්ල.. තවත් දවසක අර බස් හෝල්ට් එකේ ඉද්දීම ඔන්න ආයෙම අර ලෙඩේ මතුවෙලා.. දැන් දන්න තැනකුත් තියෙනවා නේ එක නිසා ටක් ගාල අර කඩේටම ගිහිල්ල.. මුදලාලියත් ඉන්නවලු.. කෙස් එකක්ම නෑනේ කියල.. ගිහින් අහල ටොයිලට් එකට යන්න පුලුවන්ද කියල.. මුදලාලි කියල..” මෙහෙ ටොයිලට් එකක් නැහැ” කියල..

     
    • henryblogwalker

      ඔක්තෝබර් 13, 2011 at 10:36 පෙ.ව.

      ස්තුතියි වසුන්දරා. ඕක අඩු වැඩි වශයෙන් මටත් තියෙනවා. ඕකට කියන්නෙ I.B.S =Irritable Bowels Syndrome කියලා. ගමනක් යන්න කලින් දෙතුන් වතාවක් ටොයිලට් එක විසිට් කරනවාමයි. ඹට නම අගට දාගන්න උපාදියකුත් නැති හින්ද කල්පනා කලේ henryblogwalker I.B.S.කියලා වත් දාගන්නවද කියලා.

       
  15. හැලපයා

    ඔක්තෝබර් 21, 2011 at 11:28 පෙ.ව.

    මොනා උනත් හොද සික්කෙක්

     
  16. කේවට්ටයා

    ඔක්තෝබර් 29, 2011 at 9:29 පෙ.ව.

    කෝපි එකක් බීල ටොයිලට් ගිය වෙලාවට මට මතක් වෙන්නෙම මේ සින්දුව…

    “ඉස්සර වගෙ නෙවෙයිනෙ හරි ආඩම්බර නේ….”

     
  17. kathandarakaraya

    ඔක්තෝබර් 29, 2011 at 1:21 ප.ව.

    මාත් කොටුවේ තියෙන අකුරු හතරේ බිල්ඩින් දෙකේම ජූඩෝ ක්ලාස් ගිහිං තියෙනවා. හැබැයි, ඕනෑ තරං ටොයිලට් තිබුණු බවයි මතක.

     
  18. ලොකු පුතා

    නොවැම්බර් 9, 2011 at 2:10 ප.ව.

    මටත් ඔය වැසිකිලි ප්‍රශ්නේනම් හරියට තියෙනවා
    පොඩ්ඩක් හරි අවුල් දෙයක් කෑවද, බඩුම තමයි
    මේ ලෙඩේ පිහිටෙන් මම රට වටේම වගේ තියෙන පොදු වැසිකිළි ටික හොඳ හැටි අඳුරනවා
    ඒ වගේම හොඳ වැසිකිළි තියෙන කඩ මොනවද කියන එකත් මීටරේ තියෙනවා…🙂

     
  19. නරකයා

    නොවැම්බර් 10, 2011 at 9:11 පෙ.ව.

    මැක්සා කතාව…. මරුවට ලියනවා…… අද ඉඳං පස්සෙන් එනවා…

     
  20. kavikaari

    මැයි 21, 2012 at 2:56 ප.ව.

    ගලදාරියට හිල්ටන් එකට හෝ ඉන්ටකොන්ට් යන්න තිබුනනෙ? ඉස්සර පැගෝඩත් තිබ්බ ඔයහරියෙ. මට උනා නං යන්නෙ එහෙට තමා

     
    • henryblogwalker

      මැයි 21, 2012 at 9:52 ප.ව.

      ඒ දැන්නෙ කවිකාරි. අපි මේ කොල්ලො කාලෙ අපේ මැරෑටි මූණවල් එක්ක මොන තරුපහේ හෝටල්ද. අනික අපි ‍තෝසෙ කඩේකට ගියත් වේටර්ල කල්පනාවෙන් ඉන්නෙ අපි මොනවහරි උස්සයි කියලාවගේ.🙂 කොල්ලෙකුට තියෙන සැලකිල්ලයි කෙල්ලෙකුට තියෙන සැලකිල්ලයි හාත්පසින්ම වෙනස් සෙක්කන්ගෙ වුනත්. අපිට නෝ චෑන්ස්!😦

       
  21. හංසකිංකිණි

    අගෝස්තු 24, 2012 at 2:08 ප.ව.

    /මිලර්ස් එක ඉස්සරහ පොලොව යට තියෙන එකට නම් කලිසමේ බඩු ගියත් යන්න බැහැ කියලා ටින්ටින් අවධාරණය කලා./
    ඇයි අයියෙ ටින්ටිනා ඒකට යන්ඩ බෑයි කිව්වෙ?? ( මේ ප්‍රශ්නය අසන ලද්දේ බ්ලොග්වෝකර් අමාරුවේ දැමීමේ පරම පිවිතුරු චේතනාවෙනි)

     

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

 
%d bloggers like this: