RSS

21. පලුප්පු මාතියා.

29 Sep

බලංගොඩ කුලී නිවසේ ඉස්තෝප්පුවෙ බිම පෙරලිලා ටෝච් එක කෑලි කෑලි වලට ගලවමින්  හිටිය කුඩා හෙන්රිබ්ලොග්වෝකර් ටෝච් බල්බ් එක කටේ දාගත්තෙ මොන එකකටද කියන දෙයියෝ තමයි දන්නෙ. කොහොම හරි බල්බ් එක දිවෙන් පෙරලමින් ටෝච් එකේ පිටිපස්සෙ මූඩියේ ස්ප්‍රිං එක එලියට අදින කොටම අත වැදිලා එක බැටරි කෑල්ලක් රෝල් වේගන රෝල් වේගන ඈතට ගියා. බ්ලොග්වෝකරුත් බැටරිය පස්සෙන් රෝල් වේගන රෝල් වේගන ගිහින් බැටරිය අල්ල ගත්තත්, බල්බ් එක තව දුරටත් කටේ නැති බව එක පාරටම තේරුනා.
එත්කොටම ඔතනින් යන්න ආපු අම්මා,
“අයියෝ මේ ලමයා ටෝච් එක කෑලි කෑලි කරලනෙ” කියලා ගේ ඇතුලට  යනකොටම බ්ලොග්වෝකර් කට හඬ අවදි කලා.
“අම්මේ!”
අම්මා නැවතිලා ප්‍රශ්නාර්ථයක් මූණේ තියාගෙන බැලුවා.
“අම්මේ, බල්බ් එක…”
“බල්බ් එක බින්දා?”
“නෑ අම්මෙ, බල්බ් එක ගිලුනා.”
“මොකක්?”
මෙන්න මෙතනෙ ඉඳන් කතාව බ්ලොග්වෝකර්ගෙ වචන වලින්ම.

එතනින් පස්සෙ සිදුවෙච්ච හැම දේම හීනයක් වගෙ. මාව ඇඳේ නිදි කරවලා. ගෙයි මිනිස්සු පිරිලා. තාත්තත් කොහොම හරි ගෙදර ඇවිත්. ඉස්පිරිතාලෙ ගෙනියන්න කලින් නොයෙකුත් ගොඩවදකම්.

“ඔය ලමයට කොහොමහරි කවන්න බාගෙට ඉදිච්ච කෝලිකුට්‍ටු ගෙඩි.  එතකොට ඒකෙ කහට බල්බ් එක වටේ බැ‍ඳෙනවා. එතකොට ලේසියකට බල්බ් එක බි‍ඳෙන්නෙ නෑ.

මම බාගෙට අමු කෙසෙල් ගෙඩි කනවා මතකයි.

“පොඩි එකාට කිරි තේ එකක් හදලා දෙන්න. බඩගිනි ඇති. හැබැයි හොඳට නිවලා. මොකද රස්නෙට බල්බ් එක බි‍ඳෙන්න පුලුවන්.”

ඇල් වතුර වගේ නිවපු කිරි එකකුත් බොනවා මතකයි.

ඊ ලඟ දර්ශනය: මම ඉන්නෙ ඕලුගන්තොට රෝහල් වාට්‍ටුවක. මගෙ ලඟ තනියට නවත්තලා තියෙන්නෙ බොල්තුඹේ මාමා කියන තාත්තගෙ හිතවත් පුද්ගලයෙක්. ඒ මනුස්සය උදේම අතුරුදහන් වෙලා. හැමෝම මිනිහව හොයනවා. තාත්තටයි අම්මටයිත් හොඳටම කේන්ති ගිහින් බැන බැන ඉන්න කොට ඔන්න බොල්තුඹේ මාමා දුවගෙන ආව හති දාගෙන.
“අනේ සර්,” බොල්තුඹේ මාමා කියනවා.  “මම වැසිකිලි යන්න ගෙදර ගියා. මට ඔය වෙන කොහෙවත් එකකට යන්න බැහැනෙ ගෙදර එකට හැර.” ඒ වැඩෙත් මුව හස‍රැලි සාගරෙත් එක්ක සෙට්ල් වුනා.

මට ටොයිලට් යන්න තහනම්. යන එකක් බෙඩ් පෑන් එකට විතරයි. මේක මහ වාතයක් සහ ආත්ම ගෞරවය පිළිබඳ ප්‍රශ්ණයක් නිසා මම ඒකට කැමති වුනේ නෑ. නමුත් එතන හිටපු කාරුණික නයිටිංගේල් සොහොයුරිය, “එහෙම නොකලොත් ගොයියො බඩ පලල තමයි බල්බ් එක ගන්න වෙන්නෙ” , කියලා කතුරක් පෙන්නලා තර්ජනය කලා. මම බඩ පලාගන්නවට වඩා බෙඩ් පෑන් එකට යන එක හොඳයි කියලා වහාම තීරණය කලා.

පස්සෙ “ඉවසීමෙන් සැනසීම ලැබේ”, “උත්සාහවන්තයා ජයගනී” සහ “සොයන්නාට සම්භ වේ” කියන ප්‍රසථා පිරුළු තුන පිලිවෙලින් සැබෑ කරමින් එක් රෝහල් සුළු සේවකයෙක් මනාව පිරිසිදු කර ජීවාණුහරණය කරන ලද දිලිසෙන කිරි කිරි ටොයියෙක් බඳු ටෝච් බල්බයක් ගෝස් කැබැල්ලක් මත තබා, “මෙන්න පුංචි මහත්තයො, බඩුව” යයි කියමින් මට  පිලිගැන්නුවා.

මගේ ආහාර ජීර්ණ පද්ධතිය හරහා නිරුපද්‍රිතව ගමන් කර තිබූ එම බල්බයේ ලෝහ බඳේ සටහන් කර තිබූ වෝල්ට් ගාන නම් මැකිලා තිබ්බා. මේ ඓතිහාසික බල්බය අදත් අපේ අම්ම රෙදි කෑල්ලක ඔතල ඇගේ අල්මාරි ලාච්චුවේ තැන්පත් කරලා තියෙනවා. මේ පාර ගෙදර ගිය ගමන් ඒ බල්බ් එක ඉල්ලගෙන ඡායාරූගත කරලා දැනට දාලා තියෙන පින්තූරය යාවත්කාලීන කරන්න බලාපොරොත්තු වෙනවා.

මේ සිද්ධියෙන් පස්සෙ මගෙ ජනප්‍රියතාව්ය ඉහල ගියා හි‍ටු කියලා. අර බල්බ් එක ගිලපු ලමයා හැටියට විතරක් නෙවෙයි, බල්බ් එක ගිලපු ලමයගෙ පවුලේ අය, බල්බ් එක ගිලපු ලමයා යන්න ඉන්න ඉස්කෝලෙ (එතකොට මම ඉස්කෝලෙට දාල නෑ.), බල්බ් එක ගිලපු ලමයගෙ ගේ ඉස්සරහ තියෙන පල්ලිය, යනාදී වශයෙන් මම සම්බන්ධ හැම දේම නැවත නිර්වචනය වෙන්න ගත්තා. මට සම්මාන දෙන්නත් මගෙ පිලිමයක් බලංගොඩ නගරය මැද්දේ අඹන්නත් කට්ටිය කතා වෙනකොට…

මම හිතන්නෙ හෙන්රිබ්ලොග්වෝකර් මාතෘකාවෙන් පිට යනවා වගේ…. මයික් එක ඉල්ලගත්තා නම් හොඳයි වගේ.

මේ ඔක්කොටම වැඩිය ලොකු අප්සෙට් එක තමයි හෙන්රි බ්ලොග්වෝකර්ගෙ ගේ ලඟ කඩේ අයිති දෙමල මුදලාලි බ්ලොග්වෝකර් දකින ගානේ, “ආ පලුප්පු මාතියා, කෝමද ඉතිං?” කියලා අහන්න ගත්ත එක. බ්ලොග්වෝකර් ඔය කඩේ පැත්ත පලාතෙ ගියේ නොගිහින්ම බැරි වුනොත් විතරයි. පස්සෙ පවුලම ඒ පලාත අතෑරලා බලන්ගොඩම වැලිහරනාව පාරේ පද්ංචියට ගියා.

අර යකා කියලා තියෙන්නෙ පරිප්පු මහත්තයා නෙවෙයි බල්බ් මහත්තයා කියන එක බ්ලොග්වෝකර්ට තේරුනේ අවුරුදු බර ගානකට පස්සෙ.

 

ටැග:

23 responses to “21. පලුප්පු මාතියා.

  1. විසිතුරු | visituru

    සැප්තැම්බර් 29, 2011 at 6:03 ප.ව.

    මටත් පොඩි කාලෙ සත 25 කාසියක් ගිලලා වෙච්ච හදියක්! බහිස්ස්‍රාවීය ද්‍රව්‍ය පරීක්ෂා කිරීම වගේ බරපතල වැඩක් එදා තමයි මුල්ම වතාවට සෙට් වුණේ! කොහොමෙන් හරි අනතුරක් නැතුව කාසිය එලියට ඇවිත් තිබුණා.

     
  2. Weni

    සැප්තැම්බර් 29, 2011 at 6:45 ප.ව.

    ඩූඩ් ..හෆ්ෆේ ඔයින් ගියා මදැයි.අර වොට් ගාන ගහපු අකුරු ටික ආමාශයෙ ප්‍රින්ට් වෙලා ඇති…සියඹලා ඇට, රඹුටං ඇට ඇර වෙන දෙවල් නම් මම ගිලලා නැහැ

     
  3. hirunijayawardenehiruni

    සැප්තැම්බර් 29, 2011 at 7:04 ප.ව.

    හිහ් හිහ්…. අපි නම් ඕය වගේ නොදිරන දේවල් කන්නෙ නැ. අපි කන්නෙ කුරුමිනියෝ වගේ ශරීරයට හිතකර දේවල් විතරයි….කාලම බලන්නකො රහ….

    කර් එකක රෝද දෙකකුත් ගිල්ල, අම්මා බේර ගත්තා…

     
  4. Kondaya

    සැප්තැම්බර් 29, 2011 at 7:21 ප.ව.

    ඕක මොකද්ද බන්, පිළිම ගිලලා යහතින් ඉන්න එවුන් ඉන්න රටේ!

     
  5. Chanaka Aruna Munasinghe

    සැප්තැම්බර් 29, 2011 at 7:39 ප.ව.

    බ්ලොග් එකේ නම වෙනස් කරමු “බල්බ් ගිලපු ළමයගෙ බ්ලොග් එක” කියල

     
  6. ජනරඟ විජඉඳ දේවසුරේන්ද්‍ර

    සැප්තැම්බර් 29, 2011 at 7:45 ප.ව.

    Pissu peekudu wedane karanne

     
  7. Observer

    සැප්තැම්බර් 29, 2011 at 7:52 ප.ව.

    මං නං ඔය වගේ ගොං වැඩ කොරල නැහැ පොඩි කාලෙවත්, පොඩි ඇක්සිඩන්ට් එකක් නං වෙලා තියෙනව කියල අම්ම කියනව මතකය්. මටම දෙන්න උණු කොරන කිරි එක stow එකේ උතුරද්දි ඇදල අරගෙන (පෙරේත කමට කියල ඉස්සර අක්ක නං කියන්නේ) බොන්න ගිහින්, නිවල, බෝතලේට දාල, සූප්පුවක් එහෙම ගහල දෙන්න කලිං. අම්ම ඇඳන් හිටපු ඇඳුම් පිටින්ම මාව උස්සගෙන ළඟ තිබුන Dr. ජයවර්දන අන්කල්ගෙ ඩිස්පෙන්සරියට දිව්වලු. මට මතක වයස අව්. 18 – 20 ක් විතර වෙනකන් පපුවෙ ලොකු කළු පැල්ලමක් තිබුන එක විතරය්. පපුවේ ලොම් එනකොට, පැල්ලම පේන් නැතුව ගියා, දැන් නං ලොමුත් පැහිල

     
  8. NP

    සැප්තැම්බර් 30, 2011 at 2:46 පෙ.ව.

    he he ….🙂

     
  9. uwiniran

    සැප්තැම්බර් 30, 2011 at 5:35 ප.ව.

    මම මේ අපහාස කරන්න හදනවා නෙමෙයි… ලලිත් ඇතුලත්මුදලි මහත්තය නැවක් ගිල්ලා කියන්නෙ ඇත්තද???

     
  10. henryblogwalker

    ඔක්තෝබර් 1, 2011 at 1:27 ප.ව.

    @හැමෝටම: ප්‍රතිචාර වලට ඉතාම ස්තුතියි.
    @විසිතුරු: කිව්ව නම් වෙන සත විසිපහක් දෙනවනෙ.
    @වෙනී: ගිලල බලන්න එපයැ. ඒක නෙවෙයි. අලුත් පින්තූරයක් දාලා වගෙ. වෙනී ඔය මන් කියලා තියෙන පළාත ගැන වෙනී දන්නෙ නැත්ද?
    @හිරුණී: මේක ආරෙට යනවද කොහෙද.
    @කොන්ඩයා:පිළිම ගිල්ලට බඩේදි පුපුරන්නෙ නැහැනෙ බං බල්බ් වගෙ.
    @චානක අරුණ මුණසිංහ: හැබෑට මට ඔය ගැන කල්පනා වුනේ නැති හැටි.
    @ ජනරඟ විජ ඉඳ දේවසුරේන්ද්‍ර: තැන්කූ වේවා. ඒක නෙවෙයි ෆට්ට ආතල් නමක්නෙ. ඔයවගෙ මට ඉරිසියා හිතෙන අනිත් නම තමයි ඕනයගෙ නම.
    @ඔබා අයියා: ඔය යුනිරුවන් දීල තියෙන්නෙ උත්තරේ. හික්ස්. ඒක මෝඩ වැඩක් නෙවෙයි තමයි.
    @NP: ස්තුතියි ප්‍රතිචාරයට.
    @uniruwan : ස්තුතියි ඔබාට දුන්න ප්‍රතිචාරයට. හික්ස් ඒක ගැන මම නම් දන්නෙ නෑ.

     
  11. Observer

    ඔක්තෝබර් 1, 2011 at 2:18 ප.ව.

    @ uwiniran,
    මේක කිසි කෙනෙකුට දැන ගන්න නොඅරින රහසක්, ඒ වුනාට uniwaran ට නොකිය බැරි නිසා කියන්නනම්, සොරි පෙන්නංනං.
    පහලින් තියෙන ලින්ක් එකෙන් ගිහින් මගෙ පින්තුරේ බැලුවනං, අඩු ගානෙ මූනේ තියෙන ලොං ටික බැලූවෑකි. හිකිස්….
    http://en.gravatar.com/uncleoba

     
  12. ඕනයා (දුලිප් සිකුරාජපති)

    ඔක්තෝබර් 1, 2011 at 5:28 ප.ව.

    “ලකෙං පුයිට්” කියන්නෙ ඕකට වෙන්ටැ . . .???

     
  13. නවම්

    ඔක්තෝබර් 5, 2011 at 11:02 පෙ.ව.

    වයර් කෑල්ලකුයි බැටරියකුයිත් ගිල්ලනම් කනාමැදිරියෙක් වගේ ඉන්න තිබුන නෙව.

     
  14. වසුන්දරා

    ඔක්තෝබර් 13, 2011 at 10:54 පෙ.ව.

    අර කිව්වා වගේ වයර් කෑල්ලකුයි බැටරියකුයි ගිල්ලනම් හදිසි අවස්තාවලදී උනත් ප්‍රයෝජනවත් වෙන්න තිබුන නේ..

     
  15. ලොකු පුතා

    නොවැම්බර් 9, 2011 at 1:27 ප.ව.

    අයියත් කරලා තියෙන හපන්කම්
    පොඩි කාලේ පොඩි පොඩි බල්බ් ගිල්ල අයියා ලොකු උනාට පස්සේ ටියුබ් ලයිට් කාරිය ගිලින්න නැතුව ඇතිනේ, නේද?

     
  16. Hasitha Chamikara Gunasinghe

    ජූනි 12, 2012 at 12:48 ප.ව.

    ගිනස් වාර්තා පොතටත් යන්න තිබුණා🙂

     
  17. හංසකිංකිණි

    අගෝස්තු 24, 2012 at 2:14 ප.ව.

    මේක හන්ද මං අපේ මල්ලට දීපු ලනුවක් මිනිහ කාල වෙච්ච සංගදියක් මතක් වුණා.. මෙතන ලියන්නෙ නෑ.. ඒක මං ලියනව මගෙ කතා බ්ලොග් එකේ!!!

     
  18. iamdeejay

    මැයි 17, 2013 at 12:08 පෙ.ව.

    ආ!! මම මෙකට ආවා මගේ කමෙන්ට් කොපි කරගෙන ගිහින් ‘මගේ ඩෙනිමෙ’ අලවන්න , එතකොට තමයි දැක්කේ මම මෙ පොස්ට් එකට කෙම්න්ට් කරලා නෑ කියලා. 😦

     

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

 
%d bloggers like this: