RSS

22. අඹ අඹමයි, ලෙඩ ලෙඩමයි.

01 Oct

දැන් අපි අපේ ළමයින්ට පළතුරු කවන්න පුදුමාකාර සටනක් දෙනවනෙ. එයාලා පළතුරු ඇරෙන්න ඕනැම කෘතිම ආහාරයක් තුන් වේලටම රස කර කර කයි ඉඩ දෙනවා නම්. පොටේටෝ චිප්ස්ද, ෆ්‍රයිස්ද, ටිපි ටිප්ද, කොකා කෝලාද, රෙඩ් බුල්ද ඕනැ එකක් ඕනැ වෙලාවක ඔට්‍ටුයි.

නමුත් පළතුරු අනිවාර්ය කරලා තියෙන නිසා වැඳලා වගෙ තමයි කවා ගන්න වෙලා තියෙන්නෙ. ඇහැ ගහගෙන හිටියෙ නැත්තම් ශීතකරනයෙ හංගන්න බලනවා. කෑ ගැහුවම වෙන විකල්පයක් නැති නිසා, මූණ ඇඹුල් කරගෙන, තිත්ත කසායක් බොනවා වගෙ අප්පිරියාවෙන් ගිල දමනවා. හරියට මම ඉස්සර කරවිල කෑවා වගේ.

නමුත් අපි පොඩිකාලෙ ඕකෙ අනිත් පැත්ත. ඇත්තෙන්ම අපේ අම්මලා, විශේෂයෙන්ම ආච්චිලාගෙ උපදෙස් වලට අනුව, කියුබාවට, උතුරු කොරියාවට වගෙ, අපිට පළතුරු සම්බන්ධව සම්බාධක පනවලා තිබ්බෙ නොයෙකුත් හේතු මත. ඇත්තෙන්ම මිත්‍යා මත වලට අනුව. (Old wives’ tales.)

ජම්බු වැඩිය කන්න එපා: ගිණියමයි/වමනෙ යයි.

රඹුටන් වැඩිය කන්න එපා: ගිණියමයි/උගුරෙ අමාරුව හැදෙයි/කතා කරගන්න බැරුව යයි.

කාමරංගා වැඩිය කන්න එපා: ඉහත හේතූන්මයි.

වරකා වැඩිය කන්න එපා: අම්මෝ දිරවන්නෙ නෑ. බඩ රිදෙන්න ගනී.

ජම්බෝල: හම්මෝ පෙන්නන්නවත් එපා / බඩේ අමාරුව.

අඹ: ඌ.. තුවාලයක් තියෙනව නම් වැඩි වෙනවා. උණ තියෙනවා නම් අල්ලන්නවත් දෙන්න එපා.

පේර: ආපෝ බඩේ අමාරුව. විශේෂයෙන්ම පොඩි අයට ඇට හරී…ම අගුණයි. මං හිතන්නෙ ලමයි මැරිලත් තියෙනවාලු පේට ඇට කාල.

උගු‍රැස්ස: පිස්සුද? ගිණියමයි කියලා දන්නෙ නැත්ද?

ඔන්න ඔය වගෙ. හැම පළතුරටම සම්බාධක. එක්කෝ ගිණියමයි, නැතිනම් සීතලයි. මේ මත පිළිගන්න එවුන් අපිට පස්සෙ පරම්පරාවලත් ඉන්න බව ලැජ්ජාවෙන් වුනත් පිළිගන්න වෙනව.ඉතිං අපි පොඩි කාලෙ පළතුරු කන්න අපි හරි ආසයි. ඉඩ ලැබුනු ගමන්ම ඇරියස් එක්කම දෙනවා වැඩේ.

ඔන්න දවසක් මට උණ ගැනිලා ඉඳලා සනීප වේගන එනවා විතරයි. ගෙදරට කවුදෝ පැණි බේරෙන සුවඳ හමන අඹ පාර්සලයක් ගෙනත් දීල. මම සනීපවෙනකල් හිටියොත් අඹ නරක් වෙන්න පුලුවන් නිසා අනිත් අය අඹ කන්න තීරණය කලා මට නොපෙනෙන්න.  මමත් හරි පෙරේතයි අඹ වලට.කොහොම හරි මට මේක මීටර් වුනා දිව ඇරෙන්න අනිත් ඉන්ද්‍රියයන් ඔක්කොගෙන්ම. ඔව් බොල හමටත් දැනුනා..

අම්මා කිව්වා,“අපි ඔයාගෙ අඹ අරන් තියලා තියෙන්නෙ සනීප වුන ගමන් කන්න,”කියලා.

ඉතිහාසගත වෙච්ච කියමන් දන්නවනේ උඹලා. අපි නම් ඒවට කියන්නේ වයිස්ක්‍රැක්ස් කියලා. නී ල් ආම්ස්ට්‍රෝං කිව්වේ,  ‘මිනිසෙකු තැබූ කුඩා පියවරක්’ ගැන හඳට පය තියපු වෙලාවේ. එතකොට විලියොං හෙල්ල හොලවන්නා කිව්වේ, ‘ජීවිතය රඟ මඬලකි.. ‘ කියලා. තව දු‍ටුගැමුණු රජතුමා කිව්වේ, ‘මාගේ ව්‍යායාමය හුදෙක් රජ සැප පිණිස නොව…’ කියලා. ආන්න වයිස්ක්‍රැක්ස්.

මෙන්න මේ වෙලාවෙ තමයි, ළදරු බ්ලොග්වෝකර් හෙවත් ඩූඩ් ඒ වයසට නොගැලපෙන, දශක ගණනාවක්ම පවුලේ හිට් එකක් වෙච්ච, බ්ලොක්බස්ටර් වයිස් ක්‍රැක් එක අත ඇරියෙ.

හිතේ අමාරුව වැඩි කමටම අහක බලාගෙන, බැරෑරුම්, එහෙත් ඩයිනමයිට් දාලවත් කඩන්න බැරි ගල් හිත්, අපායට ගෙනිච්ච බටර් වගෙ උණු වෙලා වැක්කෙරෙන, හරි පුද්ගලයන්ට ඇහුනානම් කෙලින්ම ඔස්කාර් සම්මාන ලැබෙන, පරාජිත, දුක්බර, බිඳුණු හඬකින්, මම මෙහෙම කිව්වා.

“අඹ අඹමයි, ලෙඩ ලෙඩමයි”© ® All rights reserved.

මේක ඇහුන පවුලේ කට්ටිය ගල් ගැහුනා. කටවල් වෙත ගමන් කරමින් තිබිච්ච අඹ කෑලි, අඹ හපමින් සිටි කටවල් විතරක් නෙවෙයි, කටේ සිට අන්නශ්‍රෝතය ඔස්සේ ආමාශය බලා ගමන් කරමින් හිටි අඹ හප, කටවල් දෙපැත්තෙන් නිකට කරා පෙරෙමින් තිබූ අඹ ඉස්ම, යන මේ හැම දෙයක්ම එහෙමම බ්‍රේක් ගහලා නතර වුනා. කෑලි කපලා කිලෝ ගානට විකුනන්න හැකි නිහඬතාවය යට කරගෙන  වරදකාරී හැඟීම් දෝරෙ ගලන්න ගත්තා.

ටිකකින් සිහි එලවා ගත්ත තාත්තා කිව්වා, “ඔන්න ඔය අඹ ගෙඩියක් දෙන්න ඔය කොල්ලට. අසනීපෙ වැඩි වුනොත් ඉස්පිරිතාලෙ ගෙනියමු,” කියලා.

OBJECTION OVERRULED.

ඊට පස්සෙ කට්ටියම සතුටින් අඹ කෑව.

 

ටැග: ,

20 responses to “22. අඹ අඹමයි, ලෙඩ ලෙඩමයි.

  1. Weni

    ඔක්තෝබර් 1, 2011 at 1:41 ප.ව.

    අපේ ගෙවල් වලිනුත් ඔය නීති රීති සේරම තිබ්බා.. ඒ නිසාමද කොහෙද කෑවෙම එව්වමයි.. කාමරංගා කෑවම කැස්ස හැදෙනව කියනව.. ඒත් කාමරංගා ගහේ ගෙඩි වලින් 90% ක්ම මන් කෑවෙ.. හැදිච්ච කැස්සක් නම් නැහැ..

     
  2. විසිතුරු | visituru

    ඔක්තෝබර් 1, 2011 at 3:43 ප.ව.

    අපේ අම්මලා කියනවා ඒ කාලෙ ගෑනු ළමයින්ට කාමරංගා කන්න වැඩිහිටියො තහන්චි දැම්මා කියලා. අනේ මන්දා කාම-රංගා නමේම පොඩි අවුලක් තියෙනවනේ!

     
  3. uwiniran

    ඔක්තෝබර් 1, 2011 at 3:46 ප.ව.

    උඹ මර්සිය දාලා… කොහොම හරි අඹ කෑව නේද…?

     
  4. ඕනයා (දුලිප් සිකුරාජපති)

    ඔක්තෝබර් 1, 2011 at 4:52 ප.ව.

    Good Food Won’t Hurt You. . . .!!!
    – Chief Vitalstatistix (Asterix the Gaul adventures – Vol. 11 – Asterix and the Chieftain’s Shield)

     
  5. chathuri

    ඔක්තෝබර් 1, 2011 at 7:50 ප.ව.

    coca cola nam hirunita adalai..mokada kiri wenuwata bonneth ewane….onna mama attama kiwwa……………………

     
  6. hirunijayawardenehiruni

    ඔක්තෝබර් 2, 2011 at 4:00 පෙ.ව.

    අනේ අනේ මොලේ!!!! හිහ් හිහ් හිහ්… නියමයි. ඔන්න අපි නම් කොකා කෝලා බොන්නෙ නෑ!!!!!!!!!!!!!!!!!

     
  7. Observer

    ඔක්තෝබර් 2, 2011 at 4:52 පෙ.ව.

    අපි පොඩි කාලෙත් දුර්ලබ පළතුරක් වුන, වර්තමානයේ දකින්නම නැහැ කියන්න පුළුවන් පළතුරක් වන, “නමිනං” ගහක් හූරාකෑමෙන් හැදුනු බඩේ අමාරුවක් සනීප වීමට දින ගණනාවක් ගත වූ බව මතකය්

     
  8. Weni

    ඔක්තෝබර් 2, 2011 at 5:30 පෙ.ව.

    නමිනං සහ ගඩිගුඩා මේ ගස් වලට මොකද උනේ ? කාමරංගා ගෑනු දරුවන්ට දෙන්නෙ නැහැ කියන්නෙ ඇයි ? කාමරංගා නම් ස්ටාර් ෆෘට් කියල දැන් ඕනි තරම් සුපර් මාර්කට් වලින් ගත හැකි. මන් තවමත් ඒ නිසා කාමරංගා කනවා..

     
    • Observer

      ඔක්තෝබර් 2, 2011 at 2:35 ප.ව.

      වෙනි,
      ස්ටාර් ෆ්රුට් කියල සුපර් මාර්කට් වල තියෙන්නෙ ඉම්පොර්ටඩ් ඒවද?

       
      • Weni

        ඔක්තෝබර් 3, 2011 at 1:00 පෙ.ව.

        සාමාන්‍ය ගම වල හැදෙන කාමරාංගා ගෙඩි වලට වඩා ලොකුයි..ඒ ජාතිය ලාංකාවෙත් වැවෙනවා.. මෙහෙ වැවෙන එව්ව තමයි තියෙන්නෙ මම හිතන විදියට

         
  9. ගෝල්ඩ් fish

    ඔක්තෝබර් 5, 2011 at 8:01 ප.ව.

    අයියේ මල මගුලයි යකෝ…. මට පෝස්ට් කිපයක් මිස් වෙලානේ….

    මේ අඹ කාලා උන ගැණුනේ නැතෑ….

     
  10. අවංක පැට්ටා

    ඔක්තෝබර් 6, 2011 at 11:35 පෙ.ව.

    අයියා LR එකේ ඔයාගෙ අවතාරෙට ක්ලික් කරල තමා මේ ඔයාගෙ බ්ලොග් එක හොයා ගත්තෙ.. ඔන්න එහෙනම් අද සිට මේකටත් දැම්ම ෆලෝ පාරක්… 😀😀😀

     
  11. henryblogwalker

    ඔක්තෝබර් 7, 2011 at 8:13 ප.ව.

    @ වෙනි සහ විසිතුරු: මම නම් ඔය ඇහුවමයි. අපේ අම්මල නම් බය ඇඳුන් වල කාමරංගා කහට ගෑවුනාම යන්නෙ නැති නිසා. අනික උගුර රිදෙයි කියලා
    @යුනිරුවන්: මර්සිය නැතුව බෑ වෙලාවකට.
    @ඕනයා: Getafix ඉන්නකල් බයවෙන්න දෙයක් නෑ.
    @ඔබා: සම්පූර්ණ වැරදිවැටහීමක්. අපිට කරවල කන්න ලැබෙන්නෙ ලංකාවට ගියාම කිව්වොත් විශ්වාස කරනවද?
    @චතුරි: ඔය ඇත්තමද?
    @හිරුණි:බොන්න එපා. නරකක් මිස හොඳක් නම් සිද්ද වෙන්නෙ නෑ.
    @ඔබා: ඉතින් මොන එහෙකටද ගහත් හූරගෙන කෑවෙ?
    @වෙනි: ඇයි වෙනි ඔය පබ්ලික් ලයිබ්‍රරි එක ඉස්සරහ තියෙන ගොවිජන සේවා එකෙත් තියෙන්නෙ නමිනං, ගඩුගුඩා සහ ඕනැ එකක්. හැබැයි out of stock වෙලාවල් තියෙනවා.
    @ගෝල්ඩ්‍ෆිෂ්: ඉතින් දැන් බැලුව නම් හරිනෙ. ඒක නෙවෙයි මාලුගෙ බ්ලොග් එක වර්ඩ් ප්‍රෙස් සින්හල ටොප් ටෙන් වල තියෙන බව දන්නවද? මාත් ඒකෙ ඉන්නව උඹට යටින්
    @අවංක පැට්ටා: තැංක් යූ වේවා. ඒක තමයි මට තේරුනා කවුරුහරි ඇඟිල්ලෙන් ඇන්න වගෙ අවංක පැට්ටා අවතාරෙට ක්ලික් කොරනකොට.

     
  12. ගෝල්ඩ් fish

    ඔක්තෝබර් 7, 2011 at 9:48 ප.ව.

    අයියේ කොහෙන්ද අයියේ ටොප් ටෙන් බලන්නේ? මං ඒක දන්නේ නෑනේ….

     
  13. වසුන්දරා

    ඔක්තෝබර් 13, 2011 at 10:56 පෙ.ව.

    එක සැරයක් පොතුත් එක්කම ගල්සියඹල (අම්මෝ මතක් වෙනකොටත් කෙල උනනවා) කාල උණ ගැනුණා.. තව සැරයක් ජම්බු කාල උණ ගැනුණා.. බෙහෙත් ගෙනල්ල පලවෙනි පෙත්ත බොනකොටම කාපුවා සේරම වමනේ යනවා.. ඊට පස්සේ ඉතින් ආපහු ඉතුරුකරන් හංගන් හිටපුව ටික කන්න පටන් ගන්නවා..

     
  14. ලොකු පුතා

    නොවැම්බර් 9, 2011 at 6:24 ප.ව.

    ඉතින් බං අයියේ…
    ඔව්ව දැක්කහම නොකා පුලුවන්ද.
    මමනම් දැනට අවුරුදු 2 ට විතර කලිනුත් ඇට්ටි හැලෙන්න රඹුටන්, ජම්බු, අඹ කාල තියෙනවා. රඹුටන් කාල වමනිත් ගියා දවසක්, ඊට පස්සේ මොනාද දන්නවද කලේ. බඩේ ඉඩ ටිකක් ආවනේ තව රඹුටන් කන්න.
    ඉතින් ආපහු කෑවා.
    තව දවසක් රට ගොරකා(වෙන නමක් දන්නේ නැතෝ) කාල බඩ ගිහින් ගිහින් ඉවරයක්‌ නැහැ. පස්සේ අපේ අම්ම දීපු මහා බලසම්පන්න අත් බෙහෙතකින් තමයි ගොඩ ගියේ.
    මොනවද දන්නවද ඒ… තද තේ කහටෙහි දිය කල ලිපේ අළු
    මේක අපේ මාමෙක් වෙච්ච වෙද මහත්තයෙක්ගේ බෙහෙතක්…

     
  15. kavikaari

    මැයි 21, 2012 at 3:13 ප.ව.

    ඇයි බබ්බු හම්බවෙන්න ඉන්නකොට පැපොල් අන්නසි කන්න දෙන්නෙ නැහැනෙ. මම අපේ ගෙදර තිබුන දානෙකදි 1986 අග අන්නසි හොරෙං කෑව

    දොස්තර කන්න කිව්වට මුං කන්න දෙනවයැ

     
    • henryblogwalker

      මැයි 21, 2012 at 9:45 ප.ව.

      ඒ හොඳ නෑයි කියන්නෙ ගැට අන්නාසියි පැපොල් කිරියිලුනෙ. abortion වලට ගන්නවා කියලනෙ කියන්නෙ. ඒක නිසා ඉදුනු ඒවාටත් බය වෙන්න ඇති කවිකාරි. –

       

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

 
%d bloggers like this: