RSS

23. වැහි වැහැලා වතුර ගලා

07 Oct

මම අර බල්බ් එක ගිලපු ගෙදරම තමයි මේ සිද්ධියත් වුනේ. අපේ ගේ ඉස්සරහ තිබිච්ච පල්ලියට අල්ලපු වත්තෙ තිබ්බ ගෙදර තමයි අන්කල් මැනුවෙල් බෝඩ් වෙලා හිටියෙ. මම හිතන්නෙ එයා මීගමුව කොච්චිකඩේ වාගෙ පලාතකින් ආපු ගුරුවරයෙක්. මම අන්කල්ගෙ අත්සනට හරිම ආසයි. මොකද ඒක තොප්පියක් දාපු මිනිහෙකුගෙ මූනක්. එම් අකුර තමයි තොප්පිය. අන්කල් අපේ පවුලේ ලඟම හිතවතෙක්.

ඔන්න දවසක් හොඳටම වහිනවා. අන්කල් අපේ සාලෙ වාඩි වෙලා නංගිටයි මටයි වැස්සට ගැලපෙන කවියක් කියා දෙනවා.

“ඔන්න පුතයි දුවයි හොඳට අහගන්න…

“වැහි වැහැලා

වතුර ගලා

අපේ මිදුල

වැවක් වෙලා”

මේක කීප වතාවක් කියලා..

“හා දැන් පුතා කියන්නකො ඉස්සෙලම.”

මම කියලා දැම්මා. අන්කල් මගෙ ඔලුව අත ගාලා.

“ආ අයියා බබා නම් හපනා.  දැන් නංගි බබා කියන්න බලන්න…”

ඔන්න නංගි කියනවා

“වැහි වැහැලා

වතුර ගලා

…”

එතනින් එහාට යන්නෙම නෑ. නංගි ප්‍රශ්ණාර්ථ ලකුණක් මූනෙ තියාගෙන අන්කල්ගෙ මූන දිහා බලා ඉන්නවා තව පාරක් ට්‍රයි කලත් ඒ ප්‍රතිඵලයමයි. දැන් කවුරුත් කල්පනා කරනවා ඇයි මේ  ළමයා මෙච්චර සරල කවිය නොකියන්නෙ කියලා.

අන්කල් මැනුවෙල් ටැක්ටික් එක වෙනස් කලා.

v“දූ මාත් එක්ක කියන්නකො,

“වැහි වැහැලා”

“වැහි වැහැලා”

“වතුර ගලා”

“වතුර ගලා”

“අපේ මිදුල…”

ඔන්න නංගි එක පාරටම කියලා දැම්මා.

“ඔයගොල්ලන්ගෙ මිදුල

වැවක් වෙලා”

හැමෝම (මම හැර) බඩවල් අල්ලගෙන හිනාවුනා. බලන කොට ලොජික් ප්‍රශ්ණයක්නෙව  තිබිලා තියෙන්නෙ.

 

ටැග:

12 responses to “23. වැහි වැහැලා වතුර ගලා

  1. Weni

    ඔක්තෝබර් 7, 2011 at 9:35 ප.ව.

    නගා මීටරෙ අයියන්ඩිට වඩා..

     
  2. ගෝල්ඩ් fish

    ඔක්තෝබර් 7, 2011 at 9:44 ප.ව.

    අයියෝ පලුප්පු බබාට වැඩිය නංගි බබා හපනෙක්නේ….

     
  3. hirunijayawardenehiruni

    ඔක්තෝබර් 7, 2011 at 11:38 ප.ව.

    ඇත්තනේ අන්කල්ගෙ මිදුල වැවක් උනාට අපේ මිදුල එහෙම වෙන්නෙ නෑනේ….හිහ් හිහ්

    මේ පොඩි කාලේ කතා වලට අපි හරිම ආසයි….හරිම රසවත්

     
  4. The Lion

    ඔක්තෝබර් 7, 2011 at 11:55 ප.ව.

    අයියට වැඩිය නංගිට මොලේ තියනවා වගේ.එළ එළ නියමයි ………..:D

     
  5. විසිතුරු | visituru

    ඔක්තෝබර් 8, 2011 at 5:04 පෙ.ව.

    ඒකනෙ නංගි බබා අයියට වඩා කොච්චර හිතලා තියෙනවද?

     
  6. Observer

    ඔක්තෝබර් 8, 2011 at 9:57 පෙ.ව.

    ඔය කොමෙන්ට් දාන කෂ්ටිය කියන්නෙ අය්යට වැඩිය නංගිට මොලේ තිබ්බ කියලද?

     
  7. Weni

    ඔක්තෝබර් 8, 2011 at 2:08 ප.ව.

    තවමත් එහෙමමයි කියලද ඔබා අයියා ඔය කියන්න හදන්නෙ ?

     
  8. ඕනයා (දුලිප් සිකුරාජපති)

    ඔක්තෝබර් 8, 2011 at 3:08 ප.ව.

    හුටා . . . . වැරදුනා . . . . මෙන්න මේකයි එන්න ඕනෙ කොමෙන්ට් එක . . .

    “වෙනීගේ යෝජනාව මම ඉස්තිර කරමි”

     
  9. henryblogwalker

    ඔක්තෝබර් 10, 2011 at 11:05 පෙ.ව.

    ආ! බූවලා ඔක්කොම හරී. නංගියා චුටි පෙත්තප්පු කෙනෙක් නොවන බව මෙකෙන් ඔප්පු වෙන්වා. කාටද එතකොට මොලේ තියෙන්නෙ ගැල්ස්ලාට නේද? හැක් … හැක්….හික්…හික්…….

    DJ

     
  10. DJ

    ඔක්තෝබර් 10, 2011 at 6:04 ප.ව.

    ආ! බූවලා ඔක්කොම හරී. නංගියා චුටි පෙත්තප්පු කෙනෙක් නොවන බව මෙකෙන් ඔප්පු වෙන්වා. කාටද එතකොට මොලේ තියෙන්නෙ ගැල්ස්ලාට නේද? හැක් … හැක්….හික්…හික්…….

    DJ

     
  11. වසුන්දරා

    ඔක්තෝබර් 13, 2011 at 11:01 පෙ.ව.

    නංගිලා කොහොමත් මීටර් තමයි..

     

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

 
%d bloggers like this: