RSS

25. කාකි හදවත.

13 Oct

මගේ අතීසාර මිත්‍රයා රංජිත්, බාබර් ලඟට ගියාම ඩබල් චාජ් කරනවා. මොකද වර්ග සෙන්ටිමීටරයකට තියෙන කෙස්ගස් ප්‍රමාණය සාමාන්‍ය පුද්ගලයෙකුගෙ වගෙ දෙගුණයක් නිසාවත්, කොන්ඩෙ ගනකම වැඩිකමට ආවුද මොට්ට වෙන නෙවෙයි. “Search & Snip” කියන Technique එකට දෙගුණයක් කල්ගතවෙන නිසාලු.

රංජියයි මායි කලාතුරකින් හමුවුනම හීනියට ඔය තැඹිලි ව්තුර ටිකක්, හොඳින් නිවපු කොත්තමල්ලි වතුර වගෙ ශාක සාර ඩ්‍රින්ක් එකක් හෙම ගන්නවා. (දැන් නම් එහෙම හමුවෙන්නෙ නැතිම තරම් දෙන්නගෙම පවුල් බරට) මේ ඔයවගෙ වෙලාවක රංජියා කියපු කතාවක්.

ඔය රංජියලා අපි ඉස්කෝලෙ යන කාලෙ, ඒ කියන්නෙ අපේ නම් ඉස්කෝලවල රෙජිස්ටර් වල තිබ්බ කාලෙ, ඔය දැන් ඉස්කෝලෙ යන උන්ට නැති පහසුකම් අපිට තිබ්බා. එකක් තමයි සාක්කුවෙ ඉස්කෝලෙ හංවඩුව ගහලා නැති එක. රංජියා ගියේ ගම් පහක් තියෙන නගරෙ අග්‍රාමාත්‍ය විද්‍යාලයටනෙ. ඉතිං දවසක් මල්වත්තෙ උපකාරක පන්තියකට සහභාගි වෙන්න මූ ඉස්කෝලෙ පලාතකවත් නොගිහින් පාරක් දිගේ වේගයෙන් ස්ටේෂන් එක දිහාට යනවා. පාර අයිනෙ හිටගෙන පාරෙ යන එවුන් දිහා රබර් ඇහැ දාගෙන ඉන්න පොලිස් කාරයව රංජිය දැක්කෙ ලඟටම ආවට පස්සෙ. ඒ දවස් වල පොලොසියෙන් ඉස්කෝලේ පනින එවුන්ව අල්ලගෙන බාල්දි දාන වෙලාවල් තියෙනවා. මූත් පොලිස් කාරයව නොදැක්ක ගානට යනවා. හරියට කෝච්චියක් අල්ලන්න යනවා වාගෙ.

“ඒයි මල්ලි!”

රංජියා නවතිනවද දුවනවද කියලා කල්පනා කරලා ඕනෙ එකක් කියලානැවතුනා. තරුණ පොලිස් කාරයා වේගයෙන් ඇවිදගෙන ඇවිත් අල්ලගත්තා මුගෙ වැලමිටට පොඩ්ඩක් ඉහලින් හරියට දඬුඅඬුවකින් ඇල්ලුවා වගෙ.අල්ලගෙන කිසි කතාවක් නෑ මූව ඇදගෙන යනව පාරක් දිගේ ආපහු.

දැන් රංජියා කට ඉස්සර කර නොගෙන අහු නොවෙන්න කියන බොරු මොනවද කියලා හිතෙන් ප්‍රෝසෙස් කරනවා.ඒ වගේම දැන් වැඩේ ගැස්සුනොත් පොලිසියටත් ගෙනිහින් කූඩුවෙත් දාලා, ඉස්කෝලෙටත් දන්වලා, ගෙදරිනුත් ඇවිත්, ඊට පස්සෙ වෙන දේවල් හිතන්නත් බයයි. ඒ ඔක්කොමටත් වැඩිය අම්මයි තාත්තයි දෙන්නම ගුරුවරු. මුගෙ ගෙදරට කාඩ් එකත් ඉතාම හොඳයි. ඇත්තම කිව්වොත් අපේ ගෙදරටත් මුගේ කාඩ් එක වැලිඩ් මගෙ එකට වඩා. මූ මොන ක්‍රමයකින් හරි අපේ තාත්තවත් අල්ලගෙන හිටියෙ. විස්වාස කරපල්ල මූ මම නැති වෙලාවට අපේ තාත්තා එක්කත් කතා කරකර ඉන්නවනෙ පැය ගනන්.

අනේ ඉතින් අදින් ඒ ඔක්කොම ඉවරයි. චිහ්, දිව්වනම් ඉවරයි. පොලිස් කාරයට මුගෙ සිතිවිලි තේරිලාද කොහෙද දඬු අඬු ග්‍රහනය එකපාරටම දැඩි වුනේ. මේ ඔක්කොටම වැඩිය පොලිස් කාරයා තවම එක වචනයක් කතාකලේ නැති එකත් සැක සහිතයි.

මේකා මාව මරන්න ගෙනියනවද දන්නෙත් නෑ. ඔය පත්තර වල තියෙන්නෙ ඕනෙ තරම් ඒවගෙ කේස්. දෙයියනේ මම කවදහරි මේ පොලිස් කාරයගෙ නංගිටවත් විහිළු කරලා තියෙනවද දන්නෙ නෑ. එහෙනම් බඩු පැකට් වෙන්නෙ අද තමයි.

පොලිස් කාරය දැන් මූවත් ඇදන් හැරුනා පාලු ලේන් එකකට. හැරිලා ආයෙත් වේගයෙන් යන්වා. බැරිම වුනොත් කියනවා මගේ අයියත් නේවි එකෛ කියලා. පාලු ලේන් එකේ ටික දුරක් ගිය පොලිස් කාරයා මූවත් ඇදගෙන ඇරලා තිබ්බ එකම දොරෙන් ඇතුලට ගියා. රංජියා වටපිට බැලුව. මේක ටේලර් සාප්පුවක්.

පොලිස් කාරයා මූව අතහැරලා ලාවට තල්ලුකලා ටේලර් දිහාට. ඒ ගමන්ම කිව්ව ටේලර්ට,

“ගන්න මෙයාගෙ මෙෂර්මන්ට්” කියලා.

රංජියා ඇත්තටම දුවන්න හැදුවත් කකුල් පන තිබ්බෙ නෑ බයටම. දැන් ටේලර් ටේප් එක අරගෙන පැන්සල කනේ ගහගෙන මූව මනින්න ගත්තා දිගට හරහට.

දැන් අපේ එකා වෙවුලනවා. මේ මොන ගේමක්ද දන්නෙ නෑනෙ.මුං මාව වද දීලා මරලා ඊට පස්සෙ වෙන දේවල් වලට මෙෂර්මන්ට් ගන්නව නේද? මොකද වද දුන්නට පස්සෙ මෙෂර්මන්ට් ගන්න බැරි තරමට බොඩි එක විරූපී වෙලා…….හපෝයි මටත් වෙච්ච දෙයක්!!

අනේ දෙවියනේ අද මට මෙතනින් ගැලවිලා යන්න දුන්නොත් මම මුළු ජීවිත කලෙටම කෙල්ලො දිහා ඇහැක් ඇරලා බලන්නෙ නෑ. ඇහැක් වහලා මිසක. යකෝ ඒක ජෝක් එකක් නේද මේ වෙලාවෙ මට ජෝක් මතක් වෙන්නෙ මොකෝ. මැරෙන්න ආසන්න වෙනකොට මුලු ජීවිතේම හයි ස්පීඩ් අයෙම ප්ලේ බැක් වෙනව කියලා කවුද කියලා තිබ්බා. යකෝ මේ දෙවියොත් එක්ක විහිළු කරනවද මම මරු විකල්ලෙන්. අනේ දෙවියනේ කට වැරදුනා.
අනේ දෙවියනේ අද මට මෙතනින් ගැලවිලා යන්න දුන්නොත් මම මුළු ජීවිත කාලෙටම කෙල්ලො දිහා බලන්නෙ නෑ. බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරනවා.

මෙෂර්මන්ට් අරන් ඉවර වෙච්ච ටේලර් මූව අත හැරියා. ඊට පස්සෙ වුනේ බලාපොරොත්තු නැතිදෙයක්.

පොලිස් කාරයා මුගෙ ඔලුව අතගාලා කියනවා,
“තෑන්ක් යූ, මල්ලි, මගෙ මල්ලිත් ඔයා තරම්මයි. මම අවුරුද්දට ගමේ යනකොට මිනිහට සූට් එකක් මහගෙන යන්නයි හදන්නෙ. යං මං ඔයාව ගිහින් දාන්නම්.”

රංජියට පොලිස් කාරයට උම්මා එකක් දෙන්න හිතුනත්, “නෑ අයියෙ මට ගියෑකි,” කියලා එතනින් ක්ෂනිකව වාශ්ප වුනා.

ස්ටේෂම ඉස්සරහ අර වොලිබෝල් ගහන කෂ්ටිය පහුවෙනකොටම අර බ්‍රහ්මචාරී අදහස අතෑරලා දැම්ම. විනාඩි දහයකින් විතර මෙන්න අර කෙල්ලෙක් දිහා ඇහැක් ඇරලා නොබලන්න පොරොන්දුවෙච්ච බුවා මල් වත්තේ අත් අල්ලගෙන ඇවිදිනවා.

 

ටැග:

9 responses to “25. කාකි හදවත.

  1. විසිතුරු | visituru

    ඔක්තෝබර් 13, 2011 at 9:31 ප.ව.

    මම ඒත් හිතුවා රංජියා හැඩ වැඩ ඇති කොල්ලෙක් වෙන්නැති ඒකයි මේ ඇදන් යන්නෙ කියලා!

    ඒත් බලනකොට සැබෑ රත්තරන් කාකි හදවතක්නෙ!

     
  2. Weni

    ඔක්තෝබර් 13, 2011 at 11:03 ප.ව.

    මමත් හිතුනෙම කොල්ලගෙ අනාගතේ ඉවරෙයි කියලමයි !!!

     
  3. hirunijayawardenehiruni

    ඔක්තෝබර් 14, 2011 at 1:39 පෙ.ව.

    හිහ් හිහ් හිහ්….හරිම හිත හොද පොලිස්කාරයෙක්…..

     
  4. ඕනයා (දුලිප් සිකුරාජපති)

    ඔක්තෝබර් 14, 2011 at 1:46 පෙ.ව.

    ශාක සාර ඩ්‍රිංක්ස් කීවෙ . . . . පලතුරු ජූස් වලට සැකරොමයිසීස් සෙරවීසියේ වගේ එකක් දාල ටික කාලයක් තියල ඩිස්ටිල් කරල ගන්න ජාතියේ එවුව වෙන්ටැ . . . ????

     
  5. ගෝල්ඩ් fish

    ඔක්තෝබර් 14, 2011 at 2:57 ප.ව.

    ඌ මාර පොලිස් කාරයෙක්නේ දෙයියනේ….

    මේ දැන් ඇත්ත කියහං කාවද ඔය ඇදගෙන ගියේ… ????

     
  6. වැප්

    ඔක්තෝබර් 14, 2011 at 3:09 ප.ව.

    හික්හික් හික් කිව්වලු

     
  7. Observer

    ඔක්තෝබර් 14, 2011 at 4:27 ප.ව.

    කතාව නං නියමය්, මං එත් ටිකක් බය වුනා, පොලිස් කාරය අර අන්තිම පේලියේ ජය්ය මොඩල් එකේ පොරක් වත්ද කියල.

    ඒව පැත්තක තියෙද්දෙන්, මගෙ බ්ලොගේ චිත්‍රෙකුත් එක්ක ඔහේ විසින් දාපු පෝස්ට් එකට, අන්න කොමෙන්ට් හතලිස් ගානක් වැටිලා, වැඩ වැඩිය් කියල මට ඒවට උත්තර ලියන්න කියල මෙහෙ පෝස්ට් පබිලිස් කොරන එක අන්තිම අසාධාරනය්.

    වහාම ඒවට උත්තර බැන්දොත් හොඳා.
    මම හොඳට හොඳා…නරකට ඊටත් වඩා හොඳා…

    අර කිරිහොඳා වගේ නෙමේ ඕන්

     
  8. deepa

    ඔක්තෝබර් 18, 2011 at 7:38 පෙ.ව.

    හෙන්රිබ්ලොග්වොකර්,

    මම හිතුවෙ රංජියට බලෙන්ම පොලිසියේ රස්සාවක් ලැබෙන්න යනවා කියලා.අනේ පව් රංජියා මොන තරම් බයකින්ද ඉදලා තියෙන්නෙ.

    DJ

     
  9. ලොකු පුතා

    නොවැම්බර් 9, 2011 at 2:29 ප.ව.

    යකෝ ඕක කලින්ම කියල සාමදානෙන් කතා කරගෙන හියානම් අහවරයිනෙ.
    අපිට මෙහෙම හිතුනනම් රන්ජියට කොහොම හිතෙන්න ඇද්ද ඒ වෙලාව..
    මාර පොලිස් කාරයෙක්නේ

     

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

 
%d bloggers like this: