RSS

26. කස්සාගෙ, ඕනයාගෙ, වසුන්දරාගෙ ඇඩ්‍රස් නැතුව යන කතා

19 Oct

රංජියාගෙ අම්මා ප්‍රාථමික පන්ති වලටයි ඉගැන්නුවේ. දැන්නම් විශ්‍රාමිකයි. වේලාසනම විශ්‍රාම ගන්න මේ සිද්ධියත් හේතු වුනාද දන්නෙ නෑ.

පන්තියක ඉන්න ඕනෙ ළමයි ගාන මෙච්චරයි කියලා අධ්‍යාපනඥයෝ කොච්චර කිව්වත් එක පන්තියට හතලිස් ගානක් පුරවනවමනේ එක එක බලපෑම් අනුව. ඉතින් මේ පන්තියෙත් කිසි වෙනසක් නෑ. අනුපාතය කෙල්ලො අටට කොල්ලො තිස් ගානක්. ඉතිං නදී, ගිම්හානි, මෙඩ්ඩි, පොඩි කුමාරිහාමි, දිල්, සඳා, පොඩ්ඩි, වසුන්දරා සහ සුද්දී කියන කෙල්ලො අට දෙනාට දයියා, මලා ශැගියා, ගොඩයා, අඹයා, ගීතක, හඳයා, වැපා, සෝරෝ, විශ්ව, ගෝල්ඩ් ‍ෆිෂ්, ප්‍රසන්න, විසිතුරු, පූසා, සන්දික, ඕනයා (ෆේල් වෙලා හින්දා මේ පන්තියේ නැත්නම් ඉන්න ඕනෙ ශිෂ්‍යත්ව පන්තියෙ), මාතලන්, සමීර, හැලපයා, පැණි දොඩම්, ගුලියා, චීටා, ලිට්ල් ජෝන්, ගමයා, හින්චිමල්ලි, පිසාචයා, ගැටවරයා, ගන්දරයා, අවංක පැට්ටා (කොපි කරලා අහුවෙලා මේ පන්තියෙම තියලා), ජීනියස්(දෙපාරක් ෆේල් වෙලා), අහිංසක, බෙන්ටෙන්, කස්සා සහ සඳරූ කියන කොල්ලන්ගෙන් මාර ඩිමාන්ඩ් එකක් තිබිලා තියෙන්නෙ.

මේ පන්තියෙ හැම එකාටම අන්තිම පේලියෙ ඉඳගන්න ඕනෙ කියලා අඬන නිසා ඉස්සරහ පේලියයි අන්තිම පේලිය විතරයි තිබ්බෙ. අන්තිම පේලිය දිග වැඩි නිසා හතරට කඩලා පලවෙනි පේලිය පිටිපස්සෙන් සෙට් කරලා තිබ්බා.

එතකොට බිත්තියෙන් එහා පැත්තෙ තියෙන ශිෂ්‍යත්ව පන්තියෙ ඩොන්ගයියා, වෙනියා, නවම්, සර්ප අයියා, රංජා, බුවා, කියන කෂ්ටිය.

එතකොට ගම්පහ ඩිපෝවෙන් දුවපු ස්කූල් බස් එක එලෙව්වෙ කවුද කියලා අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ. ඔව් ඔබා මාමා කියන සුරතල් නාමයෙන් හැඳින්වෙන අහවලා තමයි. එතකොට කොන්දා ජයියා කියලා බුවෙක්.

ගුරුවරුන්ට උගන්නනවට වඩා ෆෝම් පුරවන්න තියෙනවා කියලා ගුරුවරුමනෙ නෝක්කඩු කියන්නෙ. ඔන්න දවසක් පන්තියෙ ඉඳගෙන ෆෝම් එකක් පුරවන රංජියාගෙ අම්මා පන්තියෙ ඉස්සරහම ඉන්න දුලීප් සිකුරාජපති බබාගෙන් ඇහුවලු මෙහෙම.

“දුලීප් පුතා. ඔයා කොහෙද ඉන්නෙ?”

දුලීප් ඇස් ලොකු කරලා ගුරුතුමිය දියා බලලා,

“ඇයි මම මේ ඉන්නෙ ටීචර් පන්තියෙ ඉඳගෙන.” කිව්වලු.

දැන් ගුරුතුමී අර rephrasing the question කියන උපක්‍රමය පාවිච්චි කරාලු.

“නෑ නෑ පුතා, පුතා කොහෙද ජීවත් වෙන්නෙ?

“ගෙදර ටීචර්”

“හරි හරි පුතා. ගෙදර තමයි. පුතාගෙ ගෙදර කොහෙද තියෙන්නෙ?”

ඔන්න දුලීප් බබාගෙ මූනෙ තිබ්බ ප්‍රශ්නාර්ථ ලකුණ මැකිලා ලොකු හිනාවකින් මූණම එලිය වැ‍ටුනලු.

“අපේ ගේ තියෙන්නෙ ටීචර් කසුන්ලගෙ ගේ ලඟ.”

චිහ්, කවදාවත් මූ ඕනැකරන දේ නෙවෙයිනෙ කියන්නෙ. ඇයි දන්නෑ මූට ඕනයා කියන්නෙ.

“හරි පුතා, හරි” කියපු ගුරුතුමිය හැරුනලු වැඩක් නැතුව ඔහේ වැනි වැනි ඉන්න ඩයල් එකක් වන කසුන් නොහොත් කස්සා දිහාට.

“කසුන් පුතා කොහෙද ඉන්නෙ?”

“අපේ ගෙදර ටීචර්”

“හරි පුතා, අපි කවුරුත් ජීවත් වෙන්නෙ ගෙවල් වල තමයි. (මුං නම් ඉන්නෙ ගල් ගුහාවල් වලද මන්දා) පුතාගෙ ගේ තියෙන්නෙ කොහෙද?”

අපේ ගේ තියෙන්නෙ මේ දුලීප්ලගෙ ගේ ලඟ ටීචර්.”

දැන් ගුරුතුමියට බිත්තියෙ ඔලුව ගහගෙන ගහගෙන යන්න හිතුනත්, ඒක අත් දැකීම් බහුල, ළමා මනෝ විද්‍යාව, අධ්‍යාපන මූලධර්ම හදාරලා තියෙන ගුරු මෑණියකට තරම් නොවන නිසාත්, උගු සිංඥෝ සහ පුත්‍රයෝ සමාගම කොන්ත්‍රාත් අරගෙන හදලා තියෙන බිත්තියක ඔලුව ගහගෙන බලාපොරොත්තු නැති ප්‍රතිථල ලැබිය හැකි නිසාත්, ඒ ඔක්කොටම වැඩිය කොට බිත්තියක ඔලුව ගහගැනීම බිම දන ගසාගෙන කලයුතු නිසාත් ඒ අදහස අත් හැර දාලා ආයෙම හැරුනලු පන්තිය දිහාට.

මේ පාර අලුත්ම උපක්‍රමයක්.

“දැන් පුතාලා, අපු මෙහෙම අහමු. දුලීප් පුතාගෙයි, කසුන් පුතාගෙයි දෙන්නගෙම ගෙවල් තියෙන්නෙ කොහෙද?”

මේ පාර නම් වරදින්න විදියක් නෑ. ඇට්ටරයො ටික. විවෘත ප්‍රශ්ණයක් නිසා නීතියෙ හැටියට දැන් කසුනුයි දුලීපුයි දෙන්නම අත් උස්සගෙන නලියනවලු උත්තර දෙන්න.

එතකොටම තවත් කටට බ්‍රේක් නැති එකියක් වන අන්තිම පේලියෙ ඉඳන් ඉන්න වසුන්දරා පැන්න ගමන්ම කිව්වලු,

“කසුන්ගෙයි, දුලීප්ගෙයි දෙන්නගෙම ගෙවල් තියෙන්නෙ එක ලඟ ටීචර්.” කියලා.

කසුනුයි, දුලීපුයි දෙන්නම වසුන්දරා දිහා ඔරවලා බලලා අත් පාත දැම්මලු.

(අමූලික ඇත්ත වස්තු බීජයකට අතින් කෑලි දමා ඇනිමේට් කරන ලදි.)

 

ටැග:

40 responses to “26. කස්සාගෙ, ඕනයාගෙ, වසුන්දරාගෙ ඇඩ්‍රස් නැතුව යන කතා

  1. ඕනයා (දුලිප් සිකුරාජපති)

    ඔක්තෝබර් 19, 2011 at 1:53 ප.ව.

    බස් ඩ්‍රැයිවර් සනත් වෙලා කොන්දොස්තර සරත් උනා කියන්නෙ කොල්ලො ටික ඩ්‍රයිවර් ඉන්න හරියෙ තියල කෙල්ලො ටික දොර ලඟ වාඩි කරවන්න ඕනෙ කියන එක නේද ඩූඩ් . . ??? (ප්‍රීකෝශනරි ඇප්‍රෝච් එකක්)

    ප.ලි.
    එතකොට ඔය කියන ඉස්කෝලෙ ප්‍රින්සිපල් හෙන්රි වෙන්න ඇති . . . ???

     
  2. ශානු

    ඔක්තෝබර් 19, 2011 at 2:07 ප.ව.

    හැක් හැක් ඕනයා අයියාම කිව්ව තව කතාවක් තියෙනවා ආවසර දෙනවා නම් ඒක පබ්ලිෂ් කරන්නම්

     
  3. වසුන්දරා

    ඔක්තෝබර් 19, 2011 at 2:31 ප.ව.

    “තවත් කටට බ්‍රේක් නැති එකියක් වන අන්තිම පේලියෙ ඉඳන් ඉන්න වසුන්දරා පැන්න ගමන්ම කිව්වලු..”. මං අහන්නේ මං වගේ අහිංසක ලඳ බොලද.. සුකුමාල.. (ඇහුන් නැ) කෙල්ලෙකුට එහෙම කියන්න වටිනවද.. බලන්න කොච්චර අහිංසක විදිහටද උත්තර දීල තියෙන්නේ.. හරි හුරතල්..😀

     
  4. වසුන්දරා

    ඔක්තෝබර් 19, 2011 at 2:34 ප.ව.

    අඩ් ඩඩ් ඩා.. පින්තුරේ මීටර් උනේ පස්සෙනේ… ෂෝයි අප්පා..

     
  5. ඩිලාන්

    ඔක්තෝබර් 19, 2011 at 2:40 ප.ව.

    ඒකත් නරක නෑ,ඕනයගේ මූන නම් හරියටම ඇවිල්ලා තියනවා

     
  6. Kathandarakaraya

    ඔක්තෝබර් 19, 2011 at 2:45 ප.ව.

    තුන් දෙනාම හොටු ලේන්සු එල්ලාගෙන!

     
  7. Weni

    ඔක්තෝබර් 19, 2011 at 3:01 ප.ව.

    ඕනයයි, කස්සයි ඔහොම උත්තරමයි දෙන්නෙ ! වසුන්දරා මාර මීටර් උත්තරයක් නොව දීල තියෙන්නෙ !

     
  8. හිංචියා මල්ලි

    ඔක්තෝබර් 19, 2011 at 6:10 ප.ව.

    චැහ් බලාන ගියාම අපේ විස්තර අපිටත් වඩා හොදට දන්නේ මේ මනුස්පයානේ. එක්කෙනක් නම් දැන් මෙගා වුනාට ඒ දවස් වල බඩී වගේ නේ? ඔය නම් ටික ඔක්කොම මතක තියාගෙන හිටියටම තෑග්ගක් දෙන්න වටිනවා.

     
  9. henryblogwalker

    ඔක්තෝබර් 19, 2011 at 6:43 ප.ව.

    @ඕනයා: කියලා වැඩක් නෑ. කොච්චර ප්‍රිකෝශනරි අප්‍රෝච් එකක්ද කියනවනම්. මේ දැනුත් මොකුත් නොකියා බලාගෙන ඉන්නෙ මොකද වෙන්නෙ කියලා.

    @ශානු: ඕනයා කිව්ව කතාවක් නම් X- RATED වෙන්න ඇති. විහිළු, විහිළු. අර මේ පාර දාල තියෙන්නෙ අම්මා කියලා පෝස්ට් එකකුත්. ඒ මදිවර Ursula ගෙ ෆෝටෝ එකත් එඩිට් කරලා තියෙන්නෙ කලු මාකර් එකකින්.

    @වසුන්දරා: අනේ ඔයාගෙ ප්‍රොෆයිල් ෆොටෝ එකක් හොයාගන්න තියෙන අමාරුවක්. මූණ, කට හරියට පේන්නෙ නෑ. ඔහෙ හිතලා ඇන්දා. අප්සෙට් එකක් නෑනේ?

    @ඩිලාන්: තැන්කූ.වේවා. ඇයි අනිත් මූනත්තහඩු දෙක?

    @කශුරි: මුං කශ්ටියම (ඒ දවස්වල) හොට්ටො තමයි කශුරි. තැන්කූ වේවා.

    @වෙනි: වසුන්දරා කොහොමත් මීටර් තමයි. දැන් තුවාල සනීපද?

    @ හිංචියා මල්ලි: නැතුව නැතුව. මගෙ මෙමරිය ගැන ඔන්නම් මෙතනිං කියවන්න පුලුවන්.http://dude-heydude.blogspot.com/2011/08/my-ram-and-cache.html

     
  10. hirunijayawardenehiruni

    ඔක්තෝබර් 19, 2011 at 6:54 ප.ව.

    හිහ් හිහ් හිහ්….ලස්සන කතාව…ලස්සන පින්තුර….

     
  11. awya

    ඔක්තෝබර් 19, 2011 at 7:16 ප.ව.

    appaaaa meke mamat inne….

     
  12. ගෝල්ඩ් fish

    ඔක්තෝබර් 19, 2011 at 8:19 ප.ව.

    අයියා මොකාටෙයි එන්නේ…? යකෝ මාත් කෙල හැළුවයි කියන්නේ…

     
  13. Weni

    ඔක්තෝබර් 19, 2011 at 10:06 ප.ව.

    ඕනයාගෙ මූන හරි.. චෙහ් කස්ස අහක බලා ගත්තනෙ ෆොටෝ එක ගහන කොට ! නැත්නම් ෆොටෝ එක එවන්න තිබුනා..ඊළඟ කතාවට හරියටම අඳින්න !

     
  14. විසිතුරු | visituru

    ඔක්තෝබර් 20, 2011 at 5:51 පෙ.ව.

    හෙහ් හෙහ්! මරු! මමත් හිටියනෙ ඔය පන්තියෙ.
    ඔබා මාමා එලවපු ස්කූල් බස් එකෙ ගිය ළමයින්ට නම් දෙය්යන්ගෙම පිහිටයි

     
  15. සෝනාර් හෙවත් සන්දික

    ඔක්තෝබර් 20, 2011 at 8:10 පෙ.ව.

    සිරාවටම නම් ටික මතක තියා ගත්තට ගානක් දෙන්න ඕන තමයි…
    දෙවියනේ සුද්දියි මායි එක පන්තියේ..ඒ කියන්නෙ සුද්දි “1-ඩවුන්”..
    මේ ඔක්කොම ටික සිරාවටම එක පන්තියෙ වෙන්න ඕන නැහැ එක ඉක්කොලේ උනා නම්.සෙනසුරාදා,ඉරිදා පත්තර වෙල වෙනම විශේෂාංග තීරුවක් ඵල වෙන්න ඉඩ තිබුණා…
    පන්තිය ගැන කුමන කතාද, ඊළඟට කස්ටියවම දාලා School Bus එකේ සීන් එකක් ලියන්න..එකෙත් අන්තිම Seat එකට කට්ටිය මරා ගන්න නිසා ඉස්සරහම සීට් එක ගලවලා දාන්න..

     
  16. රාජ්

    ඔක්තෝබර් 20, 2011 at 9:58 පෙ.ව.

    ඒ උනාට අනන්ත වාරයක් විතර ෆේල්කරල හරි ඔබා ඔය පන්තියට දාන්න තිබුනෙ.

     
    • henryblogwalker

      ඔක්තෝබර් 21, 2011 at 11:43 පෙ.ව.

      @හිරුණි: ස්තුතියි
      @awya: ඇත්තට.
      @ගෝල්ඩ් ‍ෆිෂ්: මාළුවා ඇතුලු ගැන්සියෙන් මාර ඩිමාන්ඩ් එකක් තිබ්බා කියලයි මම කිව්වෙ. කෙළ හැලීමත් ඉන්ක්ලූඩඩ්ද කියලා පන්තියෙ හිටපු අනිත් උන් දන්නව ඇතිනෙ.
      @වෙනි: වෙනි කසුන්ගෙ මූනත් හරි . මටත් මේක තේරුනේ වසුන්දරා කිව්වට පස්සෙ. මේ කසුන් අර වැනි වැනි ඉන්න ඩයල් එක.
      @විසිතුරු: හා හා එහෙම කියන්න එපා විසිතුරු. පස්සෙ ගම්පහ ඩිපෝ එකේ ආදර්ශමත් රියැදුරා හැටියටත් තේරිලා පස්සෙ ඕස්ට්‍රේලියාවෙ ලංකා ගමනාගමන මණ්ඩලයටත් ගියානෙ.
      @සෝනර් හෙවත් සන්දික: මරු අදහස. ඇයි සන්දික ලියන්නකො ඒ කතාව අන්තිම පේලියට.
      @රාජ්: මමත් හිතුව රාජ් අඩු ගානෙ හෙඩ් ප්‍රිෆෙක්ට් වත් කරන්න පුලුවන්ද කියලා. කොහෙද දෙපාරක් ෆේල් වෙච්ච ගමන් ඩිස්ක්වොලිෆයි වෙනවනෙ.

       
      • සෝනාර් හෙවත් සන්දික

        ඔක්තෝබර් 23, 2011 at 10:43 ප.ව.

        ඒක නම් ඇත්ත අවුටක් නැති නම් ලියන්නම්…
        අ.පේ ට වඩා ඒ පෝස්ට් එකත් මේකටම තමයි මැච් වෙන්නේ නම්..බලමු…

        මම මේ මගේ ලියපු පෝස්ට් එක පබ්ලිශ් නොවුනේ ඇයි කියල බලන් ඉන්නේ.මට හොඳටම සුවර් මම ලිවුවේ පවුලේ සැමට නැරඹිය හැකි එකක් කියලා..

         
        • henryblogwalker

          ඔක්තෝබර් 24, 2011 at 11:25 පෙ.ව.

          ලියන්න සන්දික. මොන අවුලක්ද? අපි ඉන්නව කියවන්න කොමෙන්ට් දාන්න. මමත් ලියපු දෙකක් අන්තිම පේලියෙ බලාගෙන ඉන්නව. කෝ නෑනෙ.

           
  17. අවංක පැට්ටා

    ඔක්තෝබර් 20, 2011 at 10:52 පෙ.ව.

    ”අවංක පැට්ටා (කොපි කරලා අහුවෙලා මේ පන්තියෙම තියලා)”
    අනේ කව්ද දන්නේ ඒකට කියන්නෙ කොපි කරනවයි කියල.. මම බලා ලිවීම නේ කලේ… 😦

    හැබැයි ඔය බස් එකේ ෆුට් බෝර්ඩ් එකේ නම් යන්න ලෑස්ති වෙන්නෙපා කොල්ලනේ .. බිකෝස් කොන්දා ඉන්නෙ ජයියා… ලොල්.😀

    ඕනෙගෙ දත් සැට් එක නම් මරු, කස්සගෙ කම්මැලි ගතිය නම් නියමෙටම පේනවා, වසුන්දර නම් තව ටිකක් වපර ( බොම්බෙ ලුකින් කල්කටා ) උනොත් තමා හොඳ.. හික්ස්…. 😛😛

     
    • වසුන්දරා

      ඔක්තෝබර් 20, 2011 at 12:05 ප.ව.

      යකෝ කවද්ද මං බොම්බේ ලුකින් කල්කටා උනේ.. මට හිතෙන්නේ අපේ ඩුඩ් ට කස්සා සහ කසුන් චානක ටැපලිලා.. කසුන් චානක ගේ ප්‍රොෆයිල් පින්තුරේ ලෙසටම ඇදල තියෙන්නේ ..

       
      • Kasun Chanaka

        ඔක්තෝබර් 20, 2011 at 1:50 ප.ව.

        ඒක තමා වසුන්දරා අක්කේ වෙලා තියෙන්නේ. මම ඒක නිසා මුකුත් නොකිය පැත්තකට වෙලා බලාගෙන හිටියේ. නැත්තන් ඉතින් මගේ ගේ තියන තැන ඇහුවම අක්ක ඔයිට වඩා ගොඩක් භයානක උත්තරයක් නෙ දෙන්නේ. 😀

         
      • අවංක පැට්ටා

        ඔක්තෝබර් 21, 2011 at 2:08 ප.ව.

        නැහැ ඔයාගෙ රබර් බැලිල්ල දැක්කම මට නිකමට එහෙම හිතුන😛😛😛 …. ඒ කියන්නෙ එහෙම බොම්බෙ ලුකින් කල්කටා සීන් එකක් නැද්ද?

         
  18. Observer

    ඔක්තෝබර් 20, 2011 at 12:42 ප.ව.

    අනේ මන්ද, ඔබා නං වයසක මනුස්සය හන්ද ප්‍රශ්නයක් නැහැ. ස්කුල් බස් එක නෙමේ ඕනේ දෙයක් බාර දෙන්න පුළුවන්. ඒත් ජය්යට ස්කුල් බස් එකක් දෙනව කියන්නෙ කුකුල් කොටුව බලා ගන්න නරියෙකුට සෙකියුරිටි ජොබ් එක දුන්න වගේ

     
  19. නවම්

    ඔක්තෝබර් 20, 2011 at 5:35 ප.ව.

    අර පෑන කටේ ගහං ඉන්න ඕනයම තමයි.. උගෙ වලහැඩි පෙනුම ඩිංගක්වත් වෙනස් වෙලා නැති හැටි… !

     
  20. henryblogwalker

    ඔක්තෝබර් 21, 2011 at 11:57 පෙ.ව.

    @අවංක පැට්ටා: ඇත්තට පිටපත් ලිවීම නේන්නං. මහ ජරා නීති ඕව. අවංක පැට්ටගෙ ෆෝටෝ එකක් එවන්න බැරිද. මේ කා‍ටුන් අඳින්න නෙවෙයි දැක්කම ඈත් තියා මග අරින්න. මොකද උඹ කියන කතා වලට අනුව උඹත් එක්ක පාරක යන එකත් කිසිසෙත්ම සෞඛ්‍යයට හිතකර නැති නිසා.

    @වසුන්දරා: ඇත්තම නේන්නං. වසුන්දරා කිව්වම තමයි මටත් ඒක මීටර් වුනේ. මං මුන් එකෙක්වත් දැකලා තියෙන එකක්යැ. මම හිතුවෙ මුං දෙන්නම එකා කියලා. පෝස්ට් එක එඩිට් කලත් හරි නේ?

    @කසුන්: ආ මේ ඉන්නෙ පොර. පැත්තකට වෙලා ඉන්න එපා. මොනවා හරි කියන්න තියෙනවනම් කියලම දාපං.

    @ඔබා: අනේ ඔබාතුමාගෙ අහිංසක කම් නම් දන්නෝ දනිති. ඒක නෙවෙයි, මොකෝ පරක්කු වුනේ? තරහ වෙලාවත්ද කියලා මං කල්පනා කලේ.

    @නවම්: නවම්ට නම් ඕනයත් එක්ක මොකක් හරි කේස් එකක් තියෙනවා. පෑන කටේ ගහන් ඉන්න එකා කසුන්. අර සිග්නල් හිනාව තියෙන එකා තමයි ඕනයා.

    @පූසා” ඥාව්..!!

     
  21. වසුන්දරා

    ඔක්තෝබර් 21, 2011 at 1:14 ප.ව.

    කස්සාගේ කියල වැඩි වෙනසක් නැ මං හිතන්නේ😀
    @ කසුන් චානක.. ඇයි දැන් ඔයා ඉන්නේ..අවීචි මහා නරකාදියේද, නැහැ භයානක තැනක් කියල කියල තියෙන නිසා ඇහුවේ..

     
  22. DJ

    ඔක්තෝබර් 23, 2011 at 1:55 ප.ව.

    හෙන්රිබ්ලොග්වෝකර්,

    ෂා! හරිම ලස්සනයි ඔයාගේ කතාවයි පින්තුරේයි.

    අර සෝනාර් කිව්වා වගේ අ.පේ. බස් කතන්දරයක් ලියන්නකෝ තවත් හොදයි කා‍ටුන් එකකින් ලියන්න පුළුවන්නම්.

     
  23. උගුසිඤ්ඤො

    නොවැම්බර් 14, 2011 at 6:57 ප.ව.

    සෙල්ලමටවත් ඉස්කෝලෙ යන කාලෙකවත් නාට්ටියක රඟපාන්ට අරන් නැති දත් නැති උගු අංකල්ට කොන්ත්‍රාත්කරුවෙකුගේ සුලු චරිතයක් හෝ ලබා දුන් ඩූඩ් කොලුවාට මාගේ හර්දයාන්ගම ස්තූතිය.

     
    • henryblogwalker

      නොවැම්බර් 14, 2011 at 8:39 ප.ව.

      අනේ උගු උගුසිඤ්ඤොව ප්‍රින්සිපල් හැටියට දාන්න බැලුවා, ‍රැවුල දිග වැඩියි. ස්කූල් බස් එක එලවන්න වත් දාන්න කියලා බැලුවා. ඒකට වයස වැඩියි. මෙඩිකල් කන්ඩෙම්නෙ. ඉතිං කොන්ත්‍රාත් කාරයට දැම්මා. අන්න අන්තිම පේලියෙ උන් කරපු තව වැඩක් තියෙනවා දැක්කෙ නෑ මේ බ්ලොග් එකේම?
      henryblogwalker the Dude

       

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

 
%d bloggers like this: