RSS

27. ඉංගිරිස් ඉන්ටර්විව්

25 Oct

ඔන්න එකෝමත් එක කාලෙක, හෙන්රිබ්ලොග්වෝකර් අධි සුඛෝපබෝගී ජර්මන්  කාර් වර්ගයක් ගෙන්වන සමාගමක මෝටර් ඉන්ජිනේරු විද්‍යා ආධුනිකයෙක් හැටියට හිටියා. ඕකෙ හිටියා රංග කියලා, අර කටින් වෙට්‍ටු දම දම කතා කරන, කටින් ගහලා ඕනෙ වැඩක් කරගන්න පුලුවන් ඩයල් එකක්. ඒ නිසාම මූට හිටියා සැලකිය යුතු ෆෑන් බේස් එකකුත්. මමත් මුගෙ කට දිහා බලාගෙන ඉන්න හරි ආසයි ඒ දවස් වල. මූත් අපි වගෙම ඇපෙක් වුනාට නිතරම හිටියෙ එන්ජිමක් එල්ලගත්ත ෆෝක්ලිෆ්ට් එකක් කරකවමින්.

ඒ දවස් වල අපි ඔක්කොටම තිබ්බා රථගායට අමතරව රට යන පිස්සුවක්. බ්ලොග්වෝකකරුත් ජර්මනියෙ මව් සමාගමට යන්න හිතාගෙන ජර්මනුත් ඉගෙන ගත්තා ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථානයෙන්. සමහරු ජපන් භාෂාව ඉගෙන ගත්තා.

ඉතිං නිතරම අපේ උන් යනව විදේශිකයෝ පවත්වන සම්මුඛ පරීක්ෂන වලට. ඉතිං අපේ රංග බුවත් ගියා ඔයින් එකකට. ආ… මට කියන්න බැරි වුනානෙ. මුගෙ කඩුව නම් සෑහෙන මළකඩ. නමුත් අර කතාවට කියනවා වගෙ, රේඩියේටර් මූඩියෙන් ඇතුලට ගිහින් සයිලන්සර් බටෙන් එන්න දන්න පොර අර ඔබා අයියා වගෙ. (හැබැයි ඇත්තටම ඔහොම එන්න නම් ගෑස්කට් ගිහින් තියෙන්න ඕනෙ. අනික ගියර් බොක්ස්, ඩිෆරෙන්ෂල් ඔක්කොම මග ඇරෙනව. හික්ස්)

සම්මුඛ පරීෂණය ඉතිං,  ඉංග්‍රීසියෙන්. ඉතින් රංගයත් ගියා පොර වගේ.

මෙන්න අහපු පලවෙනි ප්‍රශ්නේ.

Can you explain the procedure of fitting the fuel injector pump to the engine?
(එංජිමකට ඉන්ජෙක්ටර් පොම්පය සවිකරන ආකාරය පැහැදිලි කරන්න)
රංගයා දඩස් ගාලා නැගිට්ටා. මොකද මේව ඉඳගෙන කරන්න පුලුවන් වැඩ නෙවෙයිනෙ.
“Simple thing” රංගයා කියනවා.
“First cylinder overlap.” (දැන් ඇඟිලි දෙකකින් ඕවලැප් වෙන හැටිත් පෙන්නනවා)
“Mark to Mark” (අත් දෙකේම දබ‍රැඟිලි දෙපැත්තෙ ඉඳලා ඇවිත් පපුව ඉස්සරහදි එකට  මුන ගැහෙනවා)
“DIGGS…!” අත් දෙකම දකුණු පැත්තෙ ඉන ප්‍රදේශයෙ ඉඳල වේගයෙන් පැද්දිලා ඇවිත් මැශින් තුවක්කුවක් අල්ලනව වගෙ නතර වෙනවා.

විදෙශිකයො ටික පෑන් කටේ ගහගෙන  ටිකක් වෙලා මූ දිහා පුදුමයෙන් බලා ඉඳලා, ඊට පස්සෙ එකිනෙකාගෙ මූණවල් දිහා තවත් ටිකක් බලන් ඉඳලා, ඊටත් පස්සෙ ඔලු ඉහලට පහලට වනලා,  කට පුරා හිනාවෙලා ඇහුව ඊලඟ ප්‍රශ්නෙ.

How do you know from the outside when the cylinder head gasket is blown ?
(ගෑස්කට් ගියාම අපි කොහොමද පිටින් දැනගන්න)

“Simple Thing” (මේක දැන් පුරුද්දකට ගිහින් වගෙ)
“Oil mixture water.” (අත් දෙකේම ඇඟිලි එකට පටලවමින්.)
“Radiator cap open” (මූඩියක් ගලවනබව පෙන්වමින්)
“Whoosh.. Ooarrk…!” (වමනය දමන බව පෙන්වමින්)
(ගෑස්කට් ගිය වාහන වල රේඩියේටර් එකේ වමනෙ දාල වගෙ තියෙනවා.)

විදෙශිකයො ටික තව පාරක් පෑන් කටේ ගහගෙන  ටිකක් වෙලා මූ දිහා බලා ඉඳලා, ඊට පස්සෙ එකිනෙකාගෙ මූණවල් දිහා තවත් ටිකක් බලන් ඉඳලා, ඊටත් පස්සෙ ඔලු ඉහලට පහලට වනලා, කට පුරා හිනාවෙලා “Very good. Verry Verry goood!”කිව්ව කියලා තමයි මූ නම් කිව්වෙ.

(මම කොච්චර කිව්වත් කොමෙන්ට් දාන බුවාල කියනවනෙ ඕක මට වෙච්ච දෙයක් කියලා. ඉතින් මම වැඩේ සාධාරණ වෙන්න රංගයා වෙනුවට ඒ දවස්වල මගෙම පින්තූරෙ තමයි ඇන්දෙ.වෙනසකට තියෙන්නෙ පාට විතරයි. මම ඔයිට වැඩිය පාටයි. කොච්චර පාටද කියනවා නම් ස්‍ටුඩියෝ එකේ සෝමෙ අයියා, තියෙන ඔක්කොම හයි පවර් ෆ්ලඩ් ලයිට්, ෆ්ලෑෂ් ලයිට් ගහලා තමයි ෆෝටෝ හෙම ගන්නෙ.

ඔය තියෙන්නෙ මගෙ driver’s license photo එක කාරණාව ඔප්පු කරන්න.

 

 

ටැග:

30 responses to “27. ඉංගිරිස් ඉන්ටර්විව්

  1. arunishapiro

    ඔක්තෝබර් 25, 2011 at 9:00 ප.ව.

    කතන්දරේ වගේම චිත්‍ර ටිකත් නියමයි!

     
    • henryblogwalker

      ඔක්තෝබර් 25, 2011 at 9:12 ප.ව.

      ස්තුතියි අරුණි, ඒක නෙවෙයි ඔයා දන්නවද Top Ten WordPress Blog List එකේ අද 3 වන තැන අරුණි ෂපීරෝ කියලා? පිළිගන්න blogwalkerගෙ සුභ පැතුම්

       
  2. hirunijayawardenehiruni

    ඔක්තෝබර් 25, 2011 at 9:39 ප.ව.

    හිහ් හිහ් හි…!!!!!!!!!!!!!!!! නියම කතාව. පින්තුරත් හරිම ශෝක්. මෙන්න මෙකත් පිලිගන්න එහෙනම්….

    hands coming each other fastly[අත් දෙක වේගයෙන් ඉදිරියට එනවා]
    “chatas!” sound [එක අල්ලකින් තව අල්ලකට ගහනවා]
    “chatas!” sound [දැන් ඉස්සල්ලා ගුටි කාපු අත අනිත් අල්ලට ගහනවා]
    many times same doing
    🙂 හිහ් හිහ් හිහ්, මොකක්ද මේ???????????????

     
  3. පූසා

    ඔක්තෝබර් 25, 2011 at 10:19 ප.ව.

    මේක නම් හෙන්රි අයියාට උනයි කියලා ඔළුවෙන් හිටගෙන කිව්වත් මම නම් පිළිගන්නේ නෑ…. මොකෝ කඩ්ඩෙන් බ්ලොග් කොටන කෙනාට ඔහොම වෙන්න විදිහක් නෑනේ!

    ඒක නෙමෙයි බ්ලොග් එකේ අකුරු තව ටිකක් ලොකු උනානම් ඇහැට පහසුයි වගේ….🙂

     
    • henryblogwalker

      ඔක්තෝබර් 26, 2011 at 8:00 පෙ.ව.

      ස්තුතියි පූස් කරපු වර්ණනාවට. අනික මම ඉංග්‍රීසි ගුරුවරයෙක්නෙ. ඉතින්ං කඩ්ඩ නැතුව බෑනෙ.
      පූස් මේ WORDPRESS වල අකුරු මේ ගානට වඩා ලොකු කරන්න බෑනෙ. මම ට්‍රයි කරල බැලුවා. ම්හ්ම්.
      ඒක නෙවෙයි පූස් අර පෙම් පලහිලව් එතකොට ගලක් එල්ලගත්ත පූසගෙ කතාව හෙම ලියන්නෙත් මේ පූසාමද?

       
      • පූසා

        ඔක්තෝබර් 26, 2011 at 6:21 ප.ව.

        ඔව් ඔව් ඒ පූසාත් මම පූසාම වෙමි!
        වර්ඩ් ප්‍රෙස් වල අකුරු ලොකු කරන්න පුළුවන් කියලා මම අහලා තියෙනවා… ඉන්න මම හොයලා බලන්නම්

         
      • නවම්

        ඔක්තෝබර් 28, 2011 at 5:42 ප.ව.

        මෙන්න පොඩි ඒවා ලොකු කරන ක්‍රමේ.

        පෝස්ට් එකේ HTML ටැබ් එකට හිහිල්ල මුලින්ම දාන්න ඊලඟට ටෙක්ස්ට් ටික දාල අන්තිමට

        වැදගත් : මුලින්ම දාපු 3 පොඩි වැඩිනං 4 දාල බලන්න.
        අත් දු‍ටුවයි ප්‍රත්‍යක්ෂයි වෙන බෙහෙත් මුකුත් ඕන නෑ. බොරු නං අරුණි අක්කගෙන් අහල බලන්න. එයා අකුරු ලොකු කරගත්තෙත් මේ බෙහෙතෙන් තමා.

         
  4. ඕනයා (දුලිප් සිකුරාජපති)

    ඔක්තෝබර් 26, 2011 at 12:02 පෙ.ව.

    හික් හික් . . ඉතිං යාලුවගෙ ඉන්ටර්විවු එකේ ප්‍රතිඵල කොහොමද ????

     
    • henryblogwalker

      ඔක්තෝබර් 26, 2011 at 8:03 පෙ.ව.

      අනේ මට මතක නැ ඕනයො.
      මේ ඒක නෙමෙයි බොස්. මට තරහ නැතුව sms එකක් එවනවද? මගෙ ෆෝන් එකත් ස්ටාට් වෙන්නෙ නෑ. කන්ටැක්ට් සේව් කරල තිබ්බෙ ෆෝන් මෙමරියෙ.
      අර දූගෙ පෝස්ට් එකනම් අපි ඔක්කොටම බොක්කටම වැදුනා. මායි දීපයි දෙන්නම අඬනව බලනකොට.

       
  5. Kasun Chanaka

    ඔක්තෝබර් 26, 2011 at 1:01 පෙ.ව.

    කමක් නෑ ඉතින් දාන්න කඩ්ඩෙන් වැඩේ ගොඩ දාගෙනනේ. මොන දේ දැනගෙන හිටියත් අපිට කඩ්ඩ නම් ලොකු බාධකයක් වෙනවා.

     
    • henryblogwalker

      ඔක්තෝබර් 26, 2011 at 8:07 පෙ.ව.

      මොනවද මේ කියන්නෙ. කියන්න ඕනෙ දේ කියලා ඇති.
      “මොන දේ දැනගෙන හිටියත් අපිට කඩ්ඩ නම් ලොකු බාධකයක් වෙනවා.”
      කියන දේට මම සුලු උපකාරයක් කරන්න තමයි හිතාගෙන ඉන්නෙ අපේ බ්ලොග් කොල්ලන්ට,කෙල්ලන්ට පස්සෙ පෝස්ට් වල.

       
  6. විසිතුරු | visituru

    ඔක්තෝබර් 26, 2011 at 5:52 පෙ.ව.

    නියම ඉන්ටර්වීව් ටෙක්නික් ටිකක්! හෙන්රි අයියාට ඒ කාලෙ සිරා ‍රැවුලක් තිබිලා තියෙනවානෙ… ෆට්ට!

     
    • henryblogwalker

      ඔක්තෝබර් 26, 2011 at 8:10 පෙ.ව.

      නැතුව නැතුව?
      හිටපල්ල මම මගෙ Driver’s License Photo එක ස්කෑන් කරලා මේකෙ දාන්න මම කියන්නෙ බොරුද කියලා බලාගන්න.
      ඒක නෙවෙයි මොකෝ හිනාවෙවී ඉඳලා ගලක් උඩ ඉඳගත්තෙ? මහන්සිද?

       
  7. Observer

    ඔක්තෝබර් 26, 2011 at 6:17 පෙ.ව.

    Hikis…..හෙන්රි අඩුගානෙ ඇප්රෙන්ටිස්ෂිප් එකවත් කරල තියෙනව කියල බුදු ෂුවර්. අනුමානෙට හිතෙනව “ඩිමෝ හවුස්” වෙන්නැති කියල. කෝකටත් ඊයක් එවන්නං.

    මං දන්න ගම්පහ ඔය වගේ එකෙක් ගෙන් ටුවරිස්ට් කාර් එකක් නවත්තල, අස්ගිරියේ මල් වත්තට යන පාර අහල. මු පාර කියල තියෙන්නෙ මෙහෙම ” යු ගෝ, ෆස්ට් බෙන්ඩ් නෝ බෙන්ඩ්, සෙකන්ඩ් බෙන්ඩ් නෝ බෙන්ඩ්, තර්ඩ් බෙන්ඩ් යු බෙන්ඩ්, යු ගෝ, ගෝ, ගෝ, රේල් ගේට්, යු ගෝ, රයිට් බෙන්ඩ් යු ගෝ, ඉදල්ලවල බ්‍රිජ් යු ගෝ, මල්වත්ත බෙන්ඩ්, ලෙෆ්ට් බෙන්ඩ්, ගෝ, ගෝ, ගෝ, දඩ…දඩ…දඩ….දඩ යු ගෝ”
    මෙතනදී මු දන්න ඉංග්‍රීසියෙන්, බෙන්ඩ් කියන්නේ හංදි වලට, ඉස්සර මල්වත්තට ඇතුල් වෙන තැන ලෑලි පාලමක් තිබුන, ඒක උඩින් කාර් එක යන්න ඕනෙ කියන එක තමා දඩ…දඩ…දඩ….දඩ කියන්නෙ.

    දවසක් පොර හදිසියෙන් කොහෙද යනව, කොහෙද මචං යන්නෙ ඇහුවම, ” මගේ චික් එකෙක් ඩෙත් එකට ෆේස් කරල මචං ඩොක්ටර් හම්බ වෙන්න යනව” කිව්ව. බලන කොට මුගේ කුකුල් කොටුවේ කුකුලෙක් අසනීපෙන්, මූ යන්නෙ වෙට් ගෙන් උපදෙසක් ගන්න.

    මේ සම්පුර්ණ සත්‍ය කතා.

     
    • henryblogwalker

      ඔක්තෝබර් 26, 2011 at 8:18 පෙ.ව.

      ඇස් යූෂුවල් ඔබා හරි. “අඩු තරමින්” කියන්නෙ ඔය රථගාය මට උපන්දා ඉඳන්ම මේ දක්වාම නො අඩුව තියෙන දෙයක්නෙ. මුලින්ම කාර් එලෙව්වෙ කොට්ටයක් සීට් එක උඩ දාලා ඇඟිලි තුඩුවලින් අවුරුදු 9-10 දි වගෙ. අවු 14දි පළමු traffic offense එකට උසාවි ගිහින් රු 500ක් ගෙව්ව තාත්තා. දැන් උනත් මම කැමති කාර් එකක් බයික් එකක් දැක්කම මෙලෝ සිහියක් නැතුව යනවා. එතකොට කොහොමත් වැඩක් ගොඩදාගන්න දන්නව දැනුත් නමුත් ටූල්ස් සහ වෙලාව නැතිකම නිසා ගරාජ් වලට යනවා. නමුත් බාස්ලට මාව තම්බන්න අමාරුයි.

       
  8. deepa

    ඔක්තෝබර් 26, 2011 at 7:42 පෙ.ව.

    හෙන්රිබ්ලොග්වොකර්,

    මම නම් හිතන්නේ ඉන්ටවිව් පැනල් එකේ බුවලා රංගගේ මයිමින් වලින් තේරුම් ගන්න ඇති මෙයා හොදයි ගොළු බිහිරි පාසලක මොටර් මිකැනික් ඉන්ස්ට්ර්ක්ට පෝස්ට් එකකට කියලා. හික්ස්.

    DJ

     
  9. Weni

    ඔක්තෝබර් 26, 2011 at 7:58 පෙ.ව.

    බලන්න ඉන්ග්‍රීසි කෙසේ වෙතත් මයිමිං දන්නවනම් වැඩේ ගොඩ !

     
  10. henryblogwalker

    ඔක්තෝබර් 26, 2011 at 8:24 පෙ.ව.

    උපාය දන්නෝ අපායේ නොවැටෙති කියනවනෙ වෙනී? දැන් තුවාල හොඳනම් තව පෝස්ට් එකක් කොටමු නේ?
    කැරපොත්තෙක් කල හදිය!!
    ඉස්සර නම් හරක් මස් කන්නෙ නෑ වෙනියගෙ මූණ මතක් වෙලා. අද උදේ කැරපොත්තෙකුටත් අභය දානය දුන්න වෙනියා මතක් වෙලා. අපි එහෙම යාලුවො.

     
  11. ඔබ නොදු‍ටු ලොවක්

    ඔක්තෝබර් 26, 2011 at 9:55 පෙ.ව.

    නියම කථාව…චිත්‍ර ටිකත් එළ…..

     
  12. chathuranga perera

    ඔක්තෝබර් 26, 2011 at 1:27 ප.ව.

    මොනවා නැතත් පට්ට පින්තූර ටික

     
  13. ගෝල්ඩ් fish

    ඔක්තෝබර් 26, 2011 at 8:10 ප.ව.

    කතාව පැත්තක දාමුකෝ… ​අයියේ අර පොටෝ එකේ ඉන්නේ අයියමද..? මං හිතෙන්නේ එක්කෝ කැමරාවේ ඉන්වර්ස් ෂොට් එකක් වැදිලා, නැත්තං වෙන මොකක් හරි ජිගිරි බිරිස් එකක් කරලා…

     
    • henryblogwalker

      ඔක්තෝබර් 27, 2011 at 7:46 පෙ.ව.

      @ඔබ නොදු‍ටු ලොවක්: බොහෝම ස්තුතියි.
      @චතුරංග පෙරේරා: කවුරුත් වගේම මමත් ආසයි අගය කිරීමක් ලබන්න. ස්තුතියි.
      @Gold Fish: මම තුමාම තමයි.ඒ දෙකම නෙවෙයි බොල. ස්ටූඩියෝ එකේ අයියා ස්ටේඩියම් ලයිට් ගහලා තමයි ඕක ගත්තෙ. නැතුව ප්ලේන්ටී හතු කාල රෝස පාට වෙලා හෙම නෙවෙයි.

       
  14. henryblogwalker

    ඔක්තෝබර් 29, 2011 at 6:49 පෙ.ව.

    @පූස් සහ නවම්:
    බොක්කෙන්ම ස්තුතියි. ඒකත් කරල බලන්නම්. නවම් අර කොමෙන්ට් එකෛ හිස්තැන් වල තියෙන වචන මොනවද දන්නෙ නෑ නේද?

     
  15. Sarath Lankapriya

    අගෝස්තු 24, 2012 at 9:13 පෙ.ව.

    බැලුවා

     

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

 
%d bloggers like this: