RSS

30. අන්තිම පේලියේ උංගේ නිදහස් ආර දම්වැල් චිත්‍ර (Free Form Chain Art.

10 Nov

ඔන්න නවම් මාවතේ පන්සල් හන්දියෙ තිබ්බ ඉස්කෝලෙට ස්වීඩනයෙන්ද කොහෙද ආධාර වගයක් ලැබිලා. ඔය කාලෙ අන්තිම පේලියෙ සමහරු හොස්ටල් එකේ තමයි ඉඳලා තියෙන්නෙ.  හොස්ටල් එකේ වෝඩන්ට ජය්යා සර් දාන්න හැදුවත් දෙමව්පියන්ගෙ විරෝධය නිසා ඔබා සර්ව දාලා. ඔබා සර් ඉතිං බෝ ගහ වගෙනෙ.  ජයියා අංශ ප්‍රධානාචාර්ය. හරිම සැරයි. විනය හපාගෙන තමා ඉන්නෙ. වේවැල පිටිපස්සට වෙන්න හංගගෙන කොරිඩෝ දිගේ ඇවිදිනවා බලන්න බයයි.

අන්තිමෙ පේලියෙ එවුං ඉන්න පන්තියට හම්බ වෙලා තියෙන්නෙ මැග්නෙටික් වයිට් බෝඩ් එකක්. ඔන්න බෝඩ් එක විවෘත කරන්නත් එක්ක එදා ටීච හිතුවා අලුත් ක්‍රියාකාරකමක් කරන්න.

ඔන්න මැග්නෙටික් බෝඩ් දැකලා නැති එවුන්ට බලාගන්න පින්තූරෙකුත් දැම්මා.

ඊගාවට ඔන්න ටීචර් නීති රීති පැහැදිලි කලා.

“ළමයි මේකට කියන්නෙ නිදහස් ආර දම්වැල් චිත්‍ර කියලා.
ඉංග්‍රීසියෙන් Free Form Chain Art.
කැමති ළමයි ඉස්සරහට ඇවිල්ලා (හැබැයි එක එක්කෙනා) වයිට් බෝඩ් මාකර් එක අරගෙන කැමති දෙයක් අඳිනවා. හැබැයි සම්පූර්ණ චිත්‍රයක් නෙවෙයි. කොටසක්.
කිසිම කෙනෙකුට කලින් ඇඳපු කොටස් මකන්න බැහැ. අලුතෙන් එකතු කරන්න විතරයි පුලුවන්.
නමුත් මට පුලුවන් සුදුසු නැති දෙයක් කියලා මම හිතන දෙයක් දැක්කොත් මෙන්න මේ කහ පාට ත්‍රිකෝනයෙන් ඒ කොටස වහලා දාන්න.
දැන් හැමෝටම තේරුනාද?”

අන්තිම පේලියෙ ඉන්නෙ කොහොමත් උනන්දුවො ටිකක්නෙ. හැමෝම ප්‍රීති ඝෝෂා කරලා කැමති වුනා.

කෙල්ලො ටික ඕනයායි අවංක පැට්ටයි දිහා බලලා “ඕං නරක චිත්‍ර නං බෑ හරිද?” කිව්වා.

“ආ දැන් කවුද ඉස්සෙල්ලම එන්නෙ? අපි ගෑණු ලමයෙකුට දෙමු. ආ සඳා එන්න.” ටීච කිව්වා.

සඳා ඇවිත් මාකර් එක අරන් ඇන්දා බෝඩ් එකේ පහලට වෙන්න ඉරක්. එච්චරයි.

සඳා ආපහු යන්න හදනකොට ගෝල්ඩ් ‍ෆිෂ් ඇහුවා “ඒ මොකක්ද ඒ චිත්‍රෙ?” කියලා නෝන්ඩියට වගෙ.
සඳා කිව්වා, “ඔය අහසයි පොළවයි. එච්චර එකක්වත් තේරෙනවයැ…”
සඳා ගිහින් වාඩි වුනා.
දැන් දුවගෙන ආවෙ කසුන් කල්හාර. ඔන්න කසුන් එකතු කරපු දේ.

මෙඩ්ඩි ඇහුවා,
“ඒ කන්දක්ද?”, කියලා.
“ඔයා හරි.” කිව්ව කසුන් ගිහින් වාඩිවුනා.

දැන් වැඩේ නැගලා යනවා.
ඔන්න ආවා සුද්දි. ඔන්න සුද්දි ඇඳපු දේ.

ඒක නම් කාටවත් තේරුනේ නෑ.
“අය්යෝ ඒ කන්ද මුදුනෙ හිම අනේ.” කියපු සුද්දි ආපහු ගිහින් ඉඳගන්න ගමන් ” මේ ගොඩයො snow capped mountains වත් දන්නෙ නෑනෙ කියලා කිව්වෙ ලඟ ඉන්න පොඩි කුමාරිහාමිට. පොඩි කුමාරිහාමි කට උල් කරලා, “ඩොටේ ඩොට්” කිව්වා.

ඊ ගාවට ආවේ සොනාර් හෙවත් සන්දික. ඔන්න ඇඳපු දේ

ඒකනම් කාටත් තේරුනා. “ඒ ඉර නේද?” ජීනියස් පොර වගෙ ඇහුවා.
“ඔව්. ඇති උඹට ඒකවත් තේරුනා.” සන්දිකයා ජීනියස්ට කැපිල්ලක් දාගෙනම ඉඳගත්තා.

දැන් ආවෙ ගන්දරයා. ගන්දරයා ඇවිත් මෙච්චරයි ඇන්දෙ.

“මොකක්ද බං ඒ?” සොරෝ ඇහුවා.
“ඒ අව්වට හිම දියවෙලා වැක්කෙරෙනවා.” ගන්දරයා කිව්වා.

ඔන්න නැගිට්ට මෙච්චර වෙලා ඔක්කොම බලාගෙන හිටපු ඕනයා.
ඕනයගෙ ඔලුව වැඩකරන්නෙ අමුතුම විදියටනෙ. මුගෙ හැටි දන්න ටීචර් සෙන්සර් ත්‍රිකෝනය අතට ගත්තා.
ඕනයා ඇන්දෙ මෙච්චරයි. මොකුත් කිව්වෙ නෑ. ගිහිල්ලා ඉඳගත්තා. කට්ටියම හොල්මං වෙලා මේක දිහා බලා ඉන්නවා.
ටීචර් කිව්වා. “ඕනයා පුතාම කියන්නකො මොකද්ද ඒ කියලා.”


“ඒ ඔබා සර් බාත් රූම් එකේ සබං කෑල්ල ඇහිඳිනවා.”

ප්‍රතිඵලය මල්ටි බැටල් එකක් ගැහුවා වගේ.
හැමෝම චිත්‍රෙ දිහා බලබල හිනාවෙනකොට ටීචර් පැනලා සෙන්සර් ත්‍රිකෝනෙ ඇලෙව්වා සභ්‍යත්වයේ නාමයෙන්.
මේ තියෙන්නෙ ටීචර් සෙන්සර් කරපු ඕනයාගෙ චිත්‍රය. හෝව් හෝව් ස්ක්‍රෝල් කරලා උඩ එකෙන් බලන්න ඔට්‍ටු නෑ.

මේ කලබැගෑනිය ඇහිලා කොරිඩෝ එකේ මුර සංචාරය කර කර හිටපු ජය්යා සර් පන්තියට එබුනා. පන්තියම මීයට පිම්බා වගේ නිශ්ශබ්ද වුනා.

අවංක පැට්ටා වහාම ක්‍රියාත්මක වෙලා බෝඩ් එක ලඟට ගිහින් තව ඉරි කෑලි වගයක් එහාට මෙහාට  එකතු කරගෙන කරගෙන ගියා අධි වේගයෙන්. ඊට පස්සෙ පන්තිය දිහා බලල හැමෝටම පොදුවෙ කිව්වා.

“මේ අයිසෙක් නිව්ටන්,” කියලා.

අංශ ප්‍රධානාචාර්ය ජය්යා සර් කොරිඩෝව දිගේ කැන්ටිම පැත්තට යන ගමන් මෙහෙම හිතනවා.
“හුහ්, උං හිතන්න ඇති මම ‍රැව‍ටුනා කියලා. මම නොදන්න අයිසෙක් නිව්ටන්! මං අඳුනන්නෙ නැති දෙයක්ද ඕක?”

 
ප්‍රතිචාර 22

Posted by මත නොවැම්බර් 10, 2011 in නිර්මාණ

 

ටැග:

22 responses to “30. අන්තිම පේලියේ උංගේ නිදහස් ආර දම්වැල් චිත්‍ර (Free Form Chain Art.

  1. Weni

    නොවැම්බර් 10, 2011 at 10:23 පෙ.ව.

    අන්තිම පේලියෙ උන් ඔහොමමයි.. ඔබා අයියටයි, ජයියටයි ඉන්න දෙන්නෙම නෑ.. විශේශයෙන් ඕනයා !!!

     
  2. Gaminie

    නොවැම්බර් 10, 2011 at 10:32 පෙ.ව.

    Ela storiya machang..

     
  3. uwiniran

    නොවැම්බර් 10, 2011 at 11:20 පෙ.ව.

    ඕනයා තමයි මිනිහා, දවසකටවත්….
    ඔබා මාමේ ඇත්ත කියන්න, ඕනයා කොහොමද ඕකේ හැඩේ හරියටම දන්නෙ….?

     
  4. නරකයා

    නොවැම්බර් 10, 2011 at 12:25 ප.ව.

    පිස්සු හැදෙයි….. අනේ බනින්නනං එපා දන්නැති හින්දයි අහන්නෙ මොකක්ද මෙ අන්තිම රූපෙ තේරුම…..

     
  5. Observer

    නොවැම්බර් 10, 2011 at 1:36 ප.ව.

    අනේ මන්ද? තේරුනේ නෑ මොනවත්, මඩක් ගහන්න ට්‍රය් කියල හිතෙනවා. ඊට එහා ම්හු….

     
  6. Kondaya

    නොවැම්බර් 10, 2011 at 3:47 ප.ව.

     
  7. Kasun Chanaka

    නොවැම්බර් 10, 2011 at 10:44 ප.ව.

    ඊයා……! හරි වල් අනේ. අනේ මේ වයසක ඔබා මාමවමයි හැමතිස්සෙම කට්ටිය අල්ල ගන්නේ. ඕව ගනන් ගන්න එපා ඔබා මාමේ.

     
  8. ලොකු පුතා

    නොවැම්බර් 10, 2011 at 11:45 ප.ව.

    අහල තියෙන කතාවක්….
    ඒ උනාට නවතාවයෙන් ඉදිරිපත් කරනකොට ඒකෙත් ගතියක් නැත්තෙම නෑ
    මොකද ඉස්සර ඔය කතාවේ හිටියේ නොදන්නා චරිතනේ, ඒත් දැන් අලුත් වර්ෂන් එක එද්දී ඉන්න ඔක්කොම වගේ දන්නා අඳුනන අය… හික්.

     
  9. ඉන්දික උපශාන්ත

    නොවැම්බර් 11, 2011 at 1:49 පෙ.ව.

    ඕනය බැඳල හිටියෙ, නැත්තං කතාවෙන්නෙ ඔබා මාමාණ්ඩිගෙ ගෙදර ගිය ඕන බෑණ ගැන.

     
  10. ඕනයා (දුලිප් සිකුරාජපති)

    නොවැම්බර් 11, 2011 at 1:51 පෙ.ව.

    සිටියොත් දෙකට නැමී . . .
    දෙවියොත් ** ** . . .

     
  11. නවම්

    නොවැම්බර් 11, 2011 at 2:49 ප.ව.

    ඇග්.. ! එතකොට ජයිය සබ්ජෙක්ට්ස් ද?

     
  12. ගෝල්ඩ් fish

    නොවැම්බර් 12, 2011 at 1:26 ප.ව.

    මොනාද බං අයියේ අපි වගේ පොඩි එවුන්ව නරක් කරන්නේ….

     
  13. හැලපයා

    නොවැම්බර් 13, 2011 at 11:47 පෙ.ව.

    පට්ට පට පට හිනාවෙලාම බඩ රිදෙනවා ..

     
  14. DJ

    නොවැම්බර් 14, 2011 at 1:02 ප.ව.

    හෙන්රි බ්ලොග්වොකර්,

    මෙ චිත්‍රය ඇදපු ඔක්කොම මෙක කියවලා නැති බවයි පෙන්නේ. එගොල්ලන් ගෙ රසවත් කෙමෙන්‍ටුත් කියවන්න මෙ මග බලාගෙන ඉන්නේ. හිකිස්….!

    DJ

     
  15. අවංක පැට්ටා

    නොවැම්බර් 14, 2011 at 1:24 ප.ව.

    හක හක හක…… හැබැයි ඕනයා චිත්‍රෙ ඇන්දට පස්සෙ මාතෘකාව “ඒ ඔබා සර් බාත් රූම් එකේ සබං කෑල්ල ඇහිඳිනවා.” කියන එක නම් එතන තව වෙනස් කිරීමක් අවශ්යයි… වෙන මොනවත් නෙවේ අර හිම දියවෙන කෑල්ල තව ටිකක් වකුටු වෙලා රැලි ගැහෙන්න ඕනෙ කියලයි මං හිතන්නෙ… මොකෝ කියන්නෙ අනිත් අය? 😀😀😀😛😛😛

     
  16. අදිරි

    නොවැම්බර් 14, 2011 at 2:23 ප.ව.

    මරු කතාව අප්පා…. ඒත් ඇයි මේ හැමෝම ඔබා මාමාවමනේ අල්ල ගන්නෙ…?????

     
  17. කේවට්ටයා

    නොවැම්බර් 15, 2011 at 9:43 පෙ.ව.

    මටත් තේරුනේ නෑ අප්පා….!!

     
  18. අවංක පැට්ටා

    නොවැම්බර් 17, 2011 at 10:43 පෙ.ව.

    අන්තිම පේළියේ කස්ටිය කවුරුත් මේක දැකල නැහැ වගෙ…

     
  19. Shaggy

    නොවැම්බර් 21, 2011 at 11:01 ප.ව.

    මට sure කවදහරි මැරුණම අන්තිම කැමති පත්තරේ මරණයට හේතුව කියල ලියන්නෙ අධික ලෙස හිනාවීම කියලා.. අපි පවු නැද්ද​? මොනව උනත් ජයියා කැමතිම එක (ඉර – sun) ඇඳල තියෙන්නෙ සුද්දි :ඩී

     
  20. Hasitha

    දෙසැම්බර් 20, 2011 at 8:15 පෙ.ව.

    කතා කියන චිත්‍ර. නියමයි🙂

     
  21. ගැමියාගේ පත් ඉරුව

    පෙබරවාරි 10, 2012 at 10:41 ප.ව.

    මේක මම අද දැක්කේ බඩ අල්ලන් හිනා උනේ පිස්සු හැදෙනවා කලාත්මකයි කොමෙන්ටුවක් නොදා යන්න හිතෙන්නෙම නෑ සුපිරියි

     
  22. Sarath Lankapriya

    අගෝස්තු 2, 2012 at 8:04 පෙ.ව.

    මම මේක දකිනකොට වෙන්න ඕන දේ වෙලා හමාරයි.. මං කියන්නේ කොළ ඉරිල්ල ගැන නෙවෙයි.. ඔබා යන්න ගිහින්.. එත් එක්කම අපේ එකෙත් එක යුගයක් නිමා උනා කියල මට හිතෙන්නේ ..

     

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

 
%d bloggers like this: