RSS

31. යකෝ කෝච්චිය එනවා!!

11 Nov

සීවලී එංගලන්තයට සංක්‍රමණය වෙලා තියෙන්නෙ අවුරුදු නවයෙදි. අවුරුදු දොළහකට පස්සෙ තාත්තයි පුතයි ලංකාවට ආවා අවුරුද්දකට විතර. අම්මා එහෙ. ඒ දවස් වල මම අර මෝටර් ඉංජිනේරු ආධුනිකයෙක් වෙලා ඉන්න කාලෙ. අපි දෙන්නම එකට වැඩකලේ. ඉතිං මූ මගෙ බඩියෙක් වෙන්න වැඩි දවසක් ගියේ නෑ.

හැම එකාටම වගෙ මූටත් තිබ්බ නොවැ උපන් දිනයක්. තොපිට නාන්න දෙන්නම් කියකියා හිටපු පොර ඇත්තටම පාටිය දාන්න සෙට් කරගත්තෙ ඔය කොළඹ ඉඳන් දකුණට මුහුද අයිනෙ තියෙන සාද නිකේතනයක්. අපිටත් ඉතින් බොන්න හෙම බෑනෙ. අපි කට්ටියක් යන්න සෙට් වුනේ සීවලියගෙ තාත්තගෙ කාර් එකේ, වැඩ ඇරුනට පස්සෙ.

ඉතිං ඔන්න පාටිය නැගලම යනවා. කිව්වත් වගෙම බොන්නත් තිබ්බ නාන්නම. ඉතින් මද අඳුරේ, ඩිස්කෝ සංගීතයට නටමින් කට්ටියම හොඳට කෑව බිව්ව. ජොයින්ට් එකකුත් අතින් අත ගියා. නටලා නටලා ඩෝප් බස්සගෙන ආයෙම චාජ් කරගන්නවා. පාටිය පාන්දර වෙනකල්ම ගියා. සමහර පොරවල් මහ රෑ මුහුදෙ නාන්න ලෑස්තිය. සෙක්කලා හරිම අමාරුවෙන් මුන්ව නවත්ත ගත්තෙ.

අන්තිමේදි පාටිය ඉවර වුනා. කෙල්ලො සහ වාහන තිබ්බ අනිත් එවුන් එකා දෙන්න යන්න ගියා එන්ජින් රේස් කරගෙන හරියට MAD MAX වගෙ. අදනම් 2 Fast 2 Furious වගෙ. එහෙමත් නැතිනම් Need For Speed වගේ.

සීවලී කලින්ම අපිට කියලා තිබ්බෙ නුගේගොඩ දෙල්කඳ තිබ්බ උංගෙ ගෙදර ගිහින් නිදාගන්න පුලුවන් කියලා අපි ගැන්සියට. මමත් ගෙදරට කියලා ඇවිත් තිබ්බෙ රෑට එන්නෙ නැති බව. දැන් කවුද කාර් එක එලවන්නෙ? අපි මුලදිම වැඩිය බොන්නෙ නැති එකෙක් සෙට් කරලා තිබ්බෙ ගෙදර යනකොට කාරෙක ඩ්‍රයිව් කරන්න. බලනකොට මූත් මුලදි සෝඩා විතරක් බිබී ඉඳලා පස්සෙ දන්නෙම නැතුව දෙක තුනක් ඇනගෙන. හැබැයි දෙක තුනයි. අපිට තරම් අසාධ්‍ය නෑ.

අපි හය දෙනෙක් නැග්ගා පස්සට. එකා උඩ එකා ඉඳගෙන. මේක මුං එංගලන්තෙ ඉඳන් ගෙනාපු Volkswagen Derby 2 door කාර් එකක්. . ඉතින් දොර දෙකේ කාර් එකක පස්සට නගින්න ඉස්සරහා සීට් නවලා හෙම හෙන කට්ටක් කන්නත් එපායැ. ඉස්සරහට නැග්ගා අර කාර් එක එලවන්න තියාගත්ත ඩයල් එකයි සීවලියයි. මගෙ ඔඩොක්කුවෙ එකෙක්. ඔන්න අන්තිමේදි පිටත් වුනා ගෙදර යන්න.

දන්නවා ඇතිනෙ ඔය මුහුද අයිනෙ තියන රෙස්ටොරන්ට්, ගෙස්ට් හවුස් ඔය කොයි එකේ ඉඳලත් ගාලු පාරට යන්න රේල් පාර උඩිං යන්න ඕනෙ විත්තිය. ඒ වගෙම හරස් පාරවල් සිය ගනනක් තියෙන නිසා ඕවට ගේට්‍ටු නෑ. තමන්ගෙ ආරක්ෂාව තමන්ම බලා ගන්න ඕනෙ. ඒ වගෙමයි රේල් හරස් පාර ලඟ තාර ගැලවිලා වලවල් හැදිලා ගන්නම දෙයක් නෑනෙ. ඉතින් ඔන්න අපිත් දෙපැත්ත බලල රේල් පාර උඩින් උඩ පැන පැන යන කොට හරියටම පාර මැද්දෙදි කාරෙකේ එන්ජිම නැවතුනා. එකක් ලෝඩ් එක වැඩියි, අනික වලවල්.
අපේ ඩ්‍රයිවර් බුවා කලබොල වුනේ නෑ. මූ කැරකෙව්වා යතුර. මෝටරේ නම් දුවනවා බස බස ගාලා නමුත් කාර් එක ස්ටාට් වෙන්නෙ නෑ. එතකොටම එකෙක් කෑ ගැහුවා,

“යකෝ කෝච්චිය එනවා!” කියලා.

බුවා නැවත නැවත ට්‍රයි කලත් මෝටරේ දුවනවා විතරයි. බැහැලා දුවනවා නම් දුවන්න පුලුවන් ඉස්සරහ එවුන් දෙන්නට විතරයි. නමුත් උං එහෙම කලේ නෑ. අපි කොහෙ දුවන්නද? අපි පිටි පස්සෙ හිරවෙලානෙ දොර දෙකේ කාරෙක නිසා. ඒ මදිවට හය දෙනෙක් එකා පිට එකා ඉඳගෙන.

බුවා තව පාරක් යතුර කරකැව්වා. එම ප්‍රතිඵලයමයි. මෝටර් එක නිකන් කැරකෙන හැටි අහන් ඉන්න කොට අපිට තේරුනා බඩු පැකට් වෙන්න ආසන්න බව.

මම වට පිට බැලුවත් වැඩි දෙයක් පෙනුනෙ නෑ, මොකද මගෙ ඔඩොක්කුවෙත් එකෙක් ඉන්නවනෙ. එතකොටම කාර් එක ඇතුලට වැ‍ටුන කෝච්චියෙ හෙඩ් ලයිට් එලියෙන් මම දැක්ක අනිත් උන්ගෙ දහඩියෙන් නෑවුනු තැතිගත් මූණු. කෝච්චියයි කාර් එකයි අතර පරතරය තප්පරයෙන් තප්පරය අඩුවුනා. ඇත්තෙන්ම කෝච්චි එන්ජිමේ සද්දෙ නම් ඇහුනෙම නෑ. කාර් එකේ ස්ටාටර් මොටර් එකේ සද්දෙ යටපත් කරගෙන දැවැන්ත යකඩ යකා වානේ පීලි මත ඇතිකරන කම්පනය වානේ රේල් පීලි දිගේම ඇවිත් කාර් එක තුල හිරවී ඉන්න අපිව සසල කලා. මේ කම්පනයත්, කෝච්චි රියැදුරා උඩ නැගගෙන නොනවත්වා ගහපු, කන් පසාරු කරගෙන යන  නලා එකේ හඬත් ගෙවී යන මොහොතක් පාසා තීව්‍ර වෙන බව අපට දැනුනා.

මේ මොහොතෙ මට තේරුනා තව මොහොතකින් සියල්ල අවසන් වන බව. කෝච්චි වල හැපිලා මැරුනම ලේ ගලන්නෙත් නෑලු. හෙට පත්තර වල ඉස්සරහ පි‍ටුවෙ යන වර්ණ පින්තූර මගේ ඇස් ඉස්සරහ මැවිලා පෙනුනා. සුන්බුන් අතරෙ මිනිස් සිරුරු කොටස්.

එතකොටම වුණු දේ එච්චර පැහැදිලි නෑ. කෝච්චි හෙඩ් ලයිට් එකේ එලියයි, හෝන් එකේ සද්දෙයි, රේල් පීලි වල කම්පනයයි උපරිමයට ලඟාවෙනකොටම එක පාරට ඉස්සරහට පැන්න කාර් එක උඩ පැන පැන යනවා අපිට තේරුණා. අපේ පස්සෙ බම්පර් එකට අඩි කීපයක් පි‍ටුපසින් දුම්රියේ දැවැන්ත ඩීසල් එන්ජිම මහ හඬින් ගොරවාගෙන ගාල්ල දිහාට ඇදිලා ගියා. අප පසුකර යන ආලෝකවත්ව බැබලුණු දුම්රිය මැදිරි වල ජනේල පෙල කාර් එකේ පස්ස වීදුරුවෙන් අපිට පෙනුනා. වානේ දුම්රිය රෝද, වානේ පීලි මතින් ඇදී යද්දී නැගුනු ටක ටකස් ටක ටකස් හඬ මට ඇහුනෙ ලෝකෙ තියෙන මිහිරිම සංගීත ඛන්ඩය හැටියට.. අපිට ඇතිවෙච්ච හැඟීම කියාගන්න මම දන්න වචන මදි. ඒ නිසා නොකියා ඉන්නම්.

ටික වෙලාවක් යනකල් කවුරුවත් කතා කලේ නෑ. ටිකකින් හැම එකාම එකපාර කතා කරන්න ගත්තා. නරක වචන හොඳ වචන වල වෙනසක් තිබ්බෙ නෑ. හරිම මිහිරියට ඇහුනෙ. “@#$ තව පොඩ්ඩෙන් @%$# %4#&*%?”, වගෙ.

ඇත්තටම ඒ වෙලාවෙ වුනේ මොකක්ද වුනේ කියන එක හරියටම පැහැදිළි නෑ. පරස්පර විරෝධී අදහස් ගොන්නයි. සමහරු දිවුරනවා අන්තිම මොහොතෙ එන්ජිම අපට අනුකම්පා කරලා ස්ටාට් වුනා කියලා. එලෝපු එකා කියනවා ඌ කරන්නම දෙයක් නැති තැන ෆස්ට් එකට දාලා යතුර කැරකෙව්වලු. එතකොට කාර් එන්ජිම ස්ටාට් නොවුනත් ස්ටාටර් මෝටරේ කාර් එක ඇදගෙන රේල් පාරෙන් අහකට පැන්නලු.

කොහොම හරි හැම එකාටම ඕනෙ වුනේ අර කාර් එක එලවපු බුවාට උම්ම එකක් දෙන්න. ඌට හත් දෙනෙක් එකපාර උම්මා දෙන්න හදනකොට හිතා ගන්න පුලූවන්නෙ. ඒ වෙනකොට කාර් එක අර තාප්ප වලින් වටවූ ප‍ටු මාවත දිගේ ගාලු පාර දිහාට යමින් තිබ්බෙ. කාර් එක වැනි වැනී ගිහින් තාප්පෙක හැප්පෙන්න ගිය නිසා ඩ්‍රයිවර් බුවාට උම්මා එපා වෙල කෑ ගැහුවා ශුද්ද සිංහලෙන්ම, “නිකා හිටපියව් @3$!! යකුනෙ දැන් කාර් එක හැපෙනව කොහෙ හරි!! තොපි ඔක්කොටම ඩෝප්!! පිස්සු @3$%!” ඌ කිව්වෙ තරහින් නෙවෙයි. හිනා වෙවී.

හරි කොහොම හරි ජීවිත බේරුනානෙ. එච්චරයි. දැන් කවුරු හරි ඇහුවොත් මම බය වුනාද කියලා ඒක මෝඩ ප්‍රශ්ණයක්ම නෙවෙයි. මොකද රේල් පාර උඩදි ඇත්තම මම හරියට බය වුනේ නෑ. නිකම් හිරි වැටිලා වගෙ හිටියෙ. මට වෙන දෙයක් නෙවෙයි වගෙ. හරියට ‍ෆිල්ම් එකක් බලනකොට වගෙ.

මම එහෙම කියන්නෙ මේකයි. දැන් අපි හයි ලෙවල් පාරට දාලා නුගේගොඩ පැත්තට යනකොට ඔන්න මගෙ දනිස් දෙක පණ නැතුව ගියා, ඇස් නිලංකාර වුනා. සීතල දාඩියකින් මුලු ඇඟම තෙමුනා. ඔලුවෙ කෙස් ගස් අර 7UP කොලුවගෙ වගෙ කෙලින් හිටගෙන ඉන්නව මට දැනුනා. එත්කොට හදවත ගැහෙන රාවය ඇහෙන්න ගත්තෙ පපුවෙ නෙවෙයි: ඔලුව ඇතුලෙ. ඒකත් සිංගල් බීට් නෙවෙයි. ඩබල් බීට්. මම රේල් පාර උඩදි බය වුනා නම් මේ වෙන්නෙ මොකක්ද? මම හිතන්නෙ ඕකට කියන්නෙ delayed reaction එකක් කියලයි. මම ආයෙම ඔහොම බය වුනේ අර අලියා ගහන්න ආපු දවසෙයි.

දැන් කතාවෙ උපරිමයට ලඟා වෙච්ච නිසා හරිනම් කතාව මෙතනින් ඉවර වෙන්න ඕනෙ නේද? ඔව්. ඒ ප්‍රබන්ධ වලනෙ. සැබෑ ජීවිතේ එහෙම නෑ. මේ කතාවෙ තව ටිකක් තියෙනවා.
ඔන්න අපි සීවලීලගෙ (කුලී) ගෙදරටත් ආවා. ඩ්‍රයිවර් බුවා පෝච් එක යටම කාර් එක නවත්තලා බැස්සා. විශ්වාස කරපල්ලා අපේ බර්ත්ඩේ බෝයි තවම නිදි. ඌ මේ කිසි දෙයක් දැනගෙන ඉඳලා නෑ පෙනුන විදියට. කීප දෙනෙක් ඌව වත්තම් කරලා එලියට ගත්තෙ පිටිපස්සෙ උන්ට බහින්න සීට් එක නවන්න ඕනෙ නිසා.

ඔන්න එක පාරට පෝච් එකේ ලයිට් එක වැ‍ටුනා. දොරත් “බ්‍රාස්” සාලා ඇරුනා. සීවලීගෙ තාත්තා ඉනට අත් දෙක තියාගෙන බලා ඉන්නවා, මල් පොකුරම පැනලා. අපි ඔක්කොම ටිකක් පසු බෑවා.

” කට්ටියම හොඳට බීල නේද? පුදුමයි පොලිසියෙන් අල්ලගත්තෙ නැතුව!”

ඊට පස්සෙ තාත්තා තව ගොඩක් දෙවල්, සමාජ වගකීම්, සමාජ විරෝධී හැසිරීම්, පොලිසියේ යුතුකම් වගෙ මාතෘකාවල් ගොඩක් ගැන වරින් වර කියවමින් අපිට බැනගෙන බැනගෙන ගියා. අපිට කිව්වට සීවලියට. කරුමෙ කියන්නෙ මේ එකක්වත් අහගෙන ඉන්නවත්, අඩුම ගානෙ අපිව බේරගන්නවත් ඌට සිහියක් නෑ. ඌ වරින් වර මොනවද මුමුණනව, අපිට නෙවෙයි එංගලන්තෙ ඉන්න උගෙ චෙක් ජාතික ගර්ල් ෆ්‍රෙන්ඩ්ට.

අන්තිමේදි තාත්තා අඩියක් පස්සට අරගෙන අපිට සීවලියාව ඇතුලට ගන්න ඉඩ දුන්නා. ඌව ඇඳට දැම්ම විතරයි මෙන්න බබා වගෙ නිදි කොට්ටෙකුත් තුරුල් කරගෙන පෙම්බස් දොඩ දොඩ. අපි කට්ටියම දැන් මුගෙ ඇඳ වටේ ඉඳගෙන ගලේ පහරපු බළල්ලු වගෙ බලා ඉන්නවා. ටිකකින් රෝල් කරපු පැදුරු වගයක් පියාඹාගෙන ඇවිත් අපේ දෙපතුල් ලඟට වැ‍ටුනා. තව ටිකකින් කොට්ට රංචුවකුත් ඒ පාරෙම ආවා. ඊට පස්සෙ, “ටොයිලට් එක තියෙන්න අතන.” කියලා තදින් කියපු තාත්තා එයාගෙ කාමරේ දොර දඩාස් ගාලා වහගත්තා..

අපි පේලියට පැදුරු එලාගෙන කොට්ට දාගෙන දිග ඇදුනා. හැම එකාම පැතුවෙ ලඟ ඉන්න එකා තමන්ගෙ ඇඟට කබරයා නොදමත්වා කියන එකම ප්‍රාර්ථනාවයි.

පහුවදා උදේ මම නැගිටිනකොට සමහර උං උදේම යන්නත් ගිහින්. මම සීවලියගෙ මේසෙ උඩ තිබ්බ එල්විස් රේඩියෝ එක අතපත ගගා හිටියා. එල්විස් රේඩියෝ එක කියන්නෙ එල්විස් ප්‍රෙස්ලි සින්දු කියන ඉරියව්වකින් ඉන්න පොඩි පිළිමයක් පැතළි රේඩියෝවක් උඩ හයි කරලා හදපු විසිතුරු භාන්ඩයක්. එකපාරටම තාත්තා ආවා කාමරේට දුම් දමන කෝපි කෝප්ප කිහිපයකුත් එක්ක. හැබැයි ඊයෙ රෑට වඩා මූඩ් එක හොඳයි වගෙ පෙනුනෙ.

“Good morning Mr Youknowwho! And thanks.” ඒ මම අයිස් තට්‍ටුව තාම ගනකමද බලනවා.

“Good morning. You’re welcome.” ඒ තාත්තා. ටිකක් ග්‍රම්පියි. නමුත් ඊයෙ රෑ තරම්ම නෑ වගෙ.

ඊට පස්සෙ ඇතිවූ නිහඬතාවය මාව අපහසුවට පත් කරපු නිසා මම එල්විස්ව පෙන්නල කිව්වා.

“මරු ස්ටැච්‍යු එක නේද මේක? කියලා.

“හහ්,” තාත්තා අවුරුදු ගානකට කලින් මියපරලොව ගිහින් හිටපු Elvis the King දිහා අප්පිරියාවෙන් බලලා,

ඕකත් ඔය බීල වැඩිවෙලා මැරිච්ච එකෙක් තමයි.” කිව්ව.

ඒ කියලා ඊටත් වැඩිය අප්පිරියාවෙන් තවමත් නිදා ඉන්න සීවලියා දිහා බලලා කාමරෙන් එලියට ගියා.

මට තේරුනා තාම සාම සාකච්ඡා වලට කාලය නොවන බව. තාත්තා දන්නවානම් ඊයෙ ඇත්තටම වෙච්ච දේ මම හිතුවා. ඒ එක්කම මම හිතාගත්තා මේ ගැන අපේ ගෙදරටත් කිසිදා නොකියන්න.

ජීවිතයට උපදෙස් දෙකක්:
1. කවදහරි ඔබ පදවන වාහනය ඔය වගෙ රේල් පාර මැද්දෙ නැවතුනොත්, එන්ජිම ස්ටාට් වෙන පාටක් නැත්නම්, නමුත් මෝටරේ කැරකෙනව නම්, ගියර් එක දාන්න ෆස්ට් එකට. දාලා කරකවන්න යතුර ක්ලච් එක පාගන්නෙ නැතුව. ස්ටාටර් මෝටරය කාර් එක අනතුරුදායක රේල් පාරෙන් ඉවතට තල්ලු කරාවි. බොහෝ විට තල්ලු කරන්න කට්ටිය නැතිනම් එහෙම නැත්තම් ඔබත් බිරිඳත් විතරක් නම් ඉන්නෙ මේක බොහෝ වැදගත් වේවි. ඉන්න අනිත් මගියට පුලුවන් ඒ ගමන්ම තල්ලුවක් දෙන්නත්. (ඔය මැනුවල් ගියර්ස් තියෙන වාහන වලට. ඔටමැටික් D වලට දැම්මොත් හරිද කියලා කරලා බලලා මට කියන්නකො.)

2. මෝටරේ කැරකෙන්නෙත් නැත්නම් කෝච්චිය ලඟ එනවා නම් කාර් එකෙන් බැහැලා දුවන්න. හුරේ රන් ෆෝ ඩියර් ලයිෆ්! හැබැයි දුවන්න රේල් පාර අයින දිගේ කෝච්චිය එන පැත්තට. ඒ මොන පිස්සු උපදේශයක්ද කෝච්චිය පැත්තට දුවන්නෙ ඔබ කල්පනා කරනවා ඇති. හේතුව මේකයි. කෝච්චිය කාරෙකේ වැදුනම කාරෙක මිසයිලයක් වගෙ විසිවෙනවා. විසිවෙන පැත්ත කෝච්චිය ගමන් කරන පැත්තට. ඉතින් ඔබ ඒ පැත්තෙ හිටියොත්වෙන දේ කියන්න ඕනෙ නෑනෙ. ඉතින් කෝච්චිය එන පැත්තට දිව්වොත් ඔබට විසිවෙන කෑලි වලින් අනතුරක් වෙන්න බැහැ.

නමුත් හෙන්රිබ්ලොග්වෝකර් වන මම මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ඔබට කිසිදා එවන් අවස්ථාවකට මුහුණ පෑමට සිදු නොවේවා කියලා.

ඔබට මේ ලිපියේ ඉංග්‍රීසි මුල් පිටපත කියවන්න පුලුවනි මෙතනින්. Narrow Escapes 4: Stuck In The Rail Crossing!

මම මේ ලිපිය සිංහලෙනුත් දාන්න කල්පනා කලේ මට සමහරුන්ගෙන් ලැබුණු ඊ මේල් ඉල්ලීම් නිසාත් විශේෂයෙන්ම මගෙ සොයුරු වයිල්ඩ් ලයිෆ් ගාමිණී මෙම කොටස පිටපත් කරලා තවත් මිතුරන් ගණනාවකට යවා ඇති බව දැක්ක නිසායි.

 

ටැග: , , , ,

42 responses to “31. යකෝ කෝච්චිය එනවා!!

  1. නරකයා

    නොවැම්බර් 11, 2011 at 10:37 පෙ.ව.

    පිස්සු හැදෙනවනෙ…. මැක්සා වැඩනෙ වෙලා තියෙන්නෙ…. අලි සීන් එකනම් කලින් කියෙව්වා….

     
  2. රන්දිල්

    නොවැම්බර් 11, 2011 at 10:40 පෙ.ව.

    හප්පා…….. මටත් ෙකා්ච්චියට හැප්ෙපන්න ගිය සිද්ධියක් සිහි වුනා. ඒදා ෙර්ල් පාර පැනලා පස්ස හැරිලා බලද්දි ෙමන්න ෙකා්ච්චිය යනවා. ෙකා්ච්චියට යටින් ඒහා පැත්ෙතන් සැමිතුමා (ඒ කාෙල් ෙවන්න හබී කාෙල්) ඔළුවට ඒක අතයි පපුවට ඒක අතයි තියාෙගන බිම ට නැමිලා ඉන්නවා

     
  3. ~ChAnDiKa~~

    නොවැම්බර් 11, 2011 at 10:50 පෙ.ව.

    අනේ අපොයි. මදෑ ඔයින් ගියා :O

     
  4. The Lion

    නොවැම්බර් 11, 2011 at 10:58 පෙ.ව.

    හප්පේ නූලෙන් බේරිලා තියෙන්නේ ……

     
  5. තිස්ස දොඩන්ගොඩ

    නොවැම්බර් 11, 2011 at 11:09 පෙ.ව.

    මේක නියම සටහනක්…. රන්දිල් නංගීගෙ මග පෙන්වීමෙන් ආවේ… කොහොම මගෑරුණාද මේ බ්ලොග් එක….
    ජයවේවා

     
  6. uwiniran

    නොවැම්බර් 11, 2011 at 11:12 පෙ.ව.

    හත් ඉලව්වට ගහපු කලාබරේ කිව්වලු, හරියට ෆිල්ම් එකක වගේ…. මට මැවිල පෙනුනා.
    බොලා මාර බේරිල්ලක්නේ බේරිලා තියෙන්නේ.

     
  7. dilukshi

    නොවැම්බර් 11, 2011 at 11:18 පෙ.ව.

    ඔහ් හිතාගන්නත් අමාරුයි මේවිදියට බේරුණු එක……:O ඩ්‍රයිව් කරපු කෙනා අවසන් මොහොත දක්වාම ගේම අතඇරියේ නැති නිසා කට්ටියම බේරුනා.උම්මා නෙමේ හොඳ පාටියක් දෙන්න ඕනේ😉

     
  8. emailkavikaari

    නොවැම්බර් 11, 2011 at 11:30 පෙ.ව.

    I got a heart attack

     
  9. රූ

    නොවැම්බර් 11, 2011 at 11:49 පෙ.ව.

    කථාව කොහොම වුනත් දුන්න උපදේශ ටික නම් වටිනවා…

     
  10. ඕනයා (Dulip Sikurajapathy)

    නොවැම්බර් 11, 2011 at 12:32 ප.ව.

    මට රේල්වේ ක්‍රොසිං වල අවුලක් නෑ . . . මම කොහොමත් ඒ වගේ තැන් වලින් යද්දි රේල් පාරට දාන්න කලිං හොඳට දෙපැත්ත බලනව . . රෑ කරුවලේ නං හෙඩ් ලයිට් නිමනව, එතකොට කෝච්චියක් එනව නං හොඳට පේනව.
    අනික මම බීල එලවන්නෙත් නෑ බීපු එවුං එලවන වාහන වල යන්නෙත් නෑ . . .

    අනිත් ඇඩ්වයිස් එක:
    යාලුවගෙ ගෙදර මොන සුරපුරක් උනත් කමක් නෑ . . දෙමාපියො, බිරිඳ, දරුවො ඉන්නව නං බීල යාලුවංගෙ ගෙවල් වල නිදාගන්න යන්න එපා (මම නං යන්නෙම නෑ). බස් හෝල්ට් එකේ නිදාගන්නව ඊට සැපයි

     
  11. Observer

    නොවැම්බර් 11, 2011 at 1:05 ප.ව.

    කාර් එක හේදුවේ කව්ද?

    ඔටෝමැටික් ගියර් තියෙන කාර් වල, ගියර් එකක් එන්ගේජ් කරලා තියෙද්දි මෝටරේ කැරකෙන්නේ නැහැ.

     
  12. henryblogwalker

    නොවැම්බර් 11, 2011 at 1:47 ප.ව.

    @රන්දිල්: මට හිතාගත්තෑකි. ඔය කියන්නෙ රවි ගැනනෙ? අඹු සැමියො ලියන බ්ලොග් එකක් නේද “නිදහස් සිතුවිලි”? මම හරි නම් එහෙම තියෙන එකම බ්ලොග් එක ඒක වෙන්න ඕනෙ.

    @ChAnDiKa : කියලා වැඩක් නෑ. චන්දිකගෙ නම ලියන්න හරි ලේසියිනෙ.

    @The Lion: ඒ වුනාට දැන් ඒක කියලා මාර ආතල් එකක් ගත්තා. මම මේ බලං ඉන්නෙ එදා ඉඳපු එකෙක් වත් මේක දැකලා කොමෙන්ට් එකක් දායිද කියලා, ඒකාට ඇතිවෙච්ච හැඟීම බෙදාගන්න

    @තිස්ස දොඩන්ගොඩ: ස්තුතියි. ඔබටත් ජයවේවා. මම තිස්සගෙ කොමෙන්ට් නම් කියවලා තිබ්බ අනිත් බ්ලොග් වල. “හද ගී පොත”ට ගියේ අදයි.

    @uwiniran: uwiniranට මැවිලා පේන්න කතාව ලියාගන්න පුලුවන් උනා කියන්නෙ මගේ උත්සාහය සාර්තකයි කියන එකනෙ. නමුත් ඒ වෙලාවෙ ඇතිවෙච්ච ඔක්කොම හැඟීම් කියාගන්න නම් මොන භාෂාවකින්වත් බැරිවෙයි.

    @dilukshi: ඇත්තෙන්ම ඔවු. ඒකා බැහැලා දිව්ව නම් මේ කතා මොකුත් නෑ අද.

    @emailkavikaari: That’s because you are a very sensitive person. Thanks.

    @රූ: ස්තුතියි නමුත් කිසිවෙකුට ඒ උපදෙස් ක්‍රියාත්මක කිරීමට සිදු නොවේවා.

    @ඕනයා: ඔව් ඕනයා හෙඩ් ලයිට් නිවන එකත් හොඳ උපදේශයක් තමයි.
    අනිත් දෙවල් මම දැන් නම් මලාට කරන්නෙ නෑ ඒ කාලෙ කලාට. දැන් බොන්නෙ බියර් විතරයි ඒකත් කලා….තුරකින් ඔය ඕනය වගෙ එකෙක් හම්බවුනොත් තමයි. අරූගෙ ගෙදර ගියේ ඒ ගෙදර ඌයි තාත්තයි විතරක් ඉන්න නිසා. මට ඒ කාලෙ බයික් එකක් වත් නෑ.

    @ඔබා අයියා: කාර් එක හේදුවෙ නැත්තෙ මේකයි. බය වීම් දෙකක් තියෙනවනෙ.
    1. I was scared the shit out of me.
    2. I was scared shitless.
    ඔය දෙවෙනි එක උනේ.
    ස්තුතියි ඔටමැටික් ගියර්ස් ගැන කිව්වට. මට ඔටමැටික් ගියර්ස් තියෙන වාහනයක් තිබිලා නෑ කවදාවත්. අනික යාලුවෙක්ගෙන් ඉල්ලගෙන එක්ස්පෙරිමන්ට් කරන්න ඕනෙත් නෑ එහෙනම් දැන්.

     
  13. රන්දිල්

    නොවැම්බර් 11, 2011 at 2:40 ප.ව.

    හපොයි කෑවා කෑවා කෑවා

    රවීතුමා මගේ සැමිතුමා නෙමෙයි අයියෝ……… එතුමා මට මගේ පියතුමා සේය……….

    මේ වරදවා වටහා ගැනීම මීට කලිනුත් අර නවම් කොලුවා කලා. ඒක නං හරිම වැරැද්දක් තමයි වුනේ. අවුරුදු උත්සවේ දවසේ මගේ සැමිතුමා ගාවට ඇවිත් නවම් අහලා ආ රවී නේද මං දන්නවා මං දන්නවා කියලා…..😀

    සැමිතුමා වැරැද්ද නිවැරදි කරලා දීලා………..

     
    • නවම්

      නොවැම්බර් 11, 2011 at 3:13 ප.ව.

      බොලං උඹහැ ඔය වෙච්ච සංගෙදිය කාටවත් කියන්නෙ නැතෙයි කියල දහ අතේ දිවුරුව නේද, අනේ හැබෑට මගෙ සායම මෙතනම යවන්න ඕන උනානෙව මෙකිට. මේ කට හොඳ නැති හෙන්රියට කිව්වට වැඩිය හොඳ නැද්ද පත්තරේ එහෙම දැම්ම නං ඈ.. ?

       
  14. රන්දිල්

    නොවැම්බර් 11, 2011 at 3:15 ප.ව.

    ආ නවම්……. දැක්ක කල්……. ඊයේ පෙරේදා හවසක නවම් මාවත පැත්තේ නං ගියා, ඒත් බ්ලොග් එක පැත්තේ නං එන්ට බැරිවුනා.

    ඒක නෙමෙයි මෙයාද අර ඔයා කිවව් කට හොඳ නැති වාචාල හෙන්රි……….. සිහ්……. කියන්න එපැයි කලින්………. එහෙනං මං විස්තරේ සවිස්තරවම කියනවානේ……..😀

     
  15. ගෝල්ඩ් fish

    නොවැම්බර් 11, 2011 at 3:45 ප.ව.

    මට මැවිලා පේනවා කට්ටිය බයේ දඟලන හැටි…..

     
  16. Weni

    නොවැම්බර් 11, 2011 at 6:19 ප.ව.

    හෆ්ෆේ …ඔයින් ගියා මදැයි.. කෝච්චි වල ඇමිණෙන වාහන වලට වෙන සීන් එක දැක්කහම නම් ඇඟ හීතල වෙලා යනවා ! මාර ලක් එකක් සහ දෙක තුනක් නවා ගත්තත් මොලේ හොඳට වැඩ කල යාළුවා නිසා තමයි කස්ටියම බේරිලා තියෙන්නෙ ! හෙන් රි මොකද්ද බන්z මේ නවම්ගෙයි දිල් ගෙයි පලහිලව්ව ?

     
    • නවම්

      නොවැම්බර් 12, 2011 at 9:54 පෙ.ව.

      //මොකද්ද බන්z මේ නවම්ගෙයි දිල් ගෙයි පලහිලව්ව //

      ආව නේද මෙතන කතන්දරයක් හදන්න, අනේ අම්මප ගෑණු හොඳයි නෙව තව !🙂

       
      • Weni

        නොවැම්බර් 12, 2011 at 6:11 ප.ව.

        අපි එහෙම තමයි නවම් මල්ලියෙ, බොලාගෙ සායම හේදුනා කිව්වහම මට ආ තන්තෝසෙ… නෑ මන් කිව්වෙ, බඩ පපුව පත්තු වෙලා ගියා හෝස් ගාලා !!!! හම්බ වෙලා කතා බහ නොකලාට ඉතින් බ්ලොග් යාලුවොනෙ අපි !

         
  17. henryblogwalker

    නොවැම්බර් 11, 2011 at 6:27 ප.ව.

    @ රන්දිල්: පුදනකොටම කාපි යකා කිව්වාසේ මම වැඩේ නාගෙන ඇති සෙයකි. වෙච්ච ව‍රැද්දට සමාව හාජනයකට දමන සෙක්වා. මින් පසු ඔවැනි හදිසි තීරණ වලට නොපෙලඹෙමි. නවම් කොලුවත් මට පෙර අනාගත් බව අසා චිත්තප්‍රීතියට පත්වීමි.

    @නවම්: (රහසින් කනට කොඳුරමින්) බොල , ගෑණියෙකුටත් රහසක් රකින්න පුලුවන්ද? (කටහඬ උස්කර) මොකක්ද බොල කිව්වෙ? කට හොඳ නැති හෙන්රියා? හි‍ටු මං ලංකාවට එනවා විසි ගනං වල.

    @ගෝල්ඩ් ‍ෆිෂ්: බයටම නෙවෙයි බං…කවුද බං කෝච්චි වලට බය?

    @ වෙනී: ආ ඔය ඇවිත් තියෙන්නෙ ගිණි නිවන හමුදාවෙන් වෙනියත් පිදුරු වීල් බැරෝ එකකුයි පෙට්‍රල් ගැලුමකුයි අරන් ගින්න නිවන්න. එහෙම ගින්නක් නෑ බොල. වැඩක් බලාගෙන හි‍ටු.
    ඔව් වෙනී. කාර් එක එලවපු එකා කොහොමත් ඇ‍ඟෙන් කුඩා කල්පනාකාරයා.

     
    • Weni

      නොවැම්බර් 12, 2011 at 6:13 ප.ව.

      බොටත් පනස් ඇඳිරිය හෙන්රියො ! මේ වේලිච්ච පොල් හනසු කෑල්ලකුයි භූමිතෙල් භාගෙකුයි නෙ.. කව්ද දන්නෙ නෑ දැන් ගිණිකූර පත්තු කගෙනම ඉන්නෙ !

       
      • henryblogwalker

        නොවැම්බර් 12, 2011 at 6:23 ප.ව.

        බොල වෙනියො, මිනිස්සු මුහුකුරා යනකොට දකින්නෙ ඇස් වලින් නෙවෙයි බුද්ධියෙන්. මම බුද්ධියෙන් දැක්කා උඹ ගෙනත් තියෙන හනසු කෑල්ලෙනුයි, භූමිතෙල් බාගෙනුයි උඹ කරන්න සෙට් වෙන්නෙ පිදුරු වීල්බැරෝ එකකිනුයි, පෙට්‍රල් ගැලුමකිනුයි කරන්න පුලුවන් විනාසෙට සමාන විනාශයක් බව. පොත් ප්‍රදර්ශනෙන් ගත්ත කියෝලා උඹෙත් බුද්ධිය මුහුකුරා ගියොත් උඹටත් තේරෙයි.

         
  18. hirunijayawardenehiruni

    නොවැම්බර් 11, 2011 at 7:15 ප.ව.

    මෝඩ කමට බෙහෙත් නැ වගේ මම ඉන්ග්ලිශ් ටික පෝස්ට් කරලා නේ!!!! ඔන්න ආයෙම සින්හලෙන් කමෙන්ට් එක

    හෆොයි!!! තව පොඩ්ඩෙන් ඔක්කොම ඉවරයි! දෙවියන් වහන්සේට ස්තුතියි! ඩුඩ් මට දැනගන්න ඕනේ ඕක සීවලී දැනගත්තම මොකක්ද කිව්වෙ කියල…හරිම ලස්සනට ලියලා… :-ඪ්

     
  19. Kondaya

    නොවැම්බර් 11, 2011 at 7:19 ප.ව.

    Mekath balala monawahari liyanawada Henry, http://dinithi.wordpress.com/tag/apsara-de-silva/

     
  20. Observer

    නොවැම්බර් 11, 2011 at 8:41 ප.ව.

    අදනෙ හෙන්රිගෙ ප්‍රොෆයිල් එක නිකමට වගේ බැලුවෙ. (හරිනං බ්ලොටින් පේපර් එකක ලියන්න ඕනෙ,චරිත සහතිකේ)
    ආතර් හේලි, හැරල්ඩ් රොබින්ස්, ජෝන් ග්‍රිශම්, වගේ එවුන්ට කැමති වගේ කියල හිතුන. ජේම්ස් හැඩ්ලි චේස්, ඇලිස්ටෙයාර් මැක්ලේන් එහෙමත් කියෝලා ඇති මයෙ හිතේ. දැන් නං අලුතෙන් හම්බෙන කට්ටිය හරියට, නම් මතකත් නෑ.

     
    • henryblogwalker

      නොවැම්බර් 11, 2011 at 9:12 ප.ව.

      නැතුව නැතුව ලොකු අයියෙ, හැඩ්ලි චේස් කලෙක්ෂන් එක තාමත් තියෙනව මගෙ යාලුවන්ගෙන් බේරාගෙන. ඔව් ඇලිස්ටෙයා මැක්ලීන්, ජැක් හිගින්ස්, හැරල්ඩ් රොබින්ස්..

      ඒක නෙවෙයි දන්නවද මගෙ ප්‍රියතම ඔස්ට්‍රේලියන් කාරයෙක් තමයි පෝල් ජෙනිංස්. අනේ මං කියනවට කියවල බලන්න. කියලා වැඩක් නෑ.

       
  21. ලොකු පුතා

    නොවැම්බර් 11, 2011 at 10:17 ප.ව.

    කෝච්චියෙන් බේරුනාට වඩා අමාරු වෙලා නොවැ යාළුවගේ තාත්තාගෙන් බේරෙන්න.
    වාහන සම්බන්ධ උපදෙස් ටිකනම් වටිනවා…

    අර ඕනය කිව්වා වගේ බීපු වෙලාවක කවදාවත් අනුන්ගේ ගෙදරකට යන්න නරකයි. ඔන්න බෝඩිමක්නම් කමක් නැහැ, යාලුවට විතරනේ කරදරේ. අනික ඌත් අපිත් එක්ක එකටම බීපු එකෙක්නම් කිසිම අවුලක් නැහැ.

    බීලා රිය පැදවීමනම් මමත් සමහර වෙලාවට කරනවා. හැබැයි එහෙම කරන්නේ අර පෙණ දාන ජාතිය පාවිච්චි කරන දවස් වලට නිසා කවදාවත් කිසිම කරදරයක් වෙලා නැහැ.

     
  22. Observer

    නොවැම්බර් 12, 2011 at 7:53 පෙ.ව.

    ඕස්ට්‍රේලියන් කට්ටියගෙන් මං කැමතිම බ්‍රයිස් කර්ට්නි, වින්ස් ෆ්ලින්, ටෝනි පාර්කර්.

    පෝල් ජෙනින්ස් කියවලම නැහැ. කියවල බලන්නං

     
  23. henryblogwalker

    නොවැම්බර් 12, 2011 at 8:58 පෙ.ව.

    @ හිරුණි: මම ඒක ඩිලීට් කලා. දැන් හරි. සීවලියා ඇත්තද බං කියලා හිනාවුනා. ඌ කිසිම දෙයක් ගනන් නොගන්න සැහැල්ලු ඩයල් එකක්.

    @කොන්ඩයා: ඔවු මචං මම ඒක බැලුවා. ඉස්සර ටීවී එකේ ඕක නිතර්ට පෙන්නනව නේ?

    @ඔබා අයිය: බ්ලොටිං පේපර් එකක…?

    @ලොකුපුතා: තාත්තා වැරදි නෑනෙ, ලොකු පුතා. අනික අපිව ගෙයින් එලියව වීසි කලෙත් නෑනෙ. අපි ඒ නොහික්මුණු දඩබ්බර වැඩ කරන කාලෙනෙ. දැන් නම් බෝ ගස් වගෙ අර ඔබා අය්යා කියනවා වගෙ.
    මම නම් දැන් කොහොමත් වැඩිය බොන්නෙත් නෑ. බීලා වාහන එලවන්නෙත් නෑ.
    ඔය ඕනයා කියන්නෙ බොරු. ඕකාත් අර පෙන දාන ජාතිය බීලා අර පූටාර් එකේ යනකොට පොලිසියෙන් නැවැත්තුවාම දත් වලින් ග්ලව් එක ගලවලා කටේ එල්ලගෙනලු කතා කරන්නෙ. ග්ලව් එකේ ගඳට බියර් එකේ ගඳ කොහොමත් මැකිලා යනවලු. ඌමයි කිව්වෙ.

     
    • ඕනයා (Dulip Sikurajapathy)

      නොවැම්බර් 15, 2011 at 5:58 ප.ව.

      හික් හික් . . . කුදාර් වෙන්න ගහල බයික් පැදපු කාලයක් තිබ්බ තමයි . . පස්සෙ නැවැත්තුවා . . . කොහොමත් මම 100 ශොට් එකක් දැම්මත් බයික් එකේ වෙන එකෙක්ව දාගෙන යන්නෙ නෑ . . . රෝද හතර හෝ ඊට වැඩි ඒව කොහොමත් පදින්නෙ නෑ

       
  24. Chanaka Aruna Munasinghe

    නොවැම්බර් 12, 2011 at 1:40 ප.ව.

    උපදෙස් අංක එකනම් තේරෙන්නෙ නෑ මම සෙල්ලම් කාර් ඇරෙන්න අනිත් කාර් පැදල නැති නිසා
    උපදෙස් අංක 2 නම් හිතට වැටුණා තදින්ම

     
  25. buddhiprasad

    නොවැම්බර් 12, 2011 at 2:54 ප.ව.

    මමත් අදයි ආවේ. වැඩේ කියන්නෙ ඉස්සෙල්ලම තියෙන්නෙ ඇඟ කිලි පොලා යන කතාවක්නෙ……

     
  26. විසිතුරු | visituru

    නොවැම්බර් 13, 2011 at 2:47 ප.ව.

    ත්‍රාසය භීතිය කුතුහලය සපිරි කතන්දරයක්නේ! බීපු එකෙක් එක්ක මෝටර් සයිකලේක ගිහින් තව පොඩ්ඩෙන් මම ධාවනය වන ලොරියක් යටින් යන්න වුණ අවස්ථාවක් උදා වෙනවා…

    එදා ඉඳන් මම බීපු උන් එක්ක නම් වාහන වල යන්නෙ නෑ!

     
  27. Weni

    නොවැම්බර් 13, 2011 at 4:12 ප.ව.

    බුද්ධිය… මුහුකුරා යන්න බුද්ධිය !!!!???? අනේ හෙන්රියො මට කොහෙද බන් ඔය මහප්‍රාණ තියෙන්නෙ ???? DDD

     
  28. දේවා ගේ අඩවිය

    නොවැම්බර් 13, 2011 at 5:02 ප.ව.

    අම්ම්මපා….. මෙන්න නියම බ්ලොග් ඇඩ් දැම්මත් පාඩු නැ… කමෙන්ට් එක හරහා ආවේ.. ගොඩාක් කලි ඉදන් හොය හොයා උන්න නිසා… ඇත්තටම මම මේ කථාව ගැන නම් කියන්නේ නැ.. බිවහම වෙන ආදිනවනේ….(අපිට නම් තාවම අදාල නැත)
    බ්ලොග් එකේ පොස්ට් ගොඩාක් කියෙව්වා. ඔන්න බ්ලොග් රෝල් එකටත් දාගත්තා….

    ගොඩාක් ගොඩාක් නියමයි…. ජයවේවා

     
  29. henryblogwalker

    නොවැම්බර් 13, 2011 at 5:30 ප.ව.

    @ Chanaka Aruna Munasinghe සෙල්ලං කාර් කතාව මං විශ්වාස නොකරත් ස්තුතියි දිරි ගැන්වීමට චානක.

    @ buddhiprasad වෙල්කම් කිව්වා. නැතුව නැතුව . කිලිපොලා ගිහින් ලොඹුත් ඩැහැගැන්වෙන ඒවාත් තියෙනවා. ඔය එහෙම නැති ඒවත් තියෙන්නෙ.

    @visithuru අම්මෝ බීපු එවුන් එලවන වාහනේක යනවට වැඩිය හොඳයි පයින් යන එක.

    @වෙනි: ඔන්න ඕව අල්ලලා දාලා තව කතාවක් වත් ලියාපංකො වෙනී.

    @දේවා: තැන්කූ වේවා වර්ණනාවට. ඒ වුනාට අර කමෙන්ට් එක දැන් ඩිලීට් කරමු. ඔන්න මමත් දෙවාගෙ අඩවියට ලින්ක් දැම්මා මගෙ බ්ලොග් දෙකටම. ස්තුතියි.

     
  30. DJ

    නොවැම්බර් 14, 2011 at 1:17 ප.ව.

    හෙන්රි බ්ලොග්වොකර්,

    ඔයා ගෙ බ්ලොග් එකවගෙම එකට දාලා තිබෙන කෙමෙන්ට්සුත් හරිම ෂෝක්. ඔයාලා ඔක්කොටම ස්තුතියි අපිටත් එවා රස විදින්න අවස්ථාවක් ලබා දෙනවාට.

    DJ

     
  31. ඕනයා (Dulip Sikurajapathy)

    නොවැම්බර් 15, 2011 at 10:06 පෙ.ව.

    //මොකද්ද බන්z මේ නවම්ගෙයි දිල් ගෙයි පලහිලව්ව //

    ඔබ්සර්වර් අයියා . . . . . .!!!!!
    කොල අරගෙන වරෝ . . . . !!!!
    කැලෑ පත්තරයක් ගහන්න තියෙනෝ . . . . .!!!!

     
  32. Hasitha

    දෙසැම්බර් 20, 2011 at 8:26 පෙ.ව.

    කෝච්චි අනතුරෙන් බේරෙන එක කියා දීපු එක නම් ලොකු දෙයක්. ස්තුතියි🙂

     
  33. ඉංජිනේරුවා

    මැයි 7, 2012 at 10:09 ප.ව.

    නියම කතාව, අහම්බෙන් කියවන්න ලැබුනත් දැනුමකුත් හම්බ උනා. ස්තුතියි

     
  34. අටම්පහුර

    මැයි 19, 2012 at 11:28 ප.ව.

    ඔබතූමාගේ පරණ එව්වා බලන ගමන් මෙ , මාර බෙරිල්ලක්නේ බෙරිලා තියෙන්නේ. ඔයාගේ බ්ලොග් එක මරැ

     
  35. Sarath Lankapriya

    අගෝස්තු 24, 2012 at 9:42 පෙ.ව.

    මටත් ඔහොම එකක් උන ඒක වෙනම කතාවක් !

     

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

 
%d bloggers like this: