RSS

32. මචං බාප්පලා සහ ‘ප‍ටුන’

16 Nov

මට ඉන්නවා මචං බාප්පලා සෙට් එකක්. මේ බාප්පලගෙ බාලම එකා මගෙ වයසෙ. මේ සෙට් එකේ ලොකුම බාප්පට විතරයි මම ඇත්තටම බාප්පා කියලා කතාකලේ. දෙවෙනියාට නමින් කතා කලා. තුන්වෙනියටයි හතරවනියටයි මචං කියලා කතාකලා.


මචං බාප්පලගෙ පවුලට තිබ්බා ව්‍යාපර කීපයක්ම. මුලින්ම ඔය ඔක්කොම තිබ්බෙ එක වහලක් යට. පිළිවෙලින් ටේලර් සාප්පුව, පත්තර ඒජන්සිය සහ මුද්‍රණාලය. ඔය කඩ පේලියම තිබ්බෙ මහජන පුස්තකාලයට යන ලේන් එකේ.

මේ මචං බාප්පලාට උඩ ඉඳලා පහලට, ලොක්කා, සුද්දා, පොඩ්ඩා සහ චූටි කියලා අපි කිව්වට ගමේ මිනිස්සු කිව්වෙ ලොකු රාළහාමි, සුදු රාළහාමි, පොඩි රාළහාමි සහ චූටි රාළහාමි කියලා.

ඔතන පත්තර ඒජන්සිය තිබ්බ නිසා paper route දෙකේ යන paper boys ල දෙන්නෙකුත් ඉන්නව. එකෙක් දවසක් කන පාත් වෙන්න ගහලා මචං බාප්පලට අදටත් වලංගු වෙන්න දුන්නනෙ චරිත සහතිකයක් කඩේ ඉස්සරහට ඇවිත් මය හයියෙන්, “මුං මහ _කේ රාළහාමිලා”, කියලා. මේක අදත් කට්ටිය කිය කියා රස විඳිනවා. කතාව ඇදුනොත්, “මොනාද රාළහාමි, මේ කාපු බීපු වෙලාවට කියන දේවල්”, කියල පොර හිනාවක් දාල ශේප් වෙනවා.

ඉතිං ඉස්සර ඉඳන්ම ‘කියවලා සම්පූර්ණ මිනිස්සු වෙන්න’ කියලා හිතාගෙන අපි පුස්තකාලයට රිංගලා බුද්ධියේ නිම් වලලු පුලුල් කරනවා. ඇත්තටම පොත පත් කියවන්නත්, ඒ හා සමානවම පුස්තකාලයට එන නංගිලාට බැල්ම දාන්නත් යන දෙවැදෑරුම් කාරණාම නිසා තමයි අපි නිතර ඔතන වන්දනාමාන කලේ. ඒ මදිවට සටහන් පොතකුත් අරගෙන ගිහින් පුස්තකාලෙ ලොකු රිෆරන්ස් පොත් පෙරලගෙන සටහන් ගන්න බවකුත් පෙන්නනවා. නමුත් ලංවෙලා බැලුවොත් ඇඳලා තියෙන්නෙ කුරු‍ටු. මේ වගෙ.

අනිත් හැම පුස්තකාලයකම වගෙ මේකටත් ‘පිටතින් ගෙනෙන පොත් මෙතනින් තබන්න’ කියලා දැන්වීමක් ගහපු රාක්කයක් තියෙනවා. මොන හේතුවකට හරි අපි ඕකට කැමති නෑ. අපි කරන්නෙ එන ගමන්ම අපේ පොත් අර මචං බාප්පලගෙ කඩේ තියලා එන එකයි. ඒ ගමන්ම එතනත් ටිකක් වල බැහැලා, කැහි කූරක් දෙකක් ඇදලා, තෙල බෙදලා තමයි ඉතින් යන්නෙ.

දවසක් මම අතින් අත ගිහිල්ලම මුල් පි‍ටු ගැලවිච්ච,18+ පොතක් බාප්පලගෙ කඩේ තියලා පුස්තකාලයට ගියා. එන ගමන් කඩේට ගොඩ වැදිලා බැලුවම පොත අතුරුදහන් වෙලා.

“ඒ චූටියො, කෝ බං අපි මෙතන තියලා ගිය පොත?” මං ඇහුවා.

“ඇයි බං ඔතන ඇති, හොඳට බලපං.” චූටියා කිව්වා.

හොඳට බැලුවත් පොත තිබ්බෙ නෑ.

“මෙතන නෑ බං. මේ ෂෝ කේස් එක උඩනෙ තිබ්බෙ.”

“ආ, ඔන්න ඔය ෂෙල්ටන්ගෙන් අහපං.”

ෂෙල්ටන් කිව්වෙ එක paper boy කෙනෙක්. කැළණි ග‍ඟෙන් එගොඩහ ඉඳලා ආපු අහිංසක හිත හොඳ ඩයල් එකක්. ඔන්න එතකොටම ලඟ කඩේකට ගිහින් හිටිය ෂෙල්ටා ප්ලේන්ටී බෝතලේකුත් අරන් ආවා.

“ෂෙල්ටො, මෙතන තිබිලා පොතක් අරන් තිබ්බද?”

“පොතක් නේද? කෝ ඉන්න බලන්න.”

ඔලුව කස කස ටිකක් වෙලා කල්පනා කරපු ෂෙල්ටා,

“ආහ් හරි, අර ‘ප‍ටුන’ කියන පොතනෙ ඔය මහත්තයා කියන්නෙ.”

“මොනව කියන පොතද බං?”

“අර ‘ප‍ටුන’ කියන පොතනෙ.” කියලා තව පාරක් කියපු ෂෙල්ටා කබඩ් එකක් ඇතුලෙ අරන් තියලා තිබ්බ අපේ පොත මේසෙ උඩට දාලා’
“කාගෙද කියලා දන්නෙ නැති නිසා මම අරන් තිබ්බා.” කියල කිව්වා.

හැබෑම නේනං.  ප‍ටුන තමා ඒ පොතේ පළවෙනි පි‍ටුව. අනිත් ඔක්කොම ගැලවිලා ගිහින්.

අපි ඔක්කොම එක හඬින් බක බක ගාලා හිනාවුනු නිසා ෂෙල්ටනුත් අපිත් එක්ක හිනාවුනත් ඒ අහිංසකයට තේරෙන්න නැතුව ඇති ඇයි අපි ඒකට එච්චර හිනාවෙන්නෙ කියලා. පස්සෙ පොරට හෙමිහිට කිව්වා ප‍ටුන කියන්නේ මොකක්ද කියලා.

 

ටැග: , ,

18 responses to “32. මචං බාප්පලා සහ ‘ප‍ටුන’

  1. නරකයා

    නොවැම්බර් 16, 2011 at 11:35 පෙ.ව.

    හ්ම්…. කැහිකූරුත් අදිනවා එහෙනං ඈ….
    අපේ අම්මා ගාව තිබ්බා හෙන ඇන්ටික් පොත් සැට් එකක් ඔවගෙ පිටකවර ගැලවිලා නිසා එයා ඒවට ඇක්සයිස් පොත්වල් කාඩ්බෝඩ් කවරෙ අලවලා තිබ්බා… හොයාගන්න ගියාම පිස්සු හැදෙනවා ඔක්කොම එක වගේනෙ…

     
  2. Observer

    නොවැම්බර් 16, 2011 at 12:36 ප.ව.

    Jogging කොරන ගමන් කැහි කූරුත් අදිනව. නියම කොම්බිනේෂන් එක.
    බොනව, ඇටෙන් පොත්තෙන් එන්න ඉස්සෙල්ල ඉඳන් පැණි හලන්නෙ.
    නොකරපු දුශ්චරිත මොනවද එතකොට?
    බලාගෙන යනකොට ‘ඕනය’ බෝ පැලයක් වගේනෙ.

     
  3. ඕනයා (Dulip Sikurajapathy)

    නොවැම්බර් 16, 2011 at 12:41 ප.ව.

    පොතේ නම “වඩුවයි බල්ලයි” නේද ???

     
  4. Gaminie

    නොවැම්බර් 16, 2011 at 1:10 ප.ව.

    කතාව වගෙම චිත්‍රෙත් හොඳයි. ඒකෙ ඉන්න බුවා මට ටිකක් දැකලා පුරුදුයි වගේ ..?

     
  5. Buwa

    නොවැම්බර් 16, 2011 at 1:59 ප.ව.

    පටුන කිව්වාම මතක් උනේ අර මරේ එකේ “පෙරවදන” පොත 😀

     
  6. අවංක පැට්ටා

    නොවැම්බර් 16, 2011 at 2:35 ප.ව.

    අයීයේ මේ පොතේ වගේම බුදුසරණ පත්තරේත් ‘පටුන’ තියේද?

     
  7. Kasun Chanaka

    නොවැම්බර් 16, 2011 at 3:23 ප.ව.

    අනේ පව් ඒ මනුස්සය. එතකොට හිනා වුනා විතරද, ඒ මනුස්සයට කියල දුන්නේ නැද්ද?

     
  8. hiruni

    නොවැම්බර් 16, 2011 at 6:10 ප.ව.

    හෆොයි! පව් අප්ප. මතකද අර චුටියගෙ තක්කාලි සමග රෝස් පාන් කතාව? හිහ් හිහ් හිහ්

     
  9. henryblogwalker

    නොවැම්බර් 16, 2011 at 6:18 ප.ව.

    @නරකයා: අවුරුදු හයකට විතර කලින් කැහි කූරු අදින එක නැවැත්තුවා නරකයා.
    පිරිමැස්ම තමයි හොඳම මැස්ම කියලා අම්මා දන්නවා ඇති.

    @ඔබා අයියා: අර නරකයට කිව්වා වගෙ දැන් කැහි කූරු අදින එක නැවැත්තුවා. දැන් කරන ලොකුම දුශ්චරිතය ඔන් (සයිබර්) පාප මිත්‍ර සේවනය. ඒක නෙවයි අර පොඩ්ඩා ඔබා අයියගෙ යාලුවෙක්. අර කූඹියා කියන්නෙ.

    @ඕනයා: නෑ බං මේ මකුණා කියලා කෘමියෙක් ගැන ලියැවුනි ZOOLOGY පොතක්.

    @ගාමිණි: තැංකූ වේවා. මටත් දැකලා පුරුදුයි වගෙ.

    @බුවා: බුවාටත් අතීතය මතක් වෙලා වගෙ.

    @අවංක පැට්ටා: නෑ බං OBSERVER පත්තරේ නං තියෙනවලු.

    @කසුන් චානක: පස්සෙ කිව්වා කසුන්. හිනා වුනා නෙවෙයි හිනා ගියා බං. ඔය කොලු කාලෙ අපි කවුරුවත් නවම් හොයනවා වගෙ පරමාදර්ශී පොර චරිත නෙවෙයි

     
  10. විසිතුරු | visituru

    නොවැම්බර් 16, 2011 at 8:50 ප.ව.

    අපහාසයට නෙවෙයිනෙ උපහාසයටනෙ හිනා වුණේ? ඒ නිසා වරදක් නෑ

     
  11. Weni

    නොවැම්බර් 16, 2011 at 9:38 ප.ව.

    චික් විතරක්.. ඒ කාලෙ 18+ ඒවත් කියවල ඒ මදිවට..මේවා කියවල..ඔබා අයියයි, ඕනයයි අපියි නරක් වෙයිද මන්දා ?

     
  12. නවම්

    නොවැම්බර් 17, 2011 at 3:02 ප.ව.

    හම්බෝ මේක මහා අභ්‍යාසයි නෙව. හොඳ වෙලාවට අපේ ගෙදර උන්දැ බ්ලොග් කියවන්නෙ නැත්තෙ. කියෙව්වනම් එහම මට කියනව උඹල වගේ එවුන් එක්ක ඇයි හොඳයියක් තියාගන්නත් එපා කියල.

     
  13. ලොකු පුතා

    නොවැම්බර් 18, 2011 at 2:47 පෙ.ව.

    පව් අප්පා අර අහිංසකයා
    අයියේ උඹගේ පෝස්ට් එකට නෙමෙයි මගෙනම් හිත ගියේ අර ලස්සන රූ සටහනට
    බලි කුරුටු ඔච්චර ලස්සනට අඳිනවානම්, අයිය හිතලා ඇන්දොත් කොහොම තියෙයිද
    පෝස්ට් වලට ලස්සන චිත්‍ර එහෙමත් අන්දලා දාන්න මීට පස්සේ

     
  14. Observer

    නොවැම්බර් 18, 2011 at 2:33 ප.ව.

    ආ… කුඹියද? ඌ මගේ බැච් මේට් කෙනෙක්නෙ. පොර එතර යන්න ඉස්සෙල්ල, හෙන්රි ඇප්රෙන්ටිස් ෂිප් එක කල කොම්පැනියෙත් වැඩ කළා නම් ඌම තමා. නම රන්ජිත් නේද? සර් නේම් එක නං ජයවර්ධන නෙමේ මගෙ මතකෙ හරි නං.

     
  15. Observer

    නොවැම්බර් 18, 2011 at 2:38 ප.ව.

    මන් ඔය ‘මකුණ’ පොත කියෙව්වේ 8 – 9 වගේ පන්තියක ඉන්න කාලේ. එක හොයාගන්න නැද්ද දන්නැහැ දැන්, ආයෙත් කියෝල බලන්න.

    හෙන්රි කියවල තියෙනවද රානි සුමනට ‘හනි මූන්’ එකේ විස්තරේ ලියල ඇරපු කවි පන්තිය.
    අර මඩ ගොඩට පොල් කඩන හැටි, එතකොට පොඩි සිරිමල් ගැන එහෙම, කියල තියෙන එක.

     
  16. hasithag

    මැයි 2, 2012 at 7:31 පෙ.ව.

    පටුන කියලත් පොතක් ලියන්නැ බැරි නැහැ…….🙂 ඔය යාපාපටුන වගේ එකක් කෙටි කරලා පටුන් කියලාම දාන්න පුලුවන් නේ🙂

     
  17. Sarath Lankapriya

    අගෝස්තු 24, 2012 at 11:27 පෙ.ව.

    ඔය පොත අපිට එකෙක් කියවන්න දුන්නේ කොන්දේසි දෙකක් පිට. එක ෆ්‍රී ස්ටයිල් සරම ඇඳගෙන ඉන්න ඕන.. (සරම ඌම දුන්නා)
    දෙක උගේ ඇඳේ උඩුබැලි අතට නිදාගෙන කියවන්නත් ඕනා.

     

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

 
%d bloggers like this: