RSS

34. කටට බ්‍රේක් නැති විදුහල්පති සුපිරිපාල.

24 Nov
34. කටට බ්‍රේක් නැති විදුහල්පති සුපිරිපාල.

අම්පාරේ ඉස්කෝලෙක වැඩ කරපු විදුහල්පති සුපිරිපාලතුමා සුපිරිම ඩයල් එකක් තමයි. මම හිතන්නෙ, ගම නම් මොර‍ටුව හරි පානදුරේ හරි. සුපිරිපාලතුමා මගෙ ප්‍රින්සිපල් නොවුනට, මට නිතර මුණ ගැහෙනෙවා, මොකද, මම උමේෂ් මුණ ගැහෙන්න නිතර ඒ ඉස්කෝලෙට යන නිසා .

උඹ, බං, දියං, පලයං කියලා තමයි සුපිරිපාලතුමා සාමාන්‍යයෙන් කතා කරන්නෙ. හැබැයි ආදරේට. ඇත්තටම ඒ මිනිස්සුන්ගෙ බොක්ක හොඳයි. දෙපිටකාට්‍ටු වැඩ නෑ. බෙලි කැපිලි නෑ. හිතන්නෙත් සම්ප්‍රදායික ක්‍රමයට නෙවෙයි. හැබැයි කටට බ්‍රේක් නෑ. නිසි තැනට අදාල උත්තර කොහෙන් කටට එනවද කියලා දෙයියෝ තමයි දන්නෙ. ඒ උත්තරෙත් ඇද බාන්නෙ කිසි කලබලයකින් තොරව, ඇඟට පතට නොදැනි, කූල් පිට. ප්‍රතිඵලයත් හරියට මල්ටි බැරල් එකෙන් ගැහුවා වාගෙ. හැබැයි පොර හිනාවෙන්නෙ නෑ. අහගෙන ඉන්න උනුයි බඩවල් අල්ලගෙන හක්ක පනින්න හිනාවෙන්නෙ. මේකෙන් අදහස් වෙන්නෙ නෑ සුපිරිපාල තුමා ජෝකර් කෙනෙක් කියලා. පොරට මාර පෞරුෂයක් තිබ්බා.

දවසක් කට්ටිය වටවෙලා ඩ්‍රින්ක් එකක් දානවා. ඒ කාලෙ මතට තිතක් තිබ්බෙත් නෑනෙ. ඔන්න කට්ටිය දැන් කියෝනවා. අද බයිට් එක චූනා නොහොත් සංගීතය උගන්වන නාරද.

“ඒයි නාරද,” ඒ සුපිරිපාලතුමා බයිට් කෑල්ලක් කටට දාගන්න ගමන්. “මම කීප දවසක් බලාන හිටියෙ. මොනාද බං උඹ අර ළමයින්ට උගන්නන සංගීතෙ කියලා?”

“ඇයි සර්? මොකද?” නාරදයත් ඇහුවා ඇස් ලොකු කරගෙන.

“නෑ බං උඹ උගන්නනෙ බෝල මියුසිකුයි, පෙට්ටි මියුසිකුයිනෙ.”

දැන් අපි කාටත් කුතුහලේ මොකක්ද මේ අලුත් genre දෙක කියල දැන ගන්න.

“මෙන්න මෙහෙමයි මූ උගන්නන්නෙ.
ස……(අත්ලවල් සමාන්තරව පහලට ගෙන එමින්)
රී…(අත්ලවල් සමාන්තරව පැත්තට ගෙනයමින්)
උඹ පෙට්ටියක්නෙ බං පෙන්නන්නෙ.
දැන් අනිත් උන් හිනාවෙනවා. නාරදයා එච්චර කැමති වුනේ නෑ මේකට.

“හරි, ඒ පෙට්ටි මියුසික්නෙ. බෝල මියුසික් මොනවද? මම නිවීයන ගින්නට පිදුරු ටිකක් දැම්මා.

“මෙන්න මූ දවසක් සින්දුවක් උගන්නනවා ගෑනු ලමයි කට්ටියකට, අත් දෙකෙන් මෙන්න මෙහෙම පපුව ඉස්සරහා බෝල දෙකක් කරකවකව.”

“මොකක්ද මචං මේ බොසා කියන සීන් එක?” එතකොට උමේෂයා ඇහුවා

“යකෝ මං ඉගැන්නුවෙ ‘ඕලු නෙලාලා’ සින්දුව. එහෙම නැතුව ඕලු පෙන්නන්නෙ කොහොමද?” නාරදයා දැං ගොරවන්නෙ අපිට.

දැං කංටියම බක බක ගාල හිනාවෙනවා. නාරදයට මල.

“යකෝ, සින්දුවෙ තියෙන්නෙ ඕලු මල් විතරක්යැ බං. ඕලු නෙලාලා, මාල ගොතාලා තවත් මොනවද කරනවා නේද? උඹ මුලු සින්දුවෙම කලේ බෝල කරකවපු එකනෙ.”

නාරදයගෙ මූණ රතුවෙනව දැක්ක මම මාතෘකාව වෙනස් කලා.

සුපිරිපාලතුමා හැමෝවම බයිට් කරන නිසා, මම බුවාව බයිට් කරන්න හිතාගෙන මෙහෙම ඇහුවා. (මගෙත් කට එච්චර හොඳ නෑයි කියලයි අනිත් උන් නම් කියන්නෙ.)

“මොකක්ද සර් මේ වැඩේ තේරුම?”

“මොන වැඩේද බං?” සුපිරිපාල තුමා සීරුවෙන් තව ෂොට් එකක් වීදුරුවට වක්කරන ගමන් පිළිතුරු දුන්නා.

“සර් බැඳපු මිනිහෙක් නේද?” මං ඇහුවා. දැං ඔන්න හැමෝගෙම ගොසිප් ඇන්ටෙනා මේ පැත්තට හැරුනා.

“ඔව්. ඉතිං උඹට මොකද තියෙන අමාරුව?”, කියපු සුසිරිපාලතුමා ගිණිවතුර ෂොට් එකක් උගුරෙන් පහලට ඇරියා. ඊට පස්සෙ මූන ඇඹුල් කරලා, කඩදාසි නැප්කින් එකකින් කට පිහදාගෙන, අර ලා කොල පාටට හුරු අලුපාට ඇස් වලින්, මගෙ මූණ දිහා බලං ඉන්නවා.

“ඉතිං මොකක්ද සර් ඔය වැඩේ තේරුම? සර් මෙහෙ. වයිෆ් අරෙහෙ පානදුරේ. කසාද බැන්දට වැඩක් තියෙනවයැ?”

“මූ කියන කතාව ඇත්ත.” සුපිරිපාලතුමා දිග සුසුමක් හැරලා නැප්කින් එක ගුලි කරලා පිඟානට අතෑරියා.

ඊට පස්සෙ වටේටම ඉඳගෙන ඉන්න අපි කට්ටියම ආවරණය වෙන විදියට වටේටම ගෙන ගිය ඇස් අන්තිමේදි මා ගාව නතර වුනා.

මගෙ ඇස්දෙක දිහා එක එල්ලෙ බලාගෙන පාපෝච්චාරණයක් කරන විදියට ඉතාම දුක්මුසු හඬකින් මෙහෙම කිව්වා.

“මං පොඩි කාලෙ බං හරියට බලු පූට්‍ටුවලට ගල් ගහලා තියෙනවා. ඒවා තමයි දැං මට ඔය හම්බ වෙන්නෙ.”

ඇත්තටම, මට හිනා ගිය පාරට මගෙ ඩ්‍රින්ක් එක නහයෙන් එලියට ආවා. සුපිරිපාලතුමා ගානක් නැතුව උඩ බලාගෙන තව බැදපු මස් කෑල්ලක් කටට දමාගෙන හපන්න ගත්තා.

DSCN3290_2_2

තවත් දවසක සුපිරිපාලතුමයි, උමේෂුයි, මමයි ගියා යාලුවො වගයක් බලන්න චමරියකට. අම්පාරෙ චමරි වැහි වැහැලා. ඕන් කට්ටිය එකතු වෙලා වැල ‍ෆිල්ම් එකක් බලන්න. ඕවා ගේන්නත් ඒ දවස් වල එක පොරක් සල්ලි එකතුකරගෙන යනවලු කල්මුණේට.

කොහොම හරි බලන කොට, එතන ඉන්නවා නගරෙම ඉන්න වැදගත්, පරිපාලන, ව්‍යාපාරික, එකී නොකී සියලුම අංශ නියෝජනය වන සාමාජිකයෝ.

‍ෆිල්ම් එක විතරක් නෙවෙයි, බෝතල්-කීතල්ද, අරකද-මේකද හැම එකම. අපිව දැක්ක ගමන් ව්‍යාපාරික ප්‍රජාව නියෝජනය කරන එක මුදලාලි කෙනෙක් කියනවා,

“යකෝ මේ අපේ විදුහල්පති තුමානෙ. ඉතිං බලන්නකො අපිත් අපේ ළමයි යවනවනෙ ඔය ඉස්කෝලෙට.”

පොර ඒක විහිළුවට කිව්ව වුනත්, මටත් ඒක තදින්ම වැදුනා. මොකද අනිත් කෂ්ටියත් ඒකට පොඩි සපෝට් එකක් වගෙ දුන්නා. අපේ ගෞරවය එහෙම්පිටින්ම ‍රැඳිලා තිබ්බෙ අපේ ශ්‍රේෂ්ඨ, ජ්‍යේෂ්ඨ, විදුහල්පති තුමාගෙ බ්‍රේක් නැති කටේ.

“මේ මුදලාලි මහත්තයො,”සුපිරිපාලතුමා කියනවා. “මං මේ කට්ටියටමයි කියන්නෙ.”

දැන් කට්ටියම ඔලු හරවලා අපි දිහාට.

“මේ විදුහල්පතිවරු කියන්නෙත් අමුතු ජාතියක් නෙවෙයි. විදුහල්පතිවරුත් තමුසෙලා වගේම රෑට @#$%!”

කට්ටියම හොල්මං. කට උත්තර නෑ. අනාගෙන ගහන්න උරුක් කරපු මඩ ගුලි එහෙමම බිමට වැ‍ටුනා. මඩ ව්‍යාපෘතිය පටංගත්ත තැනම අවසන්. කට්ටියම හිනාවෙවී ආපහු තම තමන්ගෙ කතාවල් පටන් ගත්තා. අපිත් ෂොට් දෙකතුනක් දාගෙන වැලෙත් බලල අපේ චමරිවලට ගියා.

 

ටැග: , ,

25 responses to “34. කටට බ්‍රේක් නැති විදුහල්පති සුපිරිපාල.

  1. ගෝල්ඩ් fish

    නොවැම්බර් 24, 2011 at 8:02 පෙ.ව.

    අයියේ චමරිය කියන්නේ මොකද්ද?

    මාර ප්‍රින්සිපල් කෙනෙක්නේ…

     
  2. පූසා

    නොවැම්බර් 24, 2011 at 8:08 පෙ.ව.

    හෙහෙහ් ඒකත් හැබෑව…. විදුහල්පති කියලා අමුතු මනුස්ස ජාතියක්යැ😀

     
  3. Weni

    නොවැම්බර් 24, 2011 at 9:23 පෙ.ව.

    හකාස් ! හිනා ගිහින් හුස්මත් හිරවුනා !!! නියම ඉස්තානෝචිත ප්‍රඥාවක් තියෙන මනුස්සයෙක්නෙ !

     
  4. Observer

    නොවැම්බර් 24, 2011 at 12:32 ප.ව.

    මොන හේතුවක් හින්දද මන්ද අර බොන සීන් එක නං මැවිල පේනව.
    එතකොට විදුහල්පති වරු දවල්ට @#$%!” නැද්ද?

     
  5. ඕනයා (Dulip Sikurajapathy)

    නොවැම්බර් 24, 2011 at 4:22 ප.ව.

    ලොක්කා . . . විදුහල්පතිවරු දවල්ටත් @#$%!”

    ප.ලි.
    ඉන්න තැනකින් ඉක්මනට ෆෝන් නොම්මරේ එවපං සුදු අයියෙ . . .

     
  6. නවම්

    නොවැම්බර් 24, 2011 at 5:58 ප.ව.

    හොහ් හොහ්…. බොලේ අපේ ඉස්කෝලෙ උතුමත් එහෙනං රෑට %$&#^(#. අම්මප ඒ කාලෙ අපිට එහෙම කල්පනාවක් උනේම නෑ නෙව.

    බ්‍රේක් නැති කට හන්ද යාන්තං එදා ජාම බේර ඇවිල්ල තියෙන්නෙ. පොඩ්ඩ එහෙ මෙහෙ උනා නං රෙදි ගලවං එන්න වෙන්නෙ.

     
  7. henryblogwalker

    නොවැම්බර් 24, 2011 at 6:23 ප.ව.

    Hi everybody. This is again my friends laptop.And this blog post was scheduled to be automatically published.

    @Gold fish: Dude, chummary is bachelors’ quarters where everybody contributes in buying stuff and cooking. Awesome place.
    @Puuus: Yeah, dude. That goes without saying.
    @Weni: Don’t choke and die dude, I hope to see you this vacation.
    @Obaa ayiya: I’m not surprised about that. Deja vu. I don’t know the answer to th second question.
    @Onaya: Sorry we missed each other that day. We had bought food for you too. When the flight was late for more than one hour, we thanked you and ate it. My phone number is 0094 71 0900192.
    @Navam: Dude, brakeless mouth is an asset.

     
  8. charmi...

    නොවැම්බර් 24, 2011 at 6:27 ප.ව.

    සිරා පොරක්නෙ යකෝ…
    @#$%!”

     
  9. Mahinda

    නොවැම්බර් 24, 2011 at 7:32 ප.ව.

    එල පොරක් තමයි බලාගෙන ගියාම. විදුහල්පති කියලා වෙනම අච්චුවක ගහලයැ.

     
  10. වෙද ගෙදර මහ වෙදනා

    නොවැම්බර් 24, 2011 at 9:40 ප.ව.

    මම තෝරා ගත්ත වෙබ් අඩවි කීපයක් පමණයි බලන්නේ. ආසාව තිබ්බට වෙලාව නැහැ. අද අහම්බෙන් මේක දැක්කේ ආයිත් නම් කවදාවත් මට මේක වරදිනේ නැහැ.

     
  11. Sanjeewa Rathnayaka

    නොවැම්බර් 24, 2011 at 9:48 ප.ව.

    @ Gold Fish, ‘Chamariya’ kiyanne Chamari nangige gedarata.

     
  12. uwiniran

    නොවැම්බර් 25, 2011 at 12:35 ප.ව.

    මාර කතා සෙට් එකක් තියෙනවා නේද?….

     
  13. Observer

    නොවැම්බර් 25, 2011 at 4:44 ප.ව.

    හාපෝ, ඕනයට ෆෝන් නොම්මරේ දුන්නට වඩා හොඳා වහ කාල කැලේ රිංගුව නං

     
  14. නරකයා

    නොවැම්බර් 25, 2011 at 10:16 ප.ව.

    මෙ කතාවෙයි කොමෙන්ට් වලයි තැනින් තැන @#$%!” කතා… ඉතිං ඇයි ඔය හදිස්සියේ ඕනයාට ඔබාගේ නම්බරේ

     
  15. අවංක පැට්ටා

    නොවැම්බර් 26, 2011 at 10:52 පෙ.ව.

    විදුහල්පති වරු රෑට @#$%! ආතල් ද? හෙන්රි අයියේ😛

    එතකොට සෙනසුරාද ඉරිදා @#$%!” දවල්ට වෙන්ටැ මයෙ හිතේ.😉

     
  16. ඉඳුනිල්

    නොවැම්බර් 26, 2011 at 5:51 ප.ව.

    නෝනා හිටියේ පනදුරේනම්, විදුහල්පතිතුමා රෑට @#$%! කලානම් @#$%! කියන්නේ මොනවාද ?

    1. @#$%! (අ)
    2. @#$%!(අ)
    3. @#$%!(ස)
    4. ස්වප්න මෝචනය

     
  17. ලොකු පුතා

    නොවැම්බර් 27, 2011 at 1:37 පෙ.ව.

    මෙයානම් මරු ඩයල් එකක් වගේ 🙂

    මටත් අපේ ලොකු මාමා වෙච්ච ගුරු උපදේශක මහත්තයාගේ යාළුවෙක් දවසක අපුරු උපදේශයක් දුන්නා
    මම අපේ මස්සිනාලගේ ගෙදර ගිය වෙලාවක කවුරුත් පෙන්න හිටියේ නැහැ, අක්කාගෙන් ඇහුවහම කිව්වා “කට්ටිය උඩ” කියලා
    ඉතින් මමත් උඩට ගියා
    එතන අපේ මස්සිනා කීප දෙනෙක් එක්ක එකතුවෙලා බ්‍රැන්ඩියක් හිස් කරනවා
    මම ඉතින් ගිහින් එයාලත් එක්ක කතාබහ කරකර හිටිය මිසක් එතනට සහභාගී වෙන්න අදහසක් තිබ්බේ නැහැ
    මොකද ලොකු මාමයි, එයාගේ යාළු ගුරු මහත්තයෙකුයිත් ඉන්න නිසා
    එක පාරට අර යාළුවා බොහෝම හිමීට කිව්වා
    “xxxxx මහත්තුරුන්ට බ්‍රැන්ඩි ටිකක් බිව්වට අකැප නැහැ” කියලා, ඊට පස්සෙ අහක බලාගෙන හිටපු ලොකු මාමත් මට කතා කළා ඇවිත් වාඩි වෙන්න කියලා
    ඉතින් මමත් “වාඩි” උනා….🙂

     
  18. henryblogwalker

    දෙසැම්බර් 8, 2011 at 10:27 පෙ.ව.

    @ charmi: වෙල්කම් කිව්වා.

    @ අඩේ මහින්දයත් ඇවිත් ඉන්නෙ. ෂෙහ්. මේ මොන පුදුමයක්ද?

    @වෙද ගෙදර මහ වෙදනා. ඉතාම ස්තුතියි වෙද මහත්තයා. ආයෙ එන්න.

    @සංජීව රත්නායක: ඔය දීල තියෙන්නෙ උත්තරේ.

    @uwinirin: මේවා ඇත්ත කතා. Drama In Real Life

    @ඔබා අයියා: ඒ වුනාට මුලින්ම මගෙ නම්බර් එක ඕනයාට දුන්නෙ ඔබා අයියම තමයි.

    @නරකයා: ඕකනෙ උඹට නරකයා කියන්නෙ

    @අවංක පැට්ට.: දන්නෑ බං. ප්‍රින්සිපල් කෙනෙක්ගෙන් අහපං. නැත්නම් ඉසුරුපායෙ FAQ එකේ බලපං

    @ඉඳුනි: හෆෝයි මටත් ඉන්න යාලුවෝ!!

    @ලොකු පුතා: ඉනික්බිතිව සියල්ලෝම සතුටින් ජීවත් වූහ.

     
  19. Hasitha

    දෙසැම්බර් 20, 2011 at 8:21 පෙ.ව.

    මෙහෙම ප්‍රින්සිපල්ලාත් ලංකාවේ ඉන්න ඕනේ……. දැන් කොහේද දන්නේ නෑ ඉන්නේ ??

     
  20. winchat kirilli

    අප්‍රේල් 17, 2012 at 5:25 ප.ව.

    අපේ බාප්පත් විදුහල්පති කෙනෙක් ඔය වගේම…බොනවා හොඳටම…ඔය වගේම මාරම කතා කියන්නෙ…හිනා වෙලා පන යනව එයා ගාව ඉන්නකොට..හැබැයි බිව්වෙ නැති වෙලාවට අපි කාගෙවත් මූණවත් බලන්නෙ නැහැ….!!

     
  21. http://atampahura.blogspot.com/

    මැයි 6, 2012 at 10:27 පෙ.ව.

    හැකර කටක් තියන එකත් වටිනවා සමහරක් කරදර වලට මුහුණ දෙන්ඩ

     
  22. බිව්වෙ

    අගෝස්තු 4, 2012 at 2:11 ප.ව.

    විදුහල්පති කෙනෙක් ඔය වගේම…බොනවා හොඳටම…ඔය වගේම මාරම කතා කියන්නෙ…හිනා වෙලා පන යනව එයා ගාව ඉන්නකොට..හැබැයි බිව්වෙ නැති වෙලාවට

     
  23. DDT

    අගෝස්තු 12, 2012 at 9:41 ප.ව.

    අන්න විදුහල්පතිල !

     
  24. Sarath Lankapriya

    අගෝස්තු 24, 2012 at 11:48 පෙ.ව.

    මෙයාගේ හරි නම සුසිරිපාලද ? සුදු පාට ටිකක් වපර ඇස තියෙන ?

     
  25. AKM

    නොවැම්බර් 26, 2012 at 8:51 ප.ව.

    “මං පොඩි කාලෙ බං හරියට බලු පූට්‍ටුවලට ගල් ගහලා තියෙනවා. ඒවා තමයි දැං මට ඔය හම්බ වෙන්නෙ.”

    නොදකින් පවුකාරයා.

     

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

 
%d bloggers like this: