RSS

38. දකුණු කකුලෙ ගෙඩිය නැව් භාෂාවෙන්

19 Dec

කුරුළු හමුදාවෙ තදයෙක් වන මගෙ මචං කාරයා අජ්ජා, කුරුල්ලෙක් වෙන්න කලින් නැවක වැඩ කලා. මේක ඒ කාලෙ වෙච්ච සීන් කෝන් එකක්.

අජ්ජා වැඩ කරපු නැවේ හිටියා මෙන්ඩිස් කියලා කුක් කෙනෙක්. මෙන්ඩියාගෙ කඩුව මොට්ට වුනාට කොටා ගන්න පුලුවන්. දවසක් පොරට නිවාඩුවක් ගන්න ඕනෙ වෙලා කැප්ටන්ට කියන්නලු ලෑස්තිය. ඒත් පොඩ්ඩක් සැකහැර ගන්න (මෙන්ඩියගෙ තියෙන කරුමෙට), අපේ අජ්ජව හම්බ වෙලා. අජ්ජා ගැන මොකක් හරි හොඳක් කියන්න තියෙනවා නම් ඒ තමයි උගෙ කඩුව එක්සලන්ට්. එච්චරයි. මූට හරීයට මිනිස්සු ‍රැවටෙනවා.

“මල්ලි මම කැප්ටන්ට කියලා නිවාඩුවක් ගන්නයි ඉන්නෙ.”

“ඒ මොකෝ මෙන්ඩිස් අයියා?”

“මේ මගෙ කකුලෙ ගෙඩියක් ඇවිල්ලනෙ. මේ බලන්නකො.”

මෙහෙමෙ කියලා පොර පෙන්නුවා කකුලත්. ඉදිමිලා තමයි එක තැනක්.

“දැන් මොකද අවුල මෙන්ඩිස් අයියා?”

“මේක කොහොමද කැප්ටන්ට කියන්නෙ? ‘I want leave because…’ මොකක්ද? කොහොමද කියන්නෙ කකුලෙ ගෙඩියක් කියලා?”

අපරාදෙ කියන්න බෑ අපේ අජ්ජාටත් කාට හරි ලනුවක් දෙන්න අවස්ථාවක් ලැබුනොත් ඒ අවස්ථාව කිසිසේත් මග හරින්නෙ නැ. නිවාඩු දාගෙන, අතින් වියදම් කරගෙන හරි වැඩේ සෙට් කරනවා.

“මෙන්ඩිස් අයියා, you came to the right person. කිසි අවුලක් නෑ මෙන්ඩිස් අයියා. මේක හොඳට කට පාඩං කරගන්න. කෝ බලමු. දකුණු කකුල නේ. විස්තරේ හරියට දෙන්න එපායැ. නැවේදි අපි දකුණට කියන්නෙ ස්ටාර්බඩ් සයිඩ් (starboard side) කියලනෙ. එතකොට ගෙඩිය. ෆෲට් (fruit) හරි මෙහෙම කියමු. Sir, I need leave because my starboard side leg is having a fruit.”

“දිග වැඩිනෙ මල්ලි.”

“පිස්සුද මෙන්ඩිස් අයියා. චක්කරෙත් පාඩං කරගත්තා නේද පොඩි කාලෙ. පොඩි ළමයෙක් වෙන්න හදන්නැතුව මේක පාඩං කර ගන්නකො හොඳට.”

කොහොම හරි පොර මේක මෙන්ඩියට කට පාඩං කරවලා, කැප්ටන් ගාවට යවන්න කලින් අනිත් වුන්ටත් ගින්න දීල. දැන් කට්ටියම කිට්‍ටුවට වෙලා ගැවසෙනවලු සීන් එක බ්ලාගන්න. මෙන්ඩිස් කාරයා කොරේ තවත් වැඩි කරගෙන කැප්ටන් ගාවට ගිහින් කලිසම් කකුලත් උස්සලා පෙන්නලා කිව්වලු අර වාක්‍යය. මුන් කට්ටියට හය්යෙන් හිනා යන්න ආපු නිසා කැප්ටන් කිව්ව දේ අහගන්න ඉන්න බැරි වෙලා. මුං දුවලා එලියට.

පස්සෙ මෙන්ඩියට නිවාඩුත් හම්බවෙලා තිබ්බලු.

මේ දන්නෙම නැති බුවාලට හෙන්රිබ්ලොග්වෝකර්ගෙ නොමිලේ ඉංග්‍රීසි:
නැව් වලයි, ගුවන් යානා වලයි
වම පෝට් සයිඩ් (port side),
දකුණ ස්ටාබඩ් සයිඩ් (starboard side),
ඉස්සරහ බව් (bow),
පස්ස ස්ටර්න් (stern).

 

ටැග: , ,

17 responses to “38. දකුණු කකුලෙ ගෙඩිය නැව් භාෂාවෙන්

  1. ගෝල්ඩ් fish

    දෙසැම්බර් 19, 2011 at 4:56 ප.ව.

    මචං කාරයගෙන් බ්ලොග් වෝකර් කාපු ලනු ගැන නොලිය ඉන්න එකක් නෑ කියලා හිතෙනවා…!😀

     
  2. රූ

    දෙසැම්බර් 19, 2011 at 5:01 ප.ව.

    ඔය වගේ වැඩ අපිත් කරනවා ඉන්දියන්කාරයන්ට සිංහල උගන්න්නකොට..
    එහෙම එක්කෙනෙක් දවසක් අපේ කස්ටමර් කෙනෙකුට හම්බවුන ගමන් අඩෝ නරියා කියලා..බලාන යනකොට කවුදෝ උගන්නලා සිංහලෙන් ආචාර කරන විදිහ..

     
  3. ඉඳුනිල්

    දෙසැම්බර් 19, 2011 at 5:22 ප.ව.

    ඇත්තටම කැප්ටන්ට මොනවා හිතෙන්න ඇතිද ?

     
  4. Observer

    දෙසැම්බර් 19, 2011 at 5:35 ප.ව.

    මෙන්ඩියගේ ‘ස්ටර්න්’ එකට කප්පිය ‘ස්ටාර් බෝර්ඩ් ලෙග්’ ලෙග් එකෙන් කික් එකක් දුං නැතුව ඇති.

     
  5. weniwelWeni

    දෙසැම්බර් 19, 2011 at 5:57 ප.ව.

    කැප්ටන් කාරයත් දන්නවා ඇති සෙට් එකගෙම කැරැට්ටුව.. ඒ නිසා වෙන්න ඇති නිවාඩුව ලැබෙන්න ඇත්තෙ..

     
  6. Kasun Chanaka

    දෙසැම්බර් 19, 2011 at 7:17 ප.ව.

    මිනිහට නිවාඩු විතරද ලැබුනේ?😀

     
  7. ඕනයා (දුලිප් සිකුරාජපති)

    දෙසැම්බර් 19, 2011 at 7:52 ප.ව.

    ඔය පාරිභාෂික වචන සැට් එකට “roling” එකයි “pitching” එකයිත් දැම්ම නං නියමයි.

    ප.ලි.
    මීගමුවෙ කෙල්ලංගෙ “ඇනියයි” “අවරයි” හොඳයි කියනවනෙ

    ප.ප.ලි.
    ඇනිය – bow
    අවර – stern

     
  8. Observer

    දෙසැම්බර් 19, 2011 at 8:16 ප.ව.

    එතකොට කොල්ලෑව?

     
  9. hiruni

    දෙසැම්බර් 19, 2011 at 11:15 ප.ව.

    හිහ් හිහ් හිහ්….පව් වැඩේ මෙන්ඩියා!! හිනා උනා මැරෙන්න 😀

     
  10. Hasitha

    දෙසැම්බර් 20, 2011 at 8:07 පෙ.ව.

    මෙන්ඩාගේ කෑම ඉවිල්ල හොඳ නිසා වෙන්න ඇති කැප්ටන් මෙන්ඩට නිවාඩු දෙන්න ඇත්තේ🙂

     
  11. Weni

    දෙසැම්බර් 20, 2011 at 9:31 පෙ.ව.

    කප්පිත්තා දන්නවා ඇති යාළුවන්ගෙ තරම… ඒකයි කොහොම වුනත් නිවාඩුව ලැබුනෙ !

     
  12. පන්සල් හංදිය

    දෙසැම්බර් 20, 2011 at 9:49 පෙ.ව.

    අඩේ මෙන්න අහම්බෙන් මම හොයපු සයිට් එක සෙට් උනා, ඇති යන්තං ………….
    මම හිතන්නෙ කැප්ටන් කල්පනා කරන්න ඇති මේ අමුතු ගෙඩිය ගැන ඒක හින්දා වෙන්න ඇති නිවාඩු දෙන්න ඇත්තෙ …………

     
  13. නරකයා

    දෙසැම්බර් 20, 2011 at 10:19 පෙ.ව.

    අනේ අම්මපා…….

     
  14. ලොකු පුතා

    දෙසැම්බර් 20, 2011 at 11:37 පෙ.ව.

    පව් අප්පා අර මනුස්සයා….
    කැපාගේ ප්‍රතිචාරෙත් අහගන්න උනානං මල් මසුරන්…

     
  15. henryblogwalker

    දෙසැම්බර් 21, 2011 at 9:57 පෙ.ව.

    @එව්‍රිබොඩීස්: (wrong English:just for fun) ස්තුතියි ප්‍රතිචාර වලට. මම නුවර ගිහින් කුරුණාගලත් ගිහින් පැය කීපයකට කලින් ආවෙ. ඔය පෝස්ට් එක කලින් කොටලා තිබ්බ එකක් නුවරදි ලැපිය ඩිෆරෙන්ෂල් එක අස්සෙ ගහගෙන පබ්ලිෂ් කලේ.

    @ගෝල්ඩ් ‍ෆිෂ්: බලමුකෝ.

    @රූ: ඔව් ඔව්. අපේ උන් නිතර කරන වැඩක් තමයි ඕක.

    @ඉඳුනිල්: මං හිතන්නෙ කැප්ටනුත් ජොලි පොරක් වෙන්න ඇති.

    @ඔබා අයියා: එව්වා කිරිමෙල් වැඩ ඔබා අයියා. මානව හිමිකම්: අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය.

    @වෙනී: වෙන්න ඇති. කොහොමද ට්‍රිප් එක?

    @ඕනයා: ඔන්න ඕනයා වටිනා අදහසක් දීලා තියෙනවා.මට ඔය අවරයි ඇනියයි මතක් වුනේම නෑ. ස්තුතියි.

    @හිරුණි: ඒක හොඳයි. stress එක අඩුවෙන්නත් එක්ක.

    @හසිත: හසිතව සාදරයෙන් පිළිගන්නවා මට හිතෙන හැටි බ්ලොගියට. හසිත පරණ ලිපි වලට දාලා තිබ්බ ප්‍රතිචාර මම දැක්කා. මම ඒවට පස්සෙ උත්තර දෙන්නම්. හසිත මම තාමත් උගන්නනවා (ලංකාවෙ නොවුනත්.)

    @වෙනි: වෙනියා එකම ප්‍රතිචාරෙ ආයෙ දැම්මෙ? ට්‍රිප් එක ගිය ඒවයෙ ප්‍රතිඵලද?

    @පන්සල් හන්දිය: ඇයි මෙච්චර කල් හෙව්වෙ? අර නවම්ගෙන් හරි ගෝල්ඩ් ‍ෆිෂ්ගෙන් හරි දැනගන්න තිබ්බනෙ.සාදරයෙන් පිළිගනිමි.පන්සල් අපි ලඟදිම මුන ගැහෙන ලකුණු තියෙනවා.

    @නරකයා: අනේද කියන්නෙ!

    @ලොකු පුතා: මාත් කල්පනා කලේ ඕක තමයි.

     
  16. uwiniran

    දෙසැම්බර් 21, 2011 at 1:03 ප.ව.

    මෙන්ඩියා තාම සීන් එක දන්නෙ නැතිව ඇති…

     
  17. බුද්ධි

    පෙබරවාරි 11, 2012 at 10:05 පෙ.ව.

    ලොවෙත් නෑ! කුරුලු හමුදාවට අලුතෙන් ආපු සෙට් එකකට අපි කලා නියම වැඩක්. උන්ගෙ මුල්ම නිවාඩුවෙදී අපි කිව්වා අපේ ලොක්කට වැඳලා යන්ඩෝන කියලා…. මුං ටික ගිහිං යුනිෆෝම් දාගෙන එකසිය ගානට වඳිනවා.. අපිට හිනාකාලා පන යනවා… ඒ අස්සෙ අපේ ලොක්කා, අහපි “තොලිට පිස්සුද යකෝ…… යුනිෆෝම් පිටින් වදින්නෙ… කව්ද උඔලට ඕක කිව්වෙ කියලා……. ඉතුරු ටික හිතා ගත්තැකිනෙ…

     

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

 
%d bloggers like this: