RSS

39. අනේ අත්තම්මෙ මැරෙන්නනං එපා.

24 දෙසැ.

අභීත කුරුළු කමුදාවෙ වැඩ කරන මගෙ මචං කාරයාගෙ පුතා. කිසි දේකට බය ඇති පුතයෙක් හෙම නෙවෙයි. නම වගේම තමයි වැඩත්.

අභීත ගැන කෙටි හැඳින්වීමක් කලොත්, දවසක් හදිසියෙ විදුලිය ඇන හිටපු වෙලාවක මේකා ඉන්නවලු ජනේලෙන් ඔලුව එලියට දාගෙන. අම්මා අහලා මොකද කියලා. ඒ පාර අභියා කියනවලු ඒකාට හුස්ම ගන්න අමාරුයි කියලා ලයිට් නැති නිසා. ඔන්න බලන්න ළමයි දේවල් වලට ඇබ්බැහි වෙන හැටි!

දැන් මෙන්න ප්‍රධාන කතාවට.

දවසක් අත්තම්මයි, අභියයි විතරක් ගෙදර ඉන්දැද්දි අනිත් අය ගමනක් ගිහින්. අත්තම්මලාගෙ හැටි දන්නවනෙ. හන්දිපත් රුදාව කියයි, අර අමාරුව කියයි, මේ අමාරුව කියයි. ඉතිං දනිස් අත ගානවා, කොන්ද අතගාගන්නවා, කෙඳිරි ගානවා. ඔය වගෙ වයසට හැදෙන නා නා ප්‍රකාර පොඩි පොඩි අමාරුකම් ගොඩයිනෙ. ඉතින් මේ ආත්තම්මත්,

“ම්ම්ම්හ්හ්, ම්ම්ම්හ්හ්!!” ගාලා කෙඳිරි ගෑවලු.

අභියා කලබල වෙලා ඇහුවලු,

“ඇයි අත්තම්මා, අමාරුද?” කියලා.

“අනේ ඔව් පුතා, මැරෙන්න තරම් අමාරුයි.” කිව්වලු.

අභියා තවත් කලබල වෙලා.

“අනේ අත්තම්මා මැරෙන්නද යන්නෙ?”

අත්තම්මත් කට තියන් ඉන්න බැරුව කිව්වලු,

“අනේ පුතා, මැරෙන්න වගෙ තමයි අමාරුව.”

අහියාට තමන්ගෙ නමේ තේරුමත් අමතක වෙලා, හොඳටම බය වෙලා.

“අනේ අත්තම්මා, හොඳ අත්තම්මනෙ,” දැන් අභියා අභියාචනා කරනවලු. “අනේ මැරෙන්න නං එපා ඔන්න. මං තනියෙන්නෙ ඉන්නෙ. අනික මං පොඩියිනෙ අත්තම්මා. අම්මලා තව පැය බාගෙන් එයි. අනේ අම්මල එනකං කොහොම හරි අල්ලං ඉන්න හොඳ අත්තම්මා වගෙ.”

මට මතක විදියට අත්තම්මගෙ අමාරුව ක්ෂනිකව අතුරුදහන් වුනාලු හිනා වෙලාම.

මේක ලියලා මට මේ පාර නිවාඩුවට නුවර පැත්තෙ යන්න හම්බවෙන එකක් නැත්ද දන්නෙ නෑ. අභියා නම් මේක දැන ගන්න විදියක් නෑ. අර මගෙ බ්ලොග් එක ෆොලෝ කරන රුවන්ති කෙල්ල ගින්න දුන්නෙ නැත්නම් ඕං.

 

ටැග: ,

15 responses to “39. අනේ අත්තම්මෙ මැරෙන්නනං එපා.

  1. ඉඳුනිල්

    දෙසැම්බර් 24, 2011 at 7:07 පෙ.ව.

    ප්‍රායෝගික කොලු පැටියෙක්.

     
  2. Weni

    දෙසැම්බර් 24, 2011 at 7:31 පෙ.ව.

    ඕන්න රුවන්ති කෙල්ල දෙනවනම් ගින්නක් තියේ… මේ වගේ වෙලාවට නොදෙන ගිණි අහවල් කෙංගෙඩියටද කිව්වලු !

     
  3. නරකයා

    දෙසැම්බර් 24, 2011 at 8:28 පෙ.ව.

    එකසැරයක් අපේ අයියා කාරයා වලක් කපලා කිරිඅම්මට ඒකට බහින්න කියලා අඩනවලු…. වලදාන්න… කිරිඅම්මත් අඩන්න ගත්තලු මේකා පොඩි කාලෙම මාව මරා ගන්න යනවා කියලා

     
  4. Buwa

    දෙසැම්බර් 24, 2011 at 8:33 පෙ.ව.

    හි හි

     
  5. ගෝල්ඩ් fish

    දෙසැම්බර් 24, 2011 at 9:30 පෙ.ව.

    අනේ අමම්පා එක වල්ලෙ බඩු මේ වයසේ කට්ටියම….

     
  6. Kasun Chanaka

    දෙසැම්බර් 24, 2011 at 10:46 පෙ.ව.

    හපොයි මම හිතුවේ අත්තම්මට මැරෙන්න එපා කියන්නේ ආදරේට කියල. බැලින්නම් ගෙදර කවුරුවත් නැති නිසානේ මූ එහෙම කියල තියෙන්නේ.:D

     
  7. Observer

    දෙසැම්බර් 24, 2011 at 12:19 ප.ව.

    අර බ්ලොග් ලියන’අභීත’ වගේම කිසි දේකට බය නැති පොරක්
    Dude තාමත් ලංකාවෙද?

     
  8. ඕනයා (දුලිප් සිකුරාජපති)

    දෙසැම්බර් 24, 2011 at 1:38 ප.ව.

    ඔන්න හෙන්රිට ශොට් එක දෙනවනං . . . රුවන්ති තමා දවසකටවත් රුවන්ති . . .

     
  9. ලොකු පුතා

    දෙසැම්බර් 24, 2011 at 5:24 ප.ව.

    පොඩි එකාගේ ටිකිරි මොලේ….
    අර රුවන්ති ද කවුද කියල නමක් මට ලාවට වගේ ඇහුනා, ඒ ළමය නැද්ද දන්නේ නැහැ අහල පහලක…

     
  10. hiruni

    දෙසැම්බර් 24, 2011 at 5:55 ප.ව.

    හිහ් හිහ් හිහ්…….මටත් මතකයි අබීත මලයගෙ අබීත කම! අපි තරම් වත් බය නැ. හහ් හහ් හා…

     
  11. abeetha

    දෙසැම්බර් 24, 2011 at 9:35 ප.ව.

    පළවෙනි වාක්‍යය දකිද්දි මගේ ඇඟ සීතල වෙලා ගියා…. වෙන එකෙක් ගැනනේ ලියලා තියෙන්නේ…

     
  12. Gaminie Vijith

    දෙසැම්බර් 27, 2011 at 1:35 ප.ව.

    පොඩි කාලෙ මාත් හරි බයයි කවුරු හරි මැරෙනවට. අහල පහල මරණ ගෙයක් තිබුනොත් එලිවෙනකම් නින්ද යන්නෙ නෑ

     
  13. නවම්

    දෙසැම්බර් 29, 2011 at 2:09 ප.ව.

    බලං ගියාම අභීතල සේරම හෙන මොල කාරයො නේද?

     
  14. නවම්

    දෙසැම්බර් 30, 2011 at 1:38 ප.ව.

    ලබන්නාවූ 2012 නව වසර ඔබ ඇතුළු පවුලේ සැමගේ සුභ සිහින ඉ‍ටුවන සුභම සුභ නව වසරක් වේවා – [නවම්-චූටිමැණිකේ-ලීනු]

     
  15. බුද්ධි

    පෙබරවාරි 11, 2012 at 10:10 පෙ.ව.

    කුරුලු හමුදාවට යන්න කලින් මටත් කලුවරේ හුස්ම ගන්ඩ බෑ. කුරුලු හමුදාවට ගියාට පස්සෙ ලෙඩේ හරි ගියා. එහෙ ලයිට් දාං නිදා ගත්තනං මැරෙන්නෙ අතිත් එව්වොන්ගෙන් ගුටි කාලා

     

ලොකු පුතා වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න