RSS

41. ඉතිං මොකක්ද ඒකෙ ඇති වැ‍රැද්ද?

05 Jan

young coupleගමයා තමයි කොට අදින ඉස්කෝලෙ අංශ ප්‍රධානාචාර්ය. ඉතින් ඉස්කෝලෙ ඇරෙන වෙලාවට එලියට බැහැලා ළමයි යනවා බලා ඉන්න එකත් ගමයගේ දෛනික රාජකාරියේ කොටසක්. ඒ වගේම, ඉස්කෝලෙ ඇරිලත් එක පාර ගෙදර යන්නෙ නැති එවුන් ඉන්නවනෙ. දවසක් දෙන්නෙක් එහෙම හැංගිලා ඉඳලා ඩෙස්ක් එකකට ගිණි තියලා තිබ්බා.


එදත් ගමයා හැමෝම ඇත්තටම ගිහිල්ලද කියලා බලන්න පඩි පෙල දිගේ උඩ තට්‍ටුවට නගිනකොට, මෙන්න ජෝඩුවක් පඩි පෙලේ ලෑන්ඩිං එකේ ඉඳගෙන මෙලෝ සිහියක් නැතුව සිප වැළඳ ගන්නවලු. ගමයත් ඉතිං දෙන්නාගෙ නම් ලියාගෙන, කිව්වලු පහුවදා එනකොට අම්මා හරි තාත්තා හරි එක්කයි ඉස්කෝලෙ එන්න ඕනෙ කියලා.

කිව්වත් වගෙ ඔන්න පහුවදා අම්මල දෙන්න ඇවිල්ලා. මේ මිනිස්සු හුඟක් එන්නෙ අවට තියෙන වතුවල ඉඳලා. වතු කියන්නෙ,  අපි කොළඹ තියෙන පැල්පත් නැතිනම් මුඩුක්කු කියලා හඳුන්වන දේටම ඒවායේ ජීවත්වෙන අය කියන නම. ඒවායේ ඒවාටම ආවේනික සංස්කෘතියක් තමයි තියෙන්නෙත්. 


ඔන්න ඉතිං පැමිණිල්ල විභාග කරන්න ගමයා, විදුහල්පති, විනය භාර ආචාර්ය වගෙ කට්ටියක් හිටියා. මුලින්ම විදුහල්පති චෝදනා ගොනු කරන්න ගත්තා.


“මේ ළමයි දෙන්නා ඊයෙ ඉස්කෝලෙ ඇරුනට පස්සෙ පඩි පෙලේ ඉඳගෙන සිප වැළඳ ගෙන තියෙනවා.”


“මොකක්ද හරියටම උනේ කියල කියන්නකෝ, සර්” එක අම්මෙක් තරමක් ගොරෝසු හඬින් කිව්වා.


“වෙච්ච දේ තමයි කිව්වෙ.” ඒ විදුහල්පති.


“මොකක්ද ඒ ළමයි ඇත්තටම කලේ?” ඒ අනිත් අම්මා.


“ඊයෙ මං යන කොට මේ ළමයි දෙන්නා පඩි පෙලේ ඉඳන් කිස් කර කර හිටියා.” ගමයා කාටත් තේරෙන භාෂාවෙන්ම කිව්වා.


“ආ ඕකද?” අර මුලින් කතා කරපු අම්මා අහපි. ” ඉතිං මොකක්ද ඕකෙ ඇති වැ‍රැද්ද?”


අනිත් අම්මත් ප්‍රශ්නාර්ථයක් මූණෙ රඳවගෙන අනිත් අම්මත් එක්ක එකඟ වුනා.


ඇත්තටම මම ඔතන හිටියෙ නැහැ. ගමයයි, අනිත් අයයි පස්සෙ හිනාවෙවී ඕක මට කිව්වා. “ඕං බලපංකො මචං. කාට කියන්නද මේවා.” කියලා. 

පස්සෙ ඒකෙ ඇති වැ‍රැද්දක් නැති වුනත් ඉස්කෝලෙදි කිස් කරන එක ඉස්කෝලෙ විනය නීති වලට පටහැනි නිසා, ඉස්කෝලෙදි එහෙම නොකරන්න කියලා අවවාද කරලා සභාව විසුරුවා හැරලා.

 

 ප. ලි.:

අපිත් එක්ක නිතර පැටලෙන අධ්‍යාපන අධ්‍යක්ෂ කෙනෙක් කිව්ව කටේ මසුරං දාන්න වටින කතාවක් මට මතක් වෙනවා.  අතන කිංස්ලි එක (සිනමා ශාලාවක්)  ඉස්සරහා කොල්ලෙක් ලිස්සලා වැ‍ටුනොත්, ඕක දකින උන් බනින්නේ කොල්ලගේ අම්මට. ඒ මොකටද දන්නවද? කොල්ලට පාරේ  යන හැටි උගන්නලා නෑ කියලා.  ඒ කොල්ලම ඉස්කෝලේ යුනිෆෝම් එක ගහගෙන ඉන්දැද්දි  ලිස්සලා වැ‍ටුනොත් බැනුම් අහන්නේ කවුද දන්නවද? ගුරුවරු. ඒ මොකටද? ඒත් ඒ හේතුවමයි. කොල්ලට පාරේ  යන හැටි උගන්නලා නෑ කියලා.

දැන් මේ ඉස්කෝලේ සිප වැලඳ ගැනීම සම්බන්ධයෙන් කෙනෙකුට හරි හිතෙන්න පුලුවන් අර අම්මට හිතුන දේම. ” ඉතිං මොකක්ද ඕකෙ ඇති වැ‍රැද්ද?”

ඇත්තෙන්ම පෞද්ගලිකව මට නම්  ඕකෙ ඇති වැ‍රැද්දක් නෑ. නමුත් මගේ පෞද්ගලික මතය මෙතනට අදාල නෑ.

ලංකාවේ ඉස්කෝලයක් සම්බන්ධයෙන් නම්,  ඕක දැකපු පිටස්තරයෙක් බනින්නෙත් උන් දෙන්නට නෙවෙයි. මේවා දැකලත්, ඇස් කන් පියාගෙන ඉන්නවා කියලා ගුරුවරුන්ට. ඉස්කෝලෙත් වේසා මඩුවක් නැතින මගුල් සක්වලක් හැටියට හංවඩු ගැහෙනවා.

ඕකට මොනවත් කියන්න ගිහිල්ලා එකෙක් වහ බිව්වොත් හෙම, ඒත් කපෝතිය ගහන්නේ ගුරුවරයමයි.

ගෙදර ගියොත් අඹු නසී. මග හිටියොත් ‍තෝ නසී. මේ පජාත රස්සාවත් ඇත්තෙන්ම අර අතුරේ යනවා වගේ වැඩක් තමයි.

 

 

ටැග: ,

14 responses to “41. ඉතිං මොකක්ද ඒකෙ ඇති වැ‍රැද්ද?

  1. ඉඳුනිල්

    ජනවාරි 6, 2012 at 12:10 පෙ.ව.

    මුන් ගෙවල් වල කරන එව්වගේ හැටියට අම්මලාට ප්‍රශ්නයක් වෙනවා ඇත්තේ අතන මෙතන මාරු වුනොත් වෙන්න ඇති.

     
  2. roshanrh

    ජනවාරි 6, 2012 at 4:32 පෙ.ව.

    විදුහල්පතිතුමාට පොලොව පලාන යන්න හිතෙන්න ඇති නේද?

     
  3. ගෝල්ඩ් fish

    ජනවාරි 6, 2012 at 7:28 පෙ.ව.

    henry ayyata una deyak nemelu honde…

     
  4. වෙද ගෙදර මහ වෙදනා

    ජනවාරි 6, 2012 at 8:22 පෙ.ව.

    අපෝ හෙන්ඩ්‍රි ඕක දැන් සාමාන්ය දෙයක් වෙලා. මුන්ට ගහන්නත් බැහැ. මානව හිමිකම් ප්‍රශ්න. අනේ මන්ද කොහෙන් කොහොම නවතීද කියලා.

     
  5. රූ

    ජනවාරි 6, 2012 at 10:22 පෙ.ව.

    හපොයි ලංකාවට ගිය කල දසාව..
    හෑ..මේක වුනේ ලංකාවෙද?

     
  6. Observer

    ජනවාරි 6, 2012 at 11:13 පෙ.ව.

    ශි…අපිට ඔය වගේ අම්මල හිටියෙ නෑනෙ.

     
  7. පිණිබිඳු

    ජනවාරි 6, 2012 at 12:06 ප.ව.

    අම්මලගෙ ඉඳන්ම ඔහොම හිතනවා නම් ළමයි ගැන කවර කතාද

     
  8. පූසා

    ජනවාරි 6, 2012 at 12:43 ප.ව.

    හික්ස්!

     
  9. නවම්

    ජනවාරි 6, 2012 at 3:25 ප.ව.

    හෙහ්.. අන්න බලන්න ප්‍රස්නෙ විසඳපු අපූරුව, හැබැයි ඔතන අර ළමයි දෙන්නට තඩිබාල එහෙම වැඩේ අහවර කලානං එහෙම ඉස්කෝලෙ ජාම බෙරෙනව නේද ?

     
  10. weniwelWeni

    ජනවාරි 6, 2012 at 5:11 ප.ව.

    සෑහෙන හොඳ උත්තරයක්…ඒත් ඒක තේරිලාද නැත්නම් මෝඩ කමට කිව්වද කියලා නම් දන්නෙ නෑ..

     
  11. emailkavikaari

    ජනවාරි 6, 2012 at 6:34 ප.ව.

    ඉතිං මොකක්ද ඕකෙ ඇති වැ‍රැද්ද?

     
  12. ඉඳුනිල්

    ජනවාරි 6, 2012 at 8:34 ප.ව.

    වතාවක් පත්තරේක තිබුනා, තමන්ගේ ලාබාල පුතා සුද්දන් වෙනුවෙන් සමලිංගික ගණික(වචනේ හරිද ?😀 ) විකුණන පියෙක්ගෙන් ඒ ගැන ඇහුවහම ඔහු ලබා දුන් පිළිතුර?

    “ඉතින් මොකද මහත්තයෝ, ඌට ඕව කලාට ළමයි හම්බ වෙනවායැ?”

     
  13. ලොකු පුතා

    ජනවාරි 7, 2012 at 10:14 පෙ.ව.

    දැන් කාලේ දැනඉගෙන ගත්තු මිනිස්සුත් “ඕකේ තියෙන වැරැද්ද” වැරද්දක් නෙමෙයි කියන එකේ මුඩුක්කු පරිසරයක හැදිච්ච අර ළමයින්ගේ අම්මල කොහොම හිතුවහම මොකද කියලත් හිතෙනවා බං අයියේ….

     
  14. ඕනයා (දුලිප් සිකුරාජපති)

    ජනවාරි 12, 2012 at 1:48 පෙ.ව.

    ආන්න දෙමවුපියො . . . . .

     

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

 
%d bloggers like this: