RSS

42. හොරි බනිස්

11 ජන.

කොට අදින ඉස්කෝලෙ වැඩ කරන කාලෙ, ගමයයි මායි යනවා පාරෙන් එහා පැත්තෙ තියෙන බේකරි කඩේට (Bakery Shop), තේ එකක් බීලා, දුමක් හෙම ඇදලා එන්න. මේක බේකරි කඩයක් නිසා උණු උණු බේකරි නිශ්පාදන හුඟක් වෙලාවට තිබ්බා. අපේ ප්‍රියතම කෑමක් තමයි හොරි බනිස්. මේක ගමයයි මායි මේ බනිස් ජාතියට දාලා තිබ්බ නම. රසයෙන් උපරිම උනාට මේකෙ උඩ පැත්තෙ තිබ්බෙ බිබිලි බිබිලි දාපු හොරි වගෙ අමුතු ටෙක්ස්චර් එකක්. මේක අපි කවදාවත් කඩේ එවුන්ට ඇහෙන්න කියන්නෙ නෑ.

මෙයින් හොරි බනිස් ගෙඩිය කොයි එකද?

“ඒයි යමං මචං හොරි බනිස් එකක් කාලා, ප්ලේන්ටියකුත් ගහලා, දුමක් හෙම ඇදලා එන්න.” කියලා තමයි ඕෆ් පීරියඩ් වල දෙන්නා සෙට් වෙන්නෙ.

අපි ඕකට හොරි බනිස් කියන බව කඩේ බුවාලා නොදන්නෙ, අපි කෙලින්ම, “අර බනිස් දෙකක් දෙන්න”, කියලා ෂෝ කේස් එකේ වීදුරුවට ඇඟිල්ල තියලා පෙන්නපුවම වේටර් බුවා ඒක පිඟානකට දාලා දෙන නිසයි.

එදත් දෙන්නා එක්ක පාර පැනලා, කඩේට ගිහින්, ස්ටූල් දෙකක් උඩ ඉඳගෙන, ෂෝ කේස් එක් දිහා බැලුවට හොරි බනිස් ඇර අනිත් වර්ග ඔක්කොම තියෙනවා.

“මොනවද සර්ලට ඕනෙ?” කඩේ බුවා ඇහුවා.

“අර.. මේ.. අර අපි වෙනදට කන බනිස් ජාතිය නැත්ද?” මම කටට ආපු ‘හොරි බනිස්’ කියන වචනය අමාරුවෙන් ගිලලා ඇහුවා.

“ආ, මහත්තයල කන්නෙ කුෂ්ඨ බනිස්නේ. අද පොඩ්ඩක් පරක්කුයි. හැබැයි පැය බාගෙකින් බඩු එනවා.” පොර කියාපි.

ගමයයි මායි මූණෙන් මූණ බලාගෙන ඉඟි මැරුවා.

 

ටැග: , , ,

19 responses to “42. හොරි බනිස්

  1. pissa palaamalla

    ජනවාරි 11, 2012 at 10:52 පෙ.ව.

    මගෙත් ප්‍රියතම කෑමක් ඒ කාලේ. මැද්දේ තියෙන ජැම් ඩිංගිත්ත අන්තිමට කන්න තියා ගන්නවා. අඩේ මේ වගේමයි ඒ බනිස් එක මැද්දෙ ජෑම් ඩින්ගිත්තක් තියෙනවා.

    හොරි හොඳ යකෝ… කුශ්ට ඊයා. හක් හක්

     
  2. රූ

    ජනවාරි 11, 2012 at 10:54 පෙ.ව.

    හොරිද කුෂ්ඨද වඩා හොඳ නම?..තවත් නම් දානවා නම් දද බනිස් කියලත් හොඳයි..හික්ස්

     
  3. හරී

    ජනවාරි 11, 2012 at 11:30 පෙ.ව.

    අපි කියන්නෙත් හොරි බනිස් තමයි..
    කඩේදි නම් අර බනිස්……

     
  4. වෙද ගෙදර මහ වෙදනා

    ජනවාරි 11, 2012 at 12:07 ප.ව.

    අපි ඕකට කියන්නෙත් හොරි බනිස් තමයි. දැන් ඕකෙ අළුත් වර්ෂන් එකක් තියනවා. ඒකෙ මැදින් පලලා ජෑම් දාල තියනවා. ඒකත් රසයි.

     
  5. ලොකු පුතා

    ජනවාරි 11, 2012 at 12:58 ප.ව.

    dude අයියල කියපු නම ඕනෙවටත් වැඩිය හොඳයිනේ බලාගෙන යද්දී 🙂

     
  6. දුමී

    ජනවාරි 11, 2012 at 1:05 ප.ව.

    හප්පා, බනිස් ගෙඩියක් කාපු කාලයක් මතක නෑ… මොනව උනත් ලංකාවෙ බේකරි නිශ්පාදනවලට ගහන්න වෙන රටවල් වලට බෑ….! මොනව උනත් නිවාඩුවට ලංකාවට ආවහම උණු පාං, රෝස් පාං එක්ක හොඳ සැරට කොච්චි දාල හදපු පොල් සම්බෝලයක් එක්ක කනව තරම් අමෘතයක් තවත් නෑ….!

     
  7. නවම්

    ජනවාරි 11, 2012 at 1:21 ප.ව.

    ඉස්සර ගාල්ලෙ මිනුවංගොඩ හන්දියෙ තිබුන ටිප් ටොප් බේකරියක්, ඒ කාලෙ තාත්ත වැඩ ඇරිල මාවත් ඩේ කෙයාර් එකෙන් ගෙදර එක්කගෙන යනකොට ඕකෙන් ඔය ජාතියෙ බනිස් අරගනෙ තමයි යන්නෙ. උණු උණුවෙ පුදුම රහක් තියෙන්නෙ. ඕකෙ වැඩියත්ම කැමති මැද තියන ජෑම් ඩිංගිත්තට. ඒකට හොරි බනිස් කියල කිව්ව වගක් නං මතක නෑ. ඒත් මේ නවම් මාවත එහා පැත්තෙ තියන බේකරියෙන් ගේන ඔය ජාතියෙ බනිස් වලට මේකෙ කෙල්ලො කියන්නෙ නම් හොරි බනිස් කියල.

     
  8. uwiniran

    ජනවාරි 11, 2012 at 2:40 ප.ව.

    ඕකට කියන්නේ හොරි බනිස් තමයි.. අපිත් ඉස්කෝලෙ ගිහින් එනකොට අම්ම අරන් දෙනවා ඔය බනිස් , අපේ පැත්තටම ඔය බනිස් තිබ්බ බේකරි එකයි තිබ්බෙ. වෙලාවට ගියේ නැත්තන් බඩු බනිස්.

     
  9. Weni

    ජනවාරි 11, 2012 at 3:48 ප.ව.

    අපි සෙට් එක උ.පෙලට පාඩම් කරන කාලෙ, උදේ 4-5ට යනවා උණු උණු බනිස් කන්නළඟ තිබුනු බේකරියට..ටී බනිස් විතරයි එතන තිබ්බෙ !

     
  10. පූසා

    ජනවාරි 11, 2012 at 4:47 ප.ව.

    හෙහෙහ් මේ ළඟදි දවසක ට්‍රිප් එකක් ගිය වෙලේ බේකරියකට ගියා. එතන තිබ්බා ඇත්තම කිඹුලෙක් වගේ හදපු බනිස් ගෙඩියක්! 😀

     
  11. Observer

    ජනවාරි 11, 2012 at 5:34 ප.ව.

    ඊය, මට නං ඒ නම් දෙක ඇහුව ගමං බනිස් කෑමත් එපා වුනා.

     
  12. henryblogwalker

    ජනවාරි 11, 2012 at 6:30 ප.ව.

    @pissa palaamalla: ඔය ඉන්නෙ හොරි බනිස් රසිකයො. වෙල්කම් වේවා.

    @රූ: YESSS! දාන්න පහක්!

    @හරී: ඒක තමයි අපිත්කලේ. හැබැයි අපි දැනුවත්ව වෙන කවුරුවත් ඕකට හොරි බනිස් කිව්වෙ නෑ. අපි ආපහු ස්ටාෆ් රූම් එකට ඇවිත් හොරි බනිස් කෑවා කිව්වම අනිත් උං, “චික් විතරක් පෙරේතයො” කියලා අපිට ආශිර්වාද කරනවා.

    @වෙද ගෙදර මහ වෙදනා: ඒකනෙ. බලං ගියාම හොරි බනිස් ෆෑන්බේස් එකක්ම තියෙනවනෙ. වෙදමහත්තයො. ඔය ෆෝටෝ එකත් අලුත්ම එකක්. ඕක ගත්තෙ ගිය දෙසැම්බර් මාසෙ ලංකාවෙදි පෙරේරා ඇන්’ සන්ස් එකකදි.

    @ලොකු පුතා: අපිටත් ඕකමයි හිතුනෙ.

    @දුමී: දුක හිතෙන කතා කියන්න එපා අප්පා. දුමී ලංකාවෙ ‘චූං පාං කාල නැත්ද?

    @නවම්: ඔය තියෙන්නෙ හොරි බනිස් ඉතිහාසයක්ම!

    @UWINIRAN:බලං ගියාම මේක ප්‍රසිද්ධ රහසක්නෙ!

    @Wඑනි: ඉඳලා හිටලා බනිස් වලින් බලුකපු‍ටු දානයක්වත් දුන්නට පවු නෑ රිටර්න් එකට.

    @පූසා: ඒකෙ ගානත් වැඩි ඇති ෂුවර් එකටම, විනෝද බද්දත් එක්ක.

    @ඔබා අයියා: මම හිතන විදියට බ්ලොග් ඉතිහාසයේ පළවෙනි වතාවට ඔබා අයියා ‘ඊයා’ කියලා කොමෙන්ට් එකක් දාපු පෝස්ට් එක ලිව්වෙ මමයි ඔන්න. ඒයි මෙහෙ වරෙල්ලා, මෙන්න ඔබා අයියට කැත හිතිලා!!!

     
  13. Kasun Chanaka

    ජනවාරි 11, 2012 at 7:45 ප.ව.

    අපරාදේ මෙච්චරකල් ඔය වචනේ නොකිය හිටියේ….:)

     
  14. hiruni

    ජනවාරි 12, 2012 at 12:39 පෙ.ව.

    මම ඔය දාල තිබ්බ නම හින්දම ඔය බනිස් එක කන්නෙ නැ…. 😀 ඒත් ලන්කාවෙ තරම් රස බේකරි කෑම වෙන කොහෙවත් නැ. අනික ලන්කාවෙ අයට තරම් රසට වෙන කාටවත් උයන්නත් බෑ. ඒකට හොදම උදාහරනෙ අපේ අම්මා. එයා හදන පොල් සම්බෝලෙයි බතයි උනත් පුදුම රසයි.

     
  15. ඕනයා (දුලිප් සිකුරාජපති)

    ජනවාරි 12, 2012 at 1:32 පෙ.ව.

    මම මෙච්චර කාලෙකට ඔය බනිසට කිසිම නමක් කියල නෑ. කඩේ පේන්න තිබුනෙ නැත්තං . . . ෆුල් ඩිස්ක්‍රිප්ශන් එකම දෙනව

    @දුමී:
    ඇත්තටම ගොඩක් කාලෙකිං බනිස් කන්න ලැබුනෙ නැද්ද ???? මට තේරෙනව අයියගෙ දුක.

    @ඔබ්සර්වර්:
    දුන්නොත් එපාම කියයි බොලා . . . .

     
  16. Narakaya

    ජනවාරි 12, 2012 at 2:44 ප.ව.

    අපි ඉස්කොලෙ යන කාලේ කෑවෙ ලැජ්ජා පීට්සා පෙනුම පිට්සා වගේ හැබැයි බනිස් ජාතියක් රූපයක්වත් තිබ්බනං දාන්න තිබ්බා

     
  17. හංසකිංකිණි

    ජනවාරි 13, 2012 at 2:55 ප.ව.

    මම ඒවට කියන්නෙත් හොරි බනිස්!!! බලාගෙන ගියාම වැඩි දෙනෙක්ට ඒ බනිස් ගෙඩිය පේන්නෙ එහෙමනෙ…..

     
  18. දසුන්

    මාර්තු 23, 2012 at 12:59 පෙ.ව.

    අයියෝ ඒවට කියන්නෙ බුබුළු බනිස්.

     

pissa palaamalla වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න