RSS

43. ලංකාවෙ පොරවල් මාර වැඩ කාරයෝ හෙවත් ජාත්‍යන්තරයට එරෙහිව අපි.

15 Jan

කාලයක් කවුරුත් අතරත් ජනප්‍රිය වෙලා තිබ්බ සීරීස් එකක් තමයි “ජාත්‍යන්තරයට එරෙහිව අපි”. මේ කතා ඔක්කොම වගෙ එකම වට්ටෝරුවෙ. යම්කිසි දෙයකින්, සමහරවිට තරඟයකින්, අමෙරිකන් කාරයා, රුසියන් කාරයා, ජපන් කාරයා පරදවලා අන්තිමට තරඟ වදින ලංකාවෙ පොර ජයගන්නවා.
උදාහරණ: විලේ ඉන්න පරම්පරාව කන කිඹුලා,
මේ කතාවලින් කියවෙන්නෙ  ලංකාවෙ අපේ හපංකම්, මෝඩකම් ඒ වගෙම පුරසාරම් වගෙ පෙනුනට සමහර කතාවලින් අපි ඇත්තටම අපිටමයි හිනාවෙලා තියෙන්නෙ.
උදාහරණ: අපායෙ වලවල්. (දන්නෙම නැත්නම් මම පස්සෙ කියන්නම්)

ඔය කතාවලම උප ප්‍රභේදයක් තමයි සුද්දාට එරෙහිව අපේ පොර.
උදාහරණයක් දුන්නොත්, අර කයිවාරුකාර ආඩම්බරකාර  සුද්දන්ගෙ  කතා.

මතක නැත්නම් මෙන්න එක කතාවක් කෙටියෙන්.

දවසක් සුද්දෙක්ව දාගෙන කො‍ටුව හරහා යන ටැක්සි කාරයෙක් ඒ දවස් වල රටේ  උසම ගොඩනැගිල්ල වුන සෙලින්කෝ එක පෙන්නල ඒ බව කිව්වලු.
ආඩම්බරකාර සුද්දා කිච හිනාවක් දාලා ඇහුවලු,
“හැක් හැක් මේකද තමුසෙලාගෙ උසම ගොඩනැගිල්ල? තමුසෙ දන්නවද අපේ රටේ ගොඩනැගිලි අහසෙ ගෑවෙනවා.”
ටැක්සි කාරයා ටිකක් පසුබාලා ඇහුවලු,
“මොනවා? අහසෙ ගෑවෙනවා? ඒකනම් වෙන්න බෑ.” කියලා.
සුද්දා දබ‍රැඟිල්ලෙන් කන පිටිපස්ස පිරිමැදලා කිව්වලු,
“ම්ම්ම්.. අහසෙ කිව්වට අහසෙම නෙවෙයි. ඊට ටිකක් පහලින්.” කියලා.

කොල්ලුපිටියත් පහුවෙනකල් ගැඹුරු කල්පනාවක යෙදිලා ගිය ටැක්සි කාරයා එකපාරටම කිව්වලු,
“සර් දන්නවද, ලංකාවෙ මිනිස්සු කෑම කන්නෙ නහයෙන්”, කියලා
හොල්මං වෙච්ච සුද්දා,
“මොනවා? නහයෙන්? ඒකනම් වෙන්න බෑ. ඔය බොරුනේද කියන්නෙ?”
“ම්ම්ම්…” ටැක්සි කාරයා නහය පොඩ්ඩක් අතගාලා කිව්වලු,
“නහය කිව්වට නහයෙන්ම නෙවෙයි සර්, ඊට ටිකාක් පහලින්.”

(ඔය නවමා, ඔබා එතකොට ඕනයා වගෙ වල්කම ගෑවිලාවත් නැති බෝගස් වගේ එවුන් ඔය කතාව කියන්නෙ ‘කට’ වෙනුවට ‘බුරිය’ ආදේශකරලා.)

දැන් ඔන්න ආයෙ පීල්ලට දාන්න යන්නෙ, හයියෙන් අල්ලගන්න. ගැස්සෙන්න පුලුවන්.

ඔය ලෝකෙ අනිත් පොරවල් වගෙ නෙවෙයි අපේ පොරවල්. හරිම කල්පනා කාරයො, නිර්මාණ ශිල්පියො, උපන්ගෙයි බුද්ධිමත්තු, වැඩ කාරයො!!
මං කියන දේ විශ්වාස නොකරන බුවාලාට මෙන්න ජීවමාන උදාහරණ:

මේ ජාත්‍යන්තර වැසිකිලි සංඥාව: ෂෙහ්, කිසි ගතියක් නෑ. නිර්මාණශීලිත්වයක් ගෑවිලාවත් නෑ!

මෙන්න ඊට එරෙහිව අපේ ම නිර්මාණයක්. මේක සීගිරියෙ රථ ගාලෙ  වැසිකිලියෙ තිබිලා මම ඡායාරූපගත කලේ 2007 අවුරුද්දෙ. බලන්න අපේ නිර්මාණයෙ තියෙන තාත්වික බව! බලන්න අත් තියාගෙන ඉන්න හැටි…!!

වැසිකිලි යාමෙන් පසු සබන් යොදා අත සෝදාගන්න කියන එක ආසියාතික අපට අලුත් දෙයක් නෙවෙයිනෙ. හැබැයි මේ #2 සම්බන්ධයෙනුයි. #2 ට පස්සෙ වතුර සහ වමත පාවිච්චිකරන ආසියාතිකයොත්, කඩදාසි පාවිච්චි කරන බටහිර වැසියොත් එකිනෙකා දිහා අවඥාවෙක් බලනවනෙ ‘තමන් තමයි, හරි අනිකා වැරදියි’  කියන මතයෙ ඉඳගෙන.

#1ට පස්සෙ සබන් යොදා අත සෝදාගැනීම ආසියාතික අපි අතර දුලබ  වුනත් බටහිරයන් අනිවාර්යයෙන් කලයුතු චාරිත්‍රයක්.  #1 සම්බන්ධයෙන් අපිට එච්චර ආඩම්බර වෙන්න බැරි නිසා හෝ බහුතරයක් ඒ ගැන නොදන්නා නිසා හෝ ඒ කාරණය යටපත් වෙලා තියෙන්නෙ කියලයි මම හිතා හිටියෙ පහුගිය දෙසැම්බර්  29 වෙනිදා වෙනකල්. මං කොච්චර වැරදිද!! අපේ පොරවල් අත් විතරක් නෙවෙයි කකුලුත් හෝදනවා කියලා දැන ගත්තම මගෙ හදවත ආඩම්බරයකින් පිම්බුනා. මේකත් කාර් පාක් වැසිකිලියකින්. තැන හරියටම කියනවා නම් නාවින්නෙ අර්පිකෝ සුපිරි වෙලඳ සැලේ රථ ගාලේ වැසිකිලියෙන්.

>සාමාන්‍යයෙන් වින්ඩ්ස්ක්‍රීන් වයිපර්ස් ගැන කවුරුත් දන්නවනෙ. ඊටත් එහාට ගිහින් සමහර මෝටර් රථ නිශ්පාදකයො (Volvo, SAAB, Mercedes Benz වගෙ) කාලෙකට ඉහතදි හෙඩ් ලයිට් එකටත් වයිපර් එකක් හයි කලානෙ මේ වගෙ.

අපේ පොරවලුත් නිකං හිටියෙ නෑ. උන්ට එහෙම පුලුවන් නම් අපිට බැරි මොකෝ කියල හයි කලානෙ නම්බර් ප්ලේට් වයිපර් එකක්. මම මේක දැක්කෙ පහුගිය නිවාඩුවෙදි ලංකාවෙදි. පුදුම ආඩම්බරයක් මට දැනුනෙ.

 

ටැග:

22 responses to “43. ලංකාවෙ පොරවල් මාර වැඩ කාරයෝ හෙවත් ජාත්‍යන්තරයට එරෙහිව අපි.

  1. ChammA

    ජනවාරි 15, 2012 at 6:15 ප.ව.

    ශ්‍රී ලාංකීය අභිමානය නේ !!!

     
  2. indika27

    ජනවාරි 15, 2012 at 6:30 ප.ව.

    හරි ලස්සනයි මාරයි ඈ…

     
    • ඕනයා (දුලිප් සිකුරාජපති)

      ජනවාරි 16, 2012 at 1:36 පෙ.ව.

      නැගී හිටින්න අයියා මේ අසාධාරනයට එරෙහිව . . .

       
    • නවම්

      ජනවාරි 17, 2012 at 11:13 පෙ.ව.

      බ්ලොග් අවකාශයේ ඔබා, ඕනයා සහ නවම් [ හෙන්රියා පවසනා ඊනියා බෝසත් කමේ අනුපිළිවෙලට] මෙතුවක් කල් ‍රැක හුන් ගෞරවය [විළිබිය / හිරි ඔත්තප ?] කෙලෙසා තුච්ච, නින්දිත අයුරින් ජනතා අප්‍රසාදයට ලක් කර සමාජයෙන් පිළිකෙව් කරවීමේ ජාත්‍යන්තරයේ සිට ක්‍රියාත්මක වන මෙම පුද්ගලද්‍රෝහී සටකපට කුමන්ත්‍රණය දැඩිසේ හෙලා දකින බවත් ඊලඟ වතාවේ නගරසභා හන්දියේ කඩෙන් කෙහෙල් කොලේ බත් කනවෙලාවට මෙහි පලියද ගන්නාබව සපථ කරන්නෙමි.

       
  3. Observer

    ජනවාරි 15, 2012 at 7:24 ප.ව.

    सोरी ऊदा एक नेमे मेका बलुवानन…हेह…हेह…

    सोरी ऊदा एक नेमे मेका बलुवानन…हेह…हेह..

     
  4. Buwa

    ජනවාරි 15, 2012 at 7:48 ප.ව.

    එහෙම තමයි ආසියාවේ ආශ්චර්යය වුනාම

     
  5. පූසා

    ජනවාරි 15, 2012 at 8:59 ප.ව.

    අපේ මිනිස්සු හරිම නිර්මාණශීලී!😀

     
  6. ඉඳුනිල්

    ජනවාරි 15, 2012 at 9:24 ප.ව.

    හයි ඒස් වලින් ප්‍රාඩෝ හදන එවුනුත් මේ ලංකාවේ ඉන්නවානේ..😀

     
  7. වෙද ගෙදර මහ වෙදනා

    ජනවාරි 15, 2012 at 9:24 ප.ව.

    ඕවත් වැඩද? ඔය අලින්ගේ අපේ වැඩ තමයි. හෙක්.. හෙක්…

     
  8. ඩිලාන්

    ජනවාරි 16, 2012 at 3:09 පෙ.ව.

    අල වගේද ගෝවා

     
  9. ගෝල්ඩ් fish

    ජනවාරි 16, 2012 at 10:09 පෙ.ව.

    මාර පොරවල් ඇ…. අයියා ඔය මොනවත් හයි කරේ නැද්ද..????

     
  10. ඉන්දික උපශාන්ත

    ජනවාරි 16, 2012 at 11:15 පෙ.ව.

    මම English version සයිට් එකේ දාපු කමෙන්ට් එක බහිරවය ගිලලද?

     
  11. Weni

    ජනවාරි 16, 2012 at 12:54 ප.ව.

    ආ ඔය ශ්‍රීලාංකික නිර්මාණශීලි අනන්‍යතාවයනෙ !

     
  12. Narakaya

    ජනවාරි 16, 2012 at 1:17 ප.ව.

    ලංකාවේ හොඳ මොල ටික එක්කො පිට රට නැත්තං හිර ගෙදරලු… බැටරියෙන් වැඩ කරන පිස්තොලයක් හදලා.. අර සල්ලිදාලා කතාකරන ෆෝන් වලට රවුන් අයිස් කැට දාපු ලැන්ඩ්මාස්ටර් වලට ස්ටියරින් වීල් හයි කරපු පොරවල් මෙහෙ ඉන්නෙ ඇයි හාෆ්ශීට් කොලේ කාබන් වලින් පණහේ කොලේ අඳින එකත් සිම්පල් කේස් එකක්

     
  13. වර්ණා

    ජනවාරි 16, 2012 at 11:35 ප.ව.

    හික් හික් අන්තිම පින්තුරේට පට්ටම ලයික් මම

     
  14. නවම්

    ජනවාරි 17, 2012 at 11:28 පෙ.ව.

    අර සීගිරි පින්තූරෙ ඉන්නෙ සුවර් එකට පිරිමියෙක් වෙන්න ඕනෙ. ඒත් මොකෝ අච්චර උකුල පළල් ?

     
  15. uwiniran

    ජනවාරි 17, 2012 at 2:11 ප.ව.

    ඇයි අපේ එවුන්ගෙ බුද්ධිමත්කම ගැනත් යමක් මේ කතාවෙ තියෙනවා කියලා මට හිතෙනවා

    දවසක් සුද්දො සෙට් එකකුයි ලංකාවෙ එකෙකුයි වැවක නාන්න ගියා, දන්නවනෙ සුද්දන්ගෙ හැටි, මුං ටික හෙළුවෙන්ම නාන්න සෙට් උනේ.
    අපේ එකත් ඇඹරෙන්නෙ නැතුව හෙළුවෙන්ම බැස්ස.
    ටික වෙලාවක් නානකොට කෙල්ලො ටිකක් නාන්න ඇවිල්ල , සුද්දො ටික කෙල්ලො ලඟට එනකන් දැක්කෙ නැති නිසා එක පාරටම කලබල වෙලා, අහවල් සෙට් එක අතින් වහගෙන දුවනවලු[සමහරක් එවුන්ගේ අතින් වැහුවට වැහෙන්නෙත් නැහැලු]
    හැබැයි අපේ එකා විතරක් මූන අතින් වහගෙන දුවනවලු.
    කොහොම හරි කට්ටිය අකුලකට රිංග ගත්තට පස්සෙ එක සුද්දෙක් අහනවලු අපේ එකාගෙන්
    “ඇයි බං උඹ මූන වහගෙන දිව්වෙ”
    අපේ එකා කිව්වලු
    ” උඹලගෙ රටේනම් කොහොමද දන්නේ නැහැ, හැබැයි අපේ රටේ නම් කෙනෙක්ව අඳුර ගන්නෙ මූනෙන්”
    කියල.

     
  16. henryblogwalker

    ජනවාරි 18, 2012 at 10:41 පෙ.ව.

    @ChammA නැතුව නැතුව!!

    @indika27ස්තුතියි ඉන්දික. ආයෙ එන්න.

    @Observer සඳහන් කලා නෙවෙයි නොදැනිම සඳහන් වුනා.

    @ඕනයා: හරියට හරි. සාදුකීන් පෙලෙන වුන් දැන් ඉතින් නැගිටියව්, අන්තිම සටනට සැරසියව්!

    @නවම්:මාර වචන සෙට් එක බොල. හිරි වැටිලා යනවා කියෙව්වම.

    @Observer මේ සයි එකට දාපු පලවෙනි හින්දි කමෙන්ට් එක. Google Translator දෙයියොත් ට්‍රයි කලා. ම්හු.

    @බුවා: අන්න බුවාට තේරුනා.

    @පූසා: Proud to be SriLan kan, Puss Dude.

    @ඉඳුනිල්: ඒ ගැන වෙනම බ්ලොග් පෝස්ට් ලියතෑකි.

    @වෙද ගෙදර මහ වෙදනා: අනේද කියන්නෙ!

    @ඩිලාන්: අල වගේද ගෝවාත් ඒවගෙම නිර්මාණයක්නෙ!

    @ගෝල්ඩ් fish: සමහර දෙවල් හයි කලා සමහර දෙවල් ගලවලා දැම්මා, මාලු,

    @ඉන්දික උපශාන්ත: ස්පෑම් යකා ගිලින්න ඇති.

    @Weni: අන්න එහෙම ආහවල් එකක් තමයි, වෙනී!

    @Narakayaa: නරකයගෙ පළවෙනි වාක්‍යය නම් එළ.

    @වර්ණා: ඕක ගත්තෙ චූටිපුතා හරි මිසිස් බ්ලොග්වෝකර් හරි දෙන්නගෙන් ඒවෙලාවෙ ඉස්සරහ සීට් එකේ හිටපු කෙනෙක්. © Copyright Blogwalker Family. හික්ස්! ස්තුතියි වර්ණා!

    @නවම්: Unisex නෙ නවමො!

    @uwiniran: පට්ට කතාව. ස්තුතියි!!

     
  17. ලොකු පුතා

    ජනවාරි 20, 2012 at 1:59 ප.ව.

    අර සීගිරිය පැත්තේදී ගත්ත කියපු පින්තුරේ දකලනම් විළිලැජ්ජාවේ බැරුවා..
    ඒකා ගෑනියෙක්ද පිරිමියෙක්ද කියල හිතා ගන්න බැහැ

     
  18. විසිතුරු | visituru

    ජනවාරි 20, 2012 at 7:55 ප.ව.

    වතුර වෙනුවට කඩදාසි භාවිතා කොරන එවුන් ගැන කවර කතාද? සුගන්ධය හමනවා ඇති!

     
  19. ගිනි කුරුල්ලා

    පෙබරවාරි 7, 2012 at 6:19 ප.ව.

    ආයෙත් අහලා…ලංකාවේ පොරවල් ගැන කතා කරන්න දෙයක් නෑනේ..😀

     

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

 
%d bloggers like this: