RSS

45. පොඩ්ඩක් ඉන්න! ලෝකෙන්ම එපාම කරපු රියැදුරෝ ඉන්නෙ ලංකාවෙද?

30 Jan

හුඟ දෙනෙක් කියන්නෙ නම් එහෙම තමයි. කොටින්ම මාත් හිතන්නෙ එහෙම තමයි.  ලෝකෙන්ම නරකම රියැදුරෝ ඉන්නෙ ඉතාලියෙ කියලා තමයි ලංකාවට ආපු නැති අය හිතා ඉන්නෙ. වෙද ගෙදර පෝස්ට් එක බැලුවානම් දන්නවා ඇතිනෙ අර ත්‍රී වීල් රියැදුරා වැටිච්ච ෆෝන් එක අහුලන්න ගිහින් කරගෙන තියෙන හරිය.

මේ දාන්න හිතාගෙන හිටපු පෝස්ට් එකක් නෙවෙයි. මම ලියමින් හිටියෙ “නිවාඩු කාලෙ පොලිස් කතා”නෙ. මේකත් ඊට තරමක් සම්බන්ධ නිසාත්, මේක උණු උණු ප්‍රවෘතියක් නිසාත්, දැන්ම නොදැම්මොත් වැඩකුත් නැති නිසාත් ඔහෙ දාලා දාන්න කල්පනා කලා.

මගෙත් එක්ක මේ රටේ උගන්නපු , ඒ වගෙම මගෙ දරුවටත් උ/පෙළ භෞතික විද්‍යාව උගන්නපු මගෙ හොඳම හිතවත් මිත්‍රයෙක් වන කෝකිල දැන් වැඩකරන්නෙ ඊසාන දිග එක්සත් ජනපදයෙ  මිචිගන් ප්‍රාන්තයෙ. ඔව් අර මෝටර් රථවාහන කර්මාන්ත පුරවරය කියලා හඳුන්වන ඩිට්‍රොයිට් නගරය තියෙන්නෙ එහෙ තමයි. ඒ විතරක් නෙවෙයි අර සුප්‍රසිද්ධ විල් පහ පිහිටලා තියෙන්නෙත් කැනේඩියානු දේශ සීමාවට ආසන්න මිචිගන් ප්‍රාන්තය කිට්‍ටුවෙන්මයි.

කෝකිල ගැන මම මගෙ පළමුවෙනි බ්ලොග් පෝස්ට් එකෙත් සඳහන් කරලා තියෙනවා. මට බ්ලොගර් කෙනෙක් වෙන්න කෝකිල එවපු බ්ලොග් ලින්ක් එකක් සෑහෙන බළපෑමක් කලා.

හරි දැන් කතාවට බහිමු. කෝකිලයි බිරිඳයි යාලුවෙකුගෙ මෝටර් රථයකින් North American Motor Show එක බලන්න පිටත්වුනේ බලාපොරොත්තු පොදි බැඳගෙන. අපේ ජෝඩුව ඉඳගෙන හිටියෙ පිටිපස්ස සීට් එකේ. මගදි හමුවුන වර්ණ සංඥා මංසන්දියෙදි කොල පාට එලිය දැල්වෙද්දී කෝකිලලා ‍රැගත් කලු පාට රථයදකුණට හැරෙව්වා. ඔය පින්තූරෙ තියෙන සුදු පාට රථය පදවාගෙන ආපු කාන්තාව ජංගම දුරකථනය කනේ ගහගෙන ආපු නිසා රතු එලිය දැක්ක නැහැ. වැදුන පාරට air bags ඔක්කොම ඇරිලා. හොඳ වෙලාවට වාහනේ ඉදිරිපස විතරයි හානි වුනේ. නැතිනම් කණගා‍ටුදායක ඉරණමකට මුහුණ දෙන්න වෙන්නත් තිබ්බ බඳ මැද්දෙ වගෙ වැදුනනම්. පේනවනෙ තාමත් හිම.

ලංකාවෙ නම් වාහනයක් පදවන ගමන් ජංගම දුරකථනයක් පාවිච්චිකරනව පොලීසියෙන් දැක්කොත් දඩකොල ලියලිය ඉන්නෙ නැතිලු, කෙලින්ම උසාවි දානව කියලා කෝකිලත් කියලා තිබ්බා.


ලස්සනම වැඩේ කියන්නෙ මිචිගන් ප්‍රාන්තයෙ නීතිය අනුව වාහනය පදවන ගමන් text කරන්න තහනම්, නමුත් කතාකරන එක තහනම් නැතිලු. ඉතින් අර කාන්තාවට විරුද්ධව රිය පදවන ගමන් ජංගම දුරකථනය පාවිච්චි කිරීමට විරුද්ධව ක්‍රියාමාර්ගයක් ගන්න බැරිලු. ඉතින් මොකේදැයි දන් වළඳන්නේ?

කෝකිලම මෝටර් රථය පදවගෙන ගිය තවත් දවසක රතු එළියට නවත්තාගෙන ඉන්න කොට යාබද මංතීරුවෙ වාහනය නවත්තාගෙන හිටපු හිටපු තරුණ කෙල්ල text message එකක් ගහනවා කෝකිල දැකලා තියෙනවා. කොල එලිය වැ‍ටුනු ගමන් අධික වේගයෙන් තනි අතින් වාහනය පදවපු අර කෙල්ල සංඥා එලිවත් මොකුත් නැතුව කෝකිලගෙ මං තීරුවට කපලා. කල්පනාවෙන් ගිය නිසා කෝකිල හරිම අමාරුවෙන්. තව පොඩ්ඩෙන් සින්දු කියන්න කෝකිලයෙක් නෑ.

ඔය ප්‍රාන්තයෙම දවසක් interstate නොහොත් අධිවේගී මාර්ගයකදි එක වාහනයක් පාර අයිනෙ නවත්තගෙන රෝදය මාරුකරකර ඉඳපු එක රියැදුරෙක්ව හප්පලා පරලොව යවලා තියෙන්නෙ ජංගම දුරකථනය පාවිච්චි කරමින් වේගයෙන් ආපු කාන්තා රියැදුරුවරියක්.

මේ දේවල් වෙන්නෙ දැඩි නීති සහ අධික දඩ මුදල් අයකරන ක්‍රමයක් තියෙද්දිමයි. රියැදුරන් කරන වැරදි වලට යම් කිසි ලකුණු එකතුවෙන ක්‍රමයක් තියෙන මේ රටේ මේ ලකුණු එක්තරා සීමාවක් ඉක්මවා ගියාම රියැදුරු බළපත්‍රය මාස කිහිපයකට හෝ සමහරවිට අවුරුදු කීපයකට හෝ අවලංගු වෙන්නත් කටයුතු යෙදෙනවා. කෝකිලම කියන විදියට ඉන් පස්සෙ නැවත පරීක්ෂණයකට මුහුණ දීලා තමයි නැවත බළපත්‍රය ගන්න වෙන්නෙ.

අපේ රටේ නම් නිතර බැණුම් අහන සමහර බස්, ලොරි සහ ත්‍රි රෝද රථ රියැදුරන්ට, සමහර මිචිගන් කෙල්ලො වාහන පදවන හැටියට ඇහුවම කිචි වගෙ දැනෙයිද දන්නෙ නෑ කියලයි මට හිතුනෙ.

ඉතින් නරකම රියැදුරෝ අපේ අයම විතරක්මද කියන එක නැවත වතාවක් සමාලෝචනය කරලා බලන්න මම හිතාගත්තා

මේ ලිපියම ඉංග්‍රිසියෙන් කියවන්න නම් යන්න Hey Dude හි YOU ALSO THOUGHT SRI LANKAN DRIVERS ARE THE WORST IN THE WORLD? THEN TRY THIS FOR SIZE!

 

ටැග: ,

18 responses to “45. පොඩ්ඩක් ඉන්න! ලෝකෙන්ම එපාම කරපු රියැදුරෝ ඉන්නෙ ලංකාවෙද?

  1. පූසා

    ජනවාරි 30, 2012 at 10:12 පෙ.ව.

    හෙන්රි අයියේ නරකම රියදුරන් ඉන්න රට හොයනවට වඩා වැදගත් දෙයක් මේ කතාවෙන් මම අල්ල ගත්තා. ලෝකේ නරකම රියදුරන් බහුතරය කාන්තාවන්!😀

     
    • ඉන්දික උපශාන්ත

      ජනවාරි 30, 2012 at 1:41 ප.ව.

      හරියට හරි පූස්!

       
      • Buwa

        ජනවාරි 30, 2012 at 8:27 ප.ව.

        //ලෝකේ නරකම රියදුරන් බහුතරය කාන්තාවන්!//

        ඇත්තෙයි ?

        ————————————————————————————–

        දුමියා නම් කිවේ ඉන්දියාවේ(සොරි ඉන්දිකට තහනම් වචනය ) අපේ රටටත් අන්තයි කියල ඩ්‍රැයිවින් , බංගලිදේසේ ගිය කෙනෙක් කිවා ඩකා වල බස් කාරයෝ ඉස්සරහ එකා හෝන් ගැහුවට යන්නේ නැත්නම් පිටිපස්සෙන් ගිහින් අනිනවලු .ඒවට හරි යන්න බස් වල ඉස්සරහයි පස්සෙයි යකඩ බාර් ගහල තියනවලු .

         
  2. වෙද ගෙදර මහ වෙදනා

    ජනවාරි 30, 2012 at 11:41 පෙ.ව.

    මම නම් හිතන්නේ ලංකාවේ තත්ත්වය හදා ගන්න පුළුවන්. ඒ ඉතාම දැඩි දඩයක් ගහලා. නීතිය හරියටම කරලා. ලංකාවේ නැත්තෙමත් ඒකනෙ.

     
  3. vimukthi

    ජනවාරි 30, 2012 at 12:02 ප.ව.

    අදයි මේක දැක්කේ.ලිපිඔක්කොම කියෙව්වා නියමයි ,,අර කිව්වවගේ නරකම කට්ටිය කාන්තාවො වගේ

     
  4. නරකයා

    ජනවාරි 30, 2012 at 12:18 ප.ව.

    එක අතකට දඩේ විතරක් නොගහා අපේ රාළහාමිලා ආදරයෙන් ජාතිය අමතන එකත් හොඳයි වගේ..

     
  5. ලොකු පුතා

    ජනවාරි 30, 2012 at 12:36 ප.ව.

    ජීවිතේටම තාම කාල තියෙන්නේ දඩ දෙකයි
    එකක් හෙල්මට් එක අතේ දාගෙන ගිය එකට 1995
    අනික ගිය අවුරුද්දේ(2011) පේමන්ට් එකක් උඩ වාහනේ නතර කරලා ගිය එකට

    එහෙම බැලුවහම අපි ගොඩක් හොඳයිනේ…

     
  6. hiruni

    ජනවාරි 30, 2012 at 3:41 ප.ව.

    කතාව ඇත්ත. වැඩිපුර අනතුරු වෙන්නෙ නොසැලකිලිමත් කම නිසා.
    ඒත් වැඩිපුර හප්පන්නෙ කාන්තාවො කියන එකට මම නම් විරුද්දයි. එතකොට ලන්කාවෙ හප්පන තරමක් හප්පන්නෙ පිරිමිනෙ. ආ නැද්ද?

     
  7. ඉඳුනිල්

    ජනවාරි 30, 2012 at 5:02 ප.ව.

    මාත් හරි හොඳ ඩ්‍රයිවරයෙක් එහෙනම්. අන්තිම වතාවේ මට දඩ ගැහැව්වේ පොඩි එකීට කෙසෙල් ගන්න පළතුරැ කඩේ ළඟ වාහනේ නතර කලාට…..

     
  8. kandyan

    ජනවාරි 30, 2012 at 5:07 ප.ව.

    වැරදි නොකරන රියදුරෝ නෑ. ඒක හරියට නොමල ගෙයකින් අබ හොයනවා වගේ වැඩක්. ඒ උනත්..පාරේ කරන වැරදි සාමාන්‍ය දේවල් බවට පත් වෙන එකත් නීතිය එක් එක් අයට ඕන විධිහට ක්‍රියාත්මක වෙන එකත් ලංකාවේ විතරමද කොහෙද වෙන්නේ.

     
  9. Kokila

    ජනවාරි 30, 2012 at 6:54 ප.ව.

    මට වෙච්ච මේ අකරතැබ්බය අහපු මගේ ඇමෙරිකන් මිතුරෙක් කියපු දෙයකින් මට ඉන්න හිටපු තැනුත් අමතක උනා. ඔහු කියනවා දවසක් අධිවේගේ යන අතරතුරේ ඔහු දැක්කලු නෝන කෙනෙක් drive කරන ගමන් පොතක් කියවනවා. මගේ යාළුවා හොර්න් එක ගහල WTF කියල අහල නෝනව මගහැරලා ගිහිල්ල.

     
    • Observer

      ජනවාරි 31, 2012 at 8:02 පෙ.ව.

      සිඩ්නි වල බස් ඩ්‍රයිවර් කෙනෙක් බස් එක එලෝන ගමන් පොතක් කියවන එක මගියෙක් මොබයිල් ෆෝන් එකෙන් වීඩියෝ කරලා. නිවුස් වලට ගියා. පොරට ජොබ් එක ගහල ගියා විතරක් නෙමේ නඩුවකුත් වැටුන.

       
  10. ගෝල්ඩ් fish

    ජනවාරි 30, 2012 at 8:42 ප.ව.

    ඇත්තට අපි හිතුවට ලංකාව හොඳයි වගේනේ….

     
  11. සාබිත්

    ජනවාරි 30, 2012 at 10:24 ප.ව.

    ඔව්වා කියන කාව කාවවත් මං ඉන්න බංග්ලාදේශෙ පැත්තෙ ගෙනාව නම් ආයි ඔය කතා කියන්න හිතන්නෙ වත් නෑ!ඒ තරම් විනීතයි මෙහෙ!

     
    • Buwa

      ජනවාරි 30, 2012 at 10:52 ප.ව.

      // බංගලිදේසේ ගිය කෙනෙක් කිවා ඩකා වල බස් කාරයෝ ඉස්සරහ එකා හෝන් ගැහුවට යන්නේ නැත්නම් පිටිපස්සෙන් ගිහින් අනිනවලු .ඒවට හරි යන්න බස් වල ඉස්සරහයි පස්සෙයි යකඩ බාර් ගහල තියනවලු .//
      මචන් මේ කථාව ඇත්තද ???

       
  12. henryblogwalker

    ජනවාරි 30, 2012 at 11:07 ප.ව.

    @පූසා: ඔන්න භයානක කතාවක්. උඹට නම් පණ 9ක් තියෙනවනෙ. අපි එහෙමද?

    @ඉන්දික උපශාන්ත: දී කිරට සිංහයොත් සාක්කි!

    @Buwa: ඔන්න මම නම් එහෙම ගුටිකන්න වෙන කතාවක් කිව්වෙ නෑ බුවා. අඩේ ඒ බාර් එක අපිටත් ගහගන්න වෙයිද මන්දා. ඒ වුනාට ලංකාවෙ ක්‍රෑෂ් බාර් දාන්න තහනම් නේද?

    @ වෙද මහත්තයා: ඉතින් වෙද මහත්තයො මිචිගන් වලත් නීති තදයි, දඩ ඉහලයි.

    @විමුක්ති: සාදරයෙන් පිළිගන්නවා. ඔක්කොම කියෙව්වනම් මාර වෙලාවක් යන්න ඇතිනෙ. ස්තුතියි.

    @නරකයා: නරකයා එහෙම හිතනවද? මටනම් එහෙම කතාවක් ඇහුවම යකා වැහෙනවා.

    @ලොකු පුතා: ලොකු පුතා වුනාම පොඩි පුතාලට ආදර්ශයක් වෙන්න එපායැ නේ?

    @ හිරුණි: ඒක මට පිළිගන්න වෙනවා.

    @ ඉඳුනිල්: අනේ පව්! ඒත් අර මනුස්සයට අනුකම්පා හිතුනෙ නැත්ද?

    @Kokila: කමෝන් එව්‍රිබොඩීස්. මෙන්න ඉන්නවා යාලුවා.
    කෝකිල, මම ඉංග්ලිෂ් එකට මේ කොමෙන්ට් එකේ අන්තර්ගතයත් දැම්මා. ගිහින් බලන්න.
    කොහොමද පෝස්ට් එක සහ ප්‍රතිචාර?

    @ගෝල්ඩ් fish: ලංකාවෙ ඉන්නෙ යාලුවන්ට අත වන වනා රතු ලයිට් පන්නන උන්නේ!

    @සාබිත්: වෙල්කම් වේවා. ඇත්තට? ඇහුවමත් සනීපයි සාබිත්!

    @Buwa:ඔය සාබිත් මොකද කියන්නෙ?

     
  13. Observer

    ජනවාරි 31, 2012 at 7:57 පෙ.ව.

    ඔස්ට්‍රේලියාවෙ නං නරකම රියැදුරන් කහ පාට හම තියෙන කාන්තාවන් [චීන, පිලිපීන, කොරියන්, තායි, වියට්නාම් ආදී ] මගේ අත්දැකීම් අනුව.

     

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

 
%d bloggers like this: