RSS

48. අයිසෙක් Newton අපිත් දකින්නැති, ගණන් හදන්නැති ඒකාලේ

10 Feb

ත්‍රිරෝද රුවන් වැකි:

හන්දියෙ ත්‍රී වීල් නවත්තන්නෙ විකී අයියගෙ තට්‍ටු ගොඩනැගිල්ලෙ මිදුලෙ. යට තට්‍ටුවෙ කඩ , කමියුනිකේෂන්, රෙස්ටොරන්ට්, කම්පියුටර් උපාංග වගෙ දේවල්. බේස්මන්ට් එකෙයි උඩ තට්‍ටුවෙයි ටියුෂන් පන්ති. මෙතන ඉන්න ගැන්සියම මම අඳුරනවා මොකද අපි ඉන්නෙ ඊට ගොඩනැගිලි කීපයකට එහා නිසා.

දවසක් කඩේ ලඟට ගිය ගමන් අපේ මධුකයත් එක්ක කතා කරකර ඉන්නකොට නවත්තලා තිබ්බ ත්‍රී වීලර් එකකට මගෙ ඇහැ ගියා. මම ගෙදර ගිහින් කැමරාවකුත් අරගෙන ඇවිත් අයිතිකාර මල්ලිගෙත් අවසර ඇතුව තමයි මේ ෆෝටෝස් ගත්තෙ.

“තනිකම සැපයි!”

ඔහොම ගහලා තිබ්බට…

“කළු වුනාට කාරි මන්ද මට මනාප නේද සුන්දරී?”

අයිතිකාරයගෙ පාට හිතා ගත්තැකිනෙ.

No Woman No Cry ලු.

එහෙමත් තේරෙනවා. ඒ වුනාට…

“තාමත් හන්දියෙ අඹ ගහ යට මම නුඹ එනකල්.”

මේව ඇත්තටම කස්ටමයිස්ඩ් කතන්දර. ඒ මොකද මේ ත්‍රී වීලර් එක පාක් කරන්නෙ ඇත්තටම හන්දියෙ අඹ ගහ යට තමයි.

“අඩෝ අපි මේ ත්‍රී වීල් එලෙව්වට…” මේ තමයි මගෙ හිත මුලින්ම ගිය කෑල්ල.

“අයිසෙක් Newton අපිත් දකින්නැති, ගණන් හදන්නැති ඒකාලේ,
Campus යන්නට ලකුණක් මදි ඇති, ඒකයි තවමත් මහ පාරේ…”

“පට්ටයි ඈ!” මම අගය කලා කුසලතාවය.
“පට පට පට්ටයි”, අයිතිකාරයා හිනා කටින්  අනුමත කරලා, “තව උඩත් තියෙනවා..”

“මොන උඩද?” මම පුදුමෙන් ඇහුවා.

“වහලෙ උඩ.”

මම කැමරාවරත් අරන් නැග්ගා අඹ ගහට මේක ගන්න.

ඔන්න තිබ්බ දේ.

“පේලි පේලි ගැහැණු ළමයි මා දිහා බලා, පාට පාට හීනේ ගානෙ පා වෙලා ගියා.”

කොහොමද නණ ලළ බේදෙ හෙම ‍රැකගෙන තියෙන හැටි විතර!

“යකෝ, ඒ කාට පේන්නද වහලෙ උඩ ඒක ගැහුවෙ???” මම ඇහුවා.

“ඔය අදාල ගෑල්ලමයි ඉන්නෙ අර උඩ තට්‍ටුවෙ ටියුෂන් පන්තියෙ. එතෙන්ට නියමෙට පේන ෆොන්ට් එකකින් තමයි ගහලා තියෙන්නෙ!”

හැබෑම නේන්නං! කොහොමද ටිකිරි මොළේ?

 

ටැග: , , ,

20 responses to “48. අයිසෙක් Newton අපිත් දකින්නැති, ගණන් හදන්නැති ඒකාලේ

  1. hiruni

    පෙබරවාරි 10, 2012 at 8:19 ප.ව.

    හහ් හහ් හහ්. බඩ අල්ලගෙන හිනා උනා මේකට. ඇත්තටම සමහර ත්‍රීවීල් නිකම් කතා පොත් වගේ නේ, කියවන්න ගොඩයි….😀😀😀😀

     
  2. ඉඳුනිල්

    පෙබරවාරි 10, 2012 at 9:45 ප.ව.

    “පට පට පට්ටයි” එහෙමම තමයි

     
  3. ගැමියාගේ පත් ඉරුව

    පෙබරවාරි 10, 2012 at 10:22 ප.ව.

    ෂහ් වහලේ ගහපු තියරියනම් මල් හතයි පිස්සු කොර

     
  4. weniwel

    පෙබරවාරි 10, 2012 at 11:04 ප.ව.

    ත්‍රී වීල් එකක මෙච්චර කතන්දර ගොඩක් දැක්කමයි මේ !

     
  5. පූසා

    පෙබරවාරි 11, 2012 at 12:24 පෙ.ව.

    හැකිස්! සිරාය!

     
  6. විසිතුරු | visituru

    පෙබරවාරි 11, 2012 at 1:59 පෙ.ව.

    අන්තිම එක ෆට්ටය!

     
  7. winchat kirilli

    පෙබරවාරි 11, 2012 at 2:36 පෙ.ව.

    ලස්සන කතා ටික….අයිසෙක් නිව්ටන් එක තමා මරු……

     
  8. ලොකු පුතා

    පෙබරවාරි 11, 2012 at 3:28 පෙ.ව.

    මගෙත් හිත ගියේ අන්තිම එකට තමයි
    ඌනම් හැබෑ දස්සයෙක්

     
  9. Observer

    පෙබරවාරි 11, 2012 at 3:41 පෙ.ව.

    මම දැක්ක එකක් ‘ අත හිත නැන්දම්මාගෙන් ‘

     
  10. ගෝල්ඩ් fish

    පෙබරවාරි 11, 2012 at 10:30 පෙ.ව.

    හික්ස්… සුපිරි… පොරව ඈඩ්වටයිසින් ෆර්ම් එකකට දැම්මනම් ආයතනය දියුණු වෙන්නේ පට පට ගාලා….

     
  11. පන්සල් හංදිය

    පෙබරවාරි 11, 2012 at 11:46 පෙ.ව.

    නියම වදන් ටික ……..
    මමත් දැක්කා කොහෙදිද කියලා මතක නැහැ ……..

    “ඉන්දියාවේ උපන්නට ඇඳුම් ඇන්දෙ ලංකාවෙදි”
    මේ කතාවෙත් මාර අදහසක් තියනවා ………

     
  12. රූ

    පෙබරවාරි 11, 2012 at 6:49 ප.ව.

    තුන් රොද රථවල කතා නම් එමටයි..
    “ආලෝකය නැතිවිට සෙවනැල්ලත් මා අතහැර යයි..“
    ඔන්න මම දැක්ක එකක්..

     
  13. Kasun Chanaka

    පෙබරවාරි 11, 2012 at 11:01 ප.ව.

    අපොයි…. සිරා සීන් එක ඒක. මිනිහගෙන් ගුටි නොකා බේරුන එක ඇති.

     
  14. තිස්ස දොඩන්ගොඩ

    පෙබරවාරි 12, 2012 at 11:51 පෙ.ව.

    “කළු වුනාට කාරි මන්ද මට මනාප නේද සුන්දරී?”

    සීගිරියෙත් ලියන්නැත්තේ ඔය වාගේ උදවිය වෙන්ටෑති🙂

     
  15. නවම්

    පෙබරවාරි 13, 2012 at 9:55 පෙ.ව.

    චැහ් ! මිනිහ හරිම ක්‍රියේටිව් අයිඩියාස් තියන මනුස්සයෙක් නෙ.

    ආදරේ හරියට චයිනීස් මොබයිල් එකක් වගේ, ගැරන්ටි නැත.

    ඔන්න ඔය වගේ අදහසක් තියන ත්‍රීවීල් එකක් දවසක් දෙහිවල කිට්‍ටුවදි දැක්ක. පින්තූරෙකුත් අරං උන්නෙ පෝස්ට් එකක් ලියන්න. ඒත් දැන් ඒක කොහේද මංද.

     
  16. mahesh

    පෙබරවාරි 14, 2012 at 11:35 පෙ.ව.

    මම දැක්කා දවසක් එකක ගහලා තිබ්බා.. මටත් වඩා හදිස්සිනම් උඩින් යන්න කියලා… දකින උන්ට මලත් පනිනවා ඇති..

     
  17. Makulu Panchi

    පෙබරවාරි 29, 2012 at 4:13 පෙ.ව.

    අනේ…ඒ මනුස්සයගෙ ක්‍රීයේටිව් අයිඩියාස් නිසාවත් ආර ගැල්ලමයා හිනා වෙලාවත් ගියාද දන්නෑ නේද ඇත්තටම..😉

     
  18. hasithag

    මාර්තු 24, 2012 at 6:42 ප.ව.

    ලංකාවේ ත්‍රීවිල් කවි කියලා වෙනම පර්යේෂණ එහෙමත් පවත්වනවලු

     

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

 
%d bloggers like this: