RSS

54. ඉංග්‍රීසි හෝඩියේ අන්තිම අකුර මොකක්ද?

14 Mar
54. ඉංග්‍රීසි හෝඩියේ අන්තිම අකුර මොකක්ද?

ඉංග්‍රීසි හෝඩියේ අන්තිම අකුර මොකක්ද?

ඔව් කියමු බලන්න. මේ මොන ගොං ප්‍රශ්නයක්ද? ඕකත් අහන්න දෙයක්ද? ම්ම්ම්..

හරි ලියන්න බලන්න උත්තරේ සිංහල අකුරෙන් ලඟම තියෙන කොල කෑල්ලක, එහෙමත් නැත්නම් Sticky Note එකක. පොඩි ප්‍රශ්ණයක් තියෙනවා නේද? මොකද /z/ශබ්දය සිංහලෙන් ලියන එක. ඒකට මෙහෙම කරමු. zස. දැනට වැඩේ ගොඩනෙ. හරි දැන් ලියමු බලන්න.

දැන් හරිනම් ඔබා අයියා වගේ මීයාගෙ බෝලේ කරකවාගෙන කරකවාගෙන පහලට යන්නනෙ තියෙන්නෙ. නෑ. අපි ඒ ඉඩෙනුත් ප්‍රයෝජනයක් ගනිමු.

මගේ බ්ලොග් සගයන් ලියාතියෙන සමහර ලිපිවල, ඒ වගෙම ප්‍රතිචාරවල අන්තර්ගතය, ඒ කියන්නෙ ඉංග්‍රීසි බැරිකමින් සිදුවුනු අකරතැබ්බ, ලජ්ජාවට පත්වීම් දැක්කම, මට හිතුනු දෙයක් තමයි පොඩි ඉංග්‍රීසි පන්තියක් දාන්න. චෙහ්! සල්ලි වලට නෙවෙයි. නොමිලේ. ගෙදර නෙවෙයි බ්ලොග් එකේ. ඉංග්‍රීසි ගුරුවරයෙක් වෙලාත් ඒ මදිවට ඉංග්‍රීසියෙන් බ්ලොග් ලියන්නෙක් වෙලාත් මුන් වෙනුවන් යමක් නොකලොත් වැරදියි කියලා හැඟීමක් හිතට වද දෙන්න ගත්තා.

හා හා ඔහොම ඉන්න ඉන්න. හදිසි තීරණවලට පනින්න එපා. මේ කියන්නෙ ‘මට හිතෙන හැටි’ අධ්‍යාපන කඩයක් කරන්න යනවා කියන එකවත් මේක ඉංග්‍රීසි උගන්නන බ්ලොග් එකක් කරන්න යනවා කියන එකවත් නෙවෙයි. මම හිතන්නෙ ඉංග්‍රීසි උගන්නන බ්ලොග් එකක් දැනටමත් තියෙනවාද කොහෙද. මේ කරන්නෙ කාටත් අමතකවුන, අතපසුවුන නමුත් ඉතාම ප්‍රයෝජනවත් වෙනත් පැත්තකට අතගහන්න.

මෙතනදි මුලින්ම කියන්න දෙයක් තියෙනවා. ආකල්පමය වෙනසක්. ඉංග්‍රීසිත් එක්ක තරහෙන් ඉංග්‍රීසි ඉගෙනගන්න අමාරුයි. සමහර අයගෙ තියෙන්නෙ   ඉංග්‍රීසි සම්බන්ධයෙන් විරෝධාකල්පයක්, සතුරු ආකල්පයක්.  එහෙම නම්  අමාරුයි.

ඉංග්‍රීසි මවු භාෂාව නොවන අනිත් හැම ජාතියක්ම වගෙ අපිටත් තියෙනවා ආවේනික දෝශ. මේවා සමහරවිට හාස්‍යජනකයි, ඒ වගෙම ඓතිහාසිකයි. වැ‍රැද්ද පටන් ගත්තෙ කොහෙන්ද කියලා හොයන්නත් අමාරුයි. සියවස් ගනනාවක්ම කිසිකෙනෙකුගෙ අවධානයට ලක්නොවී පරම්පරාවෙන් පරම්පරාවට ගිය සමහර දේ තියෙනවා. මේකෙ තියෙන ලොකුම ප්‍රශ්ණෙ මෙතන වැ‍රැද්දක් තියෙන බවවත් කෙනෙක් නොදන්න එකයි. අනික ඉතාම උගත් පුද්ගලයා පවා නොදැන මේ වැරදි කරන්නවා දකින්න පුලුවන්.

මතක තියාගන්න හැම කෙනාම කරපු පමනින් වරදක් නිවැරදි වෙන්නෙ නෑ. ඒ වගෙම මේ මතයට විරුද්ධව අවි අමෝරාගෙන එන්න පුලුවන් ඉංග්‍රීසි භාෂාවේ අයිති කාරයො. සැලෙන්න එපා. මේ පාඩම ඒ අයට නෙවෙයි. යමක් ඉගෙනගන්න කැමති, වරදක් හදාගන්න තරම් නිහතමානීවන ඔබ සඳහාමයි. හොඳ ඉංග්‍රීසි කතාකරන්න ඉගෙනගන්න කැමති ඔබ සඳහාමයි.

හොඳයි, දැන් මොකක්ද අර ප්‍රශ්නෙට උත්තරේ? ඉංග්‍රීසි හෝඩියේ අන්තිම අකුර මොකක්ද?

ඔය තියෙන්නෙ බඩු!

මට ඔබ ලිව්ව දේ දකින්න බැරි වුනත් හිතා ගත්තහැකි. “ඉසෙඩ්” නේ? නැත්නම් අර මම කිව්ව විදියට ඉzසෙඩ් නේ? ඔබ තනි නෑ. මේ තියෙන්නෙ ඒකට උත්තරේ. ජාතික පුවත්පත්වල, රජයේ නිවේදනවල, රටේ වගකිවයුතු පුද්ගලයන්ගෙ ප්‍රකාශවලත් මේ තියෙන්නෙ.

මට කිසිම සැකයක් නෑ මේ ලිපිය කියවන ලංකාවෙ ජීවත්වෙන අයගෙන් සීයට අනූවක්ම දෙන්නෙ ඔය උත්තරේ බව. හේතුව කිසිදා කිසිකෙනෙක් ඔබව නිවැරදි නොකිරීම.

ඇත්තටම මෙන්න නිවැරදි කිරීම.

‘”ඉසෙඩ්”කියලා අකුරක් නෑ ඕයි!’

ඉසෙඩ් කියලා අකුරක් ඉංග්‍රීසි භාෂාවේ නෑ කිව්වොත් ඔබ පිලිගන්නවද?

අපි කැමති වුනත් අකමැති වුනත් ඉංග්‍රීසි භාෂාවේ ලෝකයම පිළිගත්ත උච්ඡාරණ විධි දෙකක් තියෙනවා ප්‍රධාන වශයෙන්ම. ඒ තමයි අමෙරිකානු (මින් ඉදිරියට US යනුවෙන් හඳුන්වමු) අනික බ්‍රිතාන්‍ය(මින් ඉදිරියට UK යනුවෙන් හඳුන්වමු. (හරි හරි ඔබා අයියා, AusE, NZE, එහෙමත් තියෙනවා තමයි මයිට් (mate) කලබොල වෙන්න අවශ්‍ය නෑ)

ඔය අකුර ඇත්තටම එක්කො

zසෙඩ් (බ්‍රිතාන්‍ය උච්ඡාරණය)

නැතිනම්

zසී (අමෙරිකානු උච්ඡාරණය)

ඔබට මම කියෙන දේ විශ්වාස නැතිනම් ඉංග්‍රීසි-ඉංග්‍රීසි ශබ්දකෝශයක බලන්න පුලුවන්. (ඉංග්‍රීසි-සිංහල නෙවෙයි) නමුත් ඔබට සිදුවෙයි IPS (International Phonetic Symbols) ඉගෙනගන්න සහ පාවිච්චි කරන්න. IPS වලින් මට හිතෙන හැටි ලියන්නෙ මෙහෙමයි./mɅtə hiθenə hæti/

ඔබ දකීවි මේ ආකාරය.

/zed/ (UK) /zi:/ (US)

ඒක මාර කතාවක්නෙ. එතකොට කොහෙන්ද යකෝ අර “ඉ” යන්න ආවෙ? ඔබ අනිවා කල්පනා කරනවා ඇති. ඒකට උත්තරේ හොයන්න ‘මට හිතෙන හැටි’යට නම් වැඩි දුර යන්න ඕනෙ නෑ. ලඟමයි තියෙන්නෙ. මේ අල්ලපු වැටේ. හිතන්න බලන්න.

ම්ම්ම්ම්? ඊට කලින් අකුර මොකක්ද? Y වයි නේ? අපිට මුලින්ම ඉංග්‍රීසි උගන්නපු කාලෙ සමහරවිට එක්දාස් අටසිය ගනන්වලදිම වයි අකුරෙ යි කෑල්ල zසෙඩ් අකුරට ඇලිලා. කවුරුවත් නෝට් කරලා නෑ. මේ අහිංසක බ්ලොග්වෝකරයා ඕක නෝට් කරන කල්!!

 

ටැග: , , , ,

42 responses to “54. ඉංග්‍රීසි හෝඩියේ අන්තිම අකුර මොකක්ද?

  1. රාජ්

    මාර්තු 14, 2012 at 12:06 ප.ව.

    Z චාටර් කලානෙ අපේ ඇමතිතුමා.

     
  2. Observer

    මාර්තු 14, 2012 at 12:33 ප.ව.

    මෙහෙ ප්‍රොනවුන්ස් කොරන්නේ නං zed කියල.

    ෆොනටික් භාෂාවෙන් zulu

     
  3. නවම්

    මාර්තු 14, 2012 at 12:57 ප.ව.

    ඔව් ඔව් සෙසම්ස්ට්‍රීට් [ප්‍රනෞන්ස් කලා හරිද – ඒ කෑල්ලත් හරිද මංද] බලන කලෙ ඒකෙත් කිව්වෙ “Zසී” කියලද කොහෙද. ඉස්කෝලෙ “ඉසෙඩ්” කියල ඉගනගත්තු මට මේ මොන බෝලයක්ද කියල හිතුන ඒක ඇහුවම. හැබැයි අර එලක්‍යුෂන් පන්තිවල ඕව හරියට උගන්නනව නේද ? මං ගියේ නෑ නොවැ, අපේ නඟානං ගියා . ඕං මං ඔළුව නවල පිලිගත්ත මෙච්චරකල් කොරාපු වැ‍රැද්ද.

     
  4. indika27

    මාර්තු 14, 2012 at 1:17 ප.ව.

    හරි සෝක් දැන් ඔන්ලයින් ඩික් වල ප්‍රොනව්ෂේසන් අහන් පුලුවනි..යූ ඇස් යූ කේ විදි දෙකටම ස්පෙල් කරනවා ඔක්ස්පර්ඩ් එකේ…

     
  5. විසිතුරු | visituru

    මාර්තු 14, 2012 at 1:22 ප.ව.

    F වලට “ෆ” වගේ Z වලටත් අකුරක් තිබුණා නම් වටිනවා!

     
  6. ගැමියාගේ පත් ඉරුව

    මාර්තු 14, 2012 at 1:33 ප.ව.

    සෙසමි ස්ට්‍රීට් එකේ ඉසෙඩ් කියද්දි කිව්වේ සී කියලනේ මම හිතුවේ ඒ කාලේ මුං මේ අකුරු දෙක මාරු කරන් කියලා ලඟක් වෙනකන්ම ඉසෙඩ් කියන එක තමා කිව්වේ කවුදැයි දන්නේ මෙහෙව් වගක් බොහෝම ස්තූතියි අයියේ දැනුවත් කිරීමට….ඉංග්‍රීසි බ්ලොග් එක බලන්න බැරිවුනා කාලෙකින්

     
  7. Observer

    මාර්තු 14, 2012 at 1:54 ප.ව.

    හෙහ්..හෙහ්..පන්ජාබ් කාරයෝ z අකුර සද්ද කරන්නෙ ‘ජ ‘ සද්දෙන්.
    zero කියන්නේ ජීරෝ කියල.
    zone කියන්නෙ ජෝන් කියල.
    මෙහෙදි දැක්ක දෙයක් මතක් වුනා, කෝච්චියෙ ටිකට් චෙක් කොරපු පන්ජාබි ටිකට් ඉන්ස්පෙක්ටර් කෙනෙක් සම්භන්දව.
    පෝස්ට් එකක් ලියන්නම්. හෙන්රිට බැරිද අර ජටාව බැඳ ගත්ත ශීක් චෙකර් කෙනෙක්, කෝච්චියෙ වාඩි වෙලා ඉන්න සුද්දො දෙන්නෙක්ගෙ ටිකට් චෙක් කොරන චිත්‍රයක් ඇඳල එවන්න…හෙහ්..හෙහ්..

     
  8. maathalan

    මාර්තු 14, 2012 at 1:58 ප.ව.

    හා එහෙනම් කියපන්කෝ බලන්න “ද” කියන එකේ තේරුම. අදයි මේක දැක්කේ අහම්බෙන්.. හෙහ් හෙහ්..

     
  9. weniwelWeni

    මාර්තු 14, 2012 at 2:30 ප.ව.

    ග්සෙඩ් කියලා තමයි අපි ඕක උච්ජාරනය කලේ.. ඉසෙඩ් කියලා තමයි ඒ උනාට කිව්වෙ ලේසියට..සත පහේ දුරින් තිබ්බහම පොඩ්ඩක් පැටලෙනවා නොවැ ඉතින්…

     
  10. Gold fish

    මාර්තු 14, 2012 at 3:23 ප.ව.

    හා එහෙනම් කියන්න බලන්න කැපිටල් Q අකුර සිංහලෙන් කියන්නේ කොහොමද කියලා…

     
  11. Itnishantha

    මාර්තු 14, 2012 at 3:46 ප.ව.

    හප්පචියේ උඹ ළඟ පතක ඉන්න එකනම් හොඳට ගියා. මටත් දැන් තමයි තේරෙන්නේ ඉංග්‍රීසි පීරියඩ් එක කට් කරපු එකේ විපාක. යන්තම් බෙල්ල කපා ගන්නේ නැතුව බේරා ගන්නවා. ඒ උනත් මම කතාකරන හැටි සුද්දෙක් දැක්කොත් ඌ සියදිවි නසා ගන්නවා අනිවා. කොහොම හරි මටත් ඕක පොලිෂ් කරගන්න ඕන. අනේ ලොකු දෙයක් පුළුවන් තරම් ඉක්මනට ඕක පටන් ගනින්

     
  12. henryblogwalker

    මාර්තු 14, 2012 at 5:59 ප.ව.

    @රාජ්: හලෝ රාජ්!

    @Observer: ඔය තියෙන්නෙ උදාහරණ.

    @නවම්: Sesame Street අමෙරිකානු වැඩසටහනක්නෙ. මමත් ඔලුව නවලා ආචාරකරනවා නවමගෙ නිහතමානී ගුණයට.

    @indika27:ඔව් ඒ වගෙම හැම ඩික්ෂනරි එකක් එක්කම එන CD ROM එකෙත් ඒක තියෙනවානෙ. ස්තුතියි ඉන්දික.

    @ඔබා අයියා: පුදන කොටම කාපි යකා.

    @විසිතුරු: මමත් ඕක හැමදාම හිතුවා. අන්න කරනවා නම් වැඩේ. හොඳට කල්පනා කරලා අකුරක් නිර්මාණය කරලා ඕක ෆොන්ට් එකකට දාලා අපි බ්ලොගර්ස්ල ඕක පාවිච්චි කරන්න ගත්තානම් හරි. ට්‍රයි කරන්නකො ඔය කොම්පියුටර් වැඩ කාරයො අපිත් එක්ක ඉන්න. යුනිකෝඩ් වලින් තමයි ඕනෙ.

    @ගැමියා: හික්ස්, අකුරු දෙක මාරු කරන් කියලා හිතුනා? ඔබේ සැපත මගෙ සතුටයි. ස්තුතියි. ඉතින් බලන්න පුලුවන්නෙ දැන්.

    @Observer: පන්ජාබි විතරක් නෙවෙයි ඔබා අයියා තව ප්‍රාන්තවල අයත් ඉන්නවා එහෙම. ඒ ගැනත් අතරින් පතර දාන්න ඉන්නෙ.

    හරි අඳිමු. පොඩ්ඩක් කල් දෙන්න. වැඩියෙම නෙවෙයි. පොඩ්ඩක්.

    @maathalan: ඔන්න ඕකනෙ කියන්නෙ.උඹ නම් මහා කඩා කප්පල්කාරියෙක් මාතලන්. දැන් ඊ ගාවට අහයි කුල්ලට ඉංග්‍රීසියෙන් කියන්නෙ මොකක්ද, කිරි අල වලට කියන්නෙ මිල්ක් යෑම්ද වගෙ ප්‍රශ්ණ. අර කොමුපිළි ගැන කියෙව්වා ඊයෙ රෑ වෙනකල්. කොහොමද ඒ වචනෙ හැදුවෙ?

    @:WENI: උඹට හම්බවෙයි සත පහට යන්න. ඔය ඔබාවත් කිව්වා නම් කමක් නෑ.

    @Gold Fish: මේක නම් මාතලන් එක්ක එකතු වෙලා කරන කුමන්ත්‍රණයක්ද කොහෙද. කඩාකප්පල්කාරයො!

    @itnishaantha: හොඳ වඩේ පන්ති කට් කලාට. ඉතින් මේ පටන් අරන් තියෙන්නෙ නිශාන්ත. මේ විදියට තමයි මේක යන්නෙ. නැතුව පාඩමක් වගේ නෙවෙයි.

     
  13. pasanOnline

    මාර්තු 14, 2012 at 7:18 ප.ව.

    “සමහර අයගෙ තියෙන්නෙ ඉංග්‍රීසි සම්බන්ධයෙන් විරෝධාකල්පයක්, සතුරු ආකල්පයක්.”

    මමත් කැමති නැතිම දෙයක් තමයි ඕක. සුද්දගෙ දේවල් අපිට ඕනෙ නෑ කියල සරම උස්සගෙන ඔල්මාදෙන් දොඩවන්නෙ නැතුව හැමෝම හරියට ඉංග්‍රීසි ඉගෙනගත්තනම් ඔය ‘පොශ්’ එකට ඉංග්‍රීසි භාවිතා කරන අයටත් ඉබේටම සිංහල පුලුවන් වේවි.

    ඔය ඉසෙඩ් සිද්ධිය මම හිතන්නෙ අපේ කට්ටිය ඉස්ටේසම, ඉස්ටෝරුව වගේ ඉ කාරයක් ඉස්සරහට දාන පුරුද්දෙන් වෙලා තියෙන්නෙ. මේක මෙහෙම උනේ ඇයි කියල මටත් නම් ප්‍රශ්නයක්. මොකද ස් ශබ්දයෙන් පටන් ගන්න සිංහල වචන නැතුව නෙමෙයිනෙ මේක කියන්න ඔච්චර අමාරු වෙන්න. උදාහරණ ස්ථානය, ස්මාරකය, ස්මරණය, ස්වාධීන. තව ඕනෙ තරම් ඇති.

    මේවගේ දේවල් පෙන්නල දෙන එක ගොඩක් වටිනවා – ගොඩක් අය හිතන්නෙත් නැති වැරදි මේවා.

     
  14. henryblogwalker

    මාර්තු 14, 2012 at 7:49 ප.ව.

    @pasanOnline:පසන්ට ඉංග්‍රීසි ගැන විරෝධාකල්පයක් නැති බව මම හොඳාකාරව දන්නෙ පසන් ව්‍යක්ත ඉංග්‍රීසියෙන් බ්ලොග් එකකුත් ලියන නිසයි. නොගිය අය ගිහින් බලන්න වයසටද මේකාගේ වැඩ කියලා. මගේ ඉංග්‍රීසි බ්ලොග් එකේ බ්ලොග් රෝල් එකේ ලින්ක් එක තියෙනවා.
    නැතිනම් මෙන්න: pasanonline.wordpress.com
    මමත් කල්පනා කරලා තියෙනවා පසන් කියන කාරණය ගැන. අපේ භාෂාවෙත් ස් වලින් පටන් ගන්න වචන නැතුව නොවෙයිනෙ කියන. ඔය උදාහරණ වලින් ඉස්කෝලය කියන එකනම් ඉංග්‍රීසියෙන් ආපු school නෙවෙයි පසන්, ඒක පෘතුගීසි escola වලින් ආපු නිසා වෙන්න පුලුවන්. අනිත්වා නම් කොහොමද දන්නෙ නෑ.
    ඒ වගෙම මෙතෙන්දි නම් සිරාවටම ඉසෙඩ් වුනේ අර මම කිව්වා වගෙ වයි අකුර ලඟ තියෙන නිසා.

     
  15. පූසා

    මාර්තු 14, 2012 at 8:07 ප.ව.

    හැබෑට හෙන්රි අයියේ පටං ගන්නකෝ හෝඩියේ ඉඳං ඉංගිරිස් උගන්නන බ්ලොග් එකක්. අපි වගේ එව්වොන්ට ඉගෙන ගන්න. ඉංගිරිස් උගන්නන බ්ලොග් තිබ්බට මොකෝ ඒවයේ අවුරුද්දකට එක පෝස්ට් එකයිනොවැ වැටෙන්නේ!

     
  16. ඉඳුනිල්

    මාර්තු 14, 2012 at 9:17 ප.ව.

    මේ ලිපිය වටිනා සිහි කැඳවීමක්.. :))

    ඉගෙන ගන්නවා වගේම නිතරම භාවිතා කරන්නත් ඕනි (එහෙම නොකිරීමේ ප්‍රතිඵල මම අත් විඳිනවා).

     
    • henryblogwalker

      මාර්තු 15, 2012 at 7:19 ප.ව.

      @පූස්: පටන් ගන්න ඕනෙ ඉවරකරන්න පුලුවන් වැඩක් පූස්. එහෙම කලොත් මේ බ්ලොග් එක සතර පත්තරේ වගෙ වෙයි. මේක ඊට වැඩිය වෙනස් ප්‍රයෝජනයක් තියෙන ප්‍රොජෙක්ට් එකක්. ආයෙ ආපුවම බැලියෑකි පූස්ට.

      @ඉඳුනිල්: ඇත්ත කතාව. ඒ කොහොමද ඉඳුනිල් ඒක අත්විඳින්නෙ?

       
      • ඉඳුනිල්

        මාර්තු 16, 2012 at 9:04 ප.ව.

        @henryblogwalker : මට හොඳ ඉංග්‍රීසි හැකියාවක් කලින් තිබුනත් , අවුරුදු ගණනක් භාවිතාව අඩුවෙන් තිබිලා, පසුව එදිනෙදා නිතර භාවිතා කරන්න වුනාම අපහසුතා වලට මුහුණ දුන්නා. දැන් දැන් ටික ටික හරි යාගෙන එනවා..

         
  17. Sujeewa de Silva

    මාර්තු 14, 2012 at 10:44 ප.ව.

    මේ අකුරේ ජාත්‍යන්තරව සම්මත උච්චාරණ දෙකෙන් එකක් අපිත් භාවිතාවට ගන්නවා නම හොඳයි තමයි. අපේ රටේ බොහොම දෙනෙක් පාවිච්චි කරන උච්චාරණයට ආසන්න /ˈi-zərd/ යන්න ප්‍රාදේශීය ව්‍යවහාරයක් (dialectal form) හැටියට Merriam-Webster ශබ්දකෝෂයේ දක්වලා තියනවා (http://www.merriam-webster.com/dictionary/z). මේක 18 වෙනි සියවසේ මැද කලේ ඉඳලා එන එකක් කියලා විකිපීඩියාවේ තියන නිසා (http://en.wikipedia.org/wiki/Z), සමහර විට යටත් ජිජිත කලේ මෙහෙ පැලපදියම් වුන වෙන්න පුළුවන්.

     
    • henryblogwalker

      මාර්තු 15, 2012 at 7:37 පෙ.ව.

      ස්තුතියි සුජීව. ගවේශකයෙක් බව පේනවා. සුභ පැතුම්. ඇත්තටම සුජීව සමහර dialects පිලිගන්න ශබ්දකෝශ තියෙනවා. ඉන්දියානුවො සමහරෙක් ‘h’ අකුරට කියන්නෙ හැච්(hatch)කියලා. ඒකත් හරි කියනවානෙ dialect ප්‍රාදේශීය ව්‍යවහාරයක් හැටියට.
      සුජීවගෙ කතාවට මම මුලුමනින් එකඟයි “මේ අකුරේ ජාත්‍යන්තරව සම්මත උච්චාරණ දෙකෙන් එකක් අපිත් භාවිතාවට ගන්නවා නම හොඳයි තමයි.”

       
  18. sAm sRi

    මාර්තු 14, 2012 at 10:54 ප.ව.

    ඇමරිකාව ‘සී’ කියන කතාව දන්නවා මම !!

     
    • henryblogwalker

      මාර්තු 15, 2012 at 7:40 පෙ.ව.

      සූප්පුව කටේ ගහන් හිටියට සෑහෙන දේව්ල් දන්නවා අපේ සෑමා!! ඒකනෙ සෑම් ගැනම හදපු සින්දුවකුත් තියෙන්නෙ “ලොවේ සෑමා එකම දෙසේ…” කියලා. (;P)

       
  19. ‍සොඳුරු සිතැති මිනිසා

    මාර්තු 15, 2012 at 7:02 පෙ.ව.

    හා.. මේක ශබ්ද කොරන්නේ කොහොමද කියන්න බලන්න ” chutzpa “

     
    • henryblogwalker

      මාර්තු 15, 2012 at 7:29 පෙ.ව.

      ආසන්න වශයෙන් ‘හුට්ස්පා’. ආසන්න වශයෙන් කිව්වේ අපේ අකුරු වලින් හැම ශබ්දයකම නියම උච්ඡාරණය ලියන්න බැරි නිසා. ස්තුතියි සොඳුරු මිනිසා උදේම මේ පැත්තෙ ආවට.

       
  20. Kasun Chanaka

    මාර්තු 15, 2012 at 3:03 ප.ව.

    අප්පච්චියේ නියම පාඩම් අයියේ. මම හිතන්නේ අපි හැමෝම ‘ඉසෙඩ්’ කියලම තමයි කියන්නේ. දැන්වත් හරි දේ දැනගත්ත එක ගොඩක් හොඳයි. ඔහොම දේවල් දිගටම කියල දුන්න නම් නියමයි.:)

     
  21. පන්සල් හංදිය

    මාර්තු 17, 2012 at 11:24 පෙ.ව.

    නොදන්න දෙයක් ඔලුවට දා ගත්තා, තෑන්ක්ස් …….
    එදා ඉඳලම කැමති නැති භාෂාවක් තමා, පහු වෙනකොට නැතුව බැරි උනා, ඒ ගමන තමා යන්තං ගැට ගහගන්න පුරුදු උනේ …….

     
  22. Hera

    මාර්තු 17, 2012 at 6:12 ප.ව.

    ලංකාවේ භාවිතා වෙන්නේ UK ඉංග්‍රීසි නේද?. එහෙම උනාම අපි කියන්න ඕනා zed. ඒත් ඉතින් අපේ අය “ෂෙඩ් (හෝ සෙඩ්)” කියලා ශබ්ද කරලා අවුල් වෙනවට වැඩිය ඉසෙඩ් හොඳයි වගේ. එතකොට Y වලට “වයියි-> වඊ” කියලා කිවුවම වැඩේ හරි වගේ.
    වෙනසක් වැඩිය නොපෙනුනාට US හා UK ඉංග්‍රීසි ගොඩක් වෙනස් නේ. උදාහරණයක් හැටියට US ගිහින් “My pants are dirty and I need to change them” කිවුවට අවුලක් නැති උනාට UK වල එහෙම කිවුවොත් වස ලැජ්ජාවයි.😀

     
  23. Hera

    මාර්තු 17, 2012 at 6:13 ප.ව.

    Forgot to subscribe. Just writing this for subscribing.

     
  24. Dulip Sikurajapathy

    මාර්තු 19, 2012 at 4:42 පෙ.ව.

    මමනං හිතන්නෙ ඕක වෙලා තියෙන්නෙ වයි අකුරෙන් හැලුන “ඉ”කාරයක් නිසා නෙමේ. අයිය අහල තියනවද ගොඩක් ලාංකිකයො කතා කරද්දි සමහර ඉංග්‍රීසි වචන ඉන්නරහට ඉ එකතු කරනව ??? උදාහරනයක් විදියට school කියන වචනෙ ඉස්කූල් කියල සද්ද කරනව. මේ වගේ ඉදිරියට “ඉ” ශබ්දය යාදාගෙන කරන වැරදි උච්චාරන ගොඩක් ගුරුවරයෙක් විදියට යිය අහල ඇති. මගෙ අදහසනං ඒ අපිටම ආවේනික උච්චාරන දෝශය නිසා එහෙම Z අකුර “ඉසෙඩ්” කියල ලංකාවෙ උච්චාරනය වෙනව ඇති.

    ඇමරිකන් ඉංග්‍රීසි පාවිච්චි කරපු මගෙ මල්ලිගෙන් ඉංග්‍රීසි ඉගෙනගත්ත නිසා මට ඔය අවුල ඇතිඋනේම නෑ.

     
  25. henryblogwalker

    මාර්තු 19, 2012 at 9:49 පෙ.ව.

    @Dulip Sikurajapathy:
    දුලිප් හිතන්නෙ එහෙමද? මම හිතන් හිටියෙ ලාංකිකයො එකෙම ‘ඉ’ කාරය යොදා ගත්තෙ ‘ස්’ (හල් කිරීමත් එක්ක) හඬත් එක්ක කියලා. මට හිතාගන්න බැරි අර pasaOnline කිව්වා වගේ අපේ භාෂාවෙත් එහෙම වචන තියෙද්දි (ස්වදේශීය, ස්වස්ථික වගෙ) එහෙම ඉ යන්නක් යොදාගත්තෙ කම්මැලිකමටද කියලා.
    ස්තුතියි දුලීප් මල්ලි.

     
  26. hasithag

    මාර්තු 24, 2012 at 6:21 ප.ව.

    ඇඬෙනවා තනි ඇහට අයියා🙂

     
  27. Seo Pressor

    අප්‍රේල් 7, 2012 at 10:23 ප.ව.

    After reading your blog post I browsed your website a bit and noticed you aren’t ranking nearly as well in Google as you could be. I possess a handful of blogs myself and I think you should take a look here: http://seopressors.org You’ll find it’s a very nice tool that can bring you a lot more visitors. Keep up the quality posts

     
  28. kavikaari

    අප්‍රේල් 23, 2012 at 5:43 ප.ව.

    ඇයි ඉසෙඩ් විතරක්? අර ඉසෙඩ් “කෝර්” (score) එක ගැනත් ලියමුකො

     
  29. Senna

    මැයි 2, 2012 at 12:53 පෙ.ව.

    // ඉංග්‍රීසි මවු භාෂාව නොවන අනිත් හැම ජාතියක්ම වගෙ අපිටත් තියෙනවා ආවේනික දෝශ. මේවා සමහරවිට හාස්‍යජනකයි, ඒ වගෙම ඓතිහාසිකයි. වැ‍රැද්ද පටන් ගත්තෙ කොහෙන්ද කියලා හොයන්නත් අමාරුයි. සියවස් ගනනාවක්ම කිසිකෙනෙකුගෙ අවධානයට ලක්නොවී පරම්පරාවෙන් පරම්පරාවට ගිය සමහර දේ තියෙනවා. මේකෙ තියෙන ලොකුම ප්‍රශ්ණෙ මෙතන වැ‍රැද්දක් තියෙන බවවත් කෙනෙක් නොදන්න එකයි. අනික ඉතාම උගත් පුද්ගලයා පවා නොදැන මේ වැරදි කරන්නවා දකින්න පුලුවන්. //

    මේකනම් සහතික ඇත්ත.. හොඳ ප්‍රසිද්ධ දෝෂයක් තමා ” NO” මමත් ඔය වැරැද්ද හරියට කරනවා. ඒකෙන් ගැලවෙන්ඩ බැරි තරමට ඒකට ඇබ්බැහි වෙලා.

    You Know no…🙂

    හොඳම වැඩේ කියන්නේ .. මගේ මේ කන් දෙකෙන්ම මට අහන්ඩ ලැබුනනෙ සුද්දෙකුත් ඕක ඔහොමම පාවිච්චි කරනවා.. මම ඇස් දෙක ලොකු කරලා ඌ දිහා බැලුවා.. ආයේත් කිව්වෙ නැද්ද.. ? හැබැයි මිනිහා මොන රටේ සුද්දෙක්ද කියන්ඩනම් මම දන්නෑ.. යුරෝපීයෙක්.

     
  30. ගැටයා

    ජූලි 18, 2012 at 12:56 ප.ව.

    අර “ස්කූල් School” ඉස්කෝලෙ වෙච්චි එකමද මන්දා නේහ් මෙතනත්?
    කොහොමෙන් කොහොම හරි මටනං හිතෙන්නේ Pronunciation ගැන ඕනවටත් වඩා හිතන්න ඕනෙ නෑ කියලයි.ඒක හොඳ නැද්ද UK US විදියටම කොරන්න යනවට වඩා?

     
  31. ගැටයා

    ජූලි 18, 2012 at 12:58 ප.ව.

    අඩේ මට WordPress ගැන ආදරයක් ඇති වේගන එනවා වගේ

     
  32. Hareendra Perera

    අගෝස්තු 8, 2012 at 7:59 ප.ව.

    හපොයි විලි ලජ්ජාවෙ බෑ.. කී පාරක් ඉසෙඩ් කියන්න ඇත්ද?

     

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

 
%d bloggers like this: