RSS

57. ‍රැග දෙන්නට ගොස් ඇන ගත් දවසක්

23 Mar
57. ‍රැග දෙන්නට ගොස් ඇන ගත් දවසක්

“මෙන්න මූ හුලං ගහනවෝ!” කියෙව්වා නම් මතක ඇතිනෙ මම ආවේ සේද මාවතක් දිගේ නොවන බව. අපි ඒ කතා කලේ bullying ගැන.
දැන් අපි කතා කරමු නවක වදය ගැන.

මම මරදානේ ටෙක් එකේ මෝටර් ඉංජිනේරු ශිල්පය හදාරපු කාලේ කතාවක් මේක. ඔය ටෙක් එකෙත් නවක වදය ඉතාම කැත විදියට තිබ්බ කාලයක් මේක. අද නම් දන්නෙ නෑ. අහන්න එපා.

ඉස්සෙලාම අපේ බැච් එකේ උන් කතා වුනා අපි මුන්ට අල්ලගෙන අම්බානක නෙලමු කියලා ‍රැග් කරන්න ආවොත්. බ්ලොග්වෝකරුත් මේ දවස් වල street fighting වලට අමතරව ටයික්වොන්ඩෝ (taekwondo) පන්තිත් යනවා. ඉතින් බ්ලොග්වෝකරුත් කොකු වලට කොහොමත් ප්‍රියයි.

නමුත් මේ වැඩේට තිබ්බා පොඩි කොස්සක්. ඒ තමයි ඔය ජ්‍යේෂ්ඨ උත්තමයන්ගෙන් එකෙක් ඇත්තටම කරාටේ මාස්ටර් කෙනෙක් වීම. ඌ ගුවන් ගත වෙලා ඩබල් ෆ්ලයින් කික් එකකින් ප්‍රතිවාදීන් දෙන්නෙකුට පහර දෙන ෆෝටෝ එකක් දවස ගානේ පත්තරවල දැන්වීමකට ගියා. ඒ මදිවට ඒකා ලංකාවෙ ප්‍රසිද්ධ කරාටේ මාස්ටර් කෙනෙක්ගෙ පුතෙක්.

මේ සිද්ධිය දැනගත්තට පස්සෙ මාෂල් ආට් නොකරපු අපේ එවුන් යෝජනා කලා හමුදා වල ඉන්න අයියලාව යොදවලා මුන්ට ගස්සන්න වගේ පිස්සු සැලසුම්.

අන්තිමට කවුරුත් තීරණය කලා, “හරි අපි බලමු. සීමාව පැන්නොත් මොකක් හරි කරමු” කියලා.

ඔය තීරණයත් එක්ක ඔන්න බැච් එකම රැග් එක කන්න ලෑස්ති වුනා. ඇඳගෙන ආවෙත් ‍රැග් එකට ගැලපෙන කඩමාලු ඇඳුම්. ඉතිං මේ ලිපිය කියවන වැඩිදෙනෙක් කැම්පස් ‍රැග් එක කාපු උන් නිසා ‍රැග් එක ගැන වැඩි විස්තර අවශ්‍ය නෑනෙ. මේ ලිපියෙ සඳහන් කරලා තියෙන්නෙ මුළු ‍රැග් එකම නෙවෙයි, රසවත් කියලා මට හිතුනු කොටස් විතරයි. මුළු ‍රැග් එකම ලියන්න මේ වගෙ පෝස්ට් හත අටක් වත් යාවි. නමුත් අපි කාපු ‍රැග් එක සමස්තයක් වශයෙන් ඉතාම අමානුෂිකයි කියලා විතරක් කියන්න ඕනෙ.

ඉතාම වේදනාකාරී එක දෙයක් තමයි බිම් මහලෙ ඉඳන් පඩිපෙල දිගේ හාවා පැන පැන තුන්වෙනි තට්‍ටුවෙ තියෙන කැන්ටිමට දෙන ලද කාල සීමාවක් ඇතුලත ලඟාවීම. බැරි වුනොත් මුල ඉඳලා යන්න ඕනෙ. මොන තරම් කරාටේ එක්සසයිස් කරලා හිටියත් මේක නම් ඇත්තටම පණ යන වැඩක්. මගක් යනකොට කකුල් ගිණිගන්නවා වගේ දැනෙනවා. හුස්ම ගන්නත් අමාරුයි.

ඊට පස්සෙ කැන්ටිමේ මුලු දිගට තියලා තියෙන එකට සම්බන්ධ කරපු මේස යටින් දනගාගෙන යන්න ඕනෙ. දෙපැත්තෙ පු‍ටු වල සීනියර් උත්තමාවියෝ ඉඳගෙන ඉන්නවා කකුල් මේස යටට දමාගෙන. අපි එකා පස්සෙ එකා මේස යටින් යන්න ඕනෙ අරුන්ගෙ කකුල් දිහා නොබලා, නොගෑවී. බැලුවොත් හෙම බෝක්කු ඇරගෙන ඉන්න කෙල්ලො පයින් ගහනවා. මේක නම් මට සෑහෙන අමාරු වැඩක් වුනා. මම එහා පැත්තෙන් මතුවෙන කොට සෑහෙන පයින් පාරවල් කාලා. මේ නිසා මට නැවත නැවත යන්න වුනා.

තව ‍රැග් එකක් තමයි අඟුරු වලින් දත් මැදීම. මේකෙ සීන් එක මුන් දෙන තඩි අඟුරු කෑල්ලම කටේ දාගෙන හපන්න ඕනෙ.

“තෝ මොනවයින්ද %$# ගෙදරදි දත් මදින්නෙ?” කියලා ඇහුවම ‘සිග්නල් වලින්’ කිව්වොත් පනිෂ්මන්ට් වැඩියි. මොකද මේ ‍රැග් කිරිල්ල පිටිපස්සෙ තියෙන්නෙ තනිකරම හීන මානයයි ඊර්ෂ්‍යාවයි නිසා. (මම මේවා ඉගෙන ගත්තෙ මට ඉස්සරහින් යන එකාගෙ උත්තර සහ ප්‍රතිචාර අහං ඉඳලා.) මම නං කිව්වෙ අඟුරු වලින් කියලා. එතකොට මේ මානසික රෝගීන්ට හරිම සතු‍ටුයි. මේකෙ තියෙන ආතල් එක තමයි මුලින්ම තමන්ගෙ දත් තමන්ගෙ ඇඟිල්ලෙන් මැදගෙන මැදගෙන යාම. මේක කරන්නෙ තව එකෙක්ගෙ මූනට එබිලා බලාගෙන හරියට කන්නාඩියෙන් බලනවා වගෙ. ඊට පස්සෙ එක පාරටම එකෙක් කෑගහනවා

“නවත්තපියාව්!” කියලා.

හැමෝම හරි සතුටින් නවත්තපුවම,

“දැන් තොපි අනිකගෙ දත් මැදපියාව්!” කියලා නියෝගය ලැබෙනවා.

මම මුලින්ම සීන් එක බලාගෙනයි හිටියෙ. මාත් එක්ක හිටපු ප්‍රියන්තයයි මායි මේකට සෙට් වෙලා හිටියෙ කතාවෙලා. ඉස්සෙල්ලම අපි තමන්ගෙ දත් මැද මැද හිටියෙ මැද ඇඟිලි වලින්. ‘අනිකාගෙ දත් මැදපියාව්’ කිව්ව ගමන් අපි දෙන්නම නෝන්ඩි නැතුව අර ඇඟිලි නවාගෙන දබර ඇඟිල්ලෙන් එකිනෙකාගෙ දත් මැද ගත්තා. අනිත් එවුන් අප්පිරියාවෙ ඇඹරෙනකොට ප්‍රියන්තයයි මායි සෑහෙන මැදගෙන. වැඩේ මාට්‍ටු වුනේ නෑ. අපිව ඒකෙන් ඉක්මනට නිදහසුත් වුනා.

ඉස්කෝලෙ යන කාලේ ඉඳලා අපි පන්තියෙදි කරන එක දෙයක් තමයි ඩෙස්ක් එකට අඩි දෙකක් විතර ඈතින් හිටගෙන ඉඳලා දනිස් නමලා පහත් වෙලා එක වරම දෙපතුලෙන්ම ඉපිලිලා ඩෙස්ක් එක උඩ දෙපතුලෙන්ම පතිත වෙන එක. මේක කරන්න පුලුවන්. නමුත් හිත බය වුනොත්, මගදි ස්ලෝ වුනොත් දනිස්සට පහල තියෙන කොටස ලෙලි ගහගන්න පුලුවන්. මම නම් මේ වැඩේට එක්ස්පර්ට්. ඇත්තටම මම ස්කෝලෙ උගන්නන කාලෙත් ළමයි නැති වලාවට ඕක කරලා බලනවා. මම හිතන්නෙ දැනුත් පුලුවන්. ප්‍රශ්ණෙකට තියෙන්නෙ මේ රටේ තියෙන්නෙ ප්ලාස්ටික් ඩෙස්ක් නිසා පැන්නොත් කැඩෙනවා.

වාසනාවකට වගේ ‍රැග් එකේ ඊලඟ අංගය ඕක. මට ඉස්සරහින් හිටපු එකා පැනලා තව පොඩ්ඩ්න් බෙල්ලත් කඩා ගන්නවා. ඌ ඒ වෙනුවට තව කීප පාරක් මේසෙ යට රිංගන්න එකඟ වුනා.

මේ වෙනකොට මගෙ චේන් පැනලා. අධික පළිගැනීමේ චේතනාවෙන් හිටියෙ. Revenge is sweet කියනවනෙ.

කලින් එකාට වෙච්ච දේ නිසා එතන හිටපු සාජන් කියන එකා මගෙන් ඇහුවා,

“ඒයි @#$, තොට පනින්න පුලුවන්ද?”

“පුලුවන්, ජ්‍යේෂ්ඨ @ත්තමයො” මම හයියෙන් කීව්වා.

“”එහෙනං පැනපිය..” කියලා මූ එක පාරටම,

“ඒ.. මොකක්ද ‍තෝ කිව්වෙ?” කියලා මගෙන් ඇහුවා.

“පුලුවන් කිව්වා.”

“පුලුවන් කිව්වා මට ඇහුනා @#$, අර ජ්‍යේෂ්ඨ මොකක්ද කිව්වෙ?”

” @ත්තමයො කියලා කිව්වෙ.” මම මෝඩය වගෙ කිව්වා.

මූ කෑවා ලණුව. කෑවා නෙවෙයි අරගෙන ගිල්ලා.

“ඒයි මේ අහපල්ලා මූ කියන එක!” මූ මර හඬ දුන්නා.

අනිත් උන් ඔක්කොම වටවුනා.

“කියපිය බලන්න “ජ්‍යේෂ්ඨ උත්තමයා” කියලා.”

“ජ්‍යේෂ්ඨ @ත්තමයා” මම කලින්ටත් වඩා මෝඩ සද්දෙකින් කිව්වා.

“අඩෝ ‍තෝ මේක විහිලුවකට ගත්තද @#$?”

සාජන්ට මල අතේ. මූ මට නෙලන්නම වගේ ලෑස්ති වෙනකොට මම කිව්වා.

“මට පොඩි ගොතයක් තියනවා. මට ‘උ’ සද්දෙ කියන්න බෑ ‘හු’ කියලා තමයි කියවෙන්නෙ. මම ඕකට ස්පීච් තෙරපිත් ගිහින් තියෙනවා.” කියලා

ඊට පස්සෙ මුන් මට ‘උ’ සද්දෙන් පටන් ගන්න වචන ගනනාවක් කියෙව්වා. මම ඒ හැම වචනෙම ගානට ‘හු’ දාලා කිව්වා.

දැන් කශ්ටියම හිනා වෙනවා. සාජන්ට එවෙලෙම @ත්තමයා කියන නම රෙජිස්ටර් කරනවා මම බලාගෙන හිටියෙ දරාගන්න බැරි සතුටෙන්. සාජන්ට සෑහෙන අප්සෙට් .

මේ තමයි ‍රැග් එකේ අන්තිම කොටස.

මූ ආවා මං ලඟට. “හරි එහෙනං පැනපිය බලන්න. ගොතේ තිබ්බට කමක් නෑනේ.”

මේක මට ටොයිස් වැඩක් වුනත් මගේ පරම අභිප්‍රාය වෙලා තිබ්බේ අපිට පහුගිය දවස් ගනනාවක්ම මිහිපිට අපායක් කරපු සාජන්ගෙ ලේ හෙලවීම. මම දැක්කා අවස්තාව.

මම සාජන්ට්ට ලංවුනා. ඊට පස්සෙ මේසෙ දිහාට හැරිලා මදක් කුදුවුනේ ගැම්ම ගන්න. ඊට පස්සෙ පොලොවෙන් උඩට දෙපයින්ම ඉපිලෙන ගමන් වැලමිටි වෙගයෙන් පැද්දුවා, සාජන්ගෙ කට ඉලක්ක කරගෙන හඹාගෙන ගිය වම් වැලමිට මම මේසෙ මත පතිත වෙන්න මොහොතකට කලින් සාජන්ගෙ තොල් තලාගෙන දත්වල තදින් වදිනවා මට දැනුනා.

මම ජයග්‍රාහීව මේසය මත හිටගෙන ඉඳිද්දී, සාජනුත් අත් දෙකින්ම කට අල්ලන් ඉන්නවා ඇස් කොනට දැක්කා.

“මොකද මචං වුනේ?” කියලා අනිත් වුන් සාජන් වටකර ගත්තා. මේසය මත තවම හිටගෙන හිටි මට සාජන්ගෙ ඇඟිලි අතරින් ලේ ගලා යනවා පෙනුනා. මම තවම හිරි වැටිලා තිබ්බ මගේ වැලමිට දිහා බැලුවම සාජන්ගෙ දත් වලට කැපුනු වැලමිටෙනුත් ලේ ගලනවා . නමුත් අවංකවම කිව්වොත් කාපු ‍රැග් ඔක්කොම අමතක වෙන පුදුමාකාර වින්දනයක් මම ඒ වෙලාවෙ ලැබුවා.සාජන්ගෙ කට බලා ඉඳිද්දී ඉදිමිලා ආවෙ මූණ ගරායක් වෙස් මූණක් කරමින්.

“මූ මේක හිතලාමද දන්නෙ නෑ කලේ” කියපු කීපදෙනෙක් මට නෙලන්න සෙට් වෙනකොට, මාව පුදුමයට පත් කරමින් සාජන් ලේ ගලන කටින් කෑ ගැහුවා,

“ඒයි ලිකා හිලෆල්ලා. ඌ හිලල කලෆු ලෙයක් ලෙවෙයිලෙ ඒක.”

පස්සෙ ඔය සාජනුයි ඔය කරාටේ බුවයි මාත් එක්ක සෙට් වුනාට පස්සෙ ‘@ත්තමයා’ කතාවයි මගෙ ගොතෙයි බොරුවක් බව දැනගත්තම සෑහෙන එන්ජෝයි කලා. අරූගෙ කාඩ් එක සුපර් ග්ලූ ගාලා වැදුනා.. නමුත් උගේ කට තැලුවෙ හිතාමතාමයි කියන එක උන්ට කියන්න මට හිතුනෙම නෑ.

 

ටැග: , , ,

60 responses to “57. ‍රැග දෙන්නට ගොස් ඇන ගත් දවසක්

  1. weniwel

    මාර්තු 23, 2012 at 6:54 පෙ.ව.

    කාපු රැග් අතරේ ෆන් එක තියෙන රැග් ඇරුනහම අනිත්වායේ පදනම නම් තනිකරම හීනමානයයි ඉරිසියාවයි කියන එකට මමත් සෑහෙන තරම් එකඟයි. රැග් දෙන්න එන උන්ට වඩා ජීවිතෙන්ම රැග් කාපු මටත් රැග්වෙන එක නම් ටොයිස්..ඒ උනාට ෆිසිකල් රැග් එක කෑවෙම නෑ..අහිංසක බැල්මට් එකක් දමන් පැත්තකට උනා..අත පය කඩා ගත්තොත් විඳවන්නෙ මමම නිසා..

     
  2. කිරිපුතා

    මාර්තු 23, 2012 at 7:57 පෙ.ව.

    ජම්ප් එක දාන එක නම් මරු වැඩක් වගේ. ටෙස්ට් කරන්න ගිහින් කකුල් කඩාගන්න වෙයිද දන්නෙ නෑ.

     
  3. N.S.A. Niriella

    මාර්තු 23, 2012 at 8:28 පෙ.ව.

    මමනම් රැග කාලා නෑ. කැම්පස් ගියේ නැති හින්ද ( කැම්පස් වෙනුවට ගියේ හිරේ)
    හැබැයි A/L ක්ලාස් පටන්ගත්ත දවසවල වෙන ඉස්කෝල වලින් අලුතෙන් ආපු උන්ට රැග දීලා නම් තියෙනවා…ඒත් අමානුෂික වධයක්නම් කාටවත් දීලා නෑ. ෆිසිකල් එකට බොහෝවිට දෙන්නෙ ඉදිආප්ප දැමිල්ල වගේ සරල දේවල්, bully ලක්ෂණ තියෙන උන්ටයි
    ෆර්ගියුසන් එකෙන් (රත්නපුර – අපි සීවලි) එන කෙල්ලන්ටයි ටිකක් වැඩිපුර රැග දුන්නා, උන්ගෙ පොර ගතිය බැලන්ස් කරගන්න.

     
  4. ඉඳුනිල්

    මාර්තු 23, 2012 at 8:56 පෙ.ව.

    අපි 8 වසරේ ඉද්දී පන්තියට හිටි ගමන් කඩා පාත් වුනා සද්ධන්ත කොල්ලෙක්. පෙනුම අවුරුදු 30 ක් විතර ඇති. හොඳට රැවුල වවල, අඩි 6 ක් (වයස 13 දී) විතර. ෂුවර් එකට හෝමෝන අධි මාත්‍රාවකින් තියෙන්න ඇති ඌට. දැක්කහම හිනා යනවා ඒ වගේ ලොකු කොල්ලෙක් කොට කලිසමත් ඇඳගෙන සම වයසේ පොඩි එවුන් එක්ක ඉන්න එක.

    ඒ වගේම පන්තියේ හිටියා ටිකක් උණ ගතියක් තිබුණු පොඩි කොට ඩයල් එකක්. මගෙත් යාලුවා. නම සජීව.

    අර ලොකු කොල්ල ආපු දවසේ සජීවයට අදහසක් ආව ඌට රැග් කරන්න. එහෙම සම්ප්‍රදායක් අලුතින් පටන් ගන්න ඌ බැලුවේ. අර වගේ ඩයල් එකකට රැග් කරලා ආතල් එකක් ගන්නවා වගේම තමන්ගේ බ්‍රෑන්ඩ් එක ඉහලින්ම තියාගන්න සජීවට උවමනා වුනේ..

    සජීව අරු ලඟට ගියා.

    සජීව – ඒයි නැගිටපන්”
    (අලුත් බුවා නැගිට්ටා)
    සජීව – නැගහන් ඩෙස් එක උඩට
    අළුත් බුවා – මොකටද ?
    සජීව – උඹ අලුතින් ඇවිල්ල නිකන් අලි ඔලුවෙන් ඉන්නේ. උඹ අද අපි කියන එක කරන්න ඕනි.
    අළුත් බුවා – ඩෙස් එක උඩ නැගලා මොකක්ද කරන්න ඕනි?
    සජීව – සිංදුවක් කියහන්.
    අළුත් බුවා – මේන්න මෙහෙමද ?
    (අළුත් බුවා, කොලරයෙන් අල්ලා ඔසවා ගත සජීව නතර වුනේ ඩෙස් එක උඩ)
    අළුත් බුවා – ඉස්කෝලේ අරිනකම් ඔහොමම හිටපන් .. (ඒ අන්තිම පීරියඩ් එක)

    ඒත් අන්තිමට අළුත් බුවා දිගටම ඉස්කෝලේ ආවේ නැහැ. හොයලා බලන කොට කෙල්ලෙක් එක්ක පැනලා ගිහින්. පොලීසියෙන් අල්ලන කොට අවුරුදු 13දී මූ මධුසමය කරමින් ඉඳලා..පත්තරේ ගියේ නඩුකාරතුමා මෙහෙම කිව්වා කියලා.

    “මු නම් කොල්ලෙක් නෙමෙයි. කොලු තාත්තෙක්”

    දැන්නම් හොඳ ධනවත් ව්‍යාපාරිකයෙක්..

     
    • henryblogwalker

      මාර්තු 26, 2012 at 8:55 පෙ.ව.

      @වෙනි: අනේ ඔය මූණ දැක්කම කාටද බං ‍රැග් කරන්න හිතෙන්නෙ. කඩේකට එක්ක ගිහින් පරිප්පු දීසියකුයි පාං බාගෙකුයි අරන් දෙන්න හිතෙනවා.

      @කිරිපුතා:අනේ පැටියො අතපය කඩාගෙන මට නං දොස් කියන්න එපා. These stunts are performed by trained professionals. DON’T TRY THIS AT HOME.

      @N S A Niriella: කැම්පස් වෙනුවට හිරේ ගියා කිව්ව්ම මම අන්ද මන්ද වුනා. ඒ ඇයි කියලා අහන එක කමක් නැත්ද මන්දා. එහෙම අහිංසකව පටන්ගත්ත ‍රැග් තමයි අත ඔය ලිංගිම අතවර තරම් දුර දිග ගිහින් තියෙන්නෙ. ගිහින් බලන්නකො පොඩ්ඩිගෙ පෝස්ට් එක.

      @ඉඳුනිල්: ඒක නම් පට්ට ස්ටෝරිය. මම මගෙ පුතාටත් කිව්ව ඒ කතාව අන්තිම ටික අතෑරලා.

       
  5. R.p. Susantha

    මාර්තු 23, 2012 at 9:24 පෙ.ව.

    මම තරම් රැග්කාල තියෙන කෙනෙක් ඉන්නවද දන්නේ නැහැ. ඒකට හේතු වුනේ. කැම්පස් දෙකකම රැග් සීසන්වලම ඉන්න වුනු එක. අනිත් කාරනේ ඒ වෙනකොටත් දේශපානය ගැන යම් උනන්දුවක් තිබීම සහ මම කළ දේශපාලනය මම ඇතුල් වූ ආයතනයේ ගෑවිලාවත් නොතිබීම. කියලා වැඩක් නැහැ. ඔබේ අත්දැකීම නම් උපරිමයි.

     
    • අංජන

      මාර්තු 24, 2012 at 9:30 පෙ.ව.

      මමත් කැලනියෙ පිසිකල් 1න් සබරගමුවට බොට්ටුවක් හම්බවෙල ගිය කෙනෙක්. කැලණියෙයි, සබරගමුවෙයි දෙකේම කෑව.

       
  6. නරකයා

    මාර්තු 23, 2012 at 10:00 පෙ.ව.

    ඔය ජම්ප් එක මමත් කරා පිට්ටනියෙදි සිමෙන්ති ටැංකියකට… හිනාපොල්ල සිමෙන්තියේ වැදිලා අඩන්නත් බෑ කඳුලු එනවා සට පට ගාලා… එදායින් පස්සෙ පැන්නෙ නෑ එහෙමනම්…

     
    • henryblogwalker

      මාර්තු 26, 2012 at 9:05 පෙ.ව.

      @ R.P.Susantha (මහ වෙදනා): මාත් ඔය බෝට්‍ටුවෙම තමයි වෙද මහත්තයා. ඊට පස්සෙ Teaching ගිහින් ආයෙම කෑවා මුල ඉඳලා. ඇත්තටම අපි ජීවන තක්සලාවෙන් කන ‍රැග් මදිවටද? ගොං සංකල්පයක්නෙ ඕක.
      ස්තුතියි.

      @අංජන: ඔය ඉන්නෙ . ඩබල් ද පෝරියල් කාපු තව සගයො. ස්තුතියි අංජන.

      @නරකයා:අනේ බං නරකයො. සිමෙන්ති ටැංකිය උස වැඩි ඇති.කොයි මේසෙත් ඩෙස්ක් එකෙත් ස්ටැන්ඩඩ් උසක් තියෙනවනෙ. අන්න ඒ උස පනින්න පුලුවන්.
      එක්කො ඒකත් එපා උඹ පැනලා හිනා පොල්ල තලාගෙන මට නඩු දාන්නත් බැරි කමක් නෑ වැරදි උපදෙස් දීලා නරකයා නොමග (හරිමගද මන්දා) යැව්වා කියලා.

       
  7. haree

    මාර්තු 23, 2012 at 10:59 පෙ.ව.

    කතාව වගේ චිත්‍රයත් සුපිරි… ඒක දැක්කම නම් හිතෙන්නෙ උඩ බැච් එකේ කෙල්ලන්ගෙ වල්කම මිසක් වෙන මොකවත් නෑ..

    අපිට තිබුනෙ නෑ පිසිකල් එව්වා.. ඒත් මම නම් කරේ බය නැතුව පනින එකමයි…

    ඒත් දෙවෙනි අවුරුද්දෙදි කෑවා ඒකටත් එක්ක.. හැබැයි ඉල්ලන් කන නිසා පුල් ආතල්..

     
  8. Sammani

    මාර්තු 23, 2012 at 11:49 පෙ.ව.

    අපෝ ‍රැග් එකනම් මහ අමානුශිකයි.. අපේ නම් සීනියර්ස්ලට තිබුනෙ කෙල්ලො ලවා කුණුහරුප අහාගන්න මන්ද මානසිකත්වයක්.. මමත් අනන්තවත් ‍රැග් වුණා.. මානසිකව වැ‍ටුණා. සාමාන්යයෙන් කියනවනෙ ‍රැග් කාලෙ ඉවර උනාම ‍රැග් කරපු අය එක්ක හොදට ‍ෆිට් වෙනව කියල.. මම යාන්තමට එයාලත් එක්ක ‍ෆිට් උනා ස්පෝට්ස් වලදි එහෙම. . ඒත් අදටත් සීනියර් අයියල දැක්කම අප්‍රසාදයක් එන්නෙ හිතට..

     
    • henryblogwalker

      මාර්තු 26, 2012 at 9:23 පෙ.ව.

      @හරී. ස්තුතියි අගය කිරීමට.
      හරී මොන එකකටද දෙවෙනි අවුරුද්දෙ ‍රැග් එක කෑවෙ? ඒකනම් මට තේරුනේ නෑ.

      @සම්මානි: සම්මනිගෙ කතාවට මම එකඟයි, මොකද මමයි මගේ වයිෆුයි Teachers’ College එකේදි ‍රැග කෑවා එකට. (අපි සෙට් වුනෙත් එහෙදි කියලා අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ). පස්සෙ කාලෙකදි ඔය ‍රැග දීපු එකෙක් සහකාර අධ්‍යක්ෂක කෙනෙක් වෙලා ඇවිත් දීපාටයි මටයි කතාකලා. මෙන්න මේකි පැන්නනෙ අරූගෙ ඇඟට “හහ් ඔයා අපිට ‍රැග් එක දීපු එකෙක් නේද කියලා…..”ඌව බේරා ගත්තෙ මම. ඌ පස්සෙ මට කියනවා ඇඬිබර මූනකුත් එක්ක. ඒ කොයි කාලෙද හෙන්රි, එයා තාමත් ඕව හිතේ තියාගෙන ඉන්නවනෙ කියලා. මම කිව්වා “ඒකෙන්ම පේනවනෙ උඹලා සුහදත්වය ගොඩනගාගන්නයි හඳුනා ගන්නයි කියලා කරන ‍රැග් එකෙන් ඒ අරමුණු ඉශ්ඨවෙලා තියෙනවද කියලා.”

       
  9. sAm sRi

    මාර්තු 23, 2012 at 12:19 ප.ව.

    මූට පස්සෙ දවසකවත් ගහන්න තිබ්බේ උ’ත්තමයට කරපු අලුකුත්තේරු වැඩේට..!

     
  10. නවම්

    මාර්තු 23, 2012 at 12:55 ප.ව.

    මම නං හරිම කැමතියි අර මේසෙයටින් රිංගන ‍රැග් එකට. අප්පා ගුටි කැවාත් මොකෝ.

    ප.ලි : හැමෝම ඔය සිත්තරේ ඉන්නව වගේද ඇඳල උන්නෙ ඒ වෙලාවෙ. එහෙම නැත්නං වැඩේ පාඩුයි.

     
    • Dulip Sikurajapathy

      මාර්තු 24, 2012 at 2:29 පෙ.ව.

      ඇත්තම සීන් එකේදි ඔය කකුල්වල මයිල් එහෙම තියෙන්න ඉඩ තියනව මචෝ

       
      • henryblogwalker

        මාර්තු 26, 2012 at 9:41 පෙ.ව.

        @sAm sRi: ඒකනෙ මම කට තලපු එක කිව්වෙ නැත්තෙ. උපාය දන්නෝ අපායේ නොවැටෙති.

        @ නවම්:
        උඹලා ඉපදිලා තියෙන්නෙ නවම්, මහා අවාසනාවන්ත කාලෙක. අපි පොඩිම කාලෙ කෙල්ලො (අපිට වැඩිය වඩිමල් අක්කලා සහ තරුණ ආන්ටිලා) ඇන්දෙ වියතක් උස මිනිස්කර්ට්. මේ කාලෙ වගෙ ඔය බිම ගෑවෙන්න ඇන්දෙ නෑ. මේ අහපංකො. කොටම එක මයික්‍රොස්කර්ට්, ඊලඟ එක මිනිස්කර්ට්, ඊ ලඟට දනිස්ස ගාවට දිග මිඩි ස්කර්ට්, ඊ ලඟට තමයි ඔය පාර අතුගෑවෙන මැක්සි ස්කර්ට් ආවෙ. උඹලගෙ පරම්පරාවෙ තියෙන පවු කාරකමට ඒක තෙල් මිල වගෙ ආපහු ගියෙ නෑ. එහෙම්මම හිට්ටා. අහල බලපංකො ඒකාලෙ මිනිස්කර්ට් ඇඳපු ආන්ටි කෙනෙක්ගෙන් ඒ නාලෙ මිනිස්කර්ට් ඇන්දෙ නැද්ද කියලා. ශුවර් එකටම කියයි. පිස්සුද බං අපි ඇන්දෙ ළමා සාරි කියලා. හොක් හොක්. හා දැන් ඉතින් ඔය කෙල ටික පිහදාගනින්.

        @Dulip Sikurajapathy: ඒ ගැන බලන්න ගිහිල්ලා තමයි බොල අම්බානක පයින් පාරවල් කෑවෙ. හලේ අපි අම්ම හෙම දන්නව නම්!!!

         
  11. තිස්ස දොඩන්ගොඩ

    මාර්තු 23, 2012 at 2:02 ප.ව.

    88 – 89 කලබල වලට වහල තියල, එළියේ ජීවිතෙත් මරණෙත් එක්ක රැග් කාපු අපිව, කැම්පස් ඇරියට පස්සේ මාස හයක්ම රැග්කලා – ජෙවීපී දේශපාලනය කල අයට ලොකු උවමණාවක් තිබ්බ ආයේ පිරිස සංවිධානය කරගන්න – ඒ අය ඇරුණම අනෙක් රැග් කලේ 100% ක්ම හීනමානය නිසා – කවදාවක් එළිදකින්න නොලැබුණු පාලන හැකියාවක් එළිදක්වගන්න

    හෙන්රි ගේ මොළෙයි ඇඟයි එක වේගෙන් වැඩකරන්න කොහොම පුරුදු කලාද මන්ද ඔය කාලේ?

    මම දැන් කැමතිම බ්ලොගය මේක වෙලාද කොහෙද

     
    • henryblogwalker

      මාර්තු 26, 2012 at 9:47 පෙ.ව.

      @තිස්ස දොඩන්ගොඩ: වැඩක් නා මචං කියලා. අන්න පොඩ්ඩිත් දාලා තියෙනවා ‍රැග් එක ගැන එල පෝස්ට් එකක්.

      ස්තුතියි තිස්ස වර්ණනාවට. ඒ කමෙන්ට් එක බ්ලොගර් කෙනෙකුට අහන්න පුලුවන් උපරිම අගයකිරීම කියලා මම හිතනවා. තව වෙන මොනවද??

       
  12. බුද්ධි

    මාර්තු 23, 2012 at 2:12 ප.ව.

    අර කතාවත් එක්ක බලද්දි මේකෙ සැර අඩුයි. හේතුව මේකට කණ්ඩායම් විදිහට මූණ දීමත්, ඕනම කරදරේකට අපිම මූණ දීමත් කියන කාරණා. අතනදී මූණ දෙන්නෙ අපේ දරුවා. ඒක තමා ඉවසන්න බැරි!

     
  13. බුද්ධි

    මාර්තු 23, 2012 at 2:12 ප.ව.

     
  14. Observer

    මාර්තු 23, 2012 at 2:30 ප.ව.

    මං කුරුණෑගල ඉන්න කාලෙ අපේ වයසක බාස්උන්නැහෙ කෙනෙක් හිටිය සුවාරිස් කියල. මෑන්ටත් පුළුවන් ඔය විධියට දුවන්නෙ එහෙම නැතිව ගැලුම් 45 හේ බැරල් එකක් උඩට පනින්න.

    මට නං හිතන්නවත් බෑ ඒ කාලෙවත්, මාත් බැරල් එකක් වගේ හින්ද.

     
  15. තනි අලියා

    මාර්තු 23, 2012 at 5:31 ප.ව.

    එළ එළ එළ! එහෙම තමා කරන්න ඔ්න!😀

     
  16. dawkinssdodo

    මාර්තු 23, 2012 at 6:41 ප.ව.

    🙂😉

     
    • henryblogwalker

      මාර්තු 26, 2012 at 7:58 ප.ව.

      @තනි අලියා: නැතුව නැතුව, තවත් අවස්තාවක් ලැබුනොත් ඔය දේමයි කරන්නෙ.

      @dawkinsdodo: මේක නම් අලුතුම නමක් සහ ප්‍රොෆයිල් පික්චර් එකක්. ස්තුතියි.

       
  17. ගැමියාගේ පත් ඉරුව

    මාර්තු 23, 2012 at 7:02 ප.ව.

    පින්තූරේ මල් හතයි තරු දාහතයි…..අර අයිඩින්ටියේ තිබ්බ විදියටම මූණ තියෙනවා රැවුල වවාගෙනම මාර තාත්විකයි චිත්‍රය නොදැක්කනම් උත්තමාවියන්ගෙන් පයින් පාර කාපු විදිය හිතාගන්න අමාරු වෙනවා…හි හි හිතලමයි ගුටි කන්න ඇත්තේ…

    මේක කියෙව්වම මටත් ආසාවක් ආවා අර විදියට ඩෙස් එකට පැනලා බලන්න ඒත් ඉතින් කොන්ද කඩාගන්න බෑ කියලා ආයේ හිතුනා….මම අදටත් ඔහොමයි කවුරු කොහොම සද්දේ දැම්මත් කොයිතරම් පිරිස් බලය තිබුනත් වලියක් ගියෝතින් ඒකට එක පාරක් හරි නෙලාගත්තොත් කිසිම දුකක් නෑ…..එහෙම බැරිවෙන වෙලාවලට දුක ගුටිකාපු එකට නෙමෙයි ගහපු එකාට එකක් ගහගන්න බැරිවුනානේ කියන එක….

    උපරිමයි අයියේ අත්දැකීම අකුරු කරලා තියෙන විදිය….

     
    • henryblogwalker

      මාර්තු 26, 2012 at 8:02 ප.ව.

      @ගැමියා: අඩේ ගැමියා ගිහින් ඒ ලයිසන්ස් ෆෝටෝ එකත් බලලා ආවද ඒ හදිස්සියෙ?
      ස්තුතියි චිත්‍රය අගය කිරීම ගැන.
      ගැමියාත් සමහර දේවල් දකින්නෙ මම දකින විදියටමයි කියලා මට වෙලාවකට හිතෙනවා.
      හැබැයො පු‍තෝ ඩෙස්ක් එක උඩට පනින්නෙ බලාගෙනෙ. පැනලා නැත්නක් ඊට වඩා උස අඩු ටාගෙට් එකක් ට්‍රයි කරලා බැලුවා නම් තමයි හොඳ.

       
  18. Gold fish

    මාර්තු 23, 2012 at 8:24 ප.ව.

    හිතලා මතලා කරයි කිව්වනම් ෆිට් එක වැඩිකල් තියෙන්නෙත් නෑ…..

     
  19. රූ

    මාර්තු 23, 2012 at 9:08 ප.ව.

    මරු සිත්තරේ..
    රැග් එක ගැන කියලා තියන ගොඩක් ඒවට මාත් එකඟයි..
    ඒත් රැග් එක දැන් පරම්පරාගත රෝගයක් වගේ.. ඒක නැතුව ජීවත්වෙන්න දන්නෑ..ලෙඩේටම ඇබ්බැහි වෙලා..

     
  20. Dulip Sikurajapathy

    මාර්තු 24, 2012 at 2:39 පෙ.ව.

    හාව පැනිල්ල නං මහම කරුමයක් අප්පා . . . ස්කවුටිං කරද්දි අපේ සෙට් එකේ වැඩිම වාරගනනක් හාව පැන්නෙ මම

     
    • නවම්

      මාර්තු 24, 2012 at 8:24 පෙ.ව.

      සිවිල් පිට පනින්න හොඳ නෑ බං. බිම වැදිලම තැලෙයි😉

       
      • henryblogwalker

        මාර්තු 26, 2012 at 8:17 ප.ව.

        @Gold fish: කට තලපු එක හැර අනිත් සෙරම දේවල් මම කිව්වා පස්සෙ. අරක නම් මොන හේතුවක්ද මන්දා මට හිතුනෙම නෑ කියන්න. සමහරවිට ඌ කිව්වනෙ මම හිතලා කරපු දෙයක් නෙවෙයි කියලා අනිත් උන්ටත්. සමහර විට ඒකද දන්නෙ නෑ. හැබැයි උන් සෙට් එක නිතර කියපු දෙයක් තමයි මූට ‍රැග් කරන්න ගිහින් අන්තිමට අපිනෙ යකෝ ‍රැග් වෙලා තියෙන්නෙ කියන එක. මට හෙන සැට එතකොට.

        @රූ: ස්තුතියි රූ. ‍රැග් එක ගැන පොඩ්ඩි කියලා තියෙන දේ කියෙව්වද?

        @Dulip Sikurajapathy: ආ ඔය ඉන්නෙ හාවා පැනපු අනිත් උන්. ඔන්න දන්නෝ දනිති ඒකෙ අමාරුව.

        @නවම්: ඈ බොල මොකක් හරි මෙඩිකල් කන්ඩිෂන් එකක්ද?

         
  21. Makulu Panchi

    මාර්තු 24, 2012 at 3:39 පෙ.ව.

    දැන් ඔය කියාපු සාජන්ට් මෙක දැක්කනං එහෙම අදම..බ්ලොග්වෝකර්ව හොයාගෙන ඇවිත් දත් දෙක තුනක් නොමිලේ ගලවලා දෙනව ෂුවර් එකටම..😀

     
  22. පන්සල් හංදිය

    මාර්තු 24, 2012 at 3:23 ප.ව.

    රැග් එක කියන එකත් ඕන, නැත්නම් ෆන් එකක් නෑ, හැබැයි අමානුෂික විදියට නෙමේ …….

     
  23. hasithag

    මාර්තු 24, 2012 at 5:50 ප.ව.

    සාජන්ට මොකුත් නොකිව්වා එකමයි හොඳ. නැත්නම් බ්ලොග්වෝකර්ට සිද්ධ වෙන්නේ “හලි හලි බන් ඒ කාලේ හුඹලා *ත්ත්මයෝ නිසානේ, එහෙම කළේ” කියන්න🙂

     
  24. hasithag

    මාර්තු 24, 2012 at 5:51 ප.ව.

    සාජන්ට මොකුත් නොකිව්වා එකමයි හොඳ. නැත්නම් බ්ලොග්වෝකර්ට සිද්ධ වෙන්නේ “හලි හලි බන් ඒ කාලේ හුඹලා *ත්ත්මයෝ නිසානේ, එහෙම කළේ” කියන්න

     
  25. uwiniran

    මාර්තු 25, 2012 at 10:04 පෙ.ව.

    උඹ මාර පොරක්නේ බං………!!!, දාපං පහක්…!!

     
  26. Gaminie Vijith

    මාර්තු 25, 2012 at 10:46 පෙ.ව.

    දැන්නම් මට උඹව ආශ්‍රය කරන්නත් ටිකක් බයයි වගේ මචං.

     
    • henryblogwalker

      මාර්තු 26, 2012 at 8:18 ප.ව.

      @Makulu Panchi: වෙන්න පුලුවන් මකුලි. ඒත් අපි හිතන තරම් මිනිස්සු බ්ලොග් කියවන්නෙ නෑ. නැතිනං ඔබා අයියගෙ කටේ දත් තියෙන්න බෑ. ඔලුවෙ කෙස් තියෙන්නත් බෑ ඔය තරම් වත්.😀

      @පන්සල් හන්දිය: වැඩේ ඕක පටන් ගන්නෙ එහෙම වුනාට ඉවර වෙන්නෙ හුඟක් දුර දිග ගිහින්නෙ. අනික අපේ එවුන් සීමාවල් හඳුනන්නෙ නෑනෙ.

      @hasithag: මාත් හිතනවා එහෙම. හෙහ් හෙහ්.

      @uwiniran: මෙන්න දැම්මා. තැන්ක් යූ වේවා.😀

      @Gamini Vijith: අනේ ඇයි බං උඹ මම වගෙ අහිංසකයෙක් ගැන එහෙම හිතන්නෙ?

       
  27. Nalini

    මාර්තු 25, 2012 at 2:19 ප.ව.

    රැග් එක කියන්නෙ තනිකරම හීනමානය හා ඉරිසියාව මත පදනම් වුණු දෙයක්. ඉඩක් හම්බුණු වෙලේ අනුන් පෙළා තෘප්තිමත් වෙන මානසික රෝගීන්ගේ වැඩක්. සුහදත්වයක් ගොඩ නගා ගැනීමට අවශ්‍යනම් ඕවා කරන්න ඕනෙ නෑනෙ. ටෙක් එකේ හිටිය මානසික රෝගියො ටික හොඳට කාලා වගෙයි.

     
  28. kavikaari

    මාර්තු 25, 2012 at 2:26 ප.ව.

    ඉස්සර මගෙ ඇදුරු තුමත් කියනව කාපු රැග ගැන. වැඩියම රැග කෑවෙ අමිතාබ් බච්චන් කොන්ඩෙ නිසාලු(අපිත් ඉතිං මෙව්ව උනේ ඒකටනෙ).
    අන්තිමට කොන්ඩෙ කැපුවලු.
    මේ මැත කාලෙක රැග දුන්න එකා ආවලු මොකක්ද වැඩක් කරගන්න. එතකොට ඇදුරු (Head of the Dept) අංශ ප්‍රධානී වෙලා හිටියෙ. මුකුත්ම නොකිය වැඩේ කරල දීල ඇවිල්ල කිව්ව “අරූ කට කජ්ජක් වගේ හදාගෙන ඉඳල වැඩේ කරං ගියා කියල”. ඉත්ං මං ඇහුව රැගක් දුන්නද කියල. නැතෙයි කිව්ව. ඇදුරු ලවා අස්සන ගන්ට වෙච්ච එකම ඌට රැගක් වෙන්ට ඇති කිව්ව.

     
  29. praveena

    මාර්තු 26, 2012 at 6:06 පෙ.ව.

    හොඳ වැඩක් කරලා තියෙන්නේ. ඕකෙන් පාඩම් කවුරු හරි ඉගෙන ගත්තොත් ලොකු දෙයක්. ඒත් මෙහෙම කීව බව එයාලට කියන්ට එපා. මම තාම කරාටේ පන්ති ඉවර කරලා නෑ.🙂

    අර මේසේ යටින් ගෑනු ලමයින්ගේ කකුල් මැදින් එන එක කට්ටිය වරද්දමින් නැවත, නැවත යන්ට ඇති නේද?😀

     
  30. රාජ්

    මාර්තු 26, 2012 at 11:04 පෙ.ව.

    මේසෙ යටින් යන එක කොහොමද රැගක් වෙන්නෙ?

     
  31. නිසුපා

    මාර්තු 26, 2012 at 4:33 ප.ව.

    මේසෙ යටින් යනකොට බැලුවොත් අක්කලාට පේන්නෙ කොහොමද??

    වෙලාවට අපිට රැග් නෑ.😀

     
    • henryblogwalker

      මාර්තු 26, 2012 at 8:30 ප.ව.

      @Nalini: ඒක ඔප්පු කරන්න කාරනා ඕනෙ තරම් තියෙනවා. සමහරවිට ලොකු ඉස්කෝලෙකට ගිහින් තිබීම, ඉංග්‍රීසි කතා කිරීම, වැදගත් යයි සම්මත පවුලකින් පැවත ඒම වගේ කාරනා මාරාන්තික ප්‍රතිඵල ලබා දෙන්න පුලුවන්.

      @kavikaari: ඇදුරු තුමා කරලා තියෙන්නෙ හොඳම පලි ගැනීම. වචනයක් වත් කිව්වා නම් සමහරවිට ඔය සිද්දිය ඔච්චර චමත්කාරජනක නොවෙන්න තිබ්බා.

      @praveena: පොඩ්ඩි බ්ලැක් බෙල්ට් එක ගත්තට පස්සෙ මට කියන්නකො. බලන්නකො ඔයා බලා හිටියා වගෙ කියන හැටි.
      ‍රැග් එක ගැන ඔයා දාලා තියෙන බ්ලොග් පෝස්ට් එකත් උපරිමයි.

      @රාජ්: ඔවු ඒක තමයි මම කීප වතාවක් යන්න වැඩ සකස් කර ගත්තෙ.

      @නිසූපා: මම මෙතනදි මේසෙ ලෑල්ල ඇඳලා නෑ මාව වැහෙන නිසා. නමුත් මේසෙ ඉඳගෙන ඇන්දට හේත්තුවලා ඔලුව පොඩ්ඩක් නමාගත්තම ෂෝයි එකට පේනවා මේසෙ යටින් බඩ ගාන. මම විතරක් නෙවෙයි අප්පා බඩ ගෑවෙ.

      මොකද නිසූපා කිව්වෙ අපිට ‍රැග් නෑ කියලා? ඇත්තද? ඒ කොහොමද?

       
  32. DJ

    මාර්තු 27, 2012 at 12:53 ප.ව.

    ඔයා 100% ම හරී. මමවත් මගෙ අක්කාවත් ජිවිතේටම ‍රැග් වෙලා නෑ ඉගෙන ගන්න කාලයෙ. නමුත් අපේ අවාසනාවට අපිටත් අත්විදින්න වුනා ගුරුවරු ලෙස ගුරු විදයාලයට ගිය අවස්ථාවෙ.ඒ ගුරුවිදයාලයෙ සිටින ඔක්කොම ගුරුවරු ලෙස පත්විම් ලද, අඩුම වශයෙන් අවුරුද්දක්වත් පලපුරුද්දක් තිබුන ගුරුවරු කට්ටියකින්.

    අදටත් මට එ අයව පේන්න බෑ.

     
  33. henryblogwalker

    මාර්තු 28, 2012 at 10:58 පෙ.ව.

    ඔය තියෙන්නෙ ප්‍රතිඵල.

     
  34. ලොකු පුතා

    මාර්තු 29, 2012 at 12:35 පෙ.ව.

    උඹනම් එළ පොරක් අයියේ…
    එහෙම තමයි මානසික ලෙඩ්ඩුන්ට සළකන්න ඕනේ.
    රැග් එක කියන එක දෙන්නම ඕනෙනං ඔය තරම් අමානුෂික නැතුව දෙන එක තමයි හොඳම වැඩේ
    රැග් එක නැති තැන්වල හිතවත්කම්, මිතුරුකම් ගොඩ නැගෙනවා යස අගේට
    සමහර වෙලාවට රැග් එක තියෙන තැන්වලටත් වඩා හොඳට

    උඹ අරුගේ හක්ක තලපු එක හොඳයි…

    මම සාමාන්‍යයෙන් හරි නිහඬ චරිතයක්. ඒ වගේම කාටවත් කරදරයක් කරන්නෙත් නැහැ
    හැබැයි නිකරුනේ මට කරදර කරන උන්ට හොඳට ප්ලෑන් කරලම සළකනවා…

     
  35. රන්දිල්

    මැයි 17, 2012 at 2:24 ප.ව.

    ‍කෝස් එක ෆුල් ටයිම් ද පාර්ට් ටයිම් ඊවිනින් ද? පාර්ට් ටයිම් ඊවිනින් නං දැන් රැග් ඇත්තේ ම නැහැ. ෆුල් ටයිම් කෝස් වලත් නැහැ මං හිතන්නේ. අනිත් එක දැන් යුනිෆෝම් එකක් තියෙනවා ෆුල් ටයිම් කෝස් වලට.

     

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

 
%d bloggers like this: