RSS

58. උමතු ලෙනන් දු‍ටු විකාර සිහිනය

29 Mar

නවම් මාවතේ ජාත්‍යාලය හා සමගිය ගැන තිබ්බ පෝස්ට් එක කියෙව්වම මට මතක් වුනේ John Lennonගෙ IMAGINE කියන සින්දුව. මේ මම ඉතාම ප්‍රිය කරන ගී වලින් එකක්. මේ සින්දුවෙ අදහස දිහා දේශපාලනය හරි, වෙනත් මතවාදයක් හරි, පාට කන්නාඩියක් හරි තුලින් නොබලා මනුස්සයෙක් හැටියට බැලුවොත් යමක් හිතන්න තියෙනවා.

ජෝන් ලෙනන් කොහොමත් අනිත් අයට වඩා වෙනස් පුද්ගලයෙක්. වාර්තා තබපු “THE BEATLES” සංගීත කණ්ඩායමේ සාමාජිකයෙක් වුන ජෝන් විවාහ වුනෙත් ජපන් ජාතික YOKO ONO සමග. විවාහයෙන් පස්සෙ බිරිඳ සැමියාගෙ වාසගම පාවිච්චි කරන එක සාමාන්‍ය දෙයක්නෙ. මම දැනුවත්ව විවාහයෙන් පස්සෙ බිරිඳගෙ වාසගම තමන්ගෙ නමට එකතු කරගත්ත එකම පුද්ගලයා ඔහුයි. ඔහු John Ono Lennon යනුවෙන් නම වෙනස් කරගත්තා. ඔහු කලක් බීටල්ස් කන්ඩායමේ අනිත් සාමාජිකයන් සමග ඉන්දියාවට ගොස් සිතාර් වාදනයත් ඉගෙන ගත්තා.
බ්‍රිතාන්‍යයේ මහ ‍රැජින ඔහුට ප්‍රදානය කල ගෞරවනාමයක් ඔහු ප්‍රතික්ෂේප කලේ පහත සඳහන් පණිවිඩයත් සමග.

“Your Majesty, I am returning this in protest against Britain’s involvement in the Nigeria-Biafra thing, against our support of America in Vietnam and ….. With Love, John Lennon

වියට්නාම්  යුද්ධය නිර්දය ලෙස විවේචනයට ලක් කරපු  නිසා ජනාධිපති නික්සන් ඔහුව මවු රට වූ එංගලන්තයට පි‍ටුවහල් කරන්න දිගින් දිගටම උත්සාහ ගත්තා.

1980දි හතලිස් හැවිරිදිව සිටි ලෙනන් ඝාතකයෙකු එල්ල කල වෙඩි පහර හතරකින් මරු වැලඳ ගත්තා.

වැඩි විස්තර අවශ්‍ය නෑ. මෙන්න සිංදුව, මම උත්සාහ කලා මට හැකි අයුරින් අදහස සිංහලට ගලපන්න, කවුරුත් දන්නවනෙ  මම කවි ලියන්න නම් දක්ෂයෙක් නොවන බව.

මේ සින්දුව මෙතනින් බාගන්න.

IMAGINEමොහොතකට සිතෙහි මවාගන්න

Imagine there’s no heaven මොහොතකට සිතෙහි මවාගන්න දෙව්ලොවක් නැතැයි කියා
It’s easy if you try වෑයම් කලොත් අසීරුත් නෑ,
No hell below us පොලොව යට නිරයක් නැති බවත්
Above us only sky ඉහලින් ඇත්තේ නිල් අහස් කුස පමණක් බවත්.
Imagine all the people මොහොතකට සිතෙහි මවාගන්න හැමෝම
Living for today  ජීවත් වන්නේ අදට පමණක් බවත්.

Imagine there’s no countries, සිතෙහි මවාගන්න රටවල් වෙන් නොකල ලොවක්
It isn’t hard to do   වෑයම් කලොත් අසීරුත් නෑ,
Nothing to kill or die for අනෙකා නසන්නට හෝ දිවි පුදන්නට යමක් නොමැති,
And no religion too ආගම් කියා දෙයකුත් නොමැති
Imagine all the people මොහොතකට සිතෙහි මවාගන්න ලොවම
Living life in peace සාමයෙන් දිවි ගෙවන දිනක්

You may say I’m a dreamer ඔබ කියාවි මම සිහින දකින්නෙක් කියා
But I’m not the only one නමුත් ඒ  මා පමණක් නොවේ
I hope some day you’ll join us පතමි දිනය ඔබත් අප සමග අතිනත ගෙන
And the world will be as one එකම ලොවක් සදන

Imagine no possessions හිතන්න දේපළක් වස්තුවක් නොමැති ලොවක්
I wonder if you can ඒ නම් හැකිදත් සැකයි…
No need for greed or hunger තණ්හාවක් කුසගින්නක් ඇවැසි නැති
A brotherhood of man  මිනිසත්බව  පමණක් ඇති
Imagine all the people මොහොතකට සිතෙහි මවාගන්න හැමදෙන
Sharing all the world  එකාවන්ව දිවි ගෙවන ලොවක්

You may say I’m a dreamerඔබ කියාවි මම සිහින දකින්නෙක් කියා
But I’m not the only oneනමුත් ඒ  මා පමණක් නොවේ
I hope some day you’ll join usපතමි දිනය ඔබත් අප සමග අතිනත ගෙන
And the world will live as one එකාවන්ව දිවිගෙවන

දැන් මෙන්න සින්දුව අමුවටම. මේ සින්දුව සීමිත සංගීත භාන්ඩ ගනනක් උපයෝගී කරගෙන කරපු සරළ එකක්.
දැන් පුලුවන්නෙ බාගත්ත සින්දුවත් අහන ගමන් ඇස් වචන ඔස්සේ දුවවන්න. ඊට පස්සෙ මට දැනගන්න ආසයි ඔබට ඇති වුනෙත් මට ඇතිවුන හැඟීමමද කියලා.

IMAGINE

Imagine there’s no heaven
It’s easy if you try
No hell below us
Above us only sky
Imagine all the people
Living for today

Imagine there’s no countries,
It isn’t hard to do
Nothing to kill or die for
And no religion too
Imagine all the people
Living life in peace

You may say I’m a dreamer
But I’m not the only one
I hope some day you’ll join us
And the world will be as one

Imagine no possessions
I wonder if you can
No need for greed or hunger
A brotherhood of man
Imagine all the people
Sharing all the world

You may say I’m a dreamer
But I’m not the only one
I hope some day you’ll join us
And the world will live as one

 

ටැග: , , , , ,

40 responses to “58. උමතු ලෙනන් දු‍ටු විකාර සිහිනය

  1. pasanOnline

    මාර්තු 29, 2012 at 8:53 පෙ.ව.

    මමත් ගොඩක්ම ආස සින්දුවක් මේක. සින්දුවෙ ලස්සනටත් වඩා තේරුමට.

    හැබැයි මට හිතෙන විදියට හීන මව මව ඉන්න තමා වෙන්නෙ අපේ ජීවිත කාලෙ ඇතුලත නම් මෙහෙම සුන්දර ලෝකයක් බිහිවෙන්නෙ නෑ.

     
  2. maathalan

    මාර්තු 29, 2012 at 9:05 පෙ.ව.

    සුන්දර මනුස්සයෙක් මේ ගීතය ඔහුගේ මරණයටත් හේතු උනා. පුතෙක් ඉන්නවා ජූලියන් ලෙනන් කියලා.

     
    • henryblogwalker

      මාර්තු 29, 2012 at 10:14 ප.ව.

      ඔව් මාතලන්, ලෙනන්ගෙ අදහස් හුඟදෙනෙකුට දිරෙව්වෙ නෑ. “Nothing to kill or die for ” කියපු මිනිහව ඝාතනය කරපු එක දෛවයේ සරදමක් වගෙ.

       
  3. රාජ්

    මාර්තු 29, 2012 at 10:31 පෙ.ව.

    කලිං අහල නෑ. අහන්න ඕන.

     
  4. uwiniran

    මාර්තු 29, 2012 at 11:31 පෙ.ව.

    උමතු හෙන් රි දුටු විකාර සිහිනය….

    මම ආසම සින්දුවක්, තේරුමටත් වඩා මියුසික් වලට

     
  5. hiruni

    මාර්තු 29, 2012 at 12:05 ප.ව.

    ඇත්තටම ලස්සන සින්දුවක්. මම මේක කියවන්න ගත්තෙම සින්දුව you tube එකෙන් හොයලා අහන ගමන්. ලින්ක් එක දැක්කෙ පස්සේ😀 මට නම් ඇති උනේ මගේ පොඩි කාලෙ ගැන මතකයන්. මේ සින්දුව අපේ ගෙදර කොච්චර නම් ඇහුවද…. හරිම සුන්දර කාලයක්…. ඉතින් මට ඇති වුනේ නම් nostalgia වගේ හැගීමක් 😀

     
    • henryblogwalker

      මාර්තු 29, 2012 at 10:33 ප.ව.

      මටත් තියෙනවා ඒ හැඟීම නම්. (nostalgia)

       
      • uwiniran

        මාර්තු 30, 2012 at 10:19 පෙ.ව.

        මොකක්ද මචං nostalgia කියන්නේ…?

         
        • henryblogwalker

          මාර්තු 30, 2012 at 11:43 පෙ.ව.

          nostalgia කියන්නෙ uwiniran කෙනෙකුගෙ අතීතයට සම්බන්ද දෙයක්, තැනක්, නැතිනම් වස්තුවක් සිහිවෙලා ඇතිවෙන සතුට සමහර විට දුකක් මුසු හැඟීමක්. මේක මම ගිය අවුරුද්දෙ බ්ලොග් එකක පාවිච්චි කලා සිංහල වචනෙ මතක් නොවුන නිසා අමුවටම. යාලුවෙක් කමෙන්ට් කරලා තිබ්බා සිංහල වචනෙ ‘සාංකාව’ කියලා.

          උදාහරණයක් හැටියට ගබඩා කාමරේ පෙට්ටියක් අවුස්සනකොට උඹට හම්බවුනා කියලා හිතමු ඉස්කෝලෙ යන කාලෙ එකතු කරපු ස්ටිකර් කලෙක්ෂන් එකක්. එහෙම හැත්නම් පලු යනකල් ක්‍රිකට් ගහපු ටෙනිස් බෝලයක් . නැතිනම් ඒකාලෙ අහපු සින්දුවක්, පරන ෆෝටෝ එකක්. අන්න එතකොට හිත අතීතයට ඇදිල යනවා, සමහර විට මුහුණෙ මදහසක් එක්ක සමහර විට ඇහේ සතුටටද දුකටද කියන්න බැරි සියුම් කඳුලක් එක්ක පපුවෙ බරගතියක් එක්ක උගුරෙ හිරවීමකුත් එක්ක. මම නම් nostalgia කියන්නෙ අන්න ඒ හැඟීමට.

           
      • Observer

        මාර්තු 30, 2012 at 1:18 ප.ව.

        ලස්සනට විස්තර කළා හෙන්රි.

         
        • henryblogwalker

          මාර්තු 30, 2012 at 1:23 ප.ව.

          ස්තුතියි ඔබා අයියා. ඒක නෙවෙයි. බෑග් පැක් කරන්න, අර ලංකාවෙ කට ඇරගෙන බලාගෙන ඉන්න බ්ලොග් ලියනවුනට බෝතලයක් දෙකක් ගන්න කඩේ යන්න හෙම නැද්ද මේ බ්ලොග් එකේ එල්ලිලා ඉන්නෙ?😀

           
  6. emailkavikaari

    මාර්තු 29, 2012 at 3:42 ප.ව.

    මුලිංම හිතුනෙ ඉස්සර Morning show අහපු හැටි. දෙවනුව හිතුනෙ දොනි එක්ක share කරන්න. එහෙම හිතුනෙ එයා හිතන්නෙත් ඔය විදියට නිසා there’s no heaven, No hell below us, {she has no religion}.

    http://emailkavikaari.blogspot.com/2012/01/i-cant-do-this-anymore-cant-you-come.html

     
  7. Dulip Sikurajapathy

    මාර්තු 29, 2012 at 5:49 ප.ව.

    මම ඉස්සෙල්ලම ඉමැජින් සින්දුව ඇහුවෙ 1989දි. ඔබ්ලඩි ඔබ්ලඩා ඇරුනාම බීට්ල්ස්ලගෙ මම දෙවනියට කැමතිම සින්දුව.
    මම කාලයක් බීට්ල්ස් කට් එකට කොන්ඩෙ කපාගෙන හිටිය නෙ

    You may say I’m a dreamer
    But I’m not the only one
    I hope some day you’ll join us
    And the world will be as one

     
    • henryblogwalker

      මාර්තු 29, 2012 at 10:35 ප.ව.

      එහෙනම් Beatlemania පොඩ්ඩක් විතර තිබිලා තියෙනවා! මාත් එහෙම කොන්ඩෙ කපන් හිටියනෙ!! ඕනයා අහලා ඇතිනෙ ලෙනන්ගෙම “Woman” සින්දුවත්.

       
      • Dulip Sikurajapathy

        මාර්තු 31, 2012 at 3:11 පෙ.ව.

        බීට්ල් මේනියා එක ටිකක් නෙමේ සැරටම තිබුන. බෑන්ඩ් එකේ මම කැමතිම සර් පෝල් මැකාට්නිට.

        ඔයා කියන්නෙ ලෙනොන් සහ යොකෝ ජෝඩුවම එකතු වෙලා ලියපු “වුමන් ද නිගර් ඔෆ් ද වර්ල්ඩ්” සින්දුව නේද ???

        ප.ලි.
        ඔයා දෙන්න මට බීට්ල්ස්ලගෙ සින්දු ලිස්ට් එකක් . . . ඒ හැම සින්දුවක්ම මම අහල තියනව අනිවාර්යයෙන්ම😀

         
        • henryblogwalker

          මාර්තු 31, 2012 at 7:03 පෙ.ව.

          මාරයිනෙ! මම කිව්වෙ දුලිප් මෙන්න මේ Woman සින්දුව.

          Woman I can hardly express
          My mixed emotions at my thoughtlessness
          After all I’m forever in your debt
          And woman I will try to express
          My inner feelings and thankfulness
          For showing me the meaning of success
          Ooh, well, well…..

          මෙන්න ලින්ක් එක.

          http://beemp3.com/download.php?file=8938292&song=Woman

          ඒක නෙවෙයි. දැන් කවද්ද ගෙදර යන්නෙ ?

           
  8. නවම්

    මාර්තු 29, 2012 at 7:37 ප.ව.

    මම අහල නෑ.. එත් ආසයි හීන දකින්න, කවදාහරි කාටහරි එලිවෙයි කියල හිතෙන !!

     
  9. Gold fish

    මාර්තු 29, 2012 at 9:08 ප.ව.

    just imaging… ම්… හොයගෙන අහන්න ඕනේ…

     
    • henryblogwalker

      මාර්තු 29, 2012 at 10:48 ප.ව.

      මේ මාලුවට නම් හතලිස් ඇඳිරියද කොහෙද. මට බය මාත් උඹේ වයසටෙ එනකොට ඔහොම වෙයිද කියලා. ඇයි බොල ඔය තියෙන්නෙ ලින්ක් එක දිලිසි දිලිසි.

       
  10. emailkavikaari

    මාර්තු 29, 2012 at 9:36 ප.ව.

    මේ සින්දුව මෙතනින් බාගන්න. කියල තියෙන්නෙ

     
  11. ගැමියාගේ පත් ඉරුව

    මාර්තු 29, 2012 at 9:48 ප.ව.

    මම මෙයාගේ ගීත අහලා නැතිවුනාට සෑහෙන්න කියවලා තියෙනවා… මට මතකයි අපේ ලිට් ඇන්තොලජි එකේ මෙයාගේ සිංදුවක් තිබුනා… ඒකේ නිර්මාතෘ විදියට නම් දෙකක් තිබුනා JOHN LENNON & PAUL McCARTNEY වගේ මතක…

    මේ ලිංක් එකත් එක්ක මෙයාගේ ගීත සෑහෙන්න බාන්න ලැබුනා තාම බාමින් පවතිනවා….බොහෝම ස්තූතියි හොඳේ

     
    • henryblogwalker

      මාර්තු 29, 2012 at 10:46 ප.ව.

      අන්න හොඳ ශිෂ්‍යයෙක්. අපි ඔය සබ්ජෙක්ට් එක (English Literature) ලංකාවෙදි මාක් කලානෙ අවුරුදු 10 කට එහාදි. ඒ සින්දුව ගැමියො Eleanor Rigby නේද?

       
      • ගැමියාගේ පත් ඉරුව

        මාර්තු 30, 2012 at 6:46 ප.ව.

        ඔව් ඔව් eleanor rigby තමයි මට අමතකම වෙලා තිබුනේ මේ නමත් එක්ක ඒ මුළු සිදුවීමම මතක් වුනා…. ඔයා නියම ගුරුවරයෙක්නේ… මම හිතන්නේ දැන් ඒ ඇන්තොලජි එක නෙමෙයි වෙන්නැති උගන්නන්නේ විෂය නිර්දේශ මාරු වෙන කේස් එකක් තිබ්බනේ…. village by the sea තමා අපෙන් පස්සේ නිර්දේශිත නවකතාව මට මතක විදියට anita desai ලියලා තිබුනේ

         
  12. Observer

    මාර්තු 30, 2012 at 4:45 පෙ.ව.

    මේ සින්දුව මම අහල තියෙන බවක් මතක නෑ, මන් වැඩියම කැමති බීට්ල්ස්ලගෙ ‘අපිත් කොළඹ කොල්ලෝ ‘ සින්දුවට.
    කොළඹය කියලයි කියන්නේ…ලෝකය හතර වටේ…
    [පිචර් එක -හතර දෙනාම සූරයො 70 ගණන් මුල හරියෙ]

     
  13. sAm sRi

    මාර්තු 30, 2012 at 6:51 පෙ.ව.

    දැක්කමයි මේ සිංදුව. අහලම බලමි.. !

     
  14. Gaminie Vijith

    මාර්තු 30, 2012 at 11:33 පෙ.ව.

    මුලු ඇඟටම දැනෙන සින්දුවක් ..!

     
  15. Weni

    මාර්තු 30, 2012 at 2:35 ප.ව.

    උමතු ද මන්දා.. සුන්දර සිහිනයක් තමයි ඒක අපි හැමෝම දකින්න ආසා කරන …

     
  16. අප්‍රේල් 4, 2012 at 2:18 ප.ව.

    මන් කලින් අහලා තිබ්බේ මේක, තාලේ නිකන් එක වගේ

     
  17. hasithag

    මැයි 2, 2012 at 7:34 පෙ.ව.

    අපිට කැම්පස් එකේ ඔරියන්ටේෂන් එකේදී කරපු ඉංග්‍රීසි පන්තියේදී මේ සිංදුව ගැනත් කියාදුන්නා. මාත් කැමතිම සිංදුවක් තමා.

    ඒත් මෙයාගේ අවසානය හරිම ඛේදනීයයිනේ.

    ගායකයෙක් වුණු මෙයාව මරන්න තරම් හේතුවක් තිබුණද ?

     

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

 
%d bloggers like this: