RSS

Monthly Archives: අප්‍රේල් 2012

62. ෂීට් එකක් එලාගෙන කශ්ටියටම ආතල් එකේ එක පොකුරට යං මෙයා!


“හිම්හානි, ඔයා එන්න මේ ෂීට් එකට. අඹ කය්යක් ගහගෙන ගියෑකි.” වින්ධ්‍යා බස් එකේ එහා කොනේ ඉඳලා මෙහා කොනට කෑගැහුවා.

“අනේ පලයං, පලයං එතෙන්ට. නැත්නම් උඹලා ඔය විදියට අපේ ඔලුවලට උඩින් බෙරිහන්දෙන්න පටන්ගත්තම අපිට කනක් ඇහිලා යන්න නෑ.” මමත් හොට දැම්මා.

“හහ්, ඔයාලා කයිය ගහන්න පටන් ගත්තාමත් ඊට එහා, ගෑනුන්ගෙ කටවල් සද්දයි කිව්වට…”

“හපෝයි මුන්ද? හහ් ගෑනු හොඳයි… මුං බිව්වාම කියවන දේවල් ඇහුවම ඔලුව කැක්කුම හැදෙනවා මටනං. නොන් ස්ටොප් කියවිල්ලනෙ. ඕක්කොම බෙබේ කතන්දර…! “, අර Melbourne වලව්වෙ පොඩ්ඩි වගෙ පිරිමින්ට පොඩ්ඩක් කොනිත්තන්න තියෙනවනම් කිසිසේත්ම ඒ අවස්ථාව අපතේ යාමට ඉඩ නොහරින මාලිනී අක්කත් පටන් ගත්තා. හැබැයි හිත හොඳ ගෑනි බබාලා දෙන්නෙක් විතරක් හිටියට.

‘කොට අදින ඉස්කෝලෙ’ ගිල්ඩ් එකට හැම මාසෙටම මොකක් හරි සෙට් වෙනවාමයි, ඈත් පළාත්වල තියෙන සාමාජිකයන්ගෙ, ඥාතීන්ගෙ මරණ, දාන, මගුල් ගෙවල්, කොටහලු ගෙවල් යනාදී වශයෙන් එකී, නොකී, හැම දේකටම වගෙ යන්න වෙනවා. හුඟක් වෙලාවට අපි ඔය රෝසා, කෝස්ටර් වගෙ මිනි බස් එකක් කතා කරගෙන තමයි ඔය ගමන් යන්නෙ. මේ ගමන් වලින් අපේ සොහොයුරු බැම්ම නම් අලුත් උනා කියලා කියන්නම ඕනෙ. වෙනම ට්‍රිප් නොගියත් (ඇත්තටම එහෙමත් ගියා ඉඳහිට) ඔය හැම ගමනක්ම ට්‍රිප් එකක් කරගන්න අපි දැනගෙන හිටියා. සමහරවිට මල ගෙදරක යනවා නම් බස් එක ඉස්සරහ දාන, ඉස්කෝලෙ නම තියෙන බැනර්, කොඩි වගේ දේවල් එල්ලනෙ ගමනාන්තයට හොඳටම ලං වුනාම. මොකද සුදු කොඩි දාගෙන සින්දු කියකියා යන ගුරු මන්ඩලයක් දකින කෙනෙක් ඇති කරගන්නෙ නොපහන් හැඟීමක් නිසා. ඒ වගෙම කොළඹ ඉඳන් අනුරාධපුරේට නැතිනම් මාතලේට යනකල්ම බිල්ලොවගෙ දුක් මූණ දාගෙන යන්නත් බෑනෙ. ඉතින් අපි මධ්‍යම ප්‍රතිපදාවෙන් සින්දු කිව්වා. ඊට වඩා 18+ කතා කිව්වා. ආපහු එක ගමනෙදි පස්ස සීට් එකට වෙලා අනුමත වෙනවෙලාවලුත් තිබ්බා.

ඊට පස්සෙ මළ ගෙදරට ඈතුල්වෙන්න බස් එකෙන් බහිනකොට ගැලපෙන මූණ ඇඳගන්නවා හරියටම අර ලංකාවෙදි ඉංග්‍රීසි සාහිත්‍යයට ඉගෙනගත්ත/උගන්නපු Eleanor Rigby සින්දුවෙ කියලා තිබ්බ විදියට, “Waits at the window, wearing the face that she keeps in a jar by the door…”

මගදි බස් එක නැවැත්තුවා තේ බොන්න. කවුරුත් බැස්සෙ හරිම කැමැත්තෙන්. උදේට කන්න, තේ බොන්න විතරක් නෙවෙයි, බරවල් සැහැල්ලු කරගන්නත් එක්ක. ගෑණු කශ්ටිය ගැන්සි පිටින් යනවා ටොයිලට් හොයාගෙන.

මාලිනී අක්කගෙ මූණ යන්න ඉස්සෙල්ලම ඇඹුල් වෙලා.

“මහ ජරාවල් බං මේ ටොයිලට් නම්… අර බොක්ක පුපුරන්න එන නිසා යනවා මිසක්…!!!”

ඒ මදිවට එක ටොයිලට් එකයි තියෙන්නෙත්. සමහරු බනිනවා ඩ්‍රයිවර්ටත් බස් එක නවත්තපු තැනට.

“ඒයි ඉක්මනට ගිහිල්ල වරෙල්ලකො, මේ අපිටත් යන්න ඕනෙ @#ජ බරට %$ජ බිලිං ගෙඩියවගෙ බං!”, ඒ මම.

“නොදකිං!” කියපු මාලිනී අක්කා සාරියත් පැත්තකින් උස්සාගෙන ටොයිලට් එක පැත්තට පල්ලං බැස්සා.

කොහොම කොහොම හරි හැමෝම ඩවුන්ලෝඩ් කරගෙන, ඊට පස්සෙ අප්ලෝඩුත් කරගෙන යන්න පිටත් වෙන අතරේ අපි කැහි කූරත් අදින්න වග බලා ගත්තා. (ඒ කාලෙ සිගරට් බොන්න තහනම් නෑ)

“ඒයි අපි ෂීට් මාරු කරමුද?” ගිම්හානි ඇහුවා ඔලුවට උඩින් සාරි පොටක් අල්ලගෙන.

“ඒ මොකද?”

“ඒ පැත්තට අව්වයි අය්යෝ. ඔයාලගෙ නම් කලු වෙන්න දෙයක් නෑනෙ.”

” හුහ්, @#$……………………………………..%$#!!!” කලු වීම ගැන ආනන්දයා දුන්න උත්තරේට කාටත් හිනා.

“ගිම්හානි,” ඔන්න මාතුල නිදා හිටිය ඉංග්‍රීසි ගුරුවරයා අවදිවුනා.

ඔන්න ඒකි බැලුවා.

“ෂීට් මාරුකරමු කිව්වෙ කොහෙද? ඇඳේද?” මං කිව්වම වින්ධ්‍යාත් කට ඇරගෙන මා දිහා බැලුවා.

“මොකක්?” අර පිරිමින් දවා අලු කරන බැල්ම මාදිහාට එල්ල වුනා.

“ඒ මොකද බං, මේ හදිස්සියෙ…?” ගමයා කාඩ හිනාවක් එක්ක කිව්වා.

“මේ මොනව කියනවද මුං? මං කිව්වෙ බස් එකේ මෝඩයො.” ගිම්හානිට චේන් පැනගෙන එන්නෙ.

“බස් එකේ තියෙන්නෙ මෝඩයො වානේ ෂීට්. ඒ කියන්නෙ තහඩු . ඒවා මාරු කරන්නෙ ටිංකර් බාස්ලා. ඉඳගන්න නම් තියෙන්නෙ සීට් (seat), ෂීට් (sheet)නෙවෙයි.”

“අහ්හා, සොරි ඈ, හෙන්රි අය්යගෙ ඉංග්‍රීසි පාඩම…! එතකොට ෂීට් කියන එක වැරදියි නේ, කටට හුරුවෙලානෙ අනේ.”

“ඔවු බං. ෂීට් කියන්නෙ පැතලි දෙයක්නෙ. හාෆ් ෂීට්, A4 ෂීට්, වහලෙට දාන රූ‍ෆිං ෂීට්, ඇඳට දාන බෙඩ් ෂීට්…යනාදී වශයෙන්. බස් එකෙත් සීට් ගැලෙව්වොත් ෂීට් එකක් එලාගෙන කශ්ටියටම ආතල් එකේ එක පොකුරට යන්න පුලුවන්. නමුත් දැනට සීට් වල ඉඳගෙන තමයි යන්න වෙන්නෙ.”

“ටිං ටිං ටිං. ඉංග්‍රීසි පීරියඩ් එක ඉවරයි. දැන් නැගපල්ලා යන්න. පරක්කු වෙනවා.” ගමයා කිව්වා.

 

ටැග: , , , ,

61. Daddy’s Home!!! අමාෂි දුවේ, ඉතින් හිනාවෙන්න!

61. Daddy’s Home!!!  අමාෂි දුවේ, ඉතින් හිනාවෙන්න!

අමාෂි දුවේ, සන්තෝෂයි නේ? ඔයාගෙ උපන් දිනේට ලැබෙන වටිනාම තෑග්ග දිනේටත් දවසකට දෙකකට කලින් ඔයාට ලැබුනා නේ?

අද ඉඳලා ආයෙම තාත්තාගෙ පපුව උඩ දොයියන්න පුලුවන්. තාත්තා ඔයාව නරක් කරනවා කියලා තව ටිකක් බැනුම් අහවි අම්මිගෙන් මේ පාර. තාත්තගෙ කරේ ලුණු ගෙනියන්නත් පුලුවන්!! තව කොච්චර වැඩ තියෙයිද? ඇයි තාත්තගෙ උකුලට වෙලා බ්ලොග් කියවන්න. අර දොර ගාවා එල්ලලා තිබ්බයි කියලා තාත්තා කියලා තිබ්බ වින්ඩ් චයිම් එක දැන් නැත්ද? අද ඉඳලා නිදියන්නෙත් අම්මියි තාත්තියි මැද්දෙ…! ෂා…!

මම තාත්තගෙ යාලුවෙක් පුතේ. මම එයාව අඳුරන්නෙ බ්ලොග් ලෝකෙන්මයි. එයාව මම දැනගෙන හිටියෙ අන්තිම පේලියට කමෙන්ට් ලියන එක්කෙනෙක් හැටියට . පස්සෙ එයාගෙ බ්ලොග් එකත් කියවන්න ගත්තා. ඔය අතරෙ තමයි දවසක් මම පන්තියක උගන්නමින් ඉන්නකොට ෆෝන් කෝල් එකක් ලැබුනෙ. “අයියා, මාව අඳුරන්න පුලුවන්ද?’ කියලා. බලනකොට ඔයාගෙ තාත්තා අපි වැඩ කරන රටටම ඇවිත්. අපි කිලෝ මීටර් තුන්සීයක් විතර ඈතින් හිටියත් මිතුරන් වශයෙන් තවත් ලං වුනා.

මම තාත්තගෙ බ්ලොග් කියවලා තිබ්බට තාත්තා එක දවසක දාපු බ්ලොග් පෝස්ට් එකක් කියවලා ඇඬුවා. ඔව්, ලොකු මිනිහෙක් තමයි. ඒ වුනාට ඇඬුවා. මගෙ ලඟ හිටපු අයත් ඇඬුවා. බ්ලොග් ලෝකෙ ඔක්කොම වගෙ ඇඬුවා…ගැහැණු පිරිමි බේදයක් නැතුව.

ඒ තමයි ඔයාට මාස හයක් වෙච්ච දවස. තාත්තට ඒක වාවන්නෙ නැතිව ගියා.

ඒ ඔක්කොම හරි දැන් තාත්තා ගෙදරනෙ. තාත්තා යන්නෙ හෙට නේද කියලා අහන්න මම තාත්තාට කෝල් එකක් ගත්තා හරියටම පැය 17කට කලින්. මහ රෑ.

“මල්ලි ෆ්ලයිට් එක හෙට කොයි වෙලාවටද?”
(වට පිට සද්ද ගොඩයි)
“අයියා, මං මේ එයාපෝට් එකට යන ගමන්…පාන්දර ෆ්ලයිට් එක තියෙන්නෙ…”

මම හොඳ වෙලාවට කතා කලේ. තාත්තා සෑහෙන කලබලේකින් හිටියෙ. ඉතින් මම පස්සෙ කතා කරන්න කියලා හිතාගෙන පොතක් කියව කියවා ඉන්නකොට දන්නෙම නැතිව නින්ද ගිහින්. එක පාරටම උඩ විසිවෙලා ඇහැරිලා වෙලාව බලන කොට පාන්දර 3.00 පහුවෙලා. කෝල් එකක් අරන් බැලුවත් ෆෝන් එක ඕෆ් කරලයි කිව්වා අර ෆෝන් කොම්පැනියේ ආඩම්බරකාර නැන්දා. ඒ කියන්නෙ තාත්තා පිටත් වෙලා…

නමුත් නින්දට යන්න කලින් හොඳ වෙලා වට තාත්තට මේ ටෙක්ස්ට් මෙසේජ් එක නම් ගහගන්න පුලුවන් උනා.

“Wish you a very smooth and safe flight! Please give our love to your wife and the kid. And my regards to the fellow bloggers you’d meet.”

අද අපි හොඳ යාලුවො උනාට තාත්තයි මායි කවදාවත් ලංකාවෙදි මුණ ගැහිලා නෑ මේ අද වෙනකල්. අපි මුන ගැහිලා තියෙන හැම පාරම මෙහෙදි තමයි. අපි තාත්තා වැඩ කරන තැනටත් ගිහින් තියෙනවා.

ලංකාවෙ බැංකු වලට අපි බැන්නාට මෙහෙ බැංකු ඊට එහා අමාෂි දුවේ. අපේ වැඩවලට ඔයාගේ තාත්තා කී වතාවක් බැංකුවට ගිහින් ඇත්ද අපි ඉන්නෙ ඈත නිසා…!

අපි ලංකාවට ආවා පහුගිය නොවැම්බර් වල. ඒ එනකොට මම ලිව්වා බ්ලොග් පෝස්ට් එකක් “අපි ගෙදර එනවෝ” කියලා. ගෙදර යන්න ගුවන් යානයට නැග්ගමමට හිතෙන දේවල්, එතකොට ගුවන් යානේ යෝධ රෝද ලංකාවෙ රන්වේ එකේ දඩස් ගාලා වදින කොට උගුර හිරවෙන හැටි, ඇහැට කඳුලු උනන හැටි. පුතේ අපේ මුලු පවුලම ලංකාවෙ නොඉඳත් මට එහෙම දැනෙනවා නම් චූටි ඔයයි අම්මියි දෙන්නම මෙච්චර කාලෙකට පස්සෙ දකින්න පෙරුම් පුරාගෙන ආපු තාත්තට කොහොම දැනෙන්න ඇත්ද? තාත්තා අඬන්න ඇති පැටියො.

ඉතින් ඊට පස්සෙ මොකද වුනේ ඔයාලා එයාපෝට් එකට ආවාද? නැතිනම් තාත්තා එයාපෝට් ටැක්සියක් අරන් ගියාද කියලා දැනගන්න විදියක් මට නෑ. කොහොම හරි ඔයා තාත්තා දැක්ක ගමන් අතට පනින්න නැතුවත් ඇති. කවුද මේ කියලා බැලුවද…? කොහොම උනත් ඊට පස්සෙ නම් තාත්තගෙ අතින් බහින්නම නැතුව ඇති. හාදු වැස්සක් ලැබෙන්නත් ඇති…

දැන් ඔයා තාත්තව තනි කරම අයිති කරගෙන ඇති නේ. පුතේ තාත්තගෙ යාලුවොත් එක්ක තාත්තා පොඩ්ඩක් විනෝදවෙන සයිබර් සැණකෙලියකුත් තියෙනවලුනෙ ලඟදිම. එයාට ඒකටත් පොඩ්ඩක් දුවලා පැනලා වැඩ කරන්න තියේවි. ඒකට කමක් නෑ නේ? තාත්තට පොඩ්ඩක් යන්න දෙයි නේ ඒ පැත්තට?

තවත් සති කීපයකින් තාත්තට ඔයාලව තියලා ආයෙම මෙහෙ එන්නවෙන හරිම දුක හිතෙන දවසක් ඒවි… ඒක ගොඩාක් වහින අඳුරු දවසක් වේවි. ඒත් අමාෂි දුවේ තාත්තට එන්න වෙනවා. මොකද මේ ඔක්කොම කරන්නෙ ඔයාට වඩා හොඳ ජීවිතයක් දෙන්න. මේ අපිත් එහෙමයි පුතේ.

මම ඒ දවස ගැන කිව්වෙ ඔයාලගෙ සතුට අඩු කරන්න නෙවෙයි. ඇත්ත ඒක නිසා. කොයි තාත්තත් වගෙ ඔයාගෙ තාත්තත් ‘මම ආපහු යන්නෙ නෑ මගේ මැණික දාලා මම මෙහෙමම ඉන්නවා’ කියලා නවතින්න හැදුවොත් එහෙම කරන්න දෙන්න එපා. එයා ආපුදෙන්. ටික කාලෙකටනෙ.

ඉතින් මේ නිවාඩු කාලය තුන් දෙනත් එක්ක හොඳට විනෝද වෙන්න. ගමන් බිමන් පරිස්සමෙන් යන්න.

සුභ උපන් දිනයකට ආසිරි අපි හතර දෙනාගෙන්ම.

මේ

henryblogwalker කියලා තාත්තගෙ යාලුවෙක්.

ප.ලි: ඔයාගෙ අලුත් ෆෝටෝ එකක් නැති නිසා තාත්තගෙ බ්ලොග් එකෙන් ගත්ත මේ ෆෝටෝ එක දානවා. තාත්තට කියන්නකො අලුත් එකක් එවන්න කියලා මෙතන දාන්න.

 

ටැග: , , ,

60. පැත්ත ගියත් ඇත්ත මෙන්න! මගේ වන් වේ සබඳකම්!

60. පැත්ත ගියත් ඇත්ත මෙන්න! මගේ වන් වේ සබඳකම්!

නුඹ සුභ නොපැතුවොත් සුභ නොපතන,
නුඹ කලොත් පමනක් පෙරලා සුභ පතන,
එනමුදු නුඹ සුභ පතයිදැයි සෙවිල්ලෙන් ඉන්න,
සගයන් සිටීද නුඹ හට.
මට මෙන්?

නුඹ නැවතී කතාකලොත් පමණක්,
මූනිච්චාවට හිනාවෙන, කතාකරන,
වැරදිලාවත් නුඹ එහෙම නොකලොත්,
‘අරූගෙ ආඩම්බර’ යි බැනවදින,
‘හරි ගිහින් උන්ට, තුහ් නොතකින් හැත්ත!’

නුඹ හිනා වුනොත් විතරක් සිනාසෙන,
පාරේදි දැක්කම හො‍රැහින් බලා යන,
නුඹ කතාකලොත් පන දෙන්නට කතාකරන,
නැත්නම් නොදැක්කා සේ යන,
මිනිසුන් එක්ක වැඩ කරලා තියේද නුඹ?

දුරකථනේ සබැඳියන් ලැයිස්තුව,
ලෝකෙ දිගම එකදැයි හිතෙයි මට,
නමුත් මුන්ගෙන් කීදෙනෙක් මට,
කතාකරයිද “හෙන්රියෝ කොහොමද බොට?”
මමම කතා නොකලොත්…?

කිසිදා නුඹට කතා නොකරන,
සමහරු නුඹ කතාකල විට,
රීචාජ්, රීලෝඩ් හි‍ඳෙනකල් නුඹේ,
එල්ලීගෙන වාන් දමන කතාව,
යකෝ, මෙච්චර විස්තර ඕපාදූප තිබිලනෙ මුන්ට..!!!

නමුත් උන්ගෙ වැඩක් තිබ්බොත් නම්,
වැඩේ කෙරෙන තෙක් දිනකට,
සියවරක් වුව කතාකරන, වාත කරන,
වැඩේ ගොඩ දා ගත් පසු හයිබනේට් වෙන,
සබඳන් සිටීද නුඹටත්?

ලියුම් හැටියට පහුගිය
අවුරුදු දහ පහලොවටම,
ලැබුනෙ, දුරකථන, විදුලි වතුර බිල් පමණි.
ඒත් කමක් නෑ කියමු.
සයිබර් යුගය නොවැ.

එතකොට ඊ මේල් සබැඳියන් ලැයිස්තුව,
ලෝකෙන් දෙවෙනි දිගම එක,
ඉන්බොක්ස් එක උතුරන්න,
ෆොර්වර්ඩ් ෆොර්වර්ඩ් ෆොර්වර්ඩ් කරපුවා,
අනිත් උන් සදහටම වර්චුවල් මතකයේ ලගිති.

නුඹේ උපන් දිනයක ජීවිත කාලයට,
කාඩ් එකක්, ඇමතුමක් නොදුන් මුත්,
නුඹට අමතක වුනොත් කරුමෙට,
උන්ගේ උපන් දිනයට සුභ පතන්නට උදේම,
“අඩෝ මම මේ බලා හිටියෙ උඹට අමතක වුනාද කියලා” කියන

නුඹ ගැන බ්ලොග් පෝස්ට් කිසිවිට කවුරුත් නොලීවාට,
නුඹ ලිව්වත් මුන් ගැන නිදි මරාගෙන,
“ඒයි උඹ දැක්කද මගෙ පෝස්ට් එක උඹ ගැන?”
“අනේ බං උඹලට වගෙ අපිට,
කොහෙ තියෙන වෙලාවක්ද?”

“උඹලනං ඉස්කොලවල,
නිකම්මනෙ ඉන්නෙ අපි එහෙමද?
අපි හෙන බිසිනෙ බං උදේ දවල් රෑ නැතුව
උඹලා වගේද? Some people
have to work for a living, heh heh…”

ඈ @#$ ‍තෝ ඉන්නෙ දවසම,
නේද පරිගනකෙට ඇන ඇන,
අන්ලිමිටඩ් ඉන්ටනෙට් නේද බොල?
අපිනෙ ගුරුවරු උදේ ඉඳන් කට්ට කන,
ගෙදර ගියත් නිවනක් නැති ජාතිය.

අපිට වෙලාව ඇත තොපි ගැන,
බ්ලොග් පෝස්ට් ලියන්නට,
තොපිට වෙලාවක් නෑලුනේ,
ඒ ලිපිය කියවන්න අනේ @#!
අපි තමයි බොග් ලියන WordPress, Blogspot රට හරක්!

ලිබරල්, අති නවීන,
පිරිමි මූලික නොවන,
අපේ ස්වාධීන පවුල තුල,
ලෝකෙ දිගම වැඩ ලැයිස්තුව දෙන්නාටම.
ඒත් තොපිට වෙලාවක් නැතිහැටි!!

හිරු නොබසින අධිරාජ්‍යය තිබ්බෙ නම් ඉස්සර.
හිරු නොබසින යාලු මිත්‍ර නෑදෑකම්,
තියෙන්නෙ දැන් මාහට.
දවසෙ කොයි වෙලේ හෝ,
ඉර පායලා අපේ උන් ඉන්න රටකට!

මුං සමහරක් දකින්නෙත් මං,
අවුරුදු පහ දහයකට වරක්!
හිතලා බලපන් හොඳට,
වසර 2000න් පස්සෙ අපි,
කීවරක් හමුවෙලා තියෙනවද?

මේ විදීයට ගියොත් අපි,
මේ ජීවිත කාලය ඇතුලත,
තව කීවරක් මුන ගැහේවිද?
පිළිගන්නට මැලි වුනත්,
ඇත්ත ඒක නේද බොල?

නව සහශ්‍රයෙ තොපෙන්,
කීදෙනෙක් කීවරක් ආවාද මගේ ගෙදර ?
ඒත් වසරකට වරක් මවුරටට යන මම,
තොපේ ගෙදර නාවොත්,
තොපිට මල මා එක්ක!!

“උඹ රටෙත් නෑනෙ බොල”,
වෙයි සමාවට කරුණ.
ඇයි යකුනෙ හැම වසරෙ, මේකාලෙ අපි එන්නෙ,
වසරක වැඩ සති හයකට ගලපන්න!
ඒත් මට වැඩිය බිසිලු තොපි!!

තවත් වර්ගයක් ඇත,
ගෙමිදුලට පමණක් එන.
ඇතුලට නෑවිත් හිටගෙන දොරලඟ,
පැය ගනන් කතාකරල යන.
ඉඳගන්න වෙලාවක් නෑලු ඒ අයට!!

මේ කිව්ව දේ වලට,
රිදුනාද උඹේ සිත?
උඹ විතරක් නෙවෙයි බං,
හෙන සෙට් එකක් මට,
ඉන්නවා උඹ වගේ.

ප.ලි.
හිතේ තියෙන ආවේගෙට,
ලියාගෙන ලියාගෙන ගියාට,
මට කවිලියන්න බැරිබව,
මතක් වුනෙත් මට,
මේ දැන් තමයි!!!

ඔබ සැමට සුභ නව වසරකට ආසිරි henryblogwalker the Dudeගෙන්

 

ටැග: ,

59. පරාක්‍රමබාහු අයියා සහ අපේ ටීචගෙ හොඬවැල

59. පරාක්‍රමබාහු අයියා සහ අපේ ටීචගෙ හොඬවැල

පරාක්‍රම කියන්නෙ අපේ ගමේ ඉන්න බෑග් ඇතුලු සම්භාන්ඩ නිශ්පාදනය කරන බුවෙක්. කතා නායකයා වන දමිත් කොලුවා බ්ලොග් එකක් හෙම පටන් අරන් හොඳ කතාවක් මතක් වෙනකල් බලාගෙන ඉන්න කොලුවෙක්. මේකාට පොඩි කාලෙ තිබ්බෙ හරිම දඟකාර, මැරෑටි මූණක්. දැන් නම් අහිංසකත්වයේ ප්‍රතිමූර්තිය කිව්වැකි. පහුගිය දෙසැම්බරයෙ BMICH එකේදි ගත්ත ඔය පින්තූරවල DIESEL ටී ෂර්ට් එක ඇඳගෙන ඉන්නෙ බුවා තමයි. මේ කියන කතාව වෙනකොට මම ඒ තැන්වල නොසිටි බවත් සලකන්න.

දමිත් කොලුවා සහ මගේ කොලුවා

දමිත් කොලුවා සහ මගේ කොලුවා

මේකා පොඩිම කාලෙ පවුලෙ අයත් එක්ක ට්‍රිප් එකක් ගිහින් පොළොන්නරුවට. නටබුන් බලලා ඇවිදල කරලා වැව අයිනෙ විවේක අරගෙන හෙම ඉන්නකොට අර සුප්‍රසිද්ධ පරක්‍රමබාහු පිළිමෙත් දැකලා. හරි හරී ඒ පරාක්‍රමබාහු රජ්ජුරුවොද වෙන කෙනෙක්ද කියන එක මේ කතාවට අදාල නෑ. මේ කතාව මතක් වුනේ මාරයගෙ මාර චාරිකාව කියවද්දී පරාක්‍රමබාහු පිළිමයෙ පින්තූරෙ දැක්කම.

ඉතින් පිලිමේ දැක්ක ගමන් මූනෙ ලොකූ ප්‍රශ්නාර්ථ ලකුනක් රඳවාගත්ත දමිත් කොලුවත් අහලා,
“ඒ කවුද තාත්තෙ ඒ?”
“ඒ තමයි මයෙ පුතේ පරාක්‍රමබාහු රජ්ජුරුවො”, කියපු දමිත් කොලුවගෙ තාත්ත වන, මචං බාප්පලා සෙට් එකේ තුන් වෙනියා, සුදු අයියා වැඩිදුරටත් කිව්වලු “පුතා දන්නවද පරාක්‍රමබාහු රජ්ජුරුවො කියන්නෙ කවුද කියලා?”
“ආආආආ” දමිත් කොලුවගෙ මූණ ප්‍රභෝධමත් වුනා. ” මං දන්නවා, මං දන්නවා. අර බෑග් මහන අයියානේ”

දමිත් කොලුවා පොඩිම කාලෙ පන්තියෙ ටීචර් උගන්නලා ළමා ගීයක්. ‘හාවා කන්දෙක හොලවනවා’. දන්නවනෙ පොඩි පන්ති වලට උගන්නනකොට ඇක්ෂන් දාලනෙ උගන්නනෙ. ටීචර් පාඩම තවත් සාර්ථකව කරන්න එහා පන්තියෙ ටීචවත් අඬගහගෙන.

එක්කෙනෙක් “හාවා කන්දෙක හොලවනවා” කියන ගමන් අත් දෙක කන් දෙක ගාවට අරගෙන මාපට ඇඟිලි කන්පෙති ඇතුලෙ රඳවාගෙන අත්ලවල් හොලවලා පෙන්නලා.
“අලියා හොඬවැල පද්දනවා කියපු අනිත් ටීචර් එක අතක් වටේට අනිත් අත දාලා නහය අල්ලගෙන පද්දලත් පෙන්නලා. මේ විදියට මුලු සින්දුවම කරලා දැං ළමයින්ගෙ වාරෙ ටීචර්ලා ඇක්ෂන් එක දාද්දී හඬ කවන්න.

“ආ දැන් කියන්න බලන්න තනියෙම. දමිත් පුතා…”

කවදාවත් පස්සට යන බුවෙක් නොවන දමිත් පුතා කිව්වා සින්දුව මෙන්න මෙහෙම.

“අපේ ටීචර් කන් දෙක හොලවනවා
අල්ලපු පන්තියෙ ටීචර් හොඬවෑල පද්දනවා…”

අර ටීචර්ට බකාස් ගාලා හිනාගිය පාර හොඬවැල ගැලවිලා ගියාලු.

 

ටැග: , ,