RSS

59. පරාක්‍රමබාහු අයියා සහ අපේ ටීචගෙ හොඬවැල

05 අප්‍රේල්
59. පරාක්‍රමබාහු අයියා සහ අපේ ටීචගෙ හොඬවැල

පරාක්‍රම කියන්නෙ අපේ ගමේ ඉන්න බෑග් ඇතුලු සම්භාන්ඩ නිශ්පාදනය කරන බුවෙක්. කතා නායකයා වන දමිත් කොලුවා බ්ලොග් එකක් හෙම පටන් අරන් හොඳ කතාවක් මතක් වෙනකල් බලාගෙන ඉන්න කොලුවෙක්. මේකාට පොඩි කාලෙ තිබ්බෙ හරිම දඟකාර, මැරෑටි මූණක්. දැන් නම් අහිංසකත්වයේ ප්‍රතිමූර්තිය කිව්වැකි. පහුගිය දෙසැම්බරයෙ BMICH එකේදි ගත්ත ඔය පින්තූරවල DIESEL ටී ෂර්ට් එක ඇඳගෙන ඉන්නෙ බුවා තමයි. මේ කියන කතාව වෙනකොට මම ඒ තැන්වල නොසිටි බවත් සලකන්න.

දමිත් කොලුවා සහ මගේ කොලුවා

දමිත් කොලුවා සහ මගේ කොලුවා

මේකා පොඩිම කාලෙ පවුලෙ අයත් එක්ක ට්‍රිප් එකක් ගිහින් පොළොන්නරුවට. නටබුන් බලලා ඇවිදල කරලා වැව අයිනෙ විවේක අරගෙන හෙම ඉන්නකොට අර සුප්‍රසිද්ධ පරක්‍රමබාහු පිළිමෙත් දැකලා. හරි හරී ඒ පරාක්‍රමබාහු රජ්ජුරුවොද වෙන කෙනෙක්ද කියන එක මේ කතාවට අදාල නෑ. මේ කතාව මතක් වුනේ මාරයගෙ මාර චාරිකාව කියවද්දී පරාක්‍රමබාහු පිළිමයෙ පින්තූරෙ දැක්කම.

ඉතින් පිලිමේ දැක්ක ගමන් මූනෙ ලොකූ ප්‍රශ්නාර්ථ ලකුනක් රඳවාගත්ත දමිත් කොලුවත් අහලා,
“ඒ කවුද තාත්තෙ ඒ?”
“ඒ තමයි මයෙ පුතේ පරාක්‍රමබාහු රජ්ජුරුවො”, කියපු දමිත් කොලුවගෙ තාත්ත වන, මචං බාප්පලා සෙට් එකේ තුන් වෙනියා, සුදු අයියා වැඩිදුරටත් කිව්වලු “පුතා දන්නවද පරාක්‍රමබාහු රජ්ජුරුවො කියන්නෙ කවුද කියලා?”
“ආආආආ” දමිත් කොලුවගෙ මූණ ප්‍රභෝධමත් වුනා. ” මං දන්නවා, මං දන්නවා. අර බෑග් මහන අයියානේ”

දමිත් කොලුවා පොඩිම කාලෙ පන්තියෙ ටීචර් උගන්නලා ළමා ගීයක්. ‘හාවා කන්දෙක හොලවනවා’. දන්නවනෙ පොඩි පන්ති වලට උගන්නනකොට ඇක්ෂන් දාලනෙ උගන්නනෙ. ටීචර් පාඩම තවත් සාර්ථකව කරන්න එහා පන්තියෙ ටීචවත් අඬගහගෙන.

එක්කෙනෙක් “හාවා කන්දෙක හොලවනවා” කියන ගමන් අත් දෙක කන් දෙක ගාවට අරගෙන මාපට ඇඟිලි කන්පෙති ඇතුලෙ රඳවාගෙන අත්ලවල් හොලවලා පෙන්නලා.
“අලියා හොඬවැල පද්දනවා කියපු අනිත් ටීචර් එක අතක් වටේට අනිත් අත දාලා නහය අල්ලගෙන පද්දලත් පෙන්නලා. මේ විදියට මුලු සින්දුවම කරලා දැං ළමයින්ගෙ වාරෙ ටීචර්ලා ඇක්ෂන් එක දාද්දී හඬ කවන්න.

“ආ දැන් කියන්න බලන්න තනියෙම. දමිත් පුතා…”

කවදාවත් පස්සට යන බුවෙක් නොවන දමිත් පුතා කිව්වා සින්දුව මෙන්න මෙහෙම.

“අපේ ටීචර් කන් දෙක හොලවනවා
අල්ලපු පන්තියෙ ටීචර් හොඬවෑල පද්දනවා…”

අර ටීචර්ට බකාස් ගාලා හිනාගිය පාර හොඬවැල ගැලවිලා ගියාලු.

 

ටැග: , ,

28 responses to “59. පරාක්‍රමබාහු අයියා සහ අපේ ටීචගෙ හොඬවැල

  1. Weni

    අප්‍රේල් 5, 2012 at 7:20 පෙ.ව.

    අපරාදෙ කියන්න බෑ පොඩි එකා ස්ථානෝචිත් ප්‍රඥාව හොඳටම තියෙන පොඩ්ඩෙක්නෙ.. පොඩි එකා කීවෙ අපි අපිගේ වයසත් එක්ක හිතලයි…

     
  2. kavikaari

    අප්‍රේල් 5, 2012 at 8:22 පෙ.ව.

    සමහරු පරාක්‍රම කියන්නෙ රනිල්ට!

     
  3. Gold fish

    අප්‍රේල් 5, 2012 at 8:39 පෙ.ව.

    පොඩි අයට මඩ ගහන එක නරකයි හොඳේ….!!!!

     
  4. buddhiprasadh

    අප්‍රේල් 5, 2012 at 9:45 පෙ.ව.

    කතන්දර බබාට හපන් පොරක්නෙ මූ

     
    • henryblogwalker

      අප්‍රේල් 6, 2012 at 12:39 ප.ව.

      @Weni: නතුව නැතුව. මේකා පොඩ්ඩෙක් තමයි බං මේකා අදත් teenager කෙනෙක්. ඔය පහුගිය දෙසැම්බර් වල ෆෝටෝස්.

      @kavikaarai: ඒකනම් අහලා නෑ.

      @Gold fish: මොනවද බං මඩ කියන්නෙ? ආ උඹ කියන්නෙ අර අවුරුද්දකට පස්සෙ උඹ දාපු annual bath එක ගැන නේ?.

      @buddhiprasadh:කවුද බුද්ධි කතන්දර බබා කියන්නෙ?

       
  5. අංජන

    අප්‍රේල් 5, 2012 at 10:15 පෙ.ව.

    //මේකාට පොඩි කාලෙ තිබ්බෙ හරිම දඟකාර, මැරෑටි මූණක්. දැන් නම් අහිංසකත්වයේ ප්‍රතිමූර්තිය කිව්වැකි//
    ඔය වගේ දේවල් කලාම අපි පොඩි උන්ට මැරෑටි කිව්වට, එහෙම උන් නිර්මානශීලි.

     
  6. hiruni

    අප්‍රේල් 5, 2012 at 11:58 පෙ.ව.

    හිහ් හිහ් හිහ්…මටත් ඔය කතාව මතකයි…තව අර් සුද්දා මාමගෙ ෆාමසියේ කවුන්ටර් උඩ දුවනවා මල්ලි නැන්දටයි මාමටයි අල්ලන්න බැරි වෙන්න…. 😀

     
  7. රාජ්

    අප්‍රේල් 5, 2012 at 12:02 ප.ව.

    🙂

     
  8. රූ

    අප්‍රේල් 5, 2012 at 2:17 ප.ව.

    අපූරු ළමයෙක්නෙ..මේ වගේ දක්ෂතාවලට නම් අත දෙන්නම ඕන..:P

     
    • henryblogwalker

      අප්‍රේල් 6, 2012 at 12:45 ප.ව.

      @අංජන: අංජන වෙල්කම් වේවා. මැරෑටි කිව්වෙ වැඩවලට නෙවෙයි මූණෙ තිබ්බ පෙනුමට. ඔය මගෙ තියෙන්නෙ ගුටිකන මූනක්. අන්න ඒවගෙ

      @hiruni: ඔන්න මටත් දැන් ඒක මතක් වුනා.

      @රාජ්: 😀

      @රූ: නැතුව ! 😀

       
  9. දුකා

    අප්‍රේල් 5, 2012 at 3:59 ප.ව.

    අඩේ මේ දමිත් කොලුවා සිරා කොලුවෙක්නේ . .. මටත් බකස් ගාලා හිනා ගියා . . හොඳ වෙලාවට තේ එක බොන්න කලින් මේක් කියෙව්වේ . .

     
  10. ඉඳුනිල්

    අප්‍රේල් 5, 2012 at 4:04 ප.ව.

    හෝඩියෙ පන්තියේදී ජාතික ඇඳුම ඇඳ ගත්ත කෙනෙක් ඉස්කෝලෙට ඇවිත් ඉන්නවා දැකපු මම ගෙදර ගිහින් කිව්වා ජනාධිපති (ඒ දවස් වල පප්පා හිටියේ) ඉස්කෝලෙට ආපු බව. බලන කොට ඒ ඇවිත් තිබුනේ පාසැල් පරීක්ෂකයෙකු වුනු මගේම මාමා. මාමා වුනත් ඒ ඇඳුමින් මම කලින් දැකලා තිබුනේ නැහැ..:D

     
  11. නවම්

    අප්‍රේල් 5, 2012 at 4:34 ප.ව.

    ඔහොම වෙනස් විදියට හිතන පොඩි උන් ලොකු උනාම ගොඩක් වෙනස් දේවල් කරනව කියල කවුද මංද කියල තියනව නේද ?

    අපේ ඉස්කෝලෙත් උන්න පරාක්‍රමබාහු පැපොල් පළුවක් කකා. බුවාගෙ කකුලකුත් කොටයි මගෙ හිතේ.

     
  12. සිතුවම්

    අප්‍රේල් 5, 2012 at 5:36 ප.ව.

    සුපිරි බුලට් එකක්නොවැ මනුස්සයා….හනේ හපොයි…

    හික් හික්…

     
    • henryblogwalker

      අප්‍රේල් 6, 2012 at 12:50 ප.ව.

      @දුකා: හපොයි LCD screen තෙමා ගන්නව හෙම නෙවෙයි. දැන් කවද්ද යන්නෙ?

      @ඉඳුනිල්: ජනාධිපති මාමා! 😀

      @නවම්: ඔව් ඔව් මාත් අහලා තියෙනවා. උං කසාද බඳිනවලු.

      @සිතුවම්: ඒ වුනාට දැන් මාර ඩීසන්ට්.

       
  13. Kasun Chanaka

    අප්‍රේල් 5, 2012 at 6:03 ප.ව.

    පොඩි උන්ටත් මඩ ගහන්න ගත්තද??? 😀 😀

     
  14. maathalan

    අප්‍රේල් 5, 2012 at 6:12 ප.ව.

    බොක්කටම වදින්න ලියලා තියේ. මරු කතා දෙක…

     
  15. ගැමියාගේ පත් ඉරුව

    අප්‍රේල් 5, 2012 at 11:50 ප.ව.

    හරිම අමුතු විදියට හිතන කොල්ලෙක් සෑහෙන්න හොඳ අනාගතයක් තියෙයි රාමුවෙන් පිට හිතන නිසා…. මටත් හිනා මේක කියවද්දි…. මේ කතාව එක්කම මතක් වුනේ සෞරග්‍රහ මණ්ඩලේ ගැන කියන්න කිව්වම පොඩි එකෙක් දුන්නයි කියන උත්තරයක්

    “අඟහරුවාදට කමලුයි නිමලුයි වගේ.බදාදට ටීචර්ගේ හෑන්ඩ් බෑග් එකයි බෝතලෙයි වගේ” කියන කතාව

     
  16. ලොකු පුතා

    අප්‍රේල් 6, 2012 at 3:44 පෙ.ව.

    හොඳ නිර්මාණශීලී කොලුවෙක්නේ…. 🙂

     
  17. janitheco

    අප්‍රේල් 6, 2012 at 7:38 පෙ.ව.

    😀 😀 😀

     
  18. sAm sRi

    අප්‍රේල් 6, 2012 at 12:06 ප.ව.

    සිරා…

    මඩ පාරක්ද බං.. පවි ෆොටෝ එක්කම දාලා.. :))

     
  19. henryblogwalker

    අප්‍රේල් 6, 2012 at 1:00 ප.ව.

    @Kasun Chanaka: ඔන්න ඔන්න ඉතින්. මේවා මඩද? මේවා චරිතාපදාන. අනේ අපිටත් ගහපල්ලකො ඔහොම මඩ!

    @මාතලන්: ස්තුතියි මාතලන්. ආමෙන්!!

    @ගැමියාගේ පත් ඉරුව: ගැමියා මට ඒ කතාව දැන ගන්නකල් ඉවසුමක් නෑ. කමෙන්ට් එකක් හැටියට දානවද? පෝස්ට් එකක් හැටියට දානවද?

    @ලොකුපුතා: උඹලා අපි වගෙ තමයි. ඇයි කොහොමද අර කුරුල්ලන්ගෙ ෆෝටෝ කෑලි ටික?

    @janitheco: 😀 😀 😀

    @sAm sRi: සෑමෝ අර උඹ යාලුවන්ට ගහන ඒවා තමයි මඩ. මේවා චරිතාපදාන. CDMA ෆෝන් කතාව හෙම මොනවද? පව් බං.

     
  20. විසිතුරු | visituru

    අප්‍රේල් 6, 2012 at 6:26 ප.ව.

    එළ කොල්ලෙක්නේ!

     
  21. Nalini

    අප්‍රේල් 7, 2012 at 1:11 ප.ව.

    වෙනස් විදිහට හිතන පොඩි එකෙක්. ගුරුතුමීලා වුණු නිසාම හොඳයි. ගුරුවරයෙක්ගෙන්නම් ගුටි කන්නත් තිබුණා.

     
  22. DJ

    අප්‍රේල් 10, 2012 at 1:05 ප.ව.

    දැන් නම් මේ කොලු පැටියා හරීම නිශ්ශබ්ද චරිතයක්.

    DJ

     
  23. damith

    අප්‍රේල් 15, 2012 at 12:34 ප.ව.

    මන් ගැන ඔබ තුමාගෙ blog එකේ ලිව්වට බොහොම ස්තුතී,

    අර දඟකාර, මැරෑටි මූණ තවමත් තියනවද ? 🙂

    තවම මට පරාක්‍රම මාමා දැක්කහම ඔය කතාව මතක් වෙනවා,

     
  24. hasithag

    මැයි 2, 2012 at 7:29 පෙ.ව.

    මෙවන් පුතෙක් ලද මවක් පියෙක් කොතරම් සතුටුද 🙂 මේ කොලුවගේ පරණ කතානේ. අලුත් කතා මොකවත් නැද්ද ?

     

ලොකු පුතා වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න