RSS

61. Daddy’s Home!!! අමාෂි දුවේ, ඉතින් හිනාවෙන්න!

20 Apr
61. Daddy’s Home!!!  අමාෂි දුවේ, ඉතින් හිනාවෙන්න!

අමාෂි දුවේ, සන්තෝෂයි නේ? ඔයාගෙ උපන් දිනේට ලැබෙන වටිනාම තෑග්ග දිනේටත් දවසකට දෙකකට කලින් ඔයාට ලැබුනා නේ?

අද ඉඳලා ආයෙම තාත්තාගෙ පපුව උඩ දොයියන්න පුලුවන්. තාත්තා ඔයාව නරක් කරනවා කියලා තව ටිකක් බැනුම් අහවි අම්මිගෙන් මේ පාර. තාත්තගෙ කරේ ලුණු ගෙනියන්නත් පුලුවන්!! තව කොච්චර වැඩ තියෙයිද? ඇයි තාත්තගෙ උකුලට වෙලා බ්ලොග් කියවන්න. අර දොර ගාවා එල්ලලා තිබ්බයි කියලා තාත්තා කියලා තිබ්බ වින්ඩ් චයිම් එක දැන් නැත්ද? අද ඉඳලා නිදියන්නෙත් අම්මියි තාත්තියි මැද්දෙ…! ෂා…!

මම තාත්තගෙ යාලුවෙක් පුතේ. මම එයාව අඳුරන්නෙ බ්ලොග් ලෝකෙන්මයි. එයාව මම දැනගෙන හිටියෙ අන්තිම පේලියට කමෙන්ට් ලියන එක්කෙනෙක් හැටියට . පස්සෙ එයාගෙ බ්ලොග් එකත් කියවන්න ගත්තා. ඔය අතරෙ තමයි දවසක් මම පන්තියක උගන්නමින් ඉන්නකොට ෆෝන් කෝල් එකක් ලැබුනෙ. “අයියා, මාව අඳුරන්න පුලුවන්ද?’ කියලා. බලනකොට ඔයාගෙ තාත්තා අපි වැඩ කරන රටටම ඇවිත්. අපි කිලෝ මීටර් තුන්සීයක් විතර ඈතින් හිටියත් මිතුරන් වශයෙන් තවත් ලං වුනා.

මම තාත්තගෙ බ්ලොග් කියවලා තිබ්බට තාත්තා එක දවසක දාපු බ්ලොග් පෝස්ට් එකක් කියවලා ඇඬුවා. ඔව්, ලොකු මිනිහෙක් තමයි. ඒ වුනාට ඇඬුවා. මගෙ ලඟ හිටපු අයත් ඇඬුවා. බ්ලොග් ලෝකෙ ඔක්කොම වගෙ ඇඬුවා…ගැහැණු පිරිමි බේදයක් නැතුව.

ඒ තමයි ඔයාට මාස හයක් වෙච්ච දවස. තාත්තට ඒක වාවන්නෙ නැතිව ගියා.

ඒ ඔක්කොම හරි දැන් තාත්තා ගෙදරනෙ. තාත්තා යන්නෙ හෙට නේද කියලා අහන්න මම තාත්තාට කෝල් එකක් ගත්තා හරියටම පැය 17කට කලින්. මහ රෑ.

“මල්ලි ෆ්ලයිට් එක හෙට කොයි වෙලාවටද?”
(වට පිට සද්ද ගොඩයි)
“අයියා, මං මේ එයාපෝට් එකට යන ගමන්…පාන්දර ෆ්ලයිට් එක තියෙන්නෙ…”

මම හොඳ වෙලාවට කතා කලේ. තාත්තා සෑහෙන කලබලේකින් හිටියෙ. ඉතින් මම පස්සෙ කතා කරන්න කියලා හිතාගෙන පොතක් කියව කියවා ඉන්නකොට දන්නෙම නැතිව නින්ද ගිහින්. එක පාරටම උඩ විසිවෙලා ඇහැරිලා වෙලාව බලන කොට පාන්දර 3.00 පහුවෙලා. කෝල් එකක් අරන් බැලුවත් ෆෝන් එක ඕෆ් කරලයි කිව්වා අර ෆෝන් කොම්පැනියේ ආඩම්බරකාර නැන්දා. ඒ කියන්නෙ තාත්තා පිටත් වෙලා…

නමුත් නින්දට යන්න කලින් හොඳ වෙලා වට තාත්තට මේ ටෙක්ස්ට් මෙසේජ් එක නම් ගහගන්න පුලුවන් උනා.

“Wish you a very smooth and safe flight! Please give our love to your wife and the kid. And my regards to the fellow bloggers you’d meet.”

අද අපි හොඳ යාලුවො උනාට තාත්තයි මායි කවදාවත් ලංකාවෙදි මුණ ගැහිලා නෑ මේ අද වෙනකල්. අපි මුන ගැහිලා තියෙන හැම පාරම මෙහෙදි තමයි. අපි තාත්තා වැඩ කරන තැනටත් ගිහින් තියෙනවා.

ලංකාවෙ බැංකු වලට අපි බැන්නාට මෙහෙ බැංකු ඊට එහා අමාෂි දුවේ. අපේ වැඩවලට ඔයාගේ තාත්තා කී වතාවක් බැංකුවට ගිහින් ඇත්ද අපි ඉන්නෙ ඈත නිසා…!

අපි ලංකාවට ආවා පහුගිය නොවැම්බර් වල. ඒ එනකොට මම ලිව්වා බ්ලොග් පෝස්ට් එකක් “අපි ගෙදර එනවෝ” කියලා. ගෙදර යන්න ගුවන් යානයට නැග්ගමමට හිතෙන දේවල්, එතකොට ගුවන් යානේ යෝධ රෝද ලංකාවෙ රන්වේ එකේ දඩස් ගාලා වදින කොට උගුර හිරවෙන හැටි, ඇහැට කඳුලු උනන හැටි. පුතේ අපේ මුලු පවුලම ලංකාවෙ නොඉඳත් මට එහෙම දැනෙනවා නම් චූටි ඔයයි අම්මියි දෙන්නම මෙච්චර කාලෙකට පස්සෙ දකින්න පෙරුම් පුරාගෙන ආපු තාත්තට කොහොම දැනෙන්න ඇත්ද? තාත්තා අඬන්න ඇති පැටියො.

ඉතින් ඊට පස්සෙ මොකද වුනේ ඔයාලා එයාපෝට් එකට ආවාද? නැතිනම් තාත්තා එයාපෝට් ටැක්සියක් අරන් ගියාද කියලා දැනගන්න විදියක් මට නෑ. කොහොම හරි ඔයා තාත්තා දැක්ක ගමන් අතට පනින්න නැතුවත් ඇති. කවුද මේ කියලා බැලුවද…? කොහොම උනත් ඊට පස්සෙ නම් තාත්තගෙ අතින් බහින්නම නැතුව ඇති. හාදු වැස්සක් ලැබෙන්නත් ඇති…

දැන් ඔයා තාත්තව තනි කරම අයිති කරගෙන ඇති නේ. පුතේ තාත්තගෙ යාලුවොත් එක්ක තාත්තා පොඩ්ඩක් විනෝදවෙන සයිබර් සැණකෙලියකුත් තියෙනවලුනෙ ලඟදිම. එයාට ඒකටත් පොඩ්ඩක් දුවලා පැනලා වැඩ කරන්න තියේවි. ඒකට කමක් නෑ නේ? තාත්තට පොඩ්ඩක් යන්න දෙයි නේ ඒ පැත්තට?

තවත් සති කීපයකින් තාත්තට ඔයාලව තියලා ආයෙම මෙහෙ එන්නවෙන හරිම දුක හිතෙන දවසක් ඒවි… ඒක ගොඩාක් වහින අඳුරු දවසක් වේවි. ඒත් අමාෂි දුවේ තාත්තට එන්න වෙනවා. මොකද මේ ඔක්කොම කරන්නෙ ඔයාට වඩා හොඳ ජීවිතයක් දෙන්න. මේ අපිත් එහෙමයි පුතේ.

මම ඒ දවස ගැන කිව්වෙ ඔයාලගෙ සතුට අඩු කරන්න නෙවෙයි. ඇත්ත ඒක නිසා. කොයි තාත්තත් වගෙ ඔයාගෙ තාත්තත් ‘මම ආපහු යන්නෙ නෑ මගේ මැණික දාලා මම මෙහෙමම ඉන්නවා’ කියලා නවතින්න හැදුවොත් එහෙම කරන්න දෙන්න එපා. එයා ආපුදෙන්. ටික කාලෙකටනෙ.

ඉතින් මේ නිවාඩු කාලය තුන් දෙනත් එක්ක හොඳට විනෝද වෙන්න. ගමන් බිමන් පරිස්සමෙන් යන්න.

සුභ උපන් දිනයකට ආසිරි අපි හතර දෙනාගෙන්ම.

මේ

henryblogwalker කියලා තාත්තගෙ යාලුවෙක්.

ප.ලි: ඔයාගෙ අලුත් ෆෝටෝ එකක් නැති නිසා තාත්තගෙ බ්ලොග් එකෙන් ගත්ත මේ ෆෝටෝ එක දානවා. තාත්තට කියන්නකො අලුත් එකක් එවන්න කියලා මෙතන දාන්න.

 

ටැග: , , ,

31 responses to “61. Daddy’s Home!!! අමාෂි දුවේ, ඉතින් හිනාවෙන්න!

  1. Gold fish

    අප්‍රේල් 20, 2012 at 6:22 ප.ව.

    සුභ උපන් දිනයක් වේවා…! පුංචි කෙල්ලට…!

     
  2. Dinesh Umagiliya

    අප්‍රේල් 20, 2012 at 6:43 ප.ව.

    ඕනයා අයියා දුව ගැන දාපු පෝස්ට් එක මම කියෙවුවා.. අදනම් ඕනයා අයියා ගොඩක් සතුටින් ඇති.. සුභ උපන්දිනයක් අමාෂි දුවට..

     
  3. වින්චැට් කිරිල්ලී.

    අප්‍රේල් 20, 2012 at 7:06 ප.ව.

    මාත් ඒ පෝස්ට් එක කියෙව්ව කොමෙන්ට් එකකුත් දැම්මා…මට හොඳට මතකයි ඒ පෝස්ට් එක..අපේ තාත්තත් මම පොඩි කාලෙ රට උන්න නිසා…සුභ උපන් දිනයක් චූටි බබෝ…..!!

     
  4. සපතේරු උන්නැහේ

    අප්‍රේල් 20, 2012 at 7:20 ප.ව.

    සිංහල බ්ලොග් එකක කාලෙකින් දැකපු මනුස්ස හැඟීම් ගැන සටහනක්… ඔය අත් දැකීම මමත් විඳල තියෙන නිසා එහෙම දැනෙනව වෙන්නත් පුලුවන්….

     
  5. රූ

    අප්‍රේල් 20, 2012 at 7:28 ප.ව.

    දූටයි තාත්තටයි මෙහෙම යාළුකම් අනිවා වටිනවා ඇති..

     
  6. ඉඳුනිල්

    අප්‍රේල් 20, 2012 at 7:44 ප.ව.

    සුභ උපන්දිනයක් දුවේ. ඔයාගේ තාත්තාගේ දුක මමත් එක සතියකට අත් වින්දා පහු ගිය දවස් ටිකේ. තාත්තා ඔයා වගේ දුවෙක් ලබන්න වගේම, හෙන්රි මාමා වගේ යාලුවෙක් ලබන්න වාසනාවන්තයෙක්…

     
  7. sAm sRi

    අප්‍රේල් 20, 2012 at 8:43 ප.ව.

    ආදරනීය සුභ පැතුමක් කරලා..

    අපිත් සුභ වෙන්න කියලා පතනවා. මුළු අනාගතේම..

     
  8. මාරයා...

    අප්‍රේල් 20, 2012 at 9:00 ප.ව.

    අනේ මංදා හෙන්රි අයියා මේක හෙන වැදගත් කරලා ලියලනේ..ඉතිං හිතට එන හැම එකම කියන්නේ කොහොමද..?:D

    ඔය කෙල්ල ගිය පාර අවුරුදු උත්සවේටත් ආවා…ඒ හින්දා මේ පාරත් යයි…

    උඹ මේක කොහොම ලිව්වත් එකක්නං ලියලා තියෙන්නේ අපේ කටවල් අවුස්සන්න…
    “අද ඉඳලා නිදියන්නෙත් අම්මියි තාත්තියි මැද්දෙ…! ෂා…!”

     
  9. praveena

    අප්‍රේල් 21, 2012 at 4:33 පෙ.ව.

    ලස්සන සුබ පැතුමක්නේ. හිමාෂි බබාට තාත්තත් එක්ක ගෙවන්ට ලැබෙන සුබම සුබ උපන් දිනයක් වේවා…..!!!

     
  10. පන්සල් හංදිය

    අප්‍රේල් 21, 2012 at 8:56 පෙ.ව.

    කෙලි පොඩ්ඩට සුබ උපන් දිනයක් ……
    22 කෙලි පොඩ්ඩවත් එක්කන් එනවා කිව්වා ……

     
  11. Gimhani

    අප්‍රේල් 21, 2012 at 9:55 පෙ.ව.

    සුභ උපන් දිනයක් දුවට !

     
  12. abeetha

    අප්‍රේල් 21, 2012 at 10:07 පෙ.ව.

    පුංචි කෙල්ලට සුභ උපන් දිනයක් වේවා…

     
  13. නවම්

    අප්‍රේල් 21, 2012 at 10:31 පෙ.ව.

    කෙලිපැටියට සුභ උපන්දිනයක් !!
    ඒකිගෙ තාත්තට සහලෝල උණ හැදිල බං අයියෙ. ගමන් මහන්සියට වෙන්න ඇති. හැන්දෑවෙ ඒ පැත්තෙ ගොහින් එන්නයි කියල හිතාගෙන ඉන්නෙ.

    //“අද ඉඳලා නිදියන්නෙත් අම්මියි තාත්තියි මැද්දෙ”//
    ඌ මේකට කැමතියිද කියල අහල බලන්න ඕනෙ😀

     
  14. Gaminie Vijith

    අප්‍රේල් 21, 2012 at 11:48 පෙ.ව.

    අමාශි කෙලි පැංචිට සුබම සුබ උපන්දිනයක් වේවා …!

    හෙන්රි මචෝ, අනුන්ගෙ දරුවොත් තමන්ගෙම දරුවො වගේ දැනෙන්නෙ, උඹ වගේ සංවේදී මිනිස්සුන්ටම විතරයි..

     
  15. kavikaari

    අප්‍රේල් 21, 2012 at 4:39 ප.ව.

    අමාශිට සුබම සුබ උපන්දිනයක් වේවා …! තාත්තට උණ !හෙන්රි ++++++++++++++++++++++++++

     
  16. hiruni

    අප්‍රේල් 22, 2012 at 4:27 ප.ව.

    අමාශි බබාට සුබම සුබ උපන් දිනයක්!!!! හරිම ලස්සනට ලියලා තියෙනවා. කියවද්දි කදුලු එන තරම් සන්වේදීව ලියලා තියෙනවා…. හරිම ලස්සනයි….

     
  17. ගැමියාගේ පත් ඉරුව

    අප්‍රේල් 23, 2012 at 12:14 පෙ.ව.

    ඕනයා අයියගේ මේ පෝස්ට් එක කියවලා කඳුළු හලපු නැති කෙනෙක් නැතිව ඇති බ්ලොග් ලෝකේ මාත් එහෙමයි ඒ තරම් සංවේදියි… මේ පෝස්ට් එක කියවද්දි ආයෙත් ඒ පරණ පෝස්ට් එක මතක් වුනා… මම අද සැණකෙලියට නොයා ඉන්න හදලත් සහෝදර සහෝදරියෝ ටික හම්බුවෙන්න ගියා දැඩි අසනීප මැද්දේ ඒත් ඕනයා අයියවත් ඩූඩ් අයියවත් මාරයා අයියවත් ඇවිත් හිටියේ නෑ…. මේ පැත්තට ආවේ ඒ මක්කැයි බලන්න හැමෝම සනීපෙන් ඉන්නවා නේද??

    බ්ලොග් ලෝකේ මනුස්සකම කියාපාන සුපිරිම පෝස්ටුවක් මේක ලියද්දි ඔයාගේ ඇස්වලට කඳුළු එන්න නැතුව ඇති කියලා කියන්න කාටවත් බෑ

     
  18. henryblogwalker

    අප්‍රේල් 23, 2012 at 7:04 පෙ.ව.

    @ගැමියා, ස්තුතියි. මාරයා ආවේ නැත්තෙ ඇයිද නම් දන්නැ නෑ. මට එන්න විදියක් නැත්තෙ අපි සයුරෙන් එතෙර රස්සාවල් කරන නිසානෙ.
    එතකොට ඕනයා තමයි අපිට කිමී 275-300 වගෙ ඈත හිටියත් අපිට මෙහෙ හිටපු සහෝදරයා. ඕනයා පෙරුම් පුරාගෙන හිටියේ ඔය සයිබර් උත්සවයටයි, දූගෙ උපන් දිනයටයි එන්න. අවාසනාවකට වාගෙ ඕනයා ගෙදර එනකොටම හොඳටම උණලු. දැන් ආසිරි හොස්පිටල් එකේ කියලා දැනගත්තා. ඊයෙ පන්සල් හන්දියයි, නවමුයි ගෝල්ඩ් ‍ෆිෂුයි, ගිහින් තිබ්බා බලන්න. මට කිව්වෙ පන්සල් චැට් කරද්දි. උණ නගිනවා බහිනවාලු. කතාකලෙත් අමාරුවෙන්ලු. අද ඇන්ටිබයෝටික් පටන් ගනීලු. අදත් බලලා විස්තර කියන්නම් කිව්වා. අපිත් ප්‍රාර්ථනා කරන්නෙ ඕනයාට ඉක්මන් සුවය ලැබේවා කියලා

     
  19. රාජ්

    අප්‍රේල් 24, 2012 at 1:23 ප.ව.

    දූට සුබපතන ගමන් ඕනයගෙ අසනීප තත්වය සුව වෙන්න කියල ප්‍රාර්තනා කරනව.

     
  20. නිසුපා

    අප්‍රේල් 24, 2012 at 2:06 ප.ව.

    කෙලීට සුභ උපන්දිනයක් වේවා කියලා කියනවා.
    ඕනෙ අයියට ඉක්මන් සුවය පතනවා….

     
  21. විසිතුරු | visituru

    අප්‍රේල් 29, 2012 at 12:14 ප.ව.

    සුභ උපන් දිනයක් වේවා අමාෂි බබා…!

     
  22. kavikaari

    අප්‍රේල් 30, 2012 at 9:58 පෙ.ව.

    He was discharged from the hospital.

     
  23. හංසකිංකිණි

    අප්‍රේල් 30, 2012 at 10:09 පෙ.ව.

    හරිම හෘදයාංගම සුභ පැතුමක්!!! හෙන්රි අයියෙ… මං දෙමවුපියන්ගෙන් හරිම අඩුවෙන් දැක්ක ගුණාංගයක් තමයි අනුන්ගෙ දරුවොත් තමන්ගෙ කරගන්ඩ පුලුවන් තම… ඒක ඉස්සෙල්ලාම දැක්කෙ අලේ අම්මගෙන්… මුලදි ඉරිසියාවක්, දුකක් දැණුනට පස්සෙ මල්ලියි මමයි දෙන්න ඒකට හුරු වුණා…
    කවද හරි අපිත් ඒ වගේ හිතයි…. ඒක නේද වටිනාම දේ??
    ඉතින් අයියටත් ඒ ගඅණය පිහිටල තියෙනව කියන එකට වටිනා දෙයක්!!!
    ඉතින් අමාෂි දූට සුබම සුබ උපන්දිනයක් සමග යහපත් අනාගතයක් පතනව පරක්කු වෙලා වුණත්
    ඕනයට සනීප නෑ කියල මේ හැම තැනම ලියවිලා තියෙනව..
    දැන් කොහොමද??

     
  24. Senna

    මැයි 1, 2012 at 11:57 ප.ව.

    කියන්ඩ දෙයක් නෑ. උපරිමයි… බොක්කටම වැදුනා ලියලා තියන විදිහ හින්දද, මගේ ජීවිතෙත් ඒ වගේ හින්දද කියලා හිතා ගන්ඩ බෑ..

    මමත් ඉතින් ඒ තාත්තා වගේම තමා.. ගිහිල්ලා අයේ එන දවසනම් ඕනා නෑ.. කියන්ඩ වචන නෑ.. උපමා හිතා ගන්ඩවත් බෑ…

     
  25. lakmal

    මැයි 3, 2012 at 6:33 ප.ව.

    අම්මො ලියලා තියන ලස්සන

     
    • henryblogwalker

      මැයි 3, 2012 at 8:26 ප.ව.

      ස්තුතියි ලක්මාල්, ඔන්න දැනුයි නම දැන ගත්තෙ. ‘අටම්පහුර’ ලියලා තියෙන්නෙත් ‘අටම්පහුර’ නමින් හන්දා කමෙන්ට් දානකොටත් ටිකක් අප්සෙට්, හලෝ අටම්පහුර කියලා ලියන්න.😀 ‘අටම්පහුරෙ’ ලිපි කීපයක්ම මම අද කියෙව්වා. අලුත් බ්ලොග් එකක් වුනත් හුඟක් රසවත් මං කැමති වර්ගයෙ ලිපියි, ලිවීමේ ශෛලියයි. දැන් ‘හලෝ ලක්මාල්’ කියලා කමෙන්ට් කලෑකි නේ?

       
  26. අසරණයා

    මැයි 4, 2012 at 1:42 පෙ.ව.

    පරක්කු වෙලා හරි මට මේක කියවන්න පුළුවන් වුනා.

    මමත් සුභ උපන්දිනයක් කියල ප්‍රර්ථනා කරනවා ….

     

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

 
%d bloggers like this: