RSS

64. මයිකල්ගේ දෛවෝපගත මුකුණුවැන්න මැල්ලුම.

11 May
64. මයිකල්ගේ දෛවෝපගත මුකුණුවැන්න මැල්ලුම.

උගන්නන රස්සාවෙ ලංකාවෙදි සහ මෙහෙදි පුදුම වෙනසක් තියෙනවා, සමානකමුත් නැත්තෙ නෑ. ලොකුම වෙනස තමයි ලංකාවෙදි අපි විශ්‍රාම වැ‍ටුප් සහිත ස්ථිර රජයේ සේවකයො හන්දා අපිට තියෙන බලතල වැඩියි. මෙහෙදි, රජයේ ඉස්කෝලවල ඉගැන්නුවත් අපි අවුරුද්දකට සැරයක් ගිවිසුම අලුත් කලයුතු විදේශීය සේවා දායකයො. ඉතින් බලතල ගැන කතාකරලා වැඩක් නෑනෙ. ඒකට ලංකාව!!🙂 හම්බවෙන පඩියෙන් ජීවත් වෙන්න බැරි වුනත්, ජීවිතෙන් බාගයක් පාරට වැය කලත්, අපිට (සෑ)හෙන බලතල තිබ්බා. නිවාඩු ඕනෙ තරම්! අධ්‍යාපන අධ්‍යක්ෂකලත් එක්ක කොකු දාගන්න එක ‘ජීවනාංගයක්’. (ඔන්න මම මේ දැන් නිර්මාණය කරපු වචනයක්. “It’s a way of life” වලට සමාන කියලයි අදහස් කලේ!🙂 අම්මෝ, තිබ්බ නිදහසක්!🙂

ඔන්න දැන් කශ්ටිය ඇවිස්සුනානම්, බලතල කිව්වෙ මෙහෙට සාපේක්ෂව. වගකිවයුතු තීරණ ගන්න අපිවත් සහභාගී කරගත්තා. අපේ අදහස් විමසුවා. විදුහල්පති වුනත් තමන්ට ඕනෙ හැටියට වැඩකරන ඒකාධිපතියෙක් වගේ හැසිරුනේ නෑ. අපි එහෙම හැසිරෙන්න ඉඩ දුන්නෙත් නෑ.! නිවාඩු ඕනෙ තරම් තිබ්බා. ඒ කියන්නෙ හතලිස් එකක්ද කොහෙද තිබ්බා. අනියම් නිවාඩුත් එක්ක. මතක් වෙනකොටත් දුකයි.😦 අධ්‍යාපන අධ්‍යක්ෂකලත් එක්ක, විදුහල්පතිලත් එක්ක, ගුරු උපදේශකලත් එක්ක, කොකු දාගත්තෙ අසාධාරණයට එරෙහිව. නමුත් මතක තබාගතයුතු දෙයක් තමයි අසාධාරණයත්, අනිත් කොයි දේත්, වගෙ සාපේක්ෂ බව. ‍රැස්වීම්වලදි නැගිටල තර්ක කලා. සමහර අධ්‍යාපන අධ්‍යක්ෂකලට අපි මාර ඇණයක් වෙලා තිබ්බෙ. අනේ එහෙම නිදහසක්! දුකේ බැරුවා.😦

කිවයුතු තව දෙයක් තමයි ලංකාව් හිටියත්, පිටරටක හිටියත් වැඩකරන එකා වැඩ කරනවා. හොරා කොහෙ හිටියත් හොරා!

මම අන්තිමට ලංකාවෙ වැඩකලේ “කොට අදින ඉස්කෝලෙ”. මේ ඉස්කෝලෙට ඔය නම වැ‍ටුනෙ, පිහිටියෙ කොට වලට සම්බන්ද තැනක හන්දා විතරක් නෙවෙයි. කශ්ටිය අහලා ඇතිනෙ පෙරහැරේ යන අලියි, කොට අදින අලියි ගැන. කොළඹ කිව්වම කශ්ටියට එකපාර ඔලුවට එන්නෙ පොෂ් තැනක්නෙ නේද? කොළඹ හැම තැනම පොෂ් නැතිබව ඔලුවට එන්නෙ පස්සෙ. ඉතින් ඔය කොළඹ නගරෙම කුමාර විදුහල් වගේම කොහොමවත් පොෂ් නැති, දුප්පත්, කාටවත් යන්න ඕනෙ නැති ඉස්කෝලත් තියෙනවා. (ඔය පොෂ් කියන වචනෙ අපි කවුරුත් පාවිච්චි කලාට ඕකෙත් නැවකට සම්බන්ධ ඉතිහාසයක් තියෙනවා. ඒක කියන්නම්කො වෙන වෙලාවක ඉංග්‍රීසි පාඩමකට) මම කුමාර ඉස්කෝලෙකට නොගිහින් කොට අදින ඉස්කෝලෙකට වැ‍ටුනෙ කොහොමද කියන එකත් දැන්නම් හරි රසවත් කතාවක් එදා තිත්ත කතාවක් වුනාට. කලකදි රස කලකදි වස වෙනවා වගේම කලකදි වස කලකදි රස වෙන එකත් පුදුමාකාර දෙයක්!

ඉතින් කොට අදින ඉස්කෝලෙ වැඩකරන අපි කාලේ සිංහලෙන් කිව්වොත් thankless job එකක්. අපි ඉගැන්නුවෙ තරමක් දක්ෂ ටික දෙනෙකුටයි, සැලකියයුතු දක්ෂතාවයක් නොපෙන්වන, ඉගෙනගන්න කිසිම ඕනෙ කමක් නැති වැඩි දෙනෙකුටයි,අවම පහසුකම් මැද්දෙ. අර කසුන් උගෙ ප්‍රොෆයිල් එකේ විස්තරේට එල්ලාගෙන ඉන්න “මෙලෝ රහක් නැති, ඔහේ වැනි වැනි ඉන්න, කාටවත් වැඩක් නැති, නිකන්ම නිකන් ඩයල් එකක්” කියන කසුනගෙ කෙරුවාවට කොහෙත්ම නොගැලපෙන විස්තරේ මේ ඩයල් වලට නම් නියමෙට ගැලපුනා. ඉතින් අපේ ප්‍රතිඵලත් ඊට සාපේක්ෂයි. අපි පණ යනකම් උගන්නලා දක්ෂයො ටික පොලිශ් කරලා, අදක්ෂයො සෑහෙන තැනකට ගේනකොට අපේ හොඳ පණ ගිහින්. අනික වැඩ ටිකක් හරි පුලුවන් එකා හැකි ඉක්මනින් අර පොෂ් ඉස්කෝලෙකට මාරු වෙනවා. අනේ ඒකෙ වරදක් කියනවා නෙවෙයි. ඉතින් ප්‍රාතිහාර්ය පාන්න අපිට ඉතුරුවෙන්නෙ පෙරිලා ආපු රොඩ්ඩ.

එතකොට කුමාර විදුහල්වල වැඩ කරන අපේ සහෝදර සහෝදරියන්ට ඇත්තෙන්ම ලැබෙන්නෙ පෙරිලා ආපු ක්‍රීම් එක, සීයට සීයක්ම නොවුනත්. වැඩේ අපිට වැඩිය හුඟක් ලේසියි. ප්‍රතිඵලත් එලෙසමයි. ප්‍රාතිහාර්ය පාන්නත් ලේසියි. අපි තරම් මහන්සි වෙන්න ඕනෙත් නෑ.

අර කතාවක් තියෙනවනෙ තනි මිනිහෙකුට පුලුවන් අශ්වයාව ජලාශයට ගෙනියන්න, නමුත් මිනිස්සු දාහක් එකතු වුනත් බෑ මේකාට වතුර පොවන්න, ඌට වතුර බොන්න අවශ්‍යතාවයක් නැතිනම් කියලා..

ඉතින් කරුමෙ කියන්නෙ අර අධ්‍යාපන බලධාරීන් කියන කශ්ටිය අපෙනුත් බලාපොරොත්තු වෙන්නෙ අර කුමාර විද්‍යාලෙ ගුරුවරු පෙන්නන ප්‍රතිඵලමයි. අපිට දෙසනවා උදාහරණ එක්ක, “අර ඉස්කෝලෙ මෙච්චර Aස් තියෙනවා ඇයි ඇයි මේ ඉස්කෝලෙ ප්‍රතිඵල මෙච්චර සවුත්තු?” වගෙ අමන තර්ක. ඕවට තමා අපි ගැටෙන්නෙ. මුන්ට නොතේරෙන දේ තමයි අපි අර තරම්වත් ප්‍රතිඵලයක් ගත්ත එක ප්‍රාතිහාර්යයක් බව අපිට ලැබිලා තියෙන අමු ද්‍රව්‍යයි, සම්පතුයි එක්ක.

ඉතින් අපි කවදත් මගුල් ගෙදර ගිය දුප්පත් නෑයො වගෙ තමයි. ලැබෙන සැලකිල්ලත් එපා වාහෙට හොදි බෙදනවා වගෙ තමයි. ඉතින් ඔන්න ඔහොමයි ඒ අය පෙරහැරේ යන අලියි අපි කොට අදින අලියි වුනේ. විශේෂයෙන්ම අපි අමාරුවෙන් මොළේ පාදලා, යම් මට්ටමකට ගෙනාපු ළමයිනුත් දැන් අර ඉස්කෝලවලට ගිහින්.

ඉතින් ඔන්න ඔහොමයි අපේ ඉස්කෝලෙ කොට අදින ඉස්කෝලෙ උනේ.

හරි, දැන් පසුබිම ගානට පාට වෙලා තියෙන නිසා චරිත දාමු. අපේ කාල සටහන් පිරිලා තිබ්බට ඔය ඉස්කෝලෙත් හිටියා අමුතුම වාසනාවන්තයො කීපදෙනෙක්. එක්කෙනෙක් මිස්ට මෙත්තානන්ද. විශ්‍රාම යන්න ඔන්න මෙන්න. එන්නෙත් ඉන්ටවල් එක කිට්‍ටුව. හැම තිස්සෙම ස්ටාෆ් රූම් එකේ ඉඳගෙන මොකක් හරි රස කතාවක්. යන්නෙත් තමන්ට ඕනෙ වෙලාවට. ඉස්කෝලෙ එන්නෙත් තමන්ට හිතුනාම.

මේකෙ රහස මේකයි. මිස්ට මෙත්තානන්දගෙ වැඩ තහනම් වෙලා මොකක්දෝ හේතුවක් නිසා. පස්සෙ විනය පරීක්ෂණයෙදි මෙත්තා නිවැරදිකාරයා වෙලා. මෙත්තා කලේ වහාම දෙපාර්තමේන්තුවට විරුද්ධව නඩුවක් ගොනු කිරීම. ඒකත් ඇදි ඇදි ගිහින් අන්තිමේදි මෙත්තා දිනලා විතරක් නෙවෙයි, මෙත්තාට දෙපාර්තමේන්තුවෙන් ලක්ෂ ගානක වන්දියකුයි, නඩු ගාස්තුයි, ඊට අමතරව, වහාම සේවයේ පිහිටුවලා හිඟ වැ‍ටුප් ගෙවන්නත් නියෝගයකුත් ලැබිලා. ඉතින් පෙන්ෂන් ගන්න ඔන්න මෙන්න වයසේ හිටපු මෙත්තාට කාල සටහනකුත් නෑ. අතිරික්ත ගුරුවරයෙක් නිසාත්, මෙත්තාගෙ ගති ස්වභාවය අනුවත්, ඒ ඔක්කොටම වඩා උසාවි නියෝගයකින් ඇවිල්ලා ඉන්න බුවෙක් නිසාත් විදුහල් පරිපාලනයෙනුත් මෙත්තාට බලපෑම් කරන්න ගියේ නෑ.

ඒ එක වාසනාවන්තයෙක්.

අනිත් වාසනාවන්තයා මයිකල්. මයිකල් ඉස්කෝලෙ එන්නෙ පඩි දවසට විතරයි. අනිත් දවස් ඔක්කොම ගුරු වෘත්තීය සමිතියක ඉහල නිලයක් දරන මයිකල්ව අමාත්‍යාංශයෙන්ම පූර්ණ කාලීනව නිදහස් කරලා තියෙන්නෙ වෘත්තීය සමිති වැඩ වලට. අපි නම් කලින්ම විවාහ වෙලා දරු සුරතල් බලමින් හිටියත්, මයික් නම් තරුණ විය පසු කරමින් සිටියත් විවාහ වෙලා හිටියෙ නෑ.

වෘත්තීය සමිතියෙ දේශපාලන අදහස් පැත්තකින් තිබ්බොත්, මයිකල් මට අමතක නොවන චරිතයක්. එකක් මයිකල් Clean Freak කෙනෙක්. වෙන වචනයක් නෑ ඒකට. මයිකල් අඳින ඇඳුම සුදු හෝ ලා පාටයි, අති පිරිසිදුයි, මයිකල් ෂැම්පූ දාන්නෙ කොන්ඩෙට විතරක් නෙවෙයි කන්නාඩි කුට්ටම හෝදන්නෙත් එක්තරා විශේෂ වර්ගයක ෂැම්පූ වලින් විතරලු. ඔරලෝසු පටිය විශේෂ වර්ගයක බේබි සබන් දාලා මදින්න වෙනම බුරුසුවක් තියෙනවාලු. සපත්තු වලින් අර මොනවද පේන්නෙ නැත්තෙ දිග කලිසම ඇඳලා ඉන්න නිසයි.

අපේ ස්ටාෆ් එකේ කශ්ටියම, උප විදුහල්පති මාලිනී අක්කා ඇතුලුව, ගමයා, ගිම්හානී, වින්ධ්‍යා, ඇලයා, මං ඇතුලු ගැන්සියක් අපේ බත් මුල් ඔක්කොම එකට දිග ඇරගෙන අඩංගු ද්‍රව්‍ය හුවමාරු කරගෙන හවුලේ කන සිරිතක් තිබ්බා. මම අදත් ඒ දේවල් සිහි කරන්නෙ හරිම ආසාවෙන්.

එක්තරා පඩි දවසක විවේක කාලයෙදි අපි කට්ටියම බත් පාර්සල් දිග ඇරගෙන බෙදාගෙන හවුලේ දෂ්ට කරමින් ඉන්න කොට මයිකල් ආවා.

“අනේ මයික් මගෙ දෙයියෝ, මොකද ඔතන ඇයි හිටගෙන එන්න එන්න වාඩිවෙන්න!” මාලනී අක්කා කෑ ගැහුවා.

“මයිකල් තුමා, හත් අට පොලකින් ඉඳගෙන කමු ඔන්න ඔහෙ බත් ටිකක්”, ගමයා ආරාධනා කලා.

ඊට පස්සෙ මයිකල් බත් කන්න බැරි ඇයි කියන එකට සුදුසු සුපුරුදු පිළිතුරක් දුන්නා, නමුත් වාඩි වුනා. ඊලඟට ගමයා ඇහුවා අමුතුම ප්‍රශ්ණයක්.

“මයික්, මොකෝ මේ කසාද බඳින්නැත්තෙ?”

“මට සුදුසු කෙනෙක් හමු වුනේ නෑනෙ, ඒකයි!”

“ඒ කියන්නෙ කවදාවත් affair එකක් තිබිලා නෑ?” මාලිනී අක්කා තව බත් කටක් කටේ ඔබා ගන්න මොහොතකට කලින් ඇහුවා.

“ම්ම්ම්,” මයික් පොඩ්ඩක් උඩ බලාගෙන කල්පනා කෙරුවා. “නැහැමයි කියන්නත් බැහැ. වතාවක් මම මගේ ගෝලයෙක් එක්ක පොඩි සම්බන්ධයක් තිබ්බා. ඒ ළමයත් මට කැමතියි කිව්වා. මම ඒ ලමයගෙ ගෙදරත් යන්න එන්න ගත්තා ටියුෂන් දෙන්න. මගෙ බයික් එකත් තිබ්බනෙ ඒ කාලෙ. එයාගෙ දෙමව්පියන්ටත් හඟවලා තිබ්බේ අපේ සම්බන්ධෙ ගැන. මම මේක ඔ‍ෆිෂලි කියන්නත් හිතාගෙන හිටියෙ. ඒ මිනිස්සුත් යමක් කමක් තියෙන හොඳ වැදගත් මිනිස්සු.. ඒ අයගෙත් අකැමැත්තක් තිබ්බෙ නෑ….”

“ඉතින්, මොකද ඒකට උනේ?” තවත් ඉවසාගෙන ඉන්න බැරි ගිම්හානි පැන්නා.

“කන්න ඇති දාර බූට් එකක්!” හෙන්රිබ්ලොග්වෝකර්ගෙ පඬි අදහසක්.

“ඉන්නකෝ කියනකල්. දවසක් ටියුෂන් දීලා ඉවර වුනාම මටත් කෑමට කතා කලා ඒ ගෙදර කට්ටිය. කෑම කාලා ඉවරවෙලා මේ ගෑණු ලමයා ඉස්තෝප්පුවට ආවා වෙනදා වගේම තනියෙම පොඩ්ඩක් කතා කර කර ඉන්න…”

දැන් අපේ කුතුහලය අධිකයි. මගේ හිතේ නොයෙකුත් චිත්ත රූප මැවි මැවී යන්න ගත්තා.

“එදා මේ ගෑණු ලමයගෙ ඉස්සරහ දතක අර දවල්ට කාපු මැල්ලුම් කෑල්ලක් ඇලිලා තිබ්බා. මේ කෙල්ල මේ මැල්ලුම් කෑල්ලත් දතේ අලවගෙන මාත් එක්ක හිනාවෙවී හුරතලේට කතා කරනකොට මට ඇතිවුනා කියන්න බැරි තරම් පිළිකුලක්. ඒක වැරදි අදහසක් තමයි. නමුත් ඒකෙන් මට ඒ ළමයව එපා වුනා.”

“යකෝ මේකා මාර පොරක්නෙ.” මට නිකම්ම කෑ ගැස්සුනා. ගෑණු පිරිමි බේදයකින් තොරව අපේ කටවල් වලට ගලාගෙන ආපු අසභ්‍ය වදන් වැල සභ්‍යත්වයේ ඇන්ටි වයිරස් වැඩසටහනෙන් වහාම ස්පෑම් කලා .

හැමෝම කං අදහාගන්න බැරුව මයිකල් දිහා පුදුමෙන් බලා හිටියා. කෑම කමින් හිටි අපි ඔක්කොම ගල් ගැහිලා මයික් දිහා බලන් හිටියෙ අමුතු සතෙක් දැක්කා වගෙ. අපි මේකා ටිකක් weird geek නැතිනම් nerd කෙනෙක් බව දැන හිටියත් මූට මෙච්චර පිස්සු බව දැන ගත්තෙ එතකොටයි. හැමෝගෙම කෑම නතර වෙලා. කටවල් නතරවෙලා. අතැඟිලි බත් මුල් මැද අතරමං වෙලා.

“යකෝ හොඳ වෙලාවට ඒක ඔයින්ම නතර වුනේ. මේකා ඒ කෙල්ලව බැන්දානම් හෙම ඒකි නිකං අතරමං වෙනවා!” මාලිනී අක්කා කිව්වෙ වෙනදා වගෙ විහිලුවට නෙවෙයි.

“වෙන්න පුලුවන්. මම ඊට පස්සෙ කවදාවත් එහෙ ගියෙ නෑ. ඒක එහෙමම අතහැරිලා ගියා. ඊට පස්සෙ මට ඒවගෙ කෙල්ලෙක් කවදාවත් හමු වුනේ නෑ.” මයිකල් කිව්වා.

මම නොදැනුවත්වම මගෙ දිව දත් මතින් මැල්ලුම් කෑලි සොයමින් ගමනාරම්භ කලා.

මේ සිද්ධිය මගෙ ජීවිතයට මොන තරම් බලපෑමක් ඇති කලාද කිව්වොත් අද පවා මැල්ලුම් සම්බෝල වගෙ දෙයක් කෑවොත් සමාජයට මුහුන දෙන්න කලින් දත් පරීක්ෂා කරලා බලන පුරුද්දක් මට අදත් තියෙනවා.

(මෙය සතය කතාවකි. මයිකල් සහ මෙත්තානන්ද ආරූඪ නාමයන් වේ)

 

ටැග: , , , , , ,

43 responses to “64. මයිකල්ගේ දෛවෝපගත මුකුණුවැන්න මැල්ලුම.

  1. henryblogwalker

    මැයි 11, 2012 at 12:07 ප.ව.

    Ok now it’s working.

     
  2. Observer

    මැයි 11, 2012 at 12:43 ප.ව.

    කෙලිය නේද තාප්පෙටම, දැන් ඉතින් නාකි මටත් අද ඉඳල ඔය නරක පුරුද්ද ඇති වෙනවා ෂුවර් ?

    මේකත් හැබැයි ඉංග්‍රීසි පාඩම්, ටයි ගැට ගැසීමේ ලෙසන් එක වගේම ‘ජීවන පාඩමක්’ කියලයි මං හිතන්නෙ

     
  3. හංසකිංකිණි

    මැයි 11, 2012 at 12:49 ප.ව.

    හික් හික්!!! මගෙ යාලුවෙක් කිව්ව එයා දන්න එක්කෙනෙක් ඉන්නවලු කසාද බඳින්ඩ හොයන්නෙම කකුල්වල විලුඹ පිරිසිදු ගෑණු කෙනෙක් ලු…..

     
    • රූ

      මැයි 11, 2012 at 1:53 ප.ව.

      ඉස්සර නැන්දම්මලා ලේලිලා තෝරන්නෙත් ඔහොමලු..!!

       
    • kavikaari

      මැයි 11, 2012 at 2:01 ප.ව.

      ඒ කියන්නෙ කසාද බඳින්ඩ හොයන්නෙ රක්තවාතෙ නැති කෙනෙක්ව. රක්තවාතෙට යටි පතුල් පැලෙනවලු. මම නං හිතන්නෙ හොඳට පොඟවල ස්ක්‍රබ් කලාම ඔය පතුල් පැලීම වෙන්නෙ නැහැ. පැලුන පතුල් තියෙන අය කකුල් හොඳට හෝදන්නෙත් නැහැ. දාර දාර කුණු. බලන්න කැතයි තමා.

      ඉතිං පෙනෙන විලුඹ මෙහෙමනං අනික් හරිය ගැන කියනු කවර කතාද කියල හිතෙනව ඇති.

       
      • හංසකිංකිණි

        මැයි 11, 2012 at 2:26 ප.ව.

        @ කවිකාරි:
        //ඉතිං පෙනෙන විලුඹ මෙහෙමනං අනික් හරිය ගැන කියනු කවර කතාද කියල හිතෙනව ඇති.//
        ඔයා කියපු හේතුව හරි වෙන්ඩ ඕනෙ අක්කෙ…
        ඒක එක අතකට පිරිසිදුකමේ සංකේතයක් නේන්නං!!
        ඕකෙ ලස්සනම වැඩේ දන්නවද… දැන් මටත් මගෙ විතරක් නෙවෙයි අනිත් අයගෙත් විලුඹවල් දිහා බැලෙනව ඔය කතාව ඇහුව දවසෙ ඉඳල😀
        @රූ: හැබෑද?? මං නං ඇහුවමයි

         
  4. සිතුවම්

    මැයි 11, 2012 at 1:24 ප.ව.

    ඒක පිස්සුවක උපරිම අවස්ථාවක් මම හිතන්නෙනම්.

     
    • henryblogwalker

      මැයි 13, 2012 at 8:05 පෙ.ව.

      @Observer: ඇත්තෙන්ම ඔබා අයියා, මේක ඇහුවට පස්සෙ අර අන්තිමට මම කියලා තියෙනවා වගෙ මටත් පුරුද්දක් ඇති වුනා දත් පරීක්ෂා කරලා බලන්න. මේක මට විතරක් නෙමෙයි මේ කතාව අහපු ගෙදර අනිත් අයත් එහෙමයි.

      @හංසකිංකිණි:🙂 මේවට මොකුත් කියලත් බෑ නොකියත් බෑ.

      @රූ: අලුත් නිර්නායකයක් සහ ක්‍රමවේදයක්!!

      @kavikaari: ඔයා ඔය කතාව කිව්වට ප්‍රශ්ණයක් නෑ කාන්තාවක් හැටියට. අපි කිව්වොත් හෙන වලියක් පටන්ගනී මෙතන. ඔන්න කාන්තාවො කශ්ටියම එකතු වෙලා මට දුන්න අලුත් obsession එකක්.

      @සිතුවම්: අර උඩ කමෙන්ට් එකට මම දාලා තියෙන වචනෙ තමයි හරි ඕකට, OBSESSION!

       
  5. පූසා

    මැයි 11, 2012 at 1:41 ප.ව.

    අයියත් මාරයි නොවැ!😀

    ආ… තව පොඩි දෙයක් “ජීවනාංගයක්” කියන වචනේ භාවිතයේ තියෙන වචනයක්!

     
  6. chami4u

    මැයි 11, 2012 at 1:52 ප.ව.

    මැල්ලුමක් කල හදියක් කියන්නේ ඕවට තමයි…… හොද වෙලාවට මයිකල් කෙල්ලව බැන්දේ නැත්තේ බැන්දානම් කෙල්ල අනාතයි

     
  7. රූ

    මැයි 11, 2012 at 1:54 ප.ව.

    මයිකල් ගැන කොහොම වුනත් වැදගත් පාඩමක්..

     
    • රැඩියා

      මැයි 12, 2012 at 11:52 පෙ.ව.

      මාත් පුරුදු කරගන්න ඕනේ…

       
      • henryblogwalker

        මැයි 13, 2012 at 8:22 පෙ.ව.

        @පූස්: මම මොකක්ද බං කලේ? මම අසන්නෙක් විතරයි. අනික් උන් වගේම මමත් පිස්සු පීකුදු වුනා ඒක අහලා.🙂

        @Senna: ඇත්තද? මම නම් අවංකවම හිතුවෙ ජීවනාංකය මිසක් ජීවනාංගය කියලා වචනයක් නැතුව ඇති කියලා. මට ඔහොමම කෙලියක් වුනා මගෙ ඉංග්ලිෂ් බ්ලොග් (HeyDude) එකට ‘simulblogging’ කියලා අලුත් වචනයක් නිර්මානය කරලා. ඒක ශබ්දකෝෂවල නැතිවුනත් Google මහප්පගෙන් චෙක් කරලා බැලුවාම කවුද එකෙක් ඒ වචනෙ පාවිච්චි කරල තියෙනබව දැනගත්තා. ඉතින් අල්ලලා දැම්මා. මේකත් එහෙමයි. දැක්කොත් මේ වචනෙ පාවිච්චි කරලා තියෙනවා මට පොඩ්ඩක් ලින්ක් එකක් දානවද?

        @chami4u: ඒ මාතෘකාවත් මේකට හොඳයි චමියා. මැල්ලුමක් කල හදියක්!

        @රූ: ඔව්, අපිට නම් පාඩමක් වුනා ඒක. ඊට පස්සෙ මම නහය සහ කං වලටපවා boogers and ear wax screening එකක් කරනවා.

        @‍රැඩියා: ඒකෙ වරදක් කියන්න බෑ. අපිට වුනෙත් ඕකමයි. Thanks.

         
  8. praveena

    මැයි 11, 2012 at 2:00 ප.ව.

    ඊඊඊෂ් එහෙම දැක්කාම අප්පිරියයි තමා. තව බලන්ට ජාති කොච්චර තියනවද? පිරිමින්ගේ නියපොතු, මේස්, දත් මැදලද, කොන්ඩේ පීරලාද කියලා එහෙම හී හී….🙂

     
    • henryblogwalker

      මැයි 13, 2012 at 8:45 පෙ.ව.

      @praveena:🙂
      ඔන්න අහගන්න. හැම පිරිමියාම එහෙම නෑ.
      උදාහරණයක් හැටියට මයිකල්.
      එච්චරම obsession එකක් නැතිවට මේ මං.

      මගේ තත්ත්ව පරීක්ෂණ වාර්තාව
      නියපොතු: කොටට කපා ඇත.
      මේස්: ලාච්චුවකින් එකක් ඇත. කිසිවිටෙක එකම මේස් කුට්ටම නොසෝදා දෙවරක් ඇඳ නැත. එකම දිනයේදී නැවත වතාවක් වැඩට යාමට සිදුවුවහොත් අලුත් මේස් කුට්ටමක් හඳිමි. සඳහන් කර නොමැති අනිත්වාද එසේමයැ.🙂
      දත්: කොටින්ම කිව්වොත් නිවාඩු දිනවල සහ සති අන්තයේ පවා අවදි වූ ගමන් දත් මදිමි. තව වෙන මොන කතාද?
      කොන්ඩේ පීරීම: කොන්ඩය පීරීමට අවශ්‍ය නොවන විලාසිතාවකට සකසා ඇත. ෂැම්පූ, ජෙල් පාවිච්චි කරන අතර පිරිසිදු තත්වයේ පවතී.
      බෝනස්: කුඩා කාලයේ සිටම දිනකට අවම වශයෙන් තුන්වතාවක් ෂවර් එකක් දමා ගැනීමට ඇබ්බැහිවී සිටිමි.
      QC Passed???😀😀😀
      Certified by deepablogwalker.

       
  9. Mourya Raj

    මැයි 11, 2012 at 2:18 ප.ව.

    මට මතක් උනේ කතන්දර සූරීන්ගෙ “දවල්ට බත් එක්ක කාපු මැල්ලුමේ තිබිලා දත් අස්සේ රැඳිලා ඉතුරු වෙච්ච ගෝවා කොළ කෑල්ලක් අතුරු පසට වික විකා ඔය හිටියේ බබා වගේ!”
    ඔපීසියෙදි බත් කෑවට පස්සෙ බයික්කෙ ලගට ගිහිල්ල දත් පරීක්ෂාවක් කරන එක මාත් අනිවා කරන දෙයක්.
    -රාජ්
    වර්ඩ්ප්‍රෙස්වල කොමෙන්ටු පෙට්ටිය ඇයි මේහැටි අවුල්?

     
    • sAm sRi

      මැයි 12, 2012 at 11:48 පෙ.ව.

      මාත් මනාපයක් නැහැ වර්ඩ්ප්‍රෙස්වලට.. හෙන්රි මහතා තරහ වෙයිද මන්දා.. අහවල් එකකට මේකෙ ලියන්න ගත්තද මන්දා..

       
  10. Senna

    මැයි 11, 2012 at 4:19 ප.ව.

    ඉතින් ඕගොල්ලො මයිකල්ව මානසික වෛද්‍යවරයෙකුට පෙන්නුවෙ නැද්ද ?

    මමත් කලින් වැඩ කරපු තැන ඔය ජාතියෙ අධික පිරිසිදු ලෙඩේ තියෙන රෝගියෙක් හිටියා.. මිනිහා අත හෝදන්ඩ කලින් සබන් කෑල්ල හෝදනවා සබන් ගාලා🙂.. වැඩේ ඉවර වෙන්නෙ ඔරලෝසුවත් අඩුම ගානේ හතර පාරක්වත් සබන් දාලා හේදුවට පස්සෙ තමා.. මිනිහා ඒකට හරියන වෝටර් රෙසිස්ට් ඔරලෝසුවක් තමා පාවිච්චි කළේ..

     
    • වින්චැට් කිරිල්ලී.

      මැයි 12, 2012 at 2:21 පෙ.ව.

      අපේ නැන්ද කෙනෙක් ඉන්නව හයියෝ….එයා රෙදි හම යනකම් අතින් අතුල්ලලා හෝදනවා..පිඟන් කෝප්ප වලන් අතුල්ලනව ඒව ගෙවෙනකම්..මාලු හේදුවට පස්සෙ කන්න දෙයක් නෑ..එලවලු හෝදන්නෙ රෙදි හෝදනව වගේ…ඔක්කොටම වඩා ලස්සන වැඩේ එයා නාන්න යන්නෙ දවල්ට හවස් වෙනකම්ම නානව..තව එයා ගැන කියන්න දේවල් ගොඩාක් තියනව මට මේ දැනුත් හිනා……..

       
  11. Kasun Chanaka

    මැයි 11, 2012 at 5:02 ප.ව.

    අම්මියෝ මට ෂොට් එක දීල නේද….:D

    අපේ මද්දු අම්මගේ පුතත් ඔය මයිකල් වගේ එකෙක්. කතා ගොඩක් තියනවා උගේ ගැන නම්. ඉඩක් ලැබුනොත් ඒ ගැනත් ලියන්න ඕන.

    “මම නොදැනුවත්වම මගෙ දිව දත් මතින් මැල්ලුම් කෑලි සොයමින් ගමනාරම්භ කලා.”

    මෙන්න මේක තමයි සිරාම කෑල්ල. එහා පැත්තේ එකා බලනවා මම ඇයි තනියම හිනා වෙන්නේ කියලා.

     
    • henryblogwalker

      මැයි 13, 2012 at 9:03 පෙ.ව.

      @Mourya Raj: සාදරයෙන් පිළිගනිමි මගේ මේ දුප්පත් බ්ලොග් එකට. මාත් කන්නාඩි කෑල්ලක් දැක්කොත් ඔය වැඩේ කරනවා. මායි පුතයි ඉස්සරහ දොරලඟ පොඩී කන්ණාඩි කෑල්ලක් අලවලා තියෙනවා ෆයිනල් චෙකප් එකට.🙂

      WordPress එකේ ඊයෙ පොඩි අවුලක් තිබ්බා. දැන් හැදුවා. පුරවන්න තියෙන fields නම් වැඩි තමයි නේ. නමුත් වර්ඩ්ප්‍රෙස්, බ්ලොගර් දෙකේම ඒවට ආවේනික වාසි සහ අවාසි තියෙනවා. රාජ් බලන්න මම සෑමාට දාපු පිළිතුර මීට කලින් පෝස්ට් එකේ.

      @sAm sRi: ඔන්න මම සෑම්ට දීපු උත්තරේ මීට කලින් මගෙ පෝස්ට් එකේ සෑමාගෙම බ්ලොග් එකෙයි දෙකේම දාලා ඇති.
      වර්ඩ්ප්‍රෙස් 18wheeler rig එකක් නම් බ්ලොගර් sports car එකක් වගෙ. දෙකේම ආවේනික වාසි අවාසි තියෙනවා. මම ඔය දෙකේම ලියනවනෙ.

      @Senna: මේක අපි හුඟ දෙනෙකුට අඩු වැඩි වශයෙන් තියෙන තත්ත්වයක්. මයිකල් අපි දකින්නෙත් මාසෙකට සැරයයි. සෙනා කියන ඔය ලෙඩේ,…ම්ම්ම් මානසික තත්වයට ඉංග්‍රීසියෙන් කියන්නෙ washmania නේද?

      @වින්චැට් කිරිල්ලි: හෙහ් හෙහ්, මාරයිනෙ. හැබැයි කිරිල්ලි, අද තියෙන එළවලු නම් ඔය විදියට හෝදන්නෙ නැතුව, කෘමිනාශකයි අනිත් වස විසයි යන්නෙ නෑ.

      @Kasun Chanaka: ඇයි කසුන් මම එක බොරුවක් කියලා තියෙනවද? හොඳට කියවලා බලමු. ඉඩක් ලැබුන ගමන් මද්දු අම්මගෙ පුතා ගැනත් ලියන්න.
      ස්තුතියි මගෙ වාක්‍යය රස විඳලා අගය කිරීම ගැන. දිව ඇත්තටම එහෙම කලා.

       
  12. ඉඳුනිල්

    මැයි 11, 2012 at 5:04 ප.ව.

    නම මතක නෑ ඔය ලෙඩේට මොකක්දෝ යස නමක් තියෙනවා !!! .

     
  13. Weniwel

    මැයි 11, 2012 at 5:46 ප.ව.

    අත ඇරෙන දීගෙ හෙවනැල්ලත් ඇදයිලු කියන්නෙ ඔයි වගේ එව්වට වෙන්න ඇති…

     
  14. hiruni

    මැයි 11, 2012 at 7:40 ප.ව.

    මයිකල්ට නම් ඇත්තටම පිස්සුද කොහෙද…. අර් ගෑනු ලමයා නම් හරිම වාසනාවන්තයි…නැත්නම් ඉතින් පිස්සු හැදෙයි මයිකල් එක්ක…

     
  15. විසිතුරු | visituru

    මැයි 11, 2012 at 7:57 ප.ව.

    කිව්වත් වගේ මයිකල් උන්නැහේ ඒ කෙල්ල කසාද බැන්දෙ නැති එක ලොකු දෙයක්!

    අර මැල්ලුම් වගේ දත් වල ඇලෙන් දේ ගැන මමත් පරීක්ශාකාරී වෙන්න ඕනා!😉

     
    • henryblogwalker

      මැයි 13, 2012 at 9:10 පෙ.ව.

      @ඉඳුනිල්: යස නමක්!!?? මේක obsession එකක්නෙ. නැත්නම් මොකක් හරි mania කියලා ඉවරවෙන වචනයක් වෙන්නැති.

      @Weniwel: මම හිතන්නෙ මේක එහෙම අකමැත්තකින් ඉඳලා වෙච්ච දෙයක් නෙවෙයි. ක්ෂණික සිතුවිල්ලක්.

      @hiruni: මාත් හිතනවා. ඔයා මයිකල්ගෙ නියම නමත් දන්න එක්කෙනානෙ. ඔව් එහෙම වෙච්ච එක හොඳයි කියලා මාත් හිතනවා.

      @විසිතුරු: පරීක්ෂා කාරී වුනාට කමක් නෑ සීමාවක් ඇහුව. නැත්නම් ලෙක්ඩක් වෙනවා.

       
  16. මඩිස්සලේ නිශාන්

    මැයි 11, 2012 at 8:02 ප.ව.

    අපි හිතන්නේ නැති සැලකිලිමත් වෙන්නේ නැති දේවල් ගැන මිනිස්සු හිතනවා කියලා දැනෙද්දී හිතට හැගීමක් එනවා අපිත් මීට වඩා අපි ගැන සැලකිලිමත් වුනා නම් හොදයි කියලා.

     
    • Senna

      මැයි 11, 2012 at 11:17 ප.ව.

      ඔච්චර සිරා ගන්ඩ එපා බොල.. ඔය මයිකල්ට තියෙන්නෙ අසනීපයක්…

      ඔය වගේ ලෙඩ අපි හැමෝටම එක එක විදිහට තියනවා.. ඒවයේ සීමාව පැන්නම තමා පිස්සු කියන්නෙ.

      “සබ්බේ පෘතග්ජනා උම්මන්තකා” කියලා බුදු හාමුදුරුවො දේශනා කළේ ඕක තමා.

       
  17. R.p. Susantha

    මැයි 11, 2012 at 8:27 ප.ව.

    පුදුමයිනේ. මෙහෙම දේවල් නම් අනන්ත අපට හමුවෙනවා. ඉන්න තරමක් මානසික රෝගීන් ඉන්නෙ මේ සමාජයේමයි. නමුත් වහන්වෙලා යනවා. හරි දැක්මක් නැති වැඩපිළිවෙලක් නැතිකම. මම නිතරම කියන කවුන්සෙලින් වල අඩුව තමයි මේ. මහ වෙදනා

     
  18. Gold fish

    මැයි 11, 2012 at 9:50 ප.ව.

    සැබෑ වාසනාවන්තයෙක්…! එකෙක් යන්තං බේරිලා…

     
    • henryblogwalker

      මැයි 13, 2012 at 9:18 පෙ.ව.

      @මඩිස්සලේ නිශාන්: මටත් වුනේ ඕකමයි නිශාන්. නමුත් සීමාවන් ඇතුව, ඈ!

      @Senna ඒක ඇත්ත සෙනා. අපි කාටත් අඩු වැඩි වශයෙන් එක එක විදියෙ මානසික රෝග තියෙනවා.

      @R.P.Susantha: ඔව් වෙද මහත්තයට එහෙම අය අනිවාර්‍යයෙන් හමුවෙනවා ඇතිනෙ. මාත් දකින අඩුපාඩුවක් තමයි කවුන්සලින්ං නැතිකම.

      @Gold fish: මොනවා! උඹ ඔය ඇත්තමද කියන්නෙ? වර්ඩ්ප්‍රෙස් බ්ලොග් එකක් ලියන කෙනෙක් හැටියට වර්ඩ්ප්‍රෙස් ගැන මාලුගෙ අදහස මොකක්ද?

       
      • Gold fish

        මැයි 13, 2012 at 9:22 පෙ.ව.

        වර්ඩ් ප්‍රෙස් මටනම් හොඳයි. ඒත් අනිත් වර්ඩ් ප්‍රෙස් නොවන අයට කරදරයි කියනවා කමෙන්ට් කරන්න. මට නම් ඇත්තටම පහසුයි. මගේ බ්ලොගර් එකත් එක්ක බලද්දි ඇත්තටම හරි පහසුයි.

         
        • henryblogwalker

          මැයි 13, 2012 at 9:24 පෙ.ව.

          උඹෙත් තියෙනවද බ්ලොගර් එකක්? ඒ මොකක්ද? මම දන්නෙ නෑනෙ මේ කියනකල්.

           
          • Gold fish

            මැයි 13, 2012 at 9:33 පෙ.ව.

            ඒක මට වර්ඩ් ප්‍රෙස් වලින් කමෙන්ට් කරන්න කම්මැලි හිතුනම ඔටෝ ලොගින් සෙට් කරලා තියෙන එක. ඒකෙ එකම එක පෝස්ට් එකයි දැම්මේ… එතෙනින් මට ඒක එපාවුනා. ටිකක් සංකීර්ණයි.

            http://prasanna86k2.blogspot.com/

             
            • henryblogwalker

              මැයි 13, 2012 at 9:50 පෙ.ව.

              මාලු, තරහ නැතුව මගෙ කලින් පෝස්ට් එක “ඒ පාහර වැඩේ කලේ කවුද?” කියන එකට ගිහින් මම සෑමාට දීලා තියෙන දිග උත්තරේ බලපං ඔය ගැන. ඒකට ඔයිට වැඩිය හොඳ උත්තරයක් උඹ ලඟ තියෙනවද? තියෙනවා නම් කියාපංකො, උඹ IT දෙයියා නොවැ.😀

               
  19. වින්චැට් කිරිල්ලී.

    මැයි 12, 2012 at 2:26 පෙ.ව.

    ඕක ගැන කවුරුවත් භය වෙන්න සැකෙන් ඉන්න ඕනෙ නැහැ නිතරම 3 වේල කෑමෙන් පසු දත් මදින්න….මම කියන්නෙ මේ කාලය නාස්ති කරන් වරු ගානක් බාත් රූම් එකේ ඉන්න කියන එක නෙවේ..දත් බේත් නැතුව හරි කමක් නෑ..පුංචි දත් බුරුසුවක් තමුන්ගෙ බෑග් එකේ නිතර තියා ගන්න…මිනිත්තුවක වැඩක්නෙ..:):)

     
  20. sAm sRi

    මැයි 12, 2012 at 11:50 පෙ.ව.

    හ්ම්…

    දවසක් මාත් ඔපීසියේ කෙල්ලෙක්ගේ ඔහොම දැකල ටිකක් අප්සට් වගේ වුනා. කරන්න දෙයක් නැහැ. අපේ වුනත් නොදැනිම ඔහොම තිබ්බොත් කාට වුනත් වෙනසක් දැනෙයි.

    වටිනා ආදර්ශයක් තියෙනවා. ඒ වගේම මාත් මතක් වුන වෙලාවට ඕක පිලි පදිනවා. දිව දාල තමා කරකවල ගන්නේ.

    ජය !

     
    • වින්චැට් කිරිල්ලී.

      මැයි 13, 2012 at 1:35 පෙ.ව.

      මට මේක ප්‍රශ්නයක්…ඇයි ඔයාල එහෙම දෙයක් දැක්කාම කෙලින්ම ඒ කෙනාට කියන්නෙ නැත්තෙ ඔන්න ඔයාගෙ කටේ මැල්ලුම් කෑල්ලක්,එහෙම නැත්නම් ඔන්න මොකක්ද තියනව කියල?එහෙම කරන්න පුලුවන්නම් කොච්චර ලස්සනට ඒක විසඳෙනවද? ඒ කෙනා තවත් කෙනෙක් ඉදිරියෙ ලැජ්ජාවට පත්වෙන්නෙ නැහැ නේද?

      අපේ ලඟම හිතවතෙක් උන්න එයා ගාව හරිම සැර දහඩිය ගඳක් එනවා..කවුරුත් හොරෙන් කතාවෙනව අම්මෝ ගඳ අරයගෙ හෆ්ෆා කියල..ඒ මනුස්සය නැති තැන අපහාස කරනව..කතාවෙනව..මට මේක පේන්නම බැරි වැඩක් උනා..දවසක් මම එයාට කතා කරල කිව්ව ”ඔයාට දෙයක් කියන්නම් තරහ වෙන්න එපා මම කියන්නෙ යාලු කමට..ඔයාගෙ දහඩිය ගොඩාක් සැර සුවඳයි..අනිත් අය ඔයාගෙ මූනට කියන්නෙ නැතුව තැන් තැන් වල කතා වෙනව..ඒ නිසා ඔයා හොඳ ඩියුඩරන්ට් එකක් ගන්න..නැත් නම් වෙන මොකක් හරි සොලියුශන් එකක් හොයන්න” කියල…..ඊට පස්සෙ ටික දවසකින් ඒ ප්‍රශ්නෙ ඉවර උනා..

      ඉතින් මම කියන්නෙ කෙනෙකුගෙන් නොදැනුවත්ව වෙන වැරැද්දක් අඩුපාඩුවක් දැක්කාම..ඒක එයාට පැහැදිලි කරන්න එවෙලෙම..වැරැද්ද හදන්න හැකි පමනින්…එහෙම නැතුව අහක බලන් ඉඳල ඒ මනුස්සයව පිළිකුල් කරන්න එපා..අනිත් අය ඉදිරියෙ එයාව වැටෙන්න කොන් වෙන්න ඉඩ තියන්න එපා හිතා මතාම..ඒක පව්..

       
  21. Sumith Niriella

    මැයි 13, 2012 at 12:21 පෙ.ව.

    මයිකල් අප්සෙට්ම පොරක්නම් නෙවෙයි….ඒක ඒ මොහොතේ ක්ෂණිකව ඇති වෙච්ච, ඒත් ප්‍රබල හැගීමක් නිසා සිදුවූවක් වෙන්න පුළුවන්. පුද්ගලයගේ චර්යා රටාවත් එක්ක “මැල්ලුම් කෑල්ලෙ” අපුල තදටම දැනෙන්න ඇති

    කොහොම වුනත් ඒක ඛේදවාචකයක්…..

     
  22. henryblogwalker

    මැයි 13, 2012 at 12:31 ප.ව.

    @වින්චැට් කිරිල්ලි: ඔවු ඒක හරි. එහෙම අය ඉන්නවා. එක්කෙනෙක් බෑන්ක් මැනේජර් කෙනෙක්. බ්‍රෂ් එක බෑග් එකේ හරි ලාච්චුවෙ හරි.

    @sAm sRi: දිව බහු කාර්ය මෙවලමක් තමා.😀

    @Sumith Niriella: ඔව් සුමිත් මාත් එහෙම හිතනවා. ඒ වගේම මිනිහගෙ සාමාන්‍ය ගත් ස්වභාවයත් පොඩ්ඩක් ඒ පැත්තට බරයිනේ?

     

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

 
%d bloggers like this: