RSS

65. කළන මිතුරෙකුගේ නික්ම යාම

13 May
65. කළන මිතුරෙකුගේ නික්ම යාම

දෑස් කඳුලින් බොඳවී ඇති මොහොතක, උගුරේ යමක් සිරවී, පපුව මත බරක් පැටවූවාක් මෙන් හැ‍ඟෙන මොහොතක ලියන මේ ලිපියේ දහසක් දෝෂ තිබිය හැක. ඔබා අයියා ගැන මෙවැනි සටහනක් තබන්නට සිදුවේ යැයි සිහිනෙකුදු නොසිතුවෙමි.

ලියන්නාගේ බ්ලොග් රෝලේ ඔබා අයියාට නිවන් සුව පතමින් පළකර තිබූ බ්ලොග් වල මාතෘකා දුවු විට ඇතිවූයේ විමතියකි. මා මුලින්ම සිතුවේ මෙය කවටකමක් කියාය. මෙය මා අසල සිටි දීපාට පැවසූ විට ඇයද නොසෑහෙන සේ කලබල වූවාය. “මුංගෙ විහිලුවක් වෙන්න ඇති” යන සිතුවිල්ලත් සමග, “ඒත් යකෝ ඔහොමත් විහිලු කරනවද?” යයි අපේ උන් සමග මඳ අමනාපයක්ද සිතට දැනිනි.

ඉන් පසු කඳුලු පිරිණු දෑසින් බ්ලොග් සියල්ල කියවා බැලූ අපට පාසැල ඇරී ගෙදර යාමටද අමතක වී තිබින.

අන්තිම පේලියේ ඔබා පළකර තිබූ කවි පන්තියකට ප්‍රතිචාරයක් ලියා ඇතිවූ මිත්‍රකම ඊ මේල් හුවමාරු කරගැනීමටත්, පසුව ඔබා අයියාගේ ලිපි වලට ගැලපෙන චිත්‍ර ඇඳ දීමත් දක්වා වර්ධනය විය. පසුගිය සැප්තැම්බරයේ මගේ ලැප්ටොප් පරිඝනකයේ මතුවූ BSOD දෝශයත් සමඟ අක්‍රීය වීම නිසා ඔබා කවර වර්ගයේ මිනිසෙකුදැයි අප හැඳින ගැනීමට මහඟු අවස්ථාවක් උදා විය.

මේ මගේ බ්ලොග් අඩවියේ ලිපි සහ ඔහුට ඇඳ දීමට මා පොරොන්දු වූ චිත්‍ර කිහිපයක් ගැන ඔහු විමසූ පසු ඔබා අයියාත් මාත් අතර වූ ඊ මේල් කිහිපයක සංක්ශිප්ත උපුටා ගැනීම් කිහිපයකි.

“Computer can’t be repaired in a hurry because i think the dust has done the damage and is overheating.the problem is this is still covered by the warranty and I can’t get back to Sri Lanka before end of Nov. There is a screw I won’t dare to remove at the bottom under the warranty sticker, so can’t vacuum inside. So not only blogging. My son’s studies, (he used to refer to PDF past papers while downloading games), our games, communication with daughter, reading newspapers, music, picture collections and doing homework and school work and many more, have come up to a halt. And you can select the best of the pictures for your purpose…”

(ඔබා අයියා, මගේ ලැප්ටොප් එක මේ හදිසියේ ගොඩගන්න අමාරුයි, ලංකාවට යනකල් ඉන්න වෙනවා. දැන් වෙලා තියෙන ප්‍රශ්නෙ මට බ්ලොග් ලියන්න විතරක් නෙවෙයි, මගෙ ඉස්කෝලෙ යන පොඩි එකා මේකෙ PDF වලින් සේව් කරගෙන හිටපු ප්‍රශ්ණ පත්‍ර බැංකුවයි , එතකොට ඩව්න්ලෝඩ් කරපු ගේම්ස්, අපේ කෙල්ලත් එක්ක චැට් කරපුවා ඔක්කොම ඉවරයි) එවිට කිසිදා නුදු‍ටු, බ්ලොග් ලෝකයෙන් පමණක් මාස කීපයකට පෙර හඳුනාගත් ඔබා අයියා එවූ පිළිතුරින් මා විමතියට පත් වීමි.

“Hi Henry, I have a lap top which I am not using any more. Only problem with that lap top is, it has to be connected to power, while being used. The battery is not holding its charge. Anyway if you need it for your child’s studies, please send me your mailing address, I’ll put in a new battery and send it to you. Obaa”

(හෙන්රි, මා ලඟ තියෙනවා මම පාවිච්චි නොකරන ලැප්ටොප් එකක්, ඒකෙ තියෙන එකම ප්‍රශ්ණෙ චාජර් එක ගහගෙන විතරයි වැඩ කරන්න පුලුවන්, මොකද චාජ් එක අල්ලලා හිටින්නෙ නෑ. මට පුලුවන් ඒක එවන්න පුතාගෙ ඉස්කෝලෙ වැඩටික කරගන්න. මට එවන්න ලිපිනය. මම බැටරියක් දාලාම එවන්නම් ඒක. ඔබා.) මේ ඊ මේල් පණිවිඩය දු‍ටුවිට දීපාත් මාත් එකවිට “අන්න මිනිස්සු, ඔය ඉතින් කවදාවත් ඇහැටවත් දැකලද?”.යයි කීවෙමු. මෙන්න මා ඔහුට දුන් පිළිතුර:

“Obaa, Thanks a million. I was just wondering that you don’t even know me in the flesh. still you offered to give that laptop to me. Still you don’t have to do that and still I really appreciate it so much. Obaa, I can manage with the school computers for the moment. And we’re going home in Nov and then we can get it done there as I think still 2 year warranty’d be valid when we go. It was bought on 19/12/2009.”

(ඔබා, දහස් වාරයක් ස්තුතියි. මම කල්පනාකලේ ඔබා අයියා මාව ඇහැටවත් දැකලාවත් නැතුව මට ලැප්ටොප් එකක් එවන්න හදන හැටියි. ඕහෙම කරන්න අවශ්‍ය නෑ ඔබා අයියා, නමුත් මම මේ දේ ඉතාමත්ම අගය කරනවා. මට පුලුවන් ඉස්කෝලෙ කම්පියුටර් වලින් මේ වැඩ ටික කරගන්න. අපි කොහොමත් තව මාසෙකින් ලංකාවට යනවනෙ….)

මගේ දරුවාත් ඔහුගේ දරුවෙක් මෙන් සැලකූ ඔබාගේ පිළිතුර මෙය විය.

“Hey Henry, What’s this still and still business, the laptop is not for you, it’s for the kid if he needs it. About the batteries, you and I should run them to the last minute before recharging the bastards, otherwise they empty themselves pre maturely, that was what I learned from a so called expert.”

(හෙන්රි, මොනවද මේ කතා කරන්නෙ? ලැප්ටොප් එක උඹට නෙවෙයි. අර පොඩි එකාටයි, එයාට ඕනෙ නම්. ඔය ලැප්ටොප් බැටරි ගැන කිව්වොත්… )

ඉතින් මා ඔහුගේ පරිඝනකය කාරුණිකව ප්‍රතික්ෂේප කලත්, ඔහුගේ ගුණ සුවඳ මනාව වටහා ගතිමි. සමහරුන් මෙන් ප්‍රසිද්ධ වීමට පින්කම් කරන, අඬබෙර ගසා දන් දෙන, දුන් දෙය ගැන පම්පෝරි ගසන, අනුන්ට වල කපන පුස්සන්ගෙන් පිරි ලොවක ඔබා අයියා කළ්‍යාන මිත්‍රයෙකී, සැබෑ මහත්මයෙකි. ඔබා අයියේ අප කිසිදින මුන නොගැසීම ගැන මා දැන්නම් සතු‍ටුවෙමි. එසේවීනම් මෙය දරාගැනීමට මට ඉතා අපහසු වනු ඇත. ඔබට නිවන් සුව ඔබා අයියේ!

 
ප්‍රතිචාර 25

Posted by මත මැයි 13, 2012 in සැමරුම්

 

ටැග: , , ,

25 responses to “65. කළන මිතුරෙකුගේ නික්ම යාම

  1. අඩවි රජා

    මැයි 13, 2012 at 8:22 ප.ව.

    ආදරණීය ඔබා මාමේ..නිවන් සුව ලැබේවා ඔබට..!!

     
  2. Gold fish

    මැයි 13, 2012 at 9:15 ප.ව.

    ම්… මටත් හරි දුකයි…. ආයෙ ලබන අවුරුද්දේ අවුරුදු උත්සවේදි හම්බුවෙමු… කියලා මං කිව්වම, මට කිව්වේ… හිනා වෙලා, බලමුකෝ… පන පිටින් හිටයොත්.. කියලා. මාත් ඉතිං, මොනා වෙන්නද කියලා හිනා වුනා.

     
  3. කිරිපුතා

    මැයි 13, 2012 at 9:20 ප.ව.

    අපි කිසිවිටකත් නොහිතපු මොහොතක ජීවිතයෙන් සමුගත් දයාබර ඔබා මාමාට නිවන් සුව…….!

     
  4. Sumith Niriella

    මැයි 13, 2012 at 9:35 ප.ව.

    “ජීවත්වීම සඳහා යුහුසුළුවන්න” ඔහු අපට නොකියූ පණිවිඩය එයයි….

    පරිපූර්ණ ජීවිතයක් ගෙවා ඉක්මනින්ම නික්ම ගිය සොඳුරු මිතුරාණනි, ඔබට සුබ සැන්දෑවක්….!!!!

     
  5. DDT

    මැයි 13, 2012 at 9:46 ප.ව.

    සදාදරණීය සනත් අංකල්, ඔබට අමාමහ නිවන්සුව අත්වේවා!!!

     
  6. ඉඳුනිල්

    මැයි 13, 2012 at 10:01 ප.ව.

    මමත් දැන ගත්තේ වෙනි අයියා ෆේස්බුක් එකේ දමල තිබුණු සටහනකින්. ඔබත්, අනිකුත් බොහෝ අයත් වගේ මමත් මුලින්ම හිතුවේ කාගේ හරි විහිළුවක්, සමහර විට ඔබා මාමාගේ විහිළුවක් වෙන්න ඇති කියලා. ජීවිතේ අස්ථීර බව කොහොම වුනත් , මේ අනපේක්ෂිත නික්ම යාම දරා ගන්න්න හරිම අමාරුයි. අනිත් හැම දේම වගේ මරණයටත් ඔහු උපේක්ෂාවෙන් මුහුණ දෙන්න ඇති.

     
  7. නීල්

    මැයි 13, 2012 at 10:37 ප.ව.

    සිංහල බ්ලොග් කියවන්නෙක් විදියට මම හදවතින්ම වැලදගත්ත අව්‍යාජ ෙසාදුරු මිනිසෙක්. කමෙන්ටුවකින්වත් කවදාවත් කාෙගවත් හිත රිෙදන යමක් ලියනවා දැක්ෙක් නැහැ විවාද වලදි කවදාවත් පැත්තක් ගෙන ෙකාෙමන්ට් කරලා නැහැ. කවදාවත් හමුවෙලා කතාකරලා නැතිවුනත් ලඟම හිතවතෙක් විදයට දැනුනා. ඒනිසා හිතට ලොකු දුකක් දැනෙනවා….දෑස් කදුලින් තෙත් වෙනවා…
    සිංහල බ්ලොග් අවකාශයෙ සොදුරුම මිනිසා….
    ඔබා අය්යට නිවන් සුව!

     
  8. ක්සැන්ඩර් | Xander

    මැයි 13, 2012 at 10:54 ප.ව.

    ඇත්තටම මේ ආරංචිය මම බාරගත්තෙත් විහිළුවක් විදියට. පොඩි මෑන් ගේ ලට්ට ලොට්ට වල ඔබා මාමේ ඔබ සදා අමරණීයයි කියල තිබ්බා, මෙන්න ටිකක් පාතින් වෙනිත් ලියල ඒ ගැනම. ඇත්තටම ඇස් වලින් කඳුළු කඩාගෙන වැටුණා ටිකක් වෙලා යනකම්ම.. ඊයකින්, කොමෙන්ට් එකකින් අපිත් එක්ක හිටිය ඔබා මාමා ආයේ නොඑන්නම ගිහින් කියල කොහොම හිතන්නද? ඒ ලෙන්ගතුකම, ලොකුවටම අද දැනුණා. ඔබා මාමා කරපු ඒ ටික පොඩි දෙයක් වෙන්න ඇති, එත් ඒ හරහා ඔහු අපේ සිත් වල අමරණීය වී හමාරයි…. ඔබා මාමේ ඔබට නිවන් සුව..

     
  9. Senna

    මැයි 13, 2012 at 11:02 ප.ව.

    මේ කටුක සත්‍යයට මුහුණ දෙනවා මිසක් වෙන විකල්පයක් නෑ සහෝ.. ඔහු අපව හැර ගොස් ඉවරයි.. මම සෑහෙන බලන් හිටියා මේක විහිලුවක් වෙනවා දකින්න.. ඔබා මාමා නැවතත් හිනා වේගන ඇවිත් උඹලා රැවටුනා නේද කියලා අහනකම්.. ඒත් එක එහෙම නොවන බව දැන් ප්‍රත්‍යක්ශයි.. ඔහු අපව හැර ගොස්.

    ඔබා මාමේ, ඔබ නිවනින් නිවෙන තෙක් යලි අප අතරම ඉපදේවා !!

     
  10. kavikaari

    මැයි 13, 2012 at 11:14 ප.ව.

    මං හීංසීරුවෙ ඔබා අය්යත් අක්කත් ගැන ලියනව. එයාල අපේ දිහෑ ආව පොඩි දෝණිත් එක්ක. තාම මොනව ලියන්නද කියල ගොනුකර ගන්න බැහැ

     
  11. විචාරක

    මැයි 14, 2012 at 12:08 පෙ.ව.

    මා හිතනවා එතුමා මගේ වයසට ආසන්න කෙනෙක් කියා. මට එතුමාගේ බ්ලොග් එකේ ලිපි කීපයකට වඩා කියවන්න අවස්තාව ලැබී නැහැ. එහෙත් එතුමා වෙනත් බ්ලොග් වල සටහන් කල රසවත් කමෙන්ට්ස් රාශියක් කියවා තිබෙනවා. කවුරුන්හෝ දන්නවානම් එතුමාගේ ජීවන තොරතුරු පලකරන්න. එය ඔහුට කරන උපහාරයක්.

    http://jangun.wordpress.com/

     
  12. Raj

    මැයි 14, 2012 at 12:10 පෙ.ව.

    අදහාගත නොහී මොහොතක නික්මගිය සොඳුරු මිනිසානෙනි…ආදරණීය ඔබා මාමේ ඔබට නිවන්සුව අත්වේවා………….

     
  13. ama perera

    මැයි 14, 2012 at 2:27 පෙ.ව.

    ඔබ මාමා කියන්නේ කුඩා කියලා මම හරියටම දන්නේ නැහැ.එත් ඔබෙත් ඔබා මාමාගේත් කොමෙන්ටු මම කියවනවා දකින හැම වෙලාවකම..ඔබා මාමේ..නිවන් සුව ලැබේවා ඔබට..!!

     
  14. praveena

    මැයි 14, 2012 at 7:25 පෙ.ව.

    ලියන්ට දෙයක් හිතට එන්නේ නැති හන්දා දැනට ඔබට නිවන් සුව පතන්නම් ….😦

     
  15. R.p. Susantha

    මැයි 14, 2012 at 9:05 පෙ.ව.

    මා දන්නා තරමින්ද මේක තමයි ඔහුගේ ස්වභාවය. කිසිත් කීමට හිත ඉඩ නොදෙන හැඩයි. නිවනම එකම සුවයයි එයම පතමි.

     
  16. hiruni

    මැයි 14, 2012 at 3:21 ප.ව.

    ඇත්තටම දුකයි…ගොඩක් දුකයි..මම බ්ලොග් නොලියුවත් බ්ලොග්වෝකර්ගෙ බ්ලොග් වලට දාන හැම කමෙන්ට් එකක්ම කියවලා තියෙනවා….ඔබා මාමේ ඔයා මගේ මල්ලිට ඔයාගෙ ලැප්ටොප් එක දෙන්න ඉදිරිපත්වීම ගැන (තාත්තා ඒක කාරුණිකව ප්‍රතික්ෂේප කලත්) මම විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා ….මට ගොඩක් දුක උනත් මම දේවල් දෙකක් ගැන සතු‍ටු වෙනවා….දුක් නොවිද අප අතරින් වෙන්වීම සහ මීට වඩා හොද තැනකට යන්න ලැබීම ගැන….

     
  17. buddhiprasadh

    මැයි 14, 2012 at 4:16 ප.ව.

    ඔබා අයියා පුද්ගලිකව මටත් උදව් කරන්න සිටි පුද්ගලයෙක්. අනිත් අතට අපි කල දන්සැල් වගේ පොදු වැඩ වලට කෙලින්ම උදව් කලා.

    අපට වඩාත් සතුට ගෙනෙන්නො – අවසානයේ දුක ද ඒ තරම්ම ගෙනෙති !

    සසර ගමන කෙලවර නිවනම වේවා!

     
  18. sAm sRi

    මැයි 14, 2012 at 7:48 ප.ව.

    මෙතුවක් නොකියපු දෙයක් කියන්නම්.

    ඔබාට “ඔබාට මාමා” කියන නිසාවෙන්. ඔබට හෙන්රි මාමා කියන්නට සෑමා සැරසුනේය. ඔබා මාමා ගේ ගුන අමුතුවෙන් කිව යුතු නැති බව දනිමි. නමුදු මෙවන් දෑ ලියා ඔහු ගේ පරලොවට යහපතක් වනු නොඅනුමාන බව දනිමි.

    ස්තුති හෙන්රි මාමේ

    ***********

    වෙන පෝස්ටුවක් දාන්න හිත හදාගන්න බැරි නිසාම මමත් ඔබා මාමා ගැන දැම්මා. එතුමට තිබ්බේ අමුතුවෙන් කියන්න ඕනෙ නැති මනුස්සකමක්. ඇත්තම කිව්වොත් අපිට වඩා හිත තරුණයි.

    මාත් අපේ අම්මට කිව්වා. ඔබා මාමා එක්ක ගත්ත පොටෝව පෙන්නුවා. අපෙ අම්මගෙ ඇස්වලට කදුලු ආවේ ඔබා මාමාගෙ කතාවක් වත් බලල නැතිව.

    විස්වාස කරනවද මට ඇඩුනෙ නැහැ කියලා

    ඔබා මාමාට නිවන් සුව.

    (මේ කමෙන්ටුව හැම පෝස්ට් එකකම පේස්ට් කරන්නම්…)

     
  19. Weni

    මැයි 14, 2012 at 9:30 ප.ව.

    22 වෙනිදා දවසම විටින් විට ඇහැ ගැටි ගැටී ඉඳලා…විනාඩි ගනනක් උනත් අත් දෙකින්ම අල්ලගෙන සිනා මුහුනින් කතා කරපු හැටි..මල්ලි උඹ ෆොටෝ ගනින් අපිට ආයි සෙට් වෙන්න පුළුවන් කියලා හිනා වෙවී කියපු හැටි..අනේ මන්දා හෙන් රි කොහොම නම් අමතක කරන්නද ?

     
  20. හිරු

    මැයි 14, 2012 at 9:52 ප.ව.

    උපදින හැම ආත්මයකම ඔබ අප අතරම යලි ඉපදේවා..ආදරණීය ඔබා මාමේ ඔබට නිවන්සුව…!!!!

     
  21. ලොකු පුතා

    මැයි 15, 2012 at 8:37 පෙ.ව.

    ඔබා මාමා සරළ සුන්දර මනුස්සයෙක් කියල බ්ලොග් පෝස්ට් වලිනුත් දාන කමෙන්ට් වලිනුත් මම හොඳට තේරුම් ගත්තු දෙයක්….
    හෙන්රි අයියගේ පෝස්ට් එක ඒ කරුණ තවත් තහවරු කළා. බ්ලොග් ලෝකයේ සුන්දර මනුස්සයෙක් අපිට නැති උනා.
    ඔබා මාමට නිවන් සුව ලැබේවා…..!!

     
  22. Hima Kumari

    මැයි 15, 2012 at 7:11 ප.ව.

    සොඳුරු බ්ලොග්කරු ඔබා මාමාට නිවන් සුව අත්වේවා..!!

     
  23. Visituru |විසිතුරු

    මැයි 16, 2012 at 5:22 ප.ව.

    ඔහු සදා යොවුන් වියේ හිටපු අයෙක්. මා නුදු‍ටු මිතුරු ඔබා මාමේ ඔබට නිවන් සුව ලැබේවා!

     
  24. anithkona

    මැයි 18, 2012 at 8:22 පෙ.ව.

    දෙවි දේවතාවුන් වැනි මිනිසුන් මේ සමාජයේ කොතෙකුත් සිටිනවා. ඔබා මාමා එවැන්නෙක්. කිසිම කෙනෙකුගේ හිත නොරිද්දා හැමෝ එක්කම සුහදව සිටි ඔහුගේ හදිසි වියෝව අදහගන්නටත් බැරි තරම්. ඔහුට නිවන් සුව පතමි.

     
  25. හැලපයා

    ජූනි 14, 2012 at 11:36 පෙ.ව.

    .ආදරණීය ඔබා මාමේ ඔබට නිවන්සුව…!!!!

     

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

 
%d bloggers like this: