RSS

66. නුඹ…

16 May
66. නුඹ…

අපේ උකුල් මත සුව නින්දේ පසුවෙමින් සිටියදී අවදි කරවා මින් පෙර දැක නොතිබූ ෆ්‍රයිඩ් රයිස් කෑමට කතාකලදා, අප දඩාවතේ යන පූසන්ට අනා දෙන ඉතිරි බත් මතක් වීමෙන්දෝ, ‘මේ මොනවද? පූසන්ට දෙන බත්ද?”යි ඇසූ නුඹ…,

අප දෙදෙනාම ‍රැකියා කල නිසාත්, වැඩ අධික කම නිසාත්, බොහෝ වේලා රූපවාහිණිය නරඹන්නට යොමුවීමේ ඵලයක් ලෙස දිනක් උදෑසනම පාසැල් යාමට අවදි කල විට “චුට්ටක් ඉන්න මේ දැන්වීම ඉවරවෙනකල්” යයි පැවසූ නුඹ…,

කුඩා මවුන්ටන් බයිසිකලයේ අධාරක රෝද ගලවා දැමූදා වැනෙමින් නමුත් නොවැටී සයිකලය පැදයනු දැක අප හදවත් ආඩම්බරයෙන් පිරවූ නුඹ…,


දිනක් අර නිල් හෙල්මටය හැඳ, කුඩා බයිසිකලයේ නැගී, අර මහ පල්ලමේ අපේ මෝටර් රථය පසු පසින් පැදවිත්, ඇද වැටී, අගලේ වල් පඳුරු තුල නොපෙනී ගොස්, අනතුරුව නිල් හෙල්මටයද, ඉන් පසු කුඩා දැරියක්ද පඳුරු අතරින් මතුවනු දැක සැනසුම් හෙලූ අපට, “වැ‍ටුන එක නම් කමක් නෑ, අර ටටා හැන්ඩ් එක මම වැ‍ටුනම මට ටටා ටටා කිව්ව එකටයි මට කේන්ති!” යයි මට පෙ‍රැත්තකර බයිසිකලයට සවිකර ගත් ගැජට්‍ටුවක් ගැන පැමිණිළි කල නුඹ…,

එක වසරේ ඉගෙනුම ලබද්දී පාසලේ පියානෝවේ යතුරු පුවරුව මත ඇවිදිමින් නව සංගීත ආරක් බිහි කිරීමට තැත් කලැයි පන්ති භාර ගුරුතුමිය මා හමුවේ පැමිණිලි කිරීමට සැලැස්වූ නුඹ…,

සියලු සාම්ප්‍රදායික ක්‍රමවේදයන් අසාර්ථක වූ තැන ආත්මාරක්ෂාවට මා ඉගැන්වූ පරිදි අතින් පයින් පමනක් නොව අතේ තිබූ හෙල්මටයෙන්ද පහරදී බුලිච්චියන් පලවා හැරීයයි විදුල්හල්පතිතුමිය මට පැමිණිළි කලදා නිවටව බියසුළුව නොසිට දෙපයින් නැගීසිටීම ගැන මා රහසින් අමන්දානන්දනයට පත්කල නුඹ…,

දිනක් කොමාන්ඩෝ සටන් ඇඳුම් හැඳ සෙල්ලම් රිවොල්වරයක් එක් අතකින් තමන්ගේම පපුවට එල්ල කරගෙන “මා නුඹව අත් අඩංගුවට ගන්නවා! අත් ඔසවා යටත් වනු!” යයි නියෝග කර අනිත් අත ඔසවා යටත් වී, සෙබලාගේත් කැරලිකරුවාගේත් ද්විත්ව චරිත රංගනය කරමින්, පවුලේ එකම දරුවා වීමේ කාංසිය අපට ක්‍රියාවෙන්ම ඔප්පු කල නුඹ…,

කාරුණික ගැහැණියකද, ගත් කතුවරියකද වූ විදුහල්පතිනිය දිනක් මා කැඳවා, “බ්ලොග්වෝකර් මහත්මයා, හිරුණි අද මාව මුණ ගැහෙන්නට කාර්යාලයව ඇවිත් කිව්වා එයාට නංගියෙක් හරි මල්ලියෙක් හරි ඕනෙ කියලා ඔබට කියන්න කියලා ඇගේ විදුහල්පතිණිය හැටියට”යි පැවසීමට ක්‍රියා කිරීමෙන් අන්තිම තුරුම්පුවද පාවිච්චි කල නුඹ…,

තවත් දිනෙක වරදකට දඬුවමක් ලෙස මා නුඹ කැමතිම අයිස් ක්‍රීම් වර්ගය නුඹට නොදී නුඹ ඉදිරියේ සිටගෙන තනියෙන් කෑ දින අහිංසක මුවැත්තියක මෙන් වරෙක මා දෙසද වරෙක ඉවත බලාගෙනද එම දඬුවම විඳි ආකාරය නිසා මා සිතින් පසුතැවීමට සැලසූ නුඹ…,

මිත්තණියටත්, නැන්දණියටත් ගෙතුලට පැමිනිය නොහැකි වනසේ අලුත උපන් මල්ලියා සමග ගෙයි දොරගුලු ලාගෙන ඔහු ඔවුනට රැගෙන යාමට නොදී ‍රැක බලා ගත්තේ යයි සිතූ නුඹ…,

සය හැවිරිදි වියේදී පාසැලේ ලාබාලතම ජිම්නාස්ටික් ක්‍රීඩිකාව වීමෙන්ද, නිවෙසට ගෙන ආ පදක්කම් සම්මාන, ප්‍රගති වාර්තා වලින්ද අපේ කම් කටොලු අමතක කරවාලූ නුඹ…,

වරක් මෙහි ජීවිතය ඒකාකාරී බව පවසා අප හැරදා තනිව ලක්බිම බලා පියාසර කලදා ගුවන් තො‍ටුපලේ දැවැන්ත ප්‍රදර්ශන තිරයන් මත FINAL CALL හා ඉනික්බිතිව GATE CLOSED නිවේදනය දැක මා හැඬවූ නුඹ…,

මා කෝප ගැන්වීමටම කවට කමට Home English Kitchen Version යයි මා නිතර අවඥාවට ලක් කල වර්ගයේ ඉංගිරිසියම ගෙදරදී හැකි සෑමවිටම භාවිතා කල සහ තවත් මෙහි සඳහන් නොකල අනන්තවත් සිදුවීම් වලට මුල්වූ නුඹ…,

අද උපන් දිනය සමරන්නීය.

නුඹට සුභ උපන්දිනයක් පතමු මෙලෙස,

හිරුණි, අපේ දයාබර දියණිය!

අධික කාර්ය බහුලත්වය නිසා මෙම ලිපිය සිංහලයට නගන්නට වේලාවක් නොතිබුනෙන් HeyDude බ්ලොග් අඩවියේ පළකරන මුල් පිටපත එලෙසින්ම මෙහි පළකරන්නට සිදුවීම ගැන සමාව අයදිමි. අවස්ථාවක් ලද විගස මෙහි සිංහල පිටපත පළකිරීමට අදහස් කරමි.

henryblogwalker the Dude

 

ටැග: , ,

75 responses to “66. නුඹ…

  1. kavikaari

    මැයි 16, 2012 at 8:03 පෙ.ව.

    Happy Birthday Hiruni!

     
  2. රූ

    මැයි 16, 2012 at 10:21 පෙ.ව.

    සංවේදී සටහනක්..
    හිරුණි ඔබේම කැඩපතක්දෝ යැයි සිතේ..

     
  3. ඉඳුනිල්

    මැයි 16, 2012 at 11:30 පෙ.ව.

    සුභ උපන්දිනයක් පතනවා ඔබට, හිරුණි …

     
  4. praveena

    මැයි 16, 2012 at 11:57 පෙ.ව.

    Wishing you only the best on your special day…
    Happy birthday Hiruni…🙂

     
  5. hiruni

    මැයි 16, 2012 at 11:59 පෙ.ව.

    This post was the one that made me hug my pillow and cry [ that is one reason i was planning to read your wishes once i get back home, to avoid going to class with swollen eyes😀 ] ….. i miss you a lot too….but mostly it made ma cry for the love you hold in your heart for me.

    YOU who once walked out on us because this place was boring and made me cry when I saw the FINAL CALL and then GATE CLOSED on the big LCD screen at the airport…,

    the one thing i would change if i had the chance to….you never know what it was like to be on the other side of the gate….knowing i had made the biggest mistake in life but yet knowing i couldn’t change it….

    i miss you so much….and i am forever thankful for the family i got…..still wondering what i did to deserve you three…

    Thanks for making this day so special to me and for making me feel like i am still at home even though we are miles apart….

    Thanks for being there whenever we need you and for always having the right things to say….

    And most of all thanks for loving us so much that we feel as though we are the luckiest kids on earth……

     
  6. Gaminie

    මැයි 16, 2012 at 1:38 ප.ව.

    Wish you a very happy B’day and all the success in your studies, Hiruni duwa.

     
  7. පන්සල් හංදිය

    මැයි 16, 2012 at 3:11 ප.ව.

    “තවත් දිනෙක වරදකට දඬුවමක් ලෙස මා නුඹ කැමතිම අයිස් ක්‍රීම් වර්ගය නුඹට නොදී නුඹ ඉදිරියේ සිටගෙන තනියෙන් කෑ දින අහිංසක මුවැත්තියක මෙන් වරෙක මා දෙසද වරෙක ඉවත බලාගෙනද එම දඬුවම විඳි ආකාරය නිසා මා සිතින් පසුතැවීමට සැලසූ නුඹ…,”

    කඳුලු ආවා හෙන්රි අයියා මේ කතාවට නං, ඇත්තටම තාත්තා කෙනෙක් විදියට මොන දඞුවමක් දරුවෙකුට දුන්නත් පස්සෙ හිතින් විඳවන විඳවිල්ල ඒ දරුවා දන්නවා නං ආයිත් කිසිම දවසක තාත්තා කෙනෙක්ගෙන් දඞුවමක් විඳින්න වැරැද්දක් ඒ දරුවා කරන එකක් නෑ ………

    හිතන පතන සියලු යහපත් කල්පනාවන් ඉටු වෙන සුබම සුබ උපන් දිනයකට ඔන්න මගෙනුත් සුබ පැතුම් දූ සිඟිත්තට ……….

     
  8. Senna

    මැයි 16, 2012 at 3:12 ප.ව.

    සුබ උපන්දිනයක් හිරුණි..!!!

    ජයම පතමි !!!

     
  9. හංසකිංකිණි

    මැයි 16, 2012 at 4:37 ප.ව.

    මට මගෙයි තාත්තගෙයි පිස්සු වැඩ මතක් වුණා මේක කියවල!
    හෙන්රි අයියගෙ දෝණිට සුබම සුබ උපන්දිනයක්!!!!!

     
  10. විසිතුරු | visituru

    මැයි 16, 2012 at 5:19 ප.ව.

    HappY B’daY Hiruni !!🙂

     
  11. අසරණයා

    මැයි 16, 2012 at 10:24 ප.ව.

    සංවේදී කමක් දැනුන කියවද්දී. සුභ උපන්දිනයක් “හිරුණි”

     
  12. අටම්පහුර

    මැයි 16, 2012 at 11:10 ප.ව.

    කියවගන මැද්දට එනකොට මොකක්ද මන්දා එකක් පපුව මැද්දේ හිර උනා. වම් ඇහේ දකූණු කොනත්, දකූණු ඇහේ දකූණු කොනත් චුට්ටක් විතර තෙමුනා. ලියලා තියන ලස්සන.ඉරිසියාවේ බැ.මට ඉතින් ඔයවගේ ලියන්න බැනේ. ඔබ ජීවිතය හොදින් වින්ද. දැනටත් හොදින් රස බලන ප්‍රීතිමත් මනුස්සයෙක් කියලා හිතූනා. දෝණියැන්දාට සුබ උපන් දිනයක් කියලා කියුවා කියන්න

     
    • hiruni

      මැයි 17, 2012 at 12:57 පෙ.ව.

      ඇත්තටම ඔව්…තාත්තා හරිම සරල විනෝදකාමී කෙනෙක්….අපේ පවුලෙ ඔක්කොම එහෙමයි…මම විතරයි ටිකක් වෙනසකට ඉන්නේ…😀 ඒත් ගොඩක් නෙමෙයි….

      ස්තුතියි සුබ පැතුමට…😀

       
  13. ගල්මල්-Coral

    මැයි 16, 2012 at 11:11 ප.ව.

    Dear Duwa wish you Happy Birthday, success in every step ahead.

     
  14. kavikaari

    මැයි 16, 2012 at 11:51 ප.ව.

    හෙන්රිගේ ලිපිය මගේ හිත බර කළා. ඊයේ මම නිදන්ට යන්ට කලින් දැක්කේ මැලේසියන් අම්මාකෙනෙක් අමානුෂික විදියට මිනිත්තු ගණනාවක් තමන්ගේ අතදරුවට කරන පහර දීමක්. මේ වීඩියෝව බලපු මෝඩ කම පැහැදිලි උනේ නිදන්ට අමාරු වෙනකොටයි. අපේ දෝණි පුංචි අතදරුව කාලේ පලමුවෙනි එන්නත විදින වෙලාවේ දෝණිගේ පිටිපසින් හිටියේ මම. ඉස්සරහින් හිටියේ ඇදුරු තුමා. (එතකොට එයා ශිෂ්‍යයෙක්). කෙල්ල බෙහෙත විදිනවත් එක්කම යටිතොල කණපිට හරවලා තාත්ත දිහා බැලුවේ, අනේ ඔයාවත් මාව බේරගත්තෙ නැහැ නේද කියනව වගේ. එදා ඉඳං ඇදුරුතුමා ළමයිංගෙ එන්නත් දිනයට ආවෙ නැහැ. එන්නතිං පස්සෙ එන “උණ” බලාපොරොත්තුවෙං සියල්ල ලක ලැහැස්ති කරල බලං හිටිය එක තමා කලේ. කාත් කවුරුත් නැතිව දුරු රටක නේ අපි ළමයි ලොකුකලේ.

    හෙන්රි වගේම ඇදුරුතුමත් අපෙ sabbatical සේවා කාලෙදි නිවාඩුවට අපි බලන්ට ආපු ළමයි ආපහු ගුවන්තොටින් පිටත් වෙන්ට හදන වෙලාවෙ නිකට වෙව්ලලා හීන්හඬින් අඬල “මට මේක දාල අරුං දෙන්න එක්ක ගෙදරයන්ඩෝනැ” කිව්ව. නමුත් පුතාට උසස් අධ්‍යාපනයට අවශ්‍ය මුදල අපි අතේ නොතිබුන නිසාම අපි දෙන්න අර දරු දෙන්න නැගපු සිංගප්පූරු ගුවන්සේවෙට අයිති ගුවන් නැව තිතක් වෙනකං බලං ඉඳල, දෙන්නට දෙන්නා මුහුණු බලල හූල්ලල ආපහු හිස් වෙච්ච ගෙදරට ආවෙ.එයාගෙ ඇස්දෙක දිහා කෙලිං බලන්ට බයකිං මම හිටියෙ. බැලුවනං සියලු බැමි පුපුරා යාවි කියා බය හිතුනා. කවදාවත් ඔහු අඬනවා මා දැක තිබුනේ නැහැ ගෙදර එනතුරු කතාවක් තිබුනෙ නැහැ. ආවට පස්සෙ දරු දෙන්නගෙ පිංතූරයක් දකින ගානෙ, ළමයි අමතක කරල ගිය පුංචි පුංචි දේ බල බලා හූල්ලපු එක තමා මේ තාත්ත කලේ.රෑ දෙන්නම දෙන්නට නොඅඟවා නිදිවගේ හිටියට දෙන්නගෙම සුසුම් හඬ දෙදෙනාටම ඇසුනා. ඒක හරියට තරාදියක් බැලන්ස් කරගෙන ඉන්නවා වගෙ වැඩක්. කාමර තුනක් තිබුන නිල නිවාසයේ එකකාමරයක් වෙන් උනේ බුදුන් වැඳීමට. අනෙක්වා පාවිච්චි උනේ ළමයි ආවහම. අපි දෙදෙනා වැඩි හරියක් හිටියෙ සාලෙ. කුස්සියෙ උයන්නෙ නැතිවෙලාවට පරිඝනකය අහලක පහලක උන්නෙ කොයි වෙලාවෙ ළමයි ඉස්කෝලෙ ඇරිල ඇවිත් කතා කරයිද කියල හිතහිතා. ඒ විඳි දුක් පැනිරස බව දැනුනෙ කොල්ල Batch Top වෙලා ගෙදර ආ දවසෙයි.
    http://emailkavikaari.blogspot.com/2012/05/blog-post.html

     
    • hiruni

      මැයි 17, 2012 at 1:07 පෙ.ව.

      මේක හරිම දුක හිතෙන කතාවක්…මාත් කමෙන්ට් කරන්න හිතුවා…. දෙමාපියන්ට වගේම ලමයින්ට දැනෙන දුකත් ඒ වගේමයි….ගෙදරින් පාර්සල් එව්වම කඩන්න දුකයි…ඒවා ආදරෙන් ඔතපු හැටි හිතා ගනිද්දි…ගෙදර ඇවිත් නෙට් ලොග් උන ගමන් බලන්නෙ ගෙදරින් මේල් තියෙනවද කියලා…දුකයි තමයි…ඒත් කවදහරි දවසක මේ දුකම සතුටක් අපි දෙගොල්ලන්ටම ගේන නිසා හිත හදා ගන්න පුලුවන්

       
    • අසරණයා

      මැයි 17, 2012 at 1:24 පෙ.ව.

      ඔයාගේ මේ කතාව ගොඩාක් සංවේදී.මට මෙහෙම අත්දැකීමක් නැහැ.එත් බෙහෙත් විඳින තැන සිද්දිය මට මතකයි මම තාත්තගේ මුණ දිහා බැලුව හැටි කරන්නම දෙයක් නැතුව..

       
  15. Dulip Sikurajapathy

    මැයි 17, 2012 at 12:15 පෙ.ව.

    මම නං බුකියෙ පැතුව

     
  16. JP

    මැයි 17, 2012 at 4:30 පෙ.ව.

    හෙන්රි – කවද හරි අපිටත් මේ තත්වයට මුහුනපාන්න වෙනවා නේද කියලා හිතිල පොඩි දුකකුත් ඇති උනා.

    හිරුනි- සුබ උපන් දිනයක් වේවා

     
  17. Kasun Chanaka

    මැයි 17, 2012 at 9:05 පෙ.ව.

    අයියෝ මම පොඩ්ඩක් පරක්කු වෙලා නේ.:( සුභම සුභ උපන්දිනයක් සහෝදරී (අක්කද නංගිද දන්නේ නෑ නේ :)) මට දැනෙන විදියට ඔය දෙන්නම හරිම වාසනාවන්තයි, මේ වගේ තාත්ත කෙනෙක් ලබන්නත්, මේ වගේ දුවෙක් ලබන්නත්.

     
  18. රන්දිල්

    මැයි 17, 2012 at 9:59 පෙ.ව.

    සුභ උපන්දිනයක් වේවා හිරුනි………. සුභ උපන්දිනයක් වේවා හිරුනිගේ තාත්තේ… සුභ උපන්දිනයක් වේවා හිරුනිගේ අම්මේ……….

    (වැරදුනා නෙමෙයි ඔයාලා තාත්තා අම්මා හැටියට ඉපදුනේ හිරුනි ඉපදුන දවසේ නේද?)

     
  19. නරකයා

    මැයි 17, 2012 at 10:59 පෙ.ව.

    මේක මැක්සාවට ලියලා … මාර හැගීමක් හිතට එන්නෙ……. ඔන්න හිරුණි ඔයා තව අවුරුද්දකින් නාකි උණා ඈ…. නොපමාව කටයුතු කරන්න

     
  20. නිසුපා

    මැයි 17, 2012 at 11:08 පෙ.ව.

    සුභ උපන්දිනයක් නගේ…. (නංගි කෙනෙක් කියලා හිතනවා)

     
  21. yashika

    මැයි 17, 2012 at 11:43 පෙ.ව.

    හිරූ …..ඔයාගේ හැම ලස්සන හීනයක්ම සැබෑ වෙන සුභම සුභ උපන්දිනක් වේවා,,,,,

     
  22. Dinesh

    මැයි 17, 2012 at 11:59 පෙ.ව.

    සුභම සුභ උපන්දිනයක් ප්‍රාර්ථනා කරනවා..

     
  23. ~ChAnDiKa~

    මැයි 17, 2012 at 7:59 ප.ව.

    සුභ උපන්දිනයක් වේවා හිරුණි!!

     
  24. DDT

    මැයි 17, 2012 at 8:06 ප.ව.

    වාසනාවන්ත අනාගතයක් සමඟ සුභ උපන්දිනයකට මගෙනුත් සුභ පැතුම් !

     
  25. වින්චැට් කිරිල්ලී.

    මැයි 18, 2012 at 2:32 පෙ.ව.

    මෙන්න කිරිල්ලිගෙනුත් සුභ පැතුම් ඔයාට හිරුනි…සිතන සිතුම්,පතන පැතුම් ඔක්කෝම ඉටුවෙලා ජීවිතේ රෝස මල් යහනාවක් වේවා..!!

     
  26. anithkona

    මැයි 18, 2012 at 8:31 පෙ.ව.

    ඔබේ දියණියට සුබ උපන්දිනයක් වේවා ! ආදරණිය පියවරුන් මව්වරුන් මෙලොව සිටීම වාසනාවක් .
    මා මුලින් සිතා සිටියේ අප්පච්චිලා ආදරය ප්‍රකාශ කරන්නට නොදන්නා බවයි. වෛද්‍ය වරියක් ලෙස දිවුරුම් දුන් දා මගේ පියා මෙවැනිම සැමරුමක් කවි කර ලියා මා අතට පත්කරා. එය තරම් මා හැඩවූ , රැකියාවේ වෙහෙසකර දුක්බර බව හිත පෙලද්දී හිත දුකින් පිරුණු විට හිත හැදු දෙයක් තවත් නොමැත.

     
  27. ක්සැන්ඩර් | Xander

    මැයි 18, 2012 at 1:43 ප.ව.

    හෙන්රි බ්ලොග්වොකර් ලියපු සංවේදීම සටහන මේකදෝ මට හිතෙනවා.. කොහොම උනත් ඔබට සුභ උපන්දිනක් හිරුණි. ඔයාට හොඳ තාත්තෙක් ලැබිල ඉන්නවා.

     
  28. නවම්

    මැයි 18, 2012 at 3:13 ප.ව.

    මං පරක්කුයිනෙ ! මේ දවස්වල එක තැනක නෑ ඒකයි.

    සුභ උපන්දිනයක් හිරුණි.

     
  29. දේව් ගේ අඩවිය

    මැයි 19, 2012 at 10:25 ප.ව.

    henry අයියා… මම බ්ලොග් වල බර්ත්ඩේ විශ් පොස්ට් ගොඩාක් කියවලා තියනවා…..

    ඒත් අනේ මන්දා හිතට මේක වැදුන තරම මට කියන්න වචන නෑ…

    මම හිතුවේ නැ අයියාට මේ තරම් ලොකු අක්කා කෙනෙක් (මට) (ඔයාට දුවක්) ඉන්නවා කියලා…

    හිරුනි කියන්නේ මගේම නංගිගේ නම… අක්කේ ඔයාට සුභ උපන්දිනයක්….

    ඇත්තටම කමෙන්ට් වලින් මම දන්න කියන henry අයියා වගේ කෙනෙක් ලබන්න ඔයා ගොඩාක් ගොඩාක් වාසනාවාන්තයි අක්කෝ

     
    • hiruni

      මැයි 20, 2012 at 12:47 ප.ව.

      බොහොම ස්තුතියි මල්ලි සුබ පැතුවට…ඔව් ඇත්තටම අපි ගොඩාක් වාසනාවන්තයි…නංගිට කියන්න හිරුනි කියන නම වාසනාවන්තයි කියලා…😀

       
  30. පැන්ඩා

    මැයි 20, 2012 at 9:04 පෙ.ව.

    මට කියන්න තියෙන්නෙ මෙච්චරයි…හෙන්රි අයියා වගේ තාත්තා කෙනෙක් ලබන්න ඒ දියණිත් , ඒ වගේ දියණියක් ලබන්න හෙන්රි අයියත් ගොඩාක් වසනාවන්තයි….ඔය හැමදෙනාටම සුභ අනාගතයක්….

     
  31. sAm sRi

    මැයි 20, 2012 at 12:25 ප.ව.

    සොරි සෑම් පරක්කුයි.

    ඒත් සුබ පැතුම්… !!

     
  32. ගැමියාගේ පත් ඉරුව

    මැයි 21, 2012 at 3:46 ප.ව.

    සුභම සුභ උපන්දිනයක් හිරුනි අක්කේ මෙවන් පියෙක්ගේ දුවක් වීමම ලොකු වාසනාවක්…. සුභ පතන්න පරක්කු උනාට සොරි හොඳේ… බයිසිකලේ වැටිලා ටටා කිව්වා කියන එකට හොඳටම හිනා…

     
    • hiruni

      මැයි 21, 2012 at 11:38 ප.ව.

      ඔව් ඒක ඇත්ත ඒක වාසනාවක් තමා….. හිහ් හිහ් හිහ් තරහා යන්නැද්ද කියන්නකො වැටිල මදිවට ටටා කියද්දි….බොහොම ස්තුතියි සුබ පැතුමට….:D

       
  33. හිරු

    මැයි 21, 2012 at 6:31 ප.ව.

    මාත් හුගක් පරක්කුයි…අනේ එත් දැක්කම සුබ පතන්නේ නැතුව යන්න බැරි උනා..සුබ උපන් දිනයක් හිරුනි..!!!

     
  34. hiruni

    මැයි 21, 2012 at 11:42 ප.ව.

    බොහොම ස්තුතියි සුබ පැතුවට…😀

     
  35. Gold fish

    මැයි 22, 2012 at 12:23 ප.ව.

    අධික කාර්ය බහුලත්වයෙන්, හිත් පුරා සතුටින් කටු භුක්ති විඳි මමද පෝස්ට එක දමා දවස් හයකට පසුව ඔන්න ඔහේ… ඔයාගේ ඩැඩාගේ බ්ලොග් එකෙන් සුභ පතනවා. (අම්බානෙට පරක්කුයි, කරන්න දෙයක් නෑ.)

    සුභ උපන් දිනයක් වේවා…! අනාගතය ගොඩක් ලස්සන සුභ අනාගතයක්ම වේවා…!!!

     
  36. hiruni

    මැයි 24, 2012 at 12:41 පෙ.ව.

    හිහ් හිහ් හිහ්….ඒකට කමක් නෑ….බොහොම ස්තුතියි 😀

     
  37. chathuri

    ජූනි 24, 2012 at 7:54 ප.ව.

    just today i read this,,but really nice and i hope every thing is true,,bcoz still nw ur the same girl…..you r a really stupid.crazy friend some one can have……..❤❤ :*

     
    • hiruni

      ජූනි 24, 2012 at 8:02 ප.ව.

      thanks Chathuri…. this is me and i can never change… he he he…and also i am happy you forgot to mention about my non stop talking :D…. and you are not so sane yourself…he he he…thanks for the comment…:D

       
  38. chathuri

    ජූනි 24, 2012 at 7:57 ප.ව.

    forgot 2 tel,I luv that picture uncle….that was the day we went out to take pictures with tulips…….

     
  39. chathuri

    ජූනි 25, 2012 at 5:17 ප.ව.

    no need 2 mention abt ur talking by me…u all ready did………..😛😛

     

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

 
%d bloggers like this: