RSS

67. ජර්මන් යන එවුන් බේත් විදගන්න වරෙල්ලා!!

23 මැයි
67. ජර්මන් යන එවුන් බේත් විදගන්න වරෙල්ලා!!

ගමයයි මායි දෙන්න ගියා සුපුරුදු විදියට හොරි බනිස් කාලා ප්ලේන්ටිය ගහලා කැහි කූරක් ඇදලා එන්න. දෙන්නම දුම්බට වලට ගිණි තියාගෙන ඔන්න යාවත්කාලීන කරනවා.

“මොකද බං උඹ ඊයෙ ආවෙ නැත්තෙ?”මම ඇහුවා.

“ආ… ඊයෙද? ඊයෙ ගියානෙ මචං එයාපෝට්. ඊයෙ දුලානිලගෙ අයියා ජර්මන් ගියානෙ බං ස්කෝල් එකක් හම්බ වෙලා.”

“මරුනෙ! ඉතිං කොච්චර කාලෙකටද?”

“අවුරුදු තුනකට මචං.”

“අන්න වාසනාවන්තයො. ශ්‍රී ලන්කන් ඩිරෙක්ට් ෆ්ලයිට් තියෙනවද ජර්මනියට?”

එතකොටම අපි කැහිකූරු ගන්න, සිංහලද, දෙමලද, ජාද, බර්ගර්ද, මුස්ලිම්ද, මොකක්ද කියන්න බැරි නමක් තියෙන කඩේ, ඒ කොයි වර්ගයට අයිතිද කියලා පෙනුමෙන්වත් ඇක්සෙන්ට් එකෙන්වත් අනුමානවත් කරන්නවත් බැරි මුදලාලි පැන්නා මැද්දට.

“ෆ්‍රැන්ක්ෆර්ට් යන්නෙ අබුඩාබි එකට ගීල්ලා තමයි. ඊත්‍රෝ(හීත්‍රෝ) යන්නෙත් ඒමයි. අබුඩාබි එකේ හරි ඩුබායි එකේ හරි ටච් කරලා තමයි යන්නෙ”

“ම්හ්ම්.. ඇත්තද?”

මුදලාලි ගියා කඩේ ඇතුලට.

තවත් දුම් උගුරක් පෙනහලු පිරෙන්න ඇදපු මම,

“දුලානිගෙ අයියා ජර්මන් ගියා කිව්වනේද මචං?”

“ඔව්, ඌ ජර්මන් තමයි ගියේ, ඇයි මචං?”

“ඌට කොච්චර ට්‍රයි කලත් ජර්මන් යන්න බෑ මචං.”

ගමයා මොකුත් නොකියා තොල් එකට තද කරගෙන බෙල්ල ඇල කරලා මං දිහා බැලුවා.

“මචං, ඌ ගියේ ජර්මනි. නැත්නං ජර්මනියට. ජර්මන් නෙවෙයි. මොකද ඒක භාෂාවක්. එහෙම වුනොත් සිංහල, හීබෲ, පාලි, සංස්කෘත, එස්ප‍රැන්ටෝ, පෘතුගීසි, ඉංග්‍රීසි, දෙමල හෙමත් යන්න පුලුවං වෙන්න එපෑ. බැරිවෙලාවත් එහෙම යනවානම් මචං මොකක් හරි බේතක් කරන්න වෙයි!”

ගමයා අමුතු හිනාවක් දාගෙන මං දිහා බලා හිටියා. මම ඔන්න තවත් පටවනවා.

“ඒවගෙම මචෝ අර යන BMW එක ජර්මන් කාර් එකක්.
එතකොට ජර්මන් විශේෂන පදයක්.
එතකොට රට වැසියා ජර්මන්කාරයා නැතිනම් ජර්මන් ජාතිකයා.”

“එහෙම කියනකොට තේරෙනවා මචං. ඒ වුනාට එක පාර ටැපලෙනවා, අර පුරුද්දට…”

“ආපහු ගියාම මම උඹට කොලේක ඇඳලා පෙන්නන්නම්කො.”

තව පොඩි අවුලක් තමයි අර බුවා කිව්වා නේද ඩුබායි එකෙන්ද, අබුඩාබි එකෙන්ද බැහැලා යන්න ඕනෙ කියලා?

“ඔව්”

“මචං ඕක හුඟ දෙනෙක් කියනවා මං අහලා තියෙනවා. ඊට ලස්සනයිනේද ඩුබායි වලින්, අබුඩාබි වලින් බැහැලා යනවා කියන එක. ඩුබායි එකේ කියන්නෙ නැතුව? එතකොට හොංකොංවල, ලන්ඩන්වල.”

පාරේ වනවන ගිය පස්සක් දිහා නොපෙනි යනකල්ම බලා හිටපු අපි දෙන්නා එකිනෙකාගෙ මූණ බලාගෙන ඉඟි මැරුවා හරියට “කොහොමද ඒ වැනිල්ල?” කියනවා වගෙ.

“ඉතිං මොකක්ද උඹ කිය කිය හිටියෙ? පස්සක් දැක්කම උඹටත් උන් හිටි තැන් අමතක වෙනවනෙ, හෙහ් හෙහ්. යකෝ දරු පවුල් කාරයො නේද? මේ හිටහල්ලකො අපි වගෙ ඩීසන්ට් කමට”

“අනේ ‍තෝ මට කියන්නෙ නේ? ඔය සපත්තුව තෙමිලා තියෙන්නෙ තොගෙ දිව ඇතිල්ලිලා…”

“මේ ඒක නෙවෙයි හෙන්රියො. සිංගපූරුවෙ එකා සිංගපූරියන්නෙ. එතකොට හොංකොංවල එකා මොකාද? ඕක අපේ පුතා බං ඇහුවෙ. ඩික්ෂනරියෙත් නෑනෙ බං.”

ගමයා අති සාර්ථක විදියට ආරක්ෂාකාරී ඉරියව්වෙන් පාදය පසුපසට ගෙන වේගවත් පහරක් එල්ල කලා පන්දුව තන නිල්ල දිගේ වේගයෙන් ගලාගෙන යන්න.

“ඔය හොංකොං වල වැසියාට කියන වචනයක් මම දැනගෙන හිටියෙ නෑ මේ ලඟක් වෙනකල්. මෙන්න මේ ලඟදි National Geographic Channel එකේ දැන්වීමක හොංකොඟර් කිව්වා බං. මං හොල්මං වෙලා ගියා.”

“ආහා ඇත්තට! යකෝ අද සෑහෙන දිග පාඩමක් ඉගෙන ගත්තනෙ” ගමයා සිගරට් කොටේ බිම දාලා පාගන ගමන් කිව්වා.

“එහෙම තමයි ඩෝ, හැම දාම නෑ හැම තැනම නෑ” මම කහමදේටම ආපු බටේ පෙරේත උගුර අදින්න ඉස්සෙල්ල කිව්වා.

_______________________________________________________________________________________

වැඩේ ඒත් අවුල් නම් මෙන්න මමම හදපු වගුවක් තියෙනවා. කොහෙන්වත් උස්සලා නෙවෙයි, මේ දැන් හැදුවෙ. හැමෝම මං වගෙ 18ටේ කොල්ලො නෙවෙයිනෙ. 🙂 පේනවා මදිනං එහෙම කෂ්ටිය ලැජ්ජ වෙන්න ඕනෙ නෑ වගුව උඩ දෙපාරක් කොටන්න. 😀

ප.ලි. මා අවුරුදු පහකට හෝ හයකට පෙර දුම්පානය නතර කල බව සලකන්න. Hong Konger යන වචනයේ භාවිතාව මේ කතාවට ඈඳූමුත් එය සැබවින්ම සිදුවූයේ මෙම වසරේ 2012 මුල භාගයේය.

මමත් සියල්ල දත් නෙවෙයිනෙ. මම නොදැන හිටියට එහෙම වචනයක් තිබිලා තියෙනවා. මෙන්න විකිපීඩියාවෙන්…

The terms Hong Konger (or Hongkonger), Hongkongese, and Hong Kong People are all translated into the Cantonese term of Hèung Góng Yàhn (Chinese: 香港人; Cantonese Yale: Hèung Góng Yàhn). As a result, the above terms are different only as far as English language usage is concerned. People from Hong Kong in Western countries are also referred to colloquially as Hongers[citation needed] (or honkies[citation needed], an offensive term ), however these latter terms are not always well received. The terms embodies a civic identity as opposed to one based upon race or ethnicity.

Hong Konger is used more often by native speakers of English,[citation needed] while Hong Kong People, a more direct translation of the term Hèung Góng Yàhn, is used to a greater extent by Chinese native speakers in Hong Kong when writing or speaking in English.[citation needed] Hongkongese is a relatively recent term coined by the North American press, likely using the same suffix as the word Chinese does.[1]

The term Hong Kong Chinese was used more often in the 19th to early 20th century in Hong Kong[citation needed], where the British population residing in Hong Kong made up a higher percentage than what it comprises now. One used to refer to an individual as Hong Kong Chinese in order to differentiate the person from a Hong Kong Briton.

 

ටැග: , , , , ,

42 responses to “67. ජර්මන් යන එවුන් බේත් විදගන්න වරෙල්ලා!!

  1. Senna

    මැයි 23, 2012 at 1:14 පෙ.ව.

    හොඳ වෙලාවට පලිය දාල තියෙන්නෙ. නැත්තම් මම දෙකක් දෙන්ඩ හිටියේ, මොකද කාට හරි කොහෙදි හරි කියලා තිබුනා දුම් බීම සරීරයටයි පර්ස් එකටයි දෙකටම හොඳ නෑ කියලා.. ම්ම් මට මතක් වෙන්නෑ ඒක කොහෙද කිව්වෙ කියලා.

    දැන් ඉතින් හොංකොඟර් කිය කිය වද වෙන්ඩ ඕනා නෑනේ.. චයිනීස් කියලා නිකන් ඉන්ඩ පුලුවන්නෙ.. 🙂

    “අබු ඩාබි එකනම්” විකාරයක්. ( අබු ඩාබි කොහොමත් විකාරයක් 🙂 ) අබු ඩාබි වලින්, අබු ඩාබි හරහා කිව්වනම් කොච්චර ලස්සනද..

    ජයම පතමි !!!

     
    • kavikaari

      මැයි 23, 2012 at 7:48 පෙ.ව.

      ඔය තායිවාන් කාරයින්ටයි චීනෙ අවට රට වල ඉන්න චීන්නුන්ටයි එහෙම චීන කිව්වම එයාල කැමති නැහැ වැඩිය. උං පොශ්.

       
    • DDT

      මැයි 23, 2012 at 1:24 ප.ව.

      අයියෝ Senna, ඔය හරහා කියන වචනෙ පාවිච්චි කරන්නෙ බොහොම පරිස්සමට. මේ බලන්නකෝ ….

      // මෙවැනිම ආකාරයට යොදන තවත් වචනයක් වන්නේ ‘හරහා’ යන්නය. හරහා යන වචනයද ඉංග්‍රීසි යෙදුමක් වන a cross යන්නට ආදේශකය වශයෙන් යොදා ගන්නේද යන සැකය කීප විටක් මා තුල ඇතිවූයේ ‘මේ කාර්යය ඉටු කරගත හැක්කේ ඇමතිතුමා හරහා ය’. ‘පළාත් සභාව හරහා යාමෙන් මේ කාර්යය ඉටු කරගැනීමට පහසු වේ’. වැනි අමන යෙදුම් නිසාය. ඇමතිතුමා හරහා ගියොත් ඒ අසරණයා (අසරණයා?) මියයන්නට ඉඩ ඇති බව නොපෙනේද? පළාත් සභාව හරහා එය කුඩුපට්ටම් කරගෙන යාහැක්කේ බුල්ඩොසරයකට පමණි. ඇමතිතුමා මගින්, පළාත් සභාව ඔස්සේ, වැනි යෙදුම් මේ නිවේදක අම්බරුවෝ කිසි දින නොයොදති. සාමාන්‍යයෙන් අප අසා ඇත්තේ කානු දිගේ වතුර ගලන බවය. වරක් සීගිරිය පිලිබඳ විචාරයක් කල රූපවාහිනී අම්බරුවෙක් එහි කානු හරහා වතුර ගලන බව කීවේය. //

      අනිවාර්යයෙන් වැසිකිලිය හරහා යාම

       
    • buddhiprasadh

      මැයි 24, 2012 at 11:58 පෙ.ව.

      අබු ඩාබි වලින්, අබු ඩාබි හරහා කිව්වනම් // එයිට වඩා හොඳ නැද්ද සෙන්නා අබු ඩාබි හරකා කිව්වනං…උඔට නෙමේ ඈ……..

       
  2. Kandyan

    මැයි 23, 2012 at 1:21 පෙ.ව.

    තව තියනවා…. ජපන් ගියා / ඉඳලා ආවා….ඇමරිකන් ගියා / ඉඳලා ආවා……

     
  3. අටම්පහුර

    මැයි 23, 2012 at 1:22 පෙ.ව.

    වනන පස්සවල් බැලිම එතරම් සුබනැත. හාමිනේට අහුඋනොත් අනිවා ඔබතූමාට වනනවාමය

     
  4. වින්චැට් කිරිල්ලී.

    මැයි 23, 2012 at 1:40 පෙ.ව.

    මට නම් ඔය වැරදීම් නිතරම වෙනවාය…සමාවෙන්ට ඕනෑය…ඉස්කෝලෙ ගියේ 4 වසරට විතරය…(ලංකාවෙ.)
    චිකේයියා..ඒ අස්සෙන් පස්සක් ……:D:D

     
    • ක්සැන්ඩර් | Xander

      මැයි 23, 2012 at 6:33 පෙ.ව.

      අපුරු ඉංග්‍රීසි පාඩමක්, මේ කතාවේදී මට මතක් වෙන්නේ මට බිස්නස් ස්ටඩිස් උගන්නපු ආනන්ද ජයතිලක ගුරු පියා. පාඩමක් කතාවක් එක්ක කියල දෙන්න ඒ තරම් කෙනෙක් මට ආයේ හම්බුනේ නෑ. අර මනුස්සයා මුස්ලිම් කෙනෙක් මයේ හිතේ.

       
    • kavikaari

      මැයි 23, 2012 at 7:50 පෙ.ව.

      ඒ උනාට ඔයාට හොඳට සිංහල ලියන්ට පුලුවන්නෙ කිරිල්ලි

       
    • henryblogwalker

      මැයි 23, 2012 at 7:24 ප.ව.

      @Senna: මාර බේරිල්ලක්නෙ මං බේරිලා තියෙන්නෙ.
      මං හිතන්නෙ ඒක මම සඳරුවාට දාපු කමෙන්ට් එකක්. 🙂

      @කවිකාරි: ඇයි කවිකාරි අනිත් රටවල එවුන් අපි ඉන්දියාවෙද කියලා ඇහුවම අපිටත් පනින්නෙ මල් වත්තක්ම. 😀

      @DDT: හම්මෝ වචන පාවිච්චි කරන්නත් බය හිතෙනවා. මමත් ලංකාවට ගිහින් යකාගෙ පෙට්ටිය දිහා බලං ඉන්නකොට මට නිතර ඇහෙන දෙයක් තමයි ‘සහ’ කියන වචනයෙ පාවිච්චිය වෙනස් වෙලා තියෙන හැටි. හරියටම ඉංග්‍රීසි ‘and’ පාවිච්චි කරන විදියට සමහරු ඒක පාවිච්චි කරන්නෙ…

      @Kandyan: හරියට හරි කැන්ඩියන්, හරියට හරි! 🙂

      @අටම්පහුර: මෙන්න අත්දැකීම් කතාකරන්වෝ! 😀 😀 😀

      @වින්චැට් කිරිල්ලි: අනේ ඔයා මගෙ නූගත්ම රසිකාවියන්ගෙන් / සගයන්ගෙන් එක්කෙනෙක්! 😀 වැනෙනෙ පස්සක තියෙන ලස්සන දන්නෙ නරඹන අපිම තමයි! ඒ පාඩමේ තියෙන නීරස ගතිය අඩු කරන්න දාපු රසකාරකයක්!

      @Xander: අහන්නත් ආසයි ඒවගෙ ගුරුවරු ගැනත්, ඒ ගුරුවරු ගැන ආදරෙන් කතාකරන ඔයා වගෙ ගෝලයො ගැනත්.

       
      • අහවලා

        මැයි 29, 2012 at 4:04 පෙ.ව.

        මචං, මුදලාලි කිව්ව වැරදිද මන්දා… ෆ්‍රැන්ක්ෆර්ට් වලට ශ්‍රිලංකන් ඩිරෙක්ට් ෆ්ලයිට් තියෙනවා නෙ… අඩුම ගානෙ 2008 දි තිබුනා… දැන් නවත්තලද දන්නෙ නැහැ… 🙂

         
  5. විසිතුරු | visituru

    මැයි 23, 2012 at 6:22 පෙ.ව.

    //හොංකොඟර් //

    මගෙ දිවත් උලුක්කු වුණා ඔය වචනෙ උච්චාරණය කොරන්න ගිහින්!

     
  6. Weni

    මැයි 23, 2012 at 6:48 පෙ.ව.

    ඉංගිරීසි පාඩම අස්සෙ බෙලි ඩාන්ස් පාඩමකුත් තියේ..මන් ඒක කියෝලා නිනං හිටියා..
    ප.ලි. මමත් හිතා හිටියෙ ජර්මන් යන්ඩ..දැන් නම් හිතා ඉන්නෙ ජර්මනි යන්නයි..

     
  7. praveena

    මැයි 23, 2012 at 7:42 පෙ.ව.

    හී හී ලස්සන පාඩමක්!!!

    Russia කියන එක dictionary එකක් බලලම ලියලා තියනවා වගේ පේනවා.

    අර වැනෙන ඒවා දිහා බලාගෙන හිටපු එක තමා නරක… 🙂

     
  8. kavikaari

    මැයි 23, 2012 at 7:53 පෙ.ව.

    කට්ටියව ඉම්‍යුන් කරන ඩුඩ් ට පිං. කොහෙ ගියත් මොනව කලත් උගන්නන්ට ලෝකෙට ආපු එකා උගන්නනවාම තමා.

     
  9. හංසකිංකිණි

    මැයි 23, 2012 at 7:56 පෙ.ව.

    චහ්!!! හැන්රි ඩූඩ් ට අංචියක් අදින්ඩ තිබ්බ චෑන්ස් එක මිස් වෙලා නෙව… අර විටමිංකූරු බොන එක නවත්තල කියල ආරක්ෂක වැකියක් දාලනෙ අන්තිමට… මට නං හොංකොං වැසියට කියන නම ඇහුවම ඉස්සෙල්ලාම මතක් වුනේ හොංකොනා කියල…

     
    • henryblogwalker

      මැයි 23, 2012 at 7:50 ප.ව.

      @විසිතුරු: අනේ දිවනං උලුක් කරගන්න එපා දැම්ම මොකද දවම ඔය පටංගත්තා විතරයි. 😀
      ඔබා අයියා හිටියානං උලුක්කරගන්නෙ ඇහැ.

      @Weni: අන්න හොඳ ලමයි. බේතුත් විදගෙන ලොලිපොප් දෙකක්ම කාලා. 🙂

      @ප්‍රවීනා: ස්තුතියි. නෑ ප්‍රවීනා. මම ඩික්ෂනරි ඇරලා බලන්නත් කම්මැලියෙක්. අපි ටීචිං කෝස් එකට phonology කොහොමත් කරනවා විතරක් නෙවෙයි ඒක මගෙ ප්‍රියතම විශයයක්. අනික ඕකෙ pronunciation එක ආසන්න වශයෙන් රෂ. රෂ්‍ය නෙවෙයි. එහෙම පොඩ්ඩක් වෙනස් කරලා දැම්මේ සිංහල කටට පොඩ්ඩක් හුරුවෙන්න. 🙂

      @කවිකාරි: ස්තුතියි කවිකාරි. ඔයා ඒක හොඳ චේතනාවෙන් කිව්වට මට මතක්වුනේ සක්විත්තව. 😀

      @ හංසකිංකිණි: උඹ ඉතිං කොහොමත් මට අංචි අදින්න බලා එන්න එකීනෙ. තණකොල ගස් අස්සෙන් ලෝකෙ දිහා බලන එවුන්ට හොංකොනා කියලා හිතෙන එක පුදුමයක්යෑ. අන්න අපේ ගමේ ඉස්කෝලෙ මහත්තයෙකුට හෝ ගාලා කිඹුහුං යනවලු… 😀 😀 😀

       
  10. DDT

    මැයි 23, 2012 at 12:43 ප.ව.

    “ජර්මන් යන එවුන් බේත් විදගන්න වරෙල්ලා !!“ කිව්වම මම ඒත් හිතුව මේ මනුස්සය හදිස්සියෙ ඉස්පිටිතාලයක්වත් ඕපන් කොරලය කියල.
    ඔය නිතර ඇහෙන්නෙ නැති සමහර නාම පද වෙනත් භාෂාවලට පරිවර්තනය කරනකොට, ශබ්ද කරන කොට ටිකක් අවුල් වගේ දැනෙන ගතියක් මටත් තියනව. 😀

     
  11. Uma

    මැයි 23, 2012 at 5:41 ප.ව.

    මළා, මම හිතුවෙ ජර්මනියෙ වසන්ගත ලෙඩක් වත් පැතිරෙනවද කියල මේ දවස්වල..:)

    පරිවර්තනය කිරීම ගැනනම් කියලා වැඩක් නෑ. මම දැන් අවුරුද්දක ඉදලා “කීවෙනි” කියන එකට ඉන්ග්‍රීසි වචනෙ හොයනවා. තාම නෑ හම්බ උනෙ 😦

     
  12. මඩිස්සලේ නිශාන්

    මැයි 23, 2012 at 7:07 ප.ව.

    සර්ටත් පොඩි පොඩි වචන මිස්ටේක් ටක්ගාලා අල්ලගන්න පුරුද්ද තියෙනවා නේද?.මගේ යාලුවෙකුත් ඉන්නවා කාටවත් වචනයක් වැරදෙන්න බැහැ කොතැන හිටියත් මෑන් වැරදි වචනේ හදනවා මැද්දට පැනලා 🙂

     
    • henryblogwalker

      මැයි 23, 2012 at 8:20 ප.ව.

      @DDT: මං හිතුවෙ දැං DDT විතරක් නෙවෙයි මැලතයනුත් තහනං කරලයි තියෙන්නෙ කියලා. 😀 දැන් දැන් වෙන දේවල් වල හැටියට මම ඉස්පිරිතාලයක් දැම්මත් පුදුම වෙන්න දෙයක් නෑ!

      @Uma: කිසි අවුලක් නෑ ජර්මනියෙ!

      උමා ඔය වචනෙ කොච්චර හෙව්වත් හම්බවෙන්නෙ නෑ. නමුත් ඒ වචනෙම නැතුවට ඒ අදහස ගන්න පුලුවන් ක්‍රම කීපයක් තියෙනවා. ඕනෙම භාෂාවකට ඔයවගෙ අනිත් භාෂාවක ඇති තමන්ට නැති වචන තියෙනවා. ඒකෙන් අදහස් වෙන්නෙ නෑ ඒ භාෂාව දුර්වලයි කියලා.

      ඉස්සර ඉංග්‍රීසි ගුරුවරු අමාරුවෙ දාන්න ගහපු “කුල්ල” කාඩ් එකකුයි අභයාසලාභී ගුරුවරුන්ට ගහපු ‘පිපිඤ්ඤ’ කාඩ් එකකුයි කියලා ගොං පාට් දෙකක් තිබ්බා.

      @මඩිස්සලේ නිශාන්: නිශාන්, මට භාෂාවෙ වැරදි පේන්නෙ ඒක මගෙ රස්සාව නිසා. ඒක ගුරුවරයෙක් හැටියට ප්‍රගුණ කලයුතු ශිල්පීය දක්ශතාවයක්. Trained eye and ear for linguistic errors.

      නමුත් වැරදි දැක්ක ගමන් පෙන්නලා දෙන්න යන්නෙ නෑ රස්සාවෙන් පිටතදි. ගමයා සහ තවත් අය මාත් එක්ක ගිවිසුමක් ගහලා තිබ්බේ වැරදි පෙන්නලා දෙන්න කියලා. ඔය බ්ලොග්වෝකර්ගෙන් නොමිලේ ඉංග්‍රීසි මුල් පෝස්ට් එකක ඒක සඳහන් වුනා. එහෙම හැර මිනිස්සු කරන වැරදි පෙන්නලා දෙන්න යන්නෙ නෑ මම කොහෙත්ම

       
  13. Weni

    මැයි 23, 2012 at 10:13 ප.ව.

    හෆ්ෆට සිරි මන් දැන් දැක්කෙ ප්‍රවීනට දීපු උත්තරෙ.. ටීචිං කෝර්ස් එකක් කරන කොට ෆෝනෝග්‍රැපිත් උගන්වනවද ? අදම මාත් යනවා ඔය කෝස් එකකට..

     
  14. hiruni

    මැයි 24, 2012 at 12:56 පෙ.ව.

    හරිම වටින පාඩමක්….:D

     
  15. හිරු

    මැයි 24, 2012 at 10:49 පෙ.ව.

    අපොයි “හොංකොඟර්” කියන්න ගියාම පන යනවනේ අප්පා..:( නොකියා ඉන්න එක මිට හොදයි..:)
    මොනවා උනත් වැදගත් යමක් තියනවා…:) හුගක් ස්තුතියි..

     
  16. රූ

    මැයි 24, 2012 at 10:01 ප.ව.

    නොදන්න දෙයක් දැන ගත්තා හෙන්රි..
    ගොඩක් ස්තුතියි..

     
  17. අසරණයා

    මැයි 25, 2012 at 4:37 ප.ව.

    ඇත්ත නේ හැබැයිඋඹත් එක්ක ඉද්දි වචන හරි පරිස්සමින් කතා කරන්න ඕනේ. මතකනේ බස් එකේ ෂිට් කියල කෙනෙක් කියල දුන්නු උත්තරේ.

    නොදන්නා දෙයක් දැනගත්ත.මරු.

     
  18. අඩවි රජා

    මැයි 25, 2012 at 9:10 ප.ව.

    හැකැස් කිව්වලු… 🙂

    එන්න පරක්කු උනා..අද ගෙදර ආවේ..
    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

     
  19. Gold fish

    මැයි 26, 2012 at 11:32 පෙ.ව.

    නියම පාඩමක්…! සෑහෙන දෙයක් ඉගෙන ගත්තා…

     
  20. තිස්ස දොඩන්ගොඩ

    මැයි 26, 2012 at 12:40 ප.ව.

    ස්තූතියි හෙන්රි – උඹ හැමදාම වැදගත් දෙයක් අරන් තමා ගොඩවෙන්නේ !

     
  21. Gaminie Vijith

    මැයි 27, 2012 at 12:08 ප.ව.

    අපූරු පාඩම .. මෙච්චර නාකි වෙලත් අපි කොච්චර වැරදි කරනවද ?

     
  22. ගැමියාගේ පත් ඉරුව

    මැයි 28, 2012 at 12:24 පෙ.ව.

    කාලෙකින් ආවෙමි….. මම හිතුවේ ජර්මන් සරම්ප ගැන කතාවක්වත් දාලද කියලා.ජර්මන් යන්න වෙන්නැ කිව්වම මම හිතුවේ ජර්මන් සරම්ප වලට බේත් විදලා නෑ වගේ කතාවක් කියයි කියලා…. බොලේ අදත් ඉංග්‍රීසි පාඩම රසවත්ව ඉදිරිපත් කරලා තියෙනවා… කියන්න සන්තෝසයි මම මේකේ වෙනසක් දැනගෙනම හිටියේ නෑ හැබැයි දැන් දන්නවා…

    මෙහෙම කියෝගෙන කියෝගෙන යද්දි හොංකොඟර් ගැන කියෙව්වම මට කංපනාවට ආවේ චීන්නුන්ව… ක්‍රිකට් මැච්වල ලෙෆ්ට් ආර්ම් චයිනමන් කියලා තියෙනවනේ…. වම් අතේ චීනෙක් කියලද ඒ කියන්නේ එතකොට??

    අපේ පන්තියේ හිටියා ඇස් හීනි දිග කොට කොල්ලෙක්… අපි තාම කියන්නේ චයිනා කියලා… ඒ ඉතිං චීනා කියන තේරුම එන්න…. සමහර දවස්වලට මේඩ් ඉන් චයිනා කියලත් කියනවා… මම හිතන්නේ මට තාම තේරුම අහුවුනේ නෑ….

    මේ උගන්නන විලාසෙට මම මාර කැමතියි ආසාවෙන් ඉගෙනගන්න පුළුවන්නේ… ඩූඩ් අයියාට ලංකාවේ නමගිය ටියුෂන් ගුරුවරයෙක් වෙන්න තිබුනානේ කියලත් හිතෙනවා අප්පා….

     
  23. chami4u

    මැයි 30, 2012 at 12:31 ප.ව.

    නියම පාඩමක් ..
    ගොඩ දවසක ඉදලා මේක බලන්න හැදුවේ එත් ලොග් වෙන්න බැරි උනානේ…මොකක් හරි අව්ලක් තිබුනද…
    දුම් පානය නතර කල එකනම් එල..මමත් දැන් උත්සහ කරමින් ඉන්නවා… උත්සාහය හරි යන පාටයි ..

     
    • henryblogwalker

      මැයි 31, 2012 at 9:44 පෙ.ව.

      මගේ මවගේ අභාවය හිසා දින දහයක ආපදා නිවාඩු ලබාගෙන ලංකාවට පැමින සිටිමි. දැන් කටයුතු සියල්ල අවසන්ය. පසුව ඔබ සියලු දෙනා හට පිළිතුරු සැපයීමට අදහස් කර

       
  24. රන්දිල්

    මැයි 31, 2012 at 12:27 ප.ව.

    ඔබගේ මව්ගේ අභාවය පිළිබඳව මගේ කණගාටුව ප්‍රකාශ කරමි.

     
  25. praveena

    මැයි 31, 2012 at 12:30 ප.ව.

    //A mother’s love for her child is like nothing else in the world. It knows no law, no pity, it dares all things and crushes down remorselessly all that stands in its path – Agatha Christie//

    Please accept my deepest sympathy. 😦

     
  26. chami4u

    මැයි 31, 2012 at 2:36 ප.ව.

    ඔබගේ මව්ගේ අභාවය පිලිබදව මාගේ කණගාටුව ප්‍රකාශ කරමී…ඇයට නිවන් සුව පතමී!!!

     
  27. henryblogwalker

    ජූනි 2, 2012 at 8:00 පෙ.ව.

    @රන්දිල්, praveena සහ chami4u: ඔබට ස්තුතියි.

     
  28. lakmal kandevidane

    ජූනි 4, 2012 at 9:58 ප.ව.

    සද්දයක් නැත්තේ මොකද අසනීපයක්ද කියවලවත් බලන්ඩ මේ පැත්තට ආවේ . ඔබේ මව්තූමියට නිවන් සුව පතනවා. පසුව කතා කරමු

     
  29. Amarasinghe Sujatha

    ජූනි 7, 2012 at 4:18 ප.ව.

    දැක්කෙ දැං ඩුඩ්. කණගාටුයි. එම මැතිණියට නිවන් සුව. ඔබ වගේ පුතෙක් හදපු ඇය නම් පරිපූර්ණ ගැහැනියක් ම වන්නට ඇති. ඔබ පවුලේ සැමට කනගාටුව පලකර සිටිනවා

     
  30. raigamahandiya

    ජූනි 21, 2012 at 4:47 පෙ.ව.

    “අනේ ‍තෝ මට කියන්නෙ නේ? ඔය සපත්තුව තෙමිලා තියෙන්නෙ තොගෙ දිව ඇතිල්ලිලා…” හෙන්රි, ඔබ සටහන් කියවන්න අමුතු ආයාසයක් ගන්න ඕනේ නැහැ. කහ මදෙටම එන කම් ඇද්දා. මාත් කරපු දෙයක්. නැත්නම් කිසි ගතියක් නැහැ වගේ.

     

praveena වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න