RSS

69. මයි ෆස්ට් ලව්ස්. (My First Loves) – 1

17 ජුනි
69. මයි ෆස්ට් ලව්ස්. (My First Loves) – 1

මයි ෆස්ට් ලව්ස්?

නෑ… වැරදිලා ලිව්වා නෙවෙයි. ලව්ස් තමයි.
බඳින්න කලින් එව්වා ඔක්කොම ෆස්ට් ලව්ස් කියලා කියමුකෝ.

පහුගිය දවස්වල දාපු පෝස්ට් ඔක්කොම හැඟීම්බර ඒවා වෙලා නොදැනීම. මේ විදියට ගියොත් මම සංවේදී ලිපි ලියන බ්ලොග් කාරයෙක් හැටියට රාමුවකට කො‍ටුවෙන්න පුලුවන්, ඒ වගේම ‘මට හිතෙන හැටි’ සංවේදී සිරා බ්ලොග් කෑල්ලක් හැටියට හංවඩුව වදින්නත් බැරිකමක් නෑ. ඒ නිසා ඔන්න ආපහු ආව සුපුරුදු බ්ලොග්වෝකර් ශෛලියට.

අපේ එකෙක් (වර්ඩ්ප්‍රෙස් පල්ලා මම නෙවෙයි බොලව්) ගැල්ලමයෙකුට හෙන ට්‍රයි එකක් දෙන කාලෙ. ඒකි මූව ගනං ගන්නෙවත් නෑ. හරියට ඌ කියලා එකෙක් නැතුව වගෙ තමයි හැසිරීම. අන්තිමේදි මූ මෙන්න මෙහෙම ඩෙස්පරාඩෝ ප්ලෑනක් ගැහුවා.

“ඒ මචංලා, මං කියන්නද වැඩක්. මං දුවලා ගිහිල්ලා අර එන බස් එකේ එල්ලෙන්නං. උඹලා ඔක්කොම මට හූ කියාපල්ලා.”

එතකොට තමයි අනිත් උන්ට දේරුනේ ඉතුරු ටික. හූ කියන කොට හැමෝම බලනවනෙ ‘යකෝ කාටද මූං මේ හූ කියන්නෙ?’ කියලා. ‘Desperate times call for desperate measures’ කියලා අර කවුද කිව්වලුනෙ. මේ වර්ණපාල තියරිය නෙවෙයි. වෙනත් ඊට වැඩිය සරළ ප්‍රථමික අහවල් එකක්.

අපි උදේට විවිධ පැති වලින් බස් වලින් ඇවිල්ලා මග ස්පොට් එකක සෙට් වෙලා තමයි යන්නෙ. මෙතන තමයි යුධෝපක්‍රම, යුධ සම්මන්ත්‍රන හෙම පවත්වන තැන. හරිම රසවත් දෙබස් මෙතන යන්නෙ. ම්ම්ම් .. එහෙම කාලයක්!!! ඒ කාලෙ කාපු බූට් වලට ඉතාලියටත් ලැජ්ජ හිතෙන්න ඇති. අනිත් එක අපි කියන දේ අහල පහල ඉන්න අනිත් ජහමනයාට ඇහුනාය කියලා ගානක්වත් අපිට තිබ්බෙ නෑ. අන්න මේ මොහොතේ අයිෆල් කුලුණ පැත්තෙන් කිඹුහුමක් ගියා කියලා රේඩාර් වුනා.

“අඩෝව්, මේ අහගනිල්ල,” එකෙක් කියනවා, “පුදුමා…කාර තත්වයක් සහෝදරවරුනි උද්ගතවෙලා තියෙන්නෙ. ග්‍රහයො ඔක්කොම නීච වෙලා. සිකුරා ගැන කත්…තා කරලා වැඩක් නෑ.”

දැන් අහල පහල ඉන්න බස් එනකල් ඔහේ බලාගෙන හිටපු ඩයල් ඔක්කොම බලා ඉන්නෙ අපි දිහා.

“දැන් අලුතෙන් බඩු දාගන්න නෙවෙයි. තියෙන බඩු ‍රැක ගන්න බලාපල්ලා. ඒ තරං නරක කාලයක් ඩෝ.”

පාරෙන් එහා පැත්තෙ පිරවුම් හලේ පෙට්‍රල් ගගහා හිටපු පොරත් හිනාවෙලා ඔලුව වනලා නොසල් එක පොම්පේ එල්ලුවා. ඌත් ඒ සන්තෑසියම වෙච්ච පොරක් වෙන්න ඇති.

ඒ වගෙම සපෝටර්ලගෙ සපෝට් එක ගන්න ගිහින් කෙල්ල සපෝටර්ට සෙට් වෙලා චාටර් වෙන අවස්ථා එමටයි.

අද වගේම 50% ලව් ඒ කාලෙත් තිබ්බා.
“ඒයි කොහොමද මචං උඹේ ලව?”
“සීයට පනහක් ගොඩ මචං.”
“සිරාවටම?”
“ඔව් මචං හැබැයි ඒ පනහම මගෙ පැත්තෙන්. ඒකි දන්නෙවත් නෑ.”
(aka One Way Love Affairs)

තව දෙයක් තමයි ගට නොමැති වීම. ඕක අහන්න ගියොත් මේ තියෙන අහවල් එකත් නැතිව යන්න පුලුවන් කියලා අස්ථාන බියක් ඇතිකර ගැනීම. ඒ නිසාම approach එක දවසෙන් දවසට කල් දැමීම. අද නෙවෙයි හෙට ෂුවර් එකටම අහනවා කියලා කිසිදා නො එන හෙට දවසකට කල් දානවා බාලගිරි දෝශය වගෙ. අන්තිමේදි බොහෝ විට වෙන්නෙ කොහේවත් ඉඳලා පාත් වෙන හැලපයෙක් කෙල්ලව ඩැහැගෙන යාම. වැඩේ චාටර්ම වෙන්නෙ පස්සෙ ඒකිත් කැමැත්තෙන් හිටපු බව ආරංචි වීම. එතකොට තමයි පශ්චාත් භාගයට පයිං ගහගෙන දිව විකාගෙන මැරෙන්න හිතෙන්නෙ.

කෙනෙක් තව කෙනෙකුට ආකර්ශණය වෙන්නෙ මොකක් හරි විශේෂ ශාරීරික ලක්ෂණයක්, නැතිනම් ගතිගුණයක් හෝ ඒවාගෙ එකතුවක් නිසා. සමහරවිට අනෙකා ලඟ ඇති තමා රුචි නොකරන ඍන ලක්ෂණ පවා අර ධන ලක්ෂණවලට ටිකෙන් ටික යටපත් වෙනවා.තවත් විශේෂ දෙයක් තමයි මගේම වචනයෙන් කිව්වොත් “කැත ගෙවී යාම”. කවදහරි පුදුමවෙලා තියෙනවද ‘ඇයි දෙයියනේ අරූ අර වගෙ හුචක්කුවක් එක්ක යාලු වුනේ. මූට ඇස් පේන්නෙ නැත්ද?” කියලා. ඒක

බොහෝ විට වෙන්නෙ දවස ගානෙ දකින මුන ගැහෙන ආශ්‍රය කරන කෙනාගෙ බාහිර ඍන ලක්ෂන යටපත්වෙලා වෙනත් හැඟවිලා තිබ්බ ගතිගුණයක් ඉස්මතුවීම වෙන්න ඇති කියලා මට හිතෙනවා.

මට මතක් වෙනවා අපේ මලයා දවසක් කිව්ව කතාවක්. ඉතාම කෲශ (painfully thin, a man could get serious injuries on contact) කෙල්ලක්ව අතින් ඇදගෙන පේව්මන්ට් එක දිගේ වේගයෙන් ඇවිදගෙන ගිය ඩයල් එකක් දැකපු අඳුරන්නෙත් නැති පොරක් මල්ලිට කිව්වලු “සුප් එකකට වෙන්නැති” කියලා.

ඒ වගේම නැලවිල්ලෙන් පැද්දිල්ලෙන්, ඇහැ කොනින් හොරෙන් බැලීමෙන් පටන් අරං අහස උසට බලාපොරොත්තු දීල, (මගෙම වචනවලින් කිව්වොත් Dangling sex in front of your face© මූණ ඉස්සරහ වැනීම), පස්සෙ බලනකොට වෙන කොහෙ හරි යන හාල්පාරුවෙක් එක්ක බස් හෝල්ට් එකක කතා කරකර ඉන්නවා, නැත්නම් මල්වත්තෙ අත් අල්ලාගෙන ඇවිදිනවා දකින කොට කොහොමද පපුවට දැනෙන සනීපේ?

ගෑල්ලමයින්ගෙන් මට ලැබිලා තියෙන උත්තර මම වර්ගීකරනය සඳහා ලැයිස්තුගත කරල බැලුවා.

“ඇයි ඔයා මාත් එක්ක තරහ වෙලාද/ තරහද/ තරහෙන් වගේ? ඊ ටී සී.

“තරහවෙන්න අපි යාලු වෙලා හිටියයැ?”

කතාව ඇත්ත. යාලුවෙල හිටියා කියන එක නිර්වචනය කරන්නෙ කොහොමද?

“අනේ ඩූඩ් අයියෙ, එයා කියනවා ඔයා කොච්චර හොඳ කොල්ලෙක් වුනත් ඔයා සීරියස් මදිලු”

මේ පණිවිඩය කියන්නෙ සපෝටර් නංගි. අඩු ගානෙ මං හොඳ කියන කැටිගරියෙ ඉන්නවනෙ

“අනේ ඩූඩ් අයියෙ, අපි සහෝදරයො වගෙ ආශ්‍රය කරමු.”

මට කොච්චර නං සහෝදරියො හිටියද ඒ දවස්වල. තාත්තා පුදුම වෙයි දන්නවා නම්!

ඇති ඇති. ඔය ඇති.

ඔන්න ඔහොම එක කේස් එකක් කඩා වැටෙන කොටම තමයි මම අහම්බෙන් ලියපු තරඟ විගාගයකින් සමත් වෙලා ගුරු පත්වීමක් ලැබිලා අම්පාරට ගියේ. අප්‍රේල් නිවාඩුවට ගෙදර ආවම වැඩිපුරත් සතියක් නිවාඩු දාලා ඉන්න ගමන් මම පරන පුරුද්දට ගියා අර බස් එකේ. ඔන්න යකෝ අර ගැන්සිය ඉන්නවා.
මාව වටකරත්ත කෙල්ලො මගෙන් අහනවා

“අනේ ඇයි ඩූඩ් අයියෙ ඔයා අපිව දාලා ගියේ?”

“ඔයා අපිත් එක්ක තරහද?”

“ඇයි ඔයාට අපිව එපා වෙලද?”

“ඇත්තටම ඩූඩ් අයියෙ ඔයා කොහෙද ඉන්නෙ?”

“මම ඉන්නෙ අම්පාරෙ” මම කිව්වා.

“අම්මෝ අම්පාර තියෙන්නෙ හරී ඇත නේද?”

“අනේ කැලේ නේද අනේ?”

“ඔයා බය නැද්ද ඔය කැලේ මැද්දෙ ඉන්න?”

“එහෙ සත්තුත් ඇතිනේ?” (“හුහ් සුකොමල ලලනාවො ටික!”)

“අනේ අලි විමානෙලු නේ?”

“ඉන්නවා ඕනැ තරම්.” මම කිව්වා.

“ඉතිං අයියේ එහෙ ඉන්නේ? මේ අපේ ඉස්කෝලෙට එන්නකො ඔයා.”

“අනේ, අනේ ඔව් අනේ අපේ ඉස්කෝලෙට එන්න ඔයා.” ඔන්න කට්ටියම උඩ පනිනවා දැං.

“නෑ. එහෙ ඉන්න දාර පිඹුරු වග වලස්සු මෙහෙ එවුන් තරම් දරුණු නෑ.”

මේක කිව්වම මට මාර සනීපයක් හිතට දැනෙන්න ගත්තා, කාලයක් හිතේ තිබ්බ බරක් නිදහස් වුනා වගේ.

“ඔයා ඔය අපිට නේද කියන්නෙ? ඔයා හරී…නරකයි”

“කැමති විදියකට හිතාගන්න.”

“ඒක නෙවෙයි අයියෙ, ඇත්තටම එහෙ අලි ඉන්නවද?”

“නංගි ඔයා මොනවද මේ කියන්නෙ? අලි තමයි උදේට ඇවිත් හොඬවැලෙන් බ්ලැක් බෝඩ් එක පිහදාලා යන්නෙ.” මම කිව්වා.

කෙල්ලො ටික කට ඇරන් මගෙ දිහා බලා ඉන්නවා මගෙ මූනට එබීගෙන මම කිව්වෙ ඇත්තක්ද බොරුවක්ද දැනගන්න. ඇත්තෙන්ම මට ලැබිලා තිබ්බෙ අම්පාර නගරයෙ පිහිටලා තිබ්බ හොඳම පාසැල් වලින් එකක් කියලා මම මුන්ට නොකිව්වෙ ආතල් එක කැඩෙන නිසා.

“හරි නංගිලා, මම යනවා, Good Bye!” කියපු මම ඒ නංගිලාගෙ ජීවිතවලින් ඇත්තටම ඉවතට ඇවිදගෙන ගියා අලුත් ලොවක් කරා.

 

ටැග: , , , ,

98 responses to “69. මයි ෆස්ට් ලව්ස්. (My First Loves) – 1

  1. Rohan

    ජූනි 17, 2012 at 2:25 පෙ.ව.

    ela!!!!!!!!!!!!!!!!!

     
  2. ක්සැන්ඩර් | Xander

    ජූනි 17, 2012 at 6:42 පෙ.ව.

    ඇට්ටි හැලෙන්න ලියල තියෙන්නේ.. අදටත් ඕවා ඔය විදියටම වලංගුයි. ඒත් එකක් හැර. අද කොල්ලෝ කෙල්ලෝ ඔක්කොම කතා කියන්නේ එක්කෝ ෆේස්බුක් එකේ චැට් වල නැත්තන් එස්.එම්.එස් හරහා, ඒත් නැත්තං ටෙලිෆෝන් වලින්. බස් හෝල්ට් වල කට්ට කාපු අන්තිම සෙට් එක අපේ පරම්පරාව මම හිතන්නේ.

     
    • henryblogwalker

      ජූනි 17, 2012 at 9:17 ප.ව.

      ස්තුතියි Xander ප්‍රතිචාරයට. ම්ම්ම් සමහරවිට වෙන්නත් ඇති, ඔය නම් කියන්නෙ Zander කියලද නැතිනම් Exander කියලද?

       
      • ක්සැන්ඩර් | Xander

        ජූනි 18, 2012 at 12:14 පෙ.ව.

        මේක කියන්නේ ksander කියලා නේද?

         
        • henryblogwalker

          ජූනි 18, 2012 at 6:50 පෙ.ව.

          OK ක්සැන්ඩර්. හැබෑට සිංහලෙන් ඉංග්‍රීසියෙන් දෙකෙන්ම ලියලත් තියෙනවා නේ, මම ඒක නෝට් කලේ නෑ. දැන් පැටලුම් ඇරගත්තා.
          ප්‍රශ්නෙ වුනේ සාමාන්‍යයෙන් ඕක කියන්නෙ zසෑන්ඩර් කියලා නිසයි.

          http://en.wikipedia.org/wiki/Xanderකියන පි‍ටුවෙ Xander (/ˈzɑːndər/ or /ˈzændər/) is a given name or a nickname for Alexander (alternate spelling Zander). It is also a surname in the United States (#75971 out of 88799 in the 1990 U.S. Census).

          කිසි අවුලක් නෑ. මම මීට පස්සෙ ක්සැන්ඩර් කියලා කියන්නම්. 🙂

           
  3. hasithag

    ජූනි 17, 2012 at 7:46 පෙ.ව.

    හැමතැනම පැණි විසිවී ඇත. අවවාදයයි කූඹි සපා කෑමෙන් මිය යා හැකිය 🙂

     
  4. DDT

    ජූනි 17, 2012 at 11:58 පෙ.ව.

    // අනේ ඩූඩ් අයියෙ, එයා කියනවා ඔයා කොච්චර හොඳ කොල්ලෙක් වුනත් //

    යකඩෝ … ඒ අස්සෙ නයිත් ඇරල නේ. 🙂

     
    • DDT

      ජූනි 17, 2012 at 12:01 ප.ව.

      ආ … අහනන් අමතක වුණා. මම මේ මාළුවගෙ බ්ලොග් එකේ අයියගෙ කමෙන්ට් එක දැකල ආවෙ. නැත්නම් පෝස්ට් එකක් දාපු බව දන්නෙත් නෑ. ලෙඩේ ගොඩ දා ගත්ත ද?

       
      • henryblogwalker

        ජූනි 17, 2012 at 9:27 ප.ව.

        ඇත්ත කිව්වම නයි අරිනවා වගෙ පේනවානම් ඔබ සාර්ථක මිනිසෙකි.
        – Quotable Quotes from henryblogwalker

        ස්තුතියි DDT දැන්නම් හරි වගෙ. නමුත් වර්ඩ්ප්‍රෙස් අවුලක්ද බ්ලොග්ස්පොට් අවුලක්ද මන්දා මේක අප්ඩේට් වෙන්න පැය 18ක් ගියා. දැන්නම් හරි. මේක වර්ඩ්ප්‍රෙස් නිසා නෙවෙයි. සරත් ලංකාප්‍රියගෙ බ්ලොග්ස්පොට් බ්ලොගත් අප්ඩේට් වෙලා නෑ මාස ගානකින්.ස්තුතියි ඈ?

        මොකද බං තහනම් කරපු කෘමිනාශකේක නමක් දාගෙන ඉන්නෙ? 😀

         
        • DDT

          ජූනි 18, 2012 at 9:53 පෙ.ව.

          // මොකද බං තහනම් කරපු කෘමිනාශකේක නමක් දාගෙන ඉන්නෙ? //

          හි හී …. ඒ මගේ නමේ මුල් අකුරු ටික අයියා. අපිට 10 වසරෙදි ද කොහෙද මුලින්ම ඔය ඩීඩීටී ගැන ඉගැන්නුවෙ. තහනම් කරපුවට මම සාමාන්‍යයෙන් ටිකක් මනාපයි. ඒ නිසා මමත් ඒකම පාවිච්චි කළා. ඇයි ඒ නම හොඳ නෑ නෑ වගේ ද?

           
          • henryblogwalker

            ජූනි 18, 2012 at 12:32 ප.ව.

            අනේ නෑ බං. විහිලුවට කිව්වෙ. ඒ නම් එල. අර හැලපයා කියලත් එකෙක් ඉන්නෙ අන්තිම පේලියෙ. තහනම් කරපුවට මනාප වෙන එක මනුෂ්‍ය ස්වභාවය නේ? අධ්‍යාපනය තහනම් කලානම් අද සෑහෙන දෙනෙකුට උපාධි තියෙයි මං හිතන්නෙ.

             
  5. රාජ්

    ජූනි 17, 2012 at 12:30 ප.ව.

    හිනාව ආරෝහනය උනා.
    “නංගි ඔයා මොනවද මේ කියන්නෙ? අලි තමයි උදේට ඇවිත් හොඬවැලෙන් බ්ලැක් බෝඩ් එක පිහදාලා යන්නෙ.” 🙂
    “කැත ගෙවීයාම”සහ “ඍන ලක්ෂන යටපත්වෙලා වෙනත් හැඟවිලා තිබ්බ ගතිගුණයක් ඉස්මතුවීම” ….. හරියට හරි. මාත් ඕක දැකල තියනව. සාමාන්‍යයෙන් අපිට අපේ ගෙදර කෙනෙකුගෙ හැඩරුව නිශ්චය කිරීම අමාරුයි. ඒ අපි ජීවිත කාලයම එකට ඉන්න නිසා වෙන්නැති. ඒ වගේම හෙන්රි කියන එකේ අනිත් පැත්තත් සිද්ධ වෙනව. මගේ ඥාතියෙක් ඉන්නව යෝජිත විවාහයක් කරගත්ත. එයා දැන් කියනව “මට එදා ගෑනිව ලස්සනට පෙනුන, හැබැයි එදා විතරමයි” කියල. 🙂
    -රාජ්

     
    • henryblogwalker

      ජූනි 17, 2012 at 9:36 ප.ව.

      විස්වාස කරන්න රාජ් මම එහෙම කිව්වම එකියවත් ඒක අවිස්වාස කලේ නෑනෙ! මට අදත් හිනා ඒකට නම්.
      ඔය අන්තිමට කිව්ව වැඩේ නිතර වෙනවා නේ? සමහරවිට, පස්සෙ යටපත් වෙලා තිබ්බ ඍන ලක්ෂණ ධන ලක්ෂන අභිබවා නැගී සිටීම. නැතිනම් මේකප් වල ප්‍රතිහාර්යය.

       
      • නවම්

        ජූනි 18, 2012 at 9:00 පෙ.ව.

        //මේකප් වල ප්‍රතිහාර්යය//

        ඉස්කෝලෙ කාලෙ කෙල්ලෙක් එක්ක යාළු වෙන්න හිතුනම ඒ කෙල්ලව බලන්න යන්නෙ ඉස්කෝලෙ ගිහිල්ල ඒ ඒ එක්කම පන්තිත් ගිහිල්ල ඇරිල ගෙදර යන කොට. එතකොට තමයි උන්ගෙ නියම ස්වරූපය මතුවෙලා පේන්නෙ. දාඩිය දාල කොණ්ඩ අවුල් වෙලා …….හෙහ් හෙහ්..

         
  6. Senna

    ජූනි 17, 2012 at 1:34 ප.ව.

    ඩූඩ් ගෙ ලිවීමේ හැකියාව සුපිරියි.. පාඨකයව දිගටම ග්‍රහනය කරගන ඉන්න පුලුවන්. ඒ කියන්නෙ නිකම් පොඩ්ඩක් කියවනවා කියලා පටන් ගන්න එකාත් ඔක්කොම කියවලා තමා නතර වෙන්නෙ.

    අර අයිෆල් කුලුනක් ගැන මොනවද කිව්වෙ ? මට තේරුන්නෑ ඒ උලව්ව.

    තාත්තගෙ පුදුම වීමයි, අලියා කලු ලෑල්ල පිහින එකයි මල් හතයි දසම තුනයි දෙකයි පහයි..

    මේ ලිපිය මගෙ බ්ලොග් රෝලේ අප්ඩේට් උනේ පරක්කු වෙලා. මොකක්ද දන්නෑ පුරස්නෙ ?

     
    • henryblogwalker

      ජූනි 17, 2012 at 9:40 ප.ව.

      බොහෝම ස්තුතියි Senna ඇගයීමට. ඒක මට ලොකූ සම්මානයක් ලැබුනා වගෙ. 🙂
      අයිෆල් කුළුනක් ගැන කිව්වෙ, ඔය ගැන්සියෙ යාවජීව සාමාජිකයෙක් අද ඉන්නෙ පැරීසියෙ. ඌ මේක හොරෙන් කියවලා යනවා. කමෙන්ට් දාන්නෙ නෑ.
      අද අප්ඩේට් වීමේ පොඩි අවුලක් තිබ්බ. මගෙම බ්ලොග්ස්පොට් HeyDude බ්ලොගේත් මේක අප්ඩේට් උනේ. 😦 ලියන්නගෙ බ්ලොගේ හෙමත් අප්ඩේට් වෙලා පැය ගානක් ගියාට පස්සෙ. දැන් හරි ඇති නේ?

       
  7. Weni

    ජූනි 17, 2012 at 1:39 ප.ව.

    “සුප් එකට වෙන්න ඇති” 😀
    ඕකෙ අනිත් පැත්ත උනේ අපේ සෙට් එක බස් නැවතුමේ ඉන්නවා..මහතම මහත අක්කා කෙනෙක් එක්ක අයියා කෙනෙක් යනවා එහා පැත්තෙ මස් කඩෙන් මස් ගන්න ගිහින් නොගෙන ආපහු හෝල්ට් එකට ආවා.. අපේ එකෙක් කීවෙ නැද්ද.. අපිට විකුනන ගානට වඩා හරි අඩුවෙන් මස් කඩ කාරයො ඉල්ලන්නෙ” කියලා..අර අක්කා දිහා බලලා..අපි හිනා වෙන්න අනිත් හෝල්ට් එකට ගියා..නැත්නම් ගුටි කනවා අනිවා

     
  8. hiruni

    ජූනි 17, 2012 at 2:14 ප.ව.

    හිකිස්… පව් අර කෙල්ලො ටික වහ කන්න හිතෙන්න ඇති…. 😀 ඊටත් වඩා පව් අර බස් එකේ එල්ලෙනකොට හු කියන්න කියපු යාලුවා…. ඉතින් හු කිව්වම වත් ඒක හරි ගියාද?

     
  9. sAm (සෑම්)

    ජූනි 17, 2012 at 2:24 ප.ව.

    “නංගි ඔයා මොනවද මේ කියන්නෙ? අලි තමයි උදේට ඇවිත් හොඬවැලෙන් බ්ලැක් බෝඩ් එක පිහදාලා යන්නෙ.”

    මේක මම ආසම. හිනාවේ උපරිමයට ගිය තැන.

    දැන් ඉක්කෝල කවුද දන්නෙ නැහැ බෝඩ් එක මකල යන්නේ?

    ජය සහෝ !

     
  10. මඩිස්සලේ නිශාන්

    ජූනි 17, 2012 at 3:28 ප.ව.

    අද කතාව නම් සර් ෆන් ගොඩයි
    මගෙත් 50% ක් සාර්ථක වෙච්ච ලව් කීයක්‌ නම් තිබ්බද.
    අලි ඇවිල්ලා බ්ලැක් බෝඩ් එක පිහිදපු එකනම් මරු
    කොහොම වුනත් හොඳ මතකයන් ටිකක්.

     
    • henryblogwalker

      ජූනි 17, 2012 at 10:25 ප.ව.

      මොකද නිශාන් මට සර් කියන්නෙ නයිට් නාමෙකුත් නැතුව? මේ බ්ලොග් ලෝකෙ අපි ඔක්කොම සමානයි. මමත් ගුරුවරයා ඉස්කෝලෙට විතරයි. බ්ලොග්,ලෝකෙ මම ඩූඩ් නැත්නම් බ්ලොග්වෝකරයා.

      අපි හුඟදෙනෙක්ගෙ මතක ෆන් තමයි ආපහු මතක් කරලා බැලුවොත්. බොහෝම ස්තුතියි ප්‍රතිචාරයට නිශාන්.

       
      • Senna

        ජූනි 18, 2012 at 5:45 පෙ.ව.

        සර් කියන්ඩ පුලුවන් නයිට් කෙනෙක්ට විතරද ? ඇයි අපි ගුරුවරුන්ටයි බොස්ලටයි සර් කියන්නෙ ?

        ඉංග්‍රීසි සර් 🙂 කෙනෙක් හැටියට ඩූඩ් පැහැදිලි කිරීමක් කරයි කියලා බලාපොරොත්තුවෙනවා.

         
  11. අඩවි රජා

    ජූනි 17, 2012 at 7:41 ප.ව.

    ඔය ගෑනු කියන ජාතිය ඔහොම්මමයි….
    වාසි පැත්තට හෝයියා……. 🙂

    මොනා උනත් සිරා කතාව ඈ…ප්‍රශ්න වලට රිප්ලයි ටික තමා කුජීතම..
    හිනා කෑවා….. 🙂 🙂

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

     
    • henryblogwalker

      ජූනි 17, 2012 at 10:28 ප.ව.

      ඔන්න රජා කිව්වා මුලු අන්තහ්පුරෙන්ම ගුටි කාලා, බ්ලොග් ගෑල්ලමයින්ගෙනුත් ගුටි කාලා, මේ අහක ඉන්න මටත් ගුටි කන්න වෙන කතාවක්!!

      එක්කො රාජ සම්පත් එපා කියලා හිතුනා.

       
    • වින්චැට් කිරිල්ලී.

      ජූනි 17, 2012 at 11:56 ප.ව.

      // ඔය ගෑනු කියන ජාතිය ඔහොම්මමයි….
      වාසි පැත්තට හෝයියා……. //
      රජෝ මේහ්..එවන්නද අලුත්ම මිසයිලයක් රාජධානිය චප්ප වෙන්න..? 😦

       
  12. Gold fish

    ජූනි 17, 2012 at 9:00 ප.ව.

    ///“තරහවෙන්න අපි යාලු වෙලා හිටියයැ?”/// මේක නම් මට අදටත් අහන්න ලැබෙනවා…. බලාගෙන ගියාම මේ මනුස්සයා භෘංගරාජයෙක්නේ….

     
  13. Gaminie Vijith

    ජූනි 17, 2012 at 10:15 ප.ව.

    ෆස්ට් ලව් හත අටක්ම තිබුනත් මා එක්කත් එන්න කැමති උනේ දැං ගෙදර ඉන්න ඇත්ති විතරයි මචං.

     
  14. praveena

    ජූනි 17, 2012 at 10:27 ප.ව.

    //සමහරවිට අනෙකා ලඟ ඇති තමා රුචි නොකරන ඍන ලක්ෂණ පවා අර ධන ලක්ෂණවලට ටිකෙන් ටික යටපත් වෙනවා.තවත් විශේෂ දෙයක් තමයි මගේම වචනයෙන් කිව්වොත් “කැත ගෙවී යාම”. කවදහරි පුදුමවෙලා තියෙනවද ‘ඇයි දෙයියනේ අරූ අර වගෙ හුචක්කුවක් එක්ක යාලු වුනේ. මූට ඇස් පේන්නෙ නැත්ද?” කියලා. //

    මේක නම සහතික ඇත්ත. ගොඩක් වෙලාවට ලස්සන කෙල්ලෝ , අර සුප් හන්දන්ට ගත්ත හැකි කොල්ලොත් එක්ක යන්නේ මේ හන්දා වෙන්ට ඇති. 🙂

     
    • henryblogwalker

      ජූනි 17, 2012 at 10:40 ප.ව.

      මං ඒත් බැලුවා මොකද පොඩ්ඩි පරක්කු කියලා… බොහෝම ස්තුතියි පොඩ්ඩි.
      (උඩබලාගෙන නිකට අතගාමින් කල්පනාකරමින්) කවුද සුප් හදන්න ගන්න පුලුවන් කොල්ලෝ ? මාලුවයි, නවමයි….වෙන…

       
      • නවම්

        ජූනි 18, 2012 at 8:40 පෙ.ව.

        උඹල නොදන්නවට ක‍ටු සුප් තමයි බොලව් වැඩියම රහ. මං මේ අත්දැකීමෙන් කියන්නෙ. මස් කුට්ටියක් ගත්තම කටට දෙකට කාල අහවර කරතෑකි, ක‍ටු ඒව වගේද වරුගානක් සූප්පුකර කර ඉන්න පුළුවන්. [මේව ඉතිං උඹලට කියල වැඩක් නෑ.. මොකෝ ක‍ටුවල රහක් දන්නෙ මිනිහෙක් යැ….] 😉 😉 😀

         
    • වින්චැට් කිරිල්ලී.

      ජූනි 18, 2012 at 12:02 පෙ.ව.

      පොඩ්ඩි..හනේ ප්ලීස් මට අර සුප් හදන්න ගත්ත හැකි තුන් හතර දෙනෙක් හොයා ගන්න හෙල්ප් එකක් දෙන්නකො….:D:D

       
    • නවම්

      ජූනි 18, 2012 at 8:55 පෙ.ව.

      //ඇයි දෙයියනේ අරූ අර වගෙ හුචක්කුවක් එක්ක යාලු වුනේ// හෙහ් හෙහ්.

      මගෙ යාළුවෙක් ඉන්නව ඉස්සර හරිම තුනී ගෑණු ළමයෙක් එක්ක යාළු වෙලා හිටිය. අපි විහිළුවට ඒ ළමයට කිව්වෙ පිටපළුව කියල [පිට පළු කියන්නෙ ගස් ඉරනකොට මුලින්ම ඉරල අයින් කරන ලී පළුවට, ඒකෙ පොඩි පොඩි නෙරුම් පැළුම් එහෙම තියනව]

       
  15. නවම්

    ජූනි 18, 2012 at 8:46 පෙ.ව.

    ඉස්කෝලෙ යන කාලෙ අපිත් එක්ක ඉඳපු කොල්ලෙකුත් ඔන්න ඉටිකිරිස් ගෑණු ළමයෙක්ට ෆුල් ට්‍රයි. ඒත් මේ කෙල්ල නෙමෙයි මූව සතපහකට ගනන් ගන්නෙ. මාස ගානක් පස්සෙන් පැදල පැදල බැරිම තැන පන්ති ඇරිල යනකොට මූ කෙල්ල ඉස්සරහට ගිහිල්ල මෙන්න මෙහෙම කියාපි “මම තොට ආදරෙයි වේXX…….. ”

    ඒ ගෑණු ළමය දැන් බොහොම ජනප්‍රිය නිළියෙක්. ඒ මරුමුස් කොළුව නම් කොහේ ඉන්නවද දන්නෙ නෑ.

     
  16. නවම්

    ජූනි 18, 2012 at 8:49 පෙ.ව.

    ඒක නෙමෙයි අයියෙ මම කියන්න ආපු එක එහෙම්පිටින්ම අමතක වෙලා ගියානෙ මේ කොමෙන්ට්ස් දැකල අතුරු කතා මතක් වෙලා.

    ඒක මතක් වෙච්ච වෙලාවක කියන්නම්කො 😉

     
    • henryblogwalker

      ජූනි 18, 2012 at 9:50 පෙ.ව.

      තුනී ගෑණු ළමයෙක්!! 🙂 උඹලා සිංහල භාෂාව වර්ණවත් කරනව.

      අර මරුමුස් කොලුවා ඉන්නවා. ඌ මේ ලඟකදි පඩි පෙලකින් වැටිලා zigzag මැෂිමෙන්ලු මැහුම් දැම්මෙ.

      //ඒක නෙමෙයි අයියෙ මම කියන්න ආපු එක එහෙම්පිටින්ම අමතක වෙලා ගියානෙ// මටත් ඔහොම අනන්ත වෙනවා බං. කුස්සියට යනවා මොකක්හරි ගේන්න. ගියාම මතක නෑ මොකටද ගියේ කියලා. ඉතින් මොනව හරි කාල එනව.

      ස්තුතියි නවමා.

       
  17. දුකා

    ජූනි 18, 2012 at 11:24 පෙ.ව.

    හප්පච්චියේ එහෙමත් කාලයක් නේද බන් . . .
    මතක් වෙද්දි දැනුත් ඇඟේ මයිල් කෙලින් වෙනවා වගේ බන් . . හික්z

     
  18. Kandyan

    ජූනි 18, 2012 at 12:02 ප.ව.

    කොහොමද ඒකාලේ නංගිලා දැන් පාර තොටේ මුලිච්චි උනාම ඇතිවෙන ආතල් එක???? සමහර අය දැක්කාම ‘හොඳ වෙලාවට අනික් 50% වැඩ කරේ නැත්තේ’ කියලා හිතෙනවා… සමහර අය දැක්කාම ‘හ්ම්ම්ම්ම්’ කියවෙනවා…

    ඩූඩ් කොයි කාලෙද අම්පාරේ හිටියේ??? මමත් අවුරුදු දෙක තුනක් අම්පාරේ කට්ට කෑවා…කොණ්ඩවටුවානේ …..සුප්‍රකට තැනක…

     
    • henryblogwalker

      ජූනි 18, 2012 at 1:23 ප.ව.

      😀 ඒක මරු කතාව. කැන්ඩියන්, අත්දැකීම් නේ?

      මම අම්පාරේ ටවුන් එකේ හිටියෙ එක අවුරුද්දයි. ( පිංසිබොල්ගෙ ගොං කේස් එක සිදුවුනේ එතකොට)

      ඊට පස්සෙ අම්පාර දිස්ත්‍රික්කෙ දෙහිඅත්තකණ්ඩියෙ වැඩ වාසය කලා ජීවිතේ එපාවෙනකල්. ඒ කාලෙ සිද්දි ගැන මගෙ අතින් ලියවුනු හොඳම ලිපියක් කියලා මම හිතන්නෙ “DEEPA, PLEASE DON’T ASK WHAT HAPPENED TO THE TOMATOES!!!” (THE TEASING TOMATO DUDES WITH AN ATTITUDE) කියන ලිපිය. කොටලා බලන්න ලින්ක් එක උඩ. ඕක මම පස්සෙ සිංහලෙන් ලියන්න ඉන්නෙ.

      ආ.. මම හිටියෙ අසූ ගනංවලයි අනූ මුල ගනං වලයි. කැන්ඩියන් ඉපදිලා හිටියද මං දන්නෙ නෑ. (මේ දැන් මම දැක්ක කැන්ඩියන් HeyDude වලට දාලා තියෙන කමෙන්ට් එක. ඒ කියන්නෙ ඉඳලා තියෙනවා.) ඔය නවමා කියලා තියෙන්නෙ. මම ආපහු කොළඹට ආවෙ අනූ දෙකේ.

      කොන්ඩුවට්‍ටුවාන මම අහලා තියෙනවා. ගිහින් නෑ.

      ස්තුතියි කැන්ඩියන්

       
      • Kandyan

        ජූනි 18, 2012 at 2:40 ප.ව.

        අත්දැකීම්???? හ්ම්…එමටයි 😀
        මම අම්පාරේ හිටියේ….70 අන්තිම සහ අසූවේ මුල…ඒකාලේ 50% ලව් බලන්න බණ්ඩාරනායක එක පැත්තේ එහෙම කරක් ගහනවා. අම්පාරේ මං පත පොත ආශ්‍රය කරපු තැන ගැහැණු පිරිමි අනුපාතය 10ට 200යි. හිතාගන්න පුළුවන්නේ!

         
  19. kathandarakaraya

    ජූනි 18, 2012 at 4:01 ප.ව.

    ඉලක්කම හොඳයි! මාත් හරි කැමතියි!

     
  20. haree

    ජූනි 18, 2012 at 10:42 ප.ව.

    නියම රස කථා ටිකක්නෙ…

    “අලි තමයි උදේට ඇවිත් හොඬවැලෙන් බ්ලැක් බෝඩ් එක පිහදාලා යන්නෙ.”” හැක්..හැක්…

     
    • henryblogwalker

      ජූනි 19, 2012 at 8:01 ප.ව.

      ස්තුතියි haree. මාත් ආසම කෑල්ලක් ඒක මමම කිව්ව උනාට.
      මගේ තාත්තත් ඔයවගෙ කතා හරියට කිව්වා. මිනිස්සු කියන්නෙ “ජයන්ත අයියට කොහෙන් මේ උත්තර කටට එනවද දන්නෙ නෑ” කියලා.

       
  21. DeeJay

    ජූනි 19, 2012 at 12:22 ප.ව.

    ඩුඩ්,

    ඔයා පොස්ට් එකක් පබ්ලිශ් කරපු ගමන්ම කියවන ඉස්සෙල්ලාම අයගෙන් එක්කෙනෙක් වුනත් මම, කමෙන්ට් දාන කොට කොච්චිය ගිහිල්ලත් ඉවරද මන්දා? 🙂 හරියට හාවා ගෙයි ඉබ්බා ගෙ රේස් එක වගෙ. 😉

    ඔයා ගෙ මයි ෆස්ට් ලව්ස් කත්නදරය කියවපු හුඟ දෙනෙකුව ඒ අයගෙත් අතීත සුන්දර ලෝක වලට අරගෙන ගිහින්……. 😡

    මගේ අයියාත් මේක කියෙව්වොත් , මස්සිනාලා දෙන්නාට බ්ලොග් පෝස්ට් ගනනාවක් ලියන්න ෆස්ට් ලව් කතා තියෙවි ෂුවර් එකටම :))

    ඉස්සර එයා යාලුවොත් එක්ක ට්‍රිප් යන කොටයි , ගිහින් ආවාමයි , එයාගෙ වොලට් එක පිරෙන්න පුංච් එඩ්‍රස් ලියපු කොල කෑලි පිරිලා. අපිත් එවා බලලා හිනාවෙනවා, අනේ මේ ගෑනු ලමයි මෙ තරම් මෝඩද , මෙයාට එයාලගෙ එඩ්‍රස් දෙන්න. :-0

    මෙන්න දවස් කිපයකට පස්සෙ හෝ ගාලා ආදර ලියුම් එනවා……… අපිත් එවා බලනවා අයියාට බැන බැන ………. අනේ පව් ඒ ලමයි !!!! :-<

     
    • henryblogwalker

      ජූනි 19, 2012 at 8:06 ප.ව.

      හරි, පරක්කු වෙලා හරි ආවනෙ. ඇයි අර කියන්නෙන් fashionably late කියලා.
      හපොයි ඔය බුවා ගැන මම නොදන්නවැයි! අනේ මම නම් ඔහොම නැති බව මේ පෝස්ට් එකෙන්ම පේනවනෙ.

       
  22. hiruni

    ජූනි 19, 2012 at 3:52 ප.ව.

    හිහ් හිහ් හිහ් 😀

     
  23. raigamahandiya

    ජූනි 19, 2012 at 7:00 ප.ව.

    හෙන්රි කවදත් වගේ ඔබගේ රචනා විලාශය නම් අගෙයි. අර සුප් හදන එකයි, සහෝදරියන් හිටපු ගාණ තාත්තත් නොදන්නා කියන ඒවා මගේ වඩාත් සිත් ගත් ඒවා.

     
    • henryblogwalker

      ජූනි 19, 2012 at 8:15 ප.ව.

      ස්තුතියි, රයිගම්හන්දිය.
      “කවදත් ඔබේ රචනා විලාශය නම් අගෙයි” කියන එකෙන් තේරෙන්නෙ ඔබ කලිනුත් මේ පැත්තෙ ආගිය බවයි. මම දැනගෙන හිටියෙ නෑ. මම රයිගම් හන්දියට ගොඩ වැදුනෙ අහම්බෙන්. කියවපු මුලම ලිපිය “කුකුලාගෙ කරමළ”. ඒක කියවලා ටිකක් ආපස්සටත් ගිහින් අර දිග නමෙයි වාසගමෙයි අවුල ගැනත් කියෙව්වා. අද කියෙව්වා, පතල් රස්සාව ගැනත්, කාරල්ලන් බැදුම ගැනත්.
      මටත් පුදුම ඇයි මට මේ වගෙ බ්ලොග් මග හැරුනේ කියලා.

      මම වගේම මේ බ්ලොග් එක මග හැරුනු අයගේ දැන ගැනීම පිනිස මෙන්න රයිගම්යායෙ අලුත්ම පෝස්ට් එකේ අන්තිම ඡේදය

      “දැන් ඔබ ලැහැස්ති වෙන්නේ බත් කන්න නම්, විච්චුර්ණ සමබර ආහාර වේලවල් අමතක කරන්න. මැල්ලුමක් හා වට්ටක්කා හොද්දක් සමග මේ බැදුම හොඳටම ඇති. ඔබ ලැහැස්ති වෙන්නේ බොන්න නම්, විච්චුර්ණ දවටන (ලේබල්) තියන බෝතල් අමතක කරන්න. ලේබල් මොකුත් නොමැති කසිප්පු බෝතලයක් හොඳටම ඇති! (අමධ්‍යප කට්ටිය සමා කරන්න).”

       
  24. Sayuri

    ජූනි 20, 2012 at 11:39 පෙ.ව.

    මේක ෆලෝ කරන්න බැරිදෝ…..

     
    • henryblogwalker

      ජූනි 20, 2012 at 1:02 ප.ව.

      ඇයි සයුරි ඔය බ්ලොග් එකේ දකුණු පැත්තෙ යට කෙලවරේ එන්නෙ නැද්ද (+ Follow) කියලා බටන් එකක්? ස්තුතියි මේ පැත්තෙ ආවට.

       
  25. හංසකිංකිණි

    ජූනි 20, 2012 at 11:55 පෙ.ව.

    හැන්දෑවෙම කියවන්නං කියල පොරොන්දු වෙලා ගියාට මොකද අදයි ගොඩ වැදුනෙ අයියෙ….හි හි… මටත් පරණ සීන් දෙක තුනක් ම මතක් වුණා උඹේ කතාව කියවල… ඔය සමහර උත්තර නං මාත් දීල තියෙනව… ඒ කියන්නෙ අපි සහෝදරයො වගේ ආශ්‍රය කරමු….වගේ එව්ව…. මට හිතෙන්නෙ බං අයියෙ උඹල ඔය බැන්නට මොකද අපි කෙල්ලො උඹලට අකමැති වුණත් හිත රිද්දන්ඩ දුක හන්ද තමයි ඔහොම උත්තර දෙන්නෙ….( දැං ඉතිං මට පලු යන්ඩ බැනපං :-D)

     
  26. henryblogwalker

    ජූනි 20, 2012 at 1:08 ප.ව.

    ඉතිං පරණ සීන් දෙක තුනක් මතක් වුනානම් ලියාපංකො පෝස්ට් එකක් කම්මැලිකමට ඉන්නෙ නැතුව.

    එහෙම උත්තර දුන්නට කිසී අමනාපයක් නෑ දැන්නම්. ටිකක් උඩහට ගිහින් බලාපංකො Kandiyan කියලා තියෙන දේ…!

    //සමහර අය දැක්කාම ‘හොඳ වෙලාවට අනික් 50% වැඩ කරේ නැත්තේ’ කියලා හිතෙනවා… සමහර අය දැක්කාම ‘හ්ම්ම්ම්ම්’ කියවෙනවා…//

    😀 😀

     
  27. ගැමියාගේ පත් ඉරුව

    ජූනි 20, 2012 at 3:15 ප.ව.

    //(aka One Way Love Affairs)//

    මට මුලින්ම ආපු ප්‍රශ්නේ මොකක්ද මේ aka කියන එක?? මම ගොඩක් තැන්වල මේක දැකලා තිබුනට තේරුමක් තේරෙන්නැනේ….

    දැන් ඉතින් පෝස්ටුවට බහිමුකෝ….

    ඔහොම සහෝදරයො වගේ හෝ යාළුවෙක් වගේ ආශ්‍රය කරමු කියන වචන මට ගොඩාක් ඇහිලා තියෙනවා හැබැයි ඉතින් කවුරුත් මට ඔහොම කියලා නෑ මගෙ යාළුවො තමයි ඕවා අහගන්නේ…. ඒ අකමැත්තට නෙමේ කියලා පැහැදිලියි එහෙම කියලා අවුරුදු දෙක තුනක් ගියාම කෙල්ලම ඇවිල්ලා ඒ කොල්ලා එක්ක යාළුවෙන නිසා… කෙල්ලෝ හිතනවා ඇති මූට වඩා හොඳ සල්ලි තියෙන එකෙක්ව හොයාගන්න ඕනේ කියලා… ඉතින් එහෙම හිතලා හම්බුවුනේ නැත්තම් මුල් එකා හොඳ කියලා හිතනවා ඇති…. ඕං කතාවක් මතක් වුනා…

    මේක කිව්වේ අපේ සර් කෙනෙක්.ඒ සර් කැම්පස් එකේ ඉන්න කාලේ හිටියලු කටුවා කියලා කොල්ලෙක්(නම මතක නැත).ඌ හෙනම අපිරිසිදුව කොණ්ඩේ නොපීරා පිස්සෙක් වගේ ඉන්න පොරක්ලු.ලස්සනකුත් නෑලු.කෙල්ලො පස්සෙ යන්නෙත් නෑලු.බොන්න තිබ්බොත් ඇතිලු…..

    ඉතින් ඔය කාලේ එක එක කෙල්ලෝ ගැන හිත යනවනේ හැමෝටම.ඉතින් එක කොල්ලෙක් ගිහින් කෙල්ලගෙන් ඇහුවලු යාළුවෙන්න.කෙල්ල කිව්වලු තමුන් මේ ලෝකේ අන්තිම පිරිමියා වුනත් මම කැමති වෙන්නේ නෑමයි කියලා වටේ පිටේ එවුන්ට ඇහෙන්නත් එක්කම.දැන් කොල්ලට නෝන්ඩියලු හොදටම….

    මේ කෙල්ල කරපු වැඩේට රිටර්න් එක දෙන්න ඕනේ නිසා කල්පනා කරාලු කෙල්ලව නෝන්ඩ් කරන්න ක්‍රමයක්.එතකොට මතක්වුනාලු කටුවව.ඌට බෝතලයක් අරන් දෙන්නම් කියලා පොරොන්දු වෙලා ඌට කිව්වලු සෑහෙන සෙනගක් ඉන්න වෙලාවක ගිහින් අර කෙල්ලගෙන් කැමැත්ත අහන්න කියලා…

    කටුවත් පහුවදා උදේ පාන්දරම ගිහින් අර කෙල්ලගෙන් කැමැත්ත ඇහුවලු.කෙල්ලට කරගන්න දෙයක් නෑලු වටේ පිටේ ඔක්කොම හිනා වෙනවලු.කෙල්ලට වස නෝන්ඩියලුනේ දැන් මුගේ නම කියලා විහිලුත් කරනවලු කොල්ලොත්…. ඕං එක දවසක් අර මුලින්ම කැමැත්ත අහපු කොල්ලට කෝල් එකක් එනවලු නොදන්න නම්බර් එකකින්.කොල්ලා කතා කරලා බැලින්නම් අර කෙල්ලලු… කෙල්ල කතා කරලා කිව්වලු…

    “අයියේ එදා අරහෙම කිව්වට මට සමාවෙන්න මම ඔයාට අකමැති නෑ…” කියලා… කටුවට බෝතලේ දුන්නට පාඩු නෑලු ඉතින්.කැම්පස් එකේ කොල්ලෝ මූව සෑහෙන්න පාවිච්චි කරාලු කෙල්ලන්ගේ කැමැත්ත ගන්න.කෙල්ලොත් බයවෙනවලු තව කල් හිටියොත් මටත් සෙට් වෙන්නේ කටුවා වගේ මලගිය පරාණකාරයෙක් තමා කියලා පට ගාලා කැමැත්ත දෙනවලු වෙන කොල්ලෙක්ට….

    අපේ සර්රුත් යැව්වලු කටුවව කෙල්ලෙක් ගාවට.කෙල්ල බෑ කිව්වා කියලා ආරංචි උනාම සර් ගිහින් කෙල්ලට කතා කරාලු.මේං පහුවදා ආරංචිය එනවලු ඒ කෙල්ල කටුවට කැමති වෙලා කියලා…

    ***********************************************************************************************************************
    ඒ මම අහපු කතාවක්නේ ඒත් මේක මම දැකපු කතාවක්….

    කළුම කළු කොල්ලෙක් හිටියා අපිත් එක්ක කොයිතරම් ඌ කළුද කියනවනම් ඌට හැමෝම කිව්වේ කළු කුමා කියලා.ඔය අතරේ සුදුම සුදු කෙල්ලෙක් හිටියා මදිමලර් කියලා(මේ දෙමලෙන් තියෙන නම සිංහලට හැරෙව්වම තමා කෙල්ලගේ ඇත්ත නම එන්නේ).ඒ කෙල්ල කොයිතරම් සුදුයිද කියනවනම් හිනාවුනත් ඇති මූණ රතුම රතුවෙලා පේනවා…. කුමාගේ වාසනාවකට හෝ අවාසනාවකට අර කෙල්ලට හිත ගිහිල්ලා මැරෙන්න හදනවා.අපි කොයිතරම් එපා කිව්වත් මූ අහන්නෙම නෑ.මූ හිතට පුරුෂ දිරිය අරගෙන ක්‍රීඩා උත්සවේ දවසෙදි කෙල්ලව තනි කරගෙන කැමැත්ත දැන් අහන්නයි ලෑස්තිය ටොපියක් කාරිය අතට දීලා….

    මේකා කැමැත්ත ඇහුවා විතරයි කෙල්ල කියාපි…

    //තමුසේ හිතන් ඉන්නේ තමුසේ ෂාරුක් කාන් කියලද?? හරි ලස්සනයි කියලා හිතේ ඇති.ගිහින් තමුසෙගේ පෙනුමට හරියන කෙල්ලෙක්ව හොයාගන්නවකෝ මට කරදර කරන්නේ නැතිව.හිත හොඳ කමට කතා කරාම එනවා තව ඇඟේ නගින්නත්…..//

    අපි එවෙලේ බඩ අල්ලන් හිනා වුනාට කොල්ලා ආපහු හැරිලා එද්දි කඳුලු බේරෙන හැටි දැක්කම නම් සිරාවටම දුක හිතුනා..

    හංස කිංකිණි අක්කා කියපු මෙන්න මේ දේට තමා දෙවැනි කතාව…

    //අපි කෙල්ලො උඹලට අකමැති වුණත් හිත රිද්දන්ඩ දුක හන්ද තමයි ඔහොම උත්තර දෙන්නෙ….//

    දුකයි නම් අරහෙම කෙල්ල කියයිද බොලේ….. මේ සතිය ඇතුලත කොමෙන්ටුවක් විදියට දාපු තුන්වැනි පෝස්ට් එක හි හි…

     
    • හංසකිංකිණි

      ජූනි 20, 2012 at 4:50 ප.ව.

      ඕකට කියන්නෙ මලේ රූප මදේ… රූපය නිසා උඩඟු වෙලා ඉන්නකොට තමයි ඔහොම එව්ව හිතෙන්නෙ…වෙන්ඩ ඇති සමහර කෙල්ලො අර මං කිව්ව විදියට හිත රිද්දන්ඩ බැරි හන්ද එහෙම කියනව වගෙම ඔය දැං උඹ කිව්ව වගේ මහා ලොකු උඩඟු කමක් හිතට අරන් ඒ වගේ කතා කියනව තමයි….
      හැබැයි ඉතිං මෙහෙම දේකුත් තියෙනව…
      කොල්ලන්ට වඩා කෙල්ලො සමහරක් තමන්ගෙ ගෙදරට තියෙන බය හරි මොකක් හරි හන්ද ඒ හැටි ඔය පටලැවිලිවලට කැමති නෑ… මට හිතෙන්නෙ ….දැං මේ මං ගත්තොත් ඒ කාලෙ අපේ අම්ම ඉගැන්නුවෙත් මං ගිය ඉස්කෝලෙම නෙව… ඉතිං උඹල වගේ එවුං ඇහුවට… හිතේ කැමැත්තක් තිබුණ වුණත් හා කියන්ඩ බෑ නෙව…:-D
      අනෙත් අතට ඒ කාලෙ මගෙ ඔලුවෙ නං තිබුණෙ වෙනම පිස්සු කල්පනාවල් බං….එව්ව ගැන පෝස්ට් එකක් ලියන්නං…. දැං මේක පෝස්ට් එකක් වගේ ලිව්වොත් බ්ලොග්වෝකර්ගෙන් මට හොඳවැයිං අහගන්ඩ වෙනව….

       
      • හංසකිංකිණි

        ජූනි 20, 2012 at 4:52 ප.ව.

        තව එකක් අමතක වුණා නෙව… මට තේරෙන්නෙ නැත්තෙ ඇයි මේ එක වයසකදි කොල්ලො සේරම කිරි බෝතල් වගේ කෙල්ලොම හොයන්නෙ උන් පස්සෙං යන්නෙ කියල?? ඔය පොත්තෙ ලස්සනට උඩඟු වෙලා ඉන්න එවුං පස්සෙ යන්නෙ අහවල් එකටද මං අහන්නෙ.. හැම කෙල්ලගෙම පොත්ත ගැලෙව්වොත් එකයි නෙව….

         
        • ගැමියාගේ පත් ඉරුව

          ජූනි 20, 2012 at 10:35 ප.ව.

          හපෝයි අක්කේ මම නම් ඔය කිරිබෝතල් පස්සේ පැන්නුවේ නෑ….. මම හොඳට හැමෝවම අධ්‍යනය කර කර ඉන්නකොට කෙල්ලෙක්ම මට කැමතියි කියලා ආරංචියක් ආවා.ඉතිං නිකං හම්බුවෙන අස්සයගේ දත් ගනින්න ගියෙ නෑ…. හැබැයි ඉතිං ඒකිම ඇවිත් ටික කාලයක් ඉඳලා මම අනං මනං සංදර්ශන වලට නැති නිසා මගෙ කොන්ද පණ නෑ කියලා යන්න ගියා….. දැන් ඕං බඩදරු අම්මා කෙනෙක් සාමාන්‍ය පෙල කරලා පැනලා ගියා… යාළුවෝ කියන්නේ ඒකි මාත් එක්ක හිටියනං මාත් අතින් කටින් එල්ලගෙන කියලා…….

          අක්කා කියන කතාවත් ඇත්ත තමා රූපයට උඩඟු වෙලා තමා අර බැනපු කෙල්ල හිටියේ…. එයා හෙව්වෙත් ෂාරුක් කාන් වගේ කොල්ලෙක් අන්තිමට ඒ ෂාරුක් කාන් වගේ කොල්ලෙක්ව හොයාගත්තත් ඌ මෙයාට කොකා පෙන්නලා ගියා ටික කාලෙකින්.කවුරුත් එයාට අනේ අපොයි නොකීවේ ඒක ඉල්ලන් කෑමක් නිසා….

          මම නම් පොඩි කාලේ ඉඳන්ම මගෙ එක මිතුරියකට සෑහෙන්න කැමැත්තෙන් හිටියා(අර කැමැත්ත අහපු කෙල්ල එක්ක යාළුවෙන්නත් කලින් 8 වසරේ විතර) ඒ මිතුරිය හිටියේ නුවර මම කොළඹ.කොහොම හරි කාලයාගේ ඇවෑමෙන් අපි දෙන්නා තමා දැන් යාළුවෙලා ඉන්නේ….. ගෙවල් දොරවල් වලිනුත් දන්නවා….

           
  28. ගැමියාගේ පත් ඉරුව

    ජූනි 20, 2012 at 3:20 ප.ව.

    මේ ඇස් දෙකේ චිත්‍රය මාර ගති.ඒක දැක්කම මාව නැවුම් අදහස් වලින් පිරී ඉතිරෙනවා.තව මාසෙකින් දෙකකින් ඒ අදහස් බලමු…..

     
  29. henryblogwalker

    ජූනි 20, 2012 at 4:03 ප.ව.

    ගෑමියා. aka = also known as

    එල කතා දෙක ගැමියෝ. දැන් ගැමියට පුලුවන් මා කමෙන්ට් වලට දැමූ පෝස්ට් කියලා අලුත් ප්‍රවර්ගයක් එකතු කරලා මේ කමෙන්ට් පෝස්ට් කරන්න පත් ඉරුවෙ. නැත්නම් අපරාදෙ.

    හොඳ වෙලාවට කලු උනාට මම නම් අරෙහෙම කතාවක් අහගෙන නෑ.

    ස්තුතියි චිත්‍රය අගය කිරීමට. “dangling sex in front of your face.” 🙂

     
  30. ජනිත්

    ජූනි 20, 2012 at 7:12 ප.ව.

    හිහ් හිහ් … ගැනු ඔහොම තමයි.

     
  31. Lucky Wickramasinghe

    ජූනි 21, 2012 at 9:48 පෙ.ව.

    කෙල්ලෙක්ගෙ හිත කොල්ලෙක්ට ඇදිලා යන්නෙ කොහොමද කොයි වෙලාවෙද කියන්න දෙයියොත් දන්නෙ නෑ මයෙ හිතේ. ඊටත් පස්සේ ඒ කෙල්ලගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා.
    කොහොම වුනත් ඔය රූපෙ පස්සෙ දුවන එකනම් මහ මීහරක් ගතියක්. රූපය කියන්නෙ ආදරේදි විතරක් නෙමෙයි කිසිම මානුෂීය සම්බන්ධයකදි වැදගත් වන දෙයක් නෙවෙයි. ඔන්න ඉතින් චිත්‍රපටියක් ටෙලිනාට්‍යක් වගේ දේකට කෙල්ලෙක් හරි කොල්ලෙක් හරි හොයනවා නම් රූපෙ වැදගත්.
    මේ බස් කතන්දරේ හින්දා මට මං දන්න කෙනෙක් මතක් වුණා. එයාගෙ බස් ගැන්සියත් මේ වගේ.
    ඒකෙත් හිටියලු කෙල්ලෙක්, මේ මගේ යාළුවට ෆුල් ට්‍රයිළු. ඒත් මගේ යාළුවගේ බාසාවෙන් කියනවානම් මෙයා ටිකක් “රවුම් හතරැස් වෙච්ච” කෙනෙක් වගේ පේන නිසා මේ යාළුවත් වැඩිය ගණන් අරන් නෑ.
    කොහොම හරි මේ මනුස්සයා ටික දවසක් බස් එකේ යන එක නැවතිලා තිබිලා ආයි එනකොට මේ කෙල්ල වෙන කොල්ලෙක්ව අල්ලගෙනළු. ඒ කොල්ල බස් ගැන්සියට අළුතෙන් එකතු වෙච්ච එක්කෙනෙක්. ඉතින් දැන් මගේ යාළුවා බස් එකට ආවම අනිත් හැමෝම බොහොම ආදරෙන් පිළිගත්තත් මේ කෙල්ල විතරක් එකහෙලාම කියා හිටිනවළු එයාට මගේ යාළුවාව මතක නෑ කියලා. කාටද කියන්නෙ! ඊට පස්සෙ ඒ ගැන්සියෙම තවත් අයියා කෙනෙක් කිව්වළු “එහෙනම් මැරිලා ඉපදෙන්නැති ” කියල

     
  32. chami4u

    ජූනි 21, 2012 at 10:14 ප.ව.

    නියමෙට ලියලා තියෙනවා.. අපෝ කෙල්ලෝ ගැනනම් කියලා වැඩක් නැහැ බොරු සොබනේ ඇරුනම උන්ගේ ගන්න දෙයක් නැහැ.. මම කිව්වේ හැමෝම කෙල්ලෝ ගැන නෙමේ බහුතරයක් ලලනාවෝ ගැන නැත්නම් මේක දැකලා අපේ බ්ලොග් සහෝදරියෝ ටික මාත් එක්ක තරහ වෙයි… කොහොම උනත් කෙල්ලෝ හරි අමුතු ජාතියක් පස්සෙන් යනකොට ඈතට යනවා ..අපි ඈතට යනකොට පස්සෙන් එනවා.. මටත් තේරෙන්නෙත් නැහැ ඩුඩො.. මුන්ව.

     
  33. henryblogwalker

    ජූනි 21, 2012 at 11:16 ප.ව.

    චමියා ඩිස්ක්ලේමර් එකකුත් දාලා හොඳ වෙලාවට. හෙහ් හෙහ්! 😀
    අනේ බං ගෑණු තේරුංගන්න උත්සාහ කරන වෙලාවෙ වෙන මොකක්හරි ප්‍රයෝජනවත් දෙයක් කරන්න බලාපං.
    🙂

     
  34. පිණිබිඳු..

    ජූනි 22, 2012 at 10:53 පෙ.ව.

    කොල්ලෙක් එක පාරට අහපු ගමන් කිසිම කෙල්ලෙක් කැමති වෙන්නෙ නෑ. ඒ කොල්ලා ආයෙ ආයෙ අහ අහ පස්සෙන් ඇවිත් ඇණයක් වෙනවා නම් ඌට කොහොමත්ම කැමති නෑ. ඒත් එක පාරක් අහලා ආයෙ ඒ කෙල්ල දිහා බලන්නෙවත් නැතුව කොල්ලො ඉන්නවා නේද. අන්න උන් ගැන නම් හීනියට අනුකම්පාවක් ඇතිවෙනවා. ඔය අනුකම්පාව ටික කාලෙකින් ආදරයක් වෙනවා. ඊට පස්සෙ කාලෙකින් කොල්ලා අයෙත් ඇහුවොත් වැඩේ ගොඩ.

    ඔය අපි අහලා දැකලා තියෙන ඒවා මිසක් අත්දැකීම් නෙමෙයි ඈ..

     
    • henryblogwalker

      ජූනි 22, 2012 at 11:06 පෙ.ව.

      මේකට නම් උත්තරයක් නොදීම බෑ?

      මම නම් කෙල්ලංගෙන් කැමැත්ත ඇහීම විතරක් නෙවෙයි, වෙන මොන දෙයක්වත් එක පාරකට වඩා කරන්නෙ නෑ. මොකද අපි ඕක අහන්නෙත් ආත්ම ගෞරවය පරදුවට තියලා.

      අර අනුකම්පාව තියෙනවා නේද? මට නම් අප්‍රියම දේ ඒකයි. කෙනෙක්ගෙ අනුකම්පාව ලබන්න.
      Sympathy is the last thing I want! Oh Yeah!!
      දැන් නම් අපි ඒ වයස පහු කරලා හුඟක් කල් වුනත් මගෙ ලමයි දෙන්න උනත් කියයි “තාත්තා අනේ පව්” කියලා එයාලා කිව්වම මට දැනුත් කොච්චර කේන්ති යනවද කියල. ඒ නිසා එයාලා මා සම්බන්ධව පව් කියලා කියන්නෙ නෑ. 🙂

      ඒ වගෙම කෙල්ලො අපෙනුත් අහලා එවලා තියෙනවෝ! 🙂
      කරුමෙට අපි කැමති උන් හුඟක් වෙලාවට අපිට කැමති නෑ. අපිට කැමති උන්ට අපි කැමති නෑ.

      පිණිබිඳු දැම්මා නේද ඩිස්ක්ලේමර් එකකුත්, හෙහ් හෙහ්. (අපි නම් විශ්වාස කරයි ඔය බොරු!) 😀

       
  35. අසරණයා

    ජූනි 22, 2012 at 5:03 ප.ව.

    ඔය කට්ටිය එකතු වෙන තැන කොහෙද? මගේ ඉහේ කේස් ගානට කෙල්ලෝ බෑ කියල ඇති. දවස් දෙකකට වඩා එක කෙල්ලගෙන් අහන්නේ නැහැ.

     
  36. henryblogwalker

    ජූනි 22, 2012 at 5:58 ප.ව.

    දෙල් ගොඩක් මතක් වෙන නගරයක් අසරණයා.
    ඉහේ කෙස් ගානට…? 😀

     
  37. Bindi

    ජූනි 22, 2012 at 6:53 ප.ව.

    කිව්ව ලින්ක් එච්චර සහයෝගයක් නැහැ . බ්ලොග් එකේ වැරද්දක් නෙමේ . මන් ඉන්න අහ බ්ලොග් වලට පොඩි අරියාදුවක් තියෙනව . ඒ හන්ද වෙන්න ඇති . මොනවා වුනත් මේ පැත්තේ ඇවිත් හිනා වෙලා පන යන පෝස්ට් එකක් හම්බ වුනානේ . අය්යෝ ..අලි ඇවිත් කළු ලෑල්ල මකනවා ..DD ..තාත්තත් නොදන්නා සහෝදරියෝ ..මාරයිනේ .

    දෙල් ගොඩවල් තියෙන පළාතේද ..ලඟපාත කෙනෙක් . අපේ අක්කටත් ඔය අලි කළු ලෑල්ල මකන පළාතක තමයි මුල්ම පත්වීම . දැන් එයා නම් දෙල් ගොඩවල් තියෙන පළාතේ ඉස්කෝලෙක

     
  38. henryblogwalker

    ජූනි 22, 2012 at 9:10 ප.ව.

    ගනං ගන්න එපා Bindi. මට ඕනෙ වුනේ 7DMovie එකක් ගැන කියන්නයි. පස්සෙ බලන්නකො ගිය අවුරුද්දෙ අගෝස්තු මාසෙ ඕක ලිව්වෙ.
    හරි ඒක අල්ලලා දාමු. ම්ම්ම්… අක්ක එහෙයි කිව්වා උගන්නන්නෙ? අපි නම් දැන් එහෙ නෑනෙ. ඔයාලා වගේම පිටනෙ ඉන්නෙ. අලි කලු ලෑල්ල මකන පැත්ත දැන්නම් හිතට ඇති කරන්නෙ nostalgia එකක්! 🙂

     
  39. Sarath Lankapriya

    අගෝස්තු 10, 2012 at 7:58 පෙ.ව.

    මමත් ඔය 50% ලව් වලට තමයි ගොඩක් බුට් කෑවේ. කියන්න ගැට තිබ්බේ නැහැ. අර කතාව නම් ඇත්ත. ඇහැට පෙනෙන සිතට දැනෙන අඩුපාඩු මකලා දාල හදාගන්න සම්බන්ධ අපමණයි.. බ්රෝකරයා ගිහින් සෙට් වෙච්ච එක මටත් උනානේ..

     
  40. සමාධි

    සැප්තැම්බර් 17, 2012 at 12:48 ප.ව.

    අම්මෝ බඩේ බඩ වැල් නෑ හිනා වෙලාම. පිනිබිඳුවගෙ පෝස්ට් එකේ කමෙන්ට් එක හරහා ආවෙ. අර සුප් එකට ඇදන් යන කතාව මරු..

     

හංසකිංකිණි වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න