RSS

71. අපේ තාත්තා වුනාට ස්තුතියි, ඩූඩ්…

26 ජුනි
71. අපේ තාත්තා වුනාට ස්තුතියි, ඩූඩ්…


මීට දශක කීපයකට කලින් අද වගෙ දවසක උපන් පුංචි කොලු පැටියෙකි.


මේ ඊට වසර ගානකට පසු අපේ ගෙදර සිදුවූ සිදුවීමකි.


” ආ…පොඩ්ඩක් ඉන්න මේ ෂර්ට් එකටම හරියන සපත්තු දෙකක් තියෙනවා…ඉන්න මම අරන් එන්නම්…” කියපු තාත්තා නිදන කාමරේ පැත්තට ගියා. අල්මාරිය අවුස්සන සද්දයක් ඇහුනත් ඉන් පසු දැඩි නිහඩතාවයකුත් ඇති උනා. අපි නොඉවසිල්ලෙන් බලා හිටියේ අපි දැනටමත් පරක්කු වෙලා තිබුන හින්දයි. ටිකකින් තාත්තා එනකොට එයාගේ මුනෙ තිබුනේ විශ්මයට පත් වුනු, ඒත් හිනා වෙන්න ඔන්න මෙන්න පෙනුමක්.


” මොකද වුනේ?…මොකද වුනේ?’ අපි ඔක්කොම එක වර කෑ ගැසුවා.


කිසිම කතාවක් නැතුව තාත්තා සපත්තු දෙක අපිට දුන්නා. අපොයි! මහ පුදුම වැඩක්නෙ වෙලා තියෙන්නෙ…මෙලෝ මනුස්සයෙකුට වෙන්න බැරි වැඩක්..සපත්තු දෙකම එකම කකුල! දකුණු කකුල්ම දෙකක්!


මීට මාස ගානකට කලින් අම්මයි, තාත්තයි සපත්තු සේල් එකකින් බොහොම වටින මුදලකට (මේ විදියට තමා ඒවායෙ මිල ගැන එයාලා කීවේ), සපත්තු කුට්ටම් කීපයක්ම මිලට ගෙන තිබුනා. ඊට පස්සෙ එලඹුන දවස් කීපයේම නොයෙක් අවස්තාවල මේ සේල් එකේ වටිනාකම ගැන අපිව දැනුවත් කෙරුනා. ඉතින් ඔන්න ඕවගෙන් එක කුට්ටමක් තමා තාත්තා එදා අඳින්න ගියේ. ඒත් වෙලා තිබුන දේට අපි ඔක්කොම හිනා වුනා. ඇත්තටම ඉතින් හිනා වෙනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් තිබුනෙත් නෑ, මොකද සේල් එක තිබුන තැන දැන් සපත්තුවක් තියා හිස් සපත්තු පෙට්ටියක්වත් හොයා ගන්න නැතුව ඇති…


අපේ ගෙදර තියෙන බඩු ඔක්කොම එක්කහු කලොත් මම හිතන්නෙ ඒවායින් 75% ක්ම තියෙන්නෙ පොත්. ඒක පුංචි කාලෙ ඉදන්ම මල්ලිටයි මටයි පුරුදු කරපු දෙයක්. ඒ දෙන්නත් හරියට පොත් කියවනවා. අපිත් ඒ ආදර්ශය හොඳින් අනුගමනය කලා. තාත්ත කොච්චර අපිට ආදර්ශමත් වුනාද කිව්වොත් එයා ටොයිලට් එකට යද්දිත් පොතක් අරන් යනවා. ඒක කොච්චර ආදර්ශමත් ක්‍රියාවක් උනත්, අපේ වැඩේ බෙරිහන් දීලා දීලා තාත්තව එලියට ගෙන්න ගන්න එක, අපිටත් ටොයිලට් යන්න ඕනෙ වුනාම නම්. ඔයලා හිතනවා ඇති නේද ලයිට් කපපු වෙලාවට නම් ඉක්මනට එනවා ඇති කියලා. මොන පිස්සුද? ඒ වෙලාවට තමා ඉටිපන්දම් මුලින්ම නිපදවපු මිනිහාට ගහන්න හිතෙන්නෙ…


අපේ තාත්තට හොද රහට උයන්න පුලුවන්. ඒ ඉතින් අවුරුද්දකට වතාවක් වගේ එයා උයන්න තීරණය කලාම තමයි. ඒවයේ පෝෂණ ගුණය නම් හරිම ඉහලයි. ඒ හේතුව හින්ද වෙන්න ඕනෙ අම්මා කුස්සිය පැත්තෙ ඉදන් කෑ ගහනවා ඇහෙන්නෙ ගෙදර උයන තුනපහ සේරම තාත්තා ඉවර කරලා කියලා…


කවදාහරි දවසක අහලා තියනවද Jack in all trades ගැන. ඒ තමා අපේ තාත්තා. අපේ ගෙදර කැඩෙන දේවල් ඔක්කොම වගේ පිලිසකර කරන්නෙ තාත්තා. දෙයක් තිබ්බ විදියට හරි, සමහර විට ඊට වඩා හොඳ විදිහකට හරි හදනවා. මගේ පලවෙනිම නිල් පාට ලී කබඩ් එකයි, පුංචි නිල් පාට ලී පොටි එකයි හදලා දුන්නෙ තාත්තා. මටනම්, ඒවා ඔය ලොකු බ්‍රෑන්ඩඩ් ලී බඩු ඔක්කොටම වඩා වටිනවා. තාත්තා ගොඩක් වෙලාවට දේවල් හදනවා උනාට හදන්න ගිහින් කඩන වෙලාවලුත් නැත්තෙම නෑ. අර අපේ කාර් එකේ ස්ටාටර් මෝටරේට වතුර ගිය වෙලාවේ ඒක වේලන්න අම්මගෙ හෙයාර් ඩ්‍රයර් එක අරන් පුච්චලා දාපු එකත් එහෙම එකක්…


ඉස්සර අපේ මිදුලේ හරියට ගොලු බෙල්ලො. තාත්තගෙයි මල්ලිගෙයි වැඩේ උන්ව අල්ලා මල්ලකට දාලා ඈත රබර් වත්තකට විසි කරන එක. ඒත් ගොලු බෙල්ලන්ගෙන් නම් අඩුවක් නෑ. ඔන්න ඔය අතරෙ තමා තාත්තටයි මල්ලිටයි අදහස ආවෙ මේ ආපහු එන්නේ එක පාරක් විසි කරපු ගොලුබෙල්ලොමද කියලා බලන්න. ටිපෙක්ස් වලින් හැම ගොලු බෙල්ලගෙම ක‍ටුව ලකුණු උනා. ඇත්තම කියන්න මේකෙ අවසන් ප්‍රතිපලේ මට මතක නෑ. බලමුකො කමෙන්ට් එකකින්
තාත්තා කියයිද කියලා…


ඉතින් ඔන්න ඔය තමා අපේ තාත්තා. ඒයා තමා මේ ලෝකෙ ඉන්න හොදම තාත්තා.. සැර වෙලාවට සැර (අත් දැකීමෙන් කියන්නෙ), හරීම පිලිවෙල, (ඇත්තටම මේ ගුණාංගය මම බාගෙට උරුම කරගෙන තියෙන්නෙ), ඉවසනසුලු (මේක නම් මම අරන්ම නැද්ද කොහෙද?), තාත්තා ලග තමා අපේ ප්‍රශ්නවලට උත්තර තියෙන්නෙ. තාත්තට කතා කලාට පස්සේ අපිට තිබ්බ ප්‍රශ්න වල බරපතල බව අඩු වෙන්නෙ ඇයි කියන්න අපි කාටවත් බෑ. සමහර විට ඒ එයා ලග අපිට හරිම උත්තරේ තියෙන නිසා වෙන්න ඇති….


ඉතින් තාත්තා අද වගේ විශේෂ දවසක, මට ඔයාට මෙන්න මේ හේතුවලටයි, තව හේතු ගොඩකටයි ස්තුති කරන්න ඕනෙ,


ඒ තමයි


අපිට අවශ්‍ය හැම මොහොතකම අපි ලගින් ඉන්නවට……


මේ ලෝකෙ කොහෙ හිටියත් ගෙදර තරම් හොද තැනක් නැති බව අපට හිතෙන තරමටම ගෙදර ලස්සන තැනක් කලාට…


මට මගේ හීන, හීන විතරක් වෙන්න නොදී ඒවා සැබෑ කර ගන්න උදව් කලාට….


අපිව ලංකාව වටේ එක්කන් ගිය ඒ සුන්දර චාරිකා වලට, (දැනුත් මම ගෙදර ගැන හිතද්දි මට මතක් වෙන්නෙ අපි හතර දෙනා කොහේ හරි ලස්සන තැනක වෑන් එක නවත්තගෙන, පිටිපස්සේ දොරත් ඇරන් තේ බි බී ඉන්නවා…)


මම ඉස්කෝලෙ ඇරිලා ජිම්නාස්ටික් පුහුණුවට හිටපු දවස්වල බස් එකේ එනකොට, මගෙ කකුල් රිදෙයි කියලා, තියෙන එකම හිස් සීට් එකේ මාව ඉන්දවලා, අච්චර දුර හිටගෙන ආවට…


රස්සාව කරන්න මුහුදෙන් එතෙරට යන්න වෙද්දි , මල්ලිවයි මාවයි ගෙනියන්න දෙන්න බෑ කියලා ලොකු ලොක්කො කියද්දි, අපි දෙන්නා වෙනුවෙන් සටන් කරලා, කොහොම හරි අපිව ඔයාලා ලගින්ම තියා ගත්තට….


ජීවන ගමනෙදි මට වැටෙන්න නොදී බලා ගත්තට, වැටෙන හැම මොහොතකම අත දීලා ආයෙම කකුල් දෙකෙන් හිට ගන්න උදව් කලාට…


ජීවිතේ ගැන මට කියලා දීපු හැම පාඩමකටම…


මම ඔයාලව දාලා ආපු දවසෙ මම ඉස්සරහ අඬපු නැති එකට (මම දන්නවා එදා සමුගන්න මොහොතකට කලින් මම පොඩ්ඩකට ගිහින් එන්නම් කියලා ගියේ ඇයි කියලා)…


අම්මව පණටත් වඩා ආදරෙන් බලා ගන්නවට, (මම දැන් පිරිමින් මනින මිණුම් දඬුව තාත්තා…)


ජීවිතේ කොච්චර කරදර ආවත් අපි වෙනුවෙන් පසු නොබැස්සට….


මේ හේතු වලටයි තව ගොඩකටයි මට ඔයාට ස්තුති කරන්න ඕනෙ තාත්තා…ඒත් ඔක්කොම කියන්න ගියොත් සයිබර් අවකාශයේ ඉඩ මදි වෙන්න පුලුවන්…


ඒ ඔක්කොටමත් වඩා අපේ තාත්තා වුනාට ස්තුතියි…

මම කියවලා තියෙනව ඕනෙ මිනිහෙකුට පියෙක් වෙන්න පුලුවන් ඒත් තාත්තා කෙනක් වෙන්න පුලුවන් කීප දෙනෙකුට විතරයි….ඔයා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම තාත්තා කෙනෙක්….


සුබ උපන්දිනයක් තාත්තා!!!! අපි ඔයාට ගොඩක් ආදරෙයි.

_________________________________________________________________________________

ලිව්වේ සහ පරිවර්තනය කලේ: හිරුණි

 

ටැග: , ,

91 responses to “71. අපේ තාත්තා වුනාට ස්තුතියි, ඩූඩ්…

  1. nirosha

    ජූනි 26, 2012 at 7:38 ප.ව.

    ayyo..thaththa thaththa kiwwata dala thiyenne oyage photos witharane .
    dannako me tharam watina thaththage ewath..
    Happy Birthday kiyannam mamath thaththata..

     
    • henryblogwalker

      ජූනි 26, 2012 at 7:43 ප.ව.

      නිරෝෂා, මේක ලිව්වෙ මගෙ දුව මගෙ උපන්දිනයට. ඉතින් මේ දාලා තියෙන්නෙ එයාගෙ තාත්තගෙ, ඒ කියන්නෙ මගෙ පින්තූර තමයි. 🙂 යටම ඉන්නෙ ලියපු එක්කෙනා. 🙂 ස්තුතියි. කමෙන්ට් එකට.

       
  2. අසරණයා

    ජූනි 26, 2012 at 7:55 ප.ව.

    ගොඩාක් ආදරේ කරන දුවෙක් ඒ වගේම හොඳ තාත්ත කෙනෙක්. හැමෝටම මේ විදියට ලියන්න බැහැ. මොකද හැමෝම ඔයා තරම් හොඳ නැහැ.

     
  3. අඩවි රජා

    ජූනි 26, 2012 at 8:02 ප.ව.

    මේ කියලා තියන තාත්තට…සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!! 🙂 🙂

     
  4. nirosha

    ජූනි 26, 2012 at 8:08 ප.ව.

    ane samawenna.
    subha upandinayak wewa!

     
  5. වින්චැට් කිරිල්ලී.

    ජූනි 26, 2012 at 8:15 ප.ව.

    මගේ තාත්තව මතක් වෙලා ගොඩාක් දුක හිතුනා…..

     
    • henryblogwalker

      ජූනි 26, 2012 at 9:19 ප.ව.

      අයියෝ කිරිල්ලි. ඒ ඇයි කියලා අහලත් බෑ නැතුවත් බෑ.

       
      • වින්චැට් කිරිල්ලී.

        ජූනි 27, 2012 at 1:42 පෙ.ව.

        අනේ සොරි..ගොඩාක් සොරි…මම දවල් මේ පෝස්ට් එක බලල ඉක්මනින් අහකට ගියා..ඔයාගෙ උපන් දිනේට සුභ පතන්න බැරි උනා..සුභම සුභ වාසනාවන්ත උපන් දිනයක් වේවා..තවත් මේ වගේම උපන් දින 100 ක් ආදරණීය පවුලේ අය සමග ගත කරන්න සමරන්න වාසනාව ලැබේවා…!!

        මට අවුරුදු 14 දි අපේ තාත්ත සදහටම අපිව දාල ගියා..!!

         
  6. නරකයා..

    ජූනි 26, 2012 at 8:40 ප.ව.

    ආදර්ශමත් පියෙක්ලුනේ… !!
    හැම තාත්තා කෙනෙක් ගාවම මේ කියන ගුණාංග නැතිඋණාට තමන්ට ආවේනික ආදර්ශ තියෙනවා කියලා මට හිතෙනවා… කතාව කියවද්දි මම මතක් කරගත්තෙ අපේ තාත්තව… මේවා එයා ගාව නෑ.. හැබැයි වෙනස් දේවල්නං තියෙනවා…

     
    • henryblogwalker

      ජූනි 26, 2012 at 9:22 ප.ව.

      එහෙම තමයි නරකයා. විවිධ පුද්ගලයෝ ගාව විවිධ ආවේනික සුවිශේෂී ලක්ෂණ තියෙනවා. ඔයාගෙ තාත්තත් එහෙමයි.
      ආදර්ශමත් පියෙක් වුනේ මගේ දුවට, සමාජයට නෙවෙයි.

       
  7. sAm (සෑම්)

    ජූනි 26, 2012 at 8:56 ප.ව.

    අන්තිමට තියෙන //සුබ උපන්දිනයක් තාත්තා!!!! අපි ඔයාට ගොඩක් ආදරෙයි// හරිය බොද වෙලා පෙනුනේ… කදුලු නෙවේ හරිය !

    උබේ තාත්තට සුබ උපන්දිනයක් කොල්ලා (දශක ගානකට පෙර උබ කොල්ලෙක්ලුනේ)

    අපේ තාත්ත මම පොඩි කාලේ මාව බයිසිකලේ ඉස්සරහ ඉන්දවගෙන තමා බෙහෙත් ගේන්න පවා යන්නේ. අපේ ගෙවල් ලගම (බියගම පාරෙ) තියෙනව හෙන කන්දක්. ඒ කන්ද තාත්ත බයිසිකලෙන් බැහැල තල්ලු කරනවා මාව ඉන්දවගෙනම. මට තාම මතකයි වේගෙන් හුස්ම ගන්න සද්දෙ. මට දුක මම බහින්න ඇහුවම එයා මුකුත් නොකියපු එකට.

    ආඩම්බරෙන් කියන්නේ. එයා ගුරුවරයෙක්ග ගණන් කාරයෙක්. තාම ඒ ශක්තිය එයාට තියෙනවා. වෙලාවකට අපිට ඒ හයිය නැත්තෙ ඇයි කියල හිතෙනවා. මොකද මම ක්‍රීඩාවලට යොමු නොවුන නිසා වෙන්න ඇති.

    ජය සහෝ !

     
  8. hasithag

    ජූනි 26, 2012 at 9:01 ප.ව.

    මේ ඔයා ගැනද කියලා තියෙන්නේ. මට අපේ තාත්තාවත් මතක් වුණා. අපේ තාත්තාගෙත් උපන් දිනේ ඊයේ තිබුණේ. තාත්තාටත් ඔයාටත් සුභ උපන් දිනයක් 🙂

     
    • henryblogwalker

      ජූනි 26, 2012 at 9:30 ප.ව.

      ඔව් hasithag මේ මං ගැන මගේ දූ ලියපු සටහනක් මගේ උපන්දිනයට.
      ඔයාගෙ තාත්තාටත් සුබම සුබ උපන් දිනයක් පැතුවා කියලා කියන්න.

       
  9. R.p. Susantha

    ජූනි 26, 2012 at 9:21 ප.ව.

    පියානෙණි ඔබට චිර ජීවණය!!!, මගේ තාත්තා නැති වුනේ මේ ලඟදි. ඒත් දැන් ඒ අඩුව දැනෙනවා.
    මහ වෙදනා.

     
    • henryblogwalker

      ජූනි 26, 2012 at 9:32 ප.ව.

      වෙද මහත්තයා. ස්තුතියි. මේ මගේ දුව මගේ උපන්දිනයට ලියපු සටහනක්.
      මගෙ තාත්තා නැතිවුනේ 1995දී අසනීපයකින්. මටත් අදටත් ඒ අඩුව දැනෙනවා.

       
  10. ලකීසිරි

    ජූනි 26, 2012 at 9:30 ප.ව.

    මේ වගේ ලස්සන ලිපියක් ලියන්න ඉඩ දුන්න හොද තාත්තටත්, ලිපිය ලිව්ව දියණියටත් ජයෙන් ජය..

     
  11. henryblogwalker

    ජූනි 26, 2012 at 9:33 ප.ව.

    බොහොම ස්තුතියි, ලකීසිරි.

     
  12. Gold fish

    ජූනි 26, 2012 at 9:47 ප.ව.

    බොරු පුස්සක් නොවුනු සැබෑ ආඩම්බර තාත්තා කෙනෙක්… සුභ උපන් දිනයක් වේවා… හෙන්රි අයියේ….

     
  13. සාබිත්

    ජූනි 26, 2012 at 9:53 ප.ව.

    many happy returns of the day Dude! may god bless u!

     
  14. ක්සැන්ඩර් | Xander

    ජූනි 26, 2012 at 9:55 ප.ව.

    දුවට මොන ගුණය නැතත් හොදට ලියන්න නම් දෙය්යනේ කියලා පුළුවන්. ඒ එක්කම සුන්දර මනුස්සයෙක් වෙච්ච දුවගේ තාත්තටත් සුභ උපන්දිනයක් වේවා කියලා මම පතනවා…

     
  15. Senna

    ජූනි 26, 2012 at 10:15 ප.ව.

    මමත් මගක් එනකම්ම හිතන් හිටියේ ඩූඩ් ගේ තාත්තා ගැන කියනවා කියලා.. පස්සෙයි තේරුනේ..

    සුබ උපන්දිනයක් ජේත්තුවාණනී !!!

    යුතුකම් දන්න පියෙක්…

    ඩූඩ් පවුලටම ජයම පතමි !!

     
  16. Sumith Niriella

    ජූනි 27, 2012 at 12:09 පෙ.ව.

    ඩූඩ් සහෝට සුබ උපන්දිනයක්…………………!!!!

    ……………මටත් ඔය කියන සමහර ගුණාංග තියෙනවා, ඒත් මම එච්චර හොද තාත්ත කෙනෙක් නෙවෙයි.

     
    • Senna

      ජූනි 27, 2012 at 12:47 පෙ.ව.

      තාත්තගේ ආදරේ මොනවගේද කියලා දැනෙන්ඩ තාත්තා කෙනෙක් වෙනකම්ම ඉන්ඩ වුන එක ගැන මටනම් තියෙන්නෙ බරපතල පසු තැවිල්ලක්..

       
    • henryblogwalker

      ජූනි 27, 2012 at 10:33 පෙ.ව.

      ස්තුතියි සුමිත් සහෝ!

      හැමෝම ලඟ එකම ගුණාංග තියෙන්න ඕනෙය කියලා එකක් නෑනෙ. එකිනෙකාට සුවිශේෂ වූ ගුණාංග හැමෝම ලඟ ඇති. අනික මේ මගෙ දූ දකින විදියනෙ. කාටත් තමන්ගෙ තාත්තලා පේන්නෙ වීරයෝ වගේ තමයි, නැද්ද?

       
  17. Dinesh Umagiliya

    ජූනි 27, 2012 at 3:16 පෙ.ව.

    දුවෙකුගෙන් තාත්තට ලැබුන හොද තෑග්ගක්.. හරිම අපූරුයි.. සුභ උපන්දිනයක් වේවා!!

     
    • henryblogwalker

      ජූනි 27, 2012 at 10:39 පෙ.ව.

      ඒකනම් හරිම වටින තෑග්ගක් තමයි දිනේෂ්. ඇයි දිනේෂුත් දීලා තිබ්බෙ අම්මටයි තාත්තටයි මේවගෙම තෑග්ගක් අම්මගෙයි තාත්තගෙයි ආදර කතාව ලියලා. අපි සෑහෙන රසයක් ලැබුවා ඒක කියවලා.

       
  18. chathuri

    ජූනි 27, 2012 at 3:46 පෙ.ව.

    many more happy returns of the day uncle…..i think this is the best b’day present u ever had….and you are so lucky to have this lovable daughter…

    for Hiru – now i know (i already knew) Ur a really lovable daughter and u got the most lovable father…….happy for u darling……. ❤ ❤ ❤

     
  19. praveena

    ජූනි 27, 2012 at 4:18 පෙ.ව.

    දුවෙකුගෙන් ආදරනීය සුබ පැතුමක්!!!

    සුබ උපන් දිනයක් වේවා. 🙂

     
  20. ඉඳුනිල්

    ජූනි 27, 2012 at 9:00 පෙ.ව.

    තෑග්ගක් එක්කම දුවගෙන් හොඳ චරිත සහතිකයක්. සුභ පතනවා සියලු දෙනාට

     
    • henryblogwalker

      ජූනි 27, 2012 at 10:50 පෙ.ව.

      ඒක ඇත්ත ඉඳුනිල්, ඒකෙ විශේෂත්වය ඒකයි. බිය වැද්දීමෙන්, තර්ජනය කිරීමෙන් තොරව එහෙම දෙයක් උපයාගන්න එක ලොකු ජයග්‍රහනයක් නෙවෙයිද?

       
  21. හංසකිංකිණි

    ජූනි 27, 2012 at 9:26 පෙ.ව.

    සුබ පැතුවනෙ ඊයෙත්!!! ආයෙත් ඉතිං දීර්ඝායුෂ පැතුව කියල අඩු වෙනවයැ නේද අයියෙ….??
    අපේ තාත්තට ජීවතුනු අතර ඉන්දද්දි මේ වගේ සුබ පතන්ඩ තිබුණ නං කොච්චර හොඳද කියල හිතුණ… මටත් කියවන්ඩ, ලියන්ඩ හුරු කළේ තාත්තනෙ…

     
    • henryblogwalker

      ජූනි 27, 2012 at 11:11 පෙ.ව.

      සුභ පැතුම් වැඩිවෙනවයැ බං ජනූ!

      මමත් උඹේ තාත්තා ගැන ලියලා තිබ්බ පෝස්ට් බලලා කම්පාවුනා. මල්ලියි උඹයි තාත්තත් එක්ක සෙල්ලම් කරපු හැටි…දඹදෙනි ගලේ සෙල්ලම…ජෙම් බිස්කට් ෆැක්ටරිය…සරමෙ ඔංචිලි පැදලා ඉරපු කතාව… මාව කම්පා කරපු දේවල්.

      මටත් අදටත් අර “පියාණෙනී මා නැවත උපන්නොත්” කියන සින්දුව අහන්න බෑ කඳුළු නැතුව.

       
  22. නවම්

    ජූනි 27, 2012 at 10:11 පෙ.ව.

    දවස් දෙකකදි පැය හතර පහක ආශ්‍රයකින් හෙන්රි කියන්නෙ මොනවගේ කෙනෙක්ද කියල මෙච්චර මට තේරුම් ගියානම්….. ජීවිත කාලෙම තාත්තත් එක්ක හිටපු හිරුණිට ඒගැන දැනෙන හැඟීම කොච්චර විසාලද කියල හිතාගන්න අමාරුයි.

    සුභ උපන්දිනයක් ඩූඩයියෙ !!

    මටත් ආසයි උඹ වගේ තාත්තෙක් වෙන්න බං……

     
    • henryblogwalker

      ජූනි 27, 2012 at 11:16 පෙ.ව.

      ස්තුතියි නවමො. උඹත් දැනටමත් නොම්මර එකේ තාත්තෙක් තමයි බං. අර පඩි පෙලෙන් වැටෙනකොට ගුවන්ගත වෙලා ඉන්න මොහොතේ පොඩ්ඩගෙ ආරක්ෂාව ගැන නේද හිතුනෙ? ඒක නේද ඒකාව ගුලි කරන් හිටියෙ?

      (මම පරමාදර්ශී පොර චරිතයක් නෙවෙයි බං. මේ කෙල්ල ලියලා තියෙන හැටි! 🙂 )

       
  23. aruna

    ජූනි 27, 2012 at 10:45 පෙ.ව.

    මගෙ‌ තාත්ත මට අවු 7 දි අපට නැති උනා

     
  24. Thanoja Rajapaksha

    ජූනි 27, 2012 at 11:17 පෙ.ව.

    ඔන්න ඉතින් ඉස් ඉස්සරෝම ආවෙ අදනෙ… ඉතින් සුභ පතලම ඉන්නම් දුවත් පුතාවත් ඔය දෙන්නට වඩා බොහෝ ඉහළින් තියන්න (අධ්‍යාපනය, රැකියාව, මුදල් වගේම මනුස්සකම් වලිනුත්) වාසනාව ලැබෙන්න කියලා… මොකද හැම අම්මෙකුගෙ තාත්තෙකුගෙම බලාපොරොත්තුව තමාට වඩා අඩියක් හරි ඉහළට තම දරුවන් පත් කිරීමයි.. මගේත් ඒ බලාපොරොත්තු නැතිවා නෙමේ..

    පෙරේදා මමත් ඇරඹුවා මගේ ඇස් දෙකේ අදහස් ලියන්න බ්ලොග් එකක්.. මේ බලන්න http://nayanachintha.blogspot.com මේකේ තියෙන පුංචි සටහන් වලින් සතුටු උන මගේ හිත දන්නවා ඔය ලොකුම ලොකු දිගම දිග ආදරය පිරුණු ලියුම් පොඩිත්ත නිසා ඔයාට දැනෙන සතුට… හැමදාමත් මේ සතුට රැදේවා! ඇස්වහක් කටවහක් කිසිම දවසක නොවේවා!!!

     
    • henryblogwalker

      ජූනි 27, 2012 at 11:25 පෙ.ව.

      බොහෝම ස්තුතියි තනෝජා. ඔය අපිව තේරුම් අරන් තියෙන්නෙ ලස්සනට!
      අලුත් බ්ලොග් එකට ජයම වේවා. මම තව ටිකකින් ඒ පැත්තෙ යනවා.
      පොඩ්ඩක් ඉන්න. ඇයි තනෝජා ඔයා දැනටමත් බ්ලොග් එකක් ලියනවා නේද? අර දවසකට බස් කොන්දොස්තර කෙනෙක් වුන කතාව හෙම තිබ්බෙ?

       
      • Thanoja Rajapaksha

        ජූනි 27, 2012 at 11:33 පෙ.ව.

        ඔව්. ඒකෙත් මෙතුවක් කල් ලියවුනේ උන් දෙන්න ගැනම තමා.. ඒත් ඒ මගේ අදහස්නෙ.. මේ අළුත් එකේ එයාලගෙ අදහස් තියෙන්නෙ.. එයාල ඉස්කෝලෙදි ගෙදරදි ලියලා තිබුන පොත් හොරෙන් උස්සලා තමා මම ඒකෙ දාන්නෙ.. තවම දන්නෙ නෑ.. ලොකු උන කාලෙක එයාල දෙන්නටම කරගෙන යන්න දෙන්න පුළුවන්නෙ.. ඒත් මේ අවකාශෙ වෙන දේවල් වල හැටියට මෙතනට එන්න දෙන්නත් බයයි අප්පා..

         
  25. පිණිබිඳු

    ජූනි 27, 2012 at 11:36 පෙ.ව.

    සුභ උපන්දිනයක්. අපේ තාත්තටත් හොඳටම රසට උයන්න පුලුවන්. ඒත් අම්මා කෑ ගහන්නෙ අම්මා මාසෙකට පාවිච්චි කරන බඩු තාත්තා එක දවසකින් ඉවර කරනවා කියලා.

     
  26. henryblogwalker

    ජූනි 27, 2012 at 11:40 පෙ.ව.

    මට තියෙන්නෙත් ඔය චෝදනාවමයි. ඇයි දන්නෑ ගෑණු ඔච්චර ලෝබ කුලුබඩු ගැන! 😀
    ස්තුතියි පිණිබිඳු!

     
  27. Raj

    ජූනි 27, 2012 at 11:56 පෙ.ව.

    ලියල තියෙන දෙවල් වලින් ඔනම කෙනෙකුට තෙරුම් යන්න ඔන ඩුඩ් කියන්නේ කොපමණ දයාබර තාත්තා කෙනෙක්ද කියන එක. මේලියල තියෙන දේවල් වලින් මගේ පුංචි කාලේ කොලු අවදියේ සිදුවීම් මතකත් අලුත් උනා, සුබ උපන්දිනයක් ඩුඩ්

     
  28. දුකා

    ජූනි 27, 2012 at 12:54 ප.ව.

    තාත්තෙක් දුවෙක්ගෙන් නරසීහ ගාථා අහන්න ලැබෙනවා කියන්නේ තාත්තෙක්ට ජීවිතයේ ලබන්න පුලුවන් උපරිම තත්වයක් වෙන්න ඕන . . උඹ ගැන හරි සතුටුයි මචං . . . දරුවෝ ගැන ඊට වඩා සතුටුයි ඒ උඹ වගේ තාත්තෙක් ලබපු නිසා . . ජය වේවා . .

     
  29. DDT

    ජූනි 27, 2012 at 1:48 ප.ව.

    මේ වගේ තාත්ත කෙනෙක් ලබන්න හිරුණි පිං කරල තියනව වගේම ඒ වගේ දුවක් ලබන්න ඔයා පිං කරල තියනව ඩූඩ්. ඇත්තෙන්ම ඔයාල හරි විවෘතයි. ඒ වෙනසට මම කැමතියි. හැබැයි ලංකාවෙනම් එහෙම ෆැමිලි ගොඩක් අඩුයි මම හිතන්නෙ.
    ඔයාට සුබ උපන්දිනයක් ඩූඩ් !

     
  30. vimukthi

    ජූනි 27, 2012 at 2:04 ප.ව.

    ඩුඩ් අයියට සුභපැතුම් ඉදිරිජීවිතගමනට.
    ඔයාවගේ තාත්තල හරිලස්සනට ජීවිතය විඳීනව,සුබපැතුම්….

     
  31. රාජ්

    ජූනි 27, 2012 at 2:23 ප.ව.

    සුභ උපන් දිනයට පසු දිනයක් වේවා ඩියුඩ්. පොඩිඑකීගෙ ලියමනත් හරියට ඩියුඩ්ගෙ වගේම තමයි.
    -රාජ්.

     
  32. anithkona

    ජූනි 27, 2012 at 5:05 ප.ව.

    ඇත්තෙන්ම හරිම සංවේදී ලියමනක් ! ඒ සොඳුරු පියාට සුභ උපන්දිනයක් වේවා !

     
  33. අටම්පහුර

    ජූනි 27, 2012 at 9:14 ප.ව.

    මම බැලුවා අද ලස්සනට ලියලනේ කියලා.
    දුව තරම් ලස්සනට ලියන්න බැ henryblogwalker අංකල්ට
    මේ පහුකරේ 56වෙනි සැතපුම් කනුව නේද

     
    • henryblogwalker

      ජූනි 27, 2012 at 11:09 ප.ව.

      අටම්පහුර,

      ගෑණු අයනම් තමන්ගෙ වයසින් අඩු කරන අවුරුදු අහක දාන්නෙ නෑලු. ඒවා අනිත් ගෑණුන්ගෙ වයසට එකතු කරනවලු. අපේ අටම්පහුරයත් ඒවගෙ වැඩක් කලාවත්ද? 😀

      ඔව් ඉතින් කවදාහරි ඒ වයසත් ඒවි. මහා ඈතකුත් නෑ.

      ස්තුතියි අටම්පහුර. ඇත්තටම එයා හොඳ ලේඛිකාවක් කියලා මාත් හිතනවා. 🙂

       
  34. මඩිස්සලේ නිශාන්

    ජූනි 27, 2012 at 9:34 ප.ව.

    හරිම හැඟුම්බර ලිපියක් සර්.
    ඔයාගේ තාත්තට සුභම සුබ උපන් දිනයක් වේවා!

     
  35. bindi

    ජූනි 27, 2012 at 9:40 ප.ව.

    what a wonderful father. Hpoe my daughters will write for their father ,,just like this. We wish him a happy birthday . [sorry for English..having trouble with singlish ]

     
  36. henryblogwalker

    ජූනි 27, 2012 at 11:14 ප.ව.

    Well, thanks Bindi. Of course they might, one day. And what happened to Singreesi? Why don;t you download the software again.

     
  37. JP

    ජූනි 28, 2012 at 4:26 පෙ.ව.

    Dude

    Belated wishes .

    We always strive to be what our fathers ( or mothers) were. Although we can not be as good as they ( or perfect as) they were, we look for the validation that we are at least somewhere there. ( at least I am)

    I think you got that validation. Congrats.

     
  38. රූ

    ජූනි 28, 2012 at 11:27 පෙ.ව.

    පරක්කු වෙලා ආවත් සුභම සුභ පැතුම්..උපන්දිනේට..
    මේක කියෙව්වාම මට මතක් වුනේ නිබ්බුත පද…

    දැන් දෝණි කොහෙද ඉන්නෙ?

     
  39. DeeJay

    ජූනි 28, 2012 at 12:08 ප.ව.

    හෙන්රිබ්ලොග්වෝකර් the ඩුඩ්,

    ඔයාට සුභම සුභ, සතුටෙන්, යස ඉසුරින්, සාමයෙන්, පිරි නිරෝගි, ප්‍රිතිමත් ජිවිතයක් සදහා ආශිර්වාද කරන අතර මෙ ලැබුවාවු උපන් දිනයේ ඔයා ගෙ සියලුම සිහින සෑබැ වේවායි ප්‍රාර්ථනා කරනවා.

    එවාගෙම, ඔයාට හුගාක්ම ස්තුතියි දයාබර, කාරුණික, විනෝදකාමි, හැගිම්බර පුතෙක්, සැමියෙක්,පියෙක්,සහෝදරයෙක්, බෑනෙක්, මස්සිනෙක්,මාමෙක්,මුණුපුරෙක් වගේම යාලුවෙක් වුනාට.

    පුතූ (හිරුණි) ,
    ඔයාටත් ගොඩක් ස්තූතියි ඔයාගෙ තාත්තාට අති විශේෂ, මිල කල නොහැකි , සදහටම මතකයේ ‍රැදෙන මෙ පොස්ට් එක ලිව්වාට. මට හිතුනා ඔයා තාත්තාගෙ බර්ත්ඩේ එකට පොස්ට් එකක් ලියයි කියලා, ඒවගෙම ඔයා එහෙම කරලා.

    ඇත්තටම තාත්තායි මමයි හරි වාසනාවන්තයි ඔයායි , ඔයාගෙ මල්ලියි වගෙ හොද ගතිගුණ ඇති, ආදරෙන් පිරූණ දරුවන් ලබන්න. පුතූ, හැමදාම මෙ වගෙම ඉන්න .

    හෙන්රිබ්ලොග්වෝකර් the ඩුඩ් ‘ ඔයට සුභම සුභ උපන් දිනයක් වෙවා……..!!!!!!!!!!

    ඔයාගෙ DeeJay.

     
  40. chami4u

    ජූනි 28, 2012 at 2:44 ප.ව.

    ඩුඩො.. උබ ගැන ගොඩක් දේවල් දුවගෙන් අහ ගත්තා .. අන්තිම වෙනකන්ම මම හිතාගෙන උන්නේ ඩුඩ් ගේ තාත්තා ගැන ඩුඩ් කියනවා කියලයි. එහෙම තියෙන එක හොදයි… එතකොට අවසානයේ නැවත හිතන්න යමක් තියෙනවා..බලාගෙන යනකොට ඩුඩ් හොද තාත්තා කෙනෙක්නෙ…

    මේ ටික දුවට …..
    දුව ලස්සනට මේක ලියල තියෙනවා … ආයේ ඉතිං කියන්න දෙයක් නැහැනේ තාත්තගෙම දුවනේ තාත්තගේ හැකියාවන් ඒ ලෙසටම තිබෙනවා ..කැමැති නැද්ද බ්ලොග් එකක් ලියන්න….
    ගොළු බෙල්ලෝ අවදා කියල දැනගන්න කැමැති
    ජය …

     
    • henryblogwalker

      ජූනි 28, 2012 at 5:58 ප.ව.

      චමී මගෙ තාත්තා නැතිවෙලා අවුරුදු 17ක්ම ගෙවිලා ගියත් මතකය අද ඊයෙ වගෙ. තාත්තා ගැනමම ලිව්වත් මේවගෙ දේවල් තමයි ලියන්න තියෙන්නෙ. මාත් ඒවගෙ වෙන්න උත්සාහ කරන ගමන්…
      අර ගොලුබෙල්ලො සමහරු ආපහු ඇවිල්ලා හිටියා. ඒ කියන්නෙ සීයට විසිපහක් විතර. පස්සෙ මම කල්පනා උන්ට නොම්මර දාන්නත්… 😀

       
  41. නිසුපා

    ජූනි 28, 2012 at 4:08 ප.ව.

    සුභ උපන්දිනයක් වේවා අයියේ…….

    හිරුණි ලස්සනට තාත්තා ගැන ලියලා.මුලින් හිතුවෙ අයියා,අයියගෙ තාත්තා ගැන ලියලා කියලා.මැදක් යනකොට තමා තේරුනේ. 🙂

     
  42. henryblogwalker

    ජූනි 28, 2012 at 6:00 ප.ව.

    බොහොම ස්තුතියි නිසූපා. ඇත්තෙන්ම සමහර යාලුවන්ට පැටලිලා තිබ්බා කවුරු ගැනද ලියන්නෙ කියලා. පස්සෙ අන්තිමට ලිව්වෙ හිරුණි කියලත් දැම්මා. 🙂

     
  43. Amarasinghe Sujatha

    ජූනි 28, 2012 at 6:00 ප.ව.

    සුභ උපන් දිනයක් වේවා!!!!

     
  44. ගැමියාගේ පත් ඉරුව

    ජූනි 28, 2012 at 7:48 ප.ව.

    //අපේ ගෙදර තියෙන බඩු ඔක්කොම එක්කහු කලොත් මම හිතන්නෙ ඒවායින් 75% ක්ම තියෙන්නෙ පොත්. ඒක පුංචි කාලෙ ඉදන්ම මල්ලිටයි මටයි පුරුදු කරපු දෙයක්. //

    මෙන්න මේ ටිකට මම මාර ආසයි.පොඩි කාලේ මල්පියලිය ප්‍රකාශනය කරපු තඩි අකුරු තියෙන පොත් හෙන සෙට් එකක් ගෙනත් අපේ තාත්තා මට කියවන්න පුරුදු කලා.මට තාම මතකයි කුඩ මාමාගේ කතාව.

    මම ඇත්තටම හිතුවේ මේ ඩුඩි විසින් එයාගේ පුතා ගැන කියන්න යනවා කියලා.ඒත් අන්තිමට සුභ උපන්දිනයක් තාත්තා කියලා තියෙනවා දැක්කම ඇස් දෙකට කඳුළු එන්න ගත්තා සත්තකින්ම මට හිතාගන්න බැරිවුනා ඇයි කියලා….

    සුභ උපන්දිනයක් ඩුඩි අයියේ…..

    ගොළුබෙල්ලන්ගේ සීන් එකට නම් හිනා සාගරයයි.හි හි ඇයි අර එක කකුලේ සපත්තු දෙක…. මාර සුන්දර මතකයක් හිරුණි (අක්කා වෙන්නැති මයෙ හිතේ) මතක් කරලා තියෙන්නේ.එයාටත් සෑහෙන්න හොඳට ලියන්න පුළුවන් භාෂා දෙකෙන්ම.ජය වේවා…

     
    • henryblogwalker

      ජූනි 28, 2012 at 8:20 ප.ව.

      ගැමියාත් පොත් රසිකයෙක් කියලා අහන්නත් සතු‍ටුයි. ඔයා ලියන විදියෙන් ඒක හිතාගන්න අමාරු නෑ. හිරුණිගෙත් ප්‍රියතම සිංහල පොතක් “මටත් මල්ලියෙක්” කියන පොත ඉස්කෝලෙදි නැති වුනා ඉස්කෝලෙ පන්ති පුස්තකාලයකට ගෙනිහින්. තවත් එයා ආසම අපිත් ආසා පොතක් තමයි “ටිංකිරි පැටියා”. මම හිතන්නෙ සුනේත්‍රා රාජකරුණානායක ලියපු පොතක් .

      ගැමියා, මම පොඩි කාලෙ තාත්තා ගෙනත් දුන්න සිංහල පොත්වලින් “හීන දකින්නෝ”, එතකොට “අකීකරු පුතයි හොඳ අම්මයි”, තව සිබිල් නැන්දගෙ “රතු කැටය” මට තාමත් මතකයි. සමහර කොටස් තවම කටපාඩම්.. ඔයවගෙ තව ගොඩාක් තියෙනවා. 🙂

      බොහොම ස්තුතියි සංවේදී හදවතක් ඇති ගැමියෝ.

       
  45. වර්ණා

    ජූනි 29, 2012 at 1:48 ප.ව.

    සුභ උපන්දිනයක් dude .. මම අරකෙ විශ් කළා ඔන්න දිනේටම 🙂
    මගේ තාත්තාවත් මට මතක් උනා 😥

     
  46. henryblogwalker

    ජූනි 30, 2012 at 12:04 ප.ව.

    වර්ණා බොහෝම ස්තුතියි.
    ඔව් මම ඒකටත් උත්තර දුන්නා.
    දුක්බර මතකයන් අවදිකරන්න කරපු උත්සාහයක් නම් නොවෙයි මේ. 😦

     
  47. Amarasinghe Sujatha

    ජූලි 2, 2012 at 8:10 පෙ.ව.

    ආයෙත් කියවන්න හිතුනා වැඩ අඩු වෙලාවේ.

    අපේ දුවත් පොඩිකාලෙ තාත්තා දවස් කීපයකට ගෙදරින් පිට ගියත් තැවෙනවා. තාත්තා වගේ විහිලුවක් කරල හිනාව බෙදා හදා ගන්ට කවුරුත් නැහැ කියලා. හිනා නැතිව ඉන්නවා කියන්නේ ඇයට අමාරු දෙයක්. එයා කවදා හරි ලැබෙන්ට පතන්නෙත් sense of humor ඇති කෙනෙක්. තාත්තලාගෙ ජීවිත වලිං වක්‍රව වෙන බලපැම් බොහොමයි දරුවන්ට.

     
  48. Gaminie Vijith

    ජූලි 3, 2012 at 7:54 ප.ව.

    හිරුණි දුවේ,

    හැමදාම වගේ අදත් මගෙ කොමෙන්ට් එක පරක්කුයි. ඒ නිසා සුබ උපන් දිනයක් කියන්නෙ නැතුව තාත්තට නිදුක් නිරෝගි සැපවත් ජීවිතයක් ප්‍රාර්ථනා කරනවා.

    ඔයාගෙ තාත්තා ඔයාට හොඳ තාත්තා කෙනෙක් වගේම, ඉස්කෝලෙ යන කාලෙ ඉඳලම අපට වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම හොඳ සහෝදරයෙක් හා යහලුවෙක්.

     

nirosha වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න