RSS

Monthly Archives: ජූලි 2012

සුභ උපන් දිනක් වේවා!

සුභ උපන් දිනක් වේවා!

BIRTHDAY WISH OF A SISTER.

 

The day we brought you home

When  you were newly born

You were so little

I thought you were brittle

 

You were the cutest thing

The laughter you’d bring

And you were a smart one

We just knew that you were the one

 

I remember playing all alone

With no sibling to play along

And then my only wish was someone

I wouldn’t have to share with anyone

 

Then my prayer was answered

A little brother was granted

And the day you came home

Our hearts just felt so warm

 

The Chupa-Chups you always bribed us into

The ‘penthinis’ you always just clung to

The times you at once disappeared

And from under the chairs you reappeared

 

 

Even in those few bad times

You would always bring about smiles

With your jokes and clowning

We felt our problems trifling

 

I am not saying you are an angel all the while

And not that we agreed all the time

There were times you’d drive me nuts

And make me feel that I am a mutt

 

Remember the fights we always had

And all the times we made each other so mad

I am sure Thaththa and Amma thought

We just always yelled, screamed and fought

 

But we’d always stand up for each other

You are always my little brother

And whenever you need me

Just know that here I will be

 

When I remember now you’ve grown up

Seems like yesterday you were trying to stand up

But even though we are miles apart

Remember you will always be in my heart

 

This is to the best Malliya anyone can ever ask for, 

WISH YOU A BLESSED B’ DAY MALLIYA!

Love you a lot

Yours Akki

Birthday “WISH” of a Mom & Dad

 

Though you would be

15

today

We wish you would still

hug us as tight and say good night.

And when in doubt,  ask for our advice.

And you would wrap your arms around our necks,

even in a swarming crowd,

without the slightest discomfort.

And you would still share 

your never ending views and opinions about

movies, books, music,

trains, planes,automobiles,

 guns,  games, computers

and anything that matters with us.

And you would still tell a joke,

pull a prank and make us mad,

throw us a playful punch,

tickle and tease  us  a little.

And most important of all

Not be ashamed to show emotions

no matter who is around

like you always used to.

And remember we’d dread the day,

you would outgrow them,

because

you’d never be too big in our eyes.

just because 

you’ll always be our little son.

 

ටැග: ,

75. ධර්මාරාම ධයන්න පුතා! ධර්මාරාම ධයන්න!!

75. ධර්මාරාම ධයන්න පුතා! ධර්මාරාම ධයන්න!!

පාසැල ඇරුනාම සුලෝහිත ඉස්කෝලෙ ගාවයින් පිටත්වෙන ඩබල් ඩෙකර් බස් රථයෙ උඩුමහලෙ පසුපස වීදුරුවෙන් පෙනෙන තට්ට හිස ධර්මාරාම හාමුදුරුවන්ගෙ. ධර්මාරාම හාමුදුරුවන්ගෙ රූපකාය මට සිහිපත් කලේ සිවුරක් පොරවාගත්ත මල්ලවපොර ශූරයෙක්ව. තනි උරේට දාන සිවුර නිතර නැවත නැවත උරයට උඩින් දෙපැත්තට විසි කර අඳින පුරුද්දයි, පොළොවට නොදැනෙන උපශාන්ත ගමන් විලාසය වෙනුවට , බරට අඩි තියමින් දෙපැත්තට මදක් පැද්දෙමින් කරන ගමන් විලාශයයි නිසාමද කොහෙද කවදත් කාටත් නම් පටබඳින කොල්ලන් උන්වහන්සේව හැඳින්වුව අනවර්ථ නාමය “තන්ඩර්”. ඒ එවකට ජනප්‍රිය සුපිරි වීරයෙකුගෙ සහයට හිටි තට්ට හිසක් ඇති චරිතයක්. තන්ඩර්ට අමතරව ‘කිහිල්ලේ මයිලානන්ද’  යනුවෙනුත් උන්වහන්සෙව හැඳින්වුවා.

බෲස් ලී, “එන්ටර් ද ඩ්‍රැගන්” චිත්‍රපටියෙන් මුලු ලොවම වසඟ කරගෙන හිටි ඒ දිනවල අපි කාටත් තිබ්බ ‘කුං ෆූ’ උන ධර්මාරාම හාමුදුරුවන්ටත් වැළඳිලා තිබ්බ නිසාදෝ උන්වහන්සෙ පන්ති කාමරය ඇතුලෙදි අපිට කරාටේ ප්‍රහාර එල්ල කරන්නෙ කටින් ‘ඩිෂුම්, ඩිෂුම්, යාහ්,යාහ්’ හඬ නගමින්. මිට මෙලවූ අතින් ‘ඩිෂුම්’ හඬත් සමග අපට හිටිවනම එල්ල කරන මුෂ්ඨි ප්‍රහාරත්,  අත්ලේ දාරයෙන්  ‘යා………හ්’ හඬ සමග බෙල්ලට එල්ල කරන චොප් වර්ගයේ ප්‍රහාරත් ඉලක්කයට අඟල් කීපයක් තිබියදී ගුවනේම නතර වෙනවා. මේ හාමුදුරුවන්ගෙ කෙළිලොල් ගතිය නිසා අපි සෑහෙන විනෝදයක් ලැබුවත් උන්වහන්සෙට තිබ්බ ගුරු ගෞරවයට ඉන් අබමල් රේණුවක හානියක් වුනේ නෑ.

වරදක් කල විට බොහෝවිට දඬුවමට ලක්වෙන්නෙ කොල්ලන්ගෙ කණ හෝ බඩයි. කණ වගේම බඩත් ඇඟිලි දෙකකින් වැරෙන් අල්ලා අංශක අනූවක් කරකවන විට දැනෙන සනීපය කියා නිමකල නොහැකියි.

බුද්ධාගම සටහන් ලියා ගැනීමේදී අපට යම් කිසි කොටසක් මග හැරෙන එක නිතර සිදුවෙන දෙයක්. ඒ වෙලාවට අත උස්සලා “සාදු,…………” කියලා මග හැරුන කොටස අහලාදැනගන්න එකත් ඒ වගේම නිතර සිදුවෙන දෙයක්.  උදාහරණයක් විදියට, සිසුවෙක් අත ඔසවා,
“සාදු, අනේපිඬු සිටානෝ…?” වැනි යමක් ඇසුවොත්
එවිට තොල් පෙරලා ප්‍රශ්ණය ඇසූ කොලුවා දෙස බලන ධර්මාරාම හිමි;
අනේපිඬු සිටානෝ? ඔව්, අනේපිඬු සිටානෝ පාදයක් පෙරට ගෙන වේගවත් පහරක් එල්ල කලා ආරක්ෂාකාරී ඉරියව්වක් අනුගමනය කරමින්. (දැන් උන්වහන්සේ තනිවම අත් පොලසන් දෙමින්, තට්ට හිස වනමින්) දැන් පන්දුව වේගයෙන් ගලාගෙන යනවා  ස්ලිප් ක්‍රීඩකයන් අතරින්. ඔව්, මට පේනවා එක්ස්ට්‍රා කවර්, කවර් පොයින්ට්, මිඩෝන්. මිඩෝෆ්, ෆයින් ලෙග්, තර්ඩ් මෑන් යන ස්ථානවල ක්‍රීඩකයන්…. පුතා මොකක්ද ඇහුවෙ? අනේපිඬු සිටානො නේ? අනේපිඬු සිටානෝ වරක් බුදුරජාණන්වහන්සේගෙන් විමසා සිටි විට…”
සිනහව තද කරගන්නා අපි සටහන සම්පූර්ණ කරගන්නවා අදාල කොටස් පමණක් යොදා ගනිමින්. උන් වහන්සේගේ මේ හැසිරීම අපිට නම් හුරු පුරුදු වුවත් අලුතින් ආපු සිසුවෙකුට නම් අදහාගන්නත් බැරි තරම්.

හිටි ගමන්, දෑස් වසාගෙන  තට්ට හිස පද්දමින්, මිට මෙලවූ අතින් කල්පිත මයික්‍රෆෝනයක් අල්ලා ගන්නා ධර්මාරාම හාමුදුරුවෝ කට උල් කරමින් “කුරුළු ගමේ කුරුළු ගෙදර කුරුළු කුමාරී, බඳින දවසෙ මගුල හැඩයි යස හැඩ කාරී” යනුවෙන්  ගායනා කරන්නේ අපිට පැවරුමක් දී අපි එය කරන අතරේයි. උන්වහන්සේ මේ කොටසම ‍තෝරාගන්න ඇත්තෙ කුරුළු යන වචනයේ ‘කු’ යන්න ශබ්ද කිරීමේදී ඇති තරම් කට උල් කිරීමට ඉඩ ප්‍රස්ථා ලැබෙන නිසා වෙන්නට ඇතියි මට හිතුනා. “යස හැඩකාරී” කොටස කියනවිට මුහුණේ සිනාවක් සමග හිස පද්දන්නෙ කුරුලු කුමාරිගෙ හැඩ ගැන පූර්ණ තෘප්තියකට පත්වූ අයෙකු මෙන්.

දීර්ඝ බුද්ධාගම සටහන් ලියාගන්නා විට කෙටිමං පාවිච්චි කිරීම මම කරපු අහිංසක කට්ට කමක්. ඉතා දිග වචනයක් මෙන් පෙනුන බුදුරජාණන්වහන්සේ මම LB යනුවෙන් ලිවීමට පුරුදුවී  සිටියා.  සටහන් දෙන අතරම හදිසි ක්‍රිකට් විස්තර ප්‍රචාර, මරදාන දුම්රිය ස්ථානයේ නිවේදන ප්‍රචාරය කරමින් ගී ගයමින් පන්තිය පුරා සක්මන් කරමින් සිටි ධර්මාරාම හිමි මා අසල තිරිංග යොදා එක්වරම  නතර වුනා. මගේ සටහන දෙස හිස වනමින් මඳ වේලාවක් බලාසිටි උන්වහන්සේ,

“කාටද පුතා LB කියන්නෙ?” යයි ඇසුවා.

“ලෝඩ් බුද්ධ හාමුදුරුවනේ !” මම උත්තර දුන්නෙ දැන් කනෙන් අල්ලයි යන බලා පොරොත්තුවෙන්. නමුත් සිදුවෙනේ වෙන දෙයක්.

“පුතා, අප මහ බුදුරජාණන්වහන්සේ සකල ලෝක වාසීන්ටම ලොකූ සේවයක් කරපු උත්තමයෙක්. ඒවගේම අසහාය ධර්මයක් දේශනා කරපු උත්තමයෙක් වගේම, අපේ ආගමික ශාස්තෘවරයා වෙන උන්වහන්සෙගෙ නම  ලියන්නත් අපි  කම්මැලි වෙනවා නම් පුතා, අපි බෞද්ධයො හැටියට ලැජ්ජා වෙන්න ඕනෙ නේද?”

“එහෙමයි හාමුදුරුවනේ”

එදායින්  පසු සටහන් පොතේ එක් පි‍ටුවකට කී වරක් අප බුදුරජාණන්වහන්සේ යයි ලිවීමට සිදුවුවත් මම නොවේ කෙටි මං හෙව්වේ.

මේ තවත් දවසක්.
එදත් අපේ හාමුදුරුවෝ සටහන් කියවමින් පන්තියෙ සක්මන් කරනවා.

“…මගධ රටින්…”

ඔන්න අපේ එකෙකුට ප්‍රශ්ණයක්.

“සාදු, “මගද රටින්” කියන්න කොයි දයන්නද?

සක්මන නවතා බෙල්ල ඇලකර අපේ එකා දෙස බැලූ ධර්මාරාම හිමියෝ…

“ධර්මාරාම ධයන්න පුතා, ධර්මාරාම ධයන්න” යයි පවසා සක්මන පටන්ගත්තේ කිසිත් සිදු නොවුනා වගෙයි.

ධර්මාරාම හාමුදුරුවන්ගේ සටහන් ලියා ගැනීමට නම් ‘කිරෙන් දියර වෙන් කර ගන්නා හංසයා’ සේ විශේෂ හැකියාවක් තිබිය යුතුයි. හොඳ අවධානයෙන් නොසිටියොත් සටහන් කුමක්ද සටහන මැද අනපේක්ශිතව නිකුත් කරන නිවේදනය කුමක්දැයි හඳුනාගත් නොහැකිව පඹගාලක පැටලෙනවා ඒකාන්තයි.

“…දිනක් නාලාගිරි ඇතාට රා පොවා… පුතා, හෙන්රි පුතා, ඔය බස් හෝල්ට් මුර කර කර හිටියට වැඩක් වෙන්නෙ නෑ පුතා. ඔය ඉස්කෝලෙ ඇරෙන වෙලාවට ඔය ගෝතමී එක පැත්තෙ කැරකි කැරකි ඉඳලා විතරක් හරි ගිය එකෙක් නෑ පුතා…You must remember that පුතා!… උන්වහන්සේ ඉදිරියට එවන ලදි.”

ඉදින් කාඩ් (ඉතිරි වී ඇති කාඩ් එකක් වේ නම්) කුඩුයැ!

ඉහල මට්ටමක ඉංග්‍රීසි දැනුමත් තිබ්බ ධර්මාරාම හිමියෝ අපිට සමහර විට බනින්නේත් ඉංග්‍රීසියෙන්. පණිවිඩයක් ‍රැගෙන පන්තියට එන පිට පන්තියක සිසුන් හෝ ශිෂ්‍ය නායකයින් කඩු පහරින් ගෙල සිඳ නොගන්නෙ යන්තමින්.

“අවසර හාමුදුරුවනේ”

“Yes? What can I do for you, පුතා?”

බෞද්ධ භික්ෂූන් වහන්සේලා ජාතිවාදීන් ආගම් වාදීන් අන්තවාදීන් යැයි යැයි චෝදනා කරන්නන්  ධර්මාරාම වැනි හිමිවරුන් ගැන අසාවත් ඇත්දැයි සැකයි. මෙය අපටත් ඇදහිය නොහැකි සිද්ධියක්. අපේ පන්තියේ සිටි එකම මුස්ලිම් කොලුවාට, (අපි ඔහුට මොහමඩ් කියමු) ධර්මාරාම හාමුදුරුවො දවසක් මෙහෙම කියනවා අපි අහගෙන.

“ඒයි මොහමඩ්, අනිත් දවසෙ එනකොට අරන් එන්න පුතා පොතක්”

මොහමඩ් සටහන් පොතකුත් තවත් මොනවාදෝ පොත් කීපයකුත් ගෙන ආ අතර , අපට බුද්ධාගම උගන්නන ගමන්ම මොහමඩ්ව මේසය වෙත කැඳවා ඔහුට වෙනම ඉස්ලාම් ධර්මය ඉගැන්වීමටද  ධර්මාරාමහිමියෝ විනාඩි පහ දහයක් වැය කල සේක. එදා පාසැල් සිසුන් වුන අප මෙයින් තරමක් විමතියට පත් වුනත් අද වැඩිහිටියෙක් වන මට මෙය අදහාගත නොහැකි තරම් සිදුවීමකි.

කතා කීමේ රුසියෙකු වූ උන්වහන්සේ දවසක් කියූ මේ කතාව අදටත් මට එලෙසම මතකය.

>>ඔය බුදුරජාණන් වහන්සෙ වැඩ ඉන්න කාලෙ, ඉන්දියාවෙ හිටියනෙ බ්‍රාහ්මණයො කියලා ජාතියක්. මේ අය හරිම උඩඟු ජාතිය. තමන් අනිත් මිනිස්සුන්ට වඩා උසස් කියලා තමයි ඒ අය හිතාගෙන හිටියෙ.
දවසක්  ………….. බ්‍රාහ්මණයන්ගෙන් අහනවා
“මොකද නුඹලා ඔය විදියට තමන් උසස් ජාතියක්යැයි හිතාගෙන ඉන්නෙ?”
ඔන්න එතකොට නායක බ්‍රාහ්මණයා කියනවා,
“ඒ අපි අනිත් සියලුම කුල වලට වඩා උසස් නිසා”
එතකොට  ……….. අහනවා
“ඇයි තමන් හිතන්නෙ තමන් අනිත් සියලුම කුලවලට වඩා උසස් කියලා?”
“එහෙම වෙලා තියෙන්නෙ අපි මහ බ්‍රහ්මයගෙ කටින් උපන් නිසා”
එතකොට අපේ …………. අහනවා
“තමන්ට හොඳටම විශ්වාසද තමන් උපන්නෙ මහ බ්‍රහ්මයගෙ කටින් බව?”
එතකොට බ්‍රාහ්මණයා පිළිතුරු දෙනවා,
“එසේය ස්වාමීනි, අපට හොඳටම විශ්වාසයි.”
“ඒ ගැන කිසිම සැකයක් නැතිද?” ………….. අහනවා.
“නැත ස්වාමීනි, ඒ ගැන කිසිම සැකයක් නැත.”
එතකොට අපේ ……….. කියනවා.
“එහෙමද? එහෙනම් අපි කවුරුත් දන්නවනෙ සාමාන්‍යයෙන් ලමයෙක් හම්බවෙන්නෙ කොතනින්ද කියලා. එහෙනම් එකත් එකටම මහ බ්‍රහ්මයාගෙ කටත් පිහිටලා ඇත්තෙ ඔය හරියෙම වෙන්ඩෑති” කියලා.<<

ඔය කතාවෙ ඇත්ත නැත්ත ගැන අපි ඒ වෙලාවෙම සැක පහල කලත් අපිට හිනාවෙන්න ලයිසන් ලැබුනා වගේ උන නිසා අපි බඩවල් කොර වෙනකල් හිනාවුනා. නමුත්  තට්ටෙ  රවුමට අතගාමින් හිටි ධර්මාරාම හිමියො නෙවෙයි පොඩ්ඩක්වත් හිනාවුනේ.

 

ටැග: , , , , , ,

වසරක් තිස්සේ මට හිතුන හැටි

වසරක් තිස්සේ මට හිතුන හැටි

1.Hello world!

2. එම්බා ලෝක වැසියනි,

3. පැඩිඩිලියන්ලා

4. පැඩිඩිලියන් 2 – වරදකාරී හැඟීමට එළවලු වලින් ප්‍රතිකාර

5. පැඩිඩිලියන් 3 – සීමාව ලකුණු කිරීම

6. පැඩිඩිලියන් 4 – හෙයා ජෙල්

7. පිංසිබොල්ගෙ ගොං කේස් එක.

8. බලලා තියෙනවද 7D MOVIE එකක්? 3D නෙවෙයි. 7D! කියලා වැඩක් නෑ!

9. ලොකු අයියයි ටිකිරි මොලෙයි

10. තාත්තගෙ ඉස්කෝලෙ කාලේ

11. “බලලා තියෙනවද 7D MOVIE එකක් ” පෝස්ට් එක අප්ඩේට් කලා. ඇවිල්ලම බලන්නකො.

12. “හහ්… හහ්… හා…! උඹ හිතන්නෙ මං තිලකයයි කියලමද?”

13. මගේ පළමු 1000 දෙකම එකම දවසෙ එකම වෙලාවට!! ඔබට ස්තුතියි!

14. උගෙ වර්ෂන් එක, මගෙ වර්ෂන් එක සහ හරි වර්ෂන් එක

15. පිස්සු බම්ප් වෙනවා මෙයා!

16. වයිෆ්ට, අක්කට, නංගිට, අම්මට කියලා ටයි ගැටේ ගහගන්න බබාලන්ත බුවාලා මෙහෙ වරෙල්ලා.

17. පිංසිබොල්ගෙ කොමෝඩ් බැක් අප් එක.

18. ඩයස් 1 – “ඒයි මෝඩයො! තමුසෙ කොයි ඉස්කෝලෙටද යන්නෙ?”

19. ඩයස් 2 – “මෙන්නෙ මෙව්ව තමයි දෙන්නෙ.”

20. මෙම්බර්ස්ලට විතරද අයියා රෙ#@ බර හැදෙන්නෙ?

21. පලුප්පු මාතියා.

22. අඹ අඹමයි, ලෙඩ ලෙඩමයි.

23. වැහි වැහැලා වතුර ගලා

24. ඇණේ

25. කාකි හදවත.

26. කස්සාගෙ, ඕනයාගෙ, වසුන්දරාගෙ ඇඩ්‍රස් නැතුව යන කතා

27. ඉංගිරිස් ඉන්ටර්විව්

28. දළ පූට්ටුවා සහ ණයට ගත් සෙරෙප්පු කබල

29. සයිකල් ශූර වි. ප. බ‍ටුවංගලතුමා

30. අන්තිම පේලියේ උංගේ නිදහස් ආර දම්වැල් චිත්‍ර (Free Form Chain Art.)

31. යකෝ කෝච්චිය එනවා!

32. මචං බාප්පලා සහ ‘ප‍ටුන’

33. අපි ගෙදර එනවෝ….!!! / We’re On Our Way Home…!!!

34. කටට බ්‍රේක් නැති විදුහල්පති සුපිරිපාල.

35. මෙන්න මෙතනිං කපපං මචං

36. හේයි ජූඩ්

37. මං උඹලට දෙන්න හැදුවෙ සබං පෙට්ටියෙන්ම!!!

38. දකුණු කකුලෙ ගෙඩිය නැව් භාෂාවෙන්

39. අනේ අත්තම්මෙ මැරෙන්නනං එපා.

40. 2011 in review

41. ඉතිං මොකක්ද ඒකෙ ඇති වැ‍රැද්ද?

42. හොරි බනිස්

43. ලංකාවෙ පොරවල් මාර වැඩ කාරයෝ හෙවත් ජාත්‍යන්තරයට එරෙහිව අපි.

44. නිවාඩු කාලේ පොලිස් කතා.

45. පොඩ්ඩක් ඉන්න! ලෝකෙන්ම එපාම කරපු රියැදුරෝ ඉන්නෙ ලංකාවෙද?

46. මේ ජාතික දිනයටවත් ටික ටික ගෙවන්න හරි කොන්දක් ගමුද?. ජාතික දිනයට මට හිතුන දේ.

47. විපතක් අසා සැනසුම් සුසුම් හෙලූ දවසක්!

48. අයිසෙක් Newton අපිත් දකින්නැති, ගණන් හදන්නැති ඒකාලේ

49. Get that feeling of Déjà vu? කලින් අහල පුරුදු ගතියක් දැනෙනවද?

50. රයිස් ඇන් කරි කමු නේද මචංලා? මොකද උඹලා කියන්නෙ?

51. තවත් පොලිස් කතා තුනක්: #1. මැදියම් රෑ පොලිස් දේශනය

52. තවත් පොලිස් කතා තුනක්: #2. ‘මම නිකං බැලුවෙ’

53. තවත් පොලිස් කතා තුනක්: #3. මම එහෙම කිව්වෙ මහත්තයාව කතා කරවන්න.

54. ඉංග්‍රීසි හෝඩියේ අන්තිම අකුර මොකක්ද?

55. අඩෝව්! මෙන්න මූ හුලං ගහනවෝ!!!

56. “ඌ අපේ බැජ් එකේ එකෙක් මචං.” එන්න ගොඩ දාන්න ඉංග්‍රීසි!

57. ‍රැග දෙන්නට ගොස් ඇන ගත් දවසක්

58. උමතු ලෙනන් දු‍ටු විකාර සිහිනය

59. පරාක්‍රමබාහු අයියා සහ අපේ ටීචගෙ හොඬවැල

60. පැත්ත ගියත් ඇත්ත මෙන්න! මගේ වන් වේ සබඳකම්!

61. Daddy’s Home!!! අමාෂි දුවේ, ඉතින් හිනාවෙන්න!

62. ෂීට් එකක් එලාගෙන කශ්ටියටම ආතල් එකේ එක පොකුරට යං මෙයා!

63. ඒ පාහර වැඩේ කලේ කවුද?

64. මයිකල්ගේ දෛවෝපගත මුකුණුවැන්න මැල්ලුම.

65. කළන මිතුරෙකුගේ නික්ම යාම

66. නුඹ…

67. ජර්මන් යන එවුන් බේත් විදගන්න වරෙල්ලා!!

68. වැරදි දවසක අප හැර ගිය අපේ අම්මා

69. මයි ෆස්ට් ලව්ස්. (My First Loves) – 1

70. “යකෝ ෂර්, අපි ෂර්ගෙ බර්ත්ඩේ එකට මොනා අරි කරන්ඩෙපෑ බං!”

71. අපේ තාත්තා වුනාට ස්තුතියි, ඩූඩ්…

72. රැජිණ වීදියේ මහා බලුබෙටි මෙහෙයුම/ Operation Dogpile in Queen Street

73. අපේ සංක්‍රමණික ජීවිතය සහ කෝච්චි.

‍හරියටම වසරක් පුරා

‍”මට හිතෙන හැටි” සහ Hey Dude

‍සමඟ රැඳී සිටි ඔබට ස්තුතියි. නැවත එන්න.

henryblogwalker the Dude

 
ප්‍රතිචාර 98

Posted by මත ජූලි 14, 2012 in සැමරුම්

 

ටැග: , ,

73. අපේ සංක්‍රමණික ජීවිතය සහ කෝච්චි

73. අපේ සංක්‍රමණික ජීවිතය සහ කෝච්චි

අපේ ගෙදර තිබ්බ හැම ගෘහ භාණ්ඩයකම ගහලා තිබ්බා ලේබලයක්. ඒකෙ තිබ්බෙ තාත්තගෙ නමයි, අහවල් දුම්රිය ස්ථානාධිපති බාරේ, අහවල් දුම්රිය ස්ථානය, අහවල් නගරය, කියලා. ඒකෙන් අදහස් වුනේ රජයේ නිළධාරියෙකු වූ තාත්තා, ස්ථාන මාරුවක් ලැබෙන ගානෙ, තමන්ගෙ දරු පවුලත් අරගෙන බඩු මුට්‍ටු පොදි බැඳගෙන ලංකාවෙ විවිධ ප්‍රදේශ වල සේවයට ගියා කියන එකයි.

රජයේ නිලධාරියාගේ බඩු භාණ්ඩ රජයේ වියදමින් ආසන්නම දුම්රිය ස්ථානයට ප්‍රවාහනය කරලා දෙනවා. ඉතිරි දුර ලොරියකින් ගෙනිහින්, බිල් ඉදිරිපත් කරලා ගමන් වියදම් ලබාගන්න පුලුවන්. මේක කොච්චර පිස්සු වැඩක්ද කිව්වොත් නවගමුවෙ ඉඳලා බලංගොඩ යන බඩු ලොරියකින් මරදානට ගෙනිහින් කෝච්චියට පටවලා, කෝච්චි පෙට්ටියක් කුලියට අරන් ඕපනායකට යවනවා. ඕපනායක ඉඳලා අච්චර දුර බලංගොඩට නැවත ලොරියකින් ගෙනියන්න ඕනෙ. ආපහු එන දවසකත් බඩු ගන්න මරදානට යන්න ඕනෙ.

තවමත් කෝපි කාලෙ සුද්දො කිව්ව විදියට වැඩ කරන අපට ඕක මහ පුදුමයකුත් නෙවෙයි. මේ මෑතක් වෙනකල් ගමන් ගාස්තු ඉල්ලන අයැදුම් පතේ ගමන ගියේ අශ්වයා පිටින්ද කියලා අහලා තිබ්බා මට මතකයි. මට නම් ඕක පුරවන්න වෙන්නෙ ඡන්ද රාජකාරි වලට ගිය වෙලාවටයි.

මට මතකයි තාත්තා ලොරියකුත් කතා කරගෙන ලොරි රියැදුරාට ස්ටේසමට එන්න කියලා එයා යනවා ගල් පාන්දර එයාගෙ තඩි BSA මෝට බයික් එකේ Yale ඉබ්බන්ගෙ යතුරුත් අරගෙන. ඒකට හේතුව තමන් කුලියට ගත්ත කෝච්චි පෙට්ටියට වැඩි හොඳට තමන්ටත් ඉබ්බෙක් දාන්න පුලුවන් කැමතිනම්. ඉතින් පරක්කු වුනොත් කම්කරුවො ඉබ්බා කඩලා බඩු බානවා. බානවා කියන්නෙ වීසිකරනවාලු. තාත්තා දුවන්නෙ ඊට කලින්. මොකද ඒ අය බඩු බාන්නෙ හරිම විනාශකාරී විදියට කියලා අපි විශ්වාස කලා. විශේෂයෙන්ම අයිතිකාරයා ලඟ නැති වෙලාවට අල්ලලා විසි කරනවලු කකුල් කැඩිලා යන්න. මොකද තමන්ගෙ බඩු නොවන නිසා.

වෙනම බ්ලොග් පෝස්ට් එකක් ලියන්න මම හිතාගෙන ඉන්න මේ කාරණාව හුදෙක් කල්පිතයක් නොවන බව අපිට වැටහුනේ පහු කාලෙක ගුවන් තො‍ටුපල වලදී. විශේෂයෙන්ම අපේම ගුවන්තො‍ටුපලේදී. එක වතාවක් මම ගෙනාවා කෑලිගලවලා ලස්සනට පෙට්ටියට අහුරපු පොත් රාක්කයක්, අපේ ගමන් බඩුත් එක්ක. මේක කන්වේයර් බෙල්ට් එකේ එලියට ආවේ කෑලි කෑලි, කවුද කාලකන්නියෙක් හිතාමතාම ඒක උස්සලා අතෑරලා. කෑලි ටික ඔක්කොම හොයාගත්තෙ හරිම අමාරුවෙන්.

මේ බලන්න අන්තිමට ආපු වතාවෙ මේ අලුත්ම බෑග් එකේ කකුල් කඩලා තියෙන හැටි. මේ නම් පැහැදිලි ඊර්ෂ්‍යාව මිසක් වෙන මොකවත් වෙන්න බැහැ. මේ ගැන අපිට ඇත්තෙන්ම මොකක්ද කරන්න පුලුවන්?

පදිංචිය වෙනස් කිරීම දුකත් සතුටත් මිශ්‍ර හැඟීමක්. අත්වලට කාඩ්බෝඩ් තියලා ගැට ගහපු පු‍ටුසෙට් වෙනම.ඇඳන් ගලවලා වියල් එකට කාඩ්බෝඩ් තියලා බැඳලා. ලෑලි එකේ සිට අංක යොදලා මිටි බැඳලා. අල්මාරිය කෑලිවලට ගලවලා කාඩ්බෝඩ් මැද්දට තියලා මිටි බැඳලා. කාඩ්බෝඩ් පෙට්ටි පෙට්ටි ගේ පුරාම. පිඟන් එකින් එක අතරට පත්තර කෑලි දාලා වෙනම පෙට්ටියක. පෙට්ටි වල ගමනාන්ත ලේබල් වලට අමතරව ඇතුලෙ තියෙන්නෙ මොනවද කියලා හොයාගන්න ලේසිවෙන්න තවත් ලේබල් අලවලා. කුස්සි බඩු යටතේ සාස්පාන්, හැඳි, කේතලේ, යනාදී වශයෙන් විස්තර ඇතුලත්. තව පෙට්ටියක පුතාගෙ සෙල්ලම් බඩු කියලා ලියලා. මගෙ, (දැන් නංගිගෙ) ට්‍රයිසිකලේ හැඬල් එකේ ටැග් එකක් එල්ලලා. මිරිස් ගල ගෝනියකින් ඔතලා. එතකොට අරන් යන්නෙ මොනවද, දාලා යන්නෙ මොනවද කියලා තීරණය කරන්න නොයෙකුත් විවාද.

“මේ ඔක්කොම මල් පෝච්චි ගෙනියන්නම ඕනෙද?.”

“මොකටද අනේ මේ කෙහෙල් පැලේකුත් අරන් තියෙන්නෙ, නැතුවට?”

බඩු ඇසුරුවට පස්සෙ කෑම බීම අසල්වැසියන්ගෙන්. ගමේදි නම් නෑදෑයන්ගෙන්. ගමනාන්තයට ලංවුනාමත් එහෙමයි.

බඩු අලුත් තැන්වල ස්ථානගත කරන එක වෙනම කලබලයක්.පින්තූර එල්ලන්නෙ කොතනද, ඔර්ලෝසුව එල්ලන්නෙ කොතනද, මේ කාමරේ කාටද, ඇඳ තියන්නෙ කොතනද, වාගෙ. එක ගෙදරක තාත්තා දිග බාගෙ බිත්තියකින් වටවෙලා තිබ්බ ඉස්තොප්පුවෙ එක පැත්තක් ලෑලි වලින් පාටිෂන් දාලා කන්තෝරු කාමරයක් හැදුවා මට මතකයි.

අපිට ඒ කාලෙ බල්ලො නම් කොහොමත් හදන්න බැරි වුනත් පූසො, එතකොට කුකුලො රංචුවක් හෙම හිටියා.

කලින් කිව්ව වගෙ දුම්රිය සංක්‍රමණික ජීවිතයට තදින්ම බැඳී තියෙන දෙයක්. මගෙ හද බැඳගත්  වාහනයක් වගේම ප්‍රවාහන මාධ්‍යයක්. දුම්රියෙ හඬ, දුම්රිය ස්ථානයක දකින්නට අත්විඳින්නට ලැබෙන ඊටම ආවේනික ජීවන රටාව, ඈතින් මතුවෙන දුම්රියක් දු‍ටුවිට දැනෙන හැඟීම, දුම්රිය වේදිකාවෙ නැවතුන පසු ඇතිවන කලබලය, මොන භාෂාවෙන් කිව්වත් මෙලෝ යකෙකුට නොතේරෙන දුම්රියපලේ ශබ්දවිකාශන වලින් කෙකර ගාන නිවේදන වල දෝංකාරය කුඩා මගේ හිතේ ඇතිකලේ පුදුමාකාර චමත්කාරයක්.

මේ අද පවා මට දුම්රියක් හරි ගුවන් යානයක් හරි පිටත්වෙලා යනවා දකිනවිට පුදුමාකාර පාලු ගතියකුයි හිතට බර ගතියකුයි දැනෙනවා. මට කිසිදාක දුම්රියක හඬ ගොරහැඩි ඝෝෂාවක් වගේ ඇහිලා නෑ. ගොරවන දුම්රිය එන්ජිම, පීලි වලින් නැගෙන ‘ටක -ටකස් – ටක ටකස්’ හඬ, දුම්රියේ ඇතුලට දැනෙන නැලවිල්ල, ගැස්සිල්ල, පැද්දිල්ල, තව දුම්රිය මැදිරියකටම ආවේනික සුවඳ මට වෙනම සුරංගනා ලෝකයක්. එතකොට දුම්රියේ ජනේලය 3D රූපවාහිණී තිරයක් වගේ නොවෙයිද? දුම්රිය ගමනකදි මම හැමතිස්සෙම පොරකෑවෙ අයිනෙ ඉඳ ගන්න. හුලං පාර මූනට වැදිලා එසවෙන අකීකරු හිසකෙස්, එක ප්‍රමාණයකට මුහුණ එසවූ විට ඇතිවන හුස්ම ගැනීමේ අපහසුව, කට ඇරිය විට කට තුලට හුලං පිරී පිම්බෙන දෙකම්මුල් සහ එවිට තරඟයට හුලං ගිල දැමීම, හුලං පහරේ සැරට දෑස් වලට නැගෙන කඳුළු අත් නොවිඳි දරුවන් ඇත්ද? දුම්රිය ජනේලයකින් පිටත බලා ඉන්නාවිට ලඟින් තියෙන දේ වේගයෙනුත් ඈතින් පිහිටි දේ ඉතා හෙමිහිටත් ආපසු ගමන් කරන හැටි මතකද?

දුම්රියේ මැදින් ඇති කොරිඩෝව දිගේ මැදිරියෙන් මැදිරියට ඇවිදගෙන යෑම වික්‍රමාන්විත ක්‍රියාවක්. අලුත් අලුත් මුහුණු තම තමාගෙ ලෝක වල. මැදිරි දෙකක් එකතුවෙන තැන්වල තියෙන concertina joint එක තරණය කිරීම , ත්‍රාසජනක අත්දැකීමක්. එකක් මත එකක් වැටී පැද්දෙන දුම්රියේ චලිතයට අනුව එකට ඇතිල්ලෙමින් මැදෙන වානේ තහඩු දෙක මතින් අනතුරකින් තොරව මාරුවීම හැදෑරියයුතු කලාවක්.

කුඩාම කාලෙ අවසර නොලැබුනත් පසුව දුම්රිය පාපුවරුවේ ඉඳගෙන යාම මම ඉතාම ප්‍රිය කරන දෙයක්. කැලෑ මැදින්, පාලම් මතින් ගමන් කරන දුම්රිය එක වරම දුමරිය හරස් පාරක් හරහා ගමන් කරද්දි , ටිං ටිං ගා නාදවෙන හරස් පාරේ සීනු හඬත් සමගම, යකඩ යකාට යන්න දීලා නැවතිලා බලන් ඉන්න වාහන දැක්කම “රජ්ජුරුවෝ උඩයි උඩයි, චූ කොල්ලෝ බිමයි බිමයි”, තාලෙට හිතෙන් කියවෙනවා.

දුම්රිය නැවතුම්පලවල් වලදී නගින විවිධ වෙලෙන්දන් ඉස්සො වඩේ, තැම්බූ බඩ ඉරිඟු,රටකජු, පැලපී, තේ, කිරි තේ, කෝපි, පත්තර, ලොතරයි පළතුරු, සිසිල් බීම, රසකැවිලි, සෙල්ලම්බඩු යනාදී එකී නොකී සියලු දේ මගීන්ට විකුනන්නට උත්සාහ කරනවා.පිරිසිදුකම ගැන නම් සහතිකයක් නැතිවුනත් අපි කොයි තරම් කඩචෝරු කාලා ඇත්ද ඔය වෙලෙන්දන්ගෙන්. ගෙදරින් හදාගෙන යන කෑමත් දුම්රිය මැදිරිය ඇතුලේ ඉඳන් කනකොට අමුතු රසයක් තියෙනවා.

දවසක් අපි පවුලම බදුලු දුම්රියේ නිදන මැදිරියක යනවා. තාත්තයි මායි නිදා ගත්තෙ උඩ බංක් එකේ. ලයිට් ස්විච් එක මගෙ අත ගාවම. සීලිම අතින් අල්ලන්න පුලුවන්. මම කවදාවත් බලබ් එකකට මෙච්චර ලඟින් ඉඳලා නැතුව ඇති. මගෙ වැඩේ ටකස් ටකස් ගාලා ලයිට් එක දානවයි නිවනවයි. මගෙ කුඩා හිතට මේක පුදුමාකාර සතුටක් ලබා දුන්නා.  ලයිට් එකත් ගෙදරක බල්බ් එකක් තරම් රත් වෙන්නෙත් නෑ එච්චර එලියත් නෑ. පස්සෙ අන්තිමට තාත්තා කෑගහනවා මට මතකයි, “මොන කරදරයක්ද ළමයො, නිදාගන්නකො ඔය ලයිට් එකට තියෙන්න ඇරලා” කියලා. මේ සුලු සිද්ධිය අදත් මගෙ හිතේ මෙච්චරම ගැඹුරට කා වැදිලා තියෙන්නෙ ඇයි කියලා මමවත් දන්නෙ නෑ.

පසු කාලෙක පේරාදෙණියෙ ඉන්න කාලෙ නුවර කෝච්චියෙ එද්දි මම ගියා සුපුරුදු විදියටම අර දුම්රිය මැදිරියෙ ටොයිලට් දෙක තියෙන වංගුවෙ ඉඳන් දුමක් අදින්න. සිගරට් එක තිබ්බට ගින්දර නැති එක අපේ ලක්ෂනයක්නෙ. ඉතින් සිගරට් ‍ෆිල්ටර් එක අත් ඔරලෝසුවෙ තට්‍ටු කරන ගමන් මම ඉල්ලුව ගින්දර ටිකක් ලඟම ඉන්න සුද්දාගෙන්. තුන්වෙනි පන්තියෙ ටොයිලට් එකේ පිටපැත්තෙ බිත්තියට පිට දීලා බිම ඉඳගෙන දුමක් අදිමින් සිටි සුද්දා රත්තරන් පාට වටිනා ලයිටර් එකක් මට දික්කලා. මගේ දුම්වැටිය දල්වාගෙන ලයිටරය ආපසු දෙනවිට, මගේ වාගේම නිල් පැහැය දියවී ගිය ඩෙනිම් ජීන්ස් එකකුත්, ටී ෂර්ට් එකකුත් හැඳගෙන ගමන් බෑගයක්ද සමග සිටි සුද්දාගේ දුම්වැටිය දිහා මට බැලුනේ ඉබේටම. මේකා බොන්නෙ බීඩියක්නෙ!

ටිකකින් දෙන්නම කතාවට වැ‍ටුනා.

සුද්දා ජර්මන් කාරයෙක්. මම ගුරු ශිෂයයෙක් කිව්වාම සතුටින් හිනාවෙලා ඔලුව වනපු සුද්දගෙන් මම ඇහුවා එයා මොකද කරන්නේ කියලා.

“I’m a judge”, සුද්දා කිව්වාම මම හිතුවෙ මට හරියට ඇහුනෙ නෑ කියලා. මම ආයෙම ඇහුවා. ඔව්!! මේ මම වගේම හිපි පෙනුමක් තියෙන ‍රැවුලකුත් වවාගෙන ඉන්න සුද්දා නඩුකාරයෙක් තමයිලු ජර්මනියෙ!!!

මගෙ මූණෙ මතුවුන විමතිය දිහා ටිකක් වෙලා බලන් ඉඳලා, බීඩියෙන් දුම් උගුරක් ඇදලා, කොරිඩෝවේ වහල දිහාට පිඹපු විනිසුරුතුමා කියනවා.

“මම දන්නවා හෙන්රි ඔයගොල්ලන්ගෙ රටවල නඩුකාරයෙකුට රස්සාවත් එක්කම ලැබෙන ස්ටේටස් එක. නමුත් ජර්මනියෙදි, නඩුකාරකම තවත් රස්සාවක් විතරයි.”

තවත් බොහෝ වල්පල් කතා කරමින් හිටි අපි පේරාදෙණියෙදි සතුටින් විසිර ගියා. නමුත් හිතන්න යමක් මගෙ හිතේ ඉතිරි කරලා.

බිංගෙයක් තුලින් කෝච්චිය යනකොට කවුරු හරි හූ කියනවාමයි. මම අදටත් ඒ වෙලාවට ජනේලෙන් ඔලුව එලියට දාලා හූ කියන්න ආසයි. අර එකෙක් හූව පටන් ගත්තම නලියන්න ගන්න නරි ජානය කොහොමත් අපි තුල තියෙනවානෙ.

බිංගේ ඇතුලෙ පිරිලා තියෙන දුම දුම්රිය මැදිරිය තුලටත් එනවා. බිංගෙයින් එලියට එනවිට ඇතිවන ආලෝකයෙයි, හඬෙයි වෙනස වින්දනය කලයුතු මිස, අසා දැනගත හැකි හැඟීමක් නොවෙයි. දුම්රිය පාලමක් තරනය කිරීමත් එසේමයි. මම හිතන්නෙ රේල්පාරත්, මහ පාරත් එකම මගේ ගිය එකම පාලම වුනේ මනම්පිටියයි. දැන් ඒක වෙනස් කරලා බව මේ පාර නිවාඩුවට ගියාම දැක්කා.

මනම්පිටිය පාලම

මනම්පිටිය පාලම

මනම්පිටිය පාලම

මනම්පිටිය පාලම මතින් ගිය රේල් පාර සහ මහ පාර

එතකොට අපි සුද්දන්ට බැන බැන අදටත් පාවිච්චි කරන, සුද්දො තමන්ගෙ අවශ්‍යතාවයකට වුනත් හදපු ගල් ආරුක්කු පාලම්, පොලොව දෙදරවාගෙන යන දුම්රියේ බර දරාගෙන, අවුරුදු 100ක් 150ක් තිස්සේ තවම සේවය කරන බව අදහන්නත් අමාරු තරම්.

රජයේ නිළධාරීන්ට ස්ථාන මාරු ලැබිලා යනවාට අමතරව වසරකට නිදහස් ගමන් බළපත් තුනක් හිමියි. තියෙන අවිවේකී බව නිසා සමහර විට මෙයින් ප්‍රයෝජනයක් ගන්න නොලැබෙන අවස්ථායි වැඩි. අවසන් වරට ලබපු හොඳම දුම්රිය අත්දැකීම දීපාගේ පාසලේ ගුරු මණඩලය සමග Hitachi සුඛෝපබෝගී දුම්රියේ බදුල්ලට ගිය ගමනයි. ගමන් බලපත් තුනම එකතු කර ගිය මේ ගමන ඇත්තෙන්ම chartered train trip එකක් කිව්වැකි. අපි අපේ දුම්රිය, දුම්රිය ස්ථාන වල නවත්තලා නැරඹිය යුතු තැන් නරඹලා එනවා, හරියට පෞද්ගලික  වාහනයකින් ගියා වගෙ. දුම්රිය, දුම්රිය ස්ථාන දෙකක් අතර නවත්තලා අපිට බහින්න දුන්නා අඹේවෙල කිරි පිටි කම්හල බලන්න යන්න. අපිව බස්සපු දුම්රිය ඊලඟ දුම්රිය ස්ථානයට ගිහින් නවත්තාගෙන හිටියා අපි එනකල්. ඉදල්ගස් හින්නේ එතකොට දෙමෝදර වගේ දුම්රිය ස්ථානවල නවත්තාගෙනත් හොඳට අවට ඇවිද්දා සිරි නරඹමින්.

හැම නිවාඩුවටම ගෙදර ගියාම කෝච්චියේ කොහෙ හරි යන්න හිතා හිටියත් පහුගිය අවුරුදු දහයටම ඒක බැරි වුනා.


මේ පාරවත් බලන්න ඕනෙ.

 

ටැග: , ,

72. රැජිණ වීදියේ මහා බලුබෙටි මෙහෙයුම/ Operation Dogpile in Queen Street

72. රැජිණ වීදියේ මහා බලුබෙටි මෙහෙයුම/ Operation Dogpile in Queen Street

මහ බැංකුවට බෝම්බ ගැහුවට පස්සෙ විජේවර්ධන මාවතේ පාලු තැනකට ගෙනියන්න කලින්, මහජන බැංකුවෙ ‍රැජිණ වීදිය ශාඛාව තිබ්බෙ සෙලින්කෝ ගොඩනැගිල්ලෙ යටම තට්‍ටුවෙ. සල්ලි ගත්තෙ ATM වලින් වුනාට අනිත් වැඩ කටයුතු වලට මම ඔය බැංකුවට නිතර යනවා.

එදත් මම ගිහින් බැංකුව ඉස්සරහම තිබ්බ කුඩා රථ ගාලෙ වාහනේ නවත්තලා බැංකුව ඇතුලට ගියා. දොර ලඟ ‍රැකවල්ලාගෙන හිටපු මං අඳුනන සික්‍යුරිටි බුවාත් වීදුරු දොර ඇරලා අතින් අල්ලගෙන Good afternoon, sir”,කියලා ආචාර කලා. මාත් හිනාවෙලා නිසි පිළිතුර දීලා පොර වගෙ ඇතුලට ඇවිදගෙන ගිහින් ෆෝම් එකක් අරන් පුරවන්න ගත්තා.

ෆෝම් එක පුරවන, සංවේදී නහයක් තියෙන මට දැනෙනවා, ගතවෙන මොහොතක් මොහොතක් පාසා තීව්‍ර වෙන, ඉවසන්න බැරි බලු බෙටි සුගන්ධයක්. අහල පහල ඉන්න හැමෝම මූණවල් පුලු‍ටු කරගෙන, නහයවල් අකුලාගෙන එකිනෙකාගෙ මූණවල් දිහා සැකෙන් බලනවා. වායු සමීකරණය කරපු බැංකු ශාඛාවක් නිසා තත්වය තවත් උග්‍රයි. ශෝචනීයයි.

මං ලඟම හිටපු බුවාට මං කිව්වා, “හෙහ් හෙහ් , කවුරු හරි බලු පැටියෙක් පාගගෙන ඇවිත් වගේ නේ?” කියලා.

“ඒක තමයි” කිව්ව බුවා කට ඇද කරලා හිනාවුනා.

වට පිට විමසිල්ලෙන් බලපු මම එතකොටයි දැක්කෙ ඇතුල්වෙන වීදුරු දොර ලඟම පාපිස්නාවේ තැවරිලා තියෙන දුම් දමන බලු බෙට්ට. කවුරුහරි ඒක එතන ගාලා බැංකුව ඇතුලට ආපු පාසටහන් තිබ්බා සම දුරින්, ක්‍රමයෙන් අඩුවෙමින් බැංකුව තුලට අතුරුදහන් වුනා වගෙ පෙනුන.

ඔන්න දැන් සික්‍යුරිටි බුවාලා අතේ තිබ්බ වෝකි ටෝකි වලින් කතා කරනවා බස බස ගාලා. ටිකකින් ආවා SWAT ටීම් එකක් වගේ ක්ලීනිං ගැන්සිය. අධි පීඩන වාශ්ප සෝදන යන්ත්‍රද, චූෂණයන්ත්‍රද, වියලන යන්ත්‍රද, ඩිටර්ජන්ට්ද, කාපට් ෂැම්පූද, අරකද, මේකද, ඔක්කොම එක්ක. කෂ්ටිය බැස්ස වැඩේට. අපරාදෙ කියන්න බෑ දුන්න ෆුල් සුද්දයක් . මාත් අර ලඟ හිටපු පොරට කිව්වා කඩ කැඩිච්ච කමට, “ඔපෙරේෂන් බලුබෙටි. නේ?” කියලා.

බලුබෙටි මෙහෙයුම නොහොත් Operation Dogpile ඔය විදියට නැගලා යන අතරේ, එක සික්‍යුරිටි පොරක් එලියට ගිහින් (රථගාලට වෙන්න ඇති) ආපහු ඇවිත් අනිත් සික්‍යුරිටි පොරට කිව්වා පහත් හඬින්, “අර බයික් එකේ ආපු මහත්තයා තමයි මේක ගෙනත් තියෙන්නෙ” කියලා. මට ඕක ඇහුනෙ මම දොරට කිට්‍ටුවම ලොබියෙ තිබ්බ ඩෙස්ක් එකක තියාගෙන ෆෝම් එකක් පුරවමින් හිටපු නිසායි. මාත් වටපිට බැලුවා කොයි එකාද මේ බයික් එකේ ආපු පොර කියලා.

ඔන්න දැන් වැඩේ ඉවරයි. දැන් එන්නේ ඩිටර්ජන්ට්, කාපට් ෂැම්පූ, සහ අන්තිමට සලකලා ගහපු එයා ෆ්‍රෙෂ්නර් සුවඳයි විතරයි.දැන් ඔන්න ආයෙම හුස්ම ගන්න පුලුවන් යන්තම් කියල හැමෝම සැනසුම් සුසුම් හෙලුවා.

ටිකකින් මගෙ වැඩෙත් කරගෙන මම ගියා දොර දිහාට. සික්‍යුරිටි බුවාලාත් දඩි බිඩි ගාලා දොර ඇරලා දීලා, සුභ පතලා, “ගිහින් එන්න සර්” කියලත් කිව්වා, සුපුරුදු ලෙංගතු කමින්ම. මාත් එලියට ඇවිත් රථ ගාලට ගියාමයි මටත් මතක් වුනේ අර බයික් එකේ ආපු මහත්තයා ගැන. මමත් වටේම ස්කෑන් කරලා බැලුවා. එක බයික්එකයි තියෙන්නෙ! අනිත් ඔක්කොම රෝද හතරේ වාහන! එතකොටයි මට තේරුනේ, “හුටා! ඒක මගෙ බයික් එක නේද?” කියලා.ඇත්තෙන්ම මට අමතකම වෙලා තිබ්බෙ මම ඇවිත් තිබ්බෙ බයික් එකෙන් බව, මොකද මේ රථගාල තිබ්බෙ බැංකුවෙ මිදුලෙම නිසා මම හෙල්මට්, ජර්කින් ඔක්කොම බයික් එකේ හැඬල් එකේ එල්ලලා ගිහින් තිබ්බෙ.

දැන් මාත් ඇටිකෙහෙල් කාපු උගුඩුවාවගෙ හෙමීහිට ලංවුනා බයික් එකට. ඔය තියෙන්නෙ දිලිසි දිලිසි දුම් දාන ෆ්‍රෙෂ්ම ෆ්‍රෙෂ් බලු බෙට්ටක් බයික් එක ලඟම. මම හරියටම ස්ටෑන්ඩ් එක ගහලා බැහැලා තියෙන්නෙ ඒක උඩට. ඔලුවමයි අඩිය තියලා තියෙන්නෙ! මං හෙමීහිට, හොරා වගෙ උස්සලා බැලුව වම් කකුල. ඔය තියෙන්නෙ තවම බැංකුව පුරා ගාලා ඉතුරු ටික.

මම මොකුත් වෙනසක් නොපෙන්වා, ජර්කින් එක ඇඳලා, හෙල්මට් එක දාගෙන ‘බෲස්’ ගාලා දැම්මා පාරට.

මේ කතාවෙ හොඳම දේ තමයි, අර සික්‍යුරිටි බුවාලා හොඳටම දැනගෙන හිටියත් හත්පොලේ බලු බෙට්ට ගෑවෙ මම කියලා, ඒ ගැන මට ඉඟියක්වත් නොදීපු එක. මම එලියට එනකොටත් වෙනද වගේම කිසිම වෙනසක් නොපෙන්වා මට උණුසුම් විදියට මට ආචාර කරපු එක, මාව අපහසුවට වන කිසිම දෙයක් නොකියපු, නොකරපු එක. ඇත්තටම මෙහෙම ආචාරශීලී සික්‍යුරිටි බුවාලා දකින්නත් වාසනාවන්.

මේ උපහාරය එදා රාජකාරිකල ඔබ දෙපලටයි, සිද්ධිය මතක නම්!

මේ, මා HeyDude බ්ලොග් අඩවියට මුලින්ම ලියූ Those Cool Security Dudes ලිපියේ සිංහල අනුවාදයි.

 

ටැග: , , , , , ,