RSS

77. මැක් ලොජික්

04 Aug
77. මැක් ලොජික්

මැක්කා අපේ බැචා පේරාදෙණිය ටීචර්ස් කොලේජ් එකේ. බැචා කිව්වට ඌ හිටියෙ අපිත් එක්ක එකම බැච් එකේ විතරක්  නෙවෙයි, එකම ගෲප් එකේ, එකම ක්ලාස් එකේ, එකම හොස්ටල් එකේ. මූ පොකු‍ටු කොන්ඩයක් තියෙන, කන්නාඩි දාන ගීක් ටයිප් කොට ජීවිතේ. මේකාගෙ ඇත්ත නම මොක වුනත් මේකාට ඉස්සෙල්ලම වැටිච්ච නම ‘මැක්බෙත්’. ඒකට හේතුව මේකට තිබ්බ අසාමාන්‍ය English Literature උණ කිව්වොත් වැරදි නෑ.

මුලින්ම මූ මේ නම ගැන මාර ආඩම්බරෙන් හිටියෙ.  ඒ ඇයි කියලා කියන්න ඕනෙ නෑනෙ, මොකද “විලියොං හෙල්ල හොලවන්නා” මේකාගෙ වීරයෙක්. ඉතින් මේක කියලාවත් දාගන්න බැරි නමක්නෙ.

නම දාපු උන්ට (ඒ කියන්නෙ අපිට) තේරුනා වැඩේ අප්සෙට් කියලා. ටික කාලෙකින්ම ‘බෙත්’ හැලිලා නිකම්ම නිකං ‘මැක්’ විතරක් ඉතුරු වුනා. මූ මේකට එච්චරම සතු‍ටු වුනේ නැතත්  ඔරුවෙ පෙරලිච්ච පැත්ත හොඳයි කියන න්‍යායට අනුව අලුත් නමට අනුගත වුනා. මොකද ‘මැක්’ කියන්නෙත් තඩි අමෙරිකන් සුපර්ට්‍රක් එකක්නෙ කියලා. වැඩි දවසක් ඒ සතුට තිබ්බෙ නෑ. තඩි අමෙරිකන් ‘මැක්’ සුපර් ට්‍රක් එකට ඈඳුනා ට්‍රේලර් එකක් ‘කා’ කියලා.  එතකොට නිකම්ම ‘මැක්කා’. ඒකට නම් මූ කැමති උනේම නැති නිසා ඒ නම් රෙජිස්ටර් වුනා.

මැක්කා දකුණෙ පොරක්. අපේ බැච් එකේ හිටිය වැඩි දෙනා දකුණෙ උන් තමයි බස්නාහිරයො වන අපි කීප දෙනෙත්, තව උතුරෙන්, උතුරු මැදින්, නැගෙනහිරින් සහ කන්ද උඩරටින් ආපු සෙට් එකත්  ඇරෙන්න.

දවසක් අපි දවල්ට කාලා පොඩි නින්දක් ගහන වෙලාවෙ මට ඇහෙනවා මැක්කා කාටදෝ වාත කරනවා.

“ඒයි මචං නැගිටපංකො. ඒයි සරා නගිටපංකො බං.” කියලා

“මොකද යකෝ, පලයංකො මට ටිකක් නිදාගන්න දීලා.” සරා නිදිමතේම කියනවා ඇහුනා.

“ඒයි මචං නැගිටපංකො. ඒයි මට නුවර යන්න ඕනෙ බං. බ්‍රිටිෂ් කවුන්සිල් එකට.”

“මොන මගුලක්ද බං. මෙන්න මෙහෙට වෙලා ටිකක් නිදාගනිං බං. බ්‍රි-ටි-ෂ් කවුන්සිල්.”

“ඒයි වරෙංකො මාත් එක්ක යන්න. මට අර පොත් ටික රිටර්න් කරන්න් ඕනෙ බං.”

“ඉතිං මම මොකටද බං උඹ පලයංකො.”

“අනේ එහෙම කියන්න එපා බං. ඒයි නැගිටපං බං.”

මැක්කගෙ එක ලක්ෂනයක් තමයි ඌට මොනවා හරි ඕනෙ උනොත් ඒක ලැබෙන කල්ම කෙඳිරිගාලා, නහයෙන් අඬලා, වාත කරන එක. සරාටත් තේරෙන්න ඇති මුගෙන් ගැලවුමක් නැති බව.

“මැක්කො, උඹ පලයංකො බං පව් නොදී.  අනික මම මේ හෙන කෝඩෙ ගහලා ඉන්නෙ.”

“සල්ලි ප්‍රශ්ණයක් නෑ. කවුද මෙතන සල්ලි ගැන කිව්වෙ?  මමයි බස් එකට ටිකට් ගන්නෙ. මමයි ප්ලේන්ටී අරන් දෙන්නෙ. බොට ඕනෙනං සිගරට් එකකුත් අරං දෙන්නංකො. බොට තියෙන්නෙ එන්න විතරයි. මට කම්මැලියි  බං තනියෙං යන්න. දෙන්න එක්ක කයියක් ගහ ගහ යමං බං. අනේ වරෙං බං.”

“අපොයි ‍තෝ නං මලම වාතයක්, මලම ඇනයක්, හා හා නවත්තගං තොගෙ ඇඬියාව. හැබැයි ‍තෝ  තමයි සියලු වියදං දරන්නෙ. ඔන්න මතක තියාගනිං.”

මම හිතන්නෙ මැක්කට කට කන් දෙකේ ගෑවෙන්න ඇති.  මේ ටික කිව්ව සද්දෙන් මට එහෙම හිතුනෙ. ඒ එක්කම ඇඳ කිරිස් කිරිස් ගෑවෙ සරා අන්තිමේදි නැගිට්ට නිසා වෙන්න ඕනෙ.

“හරි හරී. නෝ ප්‍රොබ්! I pick up the tab! නැගිටපංකො අන්න එහෙම. අන්න එහෙමනෙ බං ඉන්න ඕනෙ!”

පස්සෙ මට නින්ද යාගෙන එනකොට මුන් දෙන්න යනවා යාන්තමට ඇහුනා.

නැප් එකෙන් පස්සෙ අපි නැගිටලා, ප්ලේන්ටී බිබී,  දුමකුත් දාගෙන, වල් පල් දොඩව දොඩවා, එකිනෙකාට මඩ ගගහා, ආතල් එකේ ඉන්න කොටයි මුන් දෙන්නා ආපහු ආවේ.

“හාපෝ සරතො මූ මාර විදියට වාත කලානේ උඹව ඇදගෙන යන්න.  මට මූට දෙකක් නෙලන්න හිතිලා තිබ්බෙ නැගිටලා.” මම කිව්වා.

“අඩෝ මාත් ‍තෝත් එක්ක මල ඔරොප්පුවෙ හිටියෙ. කතාකලේ නැත්තෙ ‍තෝ මගෙ ඇ‍ඟේ එල්ලෙයි කියලා බයේ,” තව එකෙක් ආශිර්වාද කලා.

මැක්කා හික් හික් ගෑවා විතරයි. ඌ අතේ බ්‍රිටිෂ් කවුන්සිල් එකෙන් ගත්ත බර පොත් වගේකුයි, තව බෑග් වගේකුයි තිබ්බා. සරා අතෙත් පොඩි බෑග් එකක් තිබ්බා.

ටිකකින් මැක්කා කන්නාඩි කුට්ටම අතට අරන් පොලිෂ් කරන ගමන් කියනවා.

“ඒයි සරත්, බස් එකට රුපියල් **.**යි. තේ වලට රුපියල් **.**යි. උඹේ සිගරට් දෙකට රුපියල් **.**යි. මම සිගරට් බොන්නෙත් නෑ, නමුත් මමත් එයින් බාගෙකට කන්ට්‍රිබියුට් කරන්නම්කො. එතකොට එකතුව රුපියල් ***.**යි. උඹ මට ඒකෙන්  50% දෙන්න ඕනෙ.”

“මොකක්?” සරතට කෑ ගැස්සුනා. මට ප්ලේන්ටී උගුර හිරවුනා. සමහරුන්ට සිගරට් දුම හිරවෙලා කැස්ස හැදුනා.

“උඹ මට  වියදමෙන් බාගයක් දීපං. ‍ෆිෆ්ටි ‍ෆිෆ්ටි” කියපු මැක්කා කන්නාඩි කුට්ටම ඉහලට අල්ලලා පරීක්ෂා කරලා බලලා ලෙන්ස් දෙකටම කටින් පිඹලා ආයිම පොලිෂ් කරන්න ගත්තා.

“ඈ බොල @#$, ‍තෝ නේද අර නිදාගෙන හිටපු මාව ඇහැරවාගෙන ඇදගෙන ගියේ? ‍තෝ කිව්වා නේද ‍තෝ තමයි වියදම් කරන්නෙ කියලා? ‍තෝ… තොගෙ…” සරතා බෆර් වෙන්න පටං අරං.

මේක අහං හිටපු මටත් කට පියාගෙන ඉන්න බැරිවුනා.

“අඩෝ මැක්කෝ, උඹ ඌට වාත කරලා, වැඳලා, ඌව ඇදගෙන යනවා මාත් අහගෙන හිටියේ. මොනාද ඩෝ දැන් මේ කියන්නෙ?”

ඔන්න අනිත් උනුත් දෙන්න ගත්තා මල්ටි බැරල් වලින්.

“උඹ ඌට ටිකට් ගන්නවය, තේ අරන් දෙනවය කියලා කිව්ව මාත් අහගෙන, දෙපිට කාට්‍ටුවා.”

“දිව දෙකේ එකා, දෙපත් නයා….”

“හෝව් හෝව් හෝව්. මේ අහපල්ලා,” කියපු මැක්කා කන්නාඩි කුට්ටම දාගත්තා.

ඊට පස්සෙ බෙල්ල නවලා, කන්නඩි කුට්ටමේ රාමුවට උඩින් අපි දිහා බලලා, ඌ මෙහෙම කියනවා සරාට.


“මේ අහපං. මම එහෙම කිව්වා තමයි. ඒ ඉස්සෙල්ලා. එතකොට උඹ ආවෙ  තනිකර මගෙ ඕනෙ කමට තමයි.  නමුත්…” මූ  කේස් එකක් ගොඩ දාගත්ත ෂර්ලොක් හෝම්ස්  වගෙ ඔලුව වන වන, ඇඟිල්ලකුත් උරුක් කරගෙන, ජයග්‍රාහී හිනාවකුත් එක්ක, අපි හැමෝම දිහා බැලුවා.  “නමුත් උඹත් පේව්මන්ට් එකෙන් මේස් දෙකක් ගත්තා නේද?  උඹ නෑ කියනවද?”

“ඔව් ගත්තා තමයි, ඉතිං?”

“හෙක් හෙක්! “මගෙ උවමනාවට” ගිය ඒ ගමනෙන් බොටත් වැඩක් උනා නේද?  හරිනං උඹ මට වියදමෙන් බාගයක් දෙන්න ඕනෙ.”

මේකට සුදුසු උත්තරයක් හිතාගන්න අපිට තප්පර තිහකට වඩා ගියා.

මාතර වැලිගම පැත්තෙ ඉන්න මැක්කගෙ අම්මා කල්පනා කරන්න ඇති කවුද අප්පා මාව මෙච්චර මතක් කරන්නෙ මෙච්චරටම කිඹුහුං යන්න කියලා.

HeyDude බ්ලොග් අඩවියේ පලවූ ‘McKaa – A DUDE OF A KIND’ ලිපියේ අනුවාදයයි.

 

ටැග: , , , , , , , ,

90 responses to “77. මැක් ලොජික්

  1. Weni

    අගෝස්තු 4, 2012 at 12:21 පෙ.ව.

    මැක්කාගෙ මොලේ ඇඟ පුරාම තිබිලා තියෙනවා වගෙයි..

     
  2. Hirusha

    අගෝස්තු 4, 2012 at 12:32 පෙ.ව.

    මම එහෙමනම් මේස් දෙකත් මැක්කටම දෙනවා තියා ගන්න කියලා….. මේක කියවලා මට නම් ඇත්තටම කේන්තියි:/

     
  3. hiruni

    අගෝස්තු 4, 2012 at 12:33 පෙ.ව.

    ඔව් මල්ලි කිව්ව කතාව ඇත්ත…මටත් කේන්තියි….මහ පුදුම මනුස්සයෙක්නෙ

     
  4. DDT

    අගෝස්තු 4, 2012 at 12:47 පෙ.ව.

    කේන්ති ගන්න කාරි නෑ ළමයි. මට පේන්නෙ මිනිහ ටිකක් ප්‍රායෝගික මනුස්සයෙක්. එච්චරයි.
    දැන්නම් සමහරවිට මිනිහ මට්ටුවෙලත් ඇති.🙂

     
    • henryblogwalker the Dude

      අගෝස්තු 4, 2012 at 9:03 පෙ.ව.

      DDT ඇත්තෙන්ම මූ නරක එකෙක් නෙවෙයි. මේ වගෙ පොඩි පොඩි attitude ප්‍රශ්න තිබ්බට, ඌ හොඳ එකා. ඌ ලඟ ඔය, කොලේ වහලා ගැහිලි, කේලාම් කීම්, බෙලි කැපිලි කවදාවත් තිබ්බෙ නෑ.

       
  5. ඩිලාන්

    අගෝස්තු 4, 2012 at 1:42 පෙ.ව.

    මැක්කව කන්න එපැයි,උගේ නියපොතු වල ඉදන් මොළේ වගේ

     
  6. සිඳු

    අගෝස්තු 4, 2012 at 1:56 පෙ.ව.

    මැක්කා interesting චරිතයක් වගේ.

     
  7. ටොමියා

    අගෝස්තු 4, 2012 at 3:22 පෙ.ව.

    ලෙසටම ලියල තියනව. ඩූඩ්ට අපේ ඔබාගෙ හිස්තැන පුරවන්ට පුළුවනි වගේ🙂

    “I pick up the tab” කිව්වට වඩා ” හරි, හරි, මං බර පැණ දරන්නම්කො” කිව්ව නං හොඳයි වගේ

     
    • henryblogwalker the Dude

      අගෝස්තු 4, 2012 at 9:06 පෙ.ව.

      හායි ටොමියා. ඔබාගෙ හිස් තැන කාටවත් පුරවන්න බෑ ටොමියා.

      ඌ කිව්වෙ “I pick up the tab” කියලා තමයි. මේක ඇත්ත කතාවක්නෙ. ටොමියා බලාපංකො මේක English Version” එකත් ඔය ලින්ක් එක දිගේ ගිහින්. ඌ කොහොමත් කතාකරන්නෙ similes, ironies, metaphors වලින් තමයි. පිස්සු කොර වෙනවා.

       
  8. JP

    අගෝස්තු 4, 2012 at 6:04 පෙ.ව.

    “මැක්කගෙ එක ලක්ෂනයක් තමයි ඌට මොනවා හරි ඕනෙ උනොත් ඒක ලැබෙන කල්ම කෙඳිරිගාලා, නහයෙන් අඬලා, වාත කරන එක”…..

    .මෙහෙම උන් නම් කොතනත් …

     
  9. Hareendra Perera

    අගෝස්තු 4, 2012 at 7:10 පෙ.ව.

    “මාතර වැලිගම පැත්තෙ ඉන්න මැක්කගෙ අම්මා කල්පනා කරන්න ඇති කවුද අප්පා මාව මෙච්චර මතක් කරන්නෙ මෙච්චරටම කිඹුහුං යන්න කියලා.”

    මේක තමයි නියම කෑල්ල.. කතාව ඇත්තනෙ අරූ මොකටද මේස් දෙකක් ගත්තෙ.. ?🙂 මගේ කැම්පස් ජීවිතයෙත් ඔය වගේ එකෙක් හමුවුනා.. හැබැයි මීටරයක් නෙමෙයි..පවුලෙ එකා යකා නිසා ඌ මාර නාස්තිකාරයා.. ඒ වාගේම මීස්සු එක්ක ජීවත් වෙන්න දන්නෙ නෑ.. පොඩි දේටත් තරහා වෙනවා.. උගේ කතාව බ්ලොගේ ලියන්නත් බැරි ඒකයි..

    ඌ නාස්තිකාරයා උනත් අනිත් එකෙකුට සත 50ක් දෙන්න කැමති නෑ.. මූ බත් ගේන්න යනවා ටිකක්දුර කඩේකට.. ඌට මටත් එකක් ගෙනෙන් කිව්වම බිල එන්නෙ බත් එකේ 50යි බස් ටිකට් එකේ 5 දෙකෙන් බෙදලා 2.50කුත් එක්ක.. බත් එක 52.50

    ප.ලි. මේල් එකක් එව්වා ලැබුනේ නැද්ද?

     
    • henryblogwalker the Dude

      අගෝස්තු 4, 2012 at 9:08 පෙ.ව.

      හරී. ඒ කතාත් ලියන්න පුලුවන් තුන් දොස් කිපෙන්නෙ නැති ආකාරයට.ඔය හරී කියන එකා නම් මාර බුවෙක් වගේ. හැබැයි හරී මැක්කා නම් මේවගෙ වැඩ කලත් ඌ ආශ්‍රය කරන්න පුලුවන් පට්ට ඩයල් එකක්.

      මේල් එක එව්වෙ යාහූ එකට නෙවෙයිද?. මට හම්බවුනේ නෑ.
      මම මේල් එකක් එව්වා. ඒකට රිප්ලයි කලා නම් හරි.

       
  10. සෑම්

    අගෝස්තු 4, 2012 at 7:20 පෙ.ව.

    මැස්කා නම් සිරා වැඩ්ඩෙක්..

    එතකොට අර මේස් කුට්ටම මැක්කගෙද? උගෙ නෙවේනම් ඇයි අරූ ඒකට සල්ලි ඉල්ලන්නේ ?

     
    • henryblogwalker the Dude

      අගෝස්තු 4, 2012 at 9:09 පෙ.ව.

      මම උඹට නියම කරනවා ආයෙම කතාවෙ අග හරිය කියවන්න කියලා. මේස් කුට්ටම සරාගෙ බන්ස්. මැක්කා ඉල්ලන්නෙ මුලු ගමනෙම වියදමෙන් බාගෙකට. එහෙම වුනේ අරූ මේස් කුට්ටමක් අරන් “ගිවිසුමේ” කොන්දේසි උල්ලංඝනය කරපු නිසා.

       
  11. Kenji @ Japan

    අගෝස්තු 4, 2012 at 7:39 පෙ.ව.

    මැක්කා බැදලා නම් වයිපරේට මොන මොන දේවල් කියයිද කියල හිතාගන්න බැහැ.හැබැයි බදිනවනම් වැලිගමින්ම කෙනෙක් තමයි හොයා ගන්න වෙන්නේ.

     
    • henryblogwalker the Dude

      අගෝස්තු 4, 2012 at 9:10 පෙ.ව.

      කෙන්ජි: ඌ ඇත්තෙන්ම යාලුවන්ට හරි ආදරෙයි. මෙහෙම වැඩ කලාට ඌ හොඳ ඩයල් එකක්. ඒ කාලෙ නම් ඌට ලවක් ගැන හිතන්න වෙලාවක් තිබ්බෙ නෑ. හෙන academic බුවා. ඔය වගෙ ගති ලක්ෂන තියෙන උන්හැම තැනම ඉන්නවා.

       
  12. ඉඳුනිල්

    අගෝස්තු 4, 2012 at 7:49 පෙ.ව.

    මිනිස්සු තමන්ට හොඳින්ම ගැලපෙන ක්ෂේත්‍රය වෙනුවට වෙන ඒව තෝර ගන්නවානේ..

    ඉන්කම් ටැක්ස් එකේ ඉන්න තිබුණු බුවා වෙන පාරක ගිහින්…

     
  13. hasithag

    අගෝස්තු 4, 2012 at 8:09 පෙ.ව.

    දැන් මැක්කා මොන ඉසව්වට වෙලාද පොඩි එවුන්ගේ කඩ්ඩ පොලිෂ් කරන්නේ ??

     
  14. Gold fish

    අගෝස්තු 4, 2012 at 8:32 පෙ.ව.

    ඉතිං ඒ තියරිය හරිනේ…..50% දුන්නද මැක්කට…

     
  15. henryblogwalker the Dude

    අගෝස්තු 4, 2012 at 9:13 පෙ.ව.

    ඒක උඹට කියන්න බයයි. මොකද උඹත් කපන්න තේක්ක ගස් හොය හොයා ඉන්න බිස්නස් කාරයනෙ!😀

     
  16. මාරයා

    අගෝස්තු 4, 2012 at 10:02 පෙ.ව.

    මැක්කාගේ කක්කා වැඩ…

     
  17. නවම්

    අගෝස්තු 4, 2012 at 11:36 පෙ.ව.

    මට මේ හිතාගෙන්න බැරුව ඉන්නෙ මේකා දකුනේ උන්ට ගැහුවේ මඩක්ද කියල.
    සිත්තරේටනම් මම හරිම ලයික් යැ !! අර කිව වගේ ග්‍රීක් ලුක් එක නියමෙටම තියනව.

     
    • henryblogwalker the Dude

      අගෝස්තු 4, 2012 at 12:28 ප.ව.

      ඔන්න බලපං. මම උඹලට මඩක් ගහලා තියෙනවද බොල? හොඳට කියවාපිය පෝස්ට් එකයි, කමෙන්ට්සුයි.
      චිත්‍රෙ ඇත්තටම ඌ වගේම තමයි. ඌ මේක දැක්කොත් හරි සතු‍ටු වෙයි කියල මම හිතනවා.🙂

       
  18. Sumith Niriella

    අගෝස්තු 4, 2012 at 12:22 ප.ව.

    ඌ නම් මැක්කෙක්ම තමයි.
    පොරට කරන්න තිබුණෙ ටීචින් නෙවෙයි…law…..🙂

     
  19. henryblogwalker the Dude

    අගෝස්තු 4, 2012 at 12:43 ප.ව.

    ඔන්න ඉඳුනිල් කිව්ව ඌට හරියන්නෙ ඉන්කම් ටැක්ස් ජොබ් එකක් කියලා, ඔව් නීතියත් ඌට නරක නෑ තමයි. හැබැයි ඌ Lit වලටත් ඇත්තටම බ්‍රයිටා.

     
  20. raigamahandiya

    අගෝස්තු 4, 2012 at 1:36 ප.ව.

    අර දුම උගුරේ හිර වෙන කොට හුඟක් අමාරු වෙනවද හෙන්රි? පොර අඩු ගානේ බාගෙට බාගේ හරි බෙදා ගන්න කතා කලානේ. ගොඩක් එවුන්, බස් එකේ ටිකට් එකත් අනිකට කියල ගන්නොනවා.

     
  21. henryblogwalker the Dude

    අගෝස්තු 4, 2012 at 1:44 ප.ව.

    ඔන්න ඔන්න මාව අමාරුවේ දාන්න හදනවා. මට හිරවුනේ ප්ලේන්ටී. සිගරට් දුම හිරවනවා තමයි රයිගම්හන්දිය. මෙහෙම අනපේක්ෂිත දෙයක් එක පාර ඇහුනම අර හූස් කියලා හුස්ම උඩට අදින කොට කැස්ස හැදිලා කන්දෙකින් දුම් පිටවෙලා තියෙනවා.
    ඔව් නේ සමහරු අනිකා ටිකට් ගන්න කල්ම වොලට් එක සාක්කුවෙන් ගන්න ට්‍රයි කර කර ඉන්නවා

     
    • raigamahandiya

      අගෝස්තු 4, 2012 at 4:54 ප.ව.

      මේක ඔබේ කතාවට අදාළ නැහැ. ඔබගේ සිතුවම මටත් කාව හරි දන්නා කෙනෙක් මතක් කරනවා. නමුත් මතකයට නැගෙන්නේ නැහැ. ඔබේ සිතුවම් අගය කරන්න ලියුවේ!

       
      • henryblogwalker the Dude

        අගෝස්තු 4, 2012 at 5:35 ප.ව.

        නෑ මේකත් කතාවට අදාලයි. හප්පට සිරි. එහෙනම් මැක්ක ඔය පැත්තෙ ඉන්නවද දන්නෙත් නෑ. ස්තුතියි රයිගම්හන්දිය සිත්තම අගය කලාට. ඇත්තෙන්ම මැක්කා මේ වගේම තමයි.

         
  22. දළඹුවා

    අගෝස්තු 4, 2012 at 2:15 ප.ව.

    මරු කතාව. මැක්කගෙ නැකතෙන් ඉපදුන එකෙක් අපේ බැච් එකෙත් ඉන්නව. මිනිහත් දකුණෙ. වැලිගම කිට්ටුව තමා ගෙවලුත් තියෙන්නෙ. මැක්කගෙ නෑදෑයෙක්ද මන්ද. නම දැම්මොත් තරහ වෙයිද කියල හිතෙන නිසා දාන්නෙ නෑ. :

     
    • henryblogwalker the Dude

      අගෝස්තු 4, 2012 at 2:28 ප.ව.

      හෙහ් හෙහ්, එහෙනං නෑදෑයෙක්ද දන්නෙ නෑ. මමත් මැක්කගෙ නම දාලා නෑනෙ. ඔය මැක්කා කියන නම දන්නෙ උගෙ බැචාලා විතරයි.
      දලඹුවාව සාදරයෙන් පිලිගන්නවා. ඒවුනාට ඈතට වෙලා ඉන්නං ඇ‍ඟේ ගෑවුනොත් කසන්න ගන්න පුලුවන්😀

       
  23. shanigehitha

    අගෝස්තු 4, 2012 at 4:35 ප.ව.

    හි හි…ෂෝයි කතාව… මට මැවිලා පෙනුණා එහෙම කියද්දී මැක්කාගේ උජාරුව…

     
    • henryblogwalker the Dude

      අගෝස්තු 4, 2012 at 5:37 ප.ව.

      ෂානිගෙහිතට එහෙම හිතුනා නම් මගේ උත්සාහය සාර්ථකයි. මොකද මේක ලියන කොටත් මැක්කා එහෙම කියනවා මගේ හිතේ රඟ දෙමින් තිබ්බේ.

       
  24. ක්සැන්ඩර් | Xander

    අගෝස්තු 4, 2012 at 4:45 ප.ව.

    ටිකක් ආශ්‍රය කරලා බලන්න වටින චරිත. අර උඩින් කිව්වා වගේ එකෙක් අපෙත් එක්කත් හිටියා. වෙලාවක ලියන්නම්. ලියන්න නේ වෙලා නැත්තේ..😦

     
  25. henryblogwalker the Dude

    අගෝස්තු 4, 2012 at 5:40 ප.ව.

    මැක්කා නරක නෑ ක්සැන්ඩර්. ඌ ආශ්‍රය කරන්න වටින එකෙක්. ඒක නෙවෙයි. දැන් ඔච්චරටම කාර්‍යබහුලද?

     
  26. අඩවි රජා

    අගෝස්තු 4, 2012 at 10:08 ප.ව.

    එල කොල්ලෙක්නේ ඈ… 🙂

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

     
  27. රූ

    අගෝස්තු 5, 2012 at 1:31 පෙ.ව.

    අදනෙ බොලේ අර ප්‍රසිද්ධ ඉංග්‍රීසි කතා කාරයට කියන සිංහල නම දැනගත්තෙ..
    කියවලා ඉවර වුනාම මට හිතුනෙ මැක්කගෙ දත්සෙට් එක තාම කටේද නැත්තං බඩේද කියලා..:)

     
  28. මඩිස්සලේ නිශාන්

    අගෝස්තු 5, 2012 at 10:11 පෙ.ව.

    ඉල්ලන් කාලා

     
  29. Gaminie Vijith

    අගෝස්තු 5, 2012 at 10:18 පෙ.ව.

    මැක්කො ‍රැලක්ම ඉන්නවා මචං අපේ පැත්තෙත්. හැම දෙයක්ම ගානට කිරලා මැනලා තමයි බෙදන්නේ.

     
  30. party

    අගෝස්තු 5, 2012 at 11:00 පෙ.ව.

    “Mekka’ though at times was little ‘kakka.’,is now a big’ Lokka’,.

     
  31. henryblogwalker the Dude

    අගෝස්තු 5, 2012 at 11:17 පෙ.ව.

    You said it all in a nice way, Thanks! You are the only one who knows him!

     
  32. ඕනමැන්ටල් (Dulip Sikurajapathy)

    අගෝස්තු 5, 2012 at 4:56 ප.ව.

    මටත් ඔය වගේම ටොපියක් සෙට් උනා. ඒ ලෙවල් කරන කාලෙ එකෙක් කන්න යමං කියල බලෙංම එක්කගෙන ගිහින්, කෑම ජාතිත් බලෙන්ම ඕඩර් කරල අන්තිමට බිල ගෙන්නගත්තනෙ දෙකට කඩල . . . උගෙ ආච්චිට (*^&$%@$%ඔ&*&^(*

     
  33. Amarasinghe Sujatha

    අගෝස්තු 5, 2012 at 6:03 ප.ව.

    ඔව්වගෙ මිනිස්සු හරියට ඉන්නව. මිනිහ GF කෑමට එක්ක ගියාම බිල ගෙවනවද?

     
  34. අසරණයා

    අගෝස්තු 5, 2012 at 6:20 ප.ව.

    අපේ බෝඩිමේ හිටපු කොල්ලොන්ට වාත වුනේ මම මොකද මට දවල්ට නින්ද යන්නේ නැහැ. උන් නිදගනිද්දී මට ඉවසන්නත් බැහැ. මේ වගේ සල්ලි ප්‍රශ්න කරගත්තේ නැහැ අපි හැමෝම ජොබ් කරන කාලේ නිසා.

    අද කතාව ටිකක් වෙනස් විදියට ලියල වගේ. රුප මවෙන්න..

     
    • henryblogwalker the Dude

      අගෝස්තු 8, 2012 at 12:48 ප.ව.

      හයියෝ අසරණයා මට දැන් වුනත් කාලා නින්දක් නම් ගහන්න ඕනෙමයි.
      මේ කතාව හොස්ටල් කතාවක් නිසා සාමාන්‍ය කතා කරන ශෛලිය පාවිච්චි කලා, සිංහල වචනෙම හොයන්නෙ නැතුව.

       
  35. Senna

    අගෝස්තු 5, 2012 at 10:34 ප.ව.

    හිහ්… ඇමෙරිකාවත් ලිබියාවට ගහලා අන්තිමට ලිබියාවට කිව්වලු ගිය වියදම් ඔක්කොම ගෙවන්ඩ කියලා…..ඒ අතින් මූ සාධාරණයි..

     
  36. ගැමියාගේ පත් ඉරුව

    අගෝස්තු 5, 2012 at 10:58 ප.ව.

    මට ඉතින් මම අහපු කතාවක් මතක් වුනා… අර බෙන්තර පාලමෙන් එහාට ඇස් ඇරපු නැති පූස් පැටියෙක්වත් අරන් එන්න එපා කියන්නේ ඕක වෙන්නැති මයෙ හිතේ.

    මැක්කා වගේ එවුන් හැමතැනම ඉන්නවා අප්පා.කොහෙවත් යද්දි එක්ක යන්න සෑහෙන්න නරකයි අඩුම ගානේ දෙන්නා දෙකට බෙදලා සල්ලි දාලා බීම බෝතලේ ගත්තාම වැඩි කොටසකට කෙලලා අරිනවා ෂුවර්.අපෙත් යාළුවෙක් ඉන්නවා ඔහොම…. හැබැයි ඉතින් මම මොකක් හරි වැඩකට ඇවිදින්න ගත්තාම මුළු දවසටම තේ උගුරක් ඇති… ඒත් මේකට එහෙම බෑ දවසක් ඌව පොඩි වැඩකට කොළඹ එක්කන් ගිහින් කන්න බොන්න අරන් දෙනකන්ම එහෙ රිදෙනවා මෙහෙ රිදෙනවා කියන්න ගත්තා.අහන් ඉන්න බැරි තත්වෙටම ආපුවාම තමා ඉතින් අරන් දුන්නේ පස්සේ මූ කියාපි “මම උඹත් එක්ක ආවෙ හොඳට කන්න පුළුවන් කියලා හිතලා අපරාදේ ඕයි ගෙදර හිටියනම් දවසට තුන්පාරක් තේ බීලා මේ වෙනකොට” කියලා… එදායින් පස්සේ නැවක් පුරවලා කන්න දෙනවා කිව්වත් මේකා නෙමෙයි මාත් එක්ක එන්නේ….

    චිත්‍රෙ නම් පට්ටයි…. අනුර ශ්‍රීනාත් වගේ චිත්‍ර කතාවක් අඳින්න බලමුකෝ??? අභියෝගය බාරගන්න පුළුවන්ද??? මම හිතන්නෙ නම් පුළුවන් වෙයි.

     
    • henryblogwalker the Dude

      අගෝස්තු 8, 2012 at 12:50 ප.ව.

      ගැමියාගෙ යාලුවා දත් දොස්තර කෙනෙක්නෙ. ඌ නම් මාරයි.
      ම්ම්ම් අනුර ශීනාත්.. මට මතක් වුනා. අනුර ශ්‍රීනාත්ගෙ චිත්‍ර හරි තාත්විකයිනේ? කම්මැලි නැතුව වෙලාව අරන් අඳිනවා ඇති අච්චර ඩීටේල් එක්ක.
      අනේ ගැමියා, අභියෝගයට නම් මම අත් දෙකම උස්සලා යටත් වෙනවා. මොකද සතියකට එක පෝස්ට් එකක් දාගන්නෙත් මාර අමාරුවෙන්.

       
  37. වින්චැට් කිරිල්ලි.

    අගෝස්තු 6, 2012 at 1:42 පෙ.ව.

    මැක්කට ස්ප්‍රේ එකක් ගහන්න ඕනෙ….

     
  38. වර්ණා

    අගෝස්තු 6, 2012 at 11:03 පෙ.ව.

    hek hek hek

     
  39. පිණිබිඳු

    අගෝස්තු 6, 2012 at 11:05 පෙ.ව.

    අපෝ ඔහොම උන් කොහෙත් ඉන්නවා.

     
  40. සිතුවම්

    අගෝස්තු 6, 2012 at 11:42 පෙ.ව.

    ෂහ්… මටනම් මේකට ඌණපූරණයක් එකතු කරන්නම ඕනි.

    මම සාමාන්‍යයෙන් ඔය දකුණෙ මිනිස්සු ආශ්‍රය කරන්නෙ අතේ දුරින්.මොකද ඒ හැමෝම අඩුවැඩි වශයෙන් ඔහොමම තමයි.

    සමහර විට මම වැරදි වෙන්නැති ඒත් මට හම්බුන අත්දැකීම් 100%ක්ම වගේ ඒ පැත්තට තමයි බර.

    මගෙ යාලුවෙක් හිටියා.මිනිහට A/L කරණ කාලේ කන්නවත් සල්ලි නැතුව හිටියා දවසක්.මම පොරව එක්කන් ගිහිල්ල හොඳට කන්න අරන් දුන්නා.ඊට පස්සෙ පොර ණයට සල්ලි ඉල්ලුවා උගේ කෙල්ලට හින්දි සිංදු සී.ඩී එකක් ගෙනියන්න ඕනි කියා.කොහොමහරි ඒක ගන්නත් සල්ලි දීලා ඌට අතටත් සල්ලි දීලා පිටත් කරලා ඇරියා.

    ඔය සී.ඩී එක මමත් දවසක් ගෙනිහිල්ල ඇහුවා.කොහොමහරි මගෙ අතේ සල්ලි හිඟ වෙලාවක මම උගෙන් දුන්න සල්ලි ගන්න පුලුවන්ද ඇහුවා.මූ ගානෙන් භාගයක් දීලා කියනවා උඹත් සී.ඩී එක ඇහුවනේ ඒකට 50%ක් කැපුවා කියලා.

    මට ඉතින් උගේ !$@#%^^$^.

    මිනිහා තංගල්ලෙ පොරක්.මම උගෙ සල්ලි උටම තියාගන්න කීවා.අදටත් මම මිනිහව ආශ්‍රයක් නෑ.

     
  41. සිතුවම්

    අගෝස්තු 6, 2012 at 11:44 පෙ.ව.

    “විලියොං හෙල්ල හොලවන්නා” මම එකපාරටම කියෙව්වෙ “විලියෙන් හෙල්ල හොලවන්නා” කියලා.🙂

     
    • henryblogwalker the Dude

      අගෝස්තු 8, 2012 at 12:54 ප.ව.

      සිතුවම්ගෙ යාලුවා “මට හමුවූ ඇදහිය නොහැකි චරිත” යටතෙ ටැග් කරන්න පුලුවන් එකෙක් වගේ. ඔය ගති ලක්ෂන තියෙන උන් ලංකාවෙ කොහෙත් ඉන්නවා. අපේ ගෙවල් ලඟ ඉඩමක් අරන් ආවා එකෙක්, මට ලක්ෂ ගානක් ගියා නඩු කියලා අපේ පාර ආපහු දිනාගන්න. විලියෙන් හෙල්ල හෙලෙව්වත් වරදක් නෑ!😀

       
  42. නිසුපා

    අගෝස්තු 6, 2012 at 2:22 ප.ව.

    මැක්කා නියමෙටම පනින්න දන්නවානෙ.😀

     
  43. මී පැටියා

    අගෝස්තු 6, 2012 at 3:45 ප.ව.

    මැක්කගේ ලොජික් එකත් නරකම නෑ නේද? මොනව වුනත් දකුනෙ පොරක්නේ..

    හොඳ වෙලාවට සරා කෙල්ලෙක් එහෙම දාගෙන නැත්තෙ. එහෙම වුනා නම් ඩබල් ගෙවන්න වෙනව ඔය ලොජික් එකට අනුව.

     
  44. praveena

    අගෝස්තු 7, 2012 at 9:24 පෙ.ව.

    මම හිතන්නේ මැක්කා හරි…🙂

     
  45. praveena

    අගෝස්තු 7, 2012 at 9:28 පෙ.ව.

    ඉස්සල්ලා කමෙන්ට් එක අප්සෙට් උනා වගේ දැක්ක හින්දා ආයෙම ට්‍රයි කලා…🙂

     
  46. chami4u

    අගෝස්තු 7, 2012 at 11:25 පෙ.ව.

    මැක්කා තමයි මැක්‍කා….

     
  47. DeeJay

    අගෝස්තු 7, 2012 at 2:42 ප.ව.

    ඔ..ඔ..ඕ මේ අපේ මැක්කා නේ. අම්මෝ කමෙන්ට් එකක් දාන්නම ඔනේ.

    ඩුඩ් ඔයා මෙ ඇදපු චිත්‍රයි විස්තරේයි ටිපිකල් අපේ මැක්කාම තමයි.මට හොදටම ශුවර් එයා හරිම සතු‍ටුවෙවි මෙ පොස්ට් එක දැක්කොත්.

     
  48. හංසකිංකිණි

    අගෝස්තු 8, 2012 at 2:56 ප.ව.

    මේ කතාව කියෙව්වාම මට මතක් වුණේ අයියෙ අපේ ඔපීසියෙ හිටපු පොරක්ව!! වැඩ නං මීටත් අන්තයි!! මිනිහ අයින් වෙලා ගිහිල්ලත් දැන් සෑහෙන්ඩ දවසක්!! ඒත් තාමත් මිනිහගෙ කතා තමයි ඔපීසියෙ සිනා උල්පත…

     
  49. Sarath Lankapriya

    අගෝස්තු 10, 2012 at 8:08 පෙ.ව.

    මැක්කා කියපු එක හරිනේ.. මොනවා උනත් මූ අදහන්න වටිනා ගොබිලෙක්.. උගේ මොලේ තමයි මොලේ .. අපේ දේශපාලනේ මුත් ඉන්නවාද ? මුව දාන්න ඕනේ Z ස්කෝර් එක හදන්න..

     

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

 
%d bloggers like this: