RSS

78. පැඩිඩිලියන් 5 – කණ්ඩාලෙ

11 අගෝ.
78. පැඩිඩිලියන් 5 – කණ්ඩාලෙ

ගෙදරින් එලියට බහින කොටම හූනෙක් “චුක් චුක්” ගෑවොත් නම් ඒක බාදාවක් කියනවනෙ. එතකොට අල්ල කසන්නෙ සල්ලි හම්බවෙනලු. තව,… කපුටෙක් ගේ ලඟටම ඇවිත් “ක්‍රාව් ක්‍රාව්” ගාල කෑගැහුවොත් නෑදෑයො එනවලු. නමුත් දන්නවද බල්ලා පස්ස පැත්තෙන් යන්නෙ ඇයි කියලා?

මම නම් හිතා හිටියෙ, බල්ලා ‘අර වැඩේ’ ඉවර කරලා, පස්ස පැත්ත පිහදාගන්න ටොයිලට් පේපර් එකක් වෙනුවට තණබිම පාවිච්චි කරනවා කියලයි. ඇත්තෙන්ම මම හිතන් හිටියෙමෙහෙමයි දවසක් කණ්ඩාලෙ, “අද අපේ ගෙදර කවුරු හරි එනවා… අපේ බල්ලා පු*න් ගියා!” කියලා මහ හඬින් තාලයට ඇදලා පැදලා ගායනා කරන කල්.

මම නම් ඒ තියරිය ඇහුවාමයි. මේකා මේක ගායනා කලෙත් අර පැඩිඩිලියන්ලාටම ආවේනික, කැටයම් සහිත භාෂා විලාශයෙන්, කටින් වෙට්‍ටු හෙම දාලා.

කණ්ඩාලෙ පැඩිඩිලියන් ගෙදර හිටපු, ශරීරයෙන් කුඩා, හුරුබුහුටි, වයසට වඩා පැහුණු , කටකාර කොලු පැටියෙක්. උමේෂ්ගෙ අක්කෙක්ගෙ පුතා. මම ඒ දවස්වල දැක්කට පස්සෙ දැක්කෙම නෑ. දැන් බ්ලොග් එකක් හෙම ලියනවද දන්නෙත් නෑ.

දවසක් සුරේෂුයි මායි ඇවිදින්න යනකොට කණ්ඩාලෙත් පස්සෙන් වැටිලා ආවා. සෑහෙන දුරක් ඇවිදගෙන ගිය අපි අඹතැන්නෙ කඩේකට ගොඩවුනා, තේ එකක් බොන්න.  කඩේ මේසෙ උඩ තිබ්බා අති දැවැන්ත ගෙඩි තියෙන ආනමාලු ඇවරියක්, සාමාන්‍ය ආනමාලුවලට වඩා දෙගුණයක් විතර විශාල. සුරේෂුයි මායි ගෙඩි දෙකක් කඩාගත්තා. කණ්ඩාලෙත් අපිව අනුගමනය කරමින් ගෙඩියක් කඩාඅගත්තා. ඇත්තෙනම කොල්ලට වැඩිය පොඩ්ඩයි කෙසෙල් ගෙඩිය පොඩි. නමුත් කණ්ඩාලෙත් සීඝ්‍රයෙන් වැඩේ දීගෙන, දීගෙන යනවා.

සුරේෂයයි මායි මූණෙන් මූණ බලාගෙන, කණ්ඩාලෙයා මේ කෙසෙල් ගෙඩිය සම්පූර්ණයෙන් බස්සයිද, නැද්ද, කියන එක ගැන සැක පහල කරනවා.

“ඈ බං සුරේෂ්, මූ මේක කයිද ගත්තට?”

“ඒක තමයි හෙන්රි අයිය මාත් කල්පනා කලේ.”

“මූත් අරින්නෙ නෑ වාගෙ ගේම. බලාපංකො දැන්!”

“මේකා මේක කාලා, රෑට බත් නොකෑවොත්, අපි දෙන්නට පෝරියල් එක ගෙදරින් අද!”

“අඩේ, බලපං මූ වැඩකාරයා! අර බාගයක්ම බැස්සුවා කොහොම හරි! අනේ දෙයියංගෙ පිහිටයි උඹට කණ්ඩාලෙ!!”

ඔය විදියට, ටිකකින් මේකා කෙසෙල් ගෙඩියම බස්සලා, ලෙල්ල තිබ්බා මේසෙ උඩින්.
ඊට පස්සෙ ගුඩුස් එකකුත් යැවුනා හයියෙන්ම.

“ඒයි කණ්ඩාලෙ ගෙදර ගිහින් මමීට කියන්නෙ හෙම නෑ කෙසෙල් ගෙඩි කාපු කතාවක් හරිද?”, සුරේෂ් අනතුරු හැ‍ඟෙව්වා.

“බොරු කියන එක හරි නෑනේ,” කණ්ඩාලෙ කිව්වා, “පොඩි මාම කියන්න ‘ඔන්න ඔය චූට්ටං කෙසෙල් ගෙඩියක්ද කොහෙද නම් කණ්ඩාලෙයා කෑවා‘ කියලා.”

 

ටැග: , , , , ,

91 responses to “78. පැඩිඩිලියන් 5 – කණ්ඩාලෙ

  1. hasithag

    අගෝස්තු 11, 2012 at 12:37 පෙ.ව.

    පොඩිකමට හිටියට පොර කණ්ඩාලේ අණ්ඩපාලයෙක් වගේ. කොහොමත් ඒ පවුලේ හැටියට ඉන්න එපැයි පවුලේ අභිමානය ඉස්සරහට අරගෙන යන්න 🙂

     
    • henryblogwalker the Dude

      අගෝස්තු 11, 2012 at 8:38 පෙ.ව.

      හසිත ඇත්තෙන්ම ඔය පැඩිඩිලියන් සෙට් එක මට මුන ගැහුණු හොඳම පවුලක්. ඒ මිනිස්සු කවදාවත් සල්ලි ඉස්සරහට දාගෙන මනුස්සකම අමතක කලේ නෑ. ඔය ලින්ක් උඩ කොටලා බලන්න. 🙂

       
      • hasithag

        අගෝස්තු 11, 2012 at 7:00 ප.ව.

        ආහ් මට මතකයි අයියා කියලා තිබ්බා එහේ බෝඩ් වෙලා හිටිය කාලේ සල්ලි ගත්තෙත් නැති නිසා දවසක් එළවළු අරන් ගිහින් වුණු ඇබැද්දිය ගැන 🙂

         
  2. hiruni

    අගෝස්තු 11, 2012 at 12:42 පෙ.ව.

    හිහ් හිහ් හිහ්…ඒකනේ කන්ඩාලෙ කිව්වා වගේ ඇත්ත කිව්වනම් ඉවරනෙ…. චිත්‍රරෙත් හරිම ලස්සනයි…. 😀

     
    • henryblogwalker the Dude

      අගෝස්තු 11, 2012 at 8:39 පෙ.ව.

      කණ්ඩාලෙව අඳින්න මම සෑහෙන්න ට්‍රයි කලා. නමුත් මූණ හරියටම ගන්න මතක නෑ. පස්සෙ මෙහෙම ඇඳල බැලුවම පස්සෙ දැක්කෙ. මේ මල්ලියම නේද ඇඳිලා තියෙන්නෙ නොදැනීම? 🙂

       
  3. Senna

    අගෝස්තු 11, 2012 at 12:52 පෙ.ව.

    ඔය බල්ලා අරෙහෙම ගියාම කවුරු හරි එනවා කියන එක ඉස්සර අපේ ගෙදරත් කිව්වා..ඒක බොහෝ වෙලාවට හරියන සාස්තරයක්..

    පැඩ්ඩිලියන් කියන්නෙ මොකක්ද ? කණ්ඩාලෙ … හෙහ් මරු නම..:-) මම මුලින්ම හිතුවෙ බල්ලෙක්ගෙ නමක් කියලා.. 🙂

     
    • henryblogwalker the Dude

      අගෝස්තු 11, 2012 at 8:40 පෙ.ව.

      ඇත්තට Senna? මම නම් ඒක අහලා වත් තිබ්බෙ නෑ. අර නැපෝලියන් කියන්නෙ අස්සයා කියලා හිතුවා වගේ. Senna, කොටලා බලන්න ඔය ලින්ක් උඩ. තව පැඩිඩිලියන් කතා 4ක් ලියලා තියෙනවා. තවත් ලියන්න තියෙනවා.

       
      • Senna

        අගෝස්තු 12, 2012 at 10:27 ප.ව.

        ඔක්කොම කියෙව්වා.. පැඩිඩිලියන් කතා..මරු ඈ.. 🙂 ඒ නම Paddiliyan ද, නැත්නම් Padidiliyan ද ?

        කණ්ඩාලේ කියන්නෙ ඒ ළමයගෙ ඇත්ත නමද ?

         
  4. වින්චැට් කිරිල්ලි.

    අගෝස්තු 11, 2012 at 2:29 පෙ.ව.

    පැඩ්ඩිලියන්..කණ්ඩාලෙ මේවා අමුතු වචන මම මේ ඇහුවාමයි…බල්ලො එහෙම ගියාම අපිත් එහෙම කිව්ව ඉස්සර..ඇයි දෙන්නෙක් එකම වචනෙ එකපාර කිව්වාමත් ලියුමක් එනවලු නෙ…

     
    • henryblogwalker the Dude

      අගෝස්තු 11, 2012 at 8:40 පෙ.ව.

      වින්චැට් කිරිල්ලි. මමත් ඔය වචන දෙක ඔයිට කලින් අහලා නෑ. මටත් අමුතුයි ඉස්සර.
      පැඩිඩිලියන්ලා ගැන විස්තර ඔය ලින්ක් උඩ කොටලා කියවන්න පුලුවන්.
      අමුතු නමක් තියෙන හොඳ මිනිස්සු!

       
  5. JP

    අගෝස්තු 11, 2012 at 6:08 පෙ.ව.

    කපුටු සාස්තරේ නම් අසා ඇත්තෙමි . අපේ අත්තම්මා , හාල් ටිකක් වැඩියෙන් ලිපේ තියෙනවා ඒ දවස් වල , උදේ ඔහොම ඇහුනොත් .
    කොල්ලා නම් මරු

     
  6. රාජ්

    අගෝස්තු 11, 2012 at 6:55 පෙ.ව.

    ඇම්ඩන් කෙනෙක්.

     
  7. රාමා

    අගෝස්තු 11, 2012 at 7:42 පෙ.ව.

    මමනම් හිතන් හිටියේ බල්ලො එහෙම යන්න , මේ ……. කහන කොට කියලා. ඔය සුද්දො වගේ නේ උනුත් …..

     
  8. Gold fish

    අගෝස්තු 11, 2012 at 7:48 පෙ.ව.

    කන්ඩාලේ තමා කන්ඩාලේ… බොරුවත් ලෑස්ති කරලා දුන්න හැටි…!!!

     
  9. Weniwel

    අගෝස්තු 11, 2012 at 8:54 පෙ.ව.

    කොල්ලයි, බල්ලයි දෙන්නම ලස්සනයි…ඔය මැදින් කාපු ලොකු, දිග කෙසෙල් ගෙඩියකුත් ඇන්ඳනම් සෝයි…

     
    • henryblogwalker the Dude

      අගෝස්තු 11, 2012 at 9:37 පෙ.ව.

      ස්තුතියි වෙනී. උඹ කවදත් මගෙ චිත්‍ර අගය කරපු එකානෙ. ඒකනෙ මම උඹේ චිත්‍ර වලටත් පෝස්ට් එකක් තරම් දිග කමෙන්ට් දාන්නෙ? 😀

      (තමාටම) මූ සාම සාකච්ඡාවකට වත් ඇවිල්ලද? අර ටෲස් එකද අහවල් එකකටවත්? 😮

       
      • Weniwel

        අගෝස්තු 11, 2012 at 10:11 පෙ.ව.

        ඔව් මගේ සමහර පෝස්ට් වලට වඩා විශ්ලේශනාත්මක දිග විස්තරයක් තියේ හෙන් රි ගෙ කමෙන්ට් එකේ.. ඉතින් වෙන් කවුදෑ අපිට ඔහොම කමෙන්ට් කරන්න ඉන්නෙ ? සාමෙට එන්නයි යන්නෙ..නැත්නම් මේ සිත්තර බාස් උන්නැහැලගෙ එකක් කොහොමෙයි රෙද්දක් ඇඳගෙන කොපි කරන්නෙවත්..

         
  10. ක්සැන්ඩර් | Xander

    අගෝස්තු 11, 2012 at 9:56 පෙ.ව.

    පද්මා පැඩිඩිලියන් කෙනෙක් ගැන අසා ඇත. ඈ යම් කිසි පුවත්පතක හෝ සඟරාවක ලේඛිකාවකි. ඒ නිසා ඇගේ ලිපි කියවා ඇත. පැඩිඩිලියන්ලා ගැන එපමණකි. ඒ වුනත් කන්ඩාලේ කියන නම නම් නුහුරු එකකි. දෙමල ආරක නමක් මටනම්.

    මොක උනත් කොල්ලට එක කෙහෙල් ගෙඩියක් නොව කෙහෙල් ඇවරියම බස්සන්නට හැකියාවක් ඇති යයි සිතමි.

     
  11. henryblogwalker the Dude

    අගෝස්තු 11, 2012 at 10:10 පෙ.ව.

    ස්තුතියි ක්සැන්ඩර්,
    කණ්ඩාලේ කියන්නෙ මේ ගෙදරට කියන සුරතල් නමක්. නික් නේම් එකක්. ඒ නම් කොහොම වැ‍ටුනද මම දන්නෙ නෑ. මම දන්න පොඩී කෙල්ලක් හිටියා ගුරුබණ්ඩි කියලා. ඒ මොකද ඒ ඇය ආසා කරපු කතන්දර පොතක චරිතයක්. මේ නමත් සමහර විට එහෙම වෙන්න ඇති. අනික කණ්ඩාලේ අද ක්සැන්ඩර්ගෙ වයසට ආසන්න වයසක වෙන්න පුලුවන්.

     
  12. DDT

    අගෝස්තු 11, 2012 at 10:54 පෙ.ව.

    මොනව උනත් ඒ වගේ ගති සිරිත් තියෙන පොඩි අයට මම නම් කැමතියි, එයාල අනිත් අයට සාපේක්‍ෂව දක්‍ෂයි කියල කියන්න පුළුවන්. අර සිත්තරේ දැක්කම මට එකපාරටම මතක් වුනේ ටොම් සෝයර්ව.

     
  13. Amarasinghe Sujatha

    අගෝස්තු 11, 2012 at 11:11 පෙ.ව.

    ???මෙයා නොවෙයිනෙ???

     
  14. සෑම්

    අගෝස්තු 11, 2012 at 2:57 ප.ව.

    කන බොන පොඩි එකාලට කන්න දියං හෙන්රියා.. පව් කොල්ලෝ..

     
  15. Kandyan

    අගෝස්තු 11, 2012 at 4:27 ප.ව.

    නියම ගල් ටික් කොළුවෙක්නෙ…. කොහේ හිටියත් ජාම බේරගෙන ඇති!

     
  16. පරිකල්පන

    අගෝස්තු 11, 2012 at 4:36 ප.ව.

    පොඩි අයට කවන්න අමාරු රළවළු, පළා වර්ග වගේ දේවල්නෙ. ඔය පැණිරස කෑම වලට එහෙම පොඩ්ඩො ලෝස් නැතුව වගකියනව. මං දන්න පොඩි එකෙක් හිටිය ඒගොල්ලන්ගෙ ආත්තම්ම අවුරුද්දට හදපු කැවුම් මුට්ටයටම වගකියපු. 😉

     
  17. අඩවි රජා

    අගෝස්තු 11, 2012 at 7:06 ප.ව.

    ඉතින් ඊට පස්සේ? 🙂

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

     
  18. Sumith Niriella

    අගෝස්තු 11, 2012 at 7:36 ප.ව.

    මම හිතන්නෙ කාලා තියෙන්නෙ ආනමාළු නෙවෙයි, නේත්‍රපලම් වෙන්න ඇති…….. 🙂

     
    • henryblogwalker the Dude

      අගෝස්තු 12, 2012 at 7:42 පෙ.ව.

      වෙන්න නැති සුමිත්. මටත් ඔය ආනමාලුයි ඇම්බුනුයි වෙන්කරලා අඳුනා ගන්නත් බෑ.

       
      • Sumith Niriella

        අගෝස්තු 12, 2012 at 6:12 ප.ව.

        ආනමාළු ඉදුනාමත් ලා කොළ පාටයි, ඒ වගේම තරමක් කෙසගයි. ඇම්බුම් හොදට ඉදුනම කහපාටයි. ආනමාව වලට වඩා ලොකුයි. නේත්‍රපලම් මේ දෙවර්ගයටම වඩා ලොකුයි. ගෙඩියක් අඩියකටත් වඩා ලොකුවෙනවා. කැනක හැදෙන්නෙ ගෙඩි කීපයයි. එකක් රු.100 ට වැඩියි. (නේත්‍රපලම් ගැන තව කතා තියෙනවා…..එක්කො ඕන නෑ)

         
  19. vpokura

    අගෝස්තු 11, 2012 at 10:10 ප.ව.

    මරු පොරක්නෙ..!

     
  20. මඩිස්සලේ නිශාන්

    අගෝස්තු 11, 2012 at 11:13 ප.ව.

    මේකා මාර කොලුවෙක්නේ 🙂

     
  21. අටම්පහුර

    අගෝස්තු 12, 2012 at 1:14 පෙ.ව.

    ඇත්තටම ඒ නම් අමුතූයි

     
  22. henryblogwalker the Dude

    අගෝස්තු 12, 2012 at 7:46 පෙ.ව.

    ඒ නම් මටත් අමුතුයි තමයි අටම්. අර ලින්ක් උඩ කොටලා බලන්නකො ඔය නම නිසා වෙච්ච සීන් කෝන් එකක්.
    !

     
  23. Gaminie Vijith

    අගෝස්තු 12, 2012 at 2:16 ප.ව.

    කුමනත් කොල්ලෙක් හිටියා මචං, බත් පිඟන් දෙක තුනක් කාලා, කට දනවා කියලා පාං තුන්කාලකුත් කනවා…!

     
  24. අසරණයා

    අගෝස්තු 12, 2012 at 8:41 ප.ව.

    හුරතල් කොලුවා. ඇත්තටම එහෙම කන්න පුලුවන්ද? නෙත්තරම් පළම වගේ ලොකුයිද?

     
    • henryblogwalker the Dude

      අගෝස්තු 12, 2012 at 10:45 ප.ව.

      අනේ මන්දා අසරණයා, එදා නම් පොඩි එකා දුන්නා වැඩේ ලෙසටම.
      මේ චිත්‍රෙ මම ඇඳලා ඉවරවෙලා බලනකොට ඇඳිලා තියෙන්නෙ මගෙ චූටි පුතා අවුරුදු හතරෙදි විතර කාලෙවිදියටමයි. ඒක එහෙමම දැම්මා!

       
      • අසරණයා

        අගෝස්තු 13, 2012 at 12:26 පෙ.ව.

        මම අනිත් කතා ටික කියෙවුවා අර බලල බෑග් එකට චූ කරපු සිද්දිය තමා නියම කතන්දරේ. මම අර බස් හෝල්ට් එකක නිදාගත්තු දවසෙ වගේ.

         
  25. රූ

    අගෝස්තු 13, 2012 at 10:49 පෙ.ව.

    කෙමෙන්ට් කියවලා තමයි කතාවේ වට පිටාව තේරුනේ..උඩ තියන ලින්කු වැඩ කරන්නෑනේ..
    කණ්ඩාලා කියන්නෙ නම් අපේ නුවර එළිය වගේ ඉන්දියාවේ මහරාෂ්ඨ ප්‍රාන්තයේ තියන පැත්තක්..

    කොහොම වුනත් මේ පුතයා නම් අන්දරේගේ කපාපු පළුව වගේ..හික්ස්..
    සිත්තරෙත් අපූරුයි..

     
  26. praveena

    අගෝස්තු 13, 2012 at 11:30 පෙ.ව.

    මට නම් නිදිමතද වැඩ වැඩිකමද දන්නේ නෑ මේ ලොකේ දෙයක් තේරුනේ නෑ. 😀

     
  27. හංසකිංකිණි

    අගෝස්තු 13, 2012 at 12:45 ප.ව.

    හි හි… ඒකෙන් මේකෙන් දඩිබිඩි ගාල කතා සෙට් එකක්ම කියෙව්ව…
    උඹේ බ්ලොග් එක මං පුදුම ආසාවකින් කියවන්නෙ අයියෙ… උඹ සිද්ධීන් විස්තර කරන්නෙ ඒ ඒ සිද්ධියට ගැලපෙන අනුපාණෙට උපහාසය ත්‍රාසය, කුතුහලය, මේ ඔක්කොම දාල… මම ඒ විදියට හරිම කැමතියි…!!

     
  28. නවම්

    අගෝස්තු 13, 2012 at 3:52 ප.ව.

    දෙගුණයක් විතර ලොකුයි නම් කන්න ඇත්තෙ නේත්‍රප්පලම් වෙන්න ඇති. ඒව්වත් ඔයි ආනමාලු වගේ තමයි හැබැයි හෙන සයිස්, කැනක හැදෙන්නත් ගෙඩි විස්සක් විතර මගෙ හිතේ.

    අර බල්ල පුක බිම උලන්නෙ නම් ඉතිං ඉතුරුවෙච්ච ඒව හලා ගන්න තමයි. මට හොඳට මතකයි අපේ ඉස්කෝලෙ හොස්ටල් බල්ල ලන්ච් ශීට් එකකුත් එක්ක මොනවද කාල ඒක හැලෙන්නෙ නැතුව පිට්ටනිය පුරාම අතුල්ල අතුල්ල ගියා.

     
    • henryblogwalker the Dude

      අගෝස්තු 15, 2012 at 9:48 පෙ.ව.

      නේත්‍රප්පලම් වෙන්න ඇති නවමා. මට මතක ඒක දොන්ත පතං කෙහෙල් ගෙඩි ජාතියක් කියලා විතරයි. හැබැයි අර රතු ජාතිය නෙවෙයි. ආනමාලු පාටම තමයි.

      ඔව් ඔව් බල්ල අර අර ඉතුරු කෑලි බිම හෙලන්න අනිවා ඕක කරනවා ඇති.

       
  29. මී පැටියා

    අගෝස්තු 14, 2012 at 11:07 පෙ.ව.

    මරු පෝස්ට් එක. කොහොමටත් එන්න එන්න පොඩි ළමයි පන්ඩිත වෙනවා.

    මේක කියවලා මටත් කතාවක් මතක් වුනා.

    http://meepatiya.blogspot.com/2012/08/blog-post_14.html

     
  30. Hareendra Perera

    අගෝස්තු 14, 2012 at 10:13 ප.ව.

    කියෙව්වෝ..

     
  31. Miyuru

    අගෝස්තු 15, 2012 at 8:58 පෙ.ව.

    මේක කියවල හිනාවෙලා පණ ගියා… අනේ ඇත්තට කොල්ල පුංචි උනාට…..
    මමත් ඔය නම් දෙකම කවදාවත් අහලා තිබුනෙ නෑ මීට කලින්…
    නොකීවට හෙන්රිගෙ චිත්‍ර හැමදාම රස විඳිනවා….

     
    • henryblogwalker the Dude

      අගෝස්තු 15, 2012 at 9:52 පෙ.ව.

      මියුරු, ඔයා කලින් ඉඳන් මේ පැත්තෙ එන බව මම දැනගෙන හිටියෙ නෑ.

      මම මියුරුගෙ බ්ලොග් එකට වහ වැ‍ටුනෙ මෑතකදි. මායි දීපයි දෙන්නම හවසට මියුරුගෙ පරණ කතා ඔක්කොම කියවනවා ටික ටික මේ දවස්වල. හිනා කාලා මැරෙනවා ඔයාගෙ වැඩ වලට.

      ඔයාගෙ බ්ලොග් link එක ඈත ඉන්න අපේ දූටත් යැව්වා. එයයි, roommate යි ඊයෙ ඔයාගෙ අවුරුද්දක පෝස්ට් කියවලා ඉවරකලා කියලා මට ඊයෙ කිව්වා. 🙂

       
      • Miyuru

        අගෝස්තු 18, 2012 at 9:46 ප.ව.

        අනේ ඇත්තටම ඒවා එච්චරම රසවත්ද… අයියට ගොඩාක්ම ස්තුතියි…. මට හැබෑම සතුටක් දැනුනා මේක කියවලා… මම හෙන් රි අයියගෙ බ්ලොග් එක සොයාගෙන ආවේ ඔබා මාමගෙ බ්ලොග් එක හරහා ඔයාගෙ චිත්‍ර දැකලා… ඉස්සෙල්ලම ඩූඩ් හරහා ගියේ ඉංග්‍රීසි බ්ලොග් එකට නිසා ඒක බ්ලොග් රෝලටත් දාල කියවන්න ගත්තා…. දෙතුන් පාරක් කමෙන්ට් කරලත් ඇති…. ඒත් ඊට වඩා කියවලා තියෙනවා…. 😀

         
        • henryblogwalker the Dude

          අගෝස්තු 18, 2012 at 10:05 ප.ව.

          මියුරු දන්නවද මේ මායි දීපයි ඔයාගෙ පරණ බ්ලොග් පෝස්ට් කියව කියවා හිටියෙ. අපේ කෙල්ල ආවා ඔන්ලයින් ඇවිත් කිව්වා එයත් මේ වෙලාවෙ ඔයාගෙ පරන පෝස්ට් කියවමින්ලු ඉන්නෙ. ඒ ගමන මෙන්න මේල් එක බලනකොට මියුරු ඇවිත් මෙතන මේ කමෙන්ට් එක දාලා ගිහින්!
          henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

           
          • Miyuru

            අගෝස්තු 18, 2012 at 10:14 ප.ව.

            ඇත්තටම හරිම සතුටුයි හෙන්රි අයියා…. කොහොමද… හැරෙන තැපෑලෙන්ම උත්තර ලැබෙනකොට තියෙන සන්තෝසෙ නේද…. අක්කාවයි, දුවයිත් ආදරයෙන් මතක් කළ බව කියන්නකෝ…. 😀

             
  32. Pramudi

    අගෝස්තු 15, 2012 at 9:59 පෙ.ව.

    හිහ් හී..මේ කතා ටික නම් නියමයි :ඩී
    තාම හිනා මට.

     
  33. පිණිබිඳු

    අගෝස්තු 15, 2012 at 10:15 පෙ.ව.

    අපෙත් නෑදෑ පොඩි එකෙක් ඉන්නවා ඌ කන්න ගියාම කාගෙන කාගෙන යන තරමට බය හිතෙනවා. මහතත් නෑ. කෝටුකෑල්ල වගේ. අපෙ අම්මා කියන්නෙ මූ කන ඒවා කොහෙට යනවද මන්දා කියලා.

     
  34. iamdeejay

    අගෝස්තු 15, 2012 at 11:33 පෙ.ව.

    ඩුඩ්,
    මම කණ්ඩාලෙ පොඩ්ඩා ගැන අහලා තිබුනට දැකලා නම් නැහැ එහෙ ගිය වෙලාවෙවත්.
    ඒ වුනාට මෙ චිත්‍රෙ ඉන්න කොලු පැටියා නම් අපේ චුටි පුතා චුටි කාලේ වගෙමයි. පුතුටත්, ඔයාටත් එකම හිතිලා තියෙන බව මම දැක්කා ඔය දෙන්නා ගෙ උඩ තියෙන කමෙන්ට් වල. හැමදාම වගේ ඔයා ගේ මේ චිත්‍රයත් හරීඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊම ලස්සණයි!!!!!!!!!!!!!

     
  35. සිරා

    අගෝස්තු 15, 2012 at 11:54 පෙ.ව.

    කණ්ඩාලෙ සුලුපටු බඩුවක් නෙමෙයි වගේ… බත් කන්නත් බන්ඩියේ ඉඩ තිබිලා…

     
  36. Anu

    අගෝස්තු 15, 2012 at 12:06 ප.ව.

    කෙසෙල්… මගේ ආස නැතිම පළතුරක්….

     
    • henryblogwalker the Dude

      අගෝස්තු 16, 2012 at 1:03 ප.ව.

      හපොයි අනු. ඇඹුල් කෙසෙල් හොඳටම ඉදෙන්න කලින් කාලා බලන්න. ඔය ආනමාලු ඇම්බුං වාගෙ කෙසෙල්වලටත් අකමැතිද? මම නම් ඒවයෙ සුවඳටත් කැමතියි. ආනමාලු කාලා බලන්න රෝස් පාන් එක්ක. 🙂

       
  37. Raj

    අගෝස්තු 16, 2012 at 7:41 පෙ.ව.

    ආං කොල්ලො බඩ පැලෙන්න කාලා හික්ස්

     
  38. Naleen Dilruksha

    අගෝස්තු 18, 2012 at 8:16 ප.ව.

    සුලෝහිතයෙකුගේ නිර්මාණශිලී බව ඔබ විසින් සනාථ කර ඇත. මම තවත් සුලෝහිතයෙක්.ජයවේවා

     
  39. henryblogwalker the Dude

    අගෝස්තු 18, 2012 at 8:47 ප.ව.

    නලීන්, හරිම සන්තෝෂයි හඳුනා ගන්න ලැබීම. මමත් එනවා සමකය වටේ යන්න හැකි ඉක්මනින්.
    ජයවේවා!

     
  40. Sarath Lankapriya

    අගෝස්තු 24, 2012 at 2:50 ප.ව.

    බල්ලා ඔහොම නොකර කොහොමද උගේ පු** කහ ගන්නේ ?

     
  41. nadeeka priyadarshanie

    අගෝස්තු 26, 2012 at 12:14 පෙ.ව.

     

hiruni වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න