“අම්මේ! කෝ මගේ මේස්?”
“ඔයා දැක්කද කාර් එකේ යතුර?”
“අම්මේ! කෝ මගෙ යුනිෆෝම් එක?”
“කොහෙද අනේ මේ වාහනේ ඩොක්‍යුමන්ට්ස්?”
“දෙයියනේ අදත් පරක්කුනෙ!”
“මගෙ එක මේස් එකයි තියෙන්නෙ!!”
සුපුරුදු දෙබස් ඛණ්ඩ.
අද කතාකරන්න යන්නෙ කාන්තාවො මට ආකර්ෂනය වන, එයාලගෙ ස්වාමි පුරුෂයො මාව එයාලගෙ හිට් ලිස්ට් එකට දාන මාතෘකාවක්. හෙහ් හෙහ්!
henryblogwalker the CHICK MAGNET Dude!!!
මම ගෙදර තියෙන විදුලි වැඩ, ජලනල වැඩ, ගෘහ අලංකරනය, විදුලි උපකරන අලුත්වැඩියාව, වඩු වැඩ, මේසන් වැඩ, උද්‍යාන අලංකරණයට අමතරව වාහන වල සුලු සුලු අලුත්වැඩියාවලුත් කරනවා දකින කාන්තාවො, දුම්මල වරම අතට ගත්තා වගෙ තමන්ගෙ පෙම්වතාට, සැමියාට දොස් කියන්න පටන් ගන්න එක මම ඉස්සර ඉඳන්ම අත්දැකපු දෙයක්. “ඒකට මේං..!” කියලා සැමියා හෝ පෙම්වතා ලඟ ඉන්නවා නම් පාරක් ගහන කාන්තාවො එයාලා ලඟ නැත්නම් “ඕං එකට අපේ ….” කියලා කියන්නෙ කට ඇද කරලා.
“අඩෝ හෙන්රියෝ, තෝ කරන වැඩ වලින් අපිට ඉන්නත් නෑ බං කනක් ඇහිලා.!” කියන චෝදනාව මට එල්ල වෙන්නෙ ගෑණු මාව දැකලා නිබ්බුත පද කියන්න පටන් ගත්තම. ඇවිලෙන ගින්නට පිදුරු දානවා වගේ දීපත්, “එතකොට අර කබඩ් එක හැදුවෙත් එයා අනේ!” නැතිනම්, “එයා තමයි එයාගෙයි, යාලුවන්ගෙයි, ලමයින්ගෙයි හැමෝගෙම කොන්ඩෙ කපන්නෙත්!” කිව්වාම ඇත්තෙන්ම මටත් දුකයි අරුන් ගැන. 😦
“ඒකට අපේ එක්කෙනා. නිවාඩුවක් අහුවුනොත් එක්කො යාලුවොත් එක්ක බෝතලේකට සෙට් වෙනවා. නැත්නම් සෙටියෙ ලැගගෙන ටීවී බලනවා. නැතිනම් මොනිටරේට මූණ ඔබාගත්ත ගමන් මයි!” වගෙ කතාවකින් අර කාන්තාවො මගෙ පුරුෂ භාවයට සංසන්දනාත්මකව හානි වෙන්න පුලුවන් කතාවක් කිව්වොත්, “ඉතින් හෙන්රිත් ඔය ඔක්කොමත් කරලා තමයි අනේ මේ වැඩත් කරන්නෙ. රෙදි හෝදන, අයන් කරන නවන වැඩ ඔක්කොම කරන්නෙත් එයා!” කිව්වම අර පුරුෂයන්ට එඩ්‍රස් නැතුව යනවා මම බලා ඉන්නෙ අවංකවම බුර බුරා නැගෙන ශෝකයෙන්. “හම් යං යං පරක්කු වුනා හොඳටම” කියලා අර අසරණ බුවාලා ගෙදර දුවන්න හදන්නෙ ඇයි කියන එක කියන්න ඕනෙ නෑනෙ. ඇත්තටම මචංලා මම උඹලව හිතලා අමාරුවෙ දාන්න හැදුවා නෙවෙයි!
හ්ම්හ්. පැන්නනෙ පීල්ල!
අපේ තාත්තා කරපු සමහර දේවල්වල වටිනා කමක් මගෙ ඒ දවස්වල දැනුනෙ නෑ. ඇයි තාත්තට මෙච්චර ලේසියෙන් අලුත් කුඩයක් ගන්න පුලුවන් කම තියෙද්දි අර කැඩිච්ච කුඩේ අලුත්වැඩියා කරන්න හදන්නෙ කියන එක මට නිතර හිතුන දෙයක්. නමුත් ඒකෙන් තාත්තා කොච්චර ආශ්වාදයක් ලබන්න ඇතිද කියලා තේරෙන්න මට කාලයක් ගියා. ඇත්තෙන්ම, මම ඒ දිහා බැලුවෙ තරමක අවඥාවෙන් කියලත් මට පසුතැවිල්ලක් ඉතිරිවෙලා තියෙනවා. අර දියරහ පතෝලයි, සෙවල බණ්ඩක්කායි අච්චර ලාබෙට කඩේ තියෙද්දි තාත්තා ගෙවත්තෙ වවන්න කරපු උත්සාහයවත්, ඒ පළදාව ආදරෙන් රැකබලා ගත්ත එකවත්, කෑම කනකොට ‘මේ අපේ වත්තෙන්ම කඩපුවා’ කියලා ලස්සන හිනාවක් එක්ක කියනකොට ඒ ගැන කිසිම දිරිගැන්වීමක් හෝ අගය කිරීමක් නොකර, හිතෙන්, “බොරු වැඩ” කියලා හිතපු එකටවත් සමාව ගන්න දැන් පරක්කුවැඩියි.
අද සෙවල බණ්ඩක්කයි, දියරහ පතෝලයි, තිත්ත කරවිලයි මගෙ ප්‍රියතම කෑම.
හොඳයි ආපහු නියම මාතෘකාවට යමුකො.
ඕන්න ගිය මාසෙ මම දැක්කා කඩයකින් වීසි කරලා දාපු පෙට්ටියක මෙන්න මේවගෙ කාඩ්බෝඩ් කෑලි වගයක්. ඉතින් ඊට පස්සෙ…
මේ ව්‍යාපෘතියට කලින් මේ යට ඇඳුම් ලාච්චුව කොහොමද තිබ්බෙ කියන එක පෙන්නන්න මට මේ ඔක්කොම අයින් කරලා ඇදලා දැම්මොත් මටම ආපහු අස් කරන්න වෙන නිසාත් , ඒ වෙනුවට අපේ පුත්‍ර රත්නය පාවිච්චි කරන මෙවැනිම ලාච්චුවක ඡායාරූපයක් පළකිරීමට කොලුවා තරයේ විරුදධ වූ නිසාත්, එම දර්ශනය හිතේ මවාගන්න ලෙස රසික ඔබෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා.
hiruni
අගෝස්තු 23, 2012 at 2:46 පෙ.ව.
හීහ් හිහ් හිහ්…පෝස්ට් එකේ නම තමා හොදම!!!! 😀 හරිම නිර්මානාත්මක වැඩක්….ඇත්තටම ඔව්…අපේ ගෙදර ගොඩක් දේවල් ඩුඩ්ම කරන නිසා අපිට කොච්චර සල්ලි ඉතුරුවක්ද…නැත්නම් හැම එකටම බාස්ලා හොයන්න ඕනෙනෙ. … මගෙත් මේස් නම් කවදාවත් එකම පාටින් කකුල් දෙකම අදින්න වෙන්නෙ නෑ…හැමදාම කකුල් දෙක ජාති දෙකක් නැත්නම් පාට දෙකක්…කොච්චර මේක වෙනවද කිව්වොත් දැන් මගෙ ගෘප් එකේ ලමයි අදින්නෙත් එහෙමයි!!!! 😀
henryblogwalker the Dude
අගෝස්තු 23, 2012 at 7:16 පෙ.ව.
🙂 හයියෝ ඉතින් අඩුගානෙ ගැට ගහල වත් තියන්නකො මේස් දෙක දෙක එකට! ගෲප් එකේ ඔක්කොම එහෙමනම් කමකුත් නෑ. මම එහෙම කලා කියලා අනිත් අයත් ඒකම කරන්න ඕනෙය කියලා නියමයක් නෑනෙ.
kathandarakaraya
අගෝස්තු 23, 2012 at 5:58 පෙ.ව.
මෙන්න හෙන්රියා ජොක්කු කතන්දරයක් දාලා හීන් නුලෙන්!
henryblogwalker the Dude
අගෝස්තු 23, 2012 at 7:18 පෙ.ව.
හැක් හැක්. ඒකට නම් තදින් සිනා. ඉතින් මොකෝ මාත් ජොක්කු කතාවක් දැම්මම! ඇත්තෙන්ම මේක ලියනකොට මට කතන්දර තමයි ඉස්සෙල්ලම මතක් වුනේ, 😀 සහතිකයි. ඊට පස්සෙ මම කල්පනා කලා මේක නයි කතන්දරයක් වෙයිද කියලත්. පස්සෙ කැමරාකරණයෙදිත් පරිස්සම් වුනා විතරක් නෙවෙයි ජොක්කු ගානත් අඩු කරලා හිස් ඉඩවල් තිබ්බා නැතිනම් ජොක් නයෙක් වෙයි වෙයි කියලා.ප.ලි: අර ඔක්කොම ජොක්කු නෙවෙයි අප්පා. මේසුත් තියෙනවා,
සිරාගෙ කාමරේ
අගෝස්තු 23, 2012 at 6:24 පෙ.ව.
ඔබේ ඇඹේනියට කරන්න වැඩක් නෑනෙ හැබෑටම ඔක්කොම වැඩ ඔබ තුමා කරනවා නම්… එතුමිය එතකොට මොනවද කරන වැඩ? ජොක්කු අඩුක් කිරීම නම් ලස්සනය…විශිෂ්ඨය…. ජොකා යන නම කැතය.
henryblogwalker the Dude
අගෝස්තු 23, 2012 at 7:23 පෙ.ව.
අඩේ මෙන්න අපේ සිරාත් මාත් එක්ක පොඩ්ඩක් තරහවෙලාවගේ. අනේ සිරෝ, අර කිව්ව බාස් වැඩ හැමදාම කරන්නෙ නෑනෙ. එතකොට ඔය රෙදි හෝදන්නෙ යන්තරේක හන්දා ඒක දුක් විඳින වැඩක් නෙවෙයි. රෙදි නීට් එකට නවන එකට මම කොහොමත් කැමතියි.
දීපා උයනවා. වෙනත් කෑම ජාති හදනවා. මෙහෙ මිදුලක් නැතිනිසා මිසක් මම මිදුල අතු ගාන්න වෙන කාටවත් දෙන්නවත් කැමති නෑ මිදුලක් තිබ්බා නම්. ඇත්තෙන්ම මම ගේ අතුගාන්නත් කැමතියි, හුඟක් වෙලාවට එයාම ඒක කරනවා මොකද මම නිකම්ම ගේ අතුගාන්නෙ නැති නිසා.
ඇත්තෙන්ම මම උයන්නත් කැමතියි. කරුමෙට ඔය උයන බඩු මුට්‍ටු තියෙන විදියට මට හොයාගන්න අමාරුයි. අනිත් එක මම රෙසිපි එක්ක භයානක පර්යේෂණ කරනවට දීපා බයයි. උදාහරණයක් විදියට හොද්දකට මම සම්ප්‍රදායිකව නොදාන කුළුබඩු දැමීම, එතකොට අමුතු එළවලු සංයෝග අත්හදා බැලීම වගෙ වැඩ නිසා මට කුස්සිය තහනම් කළාපයක් කරලා තියෙන්නෙ. සිරාගෙ සන්තෝෂයට හේතුවෙන කාරනාවකුත් කියන්නද? මට කඩේ යන එක නං පේන්න බෑ බං.
ප.ලි: අර ඔක්කොම ජොක්කු නෙවෙයි අප්පා. මේසුත් තියෙනවා,
සිරාගෙ කාමරේ
අගෝස්තු 23, 2012 at 2:32 ප.ව.
හෙන්රි අයියා පටලවා ගෙන.. සිරා ඉතිං ඔය ගතානුගතික විදියට හිතන එකෙක් නෙමෙයි… ගෙදර මේ වැඩ ගෑණිට අර වැඩ පිරිමියට කියලා වෙන්කර ගන්න ඕනෙ නෑ… සහයෝගයෙන් වැඩේ කෙරෙන්නයි ඕනෙ… ගෙදර තියෙන වැඩ වලින් වැඩි කොටසක් කරන බව දක්වලා තිබුන නිසයි මම ඇහුවෙ බාරියා තුමියට මොනවද කරන්න තියෙන්නෙ කියලා… ගෙදර ඉන්න දවස් වලට අම්මට පොල් ගාලා දීම වගේම කඩේ යන වැඩේ කරන්නෙත් මම… අපිට තව භාරියො නෑනෙ… පොඩි කොල්ලො….
සිරාගෙ කාමරේ
අගෝස්තු 23, 2012 at 2:35 ප.ව.
පොඩි දෙයක් කියන්න බැරි වුනා.. හැකි නම් අම්පාර කුඩා භික්ෂූන් වහන්සේලාට උපකාරයක් කරන්න… වැඩි විස්තර කාමරෙන් බලන්න
කලුවා මල්ලි
අගෝස්තු 25, 2012 at 1:49 පෙ.ව.
මමත් හරි ආසයි උයන්න…..අනික මමත් ඔය සාම්ප්‍රදායිකව උයන්න හරිම අකමැතියි… මොනා හරි පර්යේශනාත්මක වැඩක් කරන්නමයි හිත යන්නෙ…හැබැයි ඉතින් හරියන වෙලවලුත් තියේ….මට නම් කුස්සිය තහනම් කරලා තියෙන්නේ උයන්න ගියාම වනසන හන්දා….. 😀
iamdeejay
අගෝස්තු 23, 2012 at 11:41 පෙ.ව.
මෙ සිරා අහපු ප්‍රශ්ණෙත් හරීම සෙන්සිබල් 😀 😀
මොකද ඩුඩ් ඔක්කොම ගෙදර දෙවල් කරන කොට මම හොරා වගේ හොදට අයිස් එකේ ඉන්නවා කියලා තමයි පෙන්නේ.එහෙම හිටියා ඉස්සර ගෙදර ඉන්න කාලේ නම් සිරා,මොකද අපේ අම්මට ගෙදර වැඩට අත් උදව් දෙන්න දෙන්නෙක් හිටිය නිසා. නමුත් විවාහ උනාට පසු ඩුඩුයි මමයි ගෙදර වැඩයි, පොඩ්ඩන්ගේ වැඩයි අන්නෝය අවබෝධයෙන් බෙදා ගෙන කරගන්නවා.අපිට අත් උදව්වට කරුවත් හිටියෙත් නෑ, ඇත්තේත් නෑ අදටත් ,මොකද මෙ ඔක්කොම කර ගන්න ඕන අපි දෙන්නාම රස්සාවල් කරන ගමන් නේ.
ආ! තව දෙයක් තමයි ඔය ඩුඩ් කියන DIY වැඩ සියල්ල ඔක්කොම ගෙ අත් උදව්කාරයා මෙ මම තමයි , හුගක් වෙලාවට මම එයාට උදව්වකට වැඩිය කරදරයක් කියලා අහපු අවස්තා වැඩිද මන්දා….. 😀 😀 😀
සිරාගෙ කාමරේ
අගෝස්තු 24, 2012 at 11:46 පෙ.ව.
මේ හෙන්රි තුමාගේ බිරිද තුමිය වෙන්න ඕනෙ… හදුනාගැනීමට ලැබීම පිළිබද සතුටුයි… නිකං ඉන්න වෙලාවක දෙන්නම එන්නකෝ මගේ කාමරේ පැත්තෙ… මේ දවස් වල වැදගත් කාර්යයකට ලෑස්ති වෙන්නෙ…
henryblogwalker the Dude
අගෝස්තු 24, 2012 at 1:02 ප.ව.
සිරා අපි එනවනෙ සිරාගෙ කාමරේ පැත්තෙ. ඇයි මම කමෙන්ට් හිටන් දාලා තියෙනවනෙ. 🙂 අර වැඩේ ගැනත් කියෙව්වා.
emailkavikaari
අගෝස්තු 23, 2012 at 6:31 පෙ.ව.
මගෙ ඇදුරුතුමත් අර ඉස්සල්ලා කියල තිබිච්ච කට්ටියගේ ලිස්ට් එකේ තමා අනේ ඒ කට බලන්ටකෝ අපේ ඩුඩ්!!!
henryblogwalker the Dude
අගෝස්තු 23, 2012 at 7:24 පෙ.ව.
මම ඒ ගැන මොකුත්ම නොකියා මුනිවත රකිමි. (තමාටම) අලුත් හිට් ලිස්ට් එකකට වැටෙන්නෙ මොකටද? 🙂
emailkavikaari
අගෝස්තු 23, 2012 at 9:11 පෙ.ව.
අදම liquor ශොප් එකට ගිහිං ඔය කෑලිටික ගෙනල්ලා අපේ කට්ටියටත් ඔයිං එකක් දානවා. මේකත් නරකම නැහැ
emailkavikaari
අගෝස්තු 23, 2012 at 6:39 ප.ව.
පේටන්ට් එකක් ගන්ට වටින අදහසක් නොවැ ඩුඩ්. ඔන්න මම ඇදුරුගෙ ලාච්චුව ලස්සනට අස්කරල දුන්න”ඩුඩ් මෙතඩ්” එකට. හැබැයි ඇත්ත කියන්නං ඩුඩ් මෙහෙ නං සැර බීම කඩ වල තමා ඔය කෑලි තියෙන්නෙ. ඉතිං යට ඇඳුං වලට විස බීජ ගියොත් අපි නැහැ.
henryblogwalker the Dude
අගෝස්තු 23, 2012 at 6:45 ප.ව.
Wow!!
හරිම සතුටුයි කවිකාරි. 🙂
විසබීජ යන්නෙ කොහොමද ඇල්කොහොල් වලින් ජීවාණුහරනය වෙන එක මිසක්.
Thanks for the feedback!!
මාරයා
අගෝස්තු 23, 2012 at 7:11 පෙ.ව.
අර අන්තිමට දාලා තියෙන වැල් ඇඳිච්චි ජොක්සන්ලගේ පින්තූර ඇර මේ පෝස්ට් එක නියමයි… (යකෝ ඔය හං කෑලි අඳින්නේ නැතිව ගං අළුතින් කෑලි දෙක තුනක්..)
අපේ තාත්තතණ්ඩිත් අහු වෙන හැම එකම වත්ත පුරා වැව්ව මනුස්සයෙක්.. හැබැයි ඒ හින්දම තමා මම ඉස්සර කන්න අකමැතිව හිටි මෑ කරල්..බණ්ඩක්කා වගේ දේවල් ආසාවෙන් කන්න ගත්තේ.. මටත් අර අපිම වවා ගත්ත දේ නේද කියලා හිතන කොට පුදුම ප්‍රියතාවයක් උපදිනවා ඒ කෑම වලට…
අනික තමා ගේ දොර නඩත්තු වැඩ… මන්නා පිහිය විතරක්ම ඇති අපේ ලොකු තැනටත් ඕන ලී කෑල්ලක් ආණ්ඩු මට්ටු කරන්න… ඒ දේවල් දිහා බලං ඉඳලම මටත් ඔය දේවල්වලට නිකංම කැමැත්තක් ඇති උනා… කම්මැලිකමට නොකර හිටියට මේ වෙනකොට මට අත්තිවාරමේ ඉඳන් වහල ගහලා ගෙයක් හදලා..ඒකට ඕන කරන ගෘහ භාණ්ඩ ටික උනත් මගේ කැමැත්තේ හැටියට හදා ගන්න පුළුවන්කම තියෙන්නේ ඒ තාත්තගෙන් ලැබුන තල්ලුව හින්දයි… ආයුධයක් අරගෙන මොනවා හරි කුරුටු ගාලා ගාලා ඒක ගොඩ දාගන්නකොට ලැබෙන සතුට අච්චරයි මෙච්චරයි කියලා නිම කරන්න බැහැ…
henryblogwalker the Dude
අගෝස්තු 23, 2012 at 7:32 පෙ.ව.
උඹ ඔය කියන්නෙ මාරෙ අර කොළපාට ටවලිං ලේන්සුව ගැන. අල්ලලා දාපං. අඩු ගානෙ නයෙක් නෙවෙයිනෙ. අනික පදං වෙච්ච ජොකෙක් අඳිනවා කියන්නෙ කොච්චර සනීපද කියලා මම අලුතෙන් කියන්න ඕනෙ නෑ නෙ. උඹ මේකට කමෙන්ට් එකක් දායිම කියලා මට හිතුනා.
සිරාවටම කිව්වොත් අපේ තාත්තලා අපිට කොයිතරම් ආදර්ශ සපයල තියෙනවද නිහඬවම නේද? මමත් තාත්තා වගේ කියන එක කවුරු හරි කියන කොට මට ත් දැන් නම් ඇතිවෙන්නෙ අප්‍රමාණ ආඩම්බරයක් බං මාරෙ මල්ලි.
උඹේ අර අන්තිම වාකයය කොච්චර නිවැරදිද කියලා හොඳටම දන්න එකෙක් මේ මම! 🙂
සෑම්
අගෝස්තු 23, 2012 at 7:26 පෙ.ව.
අපේ කඩේ සල්ලි ලාච්චුවට මම ඔය වගේ පෙට්ටි කෑල්ලක් හයි කළා. 10/20/50/100/500/1000 වගේ ඒවා පිලිවෙලට දාන්න. ඒත් මාසයක් විතර යද්දි විසික් කරල තිබ්බා. අපේ අයට කරදරේලු :ඩී
henryblogwalker the Dude
අගෝස්තු 23, 2012 at 7:34 පෙ.ව.
කමක් නෑ බං සෑමා, අඩු ගානෙ උඹ ට්‍රයි කලානෙ. ඔය ඕනෙවට වඩා පිළිවෙල එච්චර ජනප්‍රිය සංකල්පයක් නෙවෙයි බං.
emailkavikaari
අගෝස්තු 23, 2012 at 9:12 පෙ.ව.
හයියු සල්ලි
ළිහිණි
අගෝස්තු 23, 2012 at 8:01 පෙ.ව.
ඉස්සරවෙලාම කියන්න ඕනේ ඔය අත්දැකීම බිරිඳක් විදියට තාම විඳලා නැතත්, ඉස්සර අපේ ගෙදර මට ඇහිලා තියෙන දෙබස් ටික නම් ඒ විදියටම තිබ්බා. ඒ වෙලාවට මටනම් හිතුනේ තමන්ගේ යට කටුල්ල ( ඔය යට ඇඳුම්වලට මම පොඩිකාලේ ඉඳලා භාවිතා කරන නමක් ) වත් හොයා ගන්න බැරිනම් ඇති වැඩක් තියේද කියලා. ඕවට ඉතින් බිරින්ඳෑවරුන් දුම්මල වරම අතට ගන්න එක වැරදිද මම අහන්නේ. ඒ හින්දා වෙන්නැති අර කතාවට කියන්නෙ ” හොඳවෙලාවට දෙයියෝ ” සෙට් ” එක හයි කරලා එවලා තියෙන්නෙ. නැත්තම් ඒකත් ගලෝපු ගලෝපු තැන්වල දාලා ඒවි. ඒ ඇවිත් ගෙදර දෙක කර කර හොයාවි කියලා…බොරුද මම අහන්නෙ…හි හී
හොඳ creative වැඩක් නෙ අයියෙ. අනේ සාදු අනිත් පිරිමිත් මේ විදියටම කලොත් ඔය උදේ පාන්දර අරහෙට මෙහෙට ඔළුව කරකව කරකව උගුර යටින් කෑ ගහ ගහ යටකටුළු හොයන්න වෙන එකක් නෑ 😛
henryblogwalker the Dude
අගෝස්තු 23, 2012 at 10:30 පෙ.ව.
ඒක මරු යෙදුම ළිහිණි. යර කටුල්ලද කඩුල්ලද? ඕනෙ එකක්! හරිම නිර්මාණශීලීයි. අර detachable set එකේ කතාව නම් සිරා. 😀
ස්තුතියි අගය කිරීමට, මේකෙ යට කටුලු විතරක් නෙවෙයි, මේස්, සහ කාන්තා යට ඇඳුම් පවා දාන්න පුලුවන්. තව එකක් තමයි තිළිණි, අලුතෙන් සෝදපුවා ලාච්චුවෙ පිටිපස්සට වෙන්න දාන එක. එතකොට එකම පාවිච්චි වෙන්නෙ නෑ. 🙂
ළිහිණි
අගෝස්තු 23, 2012 at 7:39 ප.ව.
ඒක අයියේ ” යට කටුල්ල ” මොන එහෙකට එහෙම කියන්න පටන් ගත්තද කියලා මමවත් දන්නෙ නෑ. පොඩි කාලෙ කියපුවනෙ. දැන් උනත් ඒකෙ වෙනසක් නෑ. කොතැන ඉඳන් හරි යට කටුල්ල කිව්වම කවුරුත් දන්නෙ නෑනෙ ඒකෙ තේරුම…
චික් මැග්නට් හි හි හි
Amila
අගෝස්තු 23, 2012 at 11:08 පෙ.ව.
හී හී
ලිහිණිනෙ බන් හරිම උත්තරේ දිල තියෙන්නේ අයියේ,
ඔය සෙට් 1 හයි කරලා ආපු හින්ද හොදයි කියලා, ඒ අතින් කෙල්ලොන්ටනම් කිසි කරදරයක් නෑ.
අයියේ ඔය ජොක්කු සෙට් 1 දවස් හතේ නම් ටිකත් ගහ ගත්තනම් කොහොමෙයි?
henryblogwalker the Dude
අගෝස්තු 23, 2012 at 10:41 ප.ව.
අමිල, ඉස්සර ලමයින්ට තිබ්බා ඔහොම Sunday, Monday කියලා ප්‍රින්ට් කරපු යට ඇඳුම් සහ ලේන්සු.
රාමා
අගෝස්තු 23, 2012 at 8:09 පෙ.ව.
මට ලැජ්ජ හිතුනෝ !!!!
henryblogwalker the Dude
අගෝස්තු 23, 2012 at 10:32 පෙ.ව.
ලැජ්ජ වෙන්න එපෝ! එක්කො මේක කරලා බලමු, නැත්නම් ඕය විදියටම යං! 😀
praveena
අගෝස්තු 23, 2012 at 8:29 පෙ.ව.
හොඳයි. හොඳයි හොඳ වැඩ කාරයෙක් බව පේනවා… 🙂
henryblogwalker the Dude
අගෝස්තු 23, 2012 at 10:35 පෙ.ව.
අඩේ අන්න ප්‍රවීනා පිරිමියෙකුට හොඳයි කියලා කිව්වා! එකට මට හිනා හිනා!
Big Thank You. Gotta celebrate this!! 😀
Gold fish
අගෝස්තු 23, 2012 at 8:33 පෙ.ව.
අපේ ඩැඩාත් ඔහොම තමා… ඒකට අපි…
henryblogwalker the Dude
අගෝස්තු 23, 2012 at 10:36 පෙ.ව.
Like father like son කියන්නෙ බොරුවටද බං එතකොට? :O
Maathalan
අගෝස්තු 23, 2012 at 8:54 පෙ.ව.
ඩියර් හෙන්රී,
මේක පොඩි දෙයක් වගේ පෙනුනට ලොකු කතාවක් තියෙන පෝස්ට් එකක්. උඹගේ බ්ලොග් කියවන උන්ට උඹ සෑහෙන පාඩම් කියලා දෙනවා. ඇත්තටම අපේ උන් දන්නෙ නෑ මේස් ජෝඩුවක් නමන හැටි, ජොකෙක් නමන හැටි, කමීසයක් කලිසමක් පහසුවෙන් අයන් කර ගන්න හැටි වගේ දේවල්. මම හැම තැනම වගේ දැකලා තියෙන දෙයක් තමයි ටී ෂර්ට් එක ගලවන ක්‍රමයවත් දන්නේ නෑ කියන එක. අනික කොල්ලෙක් උනාම හැම දේම දැනගන්න ඕන. බොහෝ විදේශිකයන් එහෙමයි. ටූල් කිට්, මේසන් හැඳි, කියත්, පිහි වගේම ඒ වැඩ කරන්න ගරාජ් කිට් එකකුත් තියෙනවා. ඒ රට වල නම් ඉතින් ඕකට වෙනම කමරේකුත් තියෙනවා. අපේ උන්ට ඔය වගේ වැඩ කරන එක ලැජ්ජාවට කාරනයක්. නමුත් ලැජ්ජාවට පත් වෙන්න ඕන ඒ දේවල් කරන්න බැරි එක ගැනයි. ගෙදර දොරේ වැඩක් කරන්නේ නැති උනාට. ෂෝ රූම් වල ඉඳන් එක්සර්සයිස් කරන්න අපේ අය හරි රුසියෝ. මට නම් උන් තරම් තවත් මෝඩයෝ නෑ. දැන් නම් අපේ ගෙදර අත් උදව්වට කෙනෙක් නෑ. ඒත් උන්න කාළේ අපි ගෙදර ඉන්න හැම වෙලාවකම එයාට රෙස්ට් කරන්න කියලා තියෙන්නේ. වීක් එන්ඩ් එකේ නම් ඔක්කෝම වැඩ කරන්නේ අපි. එයා ෆිල්ම් එකක් එහෙම බලලා. පොඩි මෑන් එක්ක රවුමක් ගහලා හැන්දෑවෙලා තමා එන්නේ.
Hareendra Perera
අගෝස්තු 23, 2012 at 8:58 පෙ.ව.
වේකන්සි එහෙම නැද්ද?
henryblogwalker the Dude
අගෝස්තු 23, 2012 at 10:37 පෙ.ව.
මාතලන්. දිග කමෙන්ට් එකට ස්තුතියි මචං. මමත් හරි ක්‍රමය දන්නෙ නෑ. මම හරිය කියලා හිතන විදියට තමයි නවන්නෙ. ටී ෂර්ට් එක ගලවන හරි විදිය කොයිකද මාතලන්? මම නම් ගලවන්නෙ ටී ෂර්ට් එකේ අඩියෙන් අත් මාරු කරලා(Cross arms in front) අල්ලලා උඩට අදින එක. ගැලවෙන්නෙ කනපිට හැරිලා. සමහරු කොලර් එකෙන් අල්ලලා හැව ඇරියා වගෙ උඩට ඇදලා ගලවනවා. කොයිකද හරි විදිය?
අර එක්සසයිස් කතාව නම් පට්ටපල් ඇත්ත. හැබැයි මමත් එක්සසයිස් ලෝලියෙක් තමයි බං. අර ටූල් කලෙක්ෂන් එක මමත් හරි ආසාවෙන් කරන දෙයක්. ගෑණු රෙදි සාප්පු වලට ගියාවගෙ මමත් හාඩ් වෙයා එකකට ගියාම ඇලී ගැලී ඉන්නවා. කොහෙද බං ටූල්ස් බේරාගන්න බැරි යාලුවන්ගෙන්නෙ. මමත් හරි ආසයි ඔය පවර් ටූල්ස් වල්ටයි ඒවයින් Home Improvement DIY Projects කරන්න.
එතකොට වැඩට හිටපු අයට උඹ කියන විදියටම සැලකුවා මගෙ මාමන්ඩිලගෙ ගෙදර. පුදුම නිදහසක් තිබ්බෙ ඒ ගෙදර වැඩට උදව්වට හිටපු අයට. 🙂
Maathalan
අගෝස්තු 23, 2012 at 3:37 ප.ව.
වැදගත් විදිය.. දෙවන ක්‍රමය
මී පැටියා
අගෝස්තු 23, 2012 at 8:54 පෙ.ව.
කලින් තිබුන හැටිනම් හිතේ මැවුනා. මේ වැඩේ හොඳයි මටත් කරලා බලන්න.
henryblogwalker the Dude
අගෝස්තු 23, 2012 at 10:38 පෙ.ව.
අන්න මී පැටියෝ කරනවනම් වැඩේ! උදේට කාලය ඉතුරුවෙනවා බං මාර විදියට. 🙂
මී පැටියා
අගෝස්තු 23, 2012 at 10:55 පෙ.ව.
ඒක ඇත්ත බං. මගේ කබර්ඩ් එකේ මම පොඩි කාලේ ඇදපුවා පවා හිටපු ගමන් අතට අහු වෙනවා, අස් කරන්න වෙලා නැති වෙච්ච ඒවා..:ඵ්
Hareendra Perera
අගෝස්තු 23, 2012 at 8:56 පෙ.ව.
මටත් ඔය වගේ එක එක දේවල් කිරීමේ ආසාවක් වගේම පොඩි හැකියාවකුත් තියෙනවා.. ඒත් අපේ දෙමව්පියො කොරන්න දෙන්නේ නෑනෙ… හා..හා.. ඕවා බොරු වැඩ.. උන්දැලා කරන්නෙත් නෑ මට කරන්න දෙන්නෙත් නෑ… කරොත් මොකක් හරි ඇදයක් හොයයි..
henryblogwalker the Dude
අගෝස්තු 23, 2012 at 10:39 පෙ.ව.
හරී, සැලෙන්න එපා බං. ඇඟට දැනෙන ප්‍රොජෙක්ට් එකක් කරපන් කුස්සියෙන් පටන් අරන්. එතකොට අදහස් වෙනස් වේවි. ඔය ආර්පිකෝ එකේ තියෙන කී හැඟර් එක දැකලා තියෙනවා නේද? අන්න ඒකත් පට්ට භාණ්ඩයක්. යතුරු හොය හොයා නටන්න ඕනෙ නෑ.
Haree
අගෝස්තු 25, 2012 at 9:38 ප.ව.
කරා ඩූඩ් අයියෙ කීප පාරක්ම.. අනික් කට්ටියගෙ ඇඟට කෙසේවෙතත් බඩු අස්කරලම මගෙ ඇඟට හොඳට දැනුනා.. පහුවෙනිදා බලද්දි අම්මා ආයෙ එයාට ඕන ඕන තැන්වල තියාගෙන… 🙂
ශූ රැක් එකක් හැදුවා ඔය වගේ.. එක කොටුවට එකක් දාන්න.. මෙන්න පහුවෙනිදා කබල් සෙරෙප්පු ඔක්කොගෙන්ම ඒක පුරවලා..
අපේ ගෙදර ලොකුම අවුල තමයි පරණ ලට්ට ලොට්ට ඔක්කොම එකතු කරන එක.. අම්මා ඉස්කෝලෙ ගිය පොත් හිටන් තාම තියෙනවා…
හංසකිංකිණි
අගෝස්තු 23, 2012 at 9:00 පෙ.ව.
හි හි .. චික් මැග්නට්!!
අයියෙ… අපේ තාත්තත් ඒ වගේ… ගෙදර දේවල් කැඩුනම බිඳුනම හදනව… මං දන්න තරමින් පෙම්බරයගෙ තාත්තත් හරියට ඒ වගේ දේවල් කරල තියෙනව… ඒ වුණාට අපේ වෙලාව කියන්නෙ අපේ මලය වත් පෙම්බරයවත් ඒ වැඩ ගැන කිසිම උනන්දුවක් නෑ!! බලන්ඩ චිත්‍රපටි තියෙනව නං දවසම ඉඳියි… 😀
මට මතක් වෙන්නෙ අපි දෙන්න කසාද බැඳල ඉස්සෙල්ලාම වැඩට යන්ඩ කලිං දවස… පෙම්බරයගෙ අම්මත් ගෙදර ගිය ගමන් ආවෙ නෑ… දැන් ඉතිං ඊ ලඟ දවසෙ ඉඳල මම උයල පිහල ඇඳුම් මැදල වැඩට යන්ඩ එපැයි!!!
අම්ම කියලමයි ගියේ ඕං දුවේ දැං ඔයාගෙ කුස්සිය.. ඕනෙ හැටියකට අස් පරස් කරගෙන තියාගන්ඩ කියල…
අම්ම කුස්සියෙ දේවල් තියල තිබුණ විදිය මගෙ දඩිබිඩි වැඩපිලිවෙලට හරි ගියේ නෑ… කොටිංම කිව්වොත් වමත් කාරියක් හන්ද කරකවන හිරමනේ හයි කරල තිබුණ පැත්තෙ ඉඳල වෙනස්….
මම පෙම්බරයට එන්ඩ කිව්වෙ ඒ හිරමනේ මට ඕනෙ විදියට හයි කරවගන්ඩ විතරයි ඕං.. සැම දේම බෝතල්වල දාල ඒවට ලේබල් අලවල…. නිතර ඕනෙ දේවල් අතේ දුරින් තියල…. කුස්සිය අනිත් පැත්ත පෙරලුව මං පැය දෙකක් විතර ඇතුලත….
හැබැයි ඒකෙ මාර ප්‍රයෝජනවත් වුණා…අපේ කුස්සියෙ අපේ ගෙදර ගැන දන්නෙම නැති කෙනෙක් ආවත් තේ එකක් හදාගන්ඩ.. පරිප්පුයි බතුයි හරි උයාගන්ඩ දේවල් ලේසියෙන්ම තියෙනව… තේ එකක්වත් හදාගන්ඩ දන්නෙ නැති පෙම්බරය විතරක් ගෙදර ඉන්න වෙලාවක කිසි කරදරයක් නැතුව ෆෝන් එකෙන් තේ හදන්ඩ පුලුවං අඩුම කුඩුම තියෙන තැං කිව්වම
henryblogwalker the Dude
අගෝස්තු 23, 2012 at 10:40 පෙ.ව.
ඇයි බොල හික් හික් ගාන්නෙ. චික් මැග්නට් තමයි.
ජනුවගෙ තාත්ත හරිම පෙම්බර පියෙක්. පොඩි බල්ලො දෙන්නගෙන් එකෙක් අර සමහර ලක්ෂණ අහුලගත්තෙ නැතුවට ඔය එක බල්ලෙක් 5S ක්‍රියාත්මක කරලා තියෙන්නෙ කුස්සියෙ! නිතර ඕනෙ දේවල් අතේ දුරින් තියන එක මූලික සංකල්පයක්නෙ ඒකෙ නේද?
ඔය තියෙන විදියට බං අහිංසක හොරෙකුට පවා තේ එකක් හෙම හදාගෙන බිව්වැකි!
chami4u
අගෝස්තු 23, 2012 at 9:17 පෙ.ව.
අඩේ මරු බං උබ ලස්සන ජංගි රදවනයක් හදලනේ… මමත් කරලා බලන්න ඕනේ.. නැත්නම් හදිසියකට ඕවා හොයාගන්න ගියාම අල්මරියේම රෙදි අදින්න ඕනේ…
henryblogwalker the Dude
අගෝස්තු 23, 2012 at 10:41 පෙ.ව.
නොද්දකිං ඒ වචනෙ! ජංගි රඳවනය!! 😀 ඇයි බොල අර මේස් හෙම දැක්කෙ නෑ?
සිරාවටම චමී, කරලා බලපං මේක. මේක මේ මම කොහෙවත් දැක්ක එකක් නෙවෙයි, අර කාඩ් බෝඩ් කෑලි දැක්කම ඇටිවෙච්ච ක්ෂණික සිතුවිල්ලක්.
උඹ දන්නවද ඊගාවට හදන්න ඕනෙ එක එක කේබල් වයර් හෙම දාන්න එකක්. ඒවා අවුල් ජාලාවක් බං. ඒකක් නම් මම ඊමේල් එකක දැක්කා අර රෙදි රීල් එන බම්බු වලින් හදලා තියෙනවා.
Raj
අගෝස්තු 23, 2012 at 10:06 පෙ.ව.
ඩූඩ් ගෙදරදි ඔයවගේ වැඩකරන බවට ඔන්න මම සාක්කි දෙනවො… මොනව උනත් අර අන්තිමට කොරල තියෙන්නේ අගේ ඇති වැඩක් නේව
henryblogwalker the Dude
අගෝස්තු 23, 2012 at 10:43 පෙ.ව.
ඔන්න මට බ්ලොග් අවකාශයෙන්ම සාක්කි කාරයෙක් ඉන්නවා. කරලා බලන්න Raj ඕක. ඕක ඔය අනිත් ලාච්චු වලටත් හරියනවා පොඩ්ඩක් කස්ටමයිස් කරලා ගන්න ඕනෙ.
maal
අගෝස්තු 23, 2012 at 10:16 පෙ.ව.
වැඩේ නියමයි.. මාගේ ඥාති සොහොයුරාගේ වැඩෙත් ගෙදර තියන කැඩුණු බදු මුට්ටු හදන එක. එක දවසක් අපේ අක්කි ගිහින් එයාගේ බබාගේ අත ඇදලා කඩන්නද අහපුවාම කොල්ලා ගත්ත කටටම කිව්වා ” ඕක අප්පච්චි අලවල තියෙන්නේ,කඩන්න බැ කියලා.. ” පොඩි එකා හිතාගෙන ඉන්නේ අතපයත් අලවලා හදපුව කියලා … 😀
henryblogwalker the Dude
අගෝස්තු 23, 2012 at 10:48 පෙ.ව.
මාල් ඒකනම් හරිම හුරතල් ජොලි කතාවක්! 😀 මාරයි ඈ.
ඔය සෙලෝටේප් එකෙනුයි රබර් බෑන්ඩ් එකෙනුයි සුපර්ග්ලූ එකෙනුයි කරන වැඩ! ඕකෙ තියරිය මේකනෙ හෙලවෙන්න ඕනෙ නැති එකක් හෙලවෙනවා නම් ඔය කලින් කිව්ව ජාති තුන. හෙලවෙන්න ඕනෙ එකක් හෙලවෙන්නෙ නැත්නම් සිඟර් ඔයිල්, WD40. හරි සරළයි 😀 😀 😀
Sammani
අගෝස්තු 23, 2012 at 10:33 පෙ.ව.
නිර්මාණශීලි වැඩවලට අයියා දක්ශයි වගේ …
ඩූඩ් අයියේ මමත් ටිකක් දීපා අක්කා වගේ ලකී මං හිතන්නෙ, මගෙ මහත්තයාටත් උයන්න වවන්න ඇතුලු හැම වැඩක්ම පුලුවන්, ඒත් එයා දැන් ගොඩාක් බිසී මනුස්සයෙක් වෙලා හින්ද වැඩිපුර ගෙදර වැඩ වලට යොමු වෙන්නෙ නෑ. පුතා හම්බවෙන්න ඉන්න කාලෙ ගොඩක් දවස්වල උදේට ඉව්වෙත් එයා.. කොටින්ම කියනවානම් මට උයන්න ඉගැන්නුවෙත් එයා. බැදල එනකොට මට උයන්න බෑ.. (දැන් පුලුවනි)
iamdeejay
අගෝස්තු 23, 2012 at 12:10 ප.ව.
ඔ ඔ ඕ…………..
සම්මානී, මමත් ඔයා වගෙම තමයි බැදලා එන කොට උයන්න දන්නේ නැ. 😉 🙂 වැරදි වැරදි තමයි ඔය දැන් උයනවා වගෙවත් උයන්න ඉගෙන ගත්තේ. මොකද ගෙදර අම්මට අත් උදව්වට දෙන්නෙක් හිටියා මම ගෙදරින් වෙන් වෙනකොටත්. කියන්නත ලැජ්ජයි අදටත් සමරහ කැම – ඉදිආප්ප, ආප්ප, කැවුම් වගේ ඔය උයන්න දක්ෂ විය යුතු කැම නම් හදන්ට බැ. : ) 🙂
එ දවස් වල අපේ අයියා, අපි ලොකු කාලේ අම්මාට කියන දෙයක් තමා ” මගේ යාලුවන් ගෙ නංගිලා හැමොම එගොල්ලගෙ ගෙවල් වල වැඩ කරනවා, නමුත් මෙ මගෙ නංගිලා දෙන්නා නිකම්ම ඉන්නවා. අම්මා, කවදා හරි මෙ දෙන්නා ගෙ හබිලා , මෙ දෙන්නාව ආයෙත් අම්මටම දිලා යයි , මෙ දෙන්නාට ගෙදර වැඩ කිසිම දෙයක් දන්නැ කියලා.” :ඪ් :ඪ්
එතකොට අම්මායි, අප්පච්චියි අපිව බේරගන්නෙ” මෙ කාලෙ ඔහොම නිදහසේ හිටපු දෙන් , බැන්දාට පස්සෙ කොහොමටත් ඔහොම නිදහසේ ඉන්න ලැබෙන්නෙ හුගක් වෙලාවට.” :ඪ් :ඪ්
henryblogwalker the Dude
අගෝස්තු 23, 2012 at 10:51 පෙ.ව.
හපෝයි සම්මානි ඔය හබියාව පරිස්සං කරගන්න වෙයි අනිත් ගෑනුංගෙන්. ඔයවගෙ උන්ට මාර ඩිමාන්ඩ් එකක් තියෙන්නෙ, පාවිච්චි කරපු හබියෙක් උනත් මාර ගානක් වෙනවා. CHIC MAGNET කියන්නෙ නිකංයෑ 😀
අඩවි රජා
අගෝස්තු 23, 2012 at 11:02 පෙ.ව.
ෂාහ්!!!!!! හරි හොද ළමෙක්නේ… 🙂
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
henryblogwalker the Dude
අගෝස්තු 23, 2012 at 11:14 පෙ.ව.
අන්න මට රාජ අනුග්‍රහයත් ලැබුනා. 🙂
තව වෙන මොනවද!
අනූ
අගෝස්තු 23, 2012 at 11:04 පෙ.ව.
හෙන්රි අයියා වැඩකාරයා… ඇත්තට වයිෆ්ට නම් වැඩ අඩු ඇති තමයි… ඔන්න ඔහොමනෙ ඉන්න ඕන…
henryblogwalker the Dude
අගෝස්තු 23, 2012 at 11:19 පෙ.ව.
CHIC MAGNET කියන්නෙ නිකංයැ. ඔය බලන්නකො දැනුත්! ඒයි කොල්ලනේ ඉරිසියා කරලා වැඩක් නෑ! 😀 විහිලු ඈ! ස්තුතියි අනූ. 🙂
සුදීක
අගෝස්තු 23, 2012 at 11:23 පෙ.ව.
මමත් මේ වගේ ගොඩාක් දේවල් කරලා තියෙනවා. ඔෆිස් එකේ පවා. ඒ වගේ කරපු එකක් ෆේස්බුක් නොට් එකක් විදියට දැම්ම (බ්ලොග් ගැන නොදන්නා කාලේ). සමහරුන්ට නම් මේවා දිරවන්නේ නෑ. අනවශ්‍ය වැඩ කියල කියන්නේ. මම කැරම් බෝඩ් එකකට පැච් එකකුත් දාල තියෙනවා. හෙන්රි බලන්න ඇති මගේ ෆේස්බුක් නොට්. නොබලපු අයට මෙතනින් ගිහින් බලන්න පුළුවන්.
https://www.facebook.com/notes/subash-dilruk-kannangara/do-it-yourself-i/240643512401
henryblogwalker the Dude
අගෝස්තු 23, 2012 at 1:26 ප.ව.
සුදීක මම ඒ කතාව එදා කියෙව්වා. ඒක හරිම සංවේදී. අර අන්තිමේදි කෙලි පැටික්කිගෙ හිනාව කොහොමද? ඔය වගේම දරුවෙක් අපි දන්නවා… දැක්ක දා ඉඳලා කල්පනා කලා තවම මීටර් වුනේ නෑ.
කැරම් බෝඩ් එකකට පැච් එකක් දාන්න නම් මාර වැඩ්ඩෙක් වෙන්න ඕනෙ. 🙂
iamdeejay
අගෝස්තු 23, 2012 at 11:37 පෙ.ව.
ඩුඩ්,
ඇත්තටම මගෙ අප්පච්චිත් ඔයා වගෙම DIY dude කෙනෙක් ඉස්සර එයා අපේ ගෙදර වැඩට හිටිය අය නීවාඩුවකට ගෙදර ගියාම, අප්පච්චි තමයි කුක්, එයා උයන කෑම කන්න අපි හරිම ආසයි, විශේයෙන්ම පොල්සම්බෝල. එකේ රසට බිට් කරන්න පුලුවන් සම්බල් එකක් මම තාම කාලා නෑ. ඒ වගෙම මස් වර්ගත් හරී රහට උයනවා.
ගෙවත්තේ තියෙන විවිධ මල් පැල, පලතුරු ගස්, එලවලු පැල ඔක්කොම එයා ගෙ වැඩ, ගෙදර ඉන්න වෙලාවට මේ වගෙ වැඩ කිරිමත් එයාට විනෝදාශයක් වුනා. එතකොට අපේ යුනිෆොම් අයන් කරලා දුන්නේත්, අපි ඉස්කොලේ යන කොට විතරක් නෙවෙ , රස්සාව කරන කාලෙත්, අපිට ගෙන යන්න කැම එකයි, ජුස් එකයි වෙන කාටවත් කරන්න බැ මොකද එක එයා කවදටත් එයාගෙ අතින්ම විය යුතු දෙයක් ලෙසට සලකපු නිසා. ඔයාටත් මතක ඇතිනේ අපි බැන්දට පස්සෙත් අප්පච්චිලාව බලන්න නුවර යන ඕනම වෙලාවක මොනවා උයලා තිබුනත් අපි කන්න කැමති එයාගෙ කැම ජාතිත් හදලා දෙනවා, අපි ආපහු එනකොට අපි කොච්චර එපා කිව්වත් අපිට මගදි කන්න හරි, රැට කන්න හරි බත් පාර්සල්ස් එයා ගෙ අතින්ම උයලා දෙන එකත් එයා හරිම කැමත්තෙන්ම කරපු වැඩක්. ඒයත් Jack in all trades master in none කෙනෙක්. 😀
ඇයි මගෙ අක්කා, එයාගෙ හබියට ඔය කැඩෙන ඉලක්ට්‍රික් අයිටම්ස්, වාහන හා පයිප්ලයින්ස් වැඩ හැර අනිකුත් ඕනම වැඩක් කිරිමට හරිම දක්ෂෙක්. විශේෂයෙන්ම උයන්න. එ වාගෙමයි මගෙ මාමාලාත් DIY රැලක්.
බලපුවාම මමත් හරි වාසනාවන්තයෙක්නේ. මොකද අප්පච්චි, ඩුඩ්, මස්සිනා [ අක්කාගේ හබියා] , මාමලා කට්ටියම ඔක්කොම DIY අයනේ. 🙂 🙂 🙂 හැබයි, මේ අය නම් මම වගෙ ලකී නෑ මොකද මම නම් හුගක් වෙලාවට ඕනම වැඩකට ඉතා දක්ෂයි කියලා පිරිමි අගේ කරන සුපිරි වර්ගයෙ කාන්තාවක් නම් නොවෙය්ය්ය්ය්ය්ය්ය්ය්යය්ය්ය්ය්ය්ය්යි. :ඩ් 🙂 🙂
henryblogwalker the Dude
අගෝස්තු 23, 2012 at 1:27 ප.ව.
හ: හ: මම නොදන්න අප්පච්චි කිව්වලු. සුපිරි වර්ගයේ කාන්තාවො ඉන්නෙ සුපර්වුමන් විතරනෙ. අර DIY හැන්ඩිමෑන් සීන් එක මට හෙන වාතයක් වෙන වෙලාවල් තියෙනවනෙ. සමහර ගෙවල් වලට ගියාම ගිය වෙලේ ඉඳලා හදන්න කැඩිච්ච මොකක් හරි ගැජට් එකක් දෙන්න ගත්තනෙ. සමහරු කැඩිච්ච බඩු තියා ඉන්නවනෙ මං එනකල්. හෙහ් හෙහ් 😀
මඩිස්සලේ නිශාන්
අගෝස්තු 23, 2012 at 12:54 ප.ව.
හෙන්රි සර් මාර දක්ෂයෙක්නේ.අපිටත් ආඩම්බරයක් මේ වගේ කෙනෙක් බ්ලොග් ලියන එක 🙂
henryblogwalker the Dude
අගෝස්තු 23, 2012 at 1:28 ප.ව.
මොකද බොල මේ මට සර් කියන්නෙ? ඩූඩ් කියාපංකො.
උඹ කිව්වට අහන එකෙක් නෙවෙයි. මේ තනි ඇහෙන් නේද බ්ලොග් කියවන්නෙ? ඔය ප්ලාස්ටරේ ගලවනකල් නිකං හිටු! 😮
Sumith Niriella
අගෝස්තු 23, 2012 at 1:05 ප.ව.
මමත් මගේ වැඩ තවකාටවත් පවරන්නෙ නෑ. ගෙදර භාවිතාවෙන ඔනම දෙයක් කැඩුනොත් හදාගන්න පුළුවන්. පිළිවෙලට හා ක්‍රමවත්ව යමක් තියාගැනීමයි කියන කාරනයේදි නම් මම පරාදයි. තව තුන්දෙනෙක් මට විරුද්ධව ඉන්න නිසා. 😦
henryblogwalker the Dude
අගෝස්තු 23, 2012 at 1:30 ප.ව.
“තුන් දෙනෙක්ම මට විරුද්ධව ඉන්න නිසා.” පව් අසරණයා. 😦
සුමිත් මේක හිතුවද? ගෙදර හැමෝම එහෙම හිටියොත් ගෙදර හොස්පිටල් එකක් වගෙ තියේවි.
ඇදලා දාන්න කෙනෙකුත් හිටියාම තමයි අර warm lived in feeling එක එන්නෙ! 🙂
Hasitha
අගෝස්තු 23, 2012 at 1:34 ප.ව.
අපේ තාත්තාගෙනුත් මේ පාඩම් තවමත් මට ඉගෙන ගන්නට වාසනාව හිමිවී තිබේ 🙂
henryblogwalker the Dude
අගෝස්තු 23, 2012 at 7:01 ප.ව.
ඉතින් ඒ වාසනාවෙන් උපරිම ඵල නෙලාගමු හසිත. 🙂
ඩිලාන්
අගෝස්තු 23, 2012 at 1:36 ප.ව.
මට නම් ගොඩක් කාර්මික දැණුම නෑ ,බැරි බැරි ගාතේ ගැලෙවුවොත් අනිවා හයි කලාම මොකක් හරි කෑල්ලක් එලියේ ඉතුරු වෙනවා,,ලෙඩේ දෙක වෙනවා,,ඒත් ගෙදර දොරේ වැඩ වලට උයන්න පිහන්න වගේ ඒවා නම් කරන්න දන්නවා,මේස්,ජොක්කු කලවම් කරගෙන හොයන එක තමා ගොඩක් අයට ආතල් මම හිතන්නේ
henryblogwalker the Dude
අගෝස්තු 23, 2012 at 7:02 ප.ව.
ඩිලාන්, කාර් එකක් වගෙ නම් ඉතුරු කෑලි දාලා වහන්න තමයි අර ට්‍රන්ක් එකක් තියෙන්නෙ පිටිපස්සෙ. විහිලු ඈ! 😀
මෙහෙමයි ඩිලාන්. මොනවහරි ගලවනකොට තමන්ගෙ මතකය කොච්චර හොඳ වුනත් කමක් නෑ, කැමරාවකින් ෆෝටෝස් ගන්න පියවරෙන් පියවරට. ඇණ ජාති භාජනේකට දාන්න. අවශ්‍ය නම් රූප සටහන් ඇඳගන්න. වයර් හෙම ගලවනවා නම් මේක අනිවාය්‍යයි.
මම ඉස්සර කාර් එකේ බ්‍රේක් කලවනකොට එකයි ගලවන්නෙ එක පාර. මොකද අමතක වුනොත් තිබිච්ච හැටි බලාගන්න. ඒ කාලෙ ඩිජිටල් කැමරා තිබ්බෙ නෑ.
පරිකල්පන
අගෝස්තු 23, 2012 at 1:43 ප.ව.
අපේ අප්පච්චිත් ඔය වගේ තමයි. වැඩට ඕනි වෙන කැති උදළු වල ඉඳන් කියත්, නියණ්, මිටි, මේසන් හැඳි… ඔය වගේ හැමදේම එකතු කරල තියෙනව. මටයි මල්ලිටයි ඒ ආවුද පාවිච්චි කරන්න දෙන්නෙ කොන්දේසි කීපයක් උඩ.
1. ආවුද පරිස්සමට පාවිච්චි කරන්න ඕනි.
2. වැඩේ ඉවර වෙලා ඒව ගත්ත තැනින් ගත්ත විදිහටම තියන්න ඕනි.
henryblogwalker the Dude
අගෝස්තු 23, 2012 at 7:03 ප.ව.
අන්න නියම Handyman අප්පච්චි කෙනෙක්. තව එක දෙයක් තියෙනවා. ගත්ත ටූල් එක – උදාහරණයක් විදියට උදැල්ලක් නම් – සෝදල අරන් තියන්න ඕනෙ. පස් පිටින් නෙවෙයි නේ? 🙂
Sarath Lankapriya
අගෝස්තු 23, 2012 at 1:44 ප.ව.
පුත්‍ර රත්නගේ ලාච්චුව මගේ එක වගේ ඇති.. එකේ ඔක්කොම එකට ගොඩේ,.. උදේට දෙකක් මැච් කරන්න විඳින වැඩේ දන්නේ මමයි.. සමහරදාට පාට දෙකක් දාගෙන එලියට ගිහින් ආපහු එනවා. මමත් ඔය අනිත් හබියන්ට ඊරිසිය හිතෙන ජාතියේ හැන්ඩි මෑන් කෙනෙක් තමයි .. අපෙත් තාත්තගේ ආභාශේ. වඩු වැඩ මේසෙන් වැඩ මෙෂින් වැඩ ඉලෙක්ට්‍රික් වැඩ ෆ්‍රිජ් වැඩ පයිප්ප වැඩ ඉවිලි පිහිලි ඔක්කොම කරනවා. කාට හරි කියලා ඔවුවා කරවාගැනීම ලැජ්ජාවක් කියලයි අපේ තාත්ත හැමදාම කිවුවේ.
henryblogwalker the Dude
අගෝස්තු 23, 2012 at 7:04 ප.ව.
හෙහ් හෙහ් නියමයිනෙ සරත්! මේස් දෙක එකට ගැට ගහලා තිබ්බා නම් හරිනෙ. අපේ තාත්තලා අපේ ජීවිතවලට මොනතරම් බලපාලා තියෙනවද කියලා දැන්තමයි තේරෙන්නෙ! 🙂
දූපත් වැසියා
අගෝස්තු 23, 2012 at 5:09 ප.ව.
පට්ට ක්‍රියේටිව් වැඩක්.
henryblogwalker the Dude
අගෝස්තු 23, 2012 at 7:05 ප.ව.
ස්තුතියි දූපත් වැසියා. අන්න මගෙ එක රසිකාවියක් අදම වැඩේ කරලා.
wicharaka විචාරක
අගෝස්තු 23, 2012 at 6:56 ප.ව.
හෙන්රි, බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නවා හමුදා පුහුණුව කියන්නේ ගුටි ගහලා, කුණුහරප කියලා, කරවන මහ නරුම පුහුණුවක් කියලා. සමහරවිට එහෙම සිද්ධි වෙලා තියනවා. නමුත් සමස්තය හෝ බහුතරය නෙවෙයි. මම අදටත් මගේ අල්මාරිය, පොත් රාක්කය, පරිගණක මේසය, ගෙදර තිබෙන විවිධ විදුලි උපකරණ හෝ පරිගණක (හිතවතුන්ගේ ඒවා පිනට) අලුත්වැඩියා කරන මේසය, පුංචි ඉස්කුරුප්පු නියනේ සිට ඩ්රිල් මැෂින්, ග්‍රයින්ඩර්, මල්ටි මීටර්, දක්වා උපකරණ කට්ටල, පිළිවෙලකට පවත්වාගෙන යන්නේ, ඒ හමුදා පුහුණුවෙන් ලද ශික්ෂණය නිසයි. මම දිනපතාම හවසට කලිසමක් කමිසයක් මැදලා ඇඳුම් රාක්කයේ එල්ලනවා. මගේ බිරිඳ මා විශ්‍රාම ගත් මුල් අවධියේදී ඇහුවා කොහේ යන්නද කියල. මම කිව්වා හෙට යන්නට වෙන ඕනෙම ගමනක් යන්න. කියලා. ඒ වගේම සපත්තු කුට්ටමකුත් සැන්ඩල්ස් දෙකකුත් සූදානම්ව තබනවා. මගේ ඇඳුම් වෙන කවුරු මැද්දත් හරි නැහැ. (හමුදාවේ ඉන්නකොටනම් ඒවා කරලා දෙන්න දෙන්නෙක් හිටියා. ඒ හමුදාව, මේ ගෙදර. එහෙම තේරුම් ගත්තම පහසුයි) කුඩා කාලයේ සිටම දරුවන් ස්වාධීන කලයුතුයි කියන්නේ, පිස්සු කෙලින්න නිදහස දීමෙන් නෙවෙයි. ඔබේ වැඩ පිළිවෙලකට ඔබම කරගන්න කියන එක හරිහැටි කියාදීමෙන්.
අසමි දකිමි සොයමි ලියන විචාරක
henryblogwalker the Dude
අගෝස්තු 23, 2012 at 7:26 ප.ව.
විචාරක, මම නම් හමුදා පුහුණුව ගැන එහෙම හිතන්නෙ නෑ. මම ඉස්සරත් කොච්චර මැරෑටි වැඩ කලත් නීට් එකට වැඩ කලා. කොල්ලෙක් වුනත් හවුස් කීපිං, හෝම් ඉම්පෲව්මන්ට් වගේ දේවල් ගැන උනන්දුවක් දැක්වුවා. පූර්ව සේවා ගුරු පුහුණුවෙදි දීපු හමුදා පුහුණුව වගෙ නායකත්ව පුහුණුවට අනිත් උන් ශාප කලාට මම නම් හරිම කැමැත්තෙන් වින්දා විතරක් නෙවෙයි ඒක ජීවිතේටම බලපෑවා.
අපේ ගෙදරත් තාත්තා කියලා තිබ්බෙ තමන් කාපු පිඟාන කෝප්පය, තමන්ගෙ ඇඳුම් තමන්ම සෝදලා තියන්න කියලා. කොල්ලො වුනාට අම්මට උයන්න උදව් කලාට පව් නෑ කියලා.
අදත් මට වෙන කවුරුවත් ඇඳුම් මැදලා දීලා හරියන්නෙ නෑ.
නමුත් විචාරක මමත් සීමාව ඉක්මවා යනවා වගෙ තේරුනොත් ඒක මේනියාවක් වෙන්න කලින් මම පාලනය කරගන්නවා. උදාහරනයක් විදියට ෂර්ට් හැඟර් වල එල්ලුවාම එකම පැත්තට හැරිලා තියෙන්න. එතකොට හැඟර් එකෙත් කලර් කෝඩ් එක රකින්න වගෙ දේවල් සීමාව ඉක්මවා යාම් නිසා මම ඒවා අතෑරලා තියෙන්නෙ. 😀
ano
අගෝස්තු 23, 2012 at 7:00 ප.ව.
හෙන්රි ඔබෙත් මගෙත් ගොඩක් සමාන කම් තියනවා. මාත් ඔය දේවල් සේරම කරනවා. නමුත් අනික් කට්ටියට වඩා බොන්නත් වෙලාව තියනවා.
henryblogwalker the Dude
අගෝස්තු 23, 2012 at 7:27 ප.ව.
ඇනෝ, සන්තෝශයි හඳුනාගන්න ලැබීමට. ඇත්තෙන්ම මේ ඔක්කොම කරලත් වෙලාව ඉතුරුවෙනවා තමයි ඕනෙ නම් බොන්නත්. ස්තුතියි ප්‍රතිචාරයට.
iupasanta
අගෝස්තු 23, 2012 at 8:00 ප.ව.
ඔව්ව ඇඟෙන් එන්න ඕන හෙන්රි. මමත් ඔය ටූල්ස් සෙට් එකක් තියන් ගෙදර ඔක්කොම කැඩෙන ඒව තනියම හදනව. අනික ජොයිනරි ඇන්ඩ් වුඩ් වර්ක් කියන්නෙ මගේ රස්සාව නිසා මට ඔය ඕන එකක් පුළුවන්. ඒකෙ ප්‍රථිඵලය අපි දැම්ම දකිනව. ඒ තමයි පොඩි උන් කඩන සෙල්ලම් බඩු උන්ම හදල සතුටුවෙනව දකින එක. අපි පොඩි කාලෙ උන්ට ටෝයිස් කඩල හදාගන්න නුදුන්නොත්, ඕඅනවට වඩා වීඩියෝ ගේම් පුරුදු කලොත් උනුත් අර උඹ කියපු මොනිටරේ මූණ ඔබන උන් වෙනව.
henryblogwalker the Dude
අගෝස්තු 24, 2012 at 7:35 ප.ව.
ඉන්දික, මමත් ඒකෙන් ආස්වාදයකුත් ලබනවා. සෙල්ලම් බඩු කඩන එකට මමත් විරුද්ද වුනේ නෑ, මම කලේ කඩන්නෙ නැතුව ගැලපෙන ඉස්කුරුප්පු නියනකින් ගලවන හැටි කියලා දීමයි. කියලා වැඩක් නෑ එන්ජින්, ප්‍රොපෙලර් මාරු කරයි කාඩ්බෝඩ් වලින් සෙල්ලම් බඩු හදන්න හදයි. සෙල්ලම්බඩුවේ වටිනා කමට වැඩිය ඒ ලබන අත්දැකීම කොච්චර වටිනවද!
DDT
අගෝස්තු 23, 2012 at 8:47 ප.ව.
මම නම් පොඩි කාලෙ ඉඳලම මගේ වැඩ පිළිවෙලකට කරගන්න පුරුදුවෙල ඉන්නෙ. මතක ඇති කාලෙ ඉඳලම මගේ ඇඳුම් හෝදගන්නෙ, මැද ගන්නෙ මමමයි. දිනපතා මේස් ඇඳීමක් නැති නිසා ඒ කරදරේ නම් නෑ. ඇඳුම් නම් මම තැන තැන දාන්නෙම නෑ, හේදුව – වේළුව – කබඩ් එකට දැම්ම. අනෙක මමත් උයන්න පිහන්න මොන මොනව හරි කෑම ජාති හදන්න ආසයි, ඉඳහිටල හදිසියෙන් කරන නිසාද මන්ද, හැමදාම කරන්න වුනා නම් සමහරවිට එපා වෙයි. දැනටත් ඉඳහිටල අම්මට පොල් ගාල දෙන වගේ වැඩ නම් කරනව. හැබැයි බොරු මොටද අර හෙන්රි අයියා කරන අනිත් වැඩ නම් මට එකක් වත් බෑ. ගෙදර බල්බ් එකක් මාරු කරන්නෙත් අයියා, ටැප් එකක් කැඩුනත් හදන්නෙ අයියා, උළු කැටයක් බිඳුනත් වහලට නගින්නෙ අයියා. අනෙක ඉතිං කකා බිබී පුටු රත් කරල මම නිකම් ඌරෙක් වගේ, මම වහලට නැග්ගොත් අම්මලට අළුත් උළු දාන්ට වෙයි. 😀 😀 😀
හෙන්රි අයියලගෙ අහල පහළ ගෙවල්වල ඉන්න, දන්න අඳුරන තැන්වල ඉන්න හබීල ගැන මට කණගාටුයි. පවු අෆ්ෆා ඒ අසරණයො. 😀 😀 😀
henryblogwalker the Dude
අගෝස්තු 23, 2012 at 10:42 ප.ව.
DDT හොඳ කොලුවෙක්නෙ.
ඉතින් බර වැඩියි කිය කියා ඉන්නෙ නැතුව ඔය ගැන යමක් කලා නම් නේද හොඳ? 🙂
DDT
අගෝස්තු 24, 2012 at 8:57 ප.ව.
කරන්ඩෝන … කරන්ඩෝන … ඒත් ඉතිං මැරෙනකම්ම කරන්ඩෝනම තමා. හෙන්රි අයියා හිතනවද මම වගේ කම්මැලියෙක් අතපය හොල්ලල මගේ සෞඛ්‍ය වෙනුවෙන්වත් ව්‍යායාමයක්වත් කරයි කියල. 😀
vpokura
අගෝස්තු 23, 2012 at 8:51 ප.ව.
හරිම නිර්මාණාත්මක දෙයක්…!
henryblogwalker the Dude
අගෝස්තු 23, 2012 at 10:44 ප.ව.
ස්තුතියි වීයා. 🙂
Kandyan
අගෝස්තු 23, 2012 at 10:33 ප.ව.
ලකී ජොක්කු.. එකාට එක කාමරයක් 🙂
henryblogwalker the Dude
අගෝස්තු 23, 2012 at 10:46 ප.ව.
හැබෑට මට ඒක කල්පනා වුනේම නෑනෙ කැන්ඩියන්. තදබද වෙලාවට අර බෝඩිං කාමර වල වගෙ දෙන්නත් දානවා. 😉
වින්චැට් කිරිල්ලි.
අගෝස්තු 23, 2012 at 11:36 ප.ව.
ඔය විදියටම හදපු ලාච්චු තියන අල්මාරි මෙහෙ තියනව…ඔයා කියල තියන දේ හරිම ප්‍රයෝජනවත්…
henryblogwalker the Dude
අගෝස්තු 24, 2012 at 7:38 ප.ව.
ඔව් වින්චැට්. මේක මේ අපතේ යන දේකින් කරපු දෙයක්නෙ. මේවගෙ projects තව ඕනෙ තරම් තියෙනවා.
Senna
අගෝස්තු 23, 2012 at 11:54 ප.ව.
හොඳ වෙලාවට අපේ උන්දෑ මගෙ බ්ලොග් එක විතරක් කියවලා නිකන් ඉන්නෙ. නැත්තම් විනාසයි.. මොකද මම හරිම දුර්වලයි ඔය අමතර ක්‍රියාකාරකම් සම්බන්ධයෙන්. බ්ලොග් රෝලෙන් හරි දැකලා කියෙව්වොත් කපෝතියි… 🙂
මේක හොඳ සංකල්පයක්….නිර්මාණශීලියි…!
henryblogwalker the Dude
අගෝස්තු 24, 2012 at 7:40 ප.ව.
මම ඊ ලඟ පෝස්ට් එක දානකල් මාව බ්ලොග් රෝලෙන් ගැලෙව්වා නම් හරි සෙන්නා. 😀
ස්තුතියි සෙන්නා.
Red
අගෝස්තු 24, 2012 at 11:58 පෙ.ව.
මේක නම් මාර වටිනවා Dude…
ජය වේවා!!
henryblogwalker the Dude
අගෝස්තු 24, 2012 at 7:41 ප.ව.
ස්තුතියි Red Riding Hood, මම ගියා ඔයාගෙ බ්ලොග් දෙකකට. කොහමද අප්පේ ඔච්චර බ්ලොග් ගානක් නඩත්තු කරන්නෙ. මම මේ දෙකක් කරගන්නෙත් අමාරුවෙන්! 😀
Raigama
අගෝස්තු 24, 2012 at 4:43 ප.ව.
හෙන්රි, ඉහත කොමෙන්ටු අතර මගේ එකක්ද තියනවා. ඊයේ මගේ දීර්ග කොමෙන්ටුව දෙපාරක්ම ආපහු හැරුන නිසා අන්තිමට කෙටි කරලා දැම්ම. මාත් ගෙදර කලින් ආවොත්, තේක හදා ගන්න “සොඳුරිය” එන තෙක් බලා ඉන්න කෙනෙක් නොවේ. ඒ වගේම මගේ වෘත්තියට සම්බන්ද නිසාම නොවේ ගහක් දෙකක් වවන්නෙත්. එයින් ආශ්වාදයක් ලබන නිසා. අද පතෝල වවුවේ නැතත් මාත් ඔය මොනවාහරි වවනවා. ඒ වගේම තමා බොන්නෙත් අනුන්ව කොපි කරලා නොවේ.
henryblogwalker the Dude
අගෝස්තු 24, 2012 at 7:42 ප.ව.
රයිගම්හන්දියට වර්ඩ්ප්‍රෙස් ප්‍රොෆයිල් එකක් තිබිලත් කමෙන්ට් එක දාන්න අමාරු වුනේ ඇයි කියලා මම බැලුවෙ. මම ස්පෑම් එකෙත් බැලුවා ඉහත කමෙන්ට් අතර මගෙ එකක්ද තියෙනවා කිව්වාම. වවන්නෙ මොනවද කියන එකට වඩා, වැවීමෙන් ලබන ආශ්වාදය තමයි වැදගත්!
Weniwel
අගෝස්තු 24, 2012 at 4:57 ප.ව.
මන් නම් කම්මැලී ඔය අත්වැඩ වලට.. මොකද අත්වැඩවලට ගන්න ඔඩක් ටූල් හදල තියෙන්නෙ දකුණත් කාරයින්ට.. මන් වමත් කාරයා වෙච්චි.. අදටත් කරන්නෙ ඔය ප්ලාස්ටික් කඩේකින් ගන්න ඕරගනයිසර් එකකින් තමා ශේප් වෙන්නෙ..
henryblogwalker the Dude
අගෝස්තු 24, 2012 at 7:44 ප.ව.
කොහෙද බං ගිහින් හිටියෙ? එතකොට උඹ කම්මැලිවෙලා ඉන්නෙ ඔක්කොම ටූල්ස් දකුණත් කාරයන්ට හදලා තියෙන නිසා. අඩේ, මම දැකලම නෑනෙ වමත්කාරයන්ට හදපු උදලු, පොරෝ, කැති, පිහි, ඉදල්, කොසු හෙම! පුදුම අසාධාරණ ලෝකයක් මචං. විශේෂයෙන් කියලා හදාගන්න වෙයි නේ? බලපංකො ටූත් බ්‍රශ් එක පවා හදලා තියෙන්නෙ දකුණත් කාරයින්ටනෙ! 😀
DDT
අගෝස්තු 24, 2012 at 8:51 ප.ව.
දෙයියනේ ….. මේ ලිස්ට් එක දික් වුනොත් වෙනී අයියට වෙනිවැලකම තමා එල්ලෙන්න වෙන්නෙ. 🙂
Weni
අගෝස්තු 25, 2012 at 3:27 ප.ව.
තාම අළුත් පදිංචියේ අස් පස් කරනවා හෙන්රි.. අපේ තාත්තා නම් මන් ඔහොම කීවහම කිව්වෙ කම්මැලියට දිවැස් තියෙනවා..මූට දිවැස් එකකට වඩා නම් තියෙනවා කියලයි..
සිතුවිලි සිතූ
අගෝස්තු 24, 2012 at 4:58 ප.ව.
හොඳ සංකල්පයක්. අත්හදා බලන්න ඕනෙ.
තවත් මේ වගේ වැඩ කිරීමට ලැබේවා.
henryblogwalker the Dude
අගෝස්තු 24, 2012 at 7:45 ප.ව.
ස්තුතියි සිතු ප්රර්ථනාවටත් අගය කිරීමටත්! නැවතත් මේ පැත්තේ එන්න සිතුවිළි පහල වේවා! 🙂
ක්සැන්ඩර් | Xander
අගෝස්තු 24, 2012 at 7:29 ප.ව.
මගෙත් සමහර වැඩ නම් ටිකක් විතර පිළිවලයි. ඒත් ඉතින් ඕනෙම දෙයක් සදාකාලික නෑ කියලා කියන්න වගේ සමහර වෙලාවට ඉතින් මගේ අල්මාරිය කිසිම පිළිවලක් නෑ..
henryblogwalker the Dude
අගෝස්තු 24, 2012 at 7:52 ප.ව.
ක්සැන්ඩර්, හැම දේම හැම වෙලේම අධික පිළිවෙලට කරන්නත් අමාරුයි. ඕකත් සීමාව ඉක්මවා ගියාම මේනියා එකක් වෙනවා. ඔහොම හොඳයි!
Alchemiya
අගෝස්තු 24, 2012 at 7:34 ප.ව.
මම නම් ඔය ප්‍රශ්නෙ නිසාම යට ඇඳුම් අඳින්නෙ නෑ,.. ඒ නිසා උදේට කාලෙයි යට ඇඳුම් ගන්න සල්ලියි දෙකම ඉතිරි වෙනවා
henryblogwalker the Dude
අගෝස්තු 24, 2012 at 7:54 ප.ව.
ඇල්කෙමියා, මේ කමෙන්ට් එකට No Comment! :D!
තවම ලංකාවෙද?
Alchemiya
අගෝස්තු 25, 2012 at 3:25 ප.ව.
තවම ලංකාවෙ… ඒකනෙ ලියන්නෙ නැත්තෙ… බෙල්ල බේරගන්න ඕන නිසා.
තොටියා
අගෝස්තු 24, 2012 at 10:23 ප.ව.
ෂා… මාර නිර්මාණශීලී අදහස්නේ ඩූඩ්ට තියෙන්නේ.. මමත් මේ විදියට එකක් හදාගන්ඩ කියලා කල්පනා කළේ… අමුතුවෙන් චිත්ත රූප මවාගන්ට දෙයක් නෑ. දැනට මගේ ඇඳුම් අල්මාරියෙ තත්වයත් හරියට ඩූඩ්ගෙ පුතණ්ඩියාගේ එක වගේම තමා.. කාමරේ තත්වෙත් ශෝචනීයයි. ලඟදී දවසක අහම්බෙන් මේ කාමරයේ ජනේලෙ අසලින් ගිය එහා අපාර්ට්මන් එකේ ස්ත්‍රී පරාණයක් කාමරයේ සුන්දරත්වය දැකලා පහුවදා මේවගේ ප්‍රකාශයක් දුන්නනේ.. “හාපෝ මම දැක්කා ඊයේ මෙයාගේ කාමරේ හැටි. වනාතමුල්ල වගේ තමා. කාමරේ ඒහෙම තිබිලත් කිසිගානක් නැතිව ඇඳ උඩ ලැප තියාගෙන මොනවද කොට කොට හිටියේ. හොඳවයින් එකියක් සෙට්වෙච්චි දාට තමා මූ හැදෙන්නේ”. බලන්නකෝ අහිංසකයට කියන කතා… chick magnet කෙසේ වෙතත් හෙටවත් මේක අස් කරන්න ඕන.. at least අල්මාරියවත්
henryblogwalker the Dude
අගෝස්තු 24, 2012 at 10:46 ප.ව.
හෙහ්, හෙහ්! මට මැවිලා පෙනුනා චිත්ත රූපයක්. Chick Repellant වෙන්නැති නේ? ඉතින් තොටියා දැන් ඔහේ ගමටත් වැඩිය හොඳයි කිව්ව්නේ, ඉතින් ඒ තත්වයේ වෙනසක් නෑනේ, නේ? 🙂
තොටියා
අගෝස්තු 24, 2012 at 11:17 ප.ව.
හෆොයි… මම කිව්වේ කලින් තොටුපළට වඩා හොඳද මන්දා කියලා. ( ඒ මොකද කිව්වොත් කලින් තැන වගේ නොවෙයි මෙහේ අපට කියූ පමණින් අවශ්‍ය කරන පහසුකම් ලබාදෙන්න පලාතේ උදවිය උනන්දුවන නිසා. මිනිස්සු වුණත් බහුතරය අපිට හොඳින් සලකනවා)
ඒ මොනවා වුනත් “නැත ලොවේ අන් රසඳුනා නිවස සේ සුවදෙනා..”
henryblogwalker the Dude
අගෝස්තු 24, 2012 at 11:26 ප.ව.
There’s no place like home! මමත් කවදා හරි මේ කඹුරන එක ඉවර වෙච්ච දවසක ගෙදර යන්න ආසාවෙන් බලා ඉන්න එකෙක්, තොටියා. තොටියට නම් ඕනෙ නම් පැය දොලහකින් විතර ගෙදර ගියෑකිනෙ නැත්ද?
තොටියා
අගෝස්තු 24, 2012 at 11:35 ප.ව.
යෙප් යෙප්… තව දවස් පහකින් ගෙදර යමි… :))) මම හිතාගෙන හිටියේ ඩූඩ් ඉන්නේ ලංකාවේ කියලයි
JP
අගෝස්තු 25, 2012 at 7:19 පෙ.ව.
…ඩුඩ් ගේ වවුල් කුඩුවේ , මේස් ද තිබේ .
ඔන්න මමත් දා ගත්තා ඩුඩ් ව හිට් ලිස්ට් එකේ උඩින් ම …ගෝනි ලිස්ට් එකටත් දා ගත්තා ( ඔලුවට ගෝනියක් දමා ටොකු ඇනීමට )…
අපහාසයකට නෙමෙයි .. මේක කියෙව්වම මට මුලින්ම හිතට ආවේ මම අහල තිබ්බ ගෙදර වැඩ කරපු බාස් කෙනෙක් එක්ක පැනලා ගිය නෝනා කෙනෙක් ගේ කතාවක්
henryblogwalker the Dude
අගෝස්තු 25, 2012 at 1:07 ප.ව.
JP ගෙ අලි ටෝක් එක නම් මරු, ඈ 😀
ඔන්න නොබලපු අය බලනවා නම් අපේ JPගෙ අලි ටෝක් මෙතන කොටාපියෝ!
මොකක්ද අර පැනලා ගිය නෝනාගේ කතාව? 🙂
ලොකු ජෝන්
අගෝස්තු 26, 2012 at 1:18 පෙ.ව.
පුතත් කවදා හරි තාත්තා වගේම පොස්ට් එකක් දාවි
henryblogwalker the Dude
අගෝස්තු 27, 2012 at 12:29 ප.ව.
මමත් හිතනවා ඒ දවස වැඩි ඈත නැතිව ඇති කියලා ජෝනා! 🙂
පූසා
අගෝස්තු 26, 2012 at 11:18 ප.ව.
අද මං කඩේට ගියා පාං ගන්න එතන කට්ටියක් කතා වෙනවා ඇහුනා හෙන්රි අයියා ජොකා බ්ලොග් එකේ දාලා කියලා! 😀 😀
henryblogwalker the Dude
අගෝස්තු 27, 2012 at 12:27 ප.ව.
මං දැනගෙන හිටියෙ නෑනෙ පූස් මං මෙච්චර ජනප්‍රිය බ්ලොගර් කෙනෙක් කියලා! අහනකොටත් සනීපයි. 😉
ඕක මොකක්ද පූස්, අර පෝර්න් ආටිස්ට් බිකිනියත් දීලා ගියේ වෙන්දේසි කරලා පුණ්‍ය කටයුතු වලට යොදාගන්න කියලා. 😀
රූ
අගෝස්තු 27, 2012 at 10:53 පෙ.ව.
Chick magnet….!! හපොයි..නයෙක්ද මන්දා..හික්ස්..
වැදගත් දෙයක් කියලා දුන්න නිසා නයාට නිකම්ම යන්න අරිනවා..
පෝස්ටුව කියෙව්වාට පස්සෙ මම හොය හොයා කියෙව්වෙ දීපාගේ කෙමෙන්ට්..ගොඩක් සතුටු හිතුනා මේ වගේ පවුලක් දැක්කාම..බිරිඳයි දුවයි දෙන්නම නිබ්බුත පද කියලා නිසා අහන්න දෙයක් නෑ චික් මැග්නට් එකක්ම තමා..
මේ වගේ අවබෝධයෙන් ජීවත් වෙන එක අහන්න ලැබෙන එකත් සැපයි..
අපේ තාත්තා නම් ඔය එක එක DYI වැඩ වලට විරුද්ධයි..එයා කියන්නෙ ඒක අදාල මනුස්සයාට (මේසන් බාස්ලා, වඩු බාස්ලා) කරන්න දීලා ඒ මනුස්සයාවත් ජීවත් කරන්න ඕන කියලා..ඒත් අම්මා නම් DYI කැප්ටන් කෙනෙක්..ඉතින් ගෙදර හැමදාම වලි..කොහොම වුනත් මගේ මහත්තයයි මල්ලිලා දෙන්නටමයි මේ වැඩ පිහිටලා තියන නිසා මම නම් ඒ ගැන ගොඩක් වද වෙන්නෑ..
ඇත්තම කියනවා නම් මගේ රෙදි ටිකත් හෝදලා නමලා දෙන්නෙ මහත්තයා..මට තියෙන්නෙ අල්මාරියෙන් තියාගන්න විතරයි..!!
henryblogwalker the Dude
අගෝස්තු 27, 2012 at 12:23 ප.ව.
චික් මැග්නට් නයා තමයි රූ. මම හිතුවෙ අර ඇඳුම් කෑලි ටිකට නයි කාඩ් එක වදී කියලා. ඉතින් ඒක decobra කරන්න ටිකක් උත්සාහ කලා. 😀
ඔව් රූ එහෙමත් ඉන්න පුලුවන් සමාදානෙන්. අපි දෙන්නා ඔයාලගෙ බ්ලොග් කියවන්නෙත් එකට.
ඔයාගෙ තාත්තා හිතන විදියෙත් යම් ඇත්තක් තියෙනවා තමයි. මගෙ යාලුවෙක් හිටියා (හිටියා කියන්නෙ දැන් ලංකාවෙ නැති නිසා) ඒකා කොන්ඩෙ වැවිලත් නැතුව බාබර්ට කියලා කොන්ඩෙ කපාගන්නවා දැකලා මම ඇහුවා ඇයි බං පිස්සුද කියලා. මූ කියනවා, “පව් බං ඌත් දුප්පතානෙ. ඌටත් කීයක් හරි හම්බකරගන්න එපායැ” කියලා.
DIY ඩූඩ්ල එකෙක් හිටියාම ඇති රූ එක ගෙදරකට. 😀
අර රෙදි වැඩේ එක නම් අපේ ගෙදරත් ඒ විදියම තමයි.
දුකා
අගෝස්තු 28, 2012 at 9:53 පෙ.ව.
අපේ උන්දෑත් නිතර කියන කතාවක් තමා අපෝ මෙයාවගේ නෙමේ අරයා කියන එක . . මම ගත් කටටම කියන්නේ “ඌට දෙකක් වැඩිවෙන එකක් නෑ අහලා බලන්නද?” කියලා . . එතනින් එහාට නෝ කතා . . හික්ස්
ඩූඩ් හෙනම ඕගනයිස් පාටයි . .
යකෝ උඹේ සිල්ප අනෙක් නෝනලා ඉස්සරහා පෙන්නුවාම මහත්තුරු උඹව හිට් ලිස්ට් දාන එක අහන්නත් දෙයක්ද . . හික් හික් හික්